ලෝකෙට ආපු අය

Monday, March 4, 2013

ක්‍ෂිතිජ රේඛා - සයවන දිගහැරුම




“ආ...ඔයා අද කලින්ම ආවද සෙනුරි?”

“හ්ම්ම්ම්...ඔව් අසෙල් අයියෙ,අද පේපර් එකක් කළා. ඒ නිසා වේලාසන පංති ඇරියා...ගෙදර යන්නත් තව වෙලා තියෙන හින්දා මං මෙහාට ආවා..”

යුවතිය සිනාසෙමින් කීවාය.

“ඒක හොඳයි, මට කම්මැලිත් නෑ එතකොට...තනියම මේක අස්සට වෙලා දවසම ඉන්න ගියාම එපා වෙනව”

අසෙල් කීවේ යුවතිය කුමක් කරන්නට සැරසේදැයි බලමිනි. පොත් බෑගය පසකින් තැබූ යුවතිය එහි තිබූ පරිඝනක යන්ත්‍රයේ වාදනය වෙමින් තිබූ ගීත ශ්‍රවණය කිරීමට පටන් ගත්තාය. ඇතැම් විටක මේසයට තට්ටු කරමින්ද, විටෙක පා ඇඟිලි වලින් බිමට තට්ටු කරමින්ද, තවත් විටෙක සිහින් හඬින් මුමුණමින්ද යුවතිය ගීත රස වින්දාය.

හෝරාවකට මඳක් වැඩි කාලයක් එහි ගත කළ සෙනුරි නිවාස බලා යාමට සැරසුණේ අසෙල්ගේ වදනිනි.

“යමු නේද සෙනුරි? මං ඔයාව ගිහින් ඇරගෙනම යන්නම්”

“මොකේද යන්නෙ,ඔයා බයික් එකක් ගත්තද?මට කිව්වෙවත් නෑ”

යුවතිය කීවේ අමනාප මුහුණක් මවා ගනිමිනි.

“මගෙ නෙමේ ළමයො, බයික් එක අපේ මස්සිනාගේ..එයා වැඩට යන්නෙ බස් එකේනෙ.. මං බයික් එක අරං ආවා”

“අනේ ඒ වුණාට මට බයයි අයියෙ...ඔයාට ලයිසනුත් නෑ නේද? ඔක්කොමත් හරි ඔයාට ඔච්චර ලොකු බයික් එකක් පදින්න පුළුවන්ද?

පුරුද්ද නම් කෙසේවත් අත්හරවන්නම බැරිය. අහන්නේ එකක් දෙකක් නොව ප්‍රශ්න වැලකි.

“ලයිසන් නැතිවුණාට අපිත් හොඳ බයික්කාරයො තමයි හරිද නංගි..නගින්න නගින්න...”

අසෙල් කීවේ උජාරුවෙනි. බයික් එකේ වාඩි වූ යුවතිය අසෙල්ගේ බඳ වටා දෑත යවා තදින් අල්ලාගත්තාය. මොහොතකින් අසෙල් බයික් එක පණගන්වා ධාවනය ඇරඹීය.

“ඔච්චර හයියෙන් යන්න එපා...එක්කෝ අපි අතුරු පාරකින් යමුද?මට බයයි අයියෙ...”
සෙනුරි සෙමින් කොඳුලාය. තම බඳ වටා ග්‍රහණය තව තවත් දැඩිවත්ම අසෙල් වේගය බාල කළේය.

“හයියෝ...දෙවියනි, කාට කියන්නද මේ දුක ඔබ හැර...හරි අතුරු පාරකින් යමු.”

දිගු සුසුමක් වාතලයට මුසු කළ අසෙල් මඳක් ඉදිරියේ වූ අතුරු පාරට බයික් එක හැරවූයේය. නිවසට එන තුරුම යුවතිය කිසිත් නොදෙඩුවාය.

***

සෙනුරිගේ පංති යාමත් අසෙල්ගේ වැඩට යාමත් පටන් ගෙන දැන් දැන් මාස කීපයක්ම ගතවී අවසන්ය. වේලාසන පංති නිමවූ දිනක හෝ හදිසියේ පංති නිවාඩු බව දැනගන්නට ලැබුණු දිනක අසෙල්ගේත් සෙනුරිගේත් සැන්දෑ වරු ගෙවී යන්නේ මෙලෙසිනි.

බොහෝ සැන්දෑ වරු වලදී රෙකෝඩ්බාර් එක ළඟ සිට සෙනුරිලාගේ නිවස තෙක් අතුරු පාරේ ඔවුන් දෙදෙනා බයික් එකේ ගමන් කරනු දැකීම සුලබ දසුනක් විය.ඔවුන් පෙම්වතුන් බව බොහෝදෙනාට තවදුරටත් රහසක් නොවීය.



***

“අසෙල් අයියෙ, අපේ පොඩ්ඩිට කරදරයක් වෙලා. ගිය බ්‍රහස්පතින්දා විද්‍යා පංති ඇරිලා හවස ගෙදර එද්දි කොල්ලො දෙන්නෙක් එයාගෙ පස්සෙන් ඇවිත්. බයික් එකකින්...දැන් කෙල්ල හොඳටම බය වෙලා ඉන්නෙ. ආයෙ පංති යන්න බෑලු..ඔයාට පුළුවන්නම් හවස එන ගමන් එයාව ගෙනත් දාගෙන යනවද?”

එසේ හමුවූ එක් බදාදාවක සෙනුරි අසෙල්ට කීවාය. පිරිමි පුළුටක් නැති ගෙදරක අම්මාට පමණක් දුවණියන් තිදෙනෙකුට ආරක්ෂාව දිය හැකිද?

“අයියෝ ඕක සුළු දෙයක්නෙ.. නංගිට බය නැතුව ඉන්න කියන්න.. මං හෙට ඉඳන්ම එක්කන් එන්නම් පොඩ්ඩිව..”

අසෙල් කීවේ දෙවරක් නොසිතාය. තමාගේ උදව් අවැසි කාටදැයි තරාතිරම නොබලා නොපැකිලව උදව් කිරීම අසෙල්ගේ සිරිතය.

“ඔන්න පොඩ්ඩියේ මං අසෙල් අයියට කිව්ව වැඩ ඉවර වෙලා එනගමන් ඔයාව එක්කගෙනම එන්න කියලා. ඔයා බය වෙන්න එපා.. පංතියට ගිහින් හොඳට ඉගෙන ගන්න..එයා ඔයාට කරදරයක් වෙන්න ඉඩ තියන එකක් නෑ.. මං අම්මටත් කියන්නම්කො”

පොඩ්ඩිගේ කාමරය වෙත ගිය සෙනුරි, ඇගේ හිස අතගාමින් එසේ කීවාය. ඕනෑම බාල සහෝදරයෙකුට හෝ සහෝදරියකට තම වැඩිමහල් සොහොයුරා පියෙකු වැනිය, වැඩිමහල් සොහොයුරිය මවක වැනිය. පොඩ්ඩිටද ඒ මොහොතේ එය එලෙසින්ම දැනෙන්නට ඇත.

***

“නංගි, ගොඩක් වෙලාද පංති ඇරිලා?”

අසෙල් ඇසුවේ කණගාටුවට පත් ස්වරයෙනි.

“නෑ අයියෙ, මං දැන් මෙතෙන්ට ආව විතරයි. අපි යමුද?”

පොඩ්ඩි පිළිතුරු දුන්නාය. අසෙල්ගේ මුහුණේ අතුරුදන් වූ සිනාරැල්ල යළි කැඳවීමට ඒ වැකිය ප්‍රමාණවත් විය.පොඩ්ඩිව නංවා ගත් අසෙල් වැඩි වේලා නොගොස් සෙනුරිලාගේ නිවස කරා ළඟාවූයේය. ගමන අතරතුර කිසිදු සංවාදයක් සිදු නොවීය.

“පුතා තේ එකක් බීල යනවද?”

පොඩ්ඩි බයික් එකෙන් බසිද්දී මිදුලේ හුන් කාන්ති ඇසුවාය.

“නෑ අම්මේ, දැන් බෑ.. පොඩි වැඩක් තියෙනව...මං පස්සෙ වෙලාවක එන්නම්කො”

වැඩක් තිබුණා හෝ නොතිබුණා හෝ දැන්ම සෙනුරිලාගේ ගෙදරට පය තබන්නට අසෙල් මැලිවෙයි. ගේට්ටුව අසළින් සෙනුරිව හෝ පොඩ්ඩිව බස්සවා යෑම වෙනමම වැඩකි. දැන්ම ඉක්මන් වන්නට වුවමනා නැතිය යන්න අසෙල්ගේ හැඟීමයි.

***

“උඹ මගෙ බයික් එකේ තෙල් පුච්ච පුච්ච දවස ගානෙ එක එක කෙල්ලන්ට ට්‍රාන්ස්පෝට් දෙනව නේ?”

මස්සිනා කෙනෙකුට වඩා යහළුවෙකු සමාන ඇසුරක් පවත්වන පොඩි අක්කාගේ සැමියා, සාගර පැවසූයේ අසෙල්ගේ පිටට තට්ටුවක්ද දමමිනි. අසෙල් කලබල වූයේ නැත. ඇත්තෙන්ම වරදක් කර නැතිනම් කලබල වන්නට කිසිසේත්ම වුවමනාද නැත. අසෙල් මෙවැනි විහිළු හොඳින් හඳුනයි.

“නෑ බං අයියෙ, ඒ සෙනුරිගේ පොඩි නංගි.. පංති ඇරිලා ගෙදර ගිහින් දාන්න ගියා. වෙන ඉතින් සෙනුරි මිස කවුරුවත් යන්නෙ නෑ මා එක්ක...”

අසෙල් වැඩි ගණනකට නොගෙන මුව පුරා සිනහව පුරවාගෙන,සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේය. මෙතෙක් වේලා රශ්මිගේ තුරුලේ හුන් නෙතුලි සාගර සොයා ආ  හෙයින් සංවාදය එතෙකින් නිමා විය.

***

“කවද්ද ඔයාට පංති නිවාඩු කිව්වෙ සෙනුරි?”

“ම්ම්ම්...ලබන අඟහරුවාද නෙමෙයි ඊළඟ අඟහරුවාදා...”

යුවතිය මඳක් කල්පනා කර පිළිතුරු දුන්නාය.

“ඔයා ගෙදරට කිව්වද එදාට නිවාඩු කියල?”

අසෙල්ගෙන් නැවත පැනයකි.

“තාම නෑ අසෙල් අයියෙ, ඇයි එහෙම ඇහුවෙ?”

ගොනා හැරෙන්නේ පොල් පැළය කෑමට බව දැන දැනම යුවතිය කිසිත් නොදන්නා ලෙසම ඇසුවාය.

“නෑ හලෝ, ඔයත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න ආසයි.. ඒත් පංති පාඩු කරන් එක්ක යන්නත් මට දුකයි.. ඔයා මොකද කියන්නෙ? කැමතිද? කැමති නම් එදාට පංති යනව වගේ එන්න පුළුවන් නෙ..”

“අනේ මන්ද”



සෙනුරිට එක්වරම කියැවිණි. අහපු පළියට නිකන්ම හා කියන්නටද නොහැක. දැන් සෙනුරිට සිදු වී ඇත්තේ ‘උණු හින්ද බොන්නත් බෑ,කිරි හින්ද අහක දාන්නත් බෑ’ වැනි තත්වයකි. සෙනුරිගේ ප්‍රකාශයත් සමඟ අසෙල්ගේ මුහුණද තැලිච්ච කජු ලෙල්ලක් මෙන් වෙනස් වී ඇත.

“හ්ම්ම්..යමුකො එහෙනම්..”

දිගු නිහැඬියාවකින් අනතුරුව සෙනුරි යන්තම් තොල් සොලවමින් සෙමින් කීවාය.

32 comments:

  1. අනේ මන්ද අනු අක්ක පොඩ්ඩිව අසෙල්ට කිට්ටු කරන්න හදනවද කියල..))

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ඔයා මට අලුත් අදහසක් දුන්නද මන්ද නංගියා... බලමු ඉස්සරහට අක්කගෙන් පටන් ගෙන නංගිගෙන් ඉවර වෙයිද කියල... :)))

      Delete
    2. ඔව් අනේ කෑගහන්නෙ නැතුව ඉන්න කියන්න මේ කෙල්ලට... :)))

      Delete
    3. මොකද මන්දා මටත් එක පාරට වර්ෂා කියපු දේම හිතුනා....

      Delete
    4. හඃ... අපි සැලෙන්නෙ නෑ ඔව්වට... දැන් ඔයාල කියන්නෙ එයාල දෙන්නව සෙට් කරන්නද... හා එහෙනං එහෙම කරමුකෝ... සමනලී අක්කේ, අඟහරුවදට අනිත් කොටසත් දානවෝ...

      Delete
  2. මුල ඉදන්ම කියවන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඉතින් මුල ඉඳන්ම කියවන් එමුකො විගහට...

      Delete
  3. පහුගිය දවස් වල සෑහෙන්න බිසී නිසා මේ පැත්තෙ ඇවිත් යන්න එන්න බැරිවුණා, ඒ නිසා මමත් ඔන්න මුල ඉඳන් ම කියවන්න පටන් ගන්නවා!

    ReplyDelete
    Replies
    1. අයියව දැක්කෙ කාලෙකින් තමයි... ලියන්නෙත් නෑනේ ඉතින්... හා එහෙනම් ඔයත් මුල ඉඳං ඉක්මනට කියවන් එන්නකෝ...

      Delete
  4. අගෙයි අනූ ඒත් මුල් කොටස් කිපයක් නැවත බලන්න වෙනවා මට..

    ReplyDelete
    Replies
    1. අයියට එකක් දෙකක් මඟ හැරෙන්න ඇති... කියවල බලන්නකෝ...

      Delete
  5. මේවා කියවද්දි ගෑණු ගැට ( සමහරු මායම් කියලා හඳුන්වන එව්වා) එහෙමත් අහුවෙනවා එහෙන් මෙහෙන්. අතාරින්න නරකයි.. දිගට කියවලා බලන්න ඕන. හැක්...

    ReplyDelete
    Replies
    1. පිරිමි ගැට නැද්ද? common අක්කා

      Delete
    2. @Sarath Chandrasiri
      කොමෙන්ටුවට ස්තුතියි... කතාව කොයි කෝණයෙන් ලියවුනත් ලියන්නෙ කෙල්ලෙක් නේ... එනිසා එව්වා තියෙන්න පුළුවන්... කතාව හොඳද කියල දිගටම කියවල බලන්නකෝ...

      Delete
    3. @rnagi kella

      අනිවා..ඔව් නංගා... එයාලගේ හිතේ ගැහැණු ගැට විතරයි තියෙන්නෙ කියල...ඔයාටත් ස්තුතියි කතාව කියවල යන්න ආවට හොඳේ...

      Delete
    4. @ රංගි කෙල්ල

      හපොයි තියෙනවා....!! අහුවුනොත් සොරිම තමයි...හැක්...

      Delete
  6. හ්ම්ම්ම්... නියමයි.. අනිත් කොටස් ටිකත් කියවන්ට ඕන...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවේ... කියවල බලන්නකො එහෙනම්...

      Delete
  7. හ්ම්ම් මෙහෙමයි බයික් වලට ගෑනුන්ගෙන් එන බර බර කොහොමත් පොදුයි. අනෙක මේ ගලන එන විදියේ වෙනසක් කරන්න එපා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....අයියටත් අත්දැකීම් ඇතිනෙ නේ? වෙනසක් කරනවද නැද්ද කියල තව ටිකක් කල්පනා කරන්න ඕන ඉතින්...

      Delete
  8. බුදු අම්මෝ දිග වැඩියි වගේ නැද්ද? අඃ අනු අක්කියෝ.........?

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වෙ කතාවේ කොටස් ගණනද? නැත්නම් කතාවේ එක කොටසක දිගද මල්ලියා? මට මේක ඉක්මණට ඉවර කරන්න ආසයි... ඒකටයි මේ උත්සාහය...

      Delete
  9. එනපොට හොඳ නැහැ කෙල්ල ගන් ගෙට....කිවලු.

    ReplyDelete
    Replies
    1. හිකිස්‌.......... අනෙ අප්පේ කවුද කිව්වෙ අයියෙ?

      Delete
  10. මං හිතුවේ ෆයිට් එකක් තියෙයි කියල අර කොල්ලෝ දෙන්නත් එක්ක. කතාව ලස්සනයි කියල හැමදාම කිව්වේ නැති වුනාට කමක් නෑනේ.

    ReplyDelete
    Replies
    1. හ හා... එහෙම වලියට යන්නෙ නෑ...අසෙල් හරීයට නිමිලනේ... හැමදාම කියන්න ඕන නෑ... දවසේ කතාව ගැන පොඩ්ඩක් කීවම ඇති... ඉවර කරන දාට මේ කතාව ගැන කියන්න තියෙන සේරම දේවල් කියන්න පුළුවන්...

      Delete
  11. හ්ම්ම්ම්ම්... ෆිල්ම් එකකුත් බලමුකො එහෙනම් :P

    ReplyDelete
    Replies
    1. ඒක තමයි... බලමු නේද ෆිල්ම් එකක් දෙන්නත් එක්කම... :)))

      Delete
  12. අසේල කිව්වම එක පාරට මගේ මතකයට එන
    කෙනාව අමතක කරන් තමයි කියෙව්වේ අනු..
    ලස්සනයි ගොඩක් ලියල තියෙන විදිහ..
    බලමු ඊළඟ කොටස..කව්රු හරි කමක් නැහැ
    අපිට කේක් තිබ්බොත් ඇති..:P

    ReplyDelete
    Replies
    1. අසේල කවුද අප්පා... පටලගන්න එපෝ.. මේ අසෙල්.... :)))
      බොහොම ස්තුතියි... කේක් දෙන්න උපන්දිනේ පහු වුණානේ... (සෙනුරිගේ)
      අනික ෆිල්ම් බලන්න යනව කියල කවුද කේක් දෙන්නෙ නේ..?
      ආයෙමත් ඉක්මණින් අනිත් කොටස දානවා...

      Delete
  13. අම්මේ අනුවා පොස්ට් එකක් දාලා බලන් බ්ලොග් පැත්තේ ආවෙත් ගොඩ කාලෙකින් අලුළු මෙව්වා එක ලෝඩ් වෙන්න සැහෙන්න වෙලා ගියා ඒ ඉතිං මම ඩොටේ නිසා වෙන්ටැ එල එල ඉක්මනට ලියහන්කෝ බන් නැලවෙන්නේ නැතුව

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..