අටවිසි බුදුරජාණන් වහන්සේලා අතර “අනෝමදස්සී” බුදු රජාණන් වහන්සේගේ නම ඔයාල අහල ඇති. අද මම විස්තර කරන්න යන මුගලන් මහ රහතන් වහන්සේගේ ජීවිත කතාවේ උන්වහන්සේ මුලින්ම නියත විවරණ ලැබුවේ මේ බුදුන් වහන්සේගෙනුයි. ඒ කතාව කෙටියෙන් මෙහෙමයි.
මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”. සැරියුත් මහ තෙරුනුත් බමුණු කුලේක ඉපදුණා. නම “සාරද”. ඉතින් මේ දෙන්නා තරුණ වයසට එළඹිලා, තාපසයන් බවට පත් වෙලා, සත්‍ය සොයාගෙන යන ගමනේ සාරද බමුණාට අනෝමදස්සී බුදුන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගේ දකුණත්අග්‍ර ශ්‍රාවක “නිසභ” තෙරුන් දැකල පැහැදිලා කවදා හෝ බුදු කෙනෙකුගේ අගසව් තනතුරක් හිමිවේවා කියල ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සාරද තාපසතුමාට නියත විවරණ ලබා දුන්නා. ඊට පස්සෙ සාරද තාපසතුමා තමාගේ මිත්‍ර සිරිවඩ්ඪ තාපසතුමා සොයාගෙන ඇවිත් විස්තරේ කියලා තමා අගසව් තනතුර ප්‍රාර්ථනා කළ බුදුන් වහන්සේගේම දෙවන අගසව් තනතුර ප්‍රාර්ථනා කරන්න කියල ඉල්ලා හිටියා. ඉතින් සිරිවඩ්ඪ තවුසත් සත් දිනක් දාන මාන පවත්වලා අවසානයේ බුදු පාමුල වැඳ වැටිලා අගසව් තනතුර ප්‍රාර්ථනා කළා. ඒ පැතුම් ඉටුවන බව දැනගෙන බුදුන් වහන්සේ සිරිවඩ්ඪ තාපසතුමාටත් නියත විවරණ ලබා දුන්නා.
ඒ දෙපල එතැන් පටන් නොයෙක් පින්කම් කරමින් ඉඳල මරණින් මතු සුගතියේ ඉපදිලා ගොඩක් කල් සසර සැරිසරලා ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලෙ “උපතිස්ස” හා “කෝලිත” නමින් රජගහනුවර බමුණු කුල වල උපත ලැබුවා. ඒ කාලෙ වාර්ෂිකව පැවැත්වුණු “ගිරග්ග සමජ්ජ” කියන නාට්‍ය සංදර්ශනේ බලලා, සසර කලකිරිලා, ගිහිගෙයින් නික්මිලා සත්‍ය සොයාගෙන ගිය කතාව ඔයාල දන්නවනෙ. ඉතින් ඉස්සෙල්ලම ගියේ “සංජය” පරිබ්‍රාජකතුමා ලඟට. එතනදී තවුස් භාවය ලබාගෙන, උගත් යුතු සියල්ල ඉගෙන ගෙන, එයින් පලක් නැති බව හිතලා නියම දහම් මඟ හොයාගෙන ගියානෙ. එහෙම ගිය ගමනෙදි තමා උපතිස්ස පරිබ්‍රාජකතුමාට “අස්සජි” මහ රහතන් වහන්සේ හමුවුණේ. උපතිස්ස පිරිවැජියා උන්වහන්සේ දැක පැහැදිලා කිසිවක් නොකියා පසුපසින්ම ගමන් කළා. දන් වළඳලා ඉවර වුණාම ලඟට ගිහින් උන්වහන්සේගෙන් විස්තර ඇහුවා. එහිදී තමා “යේ ධම්මා හේතුප්පභවා...” ගාථාව දේශනා කළේ. උපතිස්ස පිරිවැජියාගේ නුවණැති බව කොච්චරද කියනවා නම් ගාථාවේ දෙපදයක් අහද්දීම සෝවාන් පලයට පත් වුණා. අස්සජි මහ රහතන් වහන්සේගෙන් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානය අහල දැනගත්තු උපතිස්ස පිරිවැජියා කෙළින්ම ගියේ තම මිත්‍ර කෝලිත පිරිවැජියා මුණගැහෙන්න. ගිහින් “යේ ධම්මා හේතුප්පභවා..” ගාථාව පැහැදිලි හඬින් දේශනා කළා. සම්පූර්ණ ගාථාව අවසානයේ කෝලිත පිරිවැජියාත් සෝවාන් වුණා. බුදුන් දකින්නට යන්න පළමුව ඒ දෙදෙනාට මතක් වුණේ සංජය පිරිවැජියාව. ඔහුට කොතෙක් කතා කළත් ඔහු බුදුන් හමුවට යාම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා උපතිස්ස- කෝලිත පිරිවැජියන් දෙදෙනා ඔවුන් සමඟ යාමට කැමති තවත් 250ක පිරිසක් එක්ක ගෙන වේළුවනාරාමය බලා පිටත් වුණා. (මේ කතාව ඔයාල හැමෝම දන්නවා නේද? දන්නෙ නැති එක්කෙනෙක් වත් හිටියොත් කියලයි කිව්වේ)
එවෙලෙ දම්සභාමණ්ඩපයෙහි වැඩහුන් බුදුන් වහන්සේ ඈත එන පිරිස දැකලා “මගේ ශාසනයේ දෑගසව්වන් වන්නේ ඉදිරියෙන්ම එන ඒ දෙදෙනා බවත්, උපතිස්ස තෙමේ “සාරිපුත්ත” නමින් දකුණත් සව් වන බවත් කෝලිත තෙමේ “මහා මොග්ගල්ලාන” නමින් වමත් සව් වන බවත්” වදාළා. ඊට පස්සෙ ඒ පිරිස බුදුන් වහන්සේ ළඟට පැමිණිලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුන් වහන්සේ ඒ සියලු දෙනාටම “ඒහි භික්ඛු” භාවයෙන් පැවිද්ද ලබා දුන්නා. ඊට පස්සෙ ධර්මය දේශනා කළා. දේශනාව අවසානයේ සැරියුත්, මහ මුගලන් තෙරුන් හැර අනික් 250 දෙනාම රහත් බව ලැබුවා.
![]() |
උපතිස්ස- කෝලිත පැවදි වීම |
එදිනම මහ මුගලන් තෙරුන් බුදු රජාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මගධ රට “කල්ලවලමුත්ත” කියන පිටිසර ගමට ගියා භාවනා කරන්න. දවස් 7ක්ම සක්මන් කරමින් භාවනා කළා. නමුත් කිසිම මාර්ගඵලයක් ලැබුණේ නෑ. නිදි කිරා වැටෙමින් උන්නා. බුදුන් වහන්සේ දිවැසින් මේ සිද්ධිය දැකලා මුගලන් තෙරුන් වෙත වැඩම කරලා උන්වහන්සේට එයින් මිදෙන්න ධර්මාවවාද ලබා දුන්නා. ඊට පස්සෙ නැවත බුදුන් වහන්සේ උන්නු තැනටම වැඩියා. බුදුන් වහන්සේ දුන්නු අවවාද අනුව භාවනා කරලා මුගලන් තෙරණුවෝ මහ රහත් භාවයට පත් වුණා. එපමණක් නෙමේ, සෘධිමත් භාවයෙනුත් ඉහළම ස්ථානයට පැමිණුනා.
මුගලන් තෙරුන් රහත් බව ලබා සතියකින් සැරියුත් තෙරුන් රහත් බව ලැබුවා. අනතුරුව බුදුන් වහන්සේ සැරියුත්, මුගලන් මහ රහතන් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරා ගෙන වේළුවනාරාමයට වැඩලා සියළුම භික්ෂූන් රැස් කරලා සැරියුත්- මුගලන් දෙපළට අගසව් තනතුරු පිරි නැමුවා.
![]() |
අගසව් තනතුරු පිරිනැමීම |
මුගලන් මහ රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් දෙවෙනි වුණේ බුදු රජාණන් වහන්සේට පමණයි. සියලු බුදු වරුන්ට පමණක් විශේෂ වුණු සෘද්ධි කීපයක් හැරුණාම අනිකුත් සියළු සෘද්ධි පෑමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඉතින් තනතුරු පිරිනමන අවස්ථාවේදී මහා සෘද්ධිමත් භික්ෂූන් අතර අග්‍රස්ථානය, දෙවන අග්‍ර ශ්‍රාවක තනතුර, ධර්ම පුරෝහිත කියන තනතුරු තුනක්ම උන්වන්සේට හිමිවුණා.
මුගලන් මහ රහතන් වහන්සේගේ සෘද්ධිමත් භාවය, ධර්මඥාණය ප්‍රකට කරන සිදුවීම් රැසක් තියෙනවා. මේ එව්වයින් කීපයක්.
මහපොළොව පෙරළීමට අවසර ඉල්ලීම
(මට මතක හැටියට බුද්ධත්වයෙන් 12 වන වස.. )මේ වස් කාලය බුදුරජාණන්වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේලා ගත කරන්නේ වේරංජා නුවර. ඒ කාලයේ වේරංජා නුවර දරුණු දුර්භික්ෂයක් ඇති උනා. ආහාර පාන හිඟ උනා. දාන මාන ලබා ගැනීමේ හැකියාව ඉතා අඩු උනා. ඒ නිසා මුගලන් මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙත පැමිණිලා, භික්ෂූන් වහන්සේලාට භික්ෂාව ලබා ගැනීමේ අපහසුතාවය පවසලා, මහපොළවේ යට කොටස රසවත් බැවින් මහ පොළොව පෙරළන්න අවසර ඉල්ලුවා. ඊට අවසර ලැබුණේ නෑ. ඉන් පස්සෙ උතුරු කුරු දිවයිනට පිඬු සිඟා වඩිමු කියා බුදුන් වහන්සේට යෝජනා කළා. නමුත් සියළු සත්වයෝ අටලෝ දහමට මුහුණ දිය යුතු නිසා බුදුන් වහන්සේ ඒ ඉල්ලීමටත් එකඟ වුණේ නෑ.
නන්දෝපනන්ද නා රජු දමනය
දිනක් බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තව්තිසා දෙව්ලොවට වැඩම කරන වෙලාවෙ මහමේරු පර්වතය මුදුනේ නන්දෝපනන්ද නා රජුගේ විමන ඉහළින් වැඩියා. එයින් නා රජු කෝපයට පත් වුණා. මහ කළු නයි වෙසක් මවාගෙන මහමේරු පර්වතය හත් පාරක් දරණින් වෙලාගෙන, තව්තිසා දිව්‍යලෝකෙත් යටිකුරු කරලා පෙණයෙන් වහගෙන හිටියා. වෙනදට වඩා කිසියම් වෙනසක් දුටු රට්ඨපාල මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඒ පිලිබඳ විමසුවා. බුදුන් වහන්සේ කරුණු පැහැදිලි කලාට පස්සෙ රට්ඨපාල මහ රහතන් වහන්සේගේ නා රජුගේ තේජස බිඳ දමා දමනය කිරීමට අවසර ඉල්ලුවා, නමුත් අවසර ලැබුණේ නෑ. ඒ ආකාරයෙන් කාළිගෝධා පුත්‍ර භද්දිය මහ රහතන් වහන්සේ, ජිනපුත්‍ර රාහුල මහ රහතන් වහන්සේ ඇතුළු මහාශාක්‍ය මහ රහතන් වහන්සේලා නා රජ දමනයට අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නෑ. අවසානයේ මුගලන් මහ රහතන් වහන්සේ ඒ සඳහා අවසර ඉල්ලුවම බුදුන් වහන්සේ අවසර දුන්නා. නොයෙක් වෙස් ගනිමින්, නොයෙක් සෘද්ධි පාමින් මුගලන් මහ රහතන් වහන්සේ නන්දෝපනන්ද නා රජු දමනය කළා පමණක් නෙවේ, අවසානයේ ඔහු බුදුන් සරණ ගියා.(බලන්න ඔයාලගේ ගමේ පන්සලෙත් මේ සිදුවීමට අදාළ චිත්‍රයක් ඇඳලා තියෙනවද කියලා)
නන්දුත්තරා පරිබ්‍රාජිකාව පැරදවීම
නන්දුත්තරා කියන්නෙ කුරු රට කම්මාස්සදම්ම නියම් ගමේ බමුණු පවුලක උපන්නියක්. හොඳින් සිප් සතර හදාරපු ඇය නිඝන්ඨ ආශ්රමයක පැවිදි වෙලා විවිධ දුෂ්කර වත් පිළිවෙත් පිරුවා. පසුව ඒවා පසෙක ලා නොයෙකුත් වාද ඉගෙන ගෙන, තමා සමඟ වාද කිරීමට සමතෙක් සොයමින් දඹදිව පුරාම ඇවිද්දා. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට හමුවෙලා වාද කරලා, එයින් අන්ත පරාජයක් ලැබුවා. ඉන්පසු උන්වහන්සේගේ ධර්මවාවද පිළිඅරන් මෙහෙණවරකට ගිහින් පැවිදි වෙලා විදර්ශනා වඩලා රහත් වුණා.
කෝසිය සිටුතුමාගේ මසුරුකම දුරු කිරීම
මසුරු කෝසිය සිටුතුමාගේ කතාව ඔයාල දන්නවා නේ.. අර කැවුම් කන්න ආස හිතිලා හොරෙන් කැවුම් උයන්න හැදුවේ... ඒක ආයේ කියන්න ඕන නෑනේ නේද? ඉතින් බුදු හාමුදුරුවෝ දිවැසින් බලද්දී කෝසිය සිටුතුමා සෝවාන් බව ලැබීමට තරම් පින් ඇති කෙනෙක් බව දැකලා මුගලන් තෙරුන් එහෙ යැව්වෙ ඔහුගේ මසුරු බව දුරු කරන්න. නොයෙක් පෙළහර පා අවසානයේ සිටුතුමා සහ දේවිය පහදවාගෙන බුදුන් වහන්සේ වෙත කැඳවාගෙන ආවේ උන්වහන්සේ. මුගලන් මහ රහතන් වහන්සේගේ දායකත්වය නිසා සිටුතුමාටත් දේවියටත් සෝවාන් වෙන්න පුළුවන් වුණා වගේම සතර අපායෙන් සදහටම මිදෙන්න හැකි වුණා.
![]() |
කෝසිය සිටුතුමාගේ මාළිගයේ කවුළුව අසළ වැඩ සිටීම |
බුදුරදුන්ගේ ඇරයුමෙන් පූර්වාරාමය පයින් ගසා සෙලවීම
බුදුන් වහන්සේ පූර්වාරාමයේ වැඩ සිටින කාලයේ එහි මහල් විහාරයේ යට මහලේ මහත් හඬින් කෑකෝ ගසමින් උන්නා. බුදුන් වහන්සේ ඒ ඇසී අනඳ තෙරුන් ලවා මුගලන් මහ රහතන් වහන්සේ කැඳෙව්වා. කැඳවලා ඔවුන්ට අමතක නොවන පාඩමක් උගන්වන ලෙස දැන්වූවා. ඒ ඇරයුමෙන් මුගලන් මහ රහතන් වහන්සේ මහල් වෙහෙර අසළට වැඩලා එහි පාදමට වම් පයේ මහපට ඇඟිල්ලෙන් පුංචි පහරක් ගැසුවා. එතකොට මහා භූමිකම්පාවක් වගේ මහල් විහාරය පැද්දෙන්න පටන් ගත්තා. ඇතුලෙ හිටපු නොහික්මුණු භික්ෂූන් වහන්සේලා බය වෙලා විහාරයෙන් එළියට ආවා. බියවී සංවේගයට පත් වෙලා ඉන්න පිරිස දැකපු බුදු රජාණන් වහන්සේ එතනට වැඩලා කරුණු විමසලා ඒ මුගලන් මහ රහතන් වහන්සේගේ වැඩක් බව පැවසුවා. ඉන්පසු මුගලන් තෙරුන්ගේ ගුණ වර්ණනා කළ බුදුන් වහන්සේ ඔවුන්ටද එවන් තත්ව ලබා ගැනීමට උත්සහ කළ යුතු බව පවසා දහම් දෙසුවා. දේශනා අවසානයේ ඒ පිරිස හික්මී දහම් මාර්ගයේ පිහිටියා.
මුගලන් මහ රහතන් වහන්සේගෙත් සැරියුත් මහ රහතන් වහන්සේගෙත් තිබුණේ සංසාරගත මිත්‍ර කමක්. වරක් එක් පුරුෂයෙක් මේ දෙනම විරසක කරන්න එකිනෙකාට කේලම් කිව්වා. නමුත් එය හරිගියේ නෑ. එකිනෙකා කෙරෙහි හොඳ අවබෝධයෙන් උන්නු ඒ දෙන්නගේ සමඟිය බිඳුනේ නෑ. ඒ වගේම සැරියුත් තෙරුන් අසනීප වුණු සෑම අවස්ථාවකම පාහේ ඒ සඳහා ගත යුතු බෙහෙත් මොනවාදැයි විමසලා , ඒ බෙහෙත් සපයා දෙන්නත් මුගලන් තෙරණුවෝ ක්‍රියා කළා.
මුගලන් මහ රහතන් වහන්සේ ඉතා ලඟින් ඇසුරු කරපු භික්ෂූන් වහන්සේ කෙනෙක් තමා ලක්ඛණ තෙරුන් වහන්සේ. මුගලන් තෙරණුවෝ ගිජ්ජකුට පර්වතයේ වැඩ වාසය කරන කාලයේ රජගහනුවරට පිඬු සිඟා වැඩියේ ලක්ඛණ තෙරුන් සමඟයි. එසේ පිඬු සිඟා වඩින්නට පර්වතයෙන් බහින අවස්ථා කිහිපයකදීම උන්වහන්සේ සිනා පහල කරනවා.(මගේ අභිධර්ම දැනුම නිවැරදි නම් රහතන් වහන්සේලා සිනා පහල කරන අවස්ථාවේ හට ගන්නා සිත හසිතුප්පාද සිත... )ඒ අවස්ථාවේදීම ලක්ඛණ තෙරුන් සිනහවට කරුණු විමසන නමුත් මුගලන් තෙරුන්ගේ පිළිතුර වෙන්නේ “සවස භාග්‍යවතුන්වහන්සේ හමුවේදී මගෙන් ඔය ප්රශ්නය අසන්න” කියායි. එසේ සවස බුදුන් වහන්සේ හමුවේ මුගලන් තෙරුන්ගෙන් ඒ පිලිබඳ ඇසුවාම උන්වහන්සේ තමා සිනා වුණු කාරණා පැහැදිලි කළා. බුදුන් වහන්සේ එම කතා අනුමත කරමින් තමන් වහන්සේද ඒ සිද්ධි එලෙසින්ම දැක ඇති බවත්, කිසියම් ශ්‍රාවකයෙකු ඒවා දකින තුරු එම සිද්ධි විස්තර නොකළ බවත් පවසමින් ඒවායේ අතීත කතා දේශනා කරනු ලැබුවා. මේ එවැනි සිද්ධි කීපයක් ලුහුඬින්.
- ඇටසැකිලි ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ගවයන් මරන්නෙක්
- මස් වැදැල්ලක් බඳු ප්‍රේතයෙක් - ඔහුත් රජගහ නුවරම සිටි ගවයන් මරන්නෙක්
- මස් පිඬක් බඳු ප්‍රේතයෙක් - රජගහ නුවර ලිහිණියන් මරා මස් විකිණූ තැනැත්තෙක්
- සිවිය නැති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බැටළුවන් මරන තැනැත්තෙක්
- අසිලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි ඌරන් මරන තැනැත්තෙක්
- සැත්ලොම් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි මුවන් මරන්නෙක්
- හී ලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි වධකයෙක්
- හිඳිලොම් ඇති පුරුෂයෙක් - රජගහ නුවර සිටි රථාචාර්යයෙක්
- හිඳිලොම් ඇති තවත් පුරුෂ ප්‍රේතයෙක් - රහගහ නුවර කේලම් කියමින් සිටි තැනැත්තෙක්
- කළගෙඩියක් තරම් අන්ඩයක් ඇති පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි බොහෝ අල්ලස් ගත් ඇමතියෙක්
- අසූචි වලක ගිලුණු පුරුෂ ප්‍රේතයෙක් - රජගහ නුවර සිටි පරඅඹුවන් සේවනය කළ තැනැත්තෙක්
- අසූචි වලක ගිලී අසූචි කන පුරුෂ ප්‍රේතයෙක් - කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ කාලයේදී භික්ෂු සංඝයාට දනට ආරාධනා කොට අසූචි වළඳන්නයි කියා, අසූචි පිරවූ ඔරු පෙන්වා නින්දා කළ පවිටු බමුණෙක්
- සිවිය නැති ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි ගණිකාවක්
- අතිශයින්ම කුණු ගඳ ගසන පිළිකුල් සහගත ප්‍රේත ස්ත්‍රියක් - රජගහ නුවර සිටි මන්තර ගුරුකම් කළ යක්දැස්සියක්
- ගින්නෙන් පැසී ගිය, ගිනි අඟුරු වලින් වට කරගත් ප්‍රේත ස්ත්‍රියක් - කලිඟු රජතුමාගේ අග බිසව වූ තැනැත්තියයි. රජුගේ අනෙක් බිසව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඇගේ ඇඟ මතට ගිනි අඟුරු කබලක් හෙලීම නිසා
- අහසෙහි ගමන් ගන්නා කවන්ධයක් - රජගහ නුවර “හාරිත” නමින් ප්‍රකට චෝරඝතකයෙක්
- ගිනිගෙන දැවෙන ප්‍රේත මහණෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මහණෙක්
- ගිනිගෙන දැවෙන ප්‍රේත මෙහෙණක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ මෙහෙණක්
- ගිනි ගෙන දැවෙන ප්‍රේත සික්ඛමානාවක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සික්ඛමානාවක්
- ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරයෙක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරයෙක්
- ගිනි ගෙන දැවෙන ප්‍රේත සාමණේරියක් - කාශ්‍යප බුදු රදුන්ගේ සසුනෙහි සිටි, සිල් නොරැක්ක, පවිටුකම් කළ සාමණේරියක්සර්පයෙක් වැනි ප්‍රේතයෙක් - බරණැස් නුවර වැඩ හුන් පසේබුදු කෙනෙකුගේ අසපුව ගිනිබත් කළ දුෂ්ට ගොවියෙක්
- සට්ඨිකුට ප්‍රේතයා - “සුනෙත්ත” නම් පසේබුදු වරයන් වහන්සේට අතේ ඇඟිලි ශිල්පය යොදා ගනිමින් ගල් කැටයක් විදි පුරුෂයෙක්
- පිඹුරු ප්‍රේතයෙක් - කාශ්‍යප බුදුන් කළ සිටි “සුමංගල” නම් සිටුතුමා, බුදුන් වහන්සේට පිදූ විහාරය ගිනි තබා විනාශ කළ සොරා
මේ ඇතුළු තවත් ප්‍රේතයන් සමූහයක් මුගලන් තෙරුන් දුටුවා. ප්‍රේතයින් පමණක් නෙමේ, මුගලන් තෙරණුවෝ තව්තිසා දෙව්ලොව දේව චාරිකාවේ යෙදෙද්දී බොහෝ දෙවියන්, දිව්‍යාංගනාවන් මුණ ගැසුණා. ඔවුන් ඒ සා සැප සම්පත් ලැබීමට හේතු වූ කරුණු ඔවුන්ගෙන්ම අසා දැනගෙන එම තොරතුරු බුදුන් වහන්සේට පැවසුවා. බුදුන් වහන්සේ ඒ කරුණු මුල් කරගෙන දහම් දෙසුවා. මේ ඒ වගේ කතා කීපයක් ඉතා ලුහුඬින්;
- පතිව්රතා දෙවඟන - සැවැත්නුවර සිටි, දිවිහිමියෙන් පතිව්රතා ධර්මය රැකීම නිසා දෙව්ලොව ඉපිද මහත් සේ බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
- පීඨවිමාන දෙව්දුව - පිණ්ඩපාතික භික්ෂූන් වහන්සේ කෙනෙකුට සැදැහැයෙන් දන් පිරිනමා අවසානයේ උන්වහන්සේ වැඩ සිටි අසුනද පූජා කොට, දෙව්ලොව ඉපිද සිතේ වේගයෙන් අහසේ ගමන් කළ හැකි විමානයක් වන් අලංකාර පුටුවක් ලැබූ කෙනෙක්
- කුඤ්ඤර දෙව්දුව - සැරියුත් මහ තෙරුන් වහන්සේට තමාගේ අතින්ම සකස් කළ දානය පිළිගන්වා උන්වහන්සේ වැඩ හුන් පුටුවද පූජා කොට, දෙව්ලොව ඉපිද සුදු ඇත් වාහනයක් ලද තැනැත්තියක්
- නාවුකා දෙව්දුව - පිපාසයෙන් හා කායදාහයෙන් පීඩාවට පත්වී සිටි භික්ෂූන් වහන්සේලා 16 නමකට සැදැහැ සිතින්පැන් පිළිගන්වා, දෙව්ලොව ඉපිද මනහර පොකුණක්ද නැව්විමනක්ද ලැබූ තැනැත්තියක්
- දීප විමාන දෙව්දුව - ඝන අඳුරක් පැවති පොහෝ දින ධර්ම ශාලාවක රැය පහන් වන තුරු පහන් දල්වා, දෙව්ලොව ඉපිද සිකුරු තරුව මෙන් බබළන ශරීරයක් ලැබූ කෙනෙක්
- තිලදක්ෂිණා දෙව්දුව - බුදුරදුන් හට තල දෝතක් පිරිනමා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලැබූ ගැබ්බර කාන්තාවක්
- සුණිසා දෙවඟන - තමාගේ ආහාර කොටස රහතන් වහන්සේ නමකට පිළිගන්වා, දෙව්ලොව ඉපිද බබළන ශරීරයක් ලද තැනැත්තියක්
- භික්ඛාදායිකා දෙවඟන - බුදු රජාණන් වහන්සේට දන් පිළිගන්වා දෙව්ලොව ඉපිද සුරූපී බබළන ශරීරයක් ලද තැනැත්තියක්
- අනේකවර්ණ දිව්‍ය පුත්‍රයා - සුමේධ බුදුන් වහන්සේගේ සසුනේ ශ්රාවකයෙක්ව සිට, උන්වහන්සේගේ ධාතුන් නිධන් කොට තැනූ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර, දෙව්ලොව ඉපිද නොයෙක් වර්ණයෙන් බබළන ශරීරයක් ලැබූ අයෙක්
- සුවර්ණ දෙව් පුතු - බුදුන් වහන්සේට සියල්ල සපිරි මනරම් විහාරයක් සාදවා පූජා කොට, දෙව්ලොව ඉපිද සත් රුවනින් සැදි විමානයක් සහ රන්වන් ශරීරයක් ලැබූ අයෙක්
මේ ආකාරයෙන් දේව චාරිකාවේදී මුණ ගැසුණු දෙව් පුතුන් සහ දිව්‍ය අංගනාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඹ දෙව් පුතු, උළාරා දෙවඟන, පාරිච්ඡත්තක දෙවඟන, සුනික්ඛිත්ත දිව්‍ය පුත්‍රයා, කුණ්ඩලී දෙව්පුතු, භික්‍ෂාදායක දෙව්පුතු, මඤ්ජෙට්ඨක දෙවඟන, කඤ්ජිකදායිකා දෙවඟන, නාග විමාන දෙව්පුතු, උපස්සයදායක දෙව්පුතු, රජ්ජුමාලා දෙවඟන, කන්ථක දෙව්පුතු, කර්කටකරසාදයක දෙව්පුතු, ගෝපාල දෙව්පුතු වගේ අය....
දැන් එමු මුගලන් මහ රහතන් වහන්සේගේ අවසාන කාලයට.. තීර්ථකයෝ මුගලන් මහ රහතන් වහන්සේ සමඟ ඇති කරගෙන තිබුණු වෛරය නිසා උන්වහන්සේව මරන්න සොරු කණ්ඩායමකට මසු දහසක් දුන්නා.(වෛරයක් ඇති වුණේ මුගලන් තෙරණුවෝ දෙව්ලොවට වැඩලා දිව්‍ය සම්පත් ලැබීමට හේතුවෙන කරුණු දැනගෙන ඒවා බුදුන් වහන්සේට පැවසීම නිසා බොහෝ දෙනෙක් තෙරුවන් සරණ යාම නිසා) ඒ කාලේ මුගලන් තෙරණුවෝ වැඩ උන්නේ රජගහ නුවර ඉසිගිලි පර්වතය පාමුල කළුගල් ලෙනේ. මේ හොරු කණ්ඩායම දෙවරක්ම කළුගල් තලාව වට කළත් මුගලන් තෙරුන් වහන්සේ තමන්ගේ සෘද්ධි බලය පාවිච්චි කරලා එතනින් ගැලවිලා ගියා. නමුත් තුන්වෙනි වතාවේ එතනින් ඉවත් වෙන්න උන්වහන්සේට හිත දුන්නේ නෑ. තමන් වහන්සේගේ ආයු ගෙවී ඇති බවත් පෙර කර්ම පළදෙන්න තියෙන බවත් නුවණින් දැක්ක උන්වහන්සේ ඒ අවස්ථාවට පලා නොගොස් මුහුණ දුන්නා. ඉතින් තුන්වෙනි වතාවේ මේ සොරු කට්ටිය උන්වහන්සේට තදබල විදියට පහර දීලා, ඇට කැබලි කුඩුපට්ටම් වන තරමට පහර දීල උන්වහන්සේ මැරුණා කියල හිතලා පැනල ගියා.
තමන්ගේ සෘද්ධි බලයෙන් කුඩුපට්ටම් වී තිබුණු ශරීරය නැවත සකසාගෙන මුගලන් තෙරුන් වහන්සේ අවසන් වතාවට බුදුන් වහන්සේ දකින්න වැඩියා. තමන් වහන්සේගේ ආයු ගෙවී තියෙන නිසා පිරිනිවන් පාන්න අවසර ඉල්ලා හිටියා. එහිදී බුදුන් වහන්සේගේ ඉල්ලීම මත උන්වහන්සේ දන්නා සියලුම ප්රාතිහාර්ය දක්වලා, අහසේ ඉඳන්ම ධර්මය දේශනා කළා. ඊට පස්සේ බුදු පාමුල වැඳ වැටිලා, සිරිපතුල් සිඹලා බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයා වෙතින් සමු අරන් කළුගල් ලෙනට වැඩම කරලා නැවත නොනැගිටින අදහසින් දකුණු ඇලයෙන් සයනයේ සැතපුනා. පසුදින අලුයම් කාලයේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාලා.
ඒත් එක්කම අහස දෙදරුවා. මහා භූමිකම්පාවක් ඇති උණා. මුහුදු රලේ වේගය වැඩි වුණා. දෙව් බෙර පැලුනා. මුගලන් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත්තු දෙවිවරු උන්වහන්සේට අවසන් ගෞරව දක්වන්න කළුගල් ලෙනට වැඩියා. මුගලන් තෙරණුවෝ පිරිණිවන් පාද්දී සැරියුත් තෙරුන් පිරිණිවන් පාලා දින 15ක් ගත වෙලයි තිබුණේ.
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ලවා මුගලන් මහ රහතන් වහන්සේගේ දේහය දෙවිවරු විසින් කරවපු සඳුන් චිතකයක නංවා ආදාහනය කළා. ඉතිරි වුණු ධාතුන් වහන්සේලා රන් කරඬුවක තැන්පත් කරලා රාජ්‍ය අනුග්‍රහ ඇතිව ස්ථුපයක් කරවලා ඒකෙ තැන්පත් කළා. එය වන්දනාවට ලක්වෙන වස්තුවක් බවට පත් කළා.
![]() |
අගසව් ධාතුන් වහන්සේලා |
![]() |
මුගලන් මහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා |
අජාසත් රජතුමාගේ මෙහෙයවීමෙන් චරපුරුෂයින් විසින් සොරු කණ්ඩායම අල්ලා ගත්තා. මුගලන් තෙරුන් මරා දැමීමේ විපාක වශයෙන් ඔවුන්ටත් දිට්ඨධම්මවේදනීය කර්මය පලදීමෙන් මරණ දඬුවම ලැබුනා.මුගලන් මහ රහතන් වහන්සේට මේ වගේ දුක්ඛිත මරණයක් උදා වුනේ ඇයි කියලත් හොයල බලන්න ඕනනේ නේද? බුදුන් වහන්සේ ඒකට හේතුවත් පසුකාලයේ වදාළා.
පෙර භවයක මුගලන් තෙරණුවෝ බරණැස් නුවර කුලපුත්‍රයෙක් වෙලා තමාගේ මහලු මව්පියන්ට උපස්ථාන කරගෙන හිටියා. ඔවුන්ගේ ඉල්ලීම වුණේ සුදුසු විවාහයක් කරගන්න කියන එකයි. නමුත් මේ කුල පුත්‍රයා හැමවිටම ඒක ප්‍රතික්ෂේප කළා. බැරිම තැන මනාලියක් කැන්දාගෙන ආවා. මුලදී ඇයත් මේ දෙමව්පියන්ට ඇප උපස්ථාන කරගෙන උන්නත් කල් යද්දී යද්දී ඒ සැලකිලි අඩු වුණා. මේ දුෂ්ට කාන්තාව ස්වාමියා රැකියාවට ගියාම නොයෙක් අකටයුතුකම් කරලා ඒවා කලේ මහලු මව්පියන් බව හැඟෙව්වා. එපමණක් නෙවේ, තවදුරටත් තමාට ඒ නිවසේ ඉන්න බැරි බවත් දෙමාපියන් හෝ තමා යන දෙකින් එකක් තෝරාගන්නා ලෙස පුතාට කිව්වා. අගසව් තනතුරකට පෙරුම් පුරන මේ කුලපුත්‍රයා පවිටු ස්ත්‍රියගේ බසට රැවටිලා දෙමාපියන් හොඳින් සරසවලා මහ වනයක් මැදට ගිහින් සොරු පැමිණි බව අඟවලා තමාගේ අතින්ම ලොකු පොල්ලක් අරගෙන ඔවුන් දෙදෙනාට මැරෙන තුරුම පහර දුන්නා. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා. රහත් බව ලබා සසර නිමවන අවසන් භවයේදීත් ඉතිරිව තිබූ අකුසලය විපාක දීමක් තමා සිදු වුණේ. (ඔන්න බලන්න ආනන්තරීය පාපකර්මයක බලවත්කම)
මුගලන් මහ රහතන් වහන්සේගේ චරිතයට සම්බන්ධ වන පුද්ගලයින්
නොපැහැදිලි කියලා හිතෙන දේවල් :-
- පරිබ්‍රාජක - බුදුන් දවස දඹදිව 62ක් ආගම් පැවති බව කියවෙනවා. මේකත් එකක්.
- ඒහිභික්ඛු - බුදුන් වහන්සේ “එව මහණ” කියූ පමණින් හැඳ සිටි වස්ත්‍ර වෙනුවට සිවුරු පෙරවිලා, හිස මුඩු වෙලා පැවදි වෙස් ගැනීම
- දිට්ඨධම්මවේදනීය කර්ම පලදීම - මේ භවයේදී කරන හොඳ හෝ නරක කර්ම වල විපාක මේ භවයේදීම විඳින්නට සිදුවීම
- ආනන්තරීය පාපකර්ම - මේවා 5ක් තියෙනවා. මෙව්වා එකක් හරි කළොත් ගොඩක් කල් අපායේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය, බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම
(මම කියූ දේවල් වල වරදක් තියෙනවා නම් කවුරුහරි නිවැරදි කරන්න. ඒ වගේම නොතේරෙන තව තැන් තියෙනවා නම් අහන්න. පුළුවන් විදියට උත්තර දෙන්නම්)
ප.ලි - මේ පෝස්ට් එකට විස්තර සහ රූප ප්‍රධාන වශයෙන්ම ලබා ගත්තේ ගයාන් චානුක විදානපතිරණ අයියගේ “මුගලන් මහ රහතන් වහන්සේ” පොතෙන්. පින්තූර හොයාගන්න මට උදව් කළේ හසිත අයියා. ඔයාලත් පොත හොයාගෙන කියවන්න. විස්තර ගොඩක් තියෙනවා.
කියවූ හැමට පින් සිදු වේවා.. හැමෝටම බැතිබර බිනර පොහෝ දිනයක් වේවා!!!
ගොඩක් මහන්සිවෙලා.පින් ගොඩක් ලැබෙයි.ගෙදර නෙමේ ඉන්නෙ.හිමිහිට කියවල ක්මෙන්ට් එකක් දාන්නම්.
ReplyDeleteකමෙන්ට් එක මම දැක්කා.... ඔව් ගොඩක් මහන්සි වුණා තමයි...
Deleteහ්ම්ම්ම් පොය දවසෙ නොදන්නා ගොඩක් දෙවල් කියල හුන්නට ගොඩක් ස්තුතියි අනු අක්කෙ...
ReplyDeleteනොදන්නා දෙයක් දැනගත්තා නම් ඒක මටත් සතුටක් මල්ලි
Deleteනොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා ඔන්න. මම අහල තියන විදිහට බුදුන් වහන්සේ නම් වැඩම කරමින් සිටින අවස්ථාවේදී සිනා පහල කලාම උන්වහන්සේගේ හිස වටා සුදු පැහැති රැස් වලල්ලක් විහිදෙනවා. \\හසිතුප්පාද සිත// ඇති වුනාම රහතන් වහන්සේලා ටත් එහෙම වෙනවද ?
ReplyDeleteමේක හොඳම ලිපියක් ඔයාගේ...
ඔන්න මාත් නොදන්නා දෙයක් දැන ගත්තා... බුදුන් වහන්සේගේ හිස වටා රැස් වළල්ලක් විහිදීම ගැනවත් දන්නේ නැතිකොට රහතන් වහන්සේලා ගැන නම් දන්නේ නෑ අයියා....
Delete@ Chandana
Deleteබුදු, පසේ බුදු, මහ රහතුන් කරන ක්‍රියාවලින් පිනක්වත් පවක්වත් සිදුවෙන්නේ නැහැ. ඒවා හුදෙක්ම ක්‍රියා විතරයි. ඒක නිසා ඒ අවස්ථාවලදී පහළ වෙන සිත හඳුන්වන්නේ "කිරිය සිත්" කියලා. එතකොට බුදු, පසේ බුදු, මහ රහතුන් සිනා පහළ කරන කොට පහළ වෙන සිත හඳුන්වන්නේ සෝමනස්ස් සහගත හසිතුප්පාද සිත කියලා.
රැස් වළල්ල විහිදීම ගැන කිව්වොත් බුදු හාමුදුරුවෝ බුද්ධත්වයෙන් සතර වෙනි සතියේ රුවන් ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ශරීරයෙන් සවණක් ඝන බුදු රැස් විහිදුණා කියලා දක්වනවා. ඒ වගේමයි යමා මහ පෙලහර පාද්දිත් ඝන බුදු රැස් විහිදුණු බව කියවෙනවා.
ඒත් ත්‍රිපිටක මූලාශ්‍ර විමසලා බලද්දී පෙනෙන්නේ හැම වෙලාවේම වගේ උන්වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් විහිදුනේ නැහැ කියන එක තමා...
මෙහෙම අහල තියන්නේ මම.
Deleteසංඝයා වහන්සේලා පිරිවරා පිඬු සිඟාවඩින අවස්ථා වල බුදුන් වහන්සේ සිනහ පහළ කලාම ආනන්ද හාමුදුරුවෝ අහනවා ඔබවහන්සේ කුමක් නිසා සිනහ පහල කල සේක ද කියල. සාමාන්‍යයෙන් පිණ්ඩපාතයේ වඩින්නේ පෙලට නේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ දැක්කේ කොහොමද බුදුන් වහන්සේ සිනහ පහල කළා කියල. එවැනි අවස්ථා වල උන් වහන්සේ ගේ ඔය මම කලින් කියපු ආකාරයේ රැස් වළල්ලක් විහිදීම නිසා තමයි ලු ආනන්ද හාමුදුරුවෝ දැන ගන්නේ බුදුන් වහන්සේ සිනහ පහල කළා කියල.
මේක මම ඇහුවේ ධර්ම දේශනාවකදී. හසිත මල්ලි ගේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි.
@ Chandana: ඔව්, ඔබ නිවැරදියි. ආනන්ද ස්වාමින් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සිනා පහළ කළා කියලා දැනගන්නේ ඔය ආකාරයට ම තමයි. නැත්තම් පිටුපසින් වඩින් උන්වහන්සේ ට ඒ බව දැනගන්න විදියක් නැහැ. අනිත් දේ බුදුවරු නිතර සිනා පහල කරන්නෙත් නැහැ, එසේ සිනා පහළ කළත් විශේෂ හේතුවක් ඇති ව...
Delete@Lahiru Karunarathna
Deleteඔබගේ පැහැදිලි කිරීමටත් බොහොම ස්තුතියි!!
දැඩි පරිශ්‍රමයක් දරා ලිව්ව එකක්.හොද ලිපියක්.
ReplyDeleteආනන්තරීය පාප කර්ම වල පොඩි අවුලක් තියෙනවා.ඔයා ලියපු එකේ නෙමෙයි.ඔය ආනන්තරීය පාපකර්ම වල එන සංඝ භේදය කියන එක අදටත් ඕනෑ හැටිය දකින්න තියෙනවා.එහෙම කරගෙන තියෙන්නේ සංඝයා වහන්සේලා විසන්ම තමා.එහෙම බැලුවම එයාලම තමා පෘතග්ජනයින්ට වඩා ඉක්මනින් හා වැඩි කලක් අපායේ ඉන්නේ.මං මේ කතාව කිව්වේ සංඝ රත්නයට අපහාස කිරීමට නෙවෙයි.ඒත් මං අත් දකින දේවල් තමා ඔය.
ඇත්තටම ගොඩක් මහන්සි වෙලා තමා ලිව්වේ මල්ලි....ස්තුතියි
Deleteකියවන්න ගද්දිම මම බය වුණා වැරදිලා කියලා... ඔව් බුද්ධ කාලේ දෙව්දත් හාමුදුරුවෝ කළා. දැන් ඉන්න දේවදත්තලත් ඕක කරනවා... කතාව ඇත්ත...
මුගලන් මහා රහතන්වහන්සේ නිල් පාට ඇයි ...
ReplyDeleteඅලුත් යාලුවෙක්.... ආදරයෙන් පිළිගන්නවා ඔයාව මේ පැත්තට...
Deleteනිල් පාට වෙන්න හේතුව හරියටම නම් දන්නේ නෑ.. මම හිතන හැටියට පෙර කළ අකුසල කර්මයේ බලවත්කම නිසා එහෙම වුණා වෙන්න ඇති... යන්තමට ඒ වගේ තමා මතක....
@ චමී4යූ~chami4u
Deleteමුගලන් හාමුදුරුවන්ව නිල් පැහැයෙන් වර්ණ ගැන්වීම ගැන කතා නම් කීපයක් තියෙනවා. අනූ කිව්ව විදිහටම පෙර භවයක තමන්ගේ දෙමාපියන්ට හොඳ හැටි පහර දීලා මරා දමපු නිසා [නිල් වෙන්න ගහපු නිසා] ඒ පැහැය ආවා කියලා කියනවා...
අනෙක් අතට අතීතයේ නීල වර්ණ කියලා කිව්වට ඒකෙන් කලු පැහැය අදහස් වුණු නිසා මුගලන් හාමුදුරුවෝ කලු පැහැ කෙනෙක් කියලත් අදහසක් තියෙනවා.
@ චමී4යූ~chami4u: මුගලන් මහ රහතන් වහන්සේගේ සමේ පැහැය කළු කියන මතය තමයි ප්‍රබල ව නැඟෙන්නේ!
Deleteබොහොම ස්තුති සියලු දෙනාටම...
Deletehondama honda lipiyak...bohoma pin
ReplyDelete// දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇයට ලැබුවා//
me kiyanne mokakda?
ස්තුතියි අක්කා....
Deleteපොඩි කොටසක් මඟ හැරිලා... පෙන්වා දුන්නට පිං... ඔන්න දැන් හදලා තියෙන්නේ.... :)))
හුඟක් මහන්සියෙන් ශ්‍රද්ධාවෙන් ලියපු ලිපියක්....
ReplyDeleteදානමය පින්කම් අතර උතුම්ම දානය ධර්ම දානය..මේ ලිපියෙන් අනූ කරල තියෙන්නෙත් ඒ වගේ පිංකමක් තමයි... මේ පිං බලෙන්... අනූටත් බබළන ශරීර සහිතව ස්වර්ණ විමානෙක ඉපදිලා දිව්‍ය සැප ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
********
ඇත්තටම බුදු දහමේ එන චරිත කථාවල පුදුමාකාර ලස්සනක් තියෙන්නේ.. එකම චරිත කථාව කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ... අනූගෙ ලිපියෙත් දන්න කරුණු වගේම නොදන්න කරුණු ගොඩක් තිබ්බා...
රජ බිසවක් ඊර්ශාව නිසා .. තවත් බිසවක් මාලිගාවත් සමගම ගිනිතැබූ කථව දැනගෙන හිටියා... එම මියගිය බිරිඳ සෝවාන් තැනැත්තියක් නිසා දිව්‍යලෝකෙ ඉපදුනා කියලත් අහල තිබ්බ.. ඒත් අනිත් ස්ත්‍රිය ලද දඬුවම දැනගත්තෙ අද... හැබැයි මට මතක තිබ්බෙ ඒ කොසොල් රජතුමාගේ බිසව කියලා... කලිඟු රජතුම කියන්නේ කොසොල් රජතුමාටද ( හරියටම දන්නෙ නෑ මම )
මහන්සියෙන් ලිව්වා එකක් බව කට්ටියටම තේරිලා වගේ...
Deleteමා වෙනුවෙන් කළ ප්‍රාර්ථනාවට ගොඩක් ස්තුතියි ඈ..
ඔයා කියන්නේ සාමාවතී සහ මාගන්ධිය බිසව ගැනනේ.සෝවාන් වෙලා උන්නේ සාමාවතී බිසව.රජතුමා ඔයා කිව්වා හරි.කොසොල් රජතුමා තමයි...
මේකත් ඒ කතාව වගේ වෙන කතාවක්. කලිඟු රජතුමා වෙනයි. කොසොල් රජතුමා කෝසල දේශයේ පාලකයා නේ, කලිඟු රජතුමා කාලිංග දේශයේ පාලකයා... දැන් අයියට පැහැදිලි ඇති නේද?
@ අනූ
Delete"ඔයා කියන්නේ සාමාවතී සහ මාගන්ධිය බිසව ගැනනේ.සෝවාන් වෙලා උන්නේ සාමාවතී බිසව.රජතුමා ඔයා කිව්වා හරි.කොසොල් රජතුමා තමයි..."
සාමාවතී සහ මාගන්ධි කියන බිසෝවරු හිටියේ කොසඹෑ නුවර උදේනි රජතුමාට නේද ??
@ මී ගොඩයා
Deleteහසිත අයියා කිව්වා හරි... මාළිගය තමන්ගේ සුළු පියා එක්ක එකතු වෙලා ගිනි තිබ්බේ මාගන්ධිය බිසව... සෝවාන් වෙලා හිටියේ සාමාවතී බිසව.... රජතුමා උදේනි රජතුමා තමයි... (කොසොල් රජතුමාගේ බිසව කෝසල මල්ලිකාවනේ..)
@හසිත
කිව්වට පස්සෙයි මතක් වුණේ.. වැරදි පෙන්වා දුන්නට ස්තුතියි.... :)
bohoma hoda lipiyak
ReplyDeleteස්තුතියි යාලුවා...
Deleteනොදන්නා කරුනු රාශියක් දැනගන්තා....ඔබට බොහෝ පිං..
ReplyDeleteඑහෙම නම් මටත් සතුටුයි... කියවූ ඔබටත් පිං සිදු වේවා!!!
Deleteමුල ඉඳල හෙමිහිට කියෙවුව..මේ වගේ ලිපි ලියන්න උනන්දු වෙන එක ගොඩක් හොඳයි ඒ වගේම පින් පිරෙන වැඩක්..අනූ නගාට බොහොම පින්.හසිතගෙ ලිපි ගොඩක් අයට බලපෑම ඇති කරල වගේ කියල තමයි මට හිතෙන්නෙ.තවත් ලියන්න.මොකද මේ ලෝකෙ තියන උතුම්ම දානය ධර්ම දානය නිසා.
ReplyDeleteකියවපු ඔයාටත් පිං සිද්ධ වෙනවනේ...
Deleteහසිත අයියා විතරක්ම නෙමේ.. ළහිරු අයියගෙ ලිපිත්,ඔයාගෙ ලිපිත් බලපෑම් කරනවා... මේ පින්තූර ගොඩක් එව්වේ මූණුපොත හරහා. ඔයා නෑනේ මගේ මූණුපොතේ.. නැත්නම් ඔයාගෙනුත් උදව්වක් ගන්න තිබ්බා...
ඉඩ ලැබෙන හැටියට මම නොදන්නා යමක් දැනගත්තම කියාදෙන්න තමයි හිතං ඉන්නේ අයියේ...
@ කස්ස
Deleteස්තුතියි අයියා මාවත් මතක් කරපු එකට :)
@ අනූ: ස්තූතියි නංගියෝ මාවත් මතක් කල එක ගැන!
Deleteගොඩක් මහන්සි වෙලා ලියල තියෙනවා නංගි.. කරුණු ගොඩක් අන්තර්ගතයි. ගොඩක් දෙනෙක්ට මේක ප්‍රයෝජනවත් ලිපියක්.
ReplyDeleteමගේ මොකක් හරි කරුමෙකට මම මේ වගේ ඒවා ආසාවෙන් කියවන්නේ නෑ.. පෝය දවසේ කරපු හොඳ වැඩේ අගය කරනවා.
ඔව්... ගොඩක් මහන්සි වෙලා නම් තමයි ලිව්වේ... මෙතෙක් කල් මම නොදැන සිටි දෙයක්, දැනගත්තම හැමෝටම කියල දෙන්න හිතුවා...
Deleteඑක එක්කෙනාගෙ රුචිකත්වය විවිධයිනෙ අයියා... ඒක ප්‍රශ්නයක් නෑ... ඇවිත් ගියාට ස්තුතියි..
\\..මුගලන් මහ තෙරුන් ඒකාලේ ගොවි කුලේක ඉපදුණා. නම “සිරිවඩ්ඪ”..\\
ReplyDeleteපහුගිය කාලෙත් බුදු කෙනෙක් පහල උණානේ!එයාගේ නමත් සිරිවඩ්ඪ නොහොත් සිරිවර්ධන!
සැහෙන්න වටින ලිපියක්!දිග වැඩි නිසා කම්මැලි කමෙන් කියෙව්වේ!:-/
හ්ම්ම් හ්ම්ම් මටත් මතාක් වුණා ඕක... :)))
Deleteවටිනා ලිපියක් කිව්වට වැඩක් නෑ ඉතින් බාගෙට කියවලා...:/ පිටු 200 ඉක්මවපු පොතක තිබුණු විස්තර මට පුළුවන් උපරිමෙන් කෙටි කරලා තමා ලිව්වේ...
@ නුවන්
Deleteගාල්ලේ කෙනාත් සිරිවර්ධන නම ගන්න ඇත්තේ මෛත්‍රී බෝසතාණෝ සංකස්ස පුරයේ ඉපදිලා හිටියේ කාලයේ නම සිරිවර්ධන වුණු නිසා.
ස්තුතියි මේ පින් වැඩේට මාවත් දායක කර ගත්තාට.....
ReplyDeleteලස්සන පින්තූර වලින් පෝස්ට් එකට හොඳ පෙනුමක් ලබාගන්න උදව් කරපු ඔයාටත් ස්තුතියි...
Deleteඊයේ උදේ පෝස්ට් එකක් ලියනවා කිව්වට මෙහෙම එකක් කියලා හිතුනෙම නෑ. පෝය දවසේ පිං අතේ වැඩක් කරන්න හිතිලා. නොදන්නා කරුණු ගොඩාක් දැනගත්තා. ගොඩාක් පිං :)
ReplyDeleteඑහෙම තමා... කිය කියා ලියන්නේ නෑ... නොදන්නා දෙයක් දැනගත්තා නම් මටත් සතුටුයි... ඔයාටත් පිං සිද්ධ වේවා!!!
Deleteගොඩක් මහන්සි වෙලා මේ තරම් වටිනා පොස්ට් එකක් ලියන්න හිතට ඔයාගේ දැනුන එකම ඔයාගේ පින්වන්ත කම නගෝ..... ගොඩාක් දේවල් නොදන්නා දේවල් නිසා ඔයාට මමත් පින් අනුමෝදම් කරනවා....
ReplyDeleteතෙරුවන් සරණින් හැම දෙයක්ම සාර්ථකම වේවා....
මම මහන්සි වෙලා ලිව්වා පෝස්ට් එක කම්මැලි නොවී කියවපු අයියටත් පින් සිදුවේවා!!! නොදන්නා එක දෙයක් හූ දැනගත්තා නම් මට ගොඩක් සතුටුයි...
Deleteතෙරුවන් සරණින් අයියගේ බලාපොරොත්තුත් සාර්ථක වේවා!!!
මේ ගැන ලිව්වාට ඔබට බොහොම පින්..
ReplyDeleteඉතින් ඇයි යාලු ඇනෝ ආවේ... ඔයා ලියන්නේ නැති කෙනෙක්ද? කවුරු උනත් කමක් නෑ... කියවලා මොනාහරි ඉගෙන ගත්තා නම් මට ගොඩක් සතුටුයි.. පින් සිදු වේවා!!!
Deleteඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා දැක්කම සතුටුයි ගොඩක්! පින්! තව පොඩි දෙයක් එකතු කරන්නම් මේකට... මුගලන් තෙරුන් ගේ අවබෝධයට/ රහත් බවට බාධා කළේ සිතේ නිදිමත ගතියයි. ඒ නිසා ම උන්වහන්සේ ඒ ගැන වරක් කියනවා "මම බොහෝ දුක් සහිත ව ශීග්‍රයෙන් ධර්මය අවබෝධ කළ කෙනෙක්" කියලා! වරක් බුදුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත/ මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා කියන්නේ උතුම් කල්‍යාණ මිත්‍රයෝ කියලා. ශ්‍රාවක සංඝයාට හරියට දරුවන් වදන මව සහ හදන මව වගේ කියලා. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයට පමුණුවන්න දක්ෂයි වගේ ම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ භික්ෂූන් රහත් ඵලයට පමුණුවන්න දක්ෂයි කියලා. ඒ වගේ ම උතුම් වූ රහතන් වහන්සේලා අතරින් මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙවැනි වෙන්නෙ සාරිපුත්තයන් වහන්සේට විතරයි. තවත් මේ වගේ සටහන් ලියන්න ශක්තිය ලැබේවා...
ReplyDeleteසිතේ නිදිමත ගතිය බව ඒ පොතේ තිබුණා... මම ඒක එකතු කලේ නෑ... පොතෙත් කියවන්න දෙයක් තියෙන්නෙපැයි නේ? // "මම බොහෝ දුක් සහිත ව ශීග්‍රයෙන් ධර්මය අවබෝධ කළ කෙනෙක්"// මේකත් හරි... සැරියුත් මුගලන් දෙදෙනා අතර පැවති සංවාදයකදී මෙහෙම දෙයක් කියවුණා වගේ මතකයි... ඒ දෙන්නගේ තිබුණේ මාර යාළුකමක් තමා... සංසාරගත යාළුකමක්.... ඉස්සරහටත් ලියන්න බලන්නම්.... අයියටත් පින් සිදු වේවා!!!
Delete@ Lahiru Karunarathna
ReplyDelete"මුගලන් තෙරුන් ගේ අවබෝධයට/ රහත් බවට බාධා කළේ සිතේ නිදිමත ගතියයි."
සිතේ නිදිමත ගතියට කියන්නේ ථීනමිද්ධය කියලා. ඒක පංච නීවරණ ධර්මයන්ගෙන් එකක්.
"ශ්‍රාවක සංඝයාට හරියට දරුවන් වදන මව සහ හදන මව වගේ කියලා"
මේක සච්ච විභංග සූත්‍රයේ තියෙන්නේ සැරියුත් තෙරුන් සැමට මවක් වෙනවා වගේම මුගලන් තෙරුන් කිරි මවක් හා සමාන වෙනවා කියලා.
"ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයට පමුණුවන්න දක්ෂයි වගේ ම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ භික්ෂූන් රහත් ඵලයට පමුණුවන්න දක්ෂයි කියලා"
මේ ප්‍රකාශය නම් මෙහෙම නෙමේ තියෙන්නේ. සැරියුත් තෙරුන් භික්ෂූන් වහන්සේලා සෝවාන් ඵලයේ හික්මවනවා. මුගලන් හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලා උත්තමස්ථානයේ තැබීමට හික්මවනවා කියලා තමා තියෙන්නේ...
මම අද සච්ච විභංග සූත්‍රය කියෙව්වා... අයියා කිව්වා හරි මෙතන උත්තම්ස්ථානය කියලා අදහස් කරලා තියෙන්නේ රහත්බව තමා. හැබැයි රහත්බව පිණිස හික්මවීම ගැන තමා කියන්නේ....
Deleteමෙයාට දැන් ඉතින් කැම්පසුත් වහලානේ... කියෝ කියෝ ඇති පොත් ගුල්ල වගේ....:)) ඔන්න ළහිරු අයියට හොඳ උත්තරයක් ලැබිලා හසිත අයියගෙන්... (මම දන්නෙත් නැති දේවල්)
Deleteස්තුතියි අනූ..පෝස්ටුව දිග වැඩි වුනත් ගොඩක් දේවල් දැනගත්තා..
ReplyDeleteකරන්න දෙයක් තිබුණේ නෑ.. දෙකට කඩන්නත් බෑ නේ... ඔක්කොම කියෙව්වනම් හොඳයි.... නොදන්නා දෙයක් දැන ගත්තා නම් මට සතුටුයි....
Delete01. මුලින්ම කියන්න තියෙන්නෙ මේ බ්ලොග් එකට අදයි මම පලමු වතාවට ආවේ... ඒ හසිතගේ අද ලිපියේ තිබුනු ලින්ක් එකෙන්.
ReplyDelete02. පහර කෑමෙන් පස්සෙ මුගලන් තෙරුණුවන් නැවත බුදු පියාණන් හමුවට ගිය පුවත දැන ගෙන හිටියේ නෑ.
03. මමත් සෑහෙන කැමැත්තකින් ඉන්නෙ ගයාන් මහත්තයාගේ අසුමහා ශ්‍රාවකයෝ පොත් පෙල ගන්න. තාම වෙලාවක් ලැබුනේ නෑ. මම දන්න හැටියට සියල්ලම තියෙනවා කැළණියෙ පංසලේ පොත් කඩේ. මේ වෙලාවේ හසිත නම් ඒ පොත් අරගෙන කියවමින්ලු ඉන්නෙ.......:)
04. මේ මහා පවට අවීචි මහා නරකයේ ඉපදිලා බොහෝ කල් දුක් වින්දා.// අපායට ගියොත් අපිට කොහොමත් බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා. ආනන්තරීය පාප කර්මයක් කලාම තියෙන වෙනස තමයි ඒ පාප කර්මය කල භවය අවසන් වෙනවත් එක්කම අපා ගත වීම. ඒ දුක් විදීම අවසාන වෙන්නෙ කල්ප විනාශයත් එක්කලු. කල්ප විනාශයෙදී අපායේ ඉදලා ආභස්සර හ්රහ්ම ලොකේ වෙනකල් සියල්ල විනාශ වෙලා යනවා කියලයි අහලා තියෙන්නෙ. එතකොට තමා ආනන්තරීය පාප කර්මය ගෙවිලා ඉවර වෙන්නෙ. හැබැයි ඊට වඩා බලගතු පාප කර්මයක් “නියත මිත්‍යාදෘෂ්ඨිය“. එයින් මරණයට පත්වෙන කෙනාත් අරවගේම අපා ගත වුනත් කල්ප විනාශයේ දී ආනත්තරීය පාප කර්මය කළ අය වගේ විනාශයෙන් අවසන් නොවි, වෙනත් සක්වලක අපායක අපාගත වෙලා, තවත් කාලයක් දුක් විදිනවා කියලයි මම දන්නෙ.
@ බුද්ධි
Deleteඅසූ මහා ශ්‍රාවක පොත් පෙළේ ඔක්කොම පොත් නම් ගන්න වුණේ නැහැ අයියේ. මුල්‍ය ප්‍රතිපාදනවල ගැටළුවක් තිබුණා වගේම මට බුක් ෆෙයාර් යන්නත් වුණේ ඉරිදා රෑ නිසා දයාවංශ එකේ පොත්තු ගොඩක් ඉවර වෙලා තිබුණේ...
මම ගත්තු පොත් තමා සැරියුත් රහතන් වහන්සේ, මුගලන් රහතන් වහන්සේ, කාළුදායි හාමුදුරුවෝ, පිළින්දිවච්ඡ රහතන් වහන්සේ, පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ, උරුවෙල කාශ්‍යප හාමුදුරුවෝ, සුනාපරන්ත පුණ්ණ හාමුදුරුවෝ, කේශ ධාතු විස්තරය, අග්‍ර ශ්‍රාවක ධාතු විස්තරය කියන ටික.
ඒවායේ කතාත් පුලු පුලුවන් විදිහට කියන්නම්කෝ...
1. ලින්ක් එක දාපු හසිත අයියටත් කියවන්න ආපු බුද්ධි අයියටත් ගොඩක් ස්තුතියි... ගොඩක් පිං...
Delete2. මමත් දැනන් හිටියේ නෑ.. පහරදීමෙන් පිරිණිවන් පෑවා කියන එක හැර වෙන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ.. මම දැනගෙන ඔයාලට කිව්වා...
3. මම දැක්කා ප්‍රදර්ශනේ පොත් කීපයක් තිබුණා.. භික්ෂුණින් වහන්සේලා ගැන ලියවුනු පොතුත් තිබුණා. ගයාන් අයියා ලියන විදිය ගොඩක් හොඳයි... ඒ පොත් හරි වටිනවා....
4. ඒ කතාව නම් මම දැනගෙන හිටියේ නෑ... කියාදුන්නට ස්තුතියි ඔයාට...
@ හසිත
ලියන්න ලියන්න... අපි බලාගෙන ඉන්නවා....
අනූ පෝය දවසේ කරගත්ත ධර්ම දානය මහඟු පුණය කර්මයක්. මුගලන් මහරහතන් වහන්සේ ගැන නොදන්නා බොහොමයක් කරුනු දැනගත්තා. හැබැයි මේක කොටස් දෙකකට දැම්මනම් හොදයි කියල මටත් හිතුනා.
ReplyDeleteඑහෙම එකක්වත් කරන්න එපැයි නේද? නොදන්නා දේවල් දැන ගත්තා නම් සතුටුයි... කොටස් කඩන්න බෑ.... එතකොට වැඩක් නැති වෙයි... අනික දැන් මට කොටස් කතා එපා වෙලා.......................
Deleteඅනූගේ පෝස්ට් එකෙන් දැනගෙන නොහිටිය ගොඩක් දේවල් අද දැනගත්තා... ගොඩක් පින්...
ReplyDeleteඒකනේ... දැන ගත්තා නම් කොච්චර හොඳද? ඒක නෙමේ... තරහ වෙන්නේ නැත්නම් කාරණයක් කියන්නද? ඔයාගේ මූණ දැක්කම මට හිතෙන්නෙම ඔයාට තියෙන්නෙ මුස්ලිම් පෙනුමක් කියලා...ඇයි දන්නේ නෑ... :)))
Deleteහෑ..:))))))
Deleteමොකටද අප්පේ තරහ වෙන්නේ... මේ වෙනකොට ඔය කතාව විසි දෙනෙකුට වඩා කියලා ඇති... ඒ මදිවට මට කොටට ඇඳලා පුරුද්දකුත් නෑ.. මොන රස්නෙකදි වුණත් අඳින්නේ අත් දිග ෂර්ට් එකයි දිග කලිසමයි... රැවුල කපලා පුරුද්දකුත් නෑ.... ඉතින් කට්ටිය ඔක්කොම හිතන්නේ මම මුස්ලිම් කියලා... මම බුද්ධාගමේ... ඒත් දැන් තේරුම් අරන් තියෙන්නේ බුද්ධධර්මය ආගමකට එහා ගිය දර්ශණයක් කියලා... ඒ නිසා ආගමක් විදිහට අදහනවට වඩා දර්ශණයක් විදිහට පිළිපදිනවා... ඒක ගොඩක් ප්‍රායෝගිකයි... කොහොම වුණත් මම වැඩකරන තැන නම් ඉන්න ඔක්කොම මුස්ලිම්... මම විතරයි බෞද්ධ... ඒ කාගෙත් එක්කත් සහයෝගයෙන් වැඩ... ඔන්න ඔහොමයි කතාව... චන්දන නම් ඒ කතාවට බයවෙලා වගේ... මං කැරලිකාරයෙක් කියලා හිතුවද දන්නෑ...
Deleteඅයියෝ අයියෝ මම කිව්වෙ පෙනුම ගැන විතරයි... මේ මොකෝ මේ චන්දන අයියා බයවෙලා... එහෙනම් මම 21 නේ? හරි හරි... බුද්ධාගම ගැන ඔයා හිතන විදිය ගැන මට සතුටුයි... ජය වේවා!!!
Deleteඅඩේ නෑ බං.. මට අනූ ගේ ප්‍රශ්නේ දැකල හිනා ගියා. :)
Deleteඅනේ අනූ කිව්වලු... ඔබ දෙදෙනාටත් ජයෙන් ජයම වේවා...
Deleteගොඩක් පින් නංගී. ඔයා ගොඩක් හොඳට මේ කරුණු ගලපලා ලියල තියනව. තව චූටි කරුණක් එකතු කරන්න හිතුන. බුදුරජාණන් වහන්සේ සරුයුත් රහතන් වහන්සේ සම කරලා තියෙන්නේ ධර්ම මාර්ගයේ අම්ම කියල. උන්වහන්සේ තමන් සමග සිටින සඟ පිරිස සෝවාන් ඵලය ලබා ගන්න තෙක් ලඟින්ම ඉඳන් උපකාර කරනවලු. එත් මුගලන් මහරහතන් වහන්සේ ධර්ම මාර්ගයේ කිරි මව වගේ කියල තියනව. සෝතාපන්න උන ශ්‍රාවකයන් නිර්වාණය තෙක්ම කැඳවාගෙන යන්නේ උන්වහන්සේ කියලයි මම අහල තියෙන්නේ. ඔන්න ඉතින් මමත් පුංචි කරුණක් එකතු කර ඔයාගේ ලිපියට.
ReplyDeleteහසිත අයියගේ ලිපිය හරහා මේ පැත්තට ආපු ඔයාටත් බොහොම ස්තුතියි.... ඔයා කියපු කරුණ මම කලින් දැනගෙන හිටියේ නෑ... කියා දුන්නට ඔයාටත් ගොඩක් පින්...
Deleteගොඩාක් වැදගත් ලිපියක්, ආසාවෙන් කියෙව්වා. පින් සිදුවේවා
ReplyDeleteගොඩක් ස්තුතියි මේ පැත්තට ඇවිත් ලිපිය කියෙව්වට.... ඔයාටත් පිං සිද්ධ වේවා!!!
Deleteසෑහෙන්න මහන්සි වෙලා අනු. මට දහම් පාසල් ගියා වගේ දැනුනා. ධර්මයේ අපි නොදන්නා කොච්චර ගැඹුරු තැන් තියනවද කියල හිතෙනකොට අපි දන්නේ මොනවද කියල හිතෙනවා. ධර්මාවබෝධය ලබා දුන්නට පෝය දවසේ ගොඩක් පින් අනු
ReplyDeleteහ්ම්ම් ඔව් ගොඩක් මහන්සි නම් වුණා තමයි පැතූ... ඇත්ත... ධර්මයේ අපි දන්නේ මොනවද? දන්නා හැටියකට බොහොම සරලව මොනා මොනා හරි ලියන්න බලන්නම්කෝ... කියවපු ඔයාටත් ගොඩක් පින්...
Deleteමේකත් අර හසිතගෙ වගේ හෙන ප්‍රොජෙක්ට් එකක්. බොහෝම ස්තුතියි වෙච්ච මහන්සියට,අනූ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
@ Dude
Deleteහෙන ප්‍රොජෙක්ට් එකට හැමෝම සම්බන්ධ වෙන එක කොච්චර නම් දෙයක්ද අයියා :)
හ්ම්ම්ම්... හෙන ප්‍රොජෙක්ට් එකක් තමා... පිටු 200කටත් වඩා වැඩි පොතක් වර්ඩ් පේජ් 10කට ගන්න සෙල්ලම් වැඩක යැ... කියෙව්වට අයියටත් ස්තුතියි...
Delete@හසිත
ඒක තමයි නේද? එතකොට හැමෝටම පින් ලැබෙනවනේ...
මහන්සියෙන් ලියවුනු අපූරු ලිපියක්.
ReplyDeleteඔබට ජයෙන් ජය යාලු :)
අගය කිරීමට ස්තුතියි යාලු.... ඔයාටත් ජයවේවා!!!
Deleteවටින විස්තරයක්....
ReplyDeleteස්තුතියි අයියා...
Deleteෂා මරුනේ...බොහොම පිං මෙව්වට...
ReplyDeleteකියවපු ඔයාටත් ගොඩක් පිං.....
Delete\ඇත්තටම මහ ගොඩක් වටින ලිපියක්,,, මේ කිසි දෙයක් ගැන දැනන් හිටියෙ නෑ මං නම්.. බොහොම ස්තූති..
ReplyDelete…ඒ වගේම කමෙන්ට්ස් වලිනුත් ඉගෙන ගන්න දේවල් හුගක් තිබුනා..
…ඔයා ගොඩාක් මහන්සි වෙලා ලියුවා වගේම ගොඩ දෙනෙක් ඒ මහන්සිය නිසා ගොඩාක් දේවල් දැන ගත්ත නිසා ඒ මහන්සි වීම ගැන ඔයාට සතුටු වෙන්න පුලුවන් ගොඩා...ක් :) :)
අලුත් යාලුවෙක් මේ පැත්තට ඇවිදින්... බොහොම ස්තුතියි වගේම බොහොම පිං.... ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා...
Delete"Anu ge Lokayata" ena para penapu "agiyakata" liyana hisithata wagema may karunu kiyala duna obta godak pin. ada idala hamdakama enwa.
ReplyDeleteJayawewa.
Sajith Mendis.
ඔයාටත් ස්තුතියි කියවන්න ආවට... යමක් දැනගත්තා නම් මට සතුටක්... හැබැයි හැමදාමත් මම මේ දේවල් ලියන්නේ නැහැ... හසිත අයියා තරම් මේ දේවල් ලියන්නේ නැහැ.. නමුත් නොලියා ඉන්නෙත් නැහැ... පිං සිදු වේවා... තෙරුවන් සරණයි...
Deleteගොඩක් වැදගත් ලිපියක්.ගයාන් මහත්මයාගේ පොතේ විස්තර ගොඩක් තියෙනවා.ස්තූතියි
ReplyDeleteසැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වඳින ගාථාව දන්නා කෙනෙක් ඉන්නවනං කියන්න පුළුවන්ද? බොහොම පින්....
ReplyDeleteසාරිපුත්ථෝ මහා ප්රඥ්ඤෝ - මොග්ගල්ලානෝ මහිද්ධිකෝ
Deleteඒතේ කිනාසවෝ වන්දේ - සම්මා සම්බුද්ධ සාවකෝ
Godak watinawa
ReplyDeleteThawath me dewal liyanna.
Oyata godak pin