ලෝකෙට ආපු අය

Friday, February 3, 2012

ඒ ගර්ල් හරි ලකී


මෙනින්ජයිටිස්.. ඒ මොකක්ද ඒ.. උසස් පෙළට බයෝ කරපු අය නම් මේක හොඳට දාන්න වචනයක් වෙන්න ඕන. සාමාන්‍ය පෙළටත් යන්තමින් තිබුණා වගේ මට මතකයි. ඉතින් දන්න අයට මතක් වෙන්නත් නොදන්න අයට දැනගන්නත් එක්ක මම ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

මෙනින්ජි පටල කියල කියන්නෙ අපේ මොළය සහ කොඳුඇට පෙළ (එහෙම නැත්නම් මස්තිෂ්කය සහ සුෂුම්නාව) වටා තියෙන පටල වලට. ඒවා 3ක් තියෙනවා. චීනාන්ශුකාව,වරාශිකාව සහ ජාලකර පටලය කියල. ඒවා තියෙන්නෙ ආරක්ෂාවට.ආතරයිටිස් කියන්නෙ සන්ධිපත් ප්‍රදාහය වගේ මෙනින්ජයිටිස් කියල කියන්නෙ මෙනින්ජි පටල ප්‍රදාහයට. ඒ කියන්නෙ මොළේ සහ කොඳුඇටපෙළ  වට කරගෙන තියෙන මේ මෙනින්ජි පටල අස්සේ තියෙන මස්තිෂ්ක සුෂුම්නා තරලය ආසාදනය වීම.. මොළේ උණ කියල කියන්නෙත් මේකටම තමයි.. ඉතින් ඇතිනෙ නමස්කාරය. දැන් යමු ලිපියට.

මේ ලිපිය ලියන්න මට හිතුණේ තරූගේ ලෝකය ලියන තරූ අයියගේ මේ ලිපිය දැකලයි.

එකදහස්‌ නමසිය අනූවෙ දෙසැම්බර් මාසෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියල තියෙන කාලෙක සිද්ධ වෙච්ච දෙයක් මේක. මට හොඳටම උණ ගැනුණාලු.. දවසක් දෙකක් බලං ඉඳල දවසක්දා හවසක අම්මල මාව හොස්පිටල් එකට අරගෙන ගිහිල්ලා. එහෙදි උණ බහින්න බෙහෙත් දුන්නලු. ඒත් උණ නම් අඩු උනේ නෑලු පොඩ්ඩක්වත්. මගේ ඇඟ ගිනියම් වෙලා වගේ රස්නෙයිලු. මාව බලන්න ආපු අපේ චූටි මාමා අම්මට කිව්වලු

 අක්කෙ බලං ඉඳල නම් හරියන්නෙ නෑ. මෙයාව හලාවතවත් ගෙනියමු

කියල. ඉතින් පහුවදා උදේම මාව හලාවත හොස්පිටල් එකට ගෙනිච්චලු. එදා දවසෙ මාව බලන්න වාට්ටු භාර දොස්තර මහත්තයා ආවම උණ බහින්න බෙහෙත් දීල

ටිකක් බලමු

කියල අම්මට කිව්වලු. ඉතින් අම්මගෙ වැඩේ මාව සීතල වතුරෙන් තෙමන එකමලු. කකුල් වල යටි පතුල් තෙමනවාලු, නළලට තෙත රෙදි කෑලි දාලා පිහිනවාලු... කොහොමහරි උණ නම් පොඩ්ඩක් වත් අඩු වෙලාම  නෑ... අම්මත් හොඳටම බයේ ඉඳල තියෙන්නෙ.

පහුවදා ළමා රෝග විශේෂඥ දොස්තර මහත්තයා මාව බලලා කිව්වලු ලේ චෙක් කරන්න ඕන කියල. ඉතින් ලේ චෙක් කරන්න ගියාම ඉන්ජෙක්ෂන් කටු ගහල තියෙනවා විසි පලකට විතර. අනින අනින තැනින් ලේ එනවා විතරලු. නහර පේන්නෙ නෑලු.. වේලිලාලු. ඉතින් මම අඬන එකමලු කරන්නෙ... අඬනවා කිව්වට ඒකත් යන්තම කෙඳිරියක් විතරලු. අඬන්නවත් මට බැරිලු.

 මේ කාලේ වෙද්දී මම අම්මගෙන් කිරි බොන්නෙත් නැතිලු. කිරි බොන්න කට අරින්නෙ නැතිලු. ඉතින් මට බටයකින් තමා පිටිකිරි දීල තියෙන්නෙ. මම ජීවිතේටම මාස නමයයි අම්මගෙ කිරි බීල තියෙන්නෙ. මට හොඳ උනාට පස්සෙ අම්මට මට දෙන්න කිරි තිබිල නෑ. ඒ දවස් වල මම මැරිච්ච ළමයෙක් ගානටලු මම උන්නෙ. සුමාන දෙකක් යනකල් ඇස් ඇරියේවත් නැතුව තමා මම ඉඳල තියෙන්නේ. අඬනවත් ඇහෙන්නෙ නෑලු, කෙඳිරි ගානවා වගේලු ඇහෙන්නෙ. මුහුණත් හොඳටම වෙනස් වෙලාලු මන්දපෝෂණය හැදුණු ළමයෙක්ගේ වගේ.

ලේ පරීක්ෂාවෙන් මොකුත් හොයාගන්න නම් බැරි උනාලු. ඊට පස්සෙ අර විශේෂඥ දොස්තර මහත්තයා කිව්වලු මගේ කොන්දෙන් වතුර ගන්න ඕන කියල. එක පාරක් වතුර අරන් චෙක් කලාලු හලාවත හොස්පිටල් එකෙන්. මට ඒ කොන්දෙන් වතුර ගන්න අමාරුව වත් නොදැනෙන ගානට කිසි වෙනසක් නැතුව උන්න කියලයි අම්ම කිව්වෙ. කොහොමහරි ඒකෙනුත් මොකුත් හොයාගෙන නෑ. හැබැයි ඒ ගත්තු වතුර කිරීම කිරි පාට බව අම්ම දැකල තියෙනවා. ආයෙමත් සැරයක් කොන්දෙන් වතුර ගත්තලු. එවෙලේ අම්මා හලාවත මෙඩිකල් සෙන්ටර් එකකින් චෙක් කරලා.. එතකොට තමා හරියටම ලෙඩේ මොකක්ද කියල හොයාගෙන තියෙන්නෙ. මට මෙනින්ජයිටිස් හැදිලාලු.. මොළේට විෂබීජයක් ගිහින් ලුඊට පස්සෙ තමා මට හරියටම ප්‍රතිකාර පටන් අරන් තියෙන්නෙ. සුමාන දෙකක් යනකල්ම මගේ ඇඟේ රස්නෙ නම් බිංදුවක් වත් අඩුඋනේ නෑලු.

මම දවස් 20ක්ම හලාවත හොස්පිටල් එකේ ඉඳල තියෙනවා. ඒ හැමදාකම උදේ ලෙඩ්ඩු බලන වෙලාවට මාව බලන්න තාත්තා ආවලු. ඒ වෙනකොට ඉස්කෝලේ අටේ පංතියේ හිටපු මගේ ලොකු අයියා ඉස්කෝලේ ඇරිලා තනියම බස් එකේ එනවලු මාව බලලා විස්තර දැනගෙන යන්න. එද්දි ඕන කරන දේවල් අරගෙන  ඇවිත්, ගෙනියන්න තියෙන රෙදි අනං මනං අරන් යනවලු. අනූ එකේ ජනවාරි මාසෙ ඉස්කෝලෙට ඇතුල් වුණු මගෙ චූටි අය්යාව ඉස්කෝලෙට බාර දෙන්න ගිහින් තියෙන්නෙත් තාත්තා. එයත් චූටි නෙ. අවුරුදු පහනේ.. ඉතින් එයා නම් මාව බලන්න ඇවිත් නෑ. කිරි අම්මා චූටි අය්යාව බලාගෙන ගෙදර උන්නලු. එයාටත් අම්ම නැතුව හුඟක් පාළු හිතෙන්න ඇති..මාව බලන්න අපේ පාරේ හැමෝම ආවලු. ලොකු මාමා, චූටි මාමා, සුදූ මාමා මේ හැමෝම ඒ දවස් 20 ඇතුළත මාව බලන්න ආවලු.

කවුරු මාව බලන්න ආවත් ඒ දවස් 20න් දවස් 3ක් 4ක් ඇරෙන්න අනිත් හැම වෙලාවකදිම මගේ ළඟ උන්නෙ මගෙ අම්මාලු.. දැන් වගේ පහසුකම් ඒ කාලේ නෑනේ. එක ඇඳේ ළමයි දෙන්නෙක් දානවලු. අම්මල දෙන්නටම ඉඳගන්න තිබුණෙත් එකම එක පුටුවලු. ඉතින් වැඩි හරියක් අම්ම හිටගෙනම තමා ඉඳල තියෙන්නෙ. කකුල් පිට්ටු වගේ ඉදිමිලාලු. සෙරෙප්පුවක් කිට්ටු කරන්නවත් බැරිලු.(අම්ම ඒ දවස් වල විඳපු දුකට දැන් එයාට ඊට හපන් කරදරයක් වෙලා කියල මට හිතෙන්නෙ. එයාට දණිස් අමාරු හැදෙන්න ප්‍රධාන හේතුව වෙන්න ඇත්තෙත් ඕක තමා.) චූටි මාමා අම්මට කියනවලු

අක්ක ගෙදර ගිහින් හෙට උදේ එන්න

කියල..ඉතින් ඒ වගේ වෙලාවට අම්මට අමාරු නිසා හවස මා ලඟ ඉන්න කවුරුහරි ආවොත් අම්ම හවස 5ට ගෙදර ගිහින් ලුණු වතුරෙන් කකුල් තවාගෙන ආයෙමත් පහුවදා උදේ පාන්දරම එනවලු. මම ගියපු මොන්ටිසෝරියේ මිස් දවස් දෙකක් මා ළඟ හිටියලු..(චූටි අය්යා ගියෙත් ඒකටමයි)
ඉතින් සති දෙකක්ම මළකඳ වගේ හිටපු මාව ටික ටික සනීප වෙන්න අරන් තියෙන්නෙ තුන්වෙනි සතියෙදියි. ඒ දවස් වල විශේෂඥ දොස්තර මහත්තයා වාට්ටු බාර දොස්තර මහත්තයට කිව්වලු

ඒ ගර්ල් හරි ලකී. ඔය ලෙඩේ හැදුනු අය 3000ට එක්කෙනෙක් තමා ජීවත් වෙන්නෙ. ජීවත් උණොත් 
අංගවිකල වෙනවා

කියල.ඉතින් මැරෙන්නෙත් නැතුව අංගවිකල වෙන්නෙත් නැතුව ජීවිතේ බේරුණේ මගෙයි අම්ම තාත්තගෙයි පෙර පිනකට වෙන්න ඇති. 

ජනවාරි 21 වෙනිදා ලොකු අය්යා ඉස්කෝලේ ඇරිලා ඇවිත් තියෙන්නෙ මාව බලන්න. ටිකට් කපන බවක් එයා දන්නෙ නෑලු. ඒත් ටිකට් කපල නිසා, එයාගෙ ලොකු බෑග් එකේ තිබිච්ච බඩු ටිකත් අහුරගෙන අම්මවත් එක්කගෙන බස් එකේ ආවලු. අම්ම මාව තුරුල් කරගෙනලු. ගෙදර ආවට පස්සෙත් මම සාමාන්‍ය විදියට ඉඳල නෑ... මාස 9ක් වෙලා අල්ල අල්ල නැගිට්ට මම ඉපදිච්ච ගමන් ළමයාගේ ගානට වැටුනලු. උඩු බැලි අතට දාපු අතේ ඔහේ උන්නලු. ඊට පස්සෙ එහෙට මෙහෙට පෙරළුනාලු.ඊටත් පස්සෙ දණ ගෑවලු. අල්ල ගෙන නැගිට්ටේ ඊට පස්සෙලු. ඉතින් මේ කාලේ අම්මට මගෙන් තොර ලොවක් නැතිලු. මළකඳ වගේ උන්නු මාව දැකල අම්ම අඬනවලු. මාව ජීවත් වෙයි කියලා කවුරුත් හිතල නෑ..

දැන් නම් මෙනින්ජයිටිස් වලට බෙහෙත් ඇති. කලින් අඳුන ගන්න ක්‍රමත් ඇති. ඒත් මේ සිද්ධිය උණු 1991 ජනවාරි මාසෙ ඔය දේවල් ගැන එතරම් හොයාගෙන තිබිල නෑ. ඔන්න ඔය විදියට තමා මගේ ජීවිතේ පළවෙනි බාධකයට මුහුණ දුන්නෙ. මම විශ්වාස කරන විදියට හැමෝම මම ජීවත් වෙන එකක් නෑ කියල හිතාගෙන ඉද්දි අම්මගෙ ඇස් දෙකෙන් වැටුණු කඳුළුයි තාත්තගෙ ගතින් වෑහුණු දහඩියයි තමා මාව ජීවත් කළේ.

මගේ ආදරණීය අම්මේ තාත්තේ , මතු උපදින ජාති ජාතිත් මම ඔයාලට ණයගැතියි....

මේ ආදරණීය මතකය අවදි කරපු තරූ අයියේ, ඔයාටත් ගොඩක් ස්තුතියි...

ෆොටෝ එක ගත්තේ මෙතනින්..

50 comments:

  1. අම්මට තාත්තට තියෙන ණය ගෙවන්න කවද පුළුවන් වේවිද මන්ද!:-/
    හැබැයි ඔයාට ආපහු වැඩිකල් නොගිහින් මන්දපෝෂණය නම් හැදෙනවා!:PP

    ReplyDelete
    Replies
    1. හික් හික්.... අහන්නත් සන්තෝසයි !!! ඇත්ත මල්ලි, ඒක නම් කවදාවත් පුළුවන් වෙන දෙයක් නෙමේ...

      Delete
  2. ඔයාටත් කියන්න තියෙන්නෙ තරූ ට කිව්ව දේ ම තමයි, මොහොතකටවත් අම්මගේ තාත්තගේ හිත් රිද්දන්න හිතන්නවත් එපා, එයාලට ගොඩක් දුක හිතෙයි! එයාලා අපිට හිතාගන්නවත් බැරි තරමේ කැපවීම් කරනවා අපි වෙනුවෙන්, ගොඩක් ඒවා අපි දන්නෙත් නෑ. ඒත් කාලයක් යද්දි ගොඩක් අයට ඒවා අමතක වෙනවා... ඒ ඇයි කියන්න නම් මම දන්නේ නෑ නංගෝ!

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.... මම පුළුවන් තරමින් උත්සහ කරනවා හිත නොරිද්දාම ඉන්න... තමන්ගෙ මුළු ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප කරන අම්ම තාත්ත අමතක කරන එක හරි පව් වැඩක් .... උත්තරේ තියෙන්නෙත් එහෙම කරන අය ලඟම තමයි!

      Delete
    2. // "ඉතින් ඇතිනෙ නමස්කාරය. දැන් යමු ලිපියට" මේ වාක්‍යය නම් හොඳයි කියලා මට නම් දැනෙන්නේ නෑ නංගෝ. එහෙම වචනයක් මේ වගේ තැනකට ගැළපෙන්නේ නෑ. තරහා වෙන එකක් නෑ මම හිතන්නේ එහෙම කිව්වට...

      Delete
    3. අනේ...එහෙමත් එකක්ද? මීට පස්සෙ ඒ දේවල් ගැන සැළකිලිමත් වෙන්නම්... අඩු-පාඩු පෙන්නා දුන්නට අයියට ස්තුතියි.. මම තරහ නෑ..

      Delete
  3. ඔය බර වචන සෙට් ඒක නම් තේරෙන්නේ නෑ. ඒත් අම්ම තාත්තට තියෙන ණය කවදා ගෙවන්නද? තාම අර ඇතුල් උනා කිව්ව විසබිජේ නම් අයින් වෙලා නෑ වගේ නගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක ගෙවල ඉවර වෙන්නෙ නෑනේ... ම්ම්ම් එහෙමද? තාම අයින් වෙලා නෑ වගේද? අනේ ආයේ නම් හොස්පිටල් යන්න බැරියෝ.....

      Delete
  4. අපේ අයියගෙ පුතාට උනා. ‍කොල්ල තවම න(ර්)සරි. මෙනින්ජයිටිස් කියල ඉන්ජෙක්සන් ගැහුව සති 2ක්. ආයෙත් චෙක් කරල දොස්තරල කීව ඔළුවෙ පොඩි තුවාලයක් තියෙනව කියල. අපරාදෙ බොරුවට පොඩි එකාට ඉන්ජෙක්සන් ගැහුව 14ක්.

    පව් අනේ ශානි..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..පව් තමා පොඩි එකා.මට ඉතින් සති 2ක් සේලයින් දුන්නලු..මමත් පව් නේ...

      Delete
  5. බය හිතෙන පොස්ට් එකක් නේ.ඒ ලෙඩේ ගැන වැඩිය දැනගෙන ගිටියේ නැහැ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. කියවපු ඔයාටත් බය හිතුණා නම් මළකඳ වගේ උන්නු මාව දැකල අපේ අම්මල කොයි තරම් බයවෙන්න ඇතිද නේද? මම මැරෙයි කියල... දැන් දැනගත්තනේ... දැන් එතරම් බරපතල නැද්ද මන්ද...

      Delete
  6. හප්පේ ඔහොම ලෙඩක් ඇහුවමයි.....

    ReplyDelete
    Replies
    1. ඈ... ඔයා අහලත් නැද්ද???? එහෙනම් ඉතින් දැන්වත් දැනගන්නකෝ... මැරිලා ඉපදුනා වගේ තමා මම

      Delete
  7. අර මොලේට ගියා කියපු විශබිජේ තාම එහෙමමලු නේ :)

    ReplyDelete
    Replies
    1. අනේ... ආයේ නම් අයින් කරන්න යන්න බෑ ඔන්න කිව්වා... :)

      Delete
  8. ප්‍රභන්ධ වලට වඩා සැබෑ සත්‍යය කොච්චර නම් සංවේදීද...? ගොඩක් සංවේදී කතාවක් නගේ....!

    සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම මේ ලෝකෙ තමන්ගේ දරුවන්ව තරම් තමන්ගේ ජීවිතයවත් වටින්නෙ නෑ....! මම ඒක මගේ අත්දැකීමෙන්ම දන්නවා....! නංගිත් ඒක අත්දැකීමෙන්ම දැන ගනියි කවදා හරි...!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අයියේ... ඒ ගැන කියන්න වචන නෑ... අලුතෙන් නේද මේ පැත්තට ආවේ... සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොගේට.. ආයෙත් ඇවිත් යන්න එයි කියල හිතනවා... කොමෙන්ටුවට ස්තුතියි !!!

      Delete
  9. ඔයා හරි ලකී තමා...විෂබිජේ ගැනනම් මටත් ටිකක් සැකයි ඔන්න

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් මම ලකී.... අපෝ ආයේ නම් යන්න බෑ...

      Delete
  10. ඔහොම ලෙඩක් ගැන මේ ඇහුවමයි... කොහොම උනත් කරදරයක් නොවුන එක ගැන සතුටුයි...

    ReplyDelete
    Replies
    1. අයිය දන්නෙත් නැද්ද... හ්ම්ම් දැන් වත් දැනගත්තානේ... දැන් කරදරයක් නෑ.. :)

      Delete
  11. තරුගේ බ්ලොග් එකේ ඒ පොස්ට් එක කියවනකොටත් මගේ ඇස් වලට කදුලු ආවා නංගෝ...

    ජිවිතේ මම ගොඩාක් අඩලා ඇති මගේ දේවල් වලට...එත් අන්තර්ජාලයෙන් දැනගත්තු අදුනගත්තු දේවල් නිසා මෙහෙම කදුලු වැ‍ටුනේ අදමද මන්දා...

    ඇත්තටම ඔයා ගොඩාක් ගොඩාක් ගොඩාක් ලකි..

    මම ඇත්තටම දන්නවානේ ඔයා අම්මට සලකනවා කියලා.. කවදවත් ඔයට වරදින්නේ නැ නංගෝ...

    ReplyDelete
  12. මේ ලෙඩේ අපේ නංගි කෙනෙක්ටත් හැදුනා....

    //“ඒ ගර්ල් හරි ලකී. ඔය ලෙඩේ හැදුනු අය 3000ට එක්කෙනෙක් තමා ජීවත් වෙන්නෙ. ජීවත් උණොත්
    අංගවිකල වෙනවා”//

    මේ කතාව ඇත්ත තමා ඇත්තටම ඔයා ලකී...අපේ නංගිට ගොඩක් අමාරු නොවුනට එයාට දැන් කිසිම දෙයක් එක පාර තේරුම් ගන්න බෑ....

    (මේ කොමෙන්ට් එක දාන්නේ මුළු දවසම ඉස්කෝලේ ලැබ් එකේ ඇහැරිලා ඉන්න ගමන් දවස තිස්සේම හදපු උබුන්ටු os එක දාපු කොමුපීතර් එකකින්.....බ්ලොග් එකකට උබුන්ටු වල ඉඳන් දාන මුල්ම සිංහල කොමෙන්ට් එක මේක)

    ReplyDelete
  13. ඇත්තටම ඔයා වාසනාවන්තයි!!! හැම අම්මෙක් තාත්තෙක්ම ටමන්ගෙ දරුවා නීරෝගිව, සතුටින් හොඳින් ඉන්නවා බලන්න අඅසය්.. ඔයගෙ අම්මයි තාතායිත් හුඟාක් දුක් විඳින්න ඇති ඔයාව සනීපකරගන්න.. වාසනාවට, දෙයියන්ගෙ ඵිටෙන් ඔයා අද හොඳින් ඉන්නවනෙ.. සතුටුයි.. සංවේදීයි!!!

    ReplyDelete
  14. ඔය ලෙඩ ගැන නම් ඉතින් එකොලහ වසරෙදි ඉගෙන ගත්තා...දැන් නම් මතක නෑ....
    මොනවා උනත් ලෙඩේ හොඳ උන එක වාසනාව...
    රෙප් මහත්තයා කියලා තියන කතාව හැබෑද ඈ....?

    ReplyDelete
  15. බුදු දහමෙ නම් මේකට කියන්නෙ පූර්ව සංසාරෙ කරපු කුසල කර්ම කියල.එතකොට පූර්ව කුසලකර්ම මේ ජීවිතය තුළදී අවශය වෙලාවට පළදෙනව එතකොට සියළු අතුරු අන්තරාවලින් බේරෙනව.

    කොහොමටත් දරුවකුට අසනීපයක් හැදුන ගමන් වැඩියෙන්ම විඳවන්නෙ දෙමව්පියෝ. ඒදෙමවිපියන් බලාපොරොත්තු නොවුනත් කෘතගුණ දැක්වීම කොතරම් හොඳ දෙයක්ද?

    ReplyDelete
  16. දෙයියෝ සාක්කි...
    “ඒ ගර්ල් හරි ලකී. ඔය ලෙඩේ හැදුනු අය 3000ට එක්කෙනෙක් තමා ජීවත් වෙන්නෙ. ජීවත් උණොත්
    අංගවිකල වෙනවා...”
    මේ ටික දැක්කම සර්වාංගෙම පණනැති වුනා. මම ඔය මොළේ උණ ගැන අහල තිබුනට වැඩි අවබෝධයක් තිබුනෙ නෑ.. අක්කගෙ වෙලාව හොඳයි.. අපේ වෙලාවට අක්කගෙ වෙලාව හොඳ වුනේ, ඇයි ඉතින් නැත්තම් අපිට කියවන්න ශානිගෙ හිතක් කෝ... හැක්...හැක්.... ඔව්ව මෙව්ව කිව්වට කොලොප්පම් හැටියට බාරඅරන් අමනාප වෙනව එහෙම නෙමෙයි ඕං... අර කියන්න වගේ නිරෝගී දරුවෙක් හැටියට ඉපදිලා ඊට පස්සෙ හැදෙන අසනීපයක් නිසා අංගවිකල තත්වයට පත්වෙනව කියන්නෙ දරාගන්න බැරි තරම් දුකක්නෙව, අක්කගෙ වාසනාවට ඒකෙන් ගැලවුනා, ගැලවෙන්න බැරුව තව කී දෙනෙක් දුක් විඳිනව අත්ද...?? තව දුරටත් කිසිඳු සත්ත්වයෙකුට මෙවන් ලෙඩක් දුකක් නොවේවා..!!! අක්කටත් නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ වේවා..!!! ජය ශ්‍රී...!!!

    ReplyDelete
  17. තරුගේ බ්ලොග් එකේ ඒ පොස්ට් එක කියවනකොටත් මගේ ඇස් වලට කදුලු ආවා නංගෝ...

    ජිවිතේ මම ගොඩාක් අඩලා ඇති මගේ දේවල් වලට...එත් අන්තර්ජාලයෙන් දැනගත්තු අදුනගත්තු දේවල් නිසා මෙහෙම කදුලු වැ‍ටුනේ අදමද මන්දා...

    ඇත්තටම ඔයා ගොඩාක් ගොඩාක් ගොඩාක් ලකි..

    මම ඇත්තටම දන්නවානේ ඔයා අම්මට සලකනවා කියලා.. කවදවත් ඔයට වරදින්නේ නැ නංගෝ...

    ReplyDelete
  18. මෙනින්ජයිටිස් හැදිල බේරෙන්නෙ දියුණුම රටක වුනත් ඉතාම කලාතුරකින්

    ReplyDelete
  19. ammai thaaththai kiyanne devivaru,
    oya saneepa unu eka godaak sathutui kelle.

    issara apita sir kiyalaa thiyenne cheenaa athule kiyalaa mathaka thiyaaganna kiyalaa. e kiyanne cheenanshukawa athuluu patalaya kiyalaa.. hehe

    ReplyDelete
  20. අපේ අම්මලා, අප්පච්චිලා අපි වෙනුවෙන් කොයි තරම් නම් කැපකිරීම් කරනවද....
    අපි හැමදාමත් එයාලට ණය ගැතියි..

    ReplyDelete
  21. ඇත්තටම කියනවා නම් මමත් වාසනාවන්තයි ඒ කියන්නේ. මටත් ඔය ලෙඩේ හැදුනා 2001 පෙබරවාරි මාසේ. මම එකේ පන්තියට ගියා විතරයි. කොහොමහරි මාසයක් විතර ජයවර්ධනපුර ඉඳලා තියෙනවා. මගෙත් කොන්දෙන් ලේ ගත්තා මට ලාවට වගේ මතකයි. කොහොමහරි මමත් කිසිම ආබාධයක් නැතුව හොඳට ඉන්නවා දැන් සනීප වෙලා. එකේ පන්තියේ පළවෙනි වාරෙම ඉස්කෝලේ ගියේ නැති උනත් අම්මා ප්‍රාථමික ගුරුවරියක් නිසා ප්‍රශ්නයක් උනේ නෑ. මට ඔය ලෙඩේ හැදුනේ මුලින්ම තද ඔලුවේ කැක්කුමක් හැදිලා වමනේ යන්න පටන් අරන් වගේ තමයි මතක.

    තව එකක් මෙනින්ජයටිස් කියලා මට හොයාගෙන තියෙන්නේ නිදාගන්න කියලා මගේ කකුල නමලා දනිස්ස නළලේ ගාවන්න පුලුවන්ද බලලා. මෙනින්ජයටිස් නම් එහෙම ගාවන්න බැරිලු. මගෙත් ඒ වෙලේ ගාවගන්න බැරි උනා වගේ මතකයි.

    ReplyDelete
  22. මොලේ තරල වල එන සීන් එකක් නෙද ඔය... දරුණු ලෙඩක් ලු...
    ඇත්තටම ගොඩක් වාසනාවන්තයි

    ReplyDelete
  23. ඇත්තටම ඒ ගර්ල් හරි ලකී තමා..අත්දැකීමෙන් දන්නවා ඒ වෙලාවෙ ඔයාගෙ අම්මයි තාත්තයි මොන ගින්දරක් උහුලන්න ඇතිද කියලා..ඉතින් එහෙම ආදරෙන් බලා ගත්ත දෙමව්පියන්ව හැමදාම හොදින් බලාගන්න කියලා ඔයාට කියන්න දෙයක් නෑ.ඔයා ඒක කරනවා...සුභ අනාගතයක්...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  24. මම දාපු කමෙන්ට් ඩිලීට් වෙලානේ..කොහොම උනත් ඇත්තටම ඒ ගර්ල් හරි ලකී තමා..අත්දැකීමෙන් දන්නවා ඒ වෙලාවෙ ඔයාගෙ අම්මයි තාත්තයි මොනතරම් ගින්දරක් උහුලන්න ඇතිද කියලා..ඉතින් කියන්න දෙයක් නෑ ඒ වගේ දෙමව්පියන්ව හොදින් බලාගන්න කියලා ඔයා ඒක කරනව කියලා දන්නවා..
    මේ ලිපියෙ මාවත් මතක් කලාට බොහොම ස්තූතියි...මේ ටිකේ බ්ලොග් කියවන්නවත් සිග්නල් ගොඩක් අඩුයි..බොහොම අමාරුවෙන් මේ පැත්තට ආවේ...

    ReplyDelete
  25. 3000කට 1ක්! අම්මෝ ලේසි බේරිල්ලක් නෙමෙයි බේරිලා තියෙන්නේ.

    "මම විශ්වාස කරන විදියට හැමෝම මම ජීවත් වෙන එකක් නෑ කියල හිතාගෙන ඉද්දි අම්මගෙ ඇස් දෙකෙන් වැටුණු කඳුළුයි තාත්තගෙ ගතින් වෑහුණු දහඩියයි තමා මාව ජීවත් කළේ." මේ කෑල්ල නම් හොඳටම වැදුනා.

    ReplyDelete
  26. ගෙදර මිනිස්සු එච්චර දුකක් විඳලත් තාම බැරිවුනානෙ විෂබීජෙ අයින් කරගන්න ;)

    ReplyDelete
  27. ඒ වගේ දෙමව්පියො ලබන්න ඔයත් ලොකු පිනක් කරල තියෙනව.....

    ReplyDelete
  28. ඒ ගෑල්ලමයා හරි ලකී නේ ! අච්චර ලෙඩකින් බේරිලා.
    පොඩි කාලේදි ළමයෙක්ට අසනීපයක් හැදුනම හරිම අමාරුයි. මොකද ඒ ඈයොන්ට ලෙඩේ මොකද්ද කියලා කටින් කියන්ඩ පුලුවනෑ.
    දරුවෙක් වෙනුවෙන් අම්මලා කොච්චර මහන්සි වෙනවද කියලා හිතාගන්න පුලුවන් මේ ලිපියෙන්ම !!!!

    ReplyDelete
  29. බොහොම පින් ! ඒ අම්මටයි තාත්තාටයි ශානි. අද මෙහෙම අපිට ලියන්නෙ ඒ නිසානෙ. ස්තූතියි මතකය අවදි කලාට.

    ReplyDelete
  30. දෙය්යනේ කියල හොඳට ඉගෙනගෙන තව කාව හරි ගොඩ දාන්න! :)

    ReplyDelete
  31. ඔහොම ලෙඩක් ගැන අහල තිබුනේ නෑ මම නම්.. මොනවා උනත් ඔයා ලකී ගර්ල් කෙනෙක් ම තමයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක මම දන්නවා... ඔන්න දන්නෙ නැති දෙයක් ගැන දන ගත්තනේ එහෙනම්....

      Delete
  32. //“ඒ ගර්ල් හරි ලකී. ඔය ලෙඩේ හැදුනු අය 3000ට එක්කෙනෙක් තමා ජීවත් වෙන්නෙ. ජීවත් උණොත්
    අංගවිකල වෙනවා”//
    ඔය කථාව හා සමාන මගේම ජීවන අත්දැකීමක්, මේ බොහෝම මෑත කාලීනව මම පෟද්ගලිකවම මුහුණ දුන්නා, එතකොට මගේ පැත්තෙන් ඔය කථාව ගත්තොත් ඒක ටකක් මීට වඩා serious. මොකද අදටත් ඒකට ප්‍රථිකරයක් වෛද්‍යවරැ හොයාගෙන නෑ.....!එයාල කියන්නෙ, ධරැණු විශබීජයක් මගේ මොලේට ගිහින් කියලයි. මේ කමේන්ට්1ක දාන තුරැ මම දැනටගෙන හිටිටයේ නෑ, මට හැදුන ලෙඩේ වගේ තවත් ලෙඩ වර්ග ඒකිව්වෙ හරි නමක් කියන්න බැරි තව ලෙඩ වර්ග තිටයන බව.මගේ අසනීපය නම දැන් සුවයි..! ඒත් ඒ මොකන්ද කියල තාමත් මම දන්න තරමින් වෛද්‍යවරැ හොයාගෙන නෑ..! ඉතිං මට මේ ලිපිය කියවගෙන යනකොට, මට මගේ අත්දැකීමත් මතක් උනා. ඒක උනේ නම් 2006 දෙසැමබර් වල. මම මාස එකහමාරක් විතර Colombo General Hospital එකේ හිටියා. ඉතිං මම දන්නවා ඒ මම මූණදීපු අවාසනාවන්ත අත්දැකීම කොයිතරම් කටුකද, කියල.....!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව්.... මිනිස්සුන්ට ලෙඩ හැදෙනවා... ඔයාගේ අත්දැකීමත් අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි... දැන් 2012 නොවැ.. අවුරුදු 6ක් නේද? එහෙම දෙයක් වෙන්නම ඕන ඉතින් බරපතල කම තේරෙන්න..

      Delete
  33. මටත් මේ වගේම අසනීප වවුනා 1998 දී.එතකොට මම හිටියේ ග්‍රෑන්ඩ් පාස් වල.මම රෙන්ට් එකට හොටෙල් එකක් කලා .
    මහා රැ වෙනකම් කඩේ ඇරලා පුදුම මහන්සියක් ගත්ත කාලේ දියුණු වෙන්න .මේ දවස්වල මට හවසට හවසට ඔලුවේ කැක්කුමක්
    හැදෙන්න ගත්ත.මම ඉතින් ඕක වැඩිය ගණන් ගත්තේ නෑ.ගීයා ඔහොම ටික දවසක්.එන්න එන්නම කැක්කුම වැඩයි.දැන් මගේ මුළු ඇඟම රිදෙනවා.එක තැනකින් බෙහෙත් ගත්ත කිසිම අඩුවක් නෑ.එතකොට හැබැයි අපේ තාත්ත අයිය එහෙමත් කඩේ හිටිය.එයාල තමයි කිව්වේ ඇස් වාට්‌ටු අරන් යමු කියල.ඔන්න ගෙනිච්ච මාව ඇඩ්මිට් කළා.පැනඩෝල් වගයක් දුන්න බොන්න කියල එච්චරයි ඊට පහු වෙනිදා වෙනකම්.මට බෙඩ් එකක්වත් නෑ දුන්නේ .මම ලෙඩ්ඩු බලන බෙඩ් එකේ හාන්සි වුනා බැරිම තැන.ටික වෙලාවයි මාව අදාල දැන්ම වාට්ටුවට.වැඩේ හරියන පාටක් නෑ මම පැනල ආව හොස්පිටල් එකෙන්.මට දැන් කෙලින් ඉන්න පන නෑ.අන්තිමට ජයවර්ධන පුර හොස්පිටල් එකෙන් තමයි ලෙඩෙ හොයා ගත්තේ.මට තියෙන්නේ ඩෙංගු කියලා දැන ගත්තම ගත්තම මම ගොඩක් බය වුනා.දවස් 14ක් නැවතිලා ඉඳලයි අපහු ආවේ.

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..