ලෝකෙට ආපු අය

Thursday, May 17, 2012

අරුත සොයන කවිය




සඳ,
අසනු නොමැන මාගෙන්
නිහඬ ඇයි මගෙ සඳ කියා...
මා නිහඬ වූවා නොවසැවොම නුඹ සඳ ගොළු කළා...
එනමුදු
සිටිය නොහැක මා හට නිහඬව
මෙසේ පද වැල් බඳිමි 
එහෙයින් නුඹේ නමට....

හැඬුමට අවැසි මුත්
නැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
ඉදින් හඬමි මම
නෙතින් නොව සිතුවිලි වලින්
කියන්නට කිසිවෙකු නැති නියා....
අසන්නට කිසිවෙකු නැති නිසා...

(සිතුවිල්ලක් පමණිම නෙවෙයිද මන්ද...)





ප.ලි - අපේ ගෑණු ළමයි සෙට් එකගේ බ්ලොග් එක පැත්තෙ යන්නත් අමතක කරන්න එපා... මේ තියෙන්නේ ලින්ක් එක.. 


අනිත් එක, ඔයාල පරිඝනක ගැන තමන්ගේ දැනුම වැඩි කර ගන්න කැමති නම් මේ පැත්තෙත් ගිහින් බලන්න... ඊට අමතරව ඔයාල දැනගන්න කැමති දේවල් කමෙන්ටු හැටියට ලියන්න... පිළිතුරු ලැබේවි.. 

Saturday, May 5, 2012

~~~සඳයි තරුයි~~~ 5 කොටස


ගොඩක් දවසකිනුයි කතාව ලියන්න සෙට් උනේ.. අප්‍රේල් මාසෙටම පෝස්ට් 2 යි.. 
ඉතින් දැන් ඔයාලට කතාව මතකද දන්නෙත් නෑ.. 

ඉතින්, කලින් කොටස් කියවපු නැති අය, කතාව අමතක අය සහ අළුතින් මේ පැත්තට ආපු අයට තමා මේක... 


-----------------------------------------------------------------------------------------------------------
හෙට පෙබරවාරි 14
මෙච්චර වෙලා බත් පිඟාන අත ගගා හිටපු මම ඉක්මණට එතනින් නැගිට්ටේ තවත් උන්නොත් තත්වය දරුණු වෙන්න පුළුවන් නිසා..මම හෙමීට කාමරය පැත්තට ඇදුණා. විෂයන් තුනේම වැඩ දීල තිබුණ නිසා ඒක තවත් එක අවිවේකි හැන්දෑවක් උනා. සුදු අයියා එක්ක පොඩි විහිළුවක් කරන්න බැලුවත් එයා කාමරේට වෙලා දොරත් වහගෙන පාඩම් කරනවා. මාත් ඉතින් පාඩුවේ සද්ද නැතුව මගේ වැඩ කරගෙන හිටියා.

"තරූ, තාත්තයි මායි ගමනක් යනවා එද්දී ටිකක් රෑ වෙයි.. අන්න ඔය දෙන්නට කෑම බෙදල වහල තියෙන්නේ.."

"එද්දී මට පොප්කෝන් ගේන්න..." කියන්න කටට ආවත්  මම කිව්වේ නෑ..

"හරි අම්මේ" වැඩ කර කර උන්න පොතෙන් ඇස් ඉවතට නොගෙනම මම කිව්වා..

නිදාගන්න අඩු තරමේ පැය දෙකකටවත් කලින් රෑට කන්න ඕන කියල බයෝ තියරි පන්තියේ සර් කිව්වා මට මතකයි. වෙලාවත් බැලුවා 8.30 යි. සුදු අයියා ඕන දෙයක් කරපුදෙන් කියලා මම රෑට කෑවා.

ආයෙමත් ඉස්කෝලේ පොත් ටික අතට ගත්තු මම 10.15 වෙනකල් දිගටම පාඩම් කළා. කොහෙන්දෝ ආපු නිදිමතක් ඇස් ඉදිරියේ හොල්මන් කළා.

"දැන් ඇති" මටම කියාගන්න ගමන් මම ඇඳේ වැතිරුණා.
වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා ෆෝන් එක බලන්නවත් ඉස්පාසුවක් තිබුනේ නෑ.

පුරුදු විදියට එලාම් එක වදිද්දී මට ඇහැරුණා. ඉක්මණට ලෑස්ති වෙලා අම්මටයි තාත්තටයි වැඳලා මම බස් එක අල්ලන්න දිව්වා.

ඉස්කෝලෙට ඇතුල් වෙච්චි ගමන්ම වගේ පිටට තට්ටුවක් වැදුණු නිසා මම ඔලුව ඉස්සුවා. මෙන්න බොලේ මාෂි.. දෙන්නගෙම මාතෘකාව වැලන්ටයින්..

"ඒ, අද බෑග් චෙක් කරයි නේ බං තරූ?"

"කරයි කරයි.. මෙහෙමත් ගොන්කමක් තවත් නෑ"

"ඈ.. ඒ මොකෝ බං ඒ?"

"ඇයි කෙල්ලෙ , ඔච්චාර බෑග් චෙක් කරන බව දැන දැන අහුවෙන්නම මොනා හරි ගේන එකා බූරුවෙක් නෙවේද? දවස් 365 න් කි දවසක් නම් ඉස්කෝලේද? අදම ගෙනත් මාට්ටු වෙන්න පිස්සු යැ"
 කතාවෙන් කතාවෙන් පංතිය ගාවටම ආවා.

අංශ රැස්වීම් වෙලාවේ ළමයි එළියේ ඉද්දි සිස්ස නාකියෝ ටිකක් පන්තිවලට පැනගෙන හරි හරියට මොනාදෝ හොයනවා. පැයක් විතරම එළියේ අව්ව තපින්නත් උනා ඒ නිසා.

ෆිසික්ස් පාඩමේ දන්නේ නැති ගණන් වගයක් අහගන්න මායි මල්කියි ලැබ් එකේ නතර වුණා. ඒ අස්සේ මල් මගේ වැලමිට කොනිත්තනවා.. ඇස් ගහනවා.. එක විකාරයයි. ඒකිට චොක්ලට් පෙත්තක් වත් හම්බෙලාද මන්ද කොල්ලගෙන්.

අවිවේකි පාසල් දවසක් වුණු එදා දවස ඒ විදියට ගෙවිලා ගියා. පහුවදා පෝය දවසක් වෙච්චි නිසා පන්තිත් නිවාඩු නිසා මම ගෙදර ආපු ගමන් රෙදි හෝදලා කාලා නිදා ගත්තා.
හවස ඇහැරිලා ෆෝන් එක බලද්දී මැසේජ් 2 යි මිස්කෝල් 3 යි. අන්තිම කෝල් එක පැය බාගයකට විතර කලින්..

Happy Valentine Day Tharu
කවුද බොලේ මට විශ් කරන්නේ... සඳුනිල්..!!!

Happy Valentine Day sweety
ඒක නම් මගේ ඕ ලෙවල් කාලේ අඳුන ගත්තු උදේශිකා..

ම්ම්ම්ම්ම්.... මෙයා මොකෝ මට විශ් කරන්නේ..හිත තුළ දෙගිඩියාවක්..

කමක් නෑ ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්චාවේ..

Same to you dear 
කියලා මාත් ආපිටට මැසේජ් කළා.

Mama dan beach eke inne,thaniyama
උත්තරය එතරම් හිතට ඇල්ලුවේ නැති නිසා මම ඊළඟ මැසේජ් එකත් දැම්මා

Beach eke mokada karanne? ai beach ekata awe?


Mata duka hithunama mama beach ekata enawa duka nathi karaganna


අනේ මන්ද මේ මනුස්සය මොන අපබ්‍රංශ කියවනවද කියල.
ai e duka? mokada une?


අහන්න හොඳ නැද්ද කියලා හිතුණත් අහන්නේ නැතුව බැරි නිසා මම ආයෙත් මැසේජ් කළා.

sanju mata kamathi na kiwwa..ada mama bonawa. hodatama bonawa


දැන් නම් කෝල් කරලම විස්තරේ අහගත්තා නම් අගෙයි කියලා හිතුණත් ෆෝන් එකේ තියෙන සල්ලි ගාන දන්නා නිසා මට කරන්න දෙයක් නෑ..

ithin ehema kiyala oya bonna ona na.. biwwama prashna wisadenawada? aye bonna epa..


මට එහෙම කියන්න අයිතියක් නැතත් මටත් නොදැනීම මම ඒ ගැන එයාට කිව්වා. රිප්ලයි එකක් එනකල් බලං උන්නත් ආවේ නෑ.

මේ අද දවසට යවන අන්තිම මැසේජ් එක කියලා හිතාගෙන මම කිව්වා
oya dan athi beach eke hitiya, dan yanna gedara.. amma balagena athi.. parissamin.. budu saranai

ok Tharu


දැන් නම් මටත් විකාරයි වගේ. පොතක් පතක් බලන්න හිතකුත් නෑ.
 මම නිදාගත්තා.. හෙට මල් ගෙදර එනවා කිව්වනේ.. එයාට කියන්න ඕන මේ ගැන.. අම්මයි තාත්තයි සිල් ගන්න යන නිසා ගෙදරෙහෙම දේවල් කතා කරන්න බාධාවකුත් නෑනේ.. ම්ම්ම්ම්ම් කියන්න බෑ, සුදු අයියා ගෙදර හිටියොත් නම් වැඩේ රොයිටර් වෙනවා..

එළි වෙනකල් බලං හිටපු මම ඊයේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් දවසටම පොතක් අතින් අල්ලන්න බැරි උන හින්දා දත් මැදලා මූණ හෝදපු ගමන් කිරි වීදුරුවත් අරගෙන පොත් මේසේ ගාවට ගියේ මටත් නොදැනීම..

ෆෝන් එකක් පොත් මේසෙ උඩ.. ඒ දිහා බලන්නේ නෑ කියලා අධිෂ්ටාන කරගෙන මම පොතට අවධානය දුන්නා..

"සුදු මැණිකේ, අපි යනවා.. එද්දී මල් කඩලා, බත් උයලා, මාළුපිණි රත් කරලා තියන්න. දවල්ට බත් උයල තියෙන්නේ.. බෙදාගෙන කන්න.."

"හරි අම්මේ, ඔයාලත් පරිස්සමින් ගිහින් එන්න.. බුදු සරණයි."

අම්මලා ගෙදර ගේට්ටුවෙන් නොපෙනී යනකල් බලං උන්න මම අම්මට අත වැනුවා.

සුදු අයියගේ කාමරේට එබිලා බැලුවා.. කෝ මේ මනුස්සයා තාම නිදි නේ...

"ඒයි, සුද්දෝ නැගිටිනවා, අම්මල පන්සලුත් ගියා. දන්නෙවත් නෑ නේ.. අයියෝ මට බණ කිව්වට ඔයත් නිදි නේ හොඳට....... හූ හූ"

"කටකාර කෙල්ල"
 අයියා එහෙම කිව්වෙ ආදරෙන්..

"හා හා වොෂ් එකක් දාගෙන එන්න.. මම කිරි එක හදල දෙන්නම්"
එහෙම කියාගෙන මම කාමරෙන් එළියට ආවේ තනියම හිනා වෙවී..

"තරූ, මම සුලලිත් අයියලාගේ ගේ ගාවට ගිහින් එන්න යනවා.. මම එනකල් දොර වහගෙන පරිස්සමින් ඉන්න.. හොඳද?"

"අද මල්කි එනවා කිව්වා සුදු අයියේ... හරි ඔයා ගිහින් එන්නකෝ"
 නැගිටලා පැයක් වගේ ඇතුළත සුදු අයියා පිටත් වුණා.දැන් මගේ වාරෙ.. ගත්ත කෝල් එකක්.

"මල්, උඹ කොයි හරියේද ඉන්නෙ බං... ඉක්මණට වරෙන්කො... අයියා ගෙදර නෑ.. මට උඹට කියන්න දෙයක් තියෙනවා.."

" ම්ම්ම්.... මට අයියව හම්බුණා බං මගින්.. මම දැන් උඹලගේ ගෙවල් පාර දිගේ එන ගමන්"

මල්කි එහෙම කිව්වේ හිනාවෙවී..

"ඇති යන්තම් පාර වරද්ද ගන්නේ නැතුව ආවා.. හරි හරි"

"හලෝ........ගුඩ් මෝනිං කෙල්ලෙ"

"මෝනිං මෝනිං... එන්න ඇතුළට... උදේට කනවද? කෑවද? නැත්නම් මොනාහරි බොනවද?"

"කෑවේ නෑ තරූ.. බඩිගිනි මට.. මම කෑම එකකුත් අරන් ආවෙ.."

"ඇයි මොකෝ උඹ හිතුවද අපේ ගෙදර කෑම නෑ කියල.. උඹට නොදී මම තනියම කයි කියල ඈ..."

"නෑ නෑ එහෙම නෙමේ බං.. දන්නේ නැද්ද ඉතින් අම්මලගෙ හැටි නේ"

"ආහ්.. ඒක මිසක්.. ඉඳපන් මම කෑම බෙදාගෙන එන්නම්.. කතා කරන්න කලින් කාල ඉම්මුකො"

අපි දෙන්නට කාල ඉවර වෙන්න පැය බාගෙකට වඩා ගියා.

"දැන් කියන්න බලන්න අර මට කියන්න තියෙනවා කිව්වා කතාව?"
හොඳට හරි බරි ගැහිලා කතාව අහන්න සුදානම් වෙන ගමන් මල් ඇහුවා.



"ම්ම්ම්ම්ම්...අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ බං.."

"ආ... ඒ කියන්නේ කොල්ලෙක් ගැන... මම වැරදි නැත්නම් සඳුනිල් ගැන... එහෙම නේද?"

"ඔව්.. එයා ගැන තමා.. උඹ කොහොමද ටක්කෙටම දන්නෙ? "

"අනේ මේ මට සුදුලූණු පොඩි නොකර ඉඳපන් තරූ.. දැන් මොකක්ද කේස් එක.. උඹ එයාට කැමතිද?"

"කැමතියි කියන්නේ  එහෙමමත් නෙමේ බං.. ඊයේ එයා මට කිව්වා එයාගේ පරණ කෙල්ල දැන් නැහැලු.. එයා ගොඩක් දුකින් ඉන්නෙ.. ඊයෙ හවස බීච් ඇවිත් බොන්න.. මම බොන්න එපා ගෙදර යන්න කිව්වා.. මට තේරෙන්නේ නෑ බං.. ඇත්තටම මේ දේවල් කරන්න හිතෙන්නේ ආදරේටද? ඔලුව අවුල් වෙලා බං.."

"හරි.. ගණන් ගන්න එපා.. අපි තව ටිකක් බලමු... අපි දන්නෙ නෑනේ මේ සඳුනිල් කොයි වගේ කෙනෙක්ද කියල.. දැන්ම එයාට මොකුත් කියන්න යන්න එපා.. ශේප් එකේ යාළුවො වගේ ඉන්න.."

"හරි, මට තේරුණා.. තැන්ක්ස් මල්.. උඹ කාටවත් කියන්නේ නෑ නේ?"

"නෑ නෑ.. වැඩේ සෙට් වෙනකල් අපි ඒ ගැන වැඩි කතා බහ නොකර ඉමු.."

"කතාවෙන් කතාවෙන් මට උඹට තේ ටිකක් වත් දෙන්න බැරි උනා.. සුදු අයියත් දැන් එනවා ඇති මග.. මම තේ ටිකක් හදාගෙන එනකල් උඹ මේ ෆිල්ම් එක බලපංකො"

සී.ඩී ගොඩේ උඩම තිබ්බ "පෙන්ගුයින්ස් " ෆිල්ම් එක දාල මම කුස්සියට ගියා.. ඇත්තටම ඒ වගේ දෙයක් නිදහසේ  කතා කරන්න පුළුවන් යාලුවෙක් ඉන්න එක කොයිතරම් දෙයක්ද?

"ආහ්... නංගි, කොහොමද? පාරේදී දැක්කට කතා කරන්නත් බැරි උනානේ.. කෝ තරූ?"

"වරදක් නෑ අයියා.. හොඳින් ඉන්නවා.. තරූ මේ දැන් කුස්සියට ගියා.."

"හරි නංගි, මට පොඩි වැඩක් තියෙනවා.. මම එහෙනම් උඩට යනවා.. තරූ....... නංගියෝ.... මටත් තේ එකක් හදාගෙන එන්න......."

අයියා කෑගහන සද්දෙට මම හා හා කියල උත්තර දුන්නා.. තුන් දෙනාටම ඇතිවෙන්න තේ හදාගෙන සාලෙට ගිහින් මල් ටත් දීල අයියටත් තේ එක ගෙනිච්චා..

"මම දැන් යන්නත් ඕන තරූ"
මල් එහෙම කිව්වම මට දුකයි වගේ..

"දවල්ට කාල යමුකෝ අනේ.."


"අනේ බෑ කෙල්ලෙ, යන ගමන් දිනූ ව හම්බෙන්නත් ඕන "

"හා හා හොරෙ දැනුනා දැනුනා මට...ඒකයි එහෙනම් මේ...  හා හා අපි පව් වැඩ කරන්නේ නෑ.. යමන් යමන්..."

අම්මලා හවස ගෙදර එන්න කලින් කියල ගියපු වැඩ ඔක්කොමත් කරලා තිබ්බ නිසා කිසි අවුලක් උනේ නෑ..
වෙනද වෙලාවටම අපි රෑ පන්සල් ගියා..

ඒ ගිහින් එද්දී ෆෝන් එකට තව මැසේජ් එකක් ඇවිත්...

-----------------------------------------------------------------------------------------------------------

කවුද ඒ මැසේජ් එක එව්වේ? මල් ද? සඳුනිල් ද? මොකක්ද පෝය දවසේ රෑ ආපු මැසේජ් එකේ තිබුණේ..
දැනගන්න සඳයි තරුයි 6 කොටස කියවන්න !!!

(අනේ මට මේක ලියන්න කම්මැලි අප්පා... ඔයාල මොකද කියන්නේ... ලියන්නද නවත්තන්නද?)