ලෝකෙට ආපු අය

Monday, September 5, 2016

නුඹටමයි සදා පිදුවෙ සෙනෙහස - අබැ'ටක් තරම් මාව නොවටින...

නුඹටමයි සදා පිදුවෙ සෙනෙහස
අබැ'ටක් තරම් මාව නොවටින...
නුඹේ පා සෙවණටම පැමිණි පසු
දැනගතිමි අගය නුඹට මා ගැන...

නොකරන් අඩු තක්සේරු 
කෙල්ලකගෙ ධෛර්යට...
අනවැසියි කිසිදු හේතු කාරණා...
මගේ සිත රිදවුමට...

දඬුවම් නියම කරනෙමි 
නැවත එවරද අමතක නොවනු වස්...
නොසිතන් පළිගැනුමක් ලෙසින්
පමණි එය පාඩමක්...



Tuesday, January 19, 2016

එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට..


මා සිටියත් නැතත් කොහි හෝ මා තුළ ඔබ රැඳී 

සිටින්න.... 
මගේ අවසන් නින්ද තුළට
සිහිනයක් වෙමින් නුඹ පැමිණෙමින් හිඳින්න... 
එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට...
යම් දිනෙක වර්ෂාවක් පැමිණියහොත් - මා ඒ වැහි බිංදු

තුළ සිටින බව සිතන්න....
උදෑසන හිරු රැසින් නුඹ තැවේ නම් - ඒ කිරණ තුළ මා

සිටින බව සිතන්න....
මා යමක් කීවද නොකීවද නුඹ මා අසමින්ම සිටින්න...
එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට...

Thursday, July 23, 2015

මතකයන් ගොඩ ගැහිලා...

පහුගිය කාලෙ මගෙ පුන්චි හිතට මහා ලොකු මතකයන් ගොඩාරියක් එකතු උණා... 
පිළිවෙලකට ගොඩ ගස්සවා ගන්නත් බැරි තරම්... 
මේ පොඩි ඔලුවෙ කොහොමද එච්චර මතක ගොඩාක් හිර කරගෙන ඉන්නෙ... 
සේරටම වඩා මම ගොඩාක් ආදරය කරන මගෙ බ්ලොග් එකට මොනවත්ම ලියා ගන්නත් බැරි වෙච්ච එක හරිම දුකයි... 
මේ හැම දුකක්ම තුනී වෙලා යන්න මම මොනව හරි ලියනවා දිගටම... 



Wednesday, June 25, 2014

මගේ කවිය

අහිමි වූ සඳ
මගෙ සරා සඳ
ඉරත් නෑ අහසට
කළුවරයි මගෙ ලොවම...

Friday, September 27, 2013

නැගිටින්න බයයි මං මෙහෙම්මම ඉන්නවා...


ඉවසන්න බෑ තවත් - මගේ නෙතු හඬනවා...
හෙලන හුස්මක් ගානෙ - මගේ හිත දැවෙනවා...
දිනක් මට ඒවි යැයි - හිතුව ඇති හිතෙනවා...
මැරෙන්නත් බෑ අනේ - ගොඩක් වැඩ තියෙනවා...

බලා ගත් තාත්තට - හුඟක් ණය ගෙවනවා...
බත් දුන්නු අම්මටත් - සළකන්න තියෙනවා...

ආදරේ වේදනා - තදින් මට දැනෙනවා...
වට්ටන්න බැරි තරම් - මම බිමට වැටෙනවා...
නැගිටින්න බයයි මං - මෙහෙම්මම ඉන්නවා...
තවත් වට්ටන්න බෑ - මගේ හිත කියනවා...

Saturday, August 10, 2013

කැම්පස් කවිය

මේක ලියලා නම් ගොඩක් කල්…. මේ දවස් වල මේක අපේ නිර්මාණ දාන බෝඩ් එකේ තියෙනවා…. මට හිතුණා ඒක ඔයාලටත් පෙන්නන්න…. ඔන්න දැම්මා 

වරින් වර මතුවන සොයුරු පෙම
තෙරපගෙන ආයාසයෙන්
සිත් තුළ….
තනන්නට වෙර දැරූ 
සිඳ දැමිය නොහැකි අත්වැල…. 
නොගිලිහෙනු ඇත අප මතකයෙන් 
අද හෙටට නොව 
මතු මතුද…. 

ඉදින් සබඳ, 

අවසරයි විදා හරින්නට දෑත
සිත් පුරා නැගි සෙනෙහසින්….
මේ….  
ඔබට මට බැඳෙන්නට ඇති කාලයයි 
සොයුරු බැම්මෙන්…. 

Thursday, April 18, 2013

ක්‍ෂිතිජ රේඛා - නවවන දිගහැරුම



අසෙල්ගේ පණිවිඩය කියවා සතුටට පත් යුවතිය ප්‍රසන්න හැඟීමෙන් නින්දට පිවිසියාය.

***

ව්‍යාපාර අධ්‍යයනය, ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රවලට පසුගිය වතාවට වඩා විශ්වාසය ඇතිව සෙනුරි මුහුණ දුන්නාය. නිරන්තර ස්වයං අධ්‍යයනයේ යෙදීම සහ පන්ති වලට නොකඩවා සහභාගී වීම් ඊට හේතුවන්නට ඇත.

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය කෙරෙහිද මෙවර ඇගේ අවධානය යොමු විය.

"මේ පාර ගොඩ නේ?"

සෙනුරිගේ පාසල් මිතුරිය ලක්ෂි ඇසුවාය.  ඇය සෙනුරිගේ එකම මිතුරිය නොව සිටි මිතුරියන් අතර හොඳම තැනැත්තියයි.

"බලමු ලක්ෂි, ප්‍රථිපල එනකල් මොකුත් කියන්න බෑ කෙල්ලෙ.. නිකන් සාත්තර කියල කට වරද්දගන්න බෑනෙ"

"ඒකත් ඇත්ත තමයි සෙනුරි... මේ ඒක නෙමේ දැන් එක්සෑම් ඉවර එකේ මොනාද කරන්න ඉන්නෙ?"

"ම්ම්ම්...මම තාම ඒක ගැන කල්පනා කළේ නැහැ.. ගෙදර ගිහින් අම්ම එක්කත් කතා කරලා බලන්න ඕන"

බස් නැවතුමේදී මිතුරියට සමුදුන් යුවතිය නිවෙස බලා යාමට බසයට නැගුණාය. නිදහසේ යමක් කතා කිරීමට, සාකච්ඡා කිරීමට. සිත සැහැල්ලු කර ගැනීමට, සවන් දීමට කෙනෙකු සිටීම ඉතා හොඳය. එහෙත් හුදෙකලාව අවැසි තැන හුදකලාව ඊට වඩා අගනේය.

***

"සෙනුරි, ලොකුදුවේ... දැන් විභාගෙත් ඉවර එකේ ඉස්සරහට මොකද කරන්නෙ කියල හිතුවද?"

"ඒක තමයි අපෙ අම්මා මාත් කල්පනා කළේ... ලක්ෂි නං මට කොම්පියුටර් කෝස් එකක් ගැනත් කිව්වා..ඒක දවස් පහේමත් තියෙනවලු.."

"කවදද පටන් ගන්නෙ දුවේ?"

"තව සති දෙකෙන් පටන් ගන්නවලු අපෙ අම්මා.. බලන්නකො...විභාගෙට මැරීගෙන පාඩම් කරලා කරලා සතියෙන් ආයෙමත් පන්ති යන්න වෙනවනෙ"

යුවතිය මැසිවිලි නගද්දී ඇගේ මවගේ මුව කමල මත මඳහසක් නලියන්නේය.

"එහෙම තමයි ලොකූ... ඉගෙනගත්තොත් තමන්ටනේ.. මගෙ හොඳ දුව හොඳට හිතල බලන්නකො ඒකට යනවද නැද්ද කියල... තාත්තයි මායි මහන්සි වෙන්නෙ ඔය තුන්දෙනාට හොඳට උගන්නන්නනේ"

කාන්ති කීවාය. සෙනුරි හිස සැලුවාය.

***

දිනක් සෙනුරි සිය මව සහ පොඩ්ඩි සමඟ නිවසට මඳක් ඔබ්බෙන් පිහිටි වෙළඳසැලට ගියාය. ඔවුන් එයින් එළි බසින විටම ඇස් දෙක පමණක් නිරාවරණය වන සේ හිස් වැසුම් පැළඳි තරුණයින් දෙදෙනෙක් ඔවුන් අසල යතුරුපැදියක් නැවැත්වීය. භීතියට පත් මැදි වයසේ ගැහැණියත් යුවතියන් දෙදෙනාත් අඩිය ඉක්මන් කළහ.

"සෙනුරි"

පිටුපසින් හුරුපුරුදු කටහඬක් ඇසුණි. සෙනුරි මඳක් නැවතී හැරී බැලුවාය. පෙනෙන මානයේ ඈ හඳුනන කිසිවෙකු නැත. ඈ යළිත් ගමන ඇරඹුවාය.

යතුරු පැදිය යළිත් පණ ගැන්විණි. මෙවරද එය ඔවුන් තිදෙන අසල නැවතිණි.

"සෙනුරි.. මම නයන"

එසේ කියමින්ම ඔහු හිස් වැස්ම ඉවත් කළේය.

".. මේ ඔයානෙ.. අපි කට්ටියම හොඳටම බයවුණා. අපෙ අම්මා මේ නයන... අර අපේ වෙසක් නාට්ටියේ ප්‍රධාන නළුවා... අම්මට මතකද?"
"ආ.. මේ ඒ නළු බට්ටද?"

කටට ආ කියුම නතර කරගත නොහී පොඩ්ඩි තම අදහස ඉදිරිපත් කළාය.

"බට්ටා...කවුද නංගි බට්ටා...? මං නළු බට්ට නම් ඔයාලගෙ අක්කා නළු බට්ටි නේ.."

සෙනුරිට ලජ්ජා සිතුණි. සුහද වාදයේ නිමක් දකිනු වස් ඈ නයනගෙන් පැනයක් ඇසුවාය.

"ඉතින් නයන, කොහෙද මේ පැත්තේ?"

"ආ... මේ ඉන්නෙ විශ්ව.. මගෙ හොඳම යාළුවා... මෙයාල මේ කිට්ටුව ඉන්නෙ.. මං එහෙ ඇවිත් විශ්වත් එක්ක බයික් එකේ රවුමක් ගගහ ඉද්දි තමා ඔයාලව දැක්කේ.."


ඔවුන් ඒ කතා බස් කරන මොහොතේ අසෙල්ගේ පොඩි අක්කගේ සැමියා නොහොත් පොඩි මස්සිනා වන සාගරගේ යතුරුපැදිය ඔවුන් පසු කර යනු සෙනුරි දුටුවේ නැත. පාර අයිනේම සිටගෙන තවත් මොහොතක් සංවාදයේ යෙදුණු නයන ඔවුන්ට සමුදී විශ්ව කැටුව ඉදිරියට යතුරුපැදිය ධාවනය කළේය.

***

"සෙනුරි, ඉතින් දැන් මොකෝ කරන්න හිතාගෙන ඉන්නෙ ඉස්සරහට... ඉංග්‍රීසි කෝස් එකක්... එහෙම නැත්නම් කොම්පියුටර් කෝස් එකක්..."

"ඒක තමයි අසෙල් අයියෙ, මං ලක්ෂි එක්ක කොම්පියුටර් පන්තියකට යන්න ඉන්නෙ ලබන සතියෙ ඉඳං.."

"ම්ම්... ඔව් ඒක හොඳයි... වෙලා තියෙන වෙලාවෙ ඉගෙන ගන්න ඕන... කෝස් එක කොච්චර කල්ද?"

"මාස හයයි. ඒක ඉවර වෙද්දි රිසල්ට් ඇවිත් කැම්පස් ඇප්ලිකේෂන් දාන කාලෙත් ඒවි."

යුවතිය කීවේ මහත් උද්‍යෝගයෙනි. විශ්ව විද්‍යාල සිහිනය ඇගේ සිත තුළද තෙරපෙනවා විය යුතුය.

"මට සෙනුරිට පුංචි කාරණාවක් කියන්න තියෙනවා"

අසෙල්ගේ කටහඬ එවර ගැඹුරුය.

"මොකක්ද අප්පේ ඒ?"

වැඩි ගණනකට නොගත් සෙනුරි ඇසුවාය.

"මට දැන් රෙකෝඩ් බාර් එකේ රස්සාව ඇති වෙලා අප්පා... මං ආයෙමත් මේක ඒ අයියටම බාර දෙන්න හිතුවා"

"එතකොට ඊට පස්සෙ?"

"පොඩ්ඩක් ඉන්නකො කියනකල්... ඒකට මා ගාව තියනවා පොඩි ප්ලෑන් එකක්..."