ම්ම්ම්...සති දෙකකටත් වඩා චුට්ටක් වැඩිපුර කාලයක් බ්ලොග් අවකාශයෙන් ඈත් වෙලා හිටපු මම, කාලෙකින් නොලියූ අත්දැකීම් ලේබලයට ලිපියක් ලියන්න හිතුවා.
අද දවස.... ජූලි 19....ජූලි 19 කියන්නෙ මගෙ ජීවිතේ අමතක නොවන වැදගත්ම දවසක් (නෑ නෑ ඔයාල හිතන එක නෙමේ. වෙන එකක් J)
ඒ සිද්ධිය සිද්ධ වුණේ මීට අවුරුදු හතරකට ඉස්සර. 2008 ජූලි මාසේ 19 වෙනිදා. එදා සෙනසුරාදා දවසක්. ඒ කාලෙ මම ඉස්කෝලෙ යනවනෙ. එදා උදේ වරුවෙ කෙමිස්ට්‍රි පංති. පංති ඇරිල මම අපේ පාරෙ මැද හරියක් යද්දී මට පිටිපස්සෙන් කවුරුහරි කතා කළා. පිටිපස්ස බැලින්නම් අම්මා.
“නිළමෙ මාමලාගේ තාත්ත නැති වෙලා. මළගෙදර යන්න ලෑස්ති වෙන්න.චූටි මාමා 1. 30 වෙද්දි එනව කිව්වා.”
“අනේ අම්මේ,දැන්මම 1.15 යිනෙ. මට නම් බෑ ඔය හදිස්සියට ලෑස්තිවෙන්න. මං මෙහෙම්ම යනවා.”
ගෙදර ගිහින් කොණ්ඩේ ටිකක් එහෙන් මෙහෙන් පීරද්දි වෑන් එක ආවා. අපි දෙන්නත් ඉක්මණට වාහනේට නැග්ග. ආදාහන කටයුතු ඉවරවෙනකලුත් ඉඳල අපි ගෙදර එද්දි හවස 5.30ට විතර ඇති.
හරී.....පූර්විකාව ඉවරයි. දැන් තමා නියම කතාව පටන් ගන්නෙ. මෙතන ඉඳං කතාව දිගායි.
චූටි මාමල අපිව ගේට්ටුව ළඟින් බස්සල එහෙම්ම ගෙදර ගියා. අපි ගෙදර දිහාට ගියා. පිටිපස්ස දොරේ යතුර තිබ්බ තැන නෑ...හැම තැනම හෙව්වා... වැටිලද කියල බැලුවා... ම්හ්...කොහෙවත් නෑ... කරුමෙට අම්මා බෑග් එක ගෙනිහිල්ලත් නෑ. නැත්නම් එයා සමහර වෙලාවට එයා යතුර අරන් යන වෙලාවලුත් තියෙනවා. හරි වැඩේ දැන් යතුර නෑ...
“ෂුවර් එකටම යතුර කලබලේට ගේ ඇතුලෙ දාල වහල..” මම කිව්ව.
“දැන් මොකද කරන්නෙ? කොහොමද අපි ගෙට යන්නෙ?” අම්ම බය වෙලා මූණ රතු වෙලා.
ඔන්න ඔය වෙලාවෙ මට පහළ වුණා සාමාන්‍ය ගැහැණු ළමයෙක්ට හැබැහින් තියා හීනෙන්වත් කරන්න හිතෙයි කියලා විශ්වාස කරන්න අමාරු වැඩක්. පුළුවන් නම් කියන්න බලන්න.
.
.
.
පුළුවන්ද?
පුළුවන්ද??
පුළුවන්ද???
ඒ තමා වහලෙන් ගේ ඇතුළට බැහැල යතුර අරන් දොර ඇරල අම්මව ඇතුළට ගන්න එක !!!
“අම්මෙ,මම ජම්බු ගහ ගාවින් ඉනිමඟ තියලා වහලෙට නැගල මගෙ මේසෙ හරියට වෙන්න බැහැල දොර අරින්නම්” මම කිව්වා.
“අනේ පුතේ ඔයාට පුළුවන්ද?”අම්ම ඇහුවා.
“අම්ම ඉන්නකෝ” මම වීරය වගේ කිව්වා.
පොඩ්ඩක්වත් බය හිතුනෙ නෑ. අම්ම ජම්බු ගහ ගාව හිටන් ඉද්දි මඩුවට ගිහින් ඉනිමඟ උස්සන් ආවෙත් මමමයි. ඊට පස්සෙ ඉනිමඟ තියලා සෙරෙප්පු ගලවල වහලෙට නැග්ග. නැගලා මගෙ මේසෙ හරියට වෙන්න තියෙන උළුකැට ගැලෙව්වා. (කලින් කියන්න අමතක වුණා J ඉර එළිය මේසෙට වැටෙන්න වහලෙ එක තැනක උළුකැටේ වෙනුවට වීදුරු කෑල්ලක් දාල තියෙනවා. ඒකෙන් තමා තැන හරියටම හොයා ගත්තේ) වීදුරුව අයින් කළාම ඒක ඇතුලෙ කළුවර.... මෙලෝ දෙයක් පෙනුනෙ නෑ. කොහොමහරි පොල් පරාල රීප්පයක් අල්ලගෙන ඇතුළට බැස්සා...
“අනේ බලාගෙන පුතේ” අම්ම කියනවා.
“හරි හරි මං බැස්ස” මාත් කිව්වා.
මළ කෙලියයි. අත් දෙකෙන් එල්ලුනාට කෝ කකුල් තියන්න තැනක්? අනේ ඊළඟ පරාලෙට තව අඩි 2ක් විතර දුරයි... මට කිසිදෙයක් හිතාගන්න බැරිවුණා. අල්ලන් හිටපු එකේ එල්ලිලා ඉන්නත් බෑ. මම කොහොමහරි පහළට එන්නත් එපැයි. අත නිදහස් කරනවත් එක්කම මාව දඩස් ගාල වැටුණා.
කොහෙටද?
මගෙ මේසෙ ගාව බිමට..!!!
මට කෑගැහුනා හයියෙන්. කකුල මොකක්ද වෙලා වගේ. අම්මා තාම එළියේ
“අනේ බබෝ, ඔයාට මොකද වුණේ?”
එයාට ගෙට එන්න විදියක් නෑ. දොර වහලා. ඒ ගමන මම කකුලෙන් ලේ පෙරි පෙරී ගිහින් දොර ඇරියම තමයි අම්ම ගෙට ආවේ. මාව දැකල එයත් අඬනවා. තාත්තට කෝල් කළොත් බනියි කියලා අම්ම කෝල් කළේ චූටි අයියට.
“අනේ චූටි පුතේ, නංගියව වහලෙන් වැටිලා. ඉක්මණට එන්න” අම්ම කිව්වෙ අඬ අඬා.
චූටි අයියා (මතකයි නේ? ඔව් ඔව් එයා තමා...J) බයිසිකලේ ගෙදර ආවා. එයා එද්දිත් මගෙ කකුලෙන් ලේ ගලනවා. ඒ විතරක් නෙමේ නිකට යටිනුයි දණිස් වලිනුයි ලේ එනවා.
“මෙහෙම බෑ. මේකට නර්සින් හෝම් එකෙන් බේත් දාන්න වෙයි. මං ගිහින් ත්‍රීවිල් එකක් අඬගහගෙන එන්නම්”
එහෙම කියපු චූටි අයියා ආයෙම බයිසිකලේට නැග්ගා. විනාඩි දෙක තුනකින් අසේල අයියගෙ ත්‍රීවිල් එක එද්දි ඇඳන් හිටපු ගවුම ගලවලා වෙනත් ඇඳුමක් අන්දවලා මාව බේත් දාන්න එක්ක යන්න අම්ම මාව ලෑස්ති කරලයි තිබුණේ.
චූටි අයියා ගෙදර ඉද්දි අම්මයි මායි නර්සින් හෝම් එකට ගියා. එහෙන් බාරගන්න බෑ කිව්ව. ඉස්පිරිතාලෙ යන්න කිව්වා. එහෙම්ම ත්‍රීවිල් එකේ ඉස්පිරිතාලෙ ගියා. ඉස්සෙල්ලම යන්නෙ බාහිර රෝගී අංශයටනේ. ඒකෙ දොස්තර නෝනා වස පාටයි.
“කොහොමද වැටුණේ?”
“මේසෙකින් වැටිලා” අම්ම කිව්වා.
“මේසෙකින් වැටිලා මෙහෙම තුවාල වෙන්න විදියක් නෑනේ. ඇත්ත කියන්න මොකද වුණේ?” ඒ ගමන දොස්තර නෝන සැර වුණා.
“යතුර ගන්න වහලෙන් බහින්න ගිහින් කඩාගෙන ඇතුළට වැටුණා.” අම්මගෙ අත හීං සීරුවට කොනිත්තන ගමන් මම කිව්වා.
“ඒක තමයි, ඉස්සෙල්ල බොරුනෙ කිව්වෙ මේසෙන් වැටුණා කියල.” දොස්තර නෝන එහෙම කියද්දි අම්ම බිම බලාගෙන.
මාව දැම්මෙ 4 වාට්ටුවට. බොහොම අමාරුවෙන් පඩි නැග්ගෙ.එක හිස් ඇඳක් තිබුණා. මාව ඇඳට දාල අම්ම ගෙදර ගිහින් එන්න ගියා. (දුර නෑ ගොඩක්. ඉක්මණට ආව හැකි J) රෑ වැඩ මුරේට වැඩකරන තරුණ දොස්තර නෝන කෙනෙක් උන්නා. මගෙ වාරේ ආවම විස්තර ඇහුවා.දණිස් දෙකට බේත් දැම්ම. නිකටටත් දියවෙන මැහුම්ද මොනාද කියල දැම්ම හිරිවට්ටලා. මහනවා දැනුණා. රිදුනේ නම් නෑ J
ඔය අතරෙ අම්ම ගෙදර ගිහින් ආවා. අම්ම එවෙලෙ මට කිව්වා චූටි අයියා කිව්වලු
“අම්මෙ නංගියගේ කකුලෙන් ගොඩක් ලේ ගිහින් තියෙනවා. කලන්තෙ හැදෙයි. ග්ලූකෝස්, තැඹිලි එහෙම අරන් යන්න.”
කියලා.හැබැයි එව්ව ගෙනත් තිබ්බේ නෑ අම්ම දොස්තරලා බනියි කියල වෙන්ටැ.. L අම්ම ගෙදර යද්දී චූටි අයියා මගෙ නිල් සුදු කොටු කොටු ගවුම හෝදලා, බිම වැටිලා තිබ්බ වීදුරු කටුයි ඇස්බැස්ටස් කටුයි අස් කරලා සුද්ද කරලලු.
එදා සෙනසුරාදා රෑම අර තරුණ දොස්තර නෝන අම්මට කිව්ව
“සර්ජන් නැතුව කකුල මහන්න බැහැ. සර්ජන් ආයේ එන්නෙ සඳුදට. එතකල් තියාගෙන ඉන්නවට වඩා හොඳ පුළුවන් නම් දැන්මම හලාවත අරන් යන්න. ඇම්බියුලන්ස් එක නම් මේ වෙලාවෙ නැහැ. වාහනයක් තියෙනවා නම් දැන්මම යන්න”
කියලා. එතකොට වෙලාව රෑ 11.30 ට විතර ඇති. අම්ම එළියට ගිහින් ටිකකින් ආයෙ ආවෙ ලොකු අයියට මාව එක්ක යන්න එන්න කියල කෝල් එකක් දීල. දොස්තර නෝන ලහිලහියේ මගෙ කාඩ් එක ලිය ලිය ඉද්දි චූටි අයියා ආව වාට්ටුවට. කාඩ් එක ලියල ඉවර වෙනකල් ඉඳල මාව දාගෙන යන්න රෝද පුටුවකුත් හොයන් ඇවිත්.. අම්ම සීරුවට පඩිපෙළ බහිද්දි ඇල කරලා හදල තියෙන කොරිඩෝව දිගේ 4 වෙනි තට්ටුවේ ඉඳං පල්ලෙහාටම මාව තල්ලු කරන් අරන් ආවෙ චූටි අයියා. ලොකු අයියගෙ නිල් පාට මරුටි කාර් එක නවත්තල තිබ්බ තැනට ගිහින් මාව අමාරුවෙන් වාහනේට නැග්ගුවා.
අම්මයි, ලොකු අයියයි, චූටි අයියයි, මායි හලාවත ඉස්පිරිතාලෙට ගොඩබහිද්දී වෙලාව පාන්දර 1යි !!!
අයියල දෙන්න ගියත් අම්ම ගියෙ නෑ. එයා හිටියා. ඒ පාන්දර 1ටත් වාට්ටුවෙ දොස්තර මහත්තය මාව බැලුව.අර කාඩ් එකත් බැලුව.විස්තරත් ඇහුව. ඉස්කෝලෙ යනවද? මොකද කරන්නෙ ඇහුවා. ඒ අතරේම කකුලට බේත් දැම්ම. මම කිව්ව ඒ ලෙවල් කරන්නෙ කියලා. බයෝ කරනවා කියන්න මටම ලැජ්ජයි. හයියෝ හයියෝ JJJ මාව ඇඳට දැම්ම.
ඉරිදා උදේ වාට්ටුව භාර දොස්තර මහත්තුරු දෙන්නයි සර්ජන් මහත්තයයි ආව. ඔක්කොම ලෙඩ්ඩු බලාගෙන බලාගෙන මා ගාවටත් ආව. අර දොස්තරට කිව්ව මාව එදාම ඔපරේෂන් තියටර් එකට ගන්න කියල... අම්ම හලාවතනේ. කොහෙන්ද සුදු ඇඳුම් හොයන්නෙ? මම අම්මට කිව්වා අක්ක ගාව ඇති කෝල් කරලා කියන්න කියලා. ලොකු අයිය අතේ බෙඩ් ජැකට් එකකුයි සුදු රෙද්දකුයි අක්ක එව්වා. එදා දවල් මාව ඔපරේෂන් තියටර් එකට ගත්තා. ඔපරේෂන් කරන්න නෙමෙයි හැබැයි. මැහුම් දාන්නම තමා කකුලට. ඒ මොකෝ දන්නවද?
උදේ ආපු සර්ජන් මහත්තය කිව්වෙ මගෙ කකුලෙ බල නහරේ ඩැමේජ් වෙලා කියල. තව ටිකක් එහා මෙහා උනා නම් මට සදහටම ඇවිදින්නත් බැරි වෙනවලු.
ඔන්න ඉතින් ඔපරේෂනුත් කළා කියන්නකො. ඉරිද රෑ වෙනකලුත් අම්ම උන්න. ඉරිද උදේ ලෙඩ්ඩු බලන වෙලාවෙ ඉඳං හැම ලෙඩ්ඩු බලන වෙලාවකම මාව බලන්න කවුරු කවුරු හරි ආව. තාත්තා, ලොකු අයියා, ලොකු මාමා, සුදු මාමා, චූටි මාමා,බාප්පා මේ හැමෝම ආවා. සමහරු අම්මට දොස් කිව්ව මාව වහලෙට නැග්ගුව කියල. අනේ ඉතින් එයා මක් කරන්නද? මමනෙ වැරදි L....
අප්පොච්චියෝ ඒ මදිවට අර රෝහල් පොලිසිය කියල ඉන්නෙ, ඒ පොලිස් මහත්තයෙක් ආවනෙ කොළ වගේකුයි පෑනකුයි අරන් මගෙන් කට උත්තර ගන්න!!! කාට හරි විරුද්ධව නඩු දාන්න, මාව වහලෙන් වැට්ටුව කියලා... විස්තරේ කිව්වම “මට නඩු එපා” කියල ලියල අත්සන් කරන්න කිව්වා JJJ
සඳුදා උදේ දොස්තර බැලුවට පස්සෙ අම්මා ගෙදර ගියේ ආපහු දවල්ට එන්න බලාගෙන. හැබැයි දවල් මගෙ ටිකට් කැපුවා. කාගෙන්දෝ 5 බට්ටෙකුත් හොයාගෙන අමාරුවෙන් ටෙලිෆෝන් බොක්ස් එකක් ලඟට ගිහින් ගෙදරට පණිවිඩේ කිව්ව. පැයකින් හමාරකින් වගේ මාව එක්ක යන්න අම්මයි තාත්තයි ආවා.
ගෙදර ගියාමයි දැක්කෙ වැටුණු තැන කොච්චර භයානකද කියලා. මිටි වහලෙ ඉවර වෙලා උස වහලෙ පටන් ගන්න තැන. වැටුණු තැන හතර වටේම යකඩ බඩු. මගෙ කබඩ් එක, පත්තර රාක්කෙ, මේසය, පුටුව... මේ හැමදේම තියෙන පොඩි ඉඩේ බඩුවක් මුට්ටුවක් නැති පුංචි කොටසක් උඩට තමා මම වැටිලා තියෙන්නේ. සෙල්ලං නෑ නේ? අර එකක හරි ඔලුව වැදුනානම් ??? අපේ අම්ම අදටත් ඔය සිද්ධිය මතක් කරද්දී ඒ ගැන කියල බයවෙනවා.
ජූලි මාසෙ අන්තිමේ වාර විභාගේ තියල නිවාඩු දෙන බව ඔය කස්ටිය දන්නවනෙ. මට ඉස්කෝලෙත් නෑ, වාර විභාගෙත් නෑ... නිවාඩු දෙන දවසෙ අපේ පන්තියෙ කෙල්ලො කොල්ලො සෙට් එක ආව මාව බලන්න. (ක්‍රිස්කෝ ටින් 1ක් එහෙමත් අරගෙන JJJ) ඒ ටිකේ ඇඳේමයි. කකුල තැලෙනවා කියල ඇවිදින්න දෙන්නෙත් නෑ. මැහුම් තෙමෙනවා කියල ඇඟ හෝදන්නත් නෑ. වැසිකිළි කැසිකිළි යන්න ඉතින් ඇඳෙන් බහින්නම එපැයි. ඒ යන අතරෙ මම දැක්ක මගෙ මේසෙ ගාව අලුතෙන් ඇස්බැස්ටස් ගහනව අලුත් මෝස්තරේකට...පස්සෙ බැලින්නම් ආයෙ වීදුරුවකුත් දාල. බාස්ල දම්මල තාත්ත ඒක හදවලා.
මැහුම් කපන්න, බේත් දාන්න ගියේ අපේ පැත්තෙ ඉස්පිරිතලෙටනේ.. අපොයි ඒකෙ මිසීලට උත්තර දීල එපා උණා. ඒ මදිවට තව අගෝස්තු නිවාඩු ඉවර වෙලා දකුණු කකුල අද්ද අද්ද තට්ටු දෙක නැගල පන්තියට යද්දී හරි සනීපයි J කොහොමහරි මාස 2-3ක් යනකල්ම කොර ගහන්න සිද්ධ වුණා. ඒ වගේමයි රිදිල්ල.
අවුරුදු 4ක් ගත වුණත් දියවෙන මැහුම් දාපු මගෙ නිකට යට තුවාල කැළල (චූටි අයියා වට්ටපු එකත් තියෙනවා) තවම හොයන්න පුළුවන්. ඒත් යට පැත්තේ නිසා එක පාරටම පේන්නේ නෑ. එතන මැහුම් 3ක් විතර.ගොඩක් අමාරු වුනු දකුණු කකුලෙ විලුඹට ටිකක් උඩින් වෙච්චි කැපුමට මැහුම් දාපු පාරවලුත් තාම පේනවා. එතන මැහුම් 5-6ක් විතර....
අර දොස්තර නෝන අඩි 10ක් කියල ලිව්වට ඇත්තටම බැලින්නං අඩි 20ක් විතර උසකිනුයි වැටිලා තියෙන්නෙ. එහෙමත් වැටිලා මෙහෙම බේරුණා මදැයි.
අපේ ලොකු අයියගෙ පුතා දැනටත් මගෙ මේසෙ ගාවින් යද්දී උඩ බලල කියනවා “මෙතනින් තමා නැන්දි වැටුණේ” කියල.. J ඒ සිද්ධිය වෙද්දි එයාට අවුරුදු තුනයි !!!
ප.ලි - පින්තුරයක් හම්බුණේ නෑ මේකට දාන්න... ඔන්න නියම වෙලාව බලලමයි දැම්මේ.....
ඇති ඔයිං ගියා. බැරි වැඩ නොකරන් අනුවෝ කියන්නේ ඕකට තමා :P
ReplyDeleteඈ.... එහෙම එකකුත් කිව්වද රෙපෝ? :D හි හි.... හාකෝ හාකෝ....
Deleteහයියෝ....! මං හිතුවෙ ජම්බු ගහෙන්ම වැටේවි කියල.
ReplyDeleteහිහ් මටත් ඕකම හිතුනා...
Deleteමටත් හිතුනා. ඒක කමෙන්ට් කරන්න යනකොට මෙතන කමෙන්ට් කරලා. හික්ස් :)
Deleteමමත් හිතුවෙම මේ ඒ කතාව තමා කියලා..
Deleteහික්
Delete@රාජ්
Deleteඅනේ අනේ....! අවුරුදු 18 ළමයි ජම්බු ගස් වලින් වැටෙන්නෙ නෑලු... එතකොට ගස් නගින්න දන්නවලු :D
@සෙන්නා
ඇයි අප්පා ඔයාටත් ඕකම හිතුණේ? :)
@මධුරංග
ම්ම්ම්.... අයියට හිතුනෙත් එහෙමද? එහෙම නෙමේනේ...හා හා ඔයා පරක්කුයි... :)
@නාකියා
මෙයා නම් ජම්බු ගහෙන් වැටුණු කතාව බලන්නමද කොහෙද ඇවිත් තියෙන්නේ... කවුද අනේ එව්වා බ්ලොග් එකේ ලියන්නේ....:)
@කස්ස
හික්.. හික් තමා.... :(
හහ්.. සෙල්ලම් නෑ....
ReplyDeleteඅඩි 20ක් උස වහලයක් ? ඔයා එහෙනම් මුදුනෙන්ම වෙන්ඩ ඇති බහින්ඩ ගිහින් තියෙන්නෙ.. පිට බිත්තියක් ගාවින්ම වගේ ගලවල බැස්සනම් ඔහොම වෙන්නෑ..
ඔව්...සෙල්ලම් නෑ තමා...
Deleteහි හි...ඔව් මුදුන් වහලෙන් තමා... එවෙලෙ ඔව්ව මතක් උණේ නෑනේ අප්පා....උසම තැනින් තමා බැහැල තියෙන්නේ...
අපොයි!
ReplyDeleteකොහොම උනත් ඔයාගේ බ්ලොග් එකේ සරල ලස්සනක් තියනවා යාළු..:)
ජය!
අම්මේ අපොයි තමා...!!
Deleteස්තුතියි යාලුවා...ඔයාටත් එසේම වේවා!!!
අසාර් අයියට වෙච්ච කතාන්දරේ අනික් කතාව වගේ. වෙනසකට තියෙන්නේ අසාර් අයියට මෙච්චර අවුලක් වුනේ නෑනේ. මදැයි ඔයින් ගියා. ගෑනු ළමයෙක් කරන වැඩද කරලා තියෙන්නේ. අම්ම ඉතින් හා කියන්න ඇත්තේ කරන්නම දෙයක් නැති හින්දා. (අද (19)මටත් විශේෂ දවසක් මොකද කියනවනම් අද තමයි මගේ බ්ලොග් එකට හරියටම මාස 6 සම්පුර්ණ වෙන්නේ.)
ReplyDeleteම්ම්ම්....අසාර අයියත් එහෙම කතාවක් දැම්මද? මම දන්නෙ නෑනේ... හික් හික්...ඒක නේන්නම් අපේ අම්මට කස්ටිය කෑගැහුවේ... ඔයා පටන්ගත්තේ 19 වෙනිදාවකද? මම 18 වෙනිදා දවසක පටන් ගත්තේ.. (මාස 8ක් විතර)
Deleteමට මතක වුනෙත් ඒ කතාව මමනම් ශේප් එකේ බැහැ ගත්තා. කලබල නැහැ නේ.
ReplyDeleteකවුද ඉතින් කලබලෙන් නැග්ගේ...? මාත් කලබලෙන් නෙමේ නැග්ගේ... වැටුණට පස්සේ තමා කලබල වුණේ :)
Deleteහොද වැඩේ බැරී වැඩ කරන්න යනවට.වැටුනට පස්සෙ මොලේ හොදට පෑදෙන්න ඇතිනේ... දැන්වත් ඔලුව කල්පනා කරලා වැඩ කලොත් හොදයි...
ReplyDeleteහාකෝ හාකෝ.... :)
Deleteඉර පායලත් හමාරයි ඇවිදින්න බැරි වුනා නම්....
ReplyDeleteඇවිදින්න බැරි උණත් ඉර පායන්නේ නැතුව තියෙනවයි? අලුත් යාලුවෙක් නේද? සාදරයෙන් පිළිගනිමු!!!
Deleteමාර බේරිල්ලක් නෙව බේරිලා තියෙන්නේ.
ReplyDeleteඔයින් ගියා මදෑ. ආයේ එහෙම ගස් වලට (ජම්බු ගහට) නැගලා ගෙට පනිනවා එහෙම නෙමේ !!!
ඔව්නේ අනේ...මාර බේරිල්ලක් තමා.... :(
Deleteඅම්මෝ ආයේ ජම්බු ගස් වලට නගින්නේ නෑ නෑ නෑමයි...!!!
ammo..akki oin beruna madai.....lassanata kathawa liyala tiyenawa akki.
ReplyDeleteහ්ම්ම්ම්....ඔව් නංගියා...ගොඩක් ස්තුතියි... සිංහලෙන් කමෙන්ට් කරන්න ගත්තොත් නරකද? :)
Deletehah jiwitheth ekka sellan nahallu.happe pera pinak thibilada koheda berila thiyenne.
ReplyDeleteහ්ම්ම්...ඔව්... කකුල කැපුනා වෙනුවට ඔලුව බිම ඇනුණා නම්...!!!
Deleteඇත්තටම හොඳ අත්දැකීමක් වෙන්න ඇති..
ReplyDeleteඔහොම එකතැන් වෙලා ඉන්න ගිහාම නම් එපා වෙනවා..
අත්දැකීම.... අෆ්ෆටසිරි... කියල වැඩක් නෑ...සුපිරියි...
Deleteබිත්ති පුපුරලා නැද්ද දන්නෑ.. ඩෝං ගාල අලියෙක් වගේ බිම වැටුනම..:-D
ReplyDeleteඅන්න මොලේ... ඔයාට විතරයි කම්පනා උණේ ඒක... නෑනේ ඉතින් මම පොඩියි නේ... තව ටිකෙන් මාව තමා පුපුරන්න ගියේ... :P
Deleteඅම්මෝ මෙයා හරිම වීරක්‍රියාවක්නෙ කොරලා තියෙන්නේ. මාර බේරිල්ලක් තමා. දන්නවද උඩකින් වැටිලා ෂුසුම්නාවට හානි වුනානම් එහෙම මීට වඩා ලොකු බැරෑරුම් තත්වයක් උනත් වෙන්න පුළුවන්.. ඔයවගේ කෙනෙක් ආවම රෝහල් පොලීසියට දැනුම් දෙන්න වෙනවා. ඒ මොකද අද කාලේ වෙන දේවල් හැටියට. පහර කෑමට ලක්වුණු අයත් නිකම්ම වැටුනා කියලා රෝහල් වලට එන වෙලාවල් ඕනතරම් තියනවා.. ඒවයේ ප්‍රශ්න එන්නේ පස්සටනේ
ReplyDeleteඔව්... සුෂුම්නාවට හානි වුනාද කියල වෙන්න ඇති කීප සැරයක්ම ඇහුවා ඔලුව බිම වැදුනද කියලා.. මම කිව්ව නෑ කියලා...
Deleteරෝහල් පොලිසිය ආවනේ... අන්තිමට නඩු එපා කියල ලියල අත්සන් කරලා තමා ඒක ශේප් වුණේ..(ඒක මම පෝස්ට් එකේ දාල තිබ්බේ..අයිය දැක්කේ නැත්ද?)
හිටිය හිටියා.. එතන හිටියා මිනිහා අතට කොටලා අත කැපුණු අක්කා කෙනෙක්.. මට එතකොට 18 යි ඒ අක්කට 24ක් විතර... ඒ අක්කගේ අම්ම එක්ක ඇවිත් උන්නේ...එයාගෙන් කට උත්තර ගන්න ඇති..
මම ඇර මාව මාරු කරපු වෙලේ ලියපු කාඩ් එකේ විස්තර ටික මේකේ දාන්න හදලත් තොටි අයියා එන එකක් නැතිවෙයි කියල දැම්මේ නෑ... :(
එතකොට අර ඇහැ ගාව කැළල?????????
ReplyDeleteම්ම්ම්.... මම කවද හරි එහෙම එකක් කිව්වද අෆ්ෆා? හ්ම්ම් හ්ම්ම්... කොහොමහරි එහෙම එකක් තියෙනවා නම් තමයි... ඒ බබා කාලේ ගේට්ටු පැදලා...:))))
Deleteදැන් ඉතින් කැමති දෙයක් හිතා ගන්න අනූ මැඩම්..
Deleteඒක නෙමෙයි කොහොමද මගේ ටිකිරි මොලේ..
ඔයින් ගියා මදෑ අතක් පයක් කැඩෙන්නේ නැතුව. :P :P
ReplyDeleteකැඩුනා තමා ඉතින් කකුල (මම කිව්වේ බල නහරේ ඩැමේජ් උනාම කකුල කැඩුන වගේ තමානේ)!!!මාස 2 කට වඩා ගිහින් හොඳ උනා... ඒක තමා ඔයින් ගියා මදැයි නේද?
Deleteඇති ඔයින් ගියා.. කොල්ලො කරන්න යන වැඩ කරලා. ඔය අහල පහල කවුරුවත් හිටියෙ නැද්ද වහලෙන් ගේ ඇතුළට බස්සවන්න. හැබැයි ඉතිංන් එයා කවුරුත් නැති අතරෙ ආයෙමත් වහලෙන් ගේ ඇතුලට බහින එක වෙනම වැඩක්. ඊට ඉස්සරවෙලා දොර ඇරගන්න එපායැ
ReplyDeleteහි හි... එවෙලෙ චූටි අයියා ගෙදර හිටිය නම් එයා තමා බහින්නේ...වෙලාවට හිටියෙ නෑනේ.. අම්මෝ දොර ඇර ගත්තා වගේද ගෙදරට හොරු පැන්නම... යසට හිටී!!!
Deleteතුවාලයක් වෙලා ඉස්පිරිතාලේ ගියාම බේත් දාන්න කලින් වෙච්ච දේ අගමුල අහනකොට තමයි ඩොකගේ මුණ පොඩි කරන්න හිතෙන්නේ..
ReplyDeleteබාහිර රෝගී අංශයේ නෝනා තමා මේ කේස් එකේදී නම් වසට හිටියෙ...අනිත් අය නම් අවුලක් නෑ... තරුණ තරුණ අයනේ ඔක්කොම.. කට්ටිය හිනාවෙවී බේත් දැම්ම...
Deleteමටත් හිතුනෙ තොටියා අයියා කිවුව එකමයි
ReplyDeleteඇති ඔයින් බේරුණා
ඔයත් ඉතින් එව්වා හොඳට දන්නවනේ නේද? අපරාදේ මට ඇර කාඩ් එකේ විස්තර ටික දාන්නයි තිබ්බේ... හි හි කොහොමහරි පෙර පිනකට බේරුණා..
Deleteඇති ඔයින් බේරුණා මාර බේරිල්ලක් තමා. අමතක නොවන අත්දැකීමක් වෙන්න ඇති නේද අනු...:)
ReplyDeleteඅප්පොච්චියෝ අත්දැකීම ගැන නම් කියල වැඩක් නෑ... යමර බේරිල්ලක් තමා බේරුණේ... :))))
Deleteඅෆොයි අෆොයි පණ්ඩිත වැඩ කලාම ඔහොම තමා අනු අක්කේ :D
ReplyDeleteඈහ්... මම පණ්ඩිතද????? අලේ මම පව් මල්ලි...එහෙම කියන්න එපා... :)))
Deleteහිහ්.. මදැයි දොර ඇරිය.. :)
ReplyDeleteආ... නැත්තෙ මොකෝ මමම තමා ඇරියේ... නැත්නම් අම්ම ගෙට ආවේ කොහොමද?
Deleteමේ..කෝ ඔයාගේ බ්ලොග් එකට යන්න බෑනේ යාලුවා.. ලින්ක් එක පුළුවන් නම් දාන්නකෝ... මාත් රස්තියාදු වෙලා යන්න එන්නම්කො...
පොඩ්කාලෙ වැටිල අත පය කඩාගත්තෙ නැත්තම් මිනිහෙක්ගෙ ජීවිතෙන් ඇති වැඩේ මොකක්ද නගෝ
ReplyDeleteහි හි...එහෙමත් එකක් තියෙනවද? එහෙනම් කස්ස අයියවත් උසකින් වැටුනද? අපේ පන්තියේ ළමයෙක් පොඩි කාලේ පඩිපෙලින් වැටිලා අත කඩාගෙන උන්නා...
Delete// ජම්බු ගහ ගාවින් ඉනිමඟ තියලා වහලෙට නැගල//
ReplyDeleteඒ කියන්නේ ජුලි 19 තමා ඔයා ඔය ජම්ඹු ගහෙන් වැටුනේ ...
:P හික්ස්ස්..
Deleteඋබ ටක්කෙටම කිව්වද මන්දා !!!
Delete@sAm (සෑම්)
Deleteඅනේ අනේ... මෙයාට පිස්සුද මන්ද ජුලි 19 වැටුණේ වහලෙන්නේ... අවුරුදු 18 කෙල්ලො ගස් වල නගින්නෙත් නෑ.. ගස් වලින් වැටෙන්නෙත් නෑ...
@හිතුවක්කාරී
මෙන්න මෙයත් පැනගෙන හික්ස්ස් ගාලා... අනේ අනේ... :))))
@මධුරංග
මේ චිනී අයියත් හැමතැනම ඉන්නවා... එයා කොහොමද ටක්කෙටම කියන්නේ.. 2008 මම බ්ලොග් තියා මෙලෝ අටමගලයක් දන්නෙ නැතිව මොන සෑම් ද?
//උදේ ආපු සර්ජන් මහත්තය කිව්වෙ මගෙ කකුලෙ බල නහරේ ඩැමේජ් වෙලා කියල. තව ටිකක් එහා මෙහා උනා නම් මට සදහටම ඇවිදින්නත් බැරි වෙනවලු.//
ReplyDeleteමෙන්න මේ ටික කියෙව්වමනම් ටිකක් විතර වෙව්ලලා ගියා.ඔය සදහටම ඇවිදින්න බැරිවෙනවයි කියන වචනේ තමා මම අහන්න අකමැතිම වචනේ ඉස්සර ඕක මන්තරයක් වගේ දොස්තරලා මට කියන්නේ....
අසරණයා අයියගේ පිම්මත් මතක්වුනා... හ්ම්ම්ම් කාටද වැඩි ලකුණු දෙන්නේ......
මැහුම් දානකොටත් ඉවසතෑකි හැබැයි මැහුම් කපන්න ගියාම තමා මට තරු විසික්වෙන්නේ... ඒ සිද්ධි මතක්වෙද්දි ඇඟ හිරිවැටෙනවා... අනිවාර්යෙන් ලියන්නම්කෝ එව්වා....
අනේ අසරණය අයියගේ පිම්ම මම කියෙව්වේ නෑ... ලකුණු දෙන්න එපා ඉතින් අපි කස්ටිය යාළුවොනේ :))))
Deleteමට නම් එතරම් ගානක් උණේ නෑ මැහුම් කපන එක... ඔයාට තරම් මැහුම් දාන්න නැතුව ඇති මට.. හා හා එව්වත් ලියන්නකෝ...!!!
දෙවියනේ! ඇති අනූ කෙල්ල ඔයින් බේරුනා. අඩි විස්සක් කියන්නෙ තට්‍ටු දෙකක උස. හරිම සතුටුයි ඔය ගානට බේරිච්ච එක ගැන.
ReplyDeletehenryblogwalker the Dude
හා හා...දැන් අවුරුදු 4කුත් ඉවරයිනේ... ආයේ අනූ කෙල්ල ඔව්වයේ නගින්නේ නෑලු හා ද? ඔව් ඒ තමා අපේ ගෙදර මුදුන් වහලේ පටන් ගන්න තැන... ආසයි නේ? මෙහෙම බේරුණ එක ගැන ඉතින් සතුටු වෙන්නම එපැයි... පොල් ගහකින් වැටුණ වගේනේ..
Deleteමේ ඔයාගේ සිංහල බ්ලොග් එකක් එහෙම නැද්ද?
හෆ්ෆටසිලි....ජම්බුගහෙනුත්..ආ.. නෑ වහලෙනුත් වැටිලනේ...
ReplyDeleteඔන්න තරූ අයියට විතරයි හරියට තේරුණේ නේ?
Deleteඅම්මෝ..අනුවෝ... ඇත්තටම මටනම් ඔහොම වහලෙන් නැගල ඇතුලට බහින විදියෙ අදහසක් කවදාවත් එන්නෙ නෑ....:D ඉනිමගවල් දිගේ නගින්න....හි හි.. ඔයින් බේරුනා මදැයි!!! ඔවා ඉතින් අත්දැකීම් තමා.. ඔයාට කවදාවත් අමතක වෙන්නෙ නෑනෙ ඉතින් ඕක..:)
ReplyDeleteඒකනේ මම කිව්වේ.... ඒ වගේ අදහස් හැමෝටම පහල වෙන්නේ නෑ... සදා අමතක නොවන අත්දැකීමක්...!!! නැත්නම් අවුරුදු 4කට පස්සේ ඔහොම එදා වුණා වගේ ලිව්වා හැකියැ...
Deleteමටත් මතක් වුණේ අසාර් අයියගෙ කතාව..
ReplyDeleteආයෙ ඔහොම වැඩ වෙද්දි මේසෙ ගාවට ඉනිමගක් තියලා යන්න.. :D
මේ අසාර් අයියා එක්ක බෑ... හැමෝම ඒ ගැන කියන්නේ... අනේ මම කියෙව්වේ නැතෝ..... :(
Deleteඒ කියන්නේ යතුර ගේ ඇතුළට දාලා වහන්න කලින්ද? :D
බ්ලොග් ලියන කාගෙ හරි ගෙයකට හොරු පැන්නොත්... ඔන්න ඉන්නව ප්‍රධාන සැකකාර තැනැත්ති.... ;)
ReplyDeleteඔන්න ඉතින් උඹ ඒ පාර තව කතාවක් හදනවා... මම දැන් ඉණිමගක නගින්නත් හරි බයයි... අනික බ්ලොග් ලියන උන්ගේ ගෙවල් වලට පනින්න කලින් ගෙවල් තියෙන්නේ කොහෙද හොයන්න වෙනම මිෂන් එකක් කරන්න වෙනවනේ බං.... :)
Deleteකෝ බං ලඟදි මොකුත් ලියල නෑනේ ????
හ්ම්ම්...මදැයි ඔයින් ගියා තමා....:)
ReplyDeleteමගෙත් ඇහි බැම තුවාල වෙලා නම් තියෙනවා... හැබැයි ඒ නම් පොඩි කාලේ ගේට්ටු පැදලා...
මේකි ඉස්සර වැටිලා තිබුනේ වහලවල් වලින් දැන් වැටෙන්නේ බයිසිකල්වලින්ලු :P
ReplyDelete