“අසෙල්
අයියා... ඔයා කොයි හරියෙද ඉන්නෙ? මම නම් දැන් බස් හෝල්ට් එකේ ඉන්නෙ...”
ජංගම
දුරකථනය බෑගයෙන් එළියට ගෙන අසෙල් ඇමතූ යුවතිය ඔහුගෙන් ලද කිනම් හෝ පිළිතුරක් මත
නැවත එය බෑගය තුළට දැමුවාය. මේ වූ කලී ඇය සිය පියාගෙන් ලද රට තෑග්ගකි. අසෙල් සිය
මසක හෝ දෙකක වැටුපෙන් ජංගම දුරකථනයක් මිලට ගත් කාලයට සමකාලීනව ඇයද එය ලැබීමට
වාසනාවන්ත වූවාය.
“ඔයා
ගොඩක් කලින් ඇවිල්ලනේ... මාර වැඩේනෙ උනේ..අපේ අල්ලපු ගෙදර ඇන්ටි බස් එකේ හිටියනෙ..
ඕන්නැති දෙයක් නෑ.. බුදු අමාරුවෙන් බොරු දහයක් විතර කියල බේරිලා ආවෙ..”
කිසිත්
නොකී යුවතිය නොනවත්වාම සිනහ වීමට පටන් ගත්තාය.
“මෙයාට
නම් හිනා, මමනෙ දන්නෙ මං කාපු කට්ට”
අසෙල්
කීවේ මුහුණ ඇඹුල් කරගනිමිනි. ඒ කතාව එසේ අවසන් වූයේ ඔවුන් සිනමාපටය නැරඹීමට
යෑම සඳහා නැගිය යුතු බස් රථය ඔවුන්
ඉදිරිපස නැවැත්වූ බැවිනි. මගීන් පිරී හිඳ ගන්නට අසුනක් පවා අහිමි බස් රථයට ඔවුන්
ගොඩ වූයේ යා යුතු දුර ගැන වත් නොසිතමිනි.
“ශික්,
ඉඳගන්න සීට් එකක් වත් නෑනේ”
යුවතියට
එසේ සිතෙන්නට ඇත. අසෙල් කෙසේ වෙතත් සෙනුරි නම් සිටියේ දැඩි අපහසුවකිනි. වරින් වර
තම ශරීර අභ්‍යන්තරයෙන් නැගෙන වේදනා ඉවසා ගනිමින් ඈ අසෙල් අසළම සිටගෙන හුන්නාය. ගතට
කෙතරම් අපහසු දැනුනද මෙය කලින් සැලසුම් කර තිබූ ගමනකි. දෙදෙනාගේම ආශාව ඇතිව
සූදානම් කළ ගමනකි. එහෙයින් අතරමඟදී එල්ලවිය හැකි බාධක ගැන දෙදෙනාගෙන් කිසිවෙකු හෝ
සිතන්නට නැත.
ගතවූයේ
නිමේෂයකි. වල ගොඩැලි සහිත මාර්ගයේ ගැස්සි ගැස්සි යන ගමන දරා ගත නොහී, බසය වංගුවක්
ගත් වහා යුවතිය හිටිවනම අප්‍රාණික තත්වයට පත්වූවාය.
“මට
වමනෙ යන්න එනවා”
සෙනුරි
සිහින් හඬින් කොඳුලාය. ක්‍ෂණිකව බසයේ සීනුව නාද කළ ඔහු බසය නැවැත්වූ සැණින්
සෙනුරිව වත්තම් කරගනිමින් බසයෙන් බැස්සේය. හුස්මක් හෙලන්නට අවසරයක් නොවිණි. එවෙලේම
සෙනුරි පාරේ අයිනක වමනය කළාය. ඒත් සමඟම ඈ සිහිමඳ තත්වයට පත්වූවාය.
“අනේ
වස්තුවේ ඔයාට මොකද මේ වුණේ?”
අසෙල්
හොඳටම බිය වී ඇති හැඩකි. වැටෙන්නට නොදී තම දෑතින් අල්ලා ගත් සෙනුරි කැටුව ළඟ පාත
වූ කඩයකට සේන්දු වූ ඔහු, යුවතිය එහි නවතා මඳක් කල්පනා කළේය. එම කඩයෙන් ඈට බොන්නට
වතුර වීදුරුවක් ගෙනැවිත් දුන් ඔහු ත්‍රීරෝද රථයක් කැඳවා ගෙන ඒමට ගියේය.
සෙනුරිට
ගෙදර යන්නට බැරිය. අසෙල්ට කොහොමත් ඈ සමඟ ඇගේ ගෙදර යන්නටද බැරිය. වෙනකක් තබා මේ
අවස්ථාවේ හැටියට සෙනුරිව තනියම ගෙදර යැවීම කිසිසේත්ම කළ නොහැක්කේමය. මෙවන් මොහොතක
යාහැකි හොඳම තැන ලෙස තම නිවස තෝරාගත් අසෙල්, යුවතිය තම නිවසට කැඳවා ගෙන ගියේය.
***
ගැහැණු
ළමයෙකු වත්තම් කරගත් සිය පුතු ත්‍රීරෝද රථයකින් බසිනු දුටු පද්මිණී කලබල වූවාය.
“කවුද
චූටි පුතේ මේ ළමයා? අර පුතා කියපු සෙනුරි කියන ළමයද මේ?”
“ඔව්
අම්මේ, මේ සෙනුරි තමයි.. අද පංති යන්න ආවෙ.. බස් හෝල්ට් එකේදී එක පාරට වමනෙ දැම්ම..
ඒ ගමන්ම කලන්තෙ කැරකිල්ල හැදුණා.. ඉතින් මම ගෙදර එක්ක ආවා..”
පද්මිණී
වහා සිදුව ඇති සංසිද්ධිය වටහා ගත්තාය. අසෙල්ගේ උදව්වෙන් ඈ සෙනුරිව ඇඳක හාන්සි
කළාය.
“දුවේ,
දැන් කොහොමද? මම මේ දුවට කෝපි ටිකක් හදාගෙන ආවා.. මේක බීල ඉන්නකො”
“ඇන්ටි
කවුද?, මං කොහොමද මෙහාට ආවෙ”
සෙනුරි
ඇසුවේ ඇත්තටම නොදන්නා කම නිසාමය. මඟ දිගට එන තුරුම ඇය නිදා හුන්නේ අසෙල්ගේ
ඔඩොක්කුව මත හිස තබාගෙනය.
පද්මිණී
පිළිතුරු දීමට පමාවූයෙන් ඒ සඳහා ඉදිරිපත් වූයේ අසෙල්ය.
“මේ
අපේ අම්ම සෙනුරි. ඔයාට කලන්තෙ දාපු නිසා මට බය හිතුණා. මං ඔයාව අපේ ගෙදර එක්කගෙන
ආවා..”
අසෙල්
කීවේ අම්මාව පිටුපසින් පැමිණ තුරුල් කරගනිමිනි. මවගේත් පුතුගේත් සෙනෙහස දැක සතුටට
පත් සෙනුරි සෙමෙන් කෝපි කෝප්පය තොල ගෑවාය.
දිවා
භෝජනයද අසෙල්ගේ නිවසින්ම සපයා ගත් යුවතිය අසෙල් සමඟ පාරට පැමිණියේ නිවෙස් බලා යෑමට
බසයට නැගීමටය.
“ඔයාලගේ
අම්ම හරි හොඳයි වගේ අසෙල් අයියෙ..මේ ටික වෙලාවට මට කොයිතරම් ආදරේ උණාද?”
“එහෙම
තමයි කෙල්ලෙ අපේ අම්මා.. ඒ එයාගෙ හැටි... අන්න ඔයාට බස් එකක් එනවා.. එහෙනම්
පරිස්සමින් ගිහින් මැසේජ් එකක් එවන්න හොඳද?”
දෙදෙනාගේම
සිහිනය වූ සිනමාපටය නැරඹීම, පළමු වතාවට පමණක් එසේ සිහිනයක්ම විය.
***
මේ
කාලයේදීම සෙනුරිලා මුහුණ දුන් උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් විය. අසෙල් යන්තම්
B එකයි C
දෙකක් ගෙන සමත් වී සිටි අතර සෙනුරි B
තුනක් ගෙන සමත්ව සිටියාය. දෙදෙනාගේම මට්ටම විශ්වවිද්‍යාල සිහිනය පේන මායිමේ වත්
නොවීය. රෙකෝඩ් බාර් එකේ වැඩ කරන අසෙල්ට හෝ නැවත විභාගයට පෙනී සිටින්නට සැරසෙන
සෙනුරිට එයින් කම් නැත.
***
කාලය
ගෙවී යන්නේ විදුලි වේගයෙනි.. විභාගය
ටිකෙන් ටික ළඟාවෙමින් පවතී.. ඒ කෙසේ වුව ඉඳ හිට හමුවීම්, රෙකෝඩ් බාර් එකේදී දොඩමළු
වීම් වලටද දෙදෙනා තවම සමු දී නොමැති අයුරකි. පොඩ්ඩිව පංති ඇරුණු පසු ගෙදර ගෙනැවිත්
දැමීමේ වගකීමද අසෙල් නොපිරිහෙළා ඉටු කරන්නේ මහත් උනන්දුවෙනි. මුලදී ලැජ්ජාවට එතරම්
කතා බහක් නොවුණද දැන් දැන් සෙනුරි තරමටම පොඩ්ඩිද ඔහුට සමීපය. තමාටද නංගි කෙනෙකු
සිටියා නම් කොතරම් හොඳ දැයි අසෙල් කල්පනා කළේය.
***
“ලොකූ,
අන්න විභාගෙට ඇප්ලිකේෂන් දාන්න හෙට උදේ ඉස්කෝලෙ එන්න කියල ලක්ෂි කෝල් කළා”
“හරි
අපෙ අම්මා, මම කොහොමත් හෙට යන්න තමයි උන්නේ”
යුවතියද
සැළකිල්ලෙන් පිළිතුරු දුන්නාය.
ගිය
වසරේදීට වඩා මේ වසරේදී ඈ දැනුම අතින් පොහොසත්ය. එසේ වුවද ජීව විද්‍යාව හෝ ගණිතය
විෂය ධාරාව හදාරා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවාට වඩා වාණිජ්‍ය විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල
ප්‍රවේශය ලැබීම අපහසු බව යුවතිය මැනවින් තේරුම් ගෙන හුන්නාය.
පසු
දින නංගිලා දෙදෙනා පාසැල් යෑමට සැරසෙන මොහොතේ සෙනුරිද පාසලට යෑමට සූදානම් වූවාය.
අද අයදුම්පත්‍ර දැමීමට යනවා මෙන්ම තව මාස තුන හතරකින් විභාග අයදුම්පත්‍රය ලබා
ගැනීමටද පැමිණිය යුතු වග පැමිණ සිටි සියල්ලෝම සිහිපත් කළේ කණස්සල්ලෙනි.එහෙත්
විභාගයට පෙර සැමරිය යුතු, ප්‍රීති විය හැකි උත්සව දෙකකි. සිංහල අවුරුද්ද සහ වෙසක්
උත්සවයයි..
සෙනුරි
වෙසෙසින්ම කල්පනා කළේ වෙසක් උත්සවය ගැනයි. මන්ද යත් දහම්පාසලේ වෙසක් නාට්‍යය
වෙනුවෙන් ප්‍රධාන ස්ත්‍රී චරිතයට පණ පොවන්නී ලෙස ඈ නිර්දේශ කර ඇති බව ඈ දැන ගත්තෙ
අයදුම්පත් දැමූ රාත්‍රියේ බැවිනි.
හුටා.... වමනෙ දැම්මෙ මොකෝ ?
ReplyDelete//පද්මිණී වහා සිදුව ඇති සංසිද්ධිය වටහා ගත්තාය. //
අසේල තාත්ත කෙනෙක් වෙන්න වත් යනවද ?
අපෝ මොනාද මල්ලි, ඔය හනී බනී ගෙන් වෙලාවක ශේප් එකේ අහල බලන්නකෝ...ඇඟ රිදෙන්නෙ,බඩ රිදෙන්නෙ මොන වගේ වෙලාවටද කියල (ගුටි කෑවොත් එහෙම වග කියනු නොලැබේ.. බයෝලු කලේ..අනේ බබා)
Deleteමේකා රට හරකෙක් අනූ අක්කේ...)))))
Deleteහ්ම්ම් බලමු ... තව තියෙනවනේ.
ReplyDeleteආ... ඔව් ඔව් තව ඉවර නෑ...
Deleteනැන්දම්මත් ලේලිට සෙට් වගේ දැන්.....:)
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්.... දෙන්න කිරි පැණි වගේ සෙට්...:)))
Deleteමලා ජෝන්... බඩේ ලෙඩක්වත්ද?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනේ රජ බබාට මං කියන්නෙ නෑ ඉතින් බඩේ ලෙඩේ...
Deleteඑසේම වේවා!!!
අනේ තව පොඩි බබෙක්..))))
Deleteහෆ්ෆෙ ඔහොම යං ඔහොම යං....)))))) මේ කතාව නං පුදුමයි ඉක්මණට අප්ඩේට් වෙනවා!!!!!!!!!!!
ReplyDeleteආ... නංගී.... ඔයා කතා විතරයි නේ කියවන්නේ... හා හා... මේ සතියේ කතාව නෑ... ලබන සතියේ නැවත එන්න... :)))
Delete//රෙකෝඩ් බාර් එකේ වැඩ කරන අසෙල්ට හෝ නැවත විභාගයට පෙනී සිටින්නට සැරසෙන සෙනුරිට//
ReplyDeleteඅසේල් ආයේ විභාගේ ලියන්නේ නැද්ද.. ඌට කියාපන් මං කිව්වා කියල ආයේ විභාගේ කරන්න කියල. :)
ආ... නෑ බං... අසෙල් ආයේ විභාගේ කරන්න බෑ කිව්වනේ... දැන් ඉතින් මොකක්හරි රස්සාවක් වත් හොයා දීපන්... :)))
Deleteඅනේ මේක මට මග අරිලනේ.... අද තමා කියෙව්වේ....
ReplyDeleteකමක් නෑ ඉතින්... අනිත් කොටස දාන්න කලින් කියෙව්වනේ... ඒ මදැයි... අඟහරුවාදාට කලින් අටවැනි කොටස දානවා..!!!
Deleteමැද්දෙන් පැන්න නිසා කතාවේ අගක් මුලක් දන්නේ නෑ. ඒත් හිතා ගන්න පුළුවන්. සාර්ථක නිර්මාණයකට ජය. කතා වේ මුල් කොටසුත් හෙමිහිට කියවන්න ඕන කෝකටත් කියලා.
ReplyDeleteස්තුතියි යාළුවා... මෙතන ඉඳං වත් දිගටම කියවමුකො නේද? :)))
Delete