ලෝකෙට ආපු අය

Thursday, July 19, 2012

අවුරුදු හතරක් ???


ම්ම්ම්...සති දෙකකටත් වඩා චුට්ටක් වැඩිපුර කාලයක් බ්ලොග් අවකාශයෙන් ඈත් වෙලා හිටපු මමකාලෙකින් නොලියූ අත්දැකීම් ලේබලයට ලිපියක් ලියන්න හිතුවා.
            
අද දවස.... ජූලි 19....ජූලි 19 කියන්නෙ මගෙ ජීවිතේ අමතක නොවන වැදගත්ම දවසක් (නෑ නෑ ඔයාල හිතන එක නෙමේ. වෙන එකක් J)
            
 ඒ සිද්ධිය සිද්ධ වුණේ මීට අවුරුදු හතරකට ඉස්සර. 2008 ජූලි මාසේ 19 වෙනිදා. එදා සෙනසුරාදා දවසක්. ඒ කාලෙ මම ඉස්කෝලෙ යනවනෙ. එදා උදේ වරුවෙ කෙමිස්ට්‍රි පංති. පංති ඇරිල මම අපේ පාරෙ මැද හරියක් යද්දී මට පිටිපස්සෙන් කවුරුහරි කතා කළා. පිටිපස්ස බැලින්නම් අම්මා.

නිළමෙ මාමලාගේ තාත්ත නැති වෙලා. මළගෙදර යන්න ලෑස්ති වෙන්න.චූටි මාමා 1. 30 වෙද්දි එනව කිව්වා.

අනේ අම්මේ,දැන්මම 1.15 යිනෙ. මට නම් බෑ ඔය හදිස්සියට ලෑස්තිවෙන්න. මං මෙහෙම්ම යනවා.

ගෙදර ගිහින් කොණ්ඩේ ටිකක් එහෙන් මෙහෙන් පීරද්දි වෑන් එක ආවා. අපි දෙන්නත් ඉක්මණට වාහනේට නැග්ග. ආදාහන කටයුතු ඉවරවෙනකලුත් ඉඳල අපි ගෙදර එද්දි හවස 5.30ට විතර ඇති.

හරී.....පූර්විකාව ඉවරයි. දැන් තමා නියම කතාව පටන් ගන්නෙ. මෙතන ඉඳං කතාව දිගායි.

චූටි මාමල අපිව ගේට්ටුව ළඟින් බස්සල එහෙම්ම ගෙදර ගියා. අපි ගෙදර දිහාට ගියා. පිටිපස්ස දොරේ යතුර තිබ්බ තැන නෑ...හැම තැනම හෙව්වා... වැටිලද කියල බැලුවා... ම්හ්...කොහෙවත් නෑ... කරුමෙට අම්මා බෑග් එක ගෙනිහිල්ලත් නෑ. නැත්නම් එයා සමහර වෙලාවට එයා යතුර අරන් යන වෙලාවලුත් තියෙනවා. හරි වැඩේ දැන් යතුර නෑ...

ෂුවර් එකටම යතුර කලබලේට ගේ ඇතුලෙ දාල වහල..” මම කිව්ව.

දැන් මොකද කරන්නෙකොහොමද අපි ගෙට යන්නෙ?” අම්ම බය වෙලා මූණ රතු වෙලා.
            
ඔන්න ඔය වෙලාවෙ මට පහළ වුණා සාමාන්‍ය  ගැහැණු ළමයෙක්ට හැබැහින් තියා හීනෙන්වත් කරන්න හිතෙයි කියලා විශ්වාස කරන්න අමාරු වැඩක්. පුළුවන් නම් කියන්න බලන්න.
                                                                .
                                                                .
                                                                .
            
 පුළුවන්ද?

පුළුවන්ද??

පුළුවන්ද???

ඒ තමා වහලෙන් ගේ ඇතුළට බැහැල යතුර අරන් දොර ඇරල අම්මව ඇතුළට ගන්න එක !!!

අම්මෙ,මම ජම්බු ගහ ගාවින් ඉනිමඟ තියලා වහලෙට නැගල මගෙ මේසෙ හරියට වෙන්න බැහැල දොර අරින්නම් මම කිව්වා.

අනේ පුතේ ඔයාට පුළුවන්ද?”අම්ම ඇහුවා.

අම්ම ඉන්නකෝ මම වීරය වගේ කිව්වා.

පොඩ්ඩක්වත් බය හිතුනෙ නෑ. අම්ම ජම්බු ගහ ගාව හිටන් ඉද්දි මඩුවට ගිහින් ඉනිමඟ උස්සන් ආවෙත් මමමයි. ඊට පස්සෙ ඉනිමඟ තියලා සෙරෙප්පු ගලවල වහලෙට නැග්ග. නැගලා මගෙ මේසෙ හරියට වෙන්න තියෙන උළුකැට ගැලෙව්වා. (කලින් කියන්න අමතක වුණා J ඉර එළිය මේසෙට වැටෙන්න වහලෙ එක තැනක උළුකැටේ වෙනුවට වීදුරු කෑල්ලක් දාල තියෙනවා. ඒකෙන් තමා තැන හරියටම හොයා ගත්තේ) වීදුරුව අයින් කළාම ඒක ඇතුලෙ කළුවර.... මෙලෝ දෙයක් පෙනුනෙ නෑ. කොහොමහරි පොල් පරාල රීප්පයක් අල්ලගෙන ඇතුළට බැස්සා...

අනේ බලාගෙන පුතේ අම්ම කියනවා.

හරි හරි මං බැස්ස මාත් කිව්වා.

මළ කෙලියයි. අත් දෙකෙන් එල්ලුනාට කෝ කකුල් තියන්න තැනක්අනේ ඊළඟ පරාලෙට තව අඩි 2ක් විතර දුරයි... මට කිසිදෙයක් හිතාගන්න බැරිවුණා. අල්ලන් හිටපු එකේ එල්ලිලා ඉන්නත් බෑ. මම කොහොමහරි පහළට එන්නත් එපැයි. අත නිදහස් කරනවත් එක්කම මාව දඩස් ගාල වැටුණා.

කොහෙටද?

මගෙ මේසෙ ගාව බිමට..!!!

මට කෑගැහුනා හයියෙන්. කකුල මොකක්ද වෙලා වගේ. අම්මා තාම එළියේ

අනේ බබෝඔයාට මොකද වුණේ?”

එයාට ගෙට එන්න විදියක් නෑ. දොර වහලා. ඒ ගමන මම කකුලෙන් ලේ පෙරි පෙරී ගිහින් දොර ඇරියම තමයි අම්ම ගෙට ආවේ. මාව දැකල එයත් අඬනවා. තාත්තට කෝල්  කළොත් බනියි කියලා අම්ම කෝල් කළේ චූටි අයියට.

අනේ චූටි පුතේනංගියව වහලෙන් වැටිලා. ඉක්මණට එන්න අම්ම කිව්වෙ අඬ අඬා.

චූටි අයියා (මතකයි නේඔව් ඔව් එයා තමා...J) බයිසිකලේ ගෙදර ආවා. එයා එද්දිත් මගෙ කකුලෙන් ලේ ගලනවා. ඒ විතරක් නෙමේ නිකට යටිනුයි දණිස් වලිනුයි ලේ එනවා.
මෙහෙම බෑ. මේකට නර්සින් හෝම් එකෙන් බේත් දාන්න වෙයි. මං ගිහින් ත්‍රීවිල් එකක් අඬගහගෙන එන්නම්

එහෙම කියපු චූටි අයියා ආයෙම බයිසිකලේට නැග්ගා. විනාඩි දෙක තුනකින් අසේල අයියගෙ ත්‍රීවිල් එක එද්දි  ඇඳන් හිටපු ගවුම ගලවලා වෙනත් ඇඳුමක් අන්දවලා මාව බේත් දාන්න එක්ක යන්න අම්ම මාව ලෑස්ති කරලයි තිබුණේ.

චූටි අයියා ගෙදර ඉද්දි අම්මයි මායි නර්සින් හෝම් එකට ගියා. එහෙන් බාරගන්න බෑ කිව්ව. ඉස්පිරිතාලෙ යන්න කිව්වා. එහෙම්ම ත්‍රීවිල් එකේ ඉස්පිරිතාලෙ ගියා. ඉස්සෙල්ලම යන්නෙ බාහිර රෝගී අංශයටනේ. ඒකෙ දොස්තර නෝනා වස පාටයි.

කොහොමද වැටුණේ?”

මේසෙකින් වැටිලා අම්ම කිව්වා.

මේසෙකින් වැටිලා මෙහෙම තුවාල වෙන්න විදියක් නෑනේ. ඇත්ත කියන්න මොකද වුණේ?” ඒ ගමන දොස්තර නෝන සැර වුණා.

යතුර ගන්න වහලෙන් බහින්න ගිහින් කඩාගෙන ඇතුළට වැටුණා. අම්මගෙ අත හීං සීරුවට කොනිත්තන ගමන් මම කිව්වා.

ඒක තමයිඉස්සෙල්ල බොරුනෙ කිව්වෙ මේසෙන් වැටුණා කියල. දොස්තර නෝන එහෙම කියද්දි අම්ම බිම බලාගෙන.
            
මාව දැම්මෙ 4 වාට්ටුවට. බොහොම අමාරුවෙන් පඩි නැග්ගෙ.එක හිස්‌ ඇඳක් තිබුණා. මාව ඇඳට දාල අම්ම ගෙදර ගිහින් එන්න ගියා. (දුර නෑ ගොඩක්. ඉක්මණට ආව හැකි J) රෑ වැඩ මුරේට වැඩකරන තරුණ දොස්තර නෝන කෙනෙක් උන්නා. මගෙ වාරේ ආවම විස්තර ඇහුවා.දණිස් දෙකට බේත් දැම්ම. නිකටටත් දියවෙන මැහුම්ද මොනාද කියල දැම්ම හිරිවට්ටලා. මහනවා දැනුණා. රිදුනේ නම් නෑ J
            
ඔය අතරෙ අම්ම ගෙදර ගිහින් ආවා. අම්ම එවෙලෙ මට කිව්වා චූටි අයියා කිව්වලු

අම්මෙ නංගියගේ කකුලෙන් ගොඩක් ලේ ගිහින් තියෙනවා. කලන්තෙ හැදෙයි. ග්ලූකෝස්තැඹිලි එහෙම අරන් යන්න.

කියලා.හැබැයි එව්ව ගෙනත් තිබ්බේ නෑ අම්ම දොස්තරලා බනියි කියල වෙන්ටැ.. L අම්ම ගෙදර යද්දී චූටි අයියා මගෙ නිල් සුදු කොටු කොටු ගවුම හෝදලාබිම වැටිලා තිබ්බ වීදුරු කටුයි ඇස්බැස්ටස් කටුයි අස් කරලා සුද්ද කරලලු.

එදා සෙනසුරාදා රෑම අර තරුණ දොස්තර නෝන අම්මට කිව්ව

සර්ජන් නැතුව කකුල මහන්න බැහැ. සර්ජන් ආයේ එන්නෙ සඳුදට. එතකල් තියාගෙන ඉන්නවට වඩා හොඳ පුළුවන් නම් දැන්මම හලාවත අරන් යන්න. ඇම්බියුලන්ස් එක නම් මේ වෙලාවෙ නැහැ. වාහනයක් තියෙනවා නම් දැන්මම යන්න

කියලා. එතකොට වෙලාව රෑ 11.30 ට විතර ඇති. අම්ම එළියට ගිහින් ටිකකින් ආයෙ ආවෙ ලොකු අයියට මාව එක්ක යන්න එන්න කියල කෝල් එකක් දීල. දොස්තර නෝන ලහිලහියේ මගෙ කාඩ් එක ලිය ලිය ඉද්දි චූටි අයියා ආව වාට්ටුවට. කාඩ් එක ලියල ඉවර වෙනකල් ඉඳල මාව දාගෙන යන්න රෝද පුටුවකුත් හොයන් ඇවිත්.. අම්ම සීරුවට පඩිපෙළ බහිද්දි ඇල කරලා හදල තියෙන කොරිඩෝව දිගේ 4 වෙනි තට්ටුවේ ඉඳං පල්ලෙහාටම මාව තල්ලු කරන් අරන් ආවෙ චූටි අයියා. ලොකු අයියගෙ නිල් පාට මරුටි කාර් එක නවත්තල තිබ්බ තැනට ගිහින් මාව අමාරුවෙන් වාහනේට නැග්ගුවා.

අම්මයිලොකු අයියයිචූටි අයියයිමායි හලාවත ඉස්පිරිතාලෙට ගොඩබහිද්දී වෙලාව පාන්දර 1යි !!!

 අයියල දෙන්න ගියත් අම්ම ගියෙ නෑ. එයා හිටියා. ඒ පාන්දර 1ටත් වාට්ටුවෙ දොස්තර මහත්තය මාව බැලුව.අර කාඩ් එකත් බැලුව.විස්තරත් ඇහුව. ඉස්කෝලෙ යනවදමොකද කරන්නෙ ඇහුවා. ඒ අතරේම කකුලට බේත් දැම්ම. මම කිව්ව ඒ ලෙවල් කරන්නෙ කියලා. බයෝ කරනවා කියන්න මටම ලැජ්ජයි. හයියෝ හයියෝ JJJ මාව ඇඳට දැම්ම.
            
ඉරිදා උදේ වාට්ටුව භාර දොස්තර මහත්තුරු දෙන්නයි සර්ජන් මහත්තයයි ආව. ඔක්කොම ලෙඩ්ඩු බලාගෙන බලාගෙන මා ගාවටත් ආව. අර දොස්තරට කිව්ව මාව එදාම ඔපරේෂන් තියටර් එකට ගන්න කියල... අම්ම හලාවතනේ. කොහෙන්ද සුදු ඇඳුම් හොයන්නෙ? මම අම්මට කිව්වා අක්ක ගාව ඇති කෝල් කරලා කියන්න කියලා. ලොකු අයිය අතේ බෙඩ් ජැකට් එකකුයි සුදු රෙද්දකුයි අක්ක එව්වා. එදා දවල් මාව ඔපරේෂන් තියටර් එකට ගත්තා. ඔපරේෂන් කරන්න නෙමෙයි හැබැයි. මැහුම් දාන්නම තමා කකුලට. ඒ මොකෝ දන්නවද?

උදේ ආපු සර්ජන් මහත්තය කිව්වෙ මගෙ කකුලෙ බල නහරේ ඩැමේජ් වෙලා කියල. තව ටිකක් එහා මෙහා උනා නම් මට සදහටම ඇවිදින්නත් බැරි වෙනවලු.

ඔන්න ඉතින් ඔපරේෂනුත් කළා කියන්නකො. ඉරිද රෑ වෙනකලුත් අම්ම උන්න. ඉරිද උදේ ලෙඩ්ඩු බලන වෙලාවෙ ඉඳං හැම ලෙඩ්ඩු බලන වෙලාවකම මාව බලන්න කවුරු කවුරු හරි ආව. තාත්තාලොකු අයියාලොකු මාමාසුදු මාමාචූටි මාමා,බාප්පා මේ හැමෝම ආවා. සමහරු අම්මට දොස් කිව්ව මාව වහලෙට නැග්ගුව කියල. අනේ ඉතින් එයා මක් කරන්නදමමනෙ වැරදි L....
            
අප්පොච්චියෝ ඒ මදිවට අර රෝහල් පොලිසිය කියල ඉන්නෙඒ පොලිස් මහත්තයෙක් ආවනෙ කොළ වගේකුයි පෑනකුයි අරන් මගෙන් කට උත්තර ගන්න!!! කාට හරි විරුද්ධව නඩු දාන්නමාව වහලෙන් වැට්ටුව කියලා... විස්තරේ කිව්වම මට නඩු එපා” කියල ලියල අත්සන් කරන්න කිව්වා JJJ
            
සඳුදා උදේ දොස්තර බැලුවට පස්සෙ අම්මා ගෙදර ගියේ ආපහු දවල්ට එන්න බලාගෙන. හැබැයි දවල් මගෙ ටිකට් කැපුවා. කාගෙන්දෝ 5 බට්ටෙකුත් හොයාගෙන අමාරුවෙන් ටෙලිෆෝන් බොක්ස් එකක් ලඟට ගිහින් ගෙදරට පණිවිඩේ කිව්ව. පැයකින් හමාරකින් වගේ මාව එක්ක යන්න අම්මයි තාත්තයි ආවා.
            
ගෙදර ගියාමයි දැක්කෙ වැටුණු තැන කොච්චර භයානකද කියලා. මිටි වහලෙ ඉවර වෙලා උස වහලෙ පටන් ගන්න තැන. වැටුණු තැන හතර වටේම යකඩ බඩු. මගෙ කබඩ් එකපත්තර රාක්කෙමේසයපුටුව... මේ හැමදේම තියෙන පොඩි ඉඩේ බඩුවක් මුට්ටුවක් නැති පුංචි කොටසක් උඩට තමා මම වැටිලා තියෙන්නේ. සෙල්ලං නෑ නේඅර එකක හරි ඔලුව වැදුනානම් ??? අපේ අම්ම අදටත් ඔය සිද්ධිය මතක් කරද්දී ඒ ගැන කියල බයවෙනවා.
            
ජූලි මාසෙ අන්තිමේ වාර විභාගේ තියල නිවාඩු දෙන බව ඔය කස්ටිය දන්නවනෙ. මට ඉස්කෝලෙත් නෑවාර විභාගෙත් නෑ... නිවාඩු දෙන දවසෙ අපේ පන්තියෙ කෙල්ලො කොල්ලො සෙට් එක ආව මාව බලන්න. (ක්‍රිස්කෝ ටින් 1ක් එහෙමත් අරගෙන JJJ) ඒ ටිකේ ඇඳේමයි. කකුල තැලෙනවා කියල ඇවිදින්න දෙන්නෙත් නෑ. මැහුම් තෙමෙනවා කියල ඇඟ හෝදන්නත් නෑ. වැසිකිළි කැසිකිළි යන්න ඉතින් ඇඳෙන් බහින්නම එපැයි. ඒ යන අතරෙ මම දැක්ක මගෙ මේසෙ ගාව අලුතෙන් ඇස්බැස්ටස් ගහනව අලුත් මෝස්තරේකට...පස්සෙ බැලින්නම් ආයෙ වීදුරුවකුත් දාල. බාස්ල දම්මල තාත්ත ඒක හදවලා.
            
මැහුම් කපන්නබේත් දාන්න ගියේ අපේ පැත්තෙ ඉස්පිරිතලෙටනේ.. අපොයි ඒකෙ මිසීලට උත්තර දීල එපා උණා. ඒ මදිවට තව අගෝස්තු නිවාඩු ඉවර වෙලා දකුණු කකුල අද්ද අද්ද තට්ටු දෙක නැගල පන්තියට යද්දී හරි සනීපයි J කොහොමහරි මාස 2-3ක් යනකල්ම කොර ගහන්න සිද්ධ වුණා. ඒ වගේමයි රිදිල්ල.

අවුරුදු 4ක්  ගත වුණත් දියවෙන මැහුම් දාපු මගෙ නිකට යට තුවාල කැළල (චූටි අයියා වට්ටපු එකත් තියෙනවා) තවම හොයන්න පුළුවන්. ඒත් යට පැත්තේ නිසා එක පාරටම පේන්නේ නෑ. එතන මැහුම් 3ක් විතර.ගොඩක් අමාරු වුනු දකුණු කකුලෙ විලුඹට ටිකක් උඩින් වෙච්චි කැපුමට මැහුම් දාපු පාරවලුත් තාම පේනවා. එතන මැහුම් 5-6ක් විතර....

අර දොස්තර නෝන අඩි 10ක් කියල ලිව්වට ඇත්තටම බැලින්නං අඩි 20ක් විතර උසකිනුයි වැටිලා තියෙන්නෙ. එහෙමත් වැටිලා මෙහෙම බේරුණා මදැයි.

අපේ ලොකු අයියගෙ පුතා දැනටත් මගෙ මේසෙ ගාවින් යද්දී උඩ බලල කියනවා මෙතනින් තමා නැන්දි වැටුණේ” කියල.. J ඒ සිද්ධිය වෙද්දි එයාට අවුරුදු තුනයි !!!



ප.ලි - පින්තුරයක් හම්බුණේ නෑ මේකට දාන්න... ඔන්න නියම වෙලාව බලලමයි දැම්මේ.....

Sunday, July 1, 2012

හිතාගන්න බෑ





මෙලොව කිසිවෙකුට
නොතේරෙන යමක් වෙද
පළමු දේ එහි මිනිස් සිතමැයි....
සිත්තරෙකුගේ තෙලිතුඩෙන් හැඩවෙන
නිමක් දකින තුරු අදහසක් මතු නොවන
අපැහැදිලි සිතුවමකි එය 
අරුත පසිඳලිය නොහැකි....

විටෙක සොඳුරුය - විටෙක රුදුරුය
එසේ වුවනොවෙද මිනිසුන්
අළු යට සැඟවි ගිනි පුපුරු....
මතුපිටින් නිවුණු බව පෙනෙන මුදු
ඉඩක් ලදහොත් සැණින් දැල්වෙන....