ලෝකෙට ආපු අය

Sunday, October 7, 2012

මතකයිද තාමත්....


මතකයිද තාමත්
මුල් දවස අප හමුවුණු
ටොපි චොකලට් නැතුවාට
ආදරේ පුරවගෙන ආපු

මතකයිද තාමත්
දවස මට උණ ගැනුණු
පැනඩෝල් නැතුවාට
උකුල හිස හොවා ගනිපු

මතකයිද තාමත්
මොහොත අතැඟිලි වෙළුණු
රත්තරන් නොවුණාට
සුදු යකඩ මුදු දමපු

මතකයිද තාමත්
දොඩම් ඔයා මට දුන්නු
වැලේ පැෂන් නැතුවාට
බීම මට හදන් ආපු

මතකයිද තාමත්
දවස් පන්ති වල ගෙවුණු
හැමදාම නාවාට
නිතරම කතා බස් කරපු

මතකයිද තාමත්
රෝද තුනට මා ගොඩවුණු
නොහඬා සිනාසුණාට
නේවියට ඔයා ගියපු

මතකයිද තාමත්
දවස නංගි ගෙදර නැවතුණු
පිටතින් නොපෙනුණාට
ටිකෙන් ටික අපි ඈත් කරපු

මතකයිද තාමත්
මොහොත ආදරේ කියවුණු
හදවතින් ලංවෙලා නංගිට 
මගේ නෙතු අග තෙත් කරපු

මතකයිද තාමත්
ගොඩක් රෑ මට රිං කරපු
තොල් කතා නොකෙරුවට
නිහඬ බව නන් දොඩවපු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

 මතකයිද තාමත්
සතියක් දවස් ගැනුණු
හෙට එන්න කියා මට
අද නංගි බලන්නට ගියපු