මොන්ටිසෝරි යන කාලෙ වැඩ කරපු පොත් දෙකෙන් එකක් තමයි මේ..
එක වසරෙ ලිවීම පොතේ පිටුවක කෑල්ලක්...
දෙක වසරෙදි ලියපු ඉර ගැන රචනාවකින්...
මේ තුන වසරෙදි සිංහල පොතේ අකුරු...
මෙන්න මේ අකුරු ගැන ආඩම්බරයි මට...අපි පැන්සලෙන් ලිය ලිය හිටපු හතර වසරෙ පන්තියෙදි, අපේ මිස් මට තමයි ඉස්ඉස්සෙල්ලාම පෑනෙන් ලියන්න දුන්නෙ...
ශිෂ්‍යත්ව පංති පොතකින් හොයා ගත්තේ... ඉස්කෝලෙ පොත් හොයාගන්න බැරි උනා...
(හය වසරෙ පොත් සෙට් එකම අතුරුදහන් වී ඇති බව කරුණාවෙන් සළකන්න!!!)
හත වසරෙ සිංහල පොත...අකුරු උගනී කුමරු සොඳවා...
කාට හරි මතකද මේ පාඩම... සොඳුරු ළමා විය.. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ ළමා කාලේ... බොනවිස්ටාවට ගිය කාලෙ... 8 වසරෙ සිංහල පාඩමක් නෙ..
මේ අවුරුද්දෙ මං ලිව්ව අකුරු වලට සමස්ත ලංකා කුසලතා සහතිකයක් ලැබුණා... ආඩම්බර කමක් නෑ.. නිහතමානී සතුටකින් කියන්නෙ... මේ නමය වසර සිංහල පොත
අවුරුදු නමයක්ම සිංහල ඉගෙන ගෙන ඔන්න දහයෙදි තමයි හෝඩිය ඉගෙන ගන්නෙ... මරු වැඩේ නේද?
මේ අනිත් එක... අපි එකොළහ වසරෙදි ,බෝඩ් එකක ලොකුවට හෝඩිය ලියාගෙන.... සර් ගාවට ගිහින්... හෝඩිය කියෝගෙන යන්න ඕන... ඇගයීමක්.... ෆුල් ආතල් තමා ඉතිං....
මෙන්න උසස් පෙළ බයෝ පොතේ අකුරු ටිකක්... දොළහ වසරෙදි
මේක නම් දහතුන වසරෙදි... දන්නවනෙ ඉතිං ඉක්මණට ලියද්දි අකුරු එහෙ එහෙ වෙනවනේ... නේද?
මේ වර්තමානයේ බහුලව ඉංග්‍රීසි ලියන ආකාරය...
හැබැයි මෙහෙමත් ලියන්න බැරිව නෙවෙයි... වෙලාවකට මෙහෙමත් ලියනවා... හැබැයි ටිකක් වෙලා යනවා... කෝකද ලස්සන? :)
හා ඉතිං දැන් ඔහොමලු ඈ...
කොමෙන්ටුවක් කොටන්නට තරම් දෙයක් මතකයට නොයේ :P
ReplyDeleteකියපු ලස්සන විතරක්... අනේ මන්ද... හාකො එහෙනං... :/
Deleteඅනේ...අපි ලියපු පොත් නම් කොහෙද දන්නෙත් නෑ.ආසාවෙ බෑ මේව දැක්කම....
ReplyDeleteමගේ හය වසරෙ පොත් ඇර අනික් පොත් සේරම තියෙනවා... මමනෙ පවුලෙ බාලයා... ගෙදර ගියාම හොයල බලන්න ඉතිං...
Deleteකාලෙකට පස්සෙ වෙනස් පෝස්ට් එකක් දාලා තියෙන්නෙ?
ReplyDeleteඒක නෙමෙයි ඔයා ඉස්කෝලෙත් ගියාද අනේ? :P
අත් අකුරු නම් ලස්සනයි. මොන්ටිසෝරියෙ, එක වසරෙ ළමයෙකුගේ කියලා කියන්ඩත් බෑ උඩ තියෙන අකුරු නම්. ඒ තරම් හොඳයි.
මම නම් මුලින්ම ලිව්වෙ පෑනෙන්. මොන්ටිසෝරි යන්ඩ කලින්. පස්සෙ බොහෝම අමාරුවෙන් තමයි අම්මලා පැන්සලට පුරුදු කළේ. ඒ කාලෙ කවූහරු පැන්සල් ගෙනත් දුන්නාම මම 'හුහ්. මම පැන්සල් වලින් ලියන්නෙ නෑ. මම ලියන්නෙ පෑනෙන්. මම එපා පැන්සල්' කියනවා. දැන් නම් හිනා යනවා ඒවා මතක් වෙද්දි. පෑනෙන් ලියන මට පැන්සල් දීම බාල්දු කිරීමක් විදිහට ඒ කාලෙ හිතෙන්ඩ ඇති.
ඔව් අනේ...ඕගොල්ලො කතාව කියවන්නෙත් නැති හින්ද බල බල ඉන්න දැම්මා...
Deleteමම ඉස්කෝලෙ ගියේ වැස්සටනේ... මේ වැස්ස දවස් වල ලියපුවා... :)))
හ්ම්ම්... මොන්ටිසොරියේදීත් මගේ අකුරු ලස්සනයි කියල මිස්ලා දෙන්න නොකිව්ව නෙමෙයි... මම ඒ කාලෙ එහෙ ඉඳං පත්තර කියවනවා... අපේ ගෙවල් ළඟ තිබ්බේ මොන්ටිසෝරියත්...
ඔයාගේ කතාවට නම් හිනා යනවා තමයි අප්පා... ඒ උණත් ඉතින් ඒ කාලේ ලොකු අය කරන වැඩ කරන්න තියෙන්නෙ කියාගන්න බැරි ආසවක්නෙ...
පොඩි කාලේ අකුරු ලස්සනයි, දැන් කැතයි :P
ReplyDeleteමගේ නම් පොඩි පන්තිවල පොත් කොහේ දාලද මන්දා බං. අර අන්තිම අකුරු ටිකෙන් නම් මං කැමති දකුණට ඇල කරලා ලියන ඒවාට. මේ පුරුද්ද නිසා වෙන්න ඇති අනූ නංගි ලියන ඒවායේ අකුරු වුනත් නිවැරදිව තියන්නේ. ඒක හොඳයි. සා/පෙ පන්තිවලදී අමතර වෙලාවල් දාගෙන අපිට සිංහල උගන්වපු අපේ සර් මතක් වුනා.
දැන් අකුරුත් ලස්සනයි ඈ.. :)
එහෙමත් එකක්ද? කමක් නෑ... :)))
Deleteදැන් ඉතිං උඹේ පොත් හොයල වැඩක් නෑ... දෝණිට පොත් පත් අරන් දෙන්න ඕන කාලෙනේ... ඇල කරලා ලියන එක මටත් පහසුයි... ඉක්මණට ලියන්නත් පුළුවන්... පිළිවෙල නම් ඉගෙන ගත්තේ අම්මගෙන්... එයාට තියෙන්නෙ අපේ වගේ වෙලාවෙන් වෙලාවට වෙනස් වෙන අකුරු නෙවෙයි, මම අම්මගේ අකුරු දැක්ක මුල් කාලේ වගේමයි තාමත්... අනික බොහෝ විට මම ලියපු දේ ආයේ චෙක් කරනවා...
ස්තුතියි... නිවාඩු පාඩුවෙ ලියනවා නම් ඔයිට වඩා ලස්සනට උනත් ලිවිය හැකියි....:)))
ෂෝක්...
ReplyDeleteහැබැයි... මගෙ අකුරු ඔයිට වඩා ලස්සනයිලු ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හිකිස්.....,,,, පිරිමි ළමයි බොහෝ විට අකුරු ගැන වැඩි සැලකිල්ලක් නෑ... හැබැයි කලාතුරකින් ඉන්නවා එහෙම අයත්.. මම හත වසරෙ ඉඳං එකොළහ වසරට යනකල් පොත් වල පිටකවර දාල නම් ලියන ස්ටිකරේ නම් ලියාගත්තේ මගේ චූටි අයියට කියල... එයාගේ අකුරුත් ලස්සනයි...
Deleteඔයාගෙත් අකුරු ලස්සන නම් කොච්චර හොඳද? මටත් සතුටුයි... :)))
එසේම වේවා!!!
නංගිගේ අකුරු හරි ලස්සනයි. හැබැයි මගේ අකුරු ඔයිට වඩා හොඳයි කොච්චර හොඳයිද කියනවනම් කියවන්න මට ඇර වෙන කිසිම කෙනෙක්ට බැහැ. :P
ReplyDeleteමට මතකයි අයිය එක පෝස්ට් එකක හරි කමෙන්ට් එකක හරි ටයිප් කරන එක ලේසි කියල තිබුනා... මාත් ඒවගේ අකුරු ඕන තරම් දැකල තියෙනවා... විශේෂයෙන්ම කසාය තුණ්ඩු වල....:))))
Deleteකෝරලේ මහත්තයෝ මහේ අකුරු මටවත් කියවන්න බැරි තරම් ලස්සනයි.
Delete@ අනු
Deleteහික් හික් හික් ඒ වගේ තමයි
@ අයිලාස් අයියා
අප්පේ එහෙනම් ඔයා මාවත් පැරද්දුවා ඈ....... :P
මගේ පොත් කන්දනම් තවම තියනවා.ගෙදරින් බර බරේ අයින් කරන්න කියලා
ReplyDeleteමම නම් කබඩ් එක ඇතුලේ දාල ලොක් කරන් ඉන්නෙ... අම්ම තාත්ත විතරයි නැත්තෙ ඒකෙ... පරණ පොත් පත් දකිද්දී ආසයි නේද?
Deleteඊයෙ පෙරේද ලියපු එකක් දෙකක් දාන්නකො අප්ප! :) :) :)
ReplyDeleteඉතින් අන්තිමට දාල තියෙන තුනම ලිව්වෙ ඊයෙ... හැබැයි මට ඉක්මණට ලස්සනට ලියන්න බැරි නිසා මම කටුවට ලියාගෙන ඇවිත් ලස්සනට ලියනවා ආයෙමත්... :)))
Deleteඇස්වහක් කටවහක් නැහැ නංගී අකුරු ටික ලස්සනයි.... අන්තිම අකුරු ටික ගොඩක් ලස්සනයි. අපේ අක්කගේත් අකුරු ටිකක් ඔය වගේ.......
ReplyDeleteහ්ම්ම්...ස්තුතියි අක්කා... ඔච්චර ලස්සනට සිංහල අකුරු හදිස්සියේ නම් ලියන්න බෑ මට... හෙමීට ලිව්වෙ... ඇල ඉංග්‍රීසි අකුරු නම් හදිස්සියෙත් ඔහොම ලිව්වහැකි....
Deleteශා...අපේ ගෙදර ගබඩා කාමරයේ මුල්ලක අම්ම පොත් වගයක් මිටි බැඳලා තියලා තියෙනවා. මොනවද කියලා බලන්න හිතුනා. හැබැයි පොඩි කාලේ ඒවා නෙමේ කියලා නම් බුදු ෂුවර්. සමහර විට 9-10 වසර වගේ ඒවා වෙන්නැති..
ReplyDeleteඉස්සර 6 වසර පන්තියේ උන්න පද්මලතා ටීච අත අනිත් පැත්තට හරවලා වේවැලෙන් ගහන්නෙ අකුරු රවුමට නැත්තම්. එයාගෙ ගුටිය නිසාම ලස්සනට අකුරු ලියන්න හුරු උනා..කොහොමත් ගෑණු ළමයින්ගේ අකුරු ලස්සනයිලු...:)
හයියෝ... මම නම් හිතං ඉන්නේ කවදාහරි මගේ බබාට මගේ අකුරු පෙන්නන්න... දැන් පොත් නැති උනත් මේකෙ තියෙනවනේ....
Deleteඑහෙම ඉතින් බලෙන් අකුරු රවුම් කරන්නත් බෑ අක්කේ... අපේ පන්තියේ උන්න කෙල්ලෝ දෙන්නෙක්, අකුරු කොල්ලන්ට හපන්.... :)
මාත් ඒ පැත්තේ එන්නම් හෙමීට... ස්තුතියි හොඳේ...
අකුරු නම් හරිම ලස්සනයි.
ReplyDeleteස්තුතියි අයියා...
Deleteමේක හරි සරළ පෝස්ට් එකක් වගේ පෙනුනට.. ජීවිතයක වෙනස් වීම / වර්ධනය මැනවින් පෙන්වන කදිම උදාහරණයක්..
ReplyDeleteම්ම්ම්...අයියට එච්චර දෙයක් හිතුණද? ඔව්... වෙන්න පුළුවන්... මොන්ටිසෝරියෙන් පටන් ගත්තු මගේ අකුරු හරඹ තව ඉවර නෑ... ටික ටික වයසින් වැඩෙද්දී අකුරු ලස්සන වෙලා තියෙනවා දැක්කම මටත් ආසයි...
Deleteමුලින්ම තියෙන්නෙ තඩි තොප්පියක්නේ... :)
ReplyDeleteබයෝ කරපු කෙනෙක්නේ.... මම බයෝ කරල හොඳටම බය උනා...... :-(
තොප්පිය හරි නම් දාගන්න කියල තමා තියෙන්නේ... :) අපි මොන්ටිසෝරි යද්දිත් තොප්පි දැම්මනෙ මල්ලි...
Deleteඒ ගැන කතා කරලා වැඩක් නෑ... :( :( :(