ලෝකෙට ආපු අය

Friday, August 31, 2012

රිදුම් දෙන සිතට - ඉසිනු මැන දිය පොදක්




ගගන දෙස යොමා දෑස
බලා හුනිමි මම ඇතිතරම්
කඩා වැටෙන කඳුලැලි වලට හොරා...
ඉකිබිඳින ගගනතට පෙම් බැඳ
වැටෙන තරු කැට දිහා බල බල
ඝනඳුරින් පිරි මැදියම් රැයක අවදිව....

හිනාවෙන්න මහ හුඟක් හයියෙන්
ආසා කළත් මං කොයිතරම්...
සිදු වුණේ  සිතින් හඬන්නට මට
සුසුම් සිත තුළ තද කරන්....
සබඳ නුඹ නමට ලියු කවි
කියනු බැරි අපමණයි මං
තවත් නොරිදා රිදුණු සිත මගෙ
මතකයෙන් නුඹ මැකීයං...
         

65 comments:

  1. "තවත් නොරිදා රිදුණු සිත මගෙ
    මතකයෙන් නුඹ මැකීයං..."

    මේ ටික තමා මමත් හැමදාම කියන්නේ..
    ලස්සන කවියක් යාළු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙඩ්... ඔයත් කියනවද? එහෙනම් අපි දෙන්නම කියමු නේද?

      Delete
  2. මතකයන් අමතක කරන එක හොඳා...යි :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේ.. අර සිංදුවකුත් තියෙන්නේ....

      Delete
    2. ඒ වුනාට අයියේ ඒක සාපෙක්ෂයිනේ

      Delete
  3. අමතක වීම මිනිසාට ඇති වැදගත් ෆීචර් එකකි :)

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒ ෆීචර් එක හොඳයිද අක්කෙ?

      Delete
  4. හිත රිදෙන මතකයන් නම් අමතක කරන එකම තමයි හොඳ. කවිය ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...තාම උත්සහ කරමින් පවතිනවා... :)

      Delete
  5. මට නම් ගන සැරේටම අමතක වීමේ ලෙඩේ තියෙනවා.
    ඒ නිසා අමුතුවෙන් හිතලා අමතක කරන්ඩ ඕනැන්නේ නෑ...
    කවි සිතුවිල්ල ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. අම්මෝ එහෙමත් ලෙඩක් තියෙනවද? බොහොම භයානකයි...
      හිකිස්‌ හිකිස්‌... වෙලාවකට ඒකත් හොඳයි තමා....
      ස්තුතියි අයියේ!

      Delete
  6. මම මේ වතුර බාල්දියක් ම අරන් ආවේ මාතෘකාව දැකලා. ඇත්තම දෙයක් ද, නැත්තම් කවියක් විතරමද? හැබැයි මටනම් දුක හිතුණා කියෙව්වට පස්සෙ!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඉහින්න මිසක් නාවන්න ඕන නෑ... මම නානවනෙ කොහොමත්... ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්නද?

      Delete
  7. anthima pada deka godak hithata waduna akki......lassanai pada tika....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංග ඔයාටත්....

      Delete
  8. කවි පෙල ලස්සනයි.. ඒත් මතකයන් අමතක කරන එක තමයි අමාරු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා...ඒක තමයි... අමාරුයි කියල ඇත අරින්නත් බෑ නේද?

      Delete
  9. අනේ මට කියන්නකෝ මතකයන් අමතක කරන්න සාර්ථක ක්‍රමයක්!!! :'(

    ලස්සනයි කවි පෙල..

    ReplyDelete
    Replies
    1. @හිතුවක්කාරී
      දන්නවනම් ඉතින් මම කියනවනේ හිතූ... ඔන්න රෙපා උදව්වට ඇවිල්ල... ස්තුතියි!!!

      @රෙප් මහත්තයා
      ටැංකු ඈ...

      Delete
  10. නි


    යි..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්
      තු
      ති
      යි

      එසේම වේවා රජතුමනි...!!!

      Delete
  11. හ්ම්ම් ....
    හිනාවෙන්න මහ හුඟක් හයියෙන්
    ආසා කළත් මං කොයිතරම්...
    සිදු වුණේ සිතින් හඬන්නට මටත්
    සුසුම් සිත තුළ තද කරන්....

    ඕවා ඔහොම තමයි අනුවෝ..

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි තමා...ඒත් එහෙමයි කියලත් බෑනෙ නේ?

      Delete
  12. යකෝ මේ දවස් වල මුං ඔක්කොම ලියන්නෙ බූට් කවිනෙ!
    මොකක්වත් ග්‍රහ මාරුවක්වත්ද?
    බූට් කවි සින්දු තමා රහම.
    අපි නොදන්න බූට්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඈ... තව කවුද ලිව්වෙ අෆ්ෆා... මම දැක්කෙ නෑනේ...!!!
      ග්‍රහ මාරුවක් නම් දන්නෙ නෑ මං
      ඇත්ත... විරහව උණත් ඒ කවි රසවත්...
      අන්තිමට කිව්ව එක නම් තේරුනේ නෑ.. :)

      Delete
    2. අර පනුච්චිත් ලියලා තිබ්බෙ ‍ෆියුනරල් එක කරන්න ඕනෙ හැටිත්, එතකොට Maal. හනේ මේ කෙල්ලන්ට මොනවා වෙලාද කියලා මම කල්පනා කලේ.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  13. ලිව පෙම් කවි
    බොද වෙලා
    පතු ඒ මල් දම්
    වියකියලා
    තවත් නම් කුමකට
    නුබ බලා
    තබනු පියවර
    අලුත් ලොව කට
    සුභ පතා

    ලස්සනයි යාලු ..........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔයාගෙ කවියත් හරිම ලස්සනයි... මේ පැත්තට ආවට ස්තුතියි...

      Delete
  14. අන්තිම පද හතර වැදුනා හිතට මාරෙටම.
    හරිම ලස්සනයි යාලු :)

    ReplyDelete
  15. අවසාන පද හතර නියමෙටම හිතට වැදුනා.
    හරිම අපූරුයි යාලු..:)

    ReplyDelete
    Replies
    1. වදින්න ඕන තැනට වැදුණා නම් එච්චරයි..
      ස්තුතියි යාලු...:)))

      Delete
  16. අනේ මන්දා... ලස්සනයි හොදේ

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ අනේ මන්ද.... ස්තුතියි මල්ලියා...

      Delete
  17. කවියට :)
    කවියෙ තේරුමට :(

    ReplyDelete
    Replies
    1. ඔයා මාරයිනේ... එහෙම බෑ... එක්කෝ දෙකටම අකමැතියි... නැත්නම් දෙකටම කැමතියි.. දෙකක් බෑ...

      Delete
  18. ලියන්න දෙයක් කල්පනාවට එන්නෙත් නැත... අපූරුය...

    ReplyDelete
    Replies
    1. අප්පේ එතරම් සංකීර්ණද? වෙන්න බෑ... ස්තුතියි!!!

      Delete
  19. ඉනූ කඳලද සිඳෙන්නට පෙර මැකී යනු මතකෙන්.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒ කඳුලැල්ල සිඳී ගිය පසු නොඑන් තව කඳුලක්...

      Delete
  20. හුග කාලෙකින් අවේ ලස්සනයි අක්කේ

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් කාලෙකින්...ස්තුතියි මල්ලි...

      Delete
  21. ලස්ස්නයි සිතුවිල්ල​.. අන්තිම පද දෙක නම් නියමයි අනු.:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා... ආස නම් හොඳයිනෙ...:)))

      Delete
  22. කලෙකට පස්සෙ අනූට බ්ලොග් එක මතක්වෙලා.. පුංචි කවියක් ලියලා
    "තවත් නොරිදා රිදුණු සිත මගෙ
    මතකයෙන් නුඹ මැකීයං..."

    මෙහෙම කිව්වාම ටිකක් හිතේ තරහක් එක්ක කියනව වගේ.
    කවිය කෙටි වුණත් හොඳ අදහසක් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. නෑ....මම ලඟදි කතාව ලිව්වෙ............ ඔව් කාලෙකින් ලිව්වෙ නැති නිසා කවියක් ලියන්න හිතුණා...

      දිගට ලියන්න තරම් දෙයක් ඔලුවට ආවේ නෑ.. ඉතිං තාලේ එන්න ලිව්වා... ස්තුතියි

      Delete
  23. මතකයෙන් නුඹ මැකීයං... ඇයි මෙහෙම කිව්වෙ... මන් ගාව නම් ඔවාට බෙහෙත් තීනවා.. හී හී :D

    ReplyDelete
    Replies
    1. බෙහෙත්.... කෝ මට ටිකක්... :)))

      Delete
  24. Time is a healer කියලත් කවුදෝ කියලා තියනවනේ... අමතක කරන්න ඕන දේවල් කාලයත් එක්කම අමතක වෙලා යාවි.. අර කිව්වත් වගේ අමතක වීමත් එක අතකට හොඳ දෙයක් තමා

    ReplyDelete
    Replies
    1. ඔව්... කාලයට ඉඩ දෙමු... කාලය හැම ප්‍රශ්නයක්ම හොඳින් විසඳාවි..

      Delete
  25. පෙරදා ආදරෙන්
    නෂ්ඨාවශේෂ වූ
    අප්‍රමාන වේදනාවක් හදවතේ
    අදක ඊයෙක හඳුනාගත් ඉසව්වක
    නවතින්න හදනවා
    ඉතින් කුමට අවසර
    කඳුලැලි නම් පුරුදුයි
    නුඹට අවැසි තැනක
    හිතුමතේ පැලපදියම් වෙයන්
    ඇය ගැන මතකයත්
    යටපත් කරගෙනම

    ඔන්න ඔහොමයි මට වුනේ......!

    ReplyDelete
    Replies
    1. කවිය නම් ලස්සනයි පැතූ... ඒත් කවිය පිටුපස්සෙ දුකක් හැංගිලා... :( අවසානයේ එය එසේද සිදු විය...

      Delete
  26. නුඹ හෙලන සුසුමන්
    විදින්නට පැතූ පැතුමන්
    මා සිතින් විදි කඳුලැල්
    කෙලස කියමිද හදේ හැගුමන්

    ගඟනට පුර හඳක් ඇත පායන්න
    සයුරුට වෙරල ඇත මතු දින හමුවන්න
    ගගකට සයුර ඇත හෙට දින සිපගන්න
    නුඹ නැත තවම මගෙ හදවත පිළිගන්න........ :-D :-D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ආයෙත් කවි රිප්ලයි එකක් ඕන නෑ නේ?

      කවිය ගැන නම් ඉතින් කියලා වැඩක් නැත.. ඔබට මෙන්ම මටද අදාළය... :))))

      සිරාවටම අන්තිම කවිය හෙන ගති ඈ...

      Delete
  27. කවියටනම් කැමතියි.ඒත් කවියේ තේරුම නම්...
    කමක්නෑ ඉතින් එකනම් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ගොඩක් වෙලා අරන් ගලපලා ගලපලා ලිව්වේ...

      Delete
  28. කවි පෙළ නම් අවුලක් නැහැ
    මට බැහැනේ තාම හරියට කවියක් ලියාගන්න

    ReplyDelete
    Replies
    1. බෑයි කියල බෑයි කියල බෑ.... උත්සහ කරන්ඩෝ....

      Delete
  29. ගගන මත නෙතු හුවා
    මැවූ සිහින මාලිගා
    බොඳව යයි නෙත් තෙමා
    අද දිනේ..

    සසර වසනා තුරා
    මෙවන් වූ වේදනා
    නොවෙන්නට මා සිතා
    යන්නෙමි හැර දමා..

    රිදුම් දෙන හදවතේ
    වේදනා මට දැනේ
    කියන්නේ ඒ කෙසේ
    සිතමි මා..

    මතකයන් සිවු දෙසින්
    අවුලවා නෙතු අගින්
    ගලනවා කොපුල්ලෙන්
    නීති හඩා..

    අමතක කරන්නට
    වෙර දරණ සඳ
    මතකයට එයි නුඹම
    කෙසේ අමතක කරන්නද
    අතීතේ
    එක දිනක්
    ඔබ මගේ මා ඔබේ
    වූ බව...

    ReplyDelete
  30. අප්පේ... මේ තියෙන්නෙ කවිනේ...එල අයියා... හරිම ලස්සනයි..!!! පළමු පැමිණීම... ස්තුතියි ඔයාට මේ පැත්තට ආවට :)

    ReplyDelete
  31. රිදුම් දුන්නත් මගේ හිත
    අමතක කරන්නෙ කෙලෙස ඔබ
    දුවන්නේ ඔබේ නම
    මුලු හද පුරාවට

    නියමම කවි ටිකක්

    ReplyDelete
    Replies
    1. ඔයා කොහේ ඉඳලද ආවෙ යාලු? සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට...

      ඔයාගේ කවි පෙළත් ගොඩක් ලස්සනයි... ආවට ස්තුතියි...!!!

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..