මෙතෙක් කතාව...
තරූෂි
මාස කිහිපයකින් අනතුරුව උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවියකි. මවගේ, පියාගේ සහ සොයුරන් දෙදෙනාගේ ආදරය හා රැකවරණය මැද වැඩෙන ඈ සතුව පංති
නායිකාව ලෙස පැටවී ඇති කාර්ය භාර්යයද අති මහත්ය. මේ අතර අහම්බෙන් ෆේස්බුක් හරහා
හඳුනා ගන්නා සඳුනිල් නමැති පිරිමි ළමයෙකු ඇගේ ආදරය බලාපොරොත්තු වෙයි. අධ්‍යාපන
කටයුතු හා සඳුනිල් අතර දෙලොවක තනිවන ඇය මේ සඳහා තම අතිජාත මිතුරිය වන මල්කිගේ උදව්
බලාපොරොත්තු වෙයි. දිනක් රාත්‍රියේ පාඩම් කටයුතු අවසන්ව ජංගම දුරකථනය අතට ගෙන ටික
වෙලාවක් ගත වන විටම කාමරය දෙසට කිසිවෙකු එන ශබ්දය ඇසීමෙන් තරූෂි කලබල වෙයි.
***
අද කතාව
එතැන් සිට...
"සුදු මැණිකේ,
මොකද මෙච්චර රෑ වෙනකල් කාමරේ ලයිට් දාගෙන"
"නෑ තාත්තේ, මම දැනුයි පාඩම් කරලා ඉවර වුණේ"
"පාඩම් කරලා ඉවර නම් මේ මහ රෑ ෆෝන් ඔබ ඔබා මොකද කරන්නෙ"
කවුද හිතුවෙ තාත්තා එක පාරට කාමරේට කඩා පාත් වෙයි කියල.. කරකවල
අතඇරියා වගේ අහපු ප්‍රශ්නෙන් මම හොඳටම බය වුණා. කට උත්තර නෑ.
"මේ රෑ මොකක්ද ඔයාට ෆෝන් එකත් එක්ක තියෙන රාජකාරිය?හෙට පංති ගිහින් ඇවිත් වහාම
ෆෝන් එක මගෙ අතට දෙන්න ඕන. තේරුණාද?"
"ඔ..ඔ..ඔව් තාත්තේ" ඇස්
දෙකෙන් එළියට පනින්න ඔන්න මෙන්න තිබ්බ කඳුළු කැට ඇස් ඇතුළෙම හිර
කරගෙන මම කිව්වා.
දැන් ඉතින් ඒ ගැන කල්පනා කරල වැඩක් නෑ.තාත්තා කිව්වොත් කිව්වා.
දෙන්නම වෙනවා. හෙට දවස ඇතුළත මොනාහරි කරගන්න පුළුවන්ද කියල බලමුකො.එහෙම හිත හිතම මම ඇඳේ හාන්සි වුණා.
------------------------------------------------------------------------------------------------------------
"මොකද බං මූණ නිකං සත පහ කරගෙන?"
"මොකුත් නෑ බං"
මල්කි අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ තරහින් වගේ. ඒත් ඉතින් මගෙ ප්‍රශ්නෙට
ඒකි පළි නෑනේ.
"තරූ, උඹ මොකක් හරි අවුලක ඉන්න බව මට දැනෙනවා. කියපං මොකක්ද වුණේ?"
"නෑ බං තාත්ත ෆෝන් එක ගන්නයි යන්නෙ"
"මම කිව්ව උඹට පරිස්සම් වෙයන් කියල. කොහෙද ඉතින්?"
"දැන් මං මොකද කරන්නෙ මල්? මම එහෙම
අහද්දී මල්කිගේ මූණේ ඇඳුනේ ප්‍රශ්නාර්ථයක්.ටිකක් වෙලා කල්පනා කරපු මල්කි එකපාරටම
මෙහෙම කිව්වා.
"උඹ සඳුනිල් කාරයාගෙන් නිකමට අහල බලපන් වැඩිපුර ෆෝන් එකක් තියෙනවද
කියල"
"ඔව් නේද? එයාගෙන් අහන්නත් පුළුවන් තමයි. මට මතක් උනෙත් නෑනේ. අපි ඉන්ටර්වල් එකේ
මැසේජ් එකක් යවමු. සර්ගෙ කාර් එක පාක් එකට හරවනවා වගේ දැක්කා. දැන් ඒවි."
කලබලයක් නැතිව නිරවුල් මනසකින් දවසේ පාඩම් කටයුතු පටන් ගත්තත් 10.30 පහු
වෙච්ච ගමන් ළමයි නොසන්සුන්ව හැසිරෙන්න ගත්තෙ බඩගින්න නිසා.
"එහෙනම් ළමයි 11.05
වෙද්දී පන්තියට එන්න ඕන. ඉන්ටර්වල් එකෙන් පස්සෙ මම කරන්නෙ වී වගාවේ පළිබෝධකයෝ"
සර් ඒක කියල ඉවර වෙන්නත් කලින් ළමයි දඩිබිඩි ගාලා එළියට පනිද්දි සරුත්
හිනාවෙවී ස්ටේජ් එකෙන් බැස්සා. අපි හතර දෙනා කෑම පාර්සල් ටිකත් අරගෙන පංතියේ
පිටිපස්සට වෙන්න තිබුණ ඩෙස්ක් එකක් ගාවට ගියා. අන්තිම බත් මුලත් ඉවර කරල අත
හෝදන්නත් කලින් නුහුරු වම් අතින්ම මැසේජ් එකක් කෙටුව සඳුනිල්ට.
"Sandunil,
me oya gawa wadipura 4n ekak thiyenawanam mata denna puluwanda?"
ලැබෙන ප්‍රතිචාරය කොයික වුණත් ඒකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා යවපු
පළවෙනි මැසේජ් එකට හිතුවටත් වඩා ඉක්මණට පිළිතුරු ලැබුණා.
"Ow
tharu, ma laga 4n ekak nam thiyenawa. Oyata onada? Ona nam mama eka oyata
dennam"
බලාපොරොත්තු නොවුණු පිළිතුරක්... ඒ ලැබුණු පිළිතුරෙන් ගොඩක් සතුටු
වුණා මම... සතුටු වෙලා මදි ස්තුති කරන්නත් ඕන.
"Thank
you Sandunil,Oyata kawadada eka denna puluwan?"
"Ada
nam denna widiyak na tharu. Mama dan maths clz yana gaman. Heta hawasa
hambunoth athi neda?"
නිකං හම්බෙන අස්පයගේ දත් ගනින්න යන්නෙ යන්නෙ මොන එහෙකටද?
"Ok.
Ehenma heta hawasa chemistry clz arila yana gaman mama 4n eka gannam. Oyata
hawasa 5ta withara clz eka gawata enna puluwan ne. Bye. Tc"
"හ්ම්ම්... වැඩේ හරි බං.... හෙට දෙන්නම් කිව්ව..." හෙමින් සීරුවේ
මල්කිට එහෙම කිව්වම ඒකි පොඩි හිනාවක් දැම්මා..."
හවස 2.30ට පංතියෙන් එළියට බහිද්දී ඔළුවට ආවේ තාත්තා. දැන් කොහොමද තාත්තට ෆෝන් එක දෙන්නේ.. සිම් එක තියාගන්නත් ඕන.
"ඇයි මචෝ මොකක්ද අවුල"
ෆෝන් එක අතේ තියාගෙන බස් එකේ ඩබල් සීට් එකට වෙලා තනියම ඉඳගෙන හිටපු
මට මධූ ලඟට ඇවිත් අහනකල් කල්පනාවක් වුණේ නෑ.
"නෑ බං... තාත්ත ෆෝන් එක ඉල්ලනවා.. අර සඳුනිල්...මතකයි නේද? අර මට
ෆේස්බුක් එකේ මැසේජ් කලේ..එයා මට ෆෝන් එකක් දෙනව කිව්ව... ඒත් මම කල්පනා කලේ සිම්
එක තියාගන්නත් ඕන.. තාත්තට දෙන්නත් ඕන..සිම් එකක් නැතුව දෙන්නත් බෑ නේ.."
"අයියෝ...සිම්පල් ප්ලෑන් එකක්නෙ තරූ... මා ගාව පරණ ඩයලොග් සිම් එකක්
තියෙනවා. උඹේ සිම් එක අරන් ඒක දාල දියන් ඕෆ් කරලා..."
"ශික්..මට එහෙම කල්පනාවක් ආවෙ නෑනේ.. ගොඩක් ස්තුතියි කෙල්ලේ..."
පැය එකයි කාලක විතර බස් චාරිකාවකින් පස්සෙ ගෙදර ආපු මම තාත්ත
ඉල්ලන්නත් කලින් ෆෝන් එක එයාගේ මේසෙ උඩින් තියල මගෙ කාමරේට ගියා. ගෙදර ගිහින් වෙනද
විදියටම ඇඟ හෝදගෙන,රෙදි ටිකත් හෝදලා,කාල හෙට පංති පොත් ටික බලන්න ගත්තා..
"දුවේ...අද චූටි අයියා ස්කයිප් කතා කරනවා කියපු දවස නේද?"
"ආ... ඒ අදද?
මට මතකත් නෑ.. හවස 6.30 ට විතර කතා කරමුකෝ
එහෙනම්.."
මේ ටිකට සිද්ධ වුණු දේවල් වල හැටියට මේක අමතක වුණු ඒ හැටි පුදුමයක්
නෙමෙයි. ගෙදර වැඩට දීල තිබ්බ රසායනික පරිවර්තන කීපයක් කරපු මම හවස තේ බොන්න ගත්තු
වෙලේ සුදු අයියා ගෙදර ආවා.
"ආ.. සුදුපුතා ආවද? ඉන්නකෝ මම පුතාටත් තේ ටිකක්
හදන්න"
අම්ම එහෙම කියාගෙන ආයෙමත් කුස්සියට ගියා.. හවසට තේ බොන්න අපි පුරුදු
වෙලා තියෙන සිමෙන්ති බංකුව උඩ මා ලඟින්ම සුදු අයියා ඉඳ ගත්තෙ කැම්පස් ගිහින් ඇවිත්
ඇඟ හෝදන්නෙත් නැතුවමයි. ඇවිත් බෑග් එක ඇරලා මොකක්ද පාර්සලයක් අරගෙන අත්දෙක
පිටිපස්සට කරල හංගගත්තා...
"කෝ දැන් මගෙ සුදු නංගි ඇස් දෙක පියාගන්න"
"අපෝ මොනාද සුද්දෝ.. ම්ම්ම්... ඔන්න හරි පියාගත්තා.."
"හා... ඔන්න මම කියනකල් ඇස් අරින්න බෑ"
බොරුවට ඇස් වහගෙන වගේ උන්නට එයා කරන දේ මට පෙනුණා.
"හරි, දැන් ඇස් අරින්න"
ඔන්න මගෙ නංගියාට ඉස්සෙල්ලම උපන්දින තෑග්ග මගෙන්..බලන්න හොඳද කියල.
දැන් ඉතින් පාර්සලේ ලෙහල බලනකල් මට නිවනක් නෑ.
"ශා... ලස්සන ඇඳුමක්... ඔයා නම් හරිම ස්වීට් සුදු
අයියා..උම්ම්මා..."
"දැන් ගිහින් ඕක අම්මටයි මටයි පේන්න ඇඳන් එන්නකෝ.."
උපන්දිනේට තව දවස් පහක් විතර තිබුණත් කලින්ම ලැබුණු තෑග්ගෙන් ගොඩක්
සතුටින් උන්නු මට අනිත් ප්‍රශ්න ඔක්කොම මොහොතකට අමතක උණා. මම ඇඳුම ඇඳන් එළියට
එද්දී අම්මයි සුදු අයියයි තේ බොනවා.
"මේ බලන්න... ලස්සනයිද?" පොඩි
වටයක් එහෙම කැරකිලා ඇඩ් එකක් දාල මම අහද්දී දෙන්නට හිනා.
"ම්ම්ම්ම්... දුවේ ඔයා හරි හැඩයිනෙ මේ ඇඳුමට. සුදු පුතා ගාණට ඇඳුම
තෝරලා"
අම්ම එහෙම කියද්දී සුදු අයිය කැට කොණින් හිනා වෙනවා මම දැක්ක. අම්ම
දන්නවයි ඕවා..
"එහෙනම් අම්මේ අවුරුද්දට රෙදි ගන්න යද්දී ඊළඟ පාර මෙයාව එක්කන් යන්නයි
තියෙන්නේ නේද?"
"අනේ මේ මම නම් නෑ ඕවට."එන පොට
හොඳ නැති නිසා සුදු අයියා නැගිටලා බෑග් එකත් එල්ලගෙන ගෙට ගියා. තේ එකත් තවම
ඉතිරියි..
තාත්තා එන කොට වෙලාව රෑ 7.30ට විතර. එතකොට චූටි අයියා එක්ක අපි කතා කරන්න පටන්
අරන් තිබුණේ.
"තරූ, ඔයා මේ පාර ටර්ම් ටෙස්ට් එකට 75 වඩා ඉහළ හැම සබ්ජෙක්ට් එකටම
ලකුණු ගත්තොත් මම ඔයාට අයිපොඩ් එකක් එවනවා"
කියද්දීත් ආසාවෙ බෑ.. මොනා කරන්නද? ටර්ම් ටෙස්ට්...අම්මෝ නෑ
නෑ අයිපොඩ් නැතුවට කමක් නෑ...
"මම ඔයාට බර්ත්ඩේ කාඩ් එකකුයි ප්‍රසන්ට් එකකුයි පෝස්ට් කළා..කොහොමත්
එන්න සතියක් වත් යයි.."
එතනින් එහාට මම මොකුත් කතා කරන්න ගියේ නෑ. ටර්ම් ටෙස්ට් එකට පාඩම්
කරන්න තියෙන නිසා සුදු අයියට කම්පියුටර් එක වහන්න කියල මම පාඩම් කරන්න ගියා. චූටි අයිය කතා කරපු එකෙන් ෆෝන් එක ගැන අහන්න තාත්තට මතකයක් ආවෙත් නෑ.. කාලසටහනක් හදාගෙන පිළිවෙලකට පාඩම් කරන්න පුරුදු වෙලා හිටපු මම කාල බීල වෙනද වෙලාව වෙනකල්ම පාඩම් කරල ඇඳට ගියා...
හෙට අළුත් දවසක්...
***
හෙට.. සඳුනිල්ගෙයි තරූෂිගෙයි පළමු මුහුණට මුහුණ මුණගැසීම... මොකද වෙන්නේ කියල 9 කොටසින් බලමු...
සාමාන්‍යයෙන් වෙබ් අඩවියකට අවශ්‍යම නොවුනොත් ඇර බුදු පින්තූරය්ක දාන්න හොද නෑ...
ReplyDeleteඅනික මේ දාල තියෙන බුද්ද පින්තූරය මට පෙන්නුම් කරන්නෙ දකුණු පස පහල කෙළවරේ...ඒක වම්පස ඉහල වගේ තිබුන නම් ගරුත්වයක් එනවා නේද?
අනික ලව් කතා අස්සෙ බුදු පිංතූර නිකං මටනම් දිරවන්නෙ නෑ වගේ....
ම්ම්ම්ම්.... ඒක මම ඊයේ රෑම අයින් කළා. ඔයා කියන කතාවත් ඇත්ත... මම ඒක දැම්මේ වෙසක් කාලේ... ඔයාට විතරක් නෙමේ මට පෙන්නුම් කලෙත් දකුණු කෙලවරේ තමයි... ඉහළ වම් කෙලවරේ තිබුණා නම් වැඩිය ඒක ඇස ගැටෙන්නේ නැතිය කියල මම හිතනවා.. කොහොම උණත් දැන් අරලිය මල් ටික විතරයි...
Deleteඔයා කලින් ඇවිල්ලත් නෑ මගෙ හිතේ.. ඉතින් ලව් කතාව කියෙව්වද?
itiri kotasat ikmanatama danna akki........
ReplyDeleteහ්ම්ම්ම්... උත්සහ කරනවා නගෝ... :(
Deleteආ....මේ ඉන්නෙ කාලෙකින්.....
ReplyDeleteහී....ඒක තමානේ....................:)
Deleteමොකටද මේ ඒ ලෙවල් කරන අයට ෆෝන් අරන් දෙන්නේ ? ඒකෙන් වෙන්නේ පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ වැඩක් නේ... ඔන්න ඒ ලෙවල් පාස් වෙලාවත් ඉන්නවා නම් කමක් නෑ. ගොඩක් වෙලාවට දෙමව්පියෝ දරුවන්ගේ ආදරේට කරන දේවල් හරහට හිටිනවා කියන්නේ ඔය වගේ දේවල් තමා... :)
ReplyDeleteහරි දැන් කතාවට එමු..
කතාව නම් එලකිරි.. සඳුනිල්ගෙයි තරුෂිගෙයි පලමු හමුවීම බලමු... :)
අනේ මන්ද... අරන් දෙන්න හොඳ නෑ තමා නේද? ළමයි නරක් වෙනවා නේද? ... වැඩි ආදරේ නරකටලු කියන්නෙ ඒකනේ...
Deleteමොන එළකිරි ද? මටනම් එළකිරි පේනවා... බලමු බලමු...:)
පරණ කොටස් ටික දාන්න හිතිච්ච එක නම් හොද තමයි අක්කෙ.මොකද ඔයා හරි ඉක්මණට කතාව අප්ඩේට් කරනවනේ...D
ReplyDeleteආ...මේ නඟත් කාලෙකින්ද මන්ද මේ පැත්තේ... ඔව් අනේ අන්තිමට මට මතකත් නෑ කතාව අප්ඩේට් කරන වේගෙට...:)))
Deleteෆේස්බුක් ආදරය .......
ReplyDeleteහ්ම්ම්... ෆේස්බුක් වලින් පටන් ගෙන මොබයිල් ආදරයක් බවට පත්වූ ආදරය...
Deleteකාලෙකින් තව කොටසක් ඇවිත්. මෙතෙක් කතාවත් දාපු එක හොඳයි :) නැගල යනවා කතාව
ReplyDeleteඔව් අක්කේ...කාලෙකින් තමා...මම ඉතින් කාලෙකින් එන කෙනෙක්නෙ... ඔයාල ගැන හිතලමයි දැම්මේ.. ටැංකු ටැංකු...:))))
Deleteආ පෙරුම් පුරලා පුරලා තව කොටසක් ඇවිල්ලා තියෙන්නේ.. මෙතෙක් කතාව දාපු එක හොඳා... මමත් මේකෙ මුල අමතක වෙලා තිබුණේ...
ReplyDeleteආයෙත් අහල... පුරනවා කියන්නෙ මාර පෙරුම් පිරිල්ලක් පුරලා තම මේක ලියන්නේ... දැන් මතකයි නේ?? ඔන්‍න ආයේ අමතක කරගන්නේ එහෙම නෑ.. අත වනන්න ලේසි තොටුපොළක් හම්බෙලා වගේ...:)))
Deleteමම මේකතාව ආයෙ අමාරුවෙන් මතක්කර ගත්තේ සෑහෙන කාලෙකට පස්සෙ. සාරාශය දාපු එක හොඳයි. මෙන්න දැන් හැදෙන ළමයි තාත්තටත් කොලේ වහනවා
ReplyDeleteඅයියෝ...එහෙමත් එකක්ද? එහෙනම් සාරාංශය දාපු එක ගොඩාක් හොඳයි නේද?
Deleteඔව් ඔව් බලාගෙන... ඔයාටත් ඔහොම දෙයක් වෙන්න බැරි නෑනේ? :(
හම්මේ යාන්තම් ඇති මේකිට කථාව දාන්න හිතිලා
ReplyDeleteඔව් අප්පා... දාන්නෙ කවදද කියල බල බල උන්නේ... මොකෝ නරකද?
Deleteගොඩක් ස්තුතියි යාලුවේ...
ReplyDeleteහොදා හොදා .... :P
ReplyDeleteහි හී...ටැංකු ටැංකු...
Deleteආ... කාලෙකින් සඳයි තරුයි පායලා තියෙන්නෙ, වැඩ වැඩියි වගේ නේද ඔයාට! හ්ම්ම් කමක් නෑ බලමුකෝ ඊළඟ හමුවීම කොහොමද කියලා දෙන්නගෙ...
ReplyDeleteටිකක් කල් යයි හම්බෙන්න... :(
Deleteමෙගා කතා ලියන යාළුවෝ සේරම බට්ටි එක්ක ලගදිම තා වෙනවා. බට්ටිට එව්වා හරියට මිස් වෙනවනේ..අයියෝ සමාවෙන්න මගෙ නංගියෝ...
ReplyDeleteඅක්ක මෙගා නෙමේ අනිත් පෝස්ට් එකකට වත් ගොඩක් කාලෙකින් ආවේ නෑ... මම නම් ඉතිං බ්ලොග් එකක් ලිව්වම පබ්ලිෂ් කරලා ඔයාල හැමෝවම බලන්න එනවා.. හැබැයි මම එන්නේ කලාතුරකින්... ඔයාල ඉතිං නිතරම බ්ලොග් ලියන අයනේ... හා හා කමක් නෑ ඉතිං මම තරහ නෑ...
Deleteapoo ane mama aweth goda dawasakin..eth poddaine liyala thiyenne..
ReplyDeleteඔව් ඩ්‍රීම්ස්.... මමත් ලියන්නේ කලාතුරකින්නේ...
Deleteකාලෙකින් මේ පැත්තේ ආවේ.....ලස්සනයි....
ReplyDeleteඑහෙම තමා ඉතින් අපි ආවොත් විතරනෙ අයියල මේ පැත්තේ එන්නේ... ස්තුතියි :)
Deleteමම නම් ඔන්න අහම්බෙන් පය ගැහුවේ මේ පැත්තට...එක පාරටම මේ කොටස කියෙව්ව නිසා කරකලා අත්හැරිය වගේ..මුල ටිකත් කියවලම දෙන්නම්කො හොද කමෙන්ටුවක් හොදේ..
ReplyDeleteම්ම්ම්ම්.... අහම්බෙන් ආවට මීට පස්සේ දිගටම එනවනේ නේද? සාදරයෙන් පිලිගන්නවා ඔයාව...
Deleteමමත් සිම්බා මලයාගේ කථාවට එකගයි. මට දැන්තමා blog එකක කථාවක් පිළිවෙලකට කියන ක්‍රමේ තේරැනේ. මොකද මම අහම්බෙන් තමා blog කියවන්න පෙලබුනේ.....!
ReplyDeleteඅපොයි අහම්බෙන් උණත් කියවන්න අරන් තියෙන්නේ වැරදි කැටගරියක් නේ... අර තව කැටගරි පහක් හයක්ම තියෙන්නේ.... :(
Delete