ගගන දෙස යොමා දෑස
බලා හුනිමි මම ඇතිතරම්
කඩා වැටෙන කඳුලැලි වලට හොරා...
ඉකිබිඳින ගගනතට පෙම් බැඳ
වැටෙන තරු කැට දිහා බල බල
ඝනඳුරින් පිරි මැදියම් රැයක අවදිව....
හිනාවෙන්න මහ හුඟක් හයියෙන්
ආසා කළත් මං කොයිතරම්...
සිදු වුණේ සිතින්
හඬන්නට මට
සුසුම් සිත තුළ තද කරන්....
සබඳ නුඹ නමට ලියු කවි
කියනු බැරි අපමණයි මං
තවත් නොරිදා රිදුණු සිත මගෙ
මතකයෙන් නුඹ මැකීයං...
"තවත් නොරිදා රිදුණු සිත මගෙ
ReplyDeleteමතකයෙන් නුඹ මැකීයං..."
මේ ටික තමා මමත් හැමදාම කියන්නේ..
ලස්සන කවියක් යාළු..
ස්තුතියි රෙඩ්... ඔයත් කියනවද? එහෙනම් අපි දෙන්නම කියමු නේද?
Deleteමතකයන් අමතක කරන එක හොඳා...යි :)
ReplyDeleteඒක තමා නේ.. අර සිංදුවකුත් තියෙන්නේ....
Deleteඒ වුනාට අයියේ ඒක සාපෙක්ෂයිනේ
Deleteඅමතක වීම මිනිසාට ඇති වැදගත් ෆීචර් එකකි :)
ReplyDeleteඉතින් ඒ ෆීචර් එක හොඳයිද අක්කෙ?
Deleteහිත රිදෙන මතකයන් නම් අමතක කරන එකම තමයි හොඳ. කවිය ලස්සනයි :)
ReplyDeleteස්තුතියි...තාම උත්සහ කරමින් පවතිනවා... :)
Deleteමට නම් ගන සැරේටම අමතක වීමේ ලෙඩේ තියෙනවා.
ReplyDeleteඒ නිසා අමුතුවෙන් හිතලා අමතක කරන්ඩ ඕනැන්නේ නෑ...
කවි සිතුවිල්ල ලස්සනයි !
අම්මෝ එහෙමත් ලෙඩක් තියෙනවද? බොහොම භයානකයි...
Deleteහිකිස් හිකිස්... වෙලාවකට ඒකත් හොඳයි තමා....
ස්තුතියි අයියේ!
මම මේ වතුර බාල්දියක් ම අරන් ආවේ මාතෘකාව දැකලා. ඇත්තම දෙයක් ද, නැත්තම් කවියක් විතරමද? හැබැයි මටනම් දුක හිතුණා කියෙව්වට පස්සෙ!!!
ReplyDeleteඅනේ ඉතින් ඉහින්න මිසක් නාවන්න ඕන නෑ... මම නානවනෙ කොහොමත්... ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්නද?
Deleteanthima pada deka godak hithata waduna akki......lassanai pada tika....
ReplyDeleteස්තුතියි නංග ඔයාටත්....
Deleteකවි පෙල ලස්සනයි.. ඒත් මතකයන් අමතක කරන එක තමයි අමාරු..
ReplyDeleteස්තුතියි අයියා...ඒක තමයි... අමාරුයි කියල ඇත අරින්නත් බෑ නේද?
Deleteඅනේ මට කියන්නකෝ මතකයන් අමතක කරන්න සාර්ථක ක්‍රමයක්!!! :'(
ReplyDeleteලස්සනයි කවි පෙල..
භාවනා කරන්න
Delete@හිතුවක්කාරී
Deleteදන්නවනම් ඉතින් මම කියනවනේ හිතූ... ඔන්න රෙපා උදව්වට ඇවිල්ල... ස්තුතියි!!!
@රෙප් මහත්තයා
ටැංකු ඈ...
නි
ReplyDeleteය
ම
යි..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ස්
Deleteතු
ති
යි
එසේම වේවා රජතුමනි...!!!
හ්ම්ම් ....
ReplyDeleteහිනාවෙන්න මහ හුඟක් හයියෙන්
ආසා කළත් මං කොයිතරම්...
සිදු වුණේ සිතින් හඬන්නට මටත්
සුසුම් සිත තුළ තද කරන්....
ඕවා ඔහොම තමයි අනුවෝ..
ඔහොම තමයි තමා...ඒත් එහෙමයි කියලත් බෑනෙ නේ?
Deleteයකෝ මේ දවස් වල මුං ඔක්කොම ලියන්නෙ බූට් කවිනෙ!
ReplyDeleteමොකක්වත් ග්‍රහ මාරුවක්වත්ද?
බූට් කවි සින්දු තමා රහම.
අපි නොදන්න බූට්!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඈ... තව කවුද ලිව්වෙ අෆ්ෆා... මම දැක්කෙ නෑනේ...!!!
Deleteග්‍රහ මාරුවක් නම් දන්නෙ නෑ මං
ඇත්ත... විරහව උණත් ඒ කවි රසවත්...
අන්තිමට කිව්ව එක නම් තේරුනේ නෑ.. :)
අර පනුච්චිත් ලියලා තිබ්බෙ ෆියුනරල් එක කරන්න ඕනෙ හැටිත්, එතකොට Maal. හනේ මේ කෙල්ලන්ට මොනවා වෙලාද කියලා මම කල්පනා කලේ.
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ලිව පෙම් කවි
ReplyDeleteබොද වෙලා
පතු ඒ මල් දම්
වියකියලා
තවත් නම් කුමකට
නුබ බලා
තබනු පියවර
අලුත් ලොව කට
සුභ පතා
ලස්සනයි යාලු ..........
හ්ම්ම්ම් ඔයාගෙ කවියත් හරිම ලස්සනයි... මේ පැත්තට ආවට ස්තුතියි...
Deleteඅන්තිම පද හතර වැදුනා හිතට මාරෙටම.
ReplyDeleteහරිම ලස්සනයි යාලු :)
අවසාන පද හතර නියමෙටම හිතට වැදුනා.
ReplyDeleteහරිම අපූරුයි යාලු..:)
වදින්න ඕන තැනට වැදුණා නම් එච්චරයි..
Deleteස්තුතියි යාලු...:)))
අනේ මන්දා... ලස්සනයි හොදේ
ReplyDeleteඇයි ඒ අනේ මන්ද.... ස්තුතියි මල්ලියා...
Deleteකවියට :)
ReplyDeleteකවියෙ තේරුමට :(
ඔයා මාරයිනේ... එහෙම බෑ... එක්කෝ දෙකටම අකමැතියි... නැත්නම් දෙකටම කැමතියි.. දෙකක් බෑ...
Deleteලියන්න දෙයක් කල්පනාවට එන්නෙත් නැත... අපූරුය...
ReplyDeleteඅප්පේ එතරම් සංකීර්ණද? වෙන්න බෑ... ස්තුතියි!!!
Deleteනියමයි අනු !
ReplyDeleteස්තුතියි සෑම්!
Deleteඉනූ කඳලද සිඳෙන්නට පෙර මැකී යනු මතකෙන්.....
ReplyDeleteහ්ම්ම්... ඒ කඳුලැල්ල සිඳී ගිය පසු නොඑන් තව කඳුලක්...
Deleteහුග කාලෙකින් අවේ ලස්සනයි අක්කේ
ReplyDeleteඔව් ගොඩක් කාලෙකින්...ස්තුතියි මල්ලි...
Deleteලස්ස්නයි සිතුවිල්ල.. අන්තිම පද දෙක නම් නියමයි අනු.:)
ReplyDeleteස්තුතියි අක්කා... ආස නම් හොඳයිනෙ...:)))
Deleteකලෙකට පස්සෙ අනූට බ්ලොග් එක මතක්වෙලා.. පුංචි කවියක් ලියලා
ReplyDelete"තවත් නොරිදා රිදුණු සිත මගෙ
මතකයෙන් නුඹ මැකීයං..."
මෙහෙම කිව්වාම ටිකක් හිතේ තරහක් එක්ක කියනව වගේ.
කවිය කෙටි වුණත් හොඳ අදහසක් ලස්සනයි.
නෑ....මම ලඟදි කතාව ලිව්වෙ............ ඔව් කාලෙකින් ලිව්වෙ නැති නිසා කවියක් ලියන්න හිතුණා...
Deleteදිගට ලියන්න තරම් දෙයක් ඔලුවට ආවේ නෑ.. ඉතිං තාලේ එන්න ලිව්වා... ස්තුතියි
මතකයෙන් නුඹ මැකීයං... ඇයි මෙහෙම කිව්වෙ... මන් ගාව නම් ඔවාට බෙහෙත් තීනවා.. හී හී :D
ReplyDeleteබෙහෙත්.... කෝ මට ටිකක්... :)))
DeleteTime is a healer කියලත් කවුදෝ කියලා තියනවනේ... අමතක කරන්න ඕන දේවල් කාලයත් එක්කම අමතක වෙලා යාවි.. අර කිව්වත් වගේ අමතක වීමත් එක අතකට හොඳ දෙයක් තමා
ReplyDeleteඔව්... කාලයට ඉඩ දෙමු... කාලය හැම ප්‍රශ්නයක්ම හොඳින් විසඳාවි..
Deleteපෙරදා ආදරෙන්
ReplyDeleteනෂ්ඨාවශේෂ වූ
අප්‍රමාන වේදනාවක් හදවතේ
අදක ඊයෙක හඳුනාගත් ඉසව්වක
නවතින්න හදනවා
ඉතින් කුමට අවසර
කඳුලැලි නම් පුරුදුයි
නුඹට අවැසි තැනක
හිතුමතේ පැලපදියම් වෙයන්
ඇය ගැන මතකයත්
යටපත් කරගෙනම
ඔන්න ඔහොමයි මට වුනේ......!
කවිය නම් ලස්සනයි පැතූ... ඒත් කවිය පිටුපස්සෙ දුකක් හැංගිලා... :( අවසානයේ එය එසේද සිදු විය...
Deleteනුඹ හෙලන සුසුමන්
ReplyDeleteවිදින්නට පැතූ පැතුමන්
මා සිතින් විදි කඳුලැල්
කෙලස කියමිද හදේ හැගුමන්
ගඟනට පුර හඳක් ඇත පායන්න
සයුරුට වෙරල ඇත මතු දින හමුවන්න
ගගකට සයුර ඇත හෙට දින සිපගන්න
නුඹ නැත තවම මගෙ හදවත පිළිගන්න........ :-D :-D
හ්ම්ම්ම්... ආයෙත් කවි රිප්ලයි එකක් ඕන නෑ නේ?
Deleteකවිය ගැන නම් ඉතින් කියලා වැඩක් නැත.. ඔබට මෙන්ම මටද අදාළය... :))))
සිරාවටම අන්තිම කවිය හෙන ගති ඈ...
කවියටනම් කැමතියි.ඒත් කවියේ තේරුම නම්...
ReplyDeleteකමක්නෑ ඉතින් එකනම් වෙන්න ඕනේ.
හ්ම්ම්... ගොඩක් වෙලා අරන් ගලපලා ගලපලා ලිව්වේ...
Deleteකවි පෙළ නම් අවුලක් නැහැ
ReplyDeleteමට බැහැනේ තාම හරියට කවියක් ලියාගන්න
බෑයි කියල බෑයි කියල බෑ.... උත්සහ කරන්ඩෝ....
Deleteගගන මත නෙතු හුවා
ReplyDeleteමැවූ සිහින මාලිගා
බොඳව යයි නෙත් තෙමා
අද දිනේ..
සසර වසනා තුරා
මෙවන් වූ වේදනා
නොවෙන්නට මා සිතා
යන්නෙමි හැර දමා..
රිදුම් දෙන හදවතේ
වේදනා මට දැනේ
කියන්නේ ඒ කෙසේ
සිතමි මා..
මතකයන් සිවු දෙසින්
අවුලවා නෙතු අගින්
ගලනවා කොපුල්ලෙන්
නීති හඩා..
අමතක කරන්නට
වෙර දරණ සඳ
මතකයට එයි නුඹම
කෙසේ අමතක කරන්නද
අතීතේ
එක දිනක්
ඔබ මගේ මා ඔබේ
වූ බව...
අප්පේ... මේ තියෙන්නෙ කවිනේ...එල අයියා... හරිම ලස්සනයි..!!! පළමු පැමිණීම... ස්තුතියි ඔයාට මේ පැත්තට ආවට :)
ReplyDeleteරිදුම් දුන්නත් මගේ හිත
ReplyDeleteඅමතක කරන්නෙ කෙලෙස ඔබ
දුවන්නේ ඔබේ නම
මුලු හද පුරාවට
නියමම කවි ටිකක්
ඔයා කොහේ ඉඳලද ආවෙ යාලු? සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට...
Deleteඔයාගේ කවි පෙළත් ගොඩක් ලස්සනයි... ආවට ස්තුතියි...!!!
ela ela...
ReplyDelete