ලෝකෙට ආපු අය

Friday, September 7, 2012

අපිත් ගියා මහියංගණේ සවාරි


මම 10 වසරේදී ඉස්කෝලෙන් මහියංගණේ අධ්‍යාපන චාරිකාවක් ගියා. ඒ 2005 දී..අවුරුදු 7 කට ආසන්න කාලයක් ගෙවිලා. අපි ආයෙත් මහියංගණේ ගියා. මේ පාර ගියේ අපේ පවුල් වල නෑදෑ කට්ටිය.අම්මයි තාත්තයි මමයි, ලොකු මාමලාගේ පවුලේ දෙන්නයි, සුදු මාමලාගේ පවුලේ 4 දෙනයි, ඩ්‍රයිවර් මාමත් එක්ක ඔක්කොම දොළොස් දෙනයි. J  කොහේ ට්‍රිප් එකක් ගියත් අමතක නොකර ගෙනියන මගෙ සූටි කොට්ටෙ නිසා පාන්දර 6 විතර වෙනකල් මොනාද විස්තර කියල අහන්න තහනම්. JJ නංගිලා දෙන්න “අක්කෙ අපි ගාවට එන්න” කියල බල කරද්දී අම්ම ගාවට හේත්තු වුනේ ඕකටනේ.. හැබැයි කැප්ටන් ඩෝසන් කුළුණ, කඩුගන්නාව බිංගේ, හෙල්මළු ක්‍රමයට වගා කරලා තියෙන වගා බිම් මට හොඳට මතකයි. ඉස්සෙල්ලම යන්නේ නුවරනේ.. ඉතින් කැරකි කැරකි වෑන්එකේ කන්ද නගිනවා.. පාන්දර මීදුමත් යන්තමට. පරිසරය හරිම ලස්සනයි. පරිසරයේ පිංතුර ටිකක් නම් තියෙනවා හැබැයි. මේ බලන්නකෝ. මම නෙමේ ලොකු නංගි තමා ගත්තේ..





 ඇති නේද?

ඇම්බැක්කේ දේවාලයට යන පාරේ බෝඩ් එකක් මම දැක්කා..මට නම් බලන්න යන්නමයි ඕන උනේ. මම යංම කිව්වා.. කෝ ඇහුවෙ නෑනේ. ලොකු මාමා කිව්වා පුළුවන් උනොත් එන ගමන් යමු කියලා. මට සාමාන්‍ය පෙළ චිත්‍ර පාඩම මතක් වුණා.

මේ දේවාලය ලී කැටයම් වලට ප්‍රසිද්ධ බව ඔයාල දන්නව නේද? ඉතින් මේ අලංකාර කැටයම් කරපු ශිල්පියා තමා දේවේන්ද්‍ර මූලාචාරී එහෙමත් නැත්නම් දෙල්මඩ මූලාචාරී කියන කෙනා. ඉතා දුර්ලභ කැටයම් රාශියක්ම මේ දේවාලයේ තියෙනවා. (චිත්‍ර පාඩම මොහොතකට ඉවරයි) ගියේ නැති නිසා ෆොටෝ නෑ.. L

අපේ පළමු නැරඹුම් ස්ථානය (මේක තමා ලංකාවේ මගෙ ආසම තැන) වුනේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව.රැජිණ හෝටලේ පෙනෙන සීමාවේ වාහනය නවත්තලා අපි කට්ටියම දළදා වහන්සේ වඳින්න ගියා. දළදා සමිඳු වැඩ ඉන්න උඩු මහලේ ඉඳං අපි බුදුන් වැන්දා. පාසල් නිවාඩු කාලේ නිසා සෙනඟ වැඩි වගේ.. කොහොමත් මේ පුදබිම කවදාවත් පාලුවට යන එකක් නෙවේ නේ. මහල් තුනක් තියෙන කෞතුකාගාරය බලන්න ඒ වෙලාව නෙමේ. ඉතින් බලන්න උනේ නෑ.. හැබැයි මම කලින් බලලා තියෙනවා. ඉක්මනට බලල ඉවර කරන්න බෑ. මහා හුඟක් තියෙනවා ලියකියවිලි, කාසි, ඔටුණු, ඇතුළු තවත් බොහෝ දේවල්.. J

මහනුවර දළදා මාළිගාවේ චිත්‍ර ගැනත් පොඩ්ඩක් කියන්නම් නේ? දන්නෙ නැති අයත් ඇතිනෙ චුට්ටක් හරි. ලංකා රාජ්‍ය මහනුවර රාජධානියට සංක්‍රමණය උණු කාලේ මහනුවර සම්ප්‍රදාය කියල අලුත් චිත්‍ර කලාවක් බිහි උනා. දෙගල්දොරුව, රිදී විහාරය , දළදා මාළිගාව කියන තැන්වල තියෙන්නෙ මේ සම්ප්‍රදායේ චිත්‍ර. එව්වා දැක්ක ගමන් හඳුනා ගන්න පුළුවන්. ඇඳලා තියෙන්නෙ රතු පාට පසුබිමක. චිත්‍රයේ වැඩිපුර සංකේත භාවිතා කරලා තියෙනවා. ඒ සංකේත වලට විවිධ අර්ථ තියෙනවා. උදාහරණයක් විදියට නෙලුම් මලෙන් සංකේතවත් වෙන්නේ බුදු හාමුදුරුවෝ. මේවයේ පර්යාවලෝකනය නෑ. ඒ කියන්නේ චිත්‍රයේ දුර තියෙන දේවල්, ළඟ තියෙන දේවල් ඔක්කොම එකම ප්‍රමාණයට තමා ඇඳලා තියෙන්නෙ. ත්‍රිමාණ බවක් නෑ. ද්විමානයි. කාටුන් වගේ. මිනිස් රූප වල කකුල් එක පැත්තකට හැරිලා. ඇස් විවෘත වෙලා හොඳින්. (මේ ලක්ෂණය නම් මහනුවර යුගයේ නිර්මාණය වුනු බුදු පිළිම වලත් දකින්න පුළුවන්. ඔයාල දැකල ඇති නේද අඩවන් දෑස් වෙනුවට හොඳින් විවර වුනු දෑස් තියෙන පිළිම වහන්සේලා. ම්ම්ම්... තව මහනුවර යුගයේ බුදු පිළිම වල සිරස්පත දකින්න පුළුවන්.) එහෙනම් දැන් පොඩි අවබෝධයක් එන්න ඇති නේද මහනුවර යුගය ගැන. J චාරිකාවේ මෙතනින් එහාට චිත්‍ර නැති නිසා පාඩම ඉවරයි. JJJ

අපි දොළොස් දෙනාම එක පොකුරට නෙමේ උන්නේ.. ඉතින් ඊට පස්සේ අම්මයි මායි ලොකු නැන්දයි ගියා රාජ ඇතාගේ කෞතුකාගාරේ බලන්න. ඔක්කොම ෆොටෝ හැඳින්වීමත් එක්ක කියවල ඉවර වෙලා ඔලුව උස්සල බලද්දී අම්මල නෑ. එයාල එලියට වෙලා ඉඳල.. මම හිතුවේ දාල ගිහින් කියල.. JJ

නුවරින් පිටත් වෙලා කොහොමත් 9.30 – 10 වෙද්දී අපි උදේට කෑවා. දැන් යන්නේ මහනුවර- මහියංගණය පාරේ.බෝක්කු ගොඩක් පහු වුණා. හැබැයි ඒ වෙනකල් දැනන් උන්නෙ නෑ බෝක්කුවල ගහල තියෙන ඉලක්කම් වල තේරුම. කියල දුන්නෙ සුදු මාමා. 56 වෙනි කිලෝමීටර් කණුව කිට්ටු වෙද්දී 18 වංගුව පටන් ගන්නව කියල ලොකු දැන්වීම් පුවරුවක් තියෙනවා. එච්චර වෙලා කන්ද නැගපු අපි ඒ හරියෙ ටිකක් ගිමන් හැරියා. සුදු යකඩ වැටවල් දාල වට කරලා තියෙන, වාහන කීපයක් නවත්තන්න පුළුවන් තරමේ භූමි ප්‍රදේශයක් එහෙ සකස් කරලා තියෙනවා. මේ කෙල්ලො දෙන්න එතන ෆොටෝ එකක් ගහලත් නෑනේ. බලන්න... L හැබැයි ඉතින් ඒ වැටට හේත්තු වෙලා පරිසරය දිහා බැලුවම නම් හරිම ලස්සනයි. දැන් යන්නේ කන්ද බහින්න.. දහඅට වංගුවට අයිති හැම වංගුවේම අංකය සටහන් කරලා. ඒ වගේම වංගුවේ ඉදිරිපසින් කණුවක සවි කරපු විශාල උත්තල දර්පණයකුත් තියෙනවා. අපි වංගු ගන්න ගන්න ගානෙ ඒකෙන් වාහනේ දිහා බල බල යනවා. මේ දහඅට වංගුව පාර මෑතකදී නවීකරණය කරලා තියෙන නිසා එක වංගුවක් අඩු කරලා කියල කතාවක් තියෙනවනේ. ඒක ඇත්ත වෙන්න ඇති. මොකද 17 යි 18 යි දෙකම තියෙන්නෙ එක ළඟ වගේ.  එතකොට කිසි ගතියක් නෑ. මහියංගණේ ගියේ නැති කවුරුහරි ඉන්නවා නම් (නැද්ද මන්ද) බලන්නකෝ ගිහිල්ලම.



අර ඈත පේන්නේ පාර...දැක්කද?



මහියංගණේ නගරයට ආපු අපිට (මට) දකින්න ලැබුණු මුල්ම විශේෂ දේ තමයි නගරයේ තියෙන පන්සලක සුදු පාට ආලේපිත විශාල බුදු පිළිම වහන්සේ නමකුයි පැත්තකින් වැඳගෙන ඉන්න දෙවි කෙනෙකුගේ පිළිමයකුයි තිබීම. ඉස්සර එව්වා තිබ්බේ නෑලු. අලුතින් හදලා.
අපි නවාතැනට ඇවිත් දවල්ට කන්න කලින් කට්ටියට මහවැලි ගඟේ නාන්න ඕන වෙලා නෑවා.(අම්මයි මායි ඇර) අපි කකුල් හෝදගෙන ආව. Jහැබැයි කටුක පෑවිල්ල නිසා වතුර අඩුයි වගේ. එහා ඉවුරේ ඉඳං මෙහා ඉවුරට යන්නත් පුළුවන්. ඉතින් නාල ඇවිදින් කාල බීල එදාම හවස මහියංගණ සෑය වැඳ පුදාගන්න එක තමා අදහස උනේ.  පහුවදා දඹානේ යන්න බලාගෙන.හවස 5 ට විතර තේත් බීල අපි පිටත් උනා. ඉස්සර මං පුංචි කාලේ ගෙදරින් ආවට පස්සෙ පවුලෙ කට්ටිය මේ ආවාමයි. අම්ම කියනවා ඉස්සර තිබුණේ චෛත්‍ය වහන්සේ විතරලු. දැන් නම් අප්පා හරි දියුණුයි. ධාතු මන්දිරය, සීමා මාලකය, දේවාල සංකීර්ණය, දෙපැත්තකින් අතු පාත් වෙලා පොලවට මුල් ඇදපු බෝධීන්වහන්සේ.... ගොඩක් දේවල් අලුතෙන් ඇතිවෙලා.  පත්තිනි දේවාලෙට පූජා වට්ටියකුත් දීල අපි පිටත් වෙද්දී රෑ 7.30 ට විතර ඇති.
මේ තියෙන්නෙ මහියංගණ සෑය..
පහුවදා උදේටයි දවල්ටයි දෙකටමත් කෑම හදාගෙන අපි ගියේ දඹානට. ආදිවාසින් බලන්න. දඹාන පාර කියන පාරෙ යද්දී අපිට ඉස්සරහට හම්බුනා මල්ලි කෙනෙක්. පහු වෙලා ටිකක් දුර ගිහින් අත වැනුවම කොල්ල දුවගෙන ආව. ඇවිත් වාඩිවෙලා අපිට එයාලගේ සින්දු කිව්වා. සෙත් ශාන්තියක්.. දරු නැලවිල්ලක් එහෙම කිව්වා. ඉස්කෝලේ නිවාඩු කාලෙට වාහන වල නැගල සිංදු කියන එක තමාලු කරන්නෙ. පොඩි එකාගේ ආසාවනෙ J නායක ඇත්තන්ගේ ගෙදරට අපිට මඟ පෙන්නුවේ ඒ ළමයා. අපි ගිහින් පැය එකහමාරක් විතර ඉඳල හතර අතේ ෆොටෝ ගහල ආවේ. අපි සිංහල භාෂාවෙන් කතා කළත් වන්නිලැත්තෝ කතා කළේ වැදි භාෂාවෙන්මයි. හරියට අපි ඉංග්‍රීසියෙන් නම අහද්දි සිංහලෙන් උත්තර දෙනවා වගේ නේද? J වන්නිලැත්තන්ට හොඳට සිංහල පුළුවන් වුණත් එහෙම කරන්නෙ වැදි භාෂාව රැක ගන්න කියල පත්තරේක මම දැක්ක. ඒ ගෙදරදී තවත් මම දැක්ක දෙයක් තමා උන්දැට ආයුර්වේද වෛද්‍ය සභාවේ සහතිකයකුත් තියෙනවා.  තව වනස්පති කියල සහතිකේකුත් තියෙනවා.. ගහ දන්නා අයට කොළ කඩා පාන්න ඕනය නේද? JJJ උන්දලා නැතුව කැළේ තියෙන බේත් ජාති දන්නෙ අපියැ. ඒවගේම ඒ ගෙදර අතින් මැටි අතුරපු පොල් අතු සෙවිලි කළ ගෙයක්. හරිම සිසිලයි. ඒ ගෙදර ඉස්සරහ කිරිඳි ඇට වලින් හදපු මල් වට්ටි, මල් වාස්, මාල, වළලු, මුදු විකුණනවා. මල් වට්ටි 100-150 ක් වගේ. මල් වාස් නම් ඊට වැඩිද දන්නෙ නෑ. අපි ගත්තේ මල් වට්ටි දෙකක් විතරයි. වළල්ලකුත් මම අරගෙන දාල බැලුවා. මට නම් ඒක දාන්න පුළුවන් කෑල්ල ගලවන්නෙ  නැතුව. අරුන් දෙන්නට බෑ. JJ ම්ම්ම් තව කළුවර ලීයෙන් කරපු මිනිස් කැටයමක් තිබ්බ.ඒක රු 5000ලු. එව්වා ඉතින් අපට නෙමේ ටුවරිස්ට්ලට වෙන්න ඇති. තාත්ත මී පැණි කාලකුත් ගත්තා. රු 300යි. අර කම්මුල්ගාය හැදුණාම උරච්චි කරලා ගාන අලි හක්ක කියන එක, ඒ කෑල්ලකුත් ගත්තා ඒක රු 250ට ගත්තේ.

අපි ආදිවාසී ළමයි ඇඳපු චිත්‍ර බලන්නයි කෞතුකාගාරෙටයි ගියා. ඒ ළමයින්ට උගන්නන්නෙත් අපේ සිලබස්ම තමාලු. අර මල්ලි කිව්වේ. කෞතුකාගාරේ බලලා මම මතක තියාගත්තා කරුණු ටිකක් ඔයාලට කියන්නම්. තව දෙයක් කියන්න ඕන. කොයිම වෙලාවකවත් එයාල එයාලට වැද්දෝ කියාගන්නේ නෑ. කියන්නේ ආදිවාසීන් කියලා. එහෙම කියන්නෙ හරි ආඩම්බරෙන්. ඉතින් අපි වැද්දෝ කියල එයාලට කතා කරන එක හොඳ මදි නේද? අර මල්ලි එක පාරක් කිව්වා බුදු හාමුදුරුවෝ ඉස්සෙල්ලම මහියංගණයට වැඩියේ හොඳින්ම බුදු දහම අදහන පිරිස උන්නේ එහෙ නිසාලු. ඒකෙ ඇත්තක් තියෙනවද නම් දන්නේ නෑ.. J

ඉස්සරම වැදි ගැහැණු අය උඩට ඇඳුම් ඇඳලා නෑ. කෞතුකාගාරේ පින්තූර තියෙනවා. තාමත් අපිට මතක තිසා හාමි මාමට ගෑණු දෙන්නෙක් ඉඳල තියෙනවා. පළවෙනි කෙනාගේ නම දැන් අමතකයි. එයාට ළමයි 4 යි. එයා මැරුණට පස්සෙ වෙන්ටැති දෙවෙනි එක්කෙනා ගන්න ඇත්තේ. නම තමා හීනි...එයාට ළමයි 9 යි. වැඩිමලා වන්නිලැත්තෝ. එක එක ප්‍රදේශ වල වැදි නායකයෝ ගැන විස්තර තියෙනවා. එයාලගේ නැටුම් ගැන, ඇදහිලි ගැන ගොඩක් විස්තර තියෙනවා.. වැදි නැටුම් හැමදාම නටන්නෙත් නෑලු. ඒකටත් විශේෂ දවසක් තියෙනවා. ඒ පින්තූර වල තිබ්බ හැටියට නම් කවුරු හරි ආවේශ වෙලා වගේ නටද්දී වෙනත් කෙනෙක් එයාව බඩ මැද්දෙන් අල්ලාගෙන ඉන්නෙ පිටිපස්සෙන්. (වන්නිලැත්තන්ටත් ළමයි 7 ක් ඉන්නවා කියල කිව්වේ ලොකු මාමා.)
මේ රැවුල වවාගෙන ඉන්නෙ වන්නිලැත්තන්ගේ ලොකු පුතා
ඔව්වයින් මෙව්වයින් දවල් වුණා. අපි තාම උදේට කාලත් නෑ. මේ දවස් වල මාර්ග සංවර්ධන වැඩ කටයුතු යහමින් කරගෙන යන දඹාන පාරෙ ලොකු ගහක් යට හෙවනක අපි කට්ටිය උදේට කෑවා. අර මල්ලි තාම අපිත් එක්ක. J ඊට පස්සෙ එයාවත් එයාලගෙ ගෙදර ගාවින් බස්සල අපි හදාගෙන ගියපු රසකැවිලි එහෙම එයාලටත් දීල අපි දඹාන පාරෙන් එළියට ආව. අනේ ඒ අහිංසක මිනිස්සු හරියට සතුටු උනා. මේ බලන්නකෝ මල්ලි හෙන කටකාරයා... JJJ

අපේ ඊළඟ නැරඹුම් ස්ථානය.. මම උපන්තේකට ගිහින් නැති මහඔය උණු වතුර ළිං... මොනා බලන්නද ඉතින් ළිං තියෙන්නෙ නාන්නනේ නේද? J මම ඇර හැමෝම නෑවා. මම තමා ෆොටෝ ගත්තේ එවෙලෙ. ළිං නම් 7ක් තියෙනවා. හැබැයි නාන්න පුළුවන් රස්නෙට තියෙන්නේ එක ලිඳයි. අනිත් එව්වා ගොඩක් රස්නෙයි. බුබුළු දානවා. හැමදාම ඇල් වතුර නාන, ඇඟ හෝදන අයට ඒ රස්නෙ ඔරොත්තු දෙන්නේ නෑ. මං ඉතින් පාද ධෝවනය කරගෙන ආවා.  මේ තියෙන්නෙ ළිං.

මහඔය උණු වතුර ළිං
දවල් වෙලා උදේට කෑවත් නාල කට්ටියට බඩගිනි වෙලා. වාහනේ නවත්තපු තැනම අපි කට්ටිය දවල්ට කෑවා. මහියංගණේ ටවුමෙදි අපේ තාත්තට රු 650ක විතර අයිස්ක්‍රීම් දඩේකුත් වැදුණා J
සොරබොර වැව බැලුව. ඒත් ඒ ගැන කියන්න තරම් දෙයක් මේ වෙලාවෙ නෑ. අනිත් එකට යමු


මේ තියෙන්නෙ වැව - සොර බොර වැව

ඊළඟට ළමායි අපි යන්නේ රන්දෙණිගල , රන්ටැඹේ ජලාශ බලන්නයි... J හැබැයි රන්ටැඹේ බලන්න දුන්නෙ නෑ අපිට. ඒකට විශේෂ පොලිස් අවසරයක් ඕනලු. L අපිට රන්දෙණිගල බලං යන්න කිව්වා. එතන මුර කුටියේ හිටපු රණවිරු සොයුරන්ට අපි කැවිලි, බීම එහෙම දුන්නා. එයාල ෆොටෝ ගහන්න අපිට ලයිට් දාල දුන්න. එවේලේ කලුවරයිනේ. හවස 6 ත් පහු වෙලා. ඒ ෆොටෝ ලොකු මාමලාගේ කැමරාවේ. මා ගාව නැත L L ඒවා හම්බෙනකල් උන්නොත් මේක ලියන්න වෙන්නෙත් නෑනේ.

හරි ඔන්න ඉතින් ඉවරයි අපෙ සවාරිය!!!

ආපහු එද්දී මහනුවර හරහා ආවේ.. මම පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියන ගල් පුවරුව දැක්කා.  ඒ හරියෙ හෝටලේකින් රෑට කාලා හොඳට දොයියගත්තා. එතනින් එහාට ඉතින් මොන ඇම්බැක්කෙද? ගෙදර එද්දිම පාන්දර 2 යි.

ෆොටෝ වැඩි නිසයි පෝස්ට් එක දිග වගේ පේන්නේ. කම්මැලි නැතුව කියවපු හැමෝටම ස්තුතියි. ඒ වගේම වැදගත් විස්තර නොවැදගත් විදියට ලියල තියෙනවා නම් තරහ ගන්න කාරිනෑ. ඒ මම ලියන හැටි තමා... JJJ:)

ප.ලි :- මේ මහියංගණ සෑයේ හරහට තිබුණු පින්තුරේ කෙලින් කරලා දුන්නු චන්දන අයියට ගොඩක් ස්තුතියි...

63 comments:

  1. අයියෝ හලෝ ඔහොම ට්‍රිප් ගිහින් වැඩක් තියෙනවද?
    කිසි තැනකින් නලා නැ නේ.අනිත් දවසේ සමජසේවයක් කියලා හිතගේනවත් නාන්න කෝ. :)

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා...එහෙම කියන්න එපා... මම නානවා... එදා නෑවෙ නෑ... මම ආසයි උණු වතුර නාන්න. ඒත් නාන්න උනේ නෑ.. :)

      Delete
  2. පට්ට පාන්දරම කියෙව්ව මම නම්. වැදගත් පෝස්ට් එකක්. වැදි ජනතාවගේ ගති පැවතුම් ගැන ගොඩක් විස්තර තියනවා ස්පිට්ල් මහත්මයාගේ පොත් වල.
    …අර දහ අට වංගුව හරියේ පාර නියමයි.

    නාන්න නම් කම්මැලි වගේද මන්දා :)

    ReplyDelete
    Replies
    1. ස්පිට්ල් මහත්මයාගේ පොත් නම් නෑ... හැබැයි ඉස්සර පුංචි කාලේ බැද්දේගමකතාව නම් කියෙව්වා මතකයි...
      ඔව් දැන් දහඅට වංගුව පාර හදලනේ.. මරු මරු

      කම්මැලිත් නෑ... නාන්න විදියක් තිබ්බේ නෑ...

      Delete
  3. //ලොකු මාමා කිව්වා පුළුවන් උනොත් එන ගමන් යමු කියලා//

    ඔන්න ඔය වගේ කියමන් තියනවා නේද? එව්වා කවදාවත් හැබෑ වෙන්නේ නෑ :(

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... බලන්න අක්කේ... මම හරි ආසාවෙන් උන්නේ ඇම්බැක්කේ දේවාලේ බලන්න යන්න.. නැත්නම් හැමදාම යන්නෙ එකම ස්ථාන වලටමනේ... :(

      Delete
  4. අනේ අප්පා මටත් යන්න ඕන..:(

    ReplyDelete
    Replies
    1. ඉතින් යන්නකෝ...ශෝක් නේ ඉඳල හිටලවත් යන එක මේ දවස් වල නිවාඩුත් තියෙන එකේ...:)))

      Delete
  5. අයියෝ..උණුවතුර ළිං හතක් තිබිලත් නෑවෙ නැද්ද?.මොනව උනත් පට්ට ට්‍රිප් එක.

    ReplyDelete
    Replies
    1. පට්ට නම් තමා... පාරවලුත් හොඳට හදල නිසා වලවල් නෑ... වෑන් එකත් කඩාගෙන ගියා...
      හතක් තිබ්බට හතෙන්ම නාන්න බෑ අයියේ... හරිම රස්නෙයි වතුර...එකම එකයි නාන්න පුළුවන් මට්ටමේ තියෙන්නෙ.. මම නෑවෙ නැති එක ඉතින් වෙනමම වැඩක්...

      Delete
  6. ඉස්සර සිරස ටීවී එකේ ගිය කෙලින් කතාව වැඩසටහනට ඇවිත් කිංස්ලිත් එක්ක වන්නියලැත්තෝ කතා කළේ වැදි භාෂාවෙන් විතරමයි. එයා ප්‍රශ්න සිංහලෙන් අහනවා. උත්තර වැදි භාෂාවෙන් ලැබෙනවා. කෙනෙක් එතන ඉදන් ඒක පරිවර්තනය කරනවා සිංහලට. එයාට සිංහල පුලුවන් වෙලත් කතා නොකරන්නේ ඇයි කියලා ඇහුවාම වන්නියලැත්තෝ නියම කතාවක් කිව්වා. වැදි භාෂාව කතා කරන අයගේ නායකයා මම. ඉතින් ඇයි මම ඒ භාෂාවෙන් කතා නොකර වෙන භාෂාවකින් කතා කරන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ කතාව අහලා නෑ...ඒත් එහෙම වෙන්න පුළුවනි. නායකයා හැමවිටම ආදර්ශමත් විය යුතුයි...

      Delete
  7. අනූවා නෑදෑයෝ බලන්න ගිහින් වගේ. ගෙදරින්වත් නාගන්නේ නැති එකේ ට්‍රිප් එකක් ගියාමවත් නාගන්න එපායැ. :P. ඔය ගිය පාරෙන්ම ගිහින් යන්න තියෙන වික්ටෝරියා බලන්න නම් අවසර ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. වික්ටෝරියා බැලුව ඉස්කෝලෙන් ගිය සැරේ... හ්ම්ම් හ්ම්ම්.. ඔව් නෑදෑයෝ බලන්න තමා.. නවතින්නත් කිව්වා මම බෑ කියල ආව.. නාන එක නම්....

      Delete
  8. "ෆොටෝ වැඩි නිසයි" වැඩී?? මම හිතන්නෙ පොටෝ නම් මදි.. තව දාන්න තිබුනා..

    ඔය පාරෙ ගමන නම් හරිම ජොලි..(මේ කියන්නෙ හදන්න ඉස්සර) ඒත් පහලින් පේන පල්ලම් දැක්කම බඩ දඟලනවා නේද? :)

    අවසාන වශයෙන් නාන්නෙ නැති අයට ඇල්වතුර තියා උණුවතුර දුන්නත් පලක් නැති බව ඔප්පු විය..

    ReplyDelete
    Replies
    1. මචං දවසක සෙට් වෙලා යන්ද !

      Delete
    2. අපෝ වැඩි කියන්නෙ මේ ෆොටෝ ටික අප්ලෝඩ් කරගන්නත් හැට පැයක් ගියා... තව කොහෙද ඉතින්... තව ෆොටෝ ඕන නම් මගේ ඇල්බම් එකේ දාල තියෙන එව්වත් බලන්නකෝ...

      මටත් හරි ජොලි... කන්දක් නැග්ග නම් පල්ලම් බහින්නම එපැයි නේද?

      එහෙම කියන්න එපා මම පව් අප්පා...

      Delete
  9. ඔය ට්‍රිප් එක අපි කොච්චර යන්න ඇත්ද අනු අපි ඔය මහියංගනේටත් එහා වැඩ කරන කාලෙ. අපේ පවුලම ඉස්කෝලෙ නිවාඩුවක් ගානෙ කරන ඔය ට්‍රිප් එක යන්නෙ මෝට බයික් එකක. මාර ආතල්.

    දළදා මාලිගාව කොච්චර හොඳ තැනක් වුනත් මට නම් ඉස්සෙල්ලම මතක් වෙන්නෙ කාකි සූට් සෙට් එක. එතකොට බුද්ධලම්බනප්ප්‍රීතිය අමතක වෙනව.

    ඔයා රාජා ඇතා බලන්න ගියානෙ. ඔන්න ඉංග්‍රීසි ගුර පොසි ප්‍රශ්නයක් අහනවා. මැරුනු සතාගෙ හම පුරවලා ඒ විදියට හදන ශිල්පියෙකුට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද? තෑග්ග වෙරි ගූඩ් එකක්! :D

    අපි මේ ගිය අවුරුද්දෙත් ගියා ඔය වංගු දහ අටේ. දැන්නම් ලෙල දෙන්න යන්න පුලුවන්.

    බොහෝම ස්තුතියි අපිත් එක්ක මේ විස්තර බෙදා ගත්තට!


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ් අලුත් වචනයක් හොයන්ඩ යොමු කෙරුවට.. හරි ද වචනෙ ?

      Delete
    2. @Dude
      කාකි සූට් නම් මොනාද අයියා... මාළිගාව ඇතුළට අඩිය තියද්දි දැනෙන සැනසීම... කියල නිම කරන්න බෑ...

      අයියෝ සෙන්න අයියා පැනලානේ... මම උත්තරේ කියන්න හිටියේ.. දැන් ඉතින් තෑග්ග හම්බෙන්නෙ නෑනේ.. මං අඬනවා... ඉහි ඉහි ඉහි...

      ඔයාල යමක් දැනගත්තනම් ඒක මට සතුටක්...

      @සෙන්නා
      ඔය දෙන්න තනියම බේරගෙන ප්‍රශ්නේ නේ? හා හා කමක් නෑ.. මට තෑග්ගෙන් බාගයක් ඕන ඈ... :)

      Delete
  10. අපි ඒ දවස්වල මහියංගනේ යනකොට නම් වංගු දහ අටක් තිබ්බා. බස් එක වංගුව ගාවට අරගෙන නමලා වංගු ගන්න එක මාර අත්දැකීඉම. පහලින් පේන මහවැලි නිම්නය ! හුන්න්ස්ගිරි කන්ද ! ඔය සේරම ලස්සන චිත්‍රයක් අපේ ඇස් ඉදිරියේ අඳිනවා මට අද වගේ මතකයි !

    අපි එදා දඹනෙත් ගිහින් ඊට පස්සේ සොරබොර වැවේ වාන් ඇලෙන් නාලා මහියංගනෙත් වැදලා දෙහිඅත්තකණ්ඩිය ඉස්කෝලෙට ආවා (දෙහිඅත්තකණ්ඩිය - මහවැලි C කලාපයේ ය !)

    ඒක නෙමේ රක්වාන බුළුතොට පාරේ තියෙන වංගු ටික නම් පට්ට ! වංගු දහයයි තියෙන්නේ. මීදුමෙන් වැහිලා කැලෑවකින් වට වෙච්ච ලස්සන පාරක් ඒක !

    ReplyDelete
    Replies
    1. අපිත් ඉස්කෝලෙන් ගියා 2005.. ඒත් මට හරියටම වංගු 18 ගැන මතකයක් නෑ... හැබැයි වංගුව අරගෙන යද්දී පේන පරිසරය නම් පුදුම ලස්සනයි..

      ඒ පාරේ ගිහින් නෑනේ මං!!!

      Delete
  11. මාත් මේ ලගදි ගියා ඒ පැත්තේ මට ඒ මතකය අලුත් වුන මේක කියවපුවම

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මල්ලිත් ගියාද? ෂෝයි නේ?

      Delete
  12. ෆොටෝ ටික නම් ලස්සනයි, තව ටිකක් දාන්න තිබුණේ. අපේ ඒරියා එකට ඇවිල්ලත් නෑවෙ නැත්තම් ඉතින් ගෙදරදි නාන එක ගැන මොන කතාද නේද................

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා... ඔතන ළිං වල ෆොටෝ එක විතරයි මම ගත්තේ..අනිත් එව්වා නංගිලා දෙන්න ගත්තේ... මේ... ඉතින් ඔයාගේ ඒරියා එක කොහෙද? මම දන්නේ නෑනේ...

      Delete
  13. මමත් නුවර හිටියට ඕවා දැකලා එපා වෙලා නෑ තාමත් මමත් නුවර ආසම තැනක් තමා මාලිගාව අඩුම ගානෙ මාසෙකට සැරයක් වත් යනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඉතින් නුවර ඉන්න ඔයාම එහෙම නම් මේ ඩොටේ ඉන්න අපි කොහොම වෙන්න ඕනද?

      Delete
  14. ඇම්බැක්ක කියන්නේ අපේ ගෙවල් වලට කිට්ටු තැනක්. ඒත් කිව්වට විශ්වාස කරන්න මම අදවෙනකම් ඔතනට ගිහින් නෑ. ලංකාතිලකෙට නම් ගිහින් තියනවා. ලංකාතිලකේ තියනවා ගලක ගැඹුරට ගිය ලොකු පා අඩි සටහනක් වගේ දෙයක්. මිනිස්සු කියන්නේ ඒකට යකාගේ අඩිය කියලා. සමහරු කියන්නේ කුම්භකරණ ගේ අඩිය කියල.

    මහියංගනේ ගිහින් තියෙන්නේ දෙතුන්පාරක් විතරයි. ඒත් අද වෙනකම් උණුවතුර ලිං වලට ගිහින් නෑ. ඔය ලිං වලින් නාපුවාම ලෙඩ හොඳ වෙනවා කියලා කියනවා මම අහල තියනවා. සත්‍යතාවක් ඇති. මොකද ඔය ලිංවල ඛනිජ ලවන වර්ග වැඩිපුර තියන බව විද්‍යාඥයෝ හොයාගන තියනවලු. වැද්දෝ ගැන කියද්දී.. අද කොහෙද වැද්දෝ?? අනික ඉතින් මේ ඉන්න කලවැද්දෝ දැක්කට පස්සේ ආයේ මොකටද වැද්දෝ හොයන්න යන්නේ?

    ReplyDelete
    Replies
    1. අපෝ ක්සැන්ඩර් අයියා... වැඩක් නෑ වැඩක් නෑ... ලංකාවට ගිහාම වත් යන්න බලන්න... ගිහින් බලලා මට ෆොටෝ ටිකක් එවන්න... මම නම් ලංකාතිලකෙට ගිහිල්ලත් නෑ...

      ඔව් එහෙම කතාවක් නම් තියෙනවා තමයි... සමහර තැන් වල තියෙන්නේ ඖෂධ පොකුණු කියලා... වැද්දෝ ගැන නම් ඉතින්... එයාලවත් බලන්න එපයි නේ?

      Delete
  15. වන්නිලා ඇත්තගේ ලොකු පුතාගේ e mail adress එක ඔයා ඉල්ලගත්ත කියන්නේ ඇත්තද?? හික්ස්... (ලිපිය එල )

    ReplyDelete
    Replies
    1. ඉල්ලගෙන වැඩක් නෑ අප්පා.. මම හිතන්නේ එයා කැකුලියක් ඇන්න ඇවිත් ඇති... ස්තුතියි...

      Delete
  16. ම් හොඳ ට්‍රිප් එකක් නේව ඔන්න මමත් ඔය හරියෙන් ආව ගිය සෙනසුරාද උනුවතුර ලිං බලන්න ගියා කිව්ව නේව ඔයා හිසහස ලියන සඳරු මලයගේ ගේවල් කිට්ටුවටම ගොහින් ඇවිත් නේව

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් හොඳ ට්‍රිප් එකක් නම් තමයි... සඳරු අයියගේ ගෙවල් ඉතින් දන්නේ නෑ නෙව... මම නම් ඒ එහෙ ගියාමයි...

      Delete
  17. දෙයියනේ මට ආසාවට ට්‍රිප් එකක් යන්න නෑනේ.........

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි ඒ මොකෝ? දැන් එක්සෑම් ඉවරනේ.. කොහේ හරි යන්න...

      Delete
    2. බලමු.යන්න තමා ඉන්නේ නම්

      Delete
  18. අඩේ................පට්ටනෙ ඈ.....

    ReplyDelete
    Replies
    1. ඔව් හලේ පට්ට නම් තමා......

      Delete
  19. මම තාම ගිහින් නෑ..

    ReplyDelete
    Replies
    1. ඉතින් ලංකාවට ගිහාම මදාරත් එක්ක ගිහින් උණු වතුර නාලම එන්න බැරියැ... සඳරු අයියලත් කිට්ටුව ඉන්නවලුනේ...

      Delete
  20. ඔන්න අනුවෝ මමත් ඔයත් එක්කම මහියංගනේ ආව. මම දැක්ක අනික් අය මහවැලි ගඟේ නානකොට කම්මැලියා වගේ නොනා බලන් ඉන්නන හැටි. හෙහ් හෙහ්.

    අර සොරබොර වැවේ පින්තුරේ මගේ හිතට ඇල්ලුවා හොඳේ . මමත් එක පාරක් මහියංගනේ ගිහින් තියනව.

    ReplyDelete
    Replies
    1. අපෝ... ලැජ්ජා නැද්ද අලේ නාන දිහා බලං ඉන්ට... හා හා ඔයා නාලත් නෑ ඒ කියන්නේ....

      ආ ඒක ලස්සනද? තව ෆොටෝ ඇති බුකියේ...

      Delete
  21. ආදිවාසින් බැලුවද දන්නේ නැහැ එයාලව බලන්න තව ආදිවාසින් සෙට් එකක් ඇවිල්ලා කියලා?.

    ReplyDelete
    Replies
    1. අනිවා... ඒකනේ... අනිත් අයව කෙසේ වෙතත් මාව නවත්ත ගන්නම හැදුවා.. මගේ බලේට ආවේ... :)))

      Delete
  22. ස්තූතියි අනූ අපිව සවාරියක් එක්කන් ගියාට... හරී කිව්වා වගේ නාන්නැති එකා නාන්නෙම නෑ තමා.. ඒක හොඳටම ඔප්පු වුනා.... :-)

    වන්නිලැත්තොත් දැන් වෙළදාමට බැහලද ?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... ඔයාල මොනා හරි අලුත් දෙයක් දන ගත්තද මන්ද... හිකිස්‌... කොහොමහරි කමක් නෑ ඔන්න මම එක්ක ගියා ඈ...

      එයා නෙමේ... එයාගෙ ගේ ගාව ඉස්තෝප්පුවේ තියාගෙන අනිත් උන් විකුණනවා...

      Delete
  23. මගේ යාළු මාළු කැකුලියෝ ටික යහතින් හිටියා නේද අනූ අක්කේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පේ... කැකුලියෝ නම් එකෙක්වත් දැක්කේ නෑ රජතුමනි... කැකුලියන්ට ගෙයින් එලියට බහින්න දෙන්නේ නෑ...

      එසේම වේවා!!!

      Delete
  24. කියන්න දෙයක් නෑ නියම ට්‍රිප් එක. මහියංගනේ අලුත් පාර හැදුවට පස්සේ යන්න බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. අයියෝ..දැන් නේ යන්න ඕන... එළකිරි වගේ... නියමයි කියන්නේ ආයේ ඉතින් කියල වැඩක් නෑ...

      Delete
  25. මහියංගනේ දහඅට වංගුව හරියේ පාර දැක්කම මම හිතුවේ හයි වේ එක කියලා නෙව!! ඒක නෙවෙයි අක්කේ. ඇයි හැබෑට අනිත් හැමෝම නාද්දී එක තැනක දී වත් නෑවේ නැත්තේ? ඔච්චරට ම කම්මැලි ද?

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි..ඒ තරමටම පාර හදල සුපිරියට... දඹාන හරියේ පාරත් අලුතෙන් හද හද උන්නේ... නෑවෙ නැත්තේ මල්ලි...... එක්කෝ ඒක ඕන නෑ.. :)))))

      Delete
  26. දහඅට වංගුව හදල නේද??ඒක හදපු එකනම් ඒක අතකට හොඳයි!ඒත් ඒකෙ තිබුන ස්වභාවික ලස්සන නැති උනාද කියලත් හිතෙනවා.මහියංගනේ අපි ගිය ඒකම ඒක පාරක්.වැද්දෝ තමයි මාර බුවාලා.උන් ඇත් දළ වලින් කපපු මුදු කියල මී හරක් අන් වලින් කපපු මුදු විකුනනවනේ!උනුත් දැන් වාණිජකරණය වෙලා!:P

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලි දහඅට වංගුව හදලා... හැබැයි ඉතින් ස්වභාවික ලස්සන නැති වෙලාමත් නෑ... තාමත් ලස්සනයි... හිකිස්‌...,,, ඉතින් ඔයා කොහොමද හොයා ගත්තේ? මී හරකා ඔයාට ඇවිත් කිව්වද? ඔව්.. ඇත්තටම වැද්දොත් දැන් මොබයිල් ෆෝන් වලට එහෙම පුරුදු වෙලා... එහෙම තමා ඉතින් එව්වා නවත්තන්න බෑ... :)))

      Delete
  27. හරි එක්කෙනෙක්නේ බලාගෙන ගියාම... ට්‍රිප් යනකොට ගෙදර තියෙන කොට්ටෙත් එක්කරගෙන යනවද?....

    ReplyDelete
    Replies
    1. අයියෝ... ඕක නම් අද ඊයේ පුරුදු උන දෙයක් නෙමේ... ඉස්සර ඉඳලම එහෙමයි.. ට්‍රිප් කොහෙද කොට්ටෙ එතන!!!

      Delete
  28. වාව් නියමයි...! මේලිපිය මාර tribunal of inquiry ගැන පාඨක අපව ගෙන යනවා...! නංගී ඔයාගේ උත්සහය සාර්තකයි.

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..