ලෝකෙට ආපු අය

Wednesday, December 19, 2012

සමාවෙන්න... අදත් පරක්කුයි...ඒත් කමක් නෑ...

හ්ම්ම්... යාළුවනේකොහොමදඔයාල හැමෝම සතුටින් ඉන්නවා ඇති කියල මම හිතනවා... සුපුරුදු ලිපි වලින් මිදිලා අද මේ සූදානම ඔයාලට ස්තුති කරන්නයි... JJJ ඉස්සර ඉඳං මගේ බ්ලොග් එක බලපු කට්ටිය දන්නවා ඇති හරියටම 25 වෙනි පෝස්ට් එකේදී මං ඒ වෙනකල් උන්නු හැමෝටම ස්තුති කළා... අද ස්තුති කරන්නේ මොකටදමම පෝස්ට් 50 ලියලදනෑ.... තවම 47 යි... ඒක නෙමේ වැඩේ.. මම මගේ බ්ලොග් එක ලියන්න පටන් අරං අවුරුද්දක් ගෙවිලා (අදට නෙමෙයි ඊයේට)...කාලෙ ගිහින් දන්නෙම නෑ... ඉතින් හිතුවා ඔයාලට පොඩි පාටියක් දෙන්න... J J J

මේ පහල මං නම් දාල තියෙන අයගෙවිස්තර මම 25 වෙනි පෝස්ට් එකේ දැම්ම නිසා දැන් නම් විතරයි දාන්නේ...


වර්ණාගේ මතක ලියන වර්ණා, කම්මැලියා බ්ලොග් එක ලියපු කම්මැලියාමහිම මදුරංග  අයියා,  අසරණයා බ්ලොග් එක ලියන අසරණයා අයියා...චරිත්|charith, කසුන්ට හිතෙන හැටි ලියන Kasun අයියා , යසයා මල්ලි,Red's solitary world ලියන  Red Riding Hood , මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා ලියන  මධුරංග අයියා  , රෙපාගේ අම්බලම ලියන රෙප් මහත්තයා අයියා, ගැමියාගේ පත් ඉරුව ලියන ගැමියාගේ පත් ඉරුව මල්ලී, පහන්යාය ලියන සයුරි අක්කා,  මන්ඩිපාල බ්ලොග් එක ලියන මන්ඩිපාල මල්ලී, ප්‍රදීප් ගුණරත්න, ලාහිරු දහසක් දිලීදිලී බ්ලොග් එක ලියන ලහිරු අයියා, වර්ණ බ්ලොග් එක ලියන Dinesh අයියා, Dulitha Sameera, OBSERVER ලියපු OBSERVER  (ඔබා මාමා)Kawikarige Kathandara ලියන ඊ මේල් කවිකාරි නැන්දාපවනි බ්ලොග් එක ලියන පවනි, හර්ෂ. එම්. හේරත් , තරූගේ ලෝකය බ්ලොග් එක ලියන තරූ අයියා, හිතුවක්කාරිගේ හිත ලියන හිතුවක්කාරීමොන්ටිසෝරිය බ්ලොග් එක ලියන රවීන් අයියා, කෝඩුකාරයාගේ අඩවිය ලියන කෝඩුකාරයා මල්ලිඔබ නොදුටු ලොවක් බ්ලොග් එක ලියන  ඔබ නොදුටු ලොවක් අයියා, හරීගේ හීනලන්තය ලියන හරී අයියා, Miyuruworld බ්ලොග් එකේ අයිතිකාර Miyuru නැත්නම් මිහිරි අක්කා, දේවාගේ අඩවිය බ්ලොග් එක ලියන  දේවා ගේ අඩවිය  හෙවත් දේවා අයියා, A Plus Tutes ලියන ashan මල්ලිIceගේ කොලම ලියන Ice (අයේෂා කුලතුංග) නංගි, රොෂාන්ගේ සිතුවිලි ලියන රොෂාන්, වීදුරු ගෙවල් ලියන  පූසා අයියා, බට්ටි බ්ලොග් එක ලියන  බට්ටි  අක්කා, ඉන්දික, Sam's Creations ලියන සෑම් අයියා, ලට්ට ලොට්ට ලියන පොඩි මෑන්, ඇට්ටර අප්පු, s a b i t h බ්ලොග් එක ලියන  s a b i t h අයියා, todayඔසී කතා බ්ලොග් එක ලියන කස්ස අයියා, සිතෙහි සිතුවම් ලියන Beta bawa මල්ලි, චතුගේ කතා ලියන Chathuranga Perera, WWW.BATMARK.TK කරන බැට් මෑන් ආගන්තුකයා බ්ලොග් එක ලියන ආගන්තුකයා  මල්ලි , Maligawa බ්ලොග් එක ලියන Kumaraya අයියා, වැහි පොදක් ලියන කල්ප, විකාර ලියන නාකියා අයියා, නොසිතු අයෙක්  ලියන නොසිතූ අයෙක් මල්ලි, ස්වායක්ත සිද්ධිය ලියන  Nuwan Tharaka  මල්ලි,  අපි අපි වගේ ලියන අපි අපි වගේ මල්ලි, බ්ලොග් එක වහපු දිල් අක්කා,  සිත්රූ සිහින ලියන සිත්රූ සිහින අක්ක, Chiran's Blog කියන එක ලියන චිරාන් MAX, ALL SRILANKANS ලියන Dilhan Padeniya කියන අයියාරාජ්ගේ නවාතැන ලියන රාජ් අයියා ,  නන්නාඳුනන්නියකගේ අකුරු ගෙත්තම ලියන නන්ඳු අක්කා, කතන්දර බ්ලොග් එක ලියන කතන්දර Kathandara, මිහිරි අමිහිරි ලියන ජනියා, පලාමල්ල :::: palamalla ලියන පිස්සා පලාමල්ල  අයියාIsanka SilvaRuka බ්ලොග් එකේ Ruka යියා, සැහැල්ලුව ලියන ඉන්දික උපශාන්ත අයිය, මහාචාර්ය කැල්කියුලස්නිසුගේ කතා බ්ලොග් එක ලියන නිසුපා  අක්කාදඩබ්බරයාගේ ලෝකය ලියපු දඩබ්බරයාසිහින මතකයන් බ්ලොග් එක ලියන  සිහින මතකයන්dreams බ්ලොග් එක ලියන dreams සහෝදරීමිරිඟුවක් පසුපස ලියපු W. පුබුදු මල්ලි, දුමිගේ කට කහන කතා ලියන දුමී අයියාබිම්සර මල්ලිසරත් සමයේ විහඟ ගීතය ලියපු Malishaපිස්සු පුරවරය බ්ලොග් එක ලියන හිතහොඳ පිස්සාඅස්වැන්න බ්ලොග් එක ලියන  දයානන්ද රත්නායකයන්සාතන්ගේ අඩවිය බ්ලොග් එක ලියන සාතන් අයියාතහනම් අඩවිය ලියන අඩවි රජා මල්ලි, ජිංජිගේ U-TURN එක ලියන ජිංජිබිරිස්Harshanaඅත්තම්මගේ පෙට්ටගම කියන බ්ලොග් එකේ කාලයක් හිටියා කියපු Gimhani අක්ක Gordonia ceylanica,  ළහිරුගේ සිංහල Blog අඩවිය ලියන ළහිරු හිමේෂ් කියන සහෝදරයාවිමුක්ති බ්ලොග් එක ලියන විමුක්ති, මතකයේ රැඳුන තැන් ලියන ලොකු පුතාඅග්නිධාරා බ්ලොග් එක ලියන අග්නි ධාරා නංගිසොඳුරු මිනිසා බ්ලොග් එක ලියන  සොඳුරු මිනිසාමෙතෙක් ආ මඟ ලියන අසේලකුරුන්ද ලියන Senna අයියාකලාකරුවාගේ සිත් ඉම ලියන කලාකාරයා, බට්ටාගේ පුස්කොලපොත බ්ලොග් එක ලියන බට්ටා මල්ලීමකුළු පැංචිගේ වියමන ලියන මකුළු පැංචි අක්කාChathuසිත් අහස ලියන ප්‍රාර්ථනා අක්කාතරු අරුන්දතී ලියන තරු අරුන්දතී අක්කා.. සෝරෝගේ ලට පටසිතුවිල්ලක අරුම ලියන සෝරෝ සහෝදරයාcool ලියන Fathima Reeza අක්කා, dinu89අළුපාට හැන්දෑව ලියපු චින්චැට් කිරිල්ලී, ඉතාලියේ සිට ලියමි ලියන ItalyDilanසිතුම් පැතුම්  බ්ලොග් එකේ පැතුම් [සිතුම් පැතුම්], මඩිස්ස ලියන මඩිස්සලේ නිශාන්මාවතේ අපි ලියන පුබුදුවා, ටෙඩිගේ ලෝකය ලියන ටෙඩි අක්කා, ගෝල්ඩ්ෆිෂ්ගේ මාළු ටැංකිය ලියන prasanna86kමියුරු කල්පනා ලියන priyantha අයියා , අරුණැල්ල ලියන NJ ranGO , සොඳුරු සිතැති මිනිසා බ්ලොග් එක ලියන සොඳුරු සිතැති මිනිසාකුබුවිගේ ලෝකය ලියන කුබූ අයියාකිරිපුතාගේ විත්ති ලියන කිරි පුතාපන්සල්  හංදිය බ්ලොග් එක ලියන පන්සල් හංදිය, වැහි වැටෙන තැන ලියන වර්ෂා නංගි, Podi Kumarihami ලියන Praveena Palipana අක්කාසල්මාන් ඛාන්නොහිම් සිහින ලියන නොහිම් සිහින

ඔන්න ඔහොමයි එතෙක් හිටපු යාළුවො කට්ටිය... ඉතින් දැන් අලුත් කට්ටිය අඳුන ගම්මු නේද

ස්තුති පෝස්ට් එකෙන්  මේ පැත්තට ආවා තොටුපොළ අයිනේ ලියන තොටිය අයියා... අර ගස් උඩ ඉඳං බියර් බොන වඳුරන්ව පොටෝ ගත්තෙ මෙයා තමයි... J

මහී බ්ලොග් එකේ දඟ මල්ල ආවා... එයා නම් කිව්ව කලින් ආවා කියල.. හැබැයි කමෙන්ට් එකක් නම් හොයාගන්න බැරි උනා යාලු... L

යාමය ලියන A-Wikz ආවා... අම්මෝ ඒක බය හිතෙන බ්ලොග් එකක්.. බූත කතා තියෙන්නේ.. L මම නිකමට ගිහිල්ල බැලුවේ ඊයේ...

රස්තියදුකාරයාගේ දිනපොත ලියන  රස්තියදුකාරයාගේ දිනපොත සහෝදරයා... අනේ මොකට දාගත්තද මන්ද ඒ නම.. අපරාදේ.. ඔන්න රස්තියාදුවෙ ගිහින් එහෙම අහුවෙන්නෑ... J

Raj ලියන Raj අයියා ආවා.. එයත් ආවලු.. අනේ මන්ද.. මට හම්බුනේ නෑ කලින් කමෙන්ට් එකක් නම්.. L

Blog Internet money making technique ලියන Timm යාළුවා ආවා.. ඊට පස්සෙ නම් නෑ...
------------------------------------------------------------------------------------------------------------

26 වෙනි පෝස්ටුව බලන්න අලුතෙන් ආවෙ  VITTORI සහ මට හිතෙන හැටි බ්ලොග් එකේ හෙන්රි අයියා... හෙන්රි අයියා නම් දැන් තරහ වෙලාද දන්නෙත් නෑ.. මේ පැත්තෙ එන්නෙ නෑ... L
-----------------------------------------------------------------------------------------------------------

27  වෙනි ලිපියෙන් ~C~ කියල යාලුවෙන් ආවා.. වැඩි විස්තර නොදනිමි...

හෙළයේ ඉතිහාසය ලියන යසිරු මල්ලි ආවා.. මම නම් එකම එක දවසද මන්ද ගියේ...

 A-සම්මතයෙන් ලියන රැඩියා අයියා ආවා... මමත් හිටපු ගමන් යනවා.. එයා නම් ආවෙ නෑ ආයේ... 

Glimmer Girl නංගිත් ආවෙ කතාව කියවන්න.. 

ශ්‍රීගේ ඒරියා එක ලියන ශ්‍රීනාත් අයියාත් කිව්ව කතාව ගොඩක් ලස්සනයි කියලා.. මේ පටන් ගත්ත විතරනේ... J
-----------------------------------------------------------------------------------------------------------

28 වෙනි ලිපියෙන් පරසතු උයන ලියන මී ගොඩයා අයියා ආවා... මෙයත් ඉඳල ඉඳල මාර කවි ලියනවා.. J

සරාගේ ලෝකය ලියන Sarath Chandrasiri මහත්තයත් ආවා... මේකට.. මම නම් ගිහින් නෑ ඒකට.. බොරු නෙමේ ඔන්න

සිතුවිලි දැහැන ලියන සිතුවිලි දැහැන යාලුවත් ගොඩ වුණා මේ පැත්තට මේ පෝස්ට් එකෙන්... මමත් ආවා ඔන්න ඊයේ..
------------------------------------------------------------------------------------------------------------

29 වෙනි එකෙන්  බොරලුගොඩගේ බ්ලොග් අවකාශය ලියන බොරලුගොඩ ආවා... එයා නම් ලියන කෙනෙක් නෙමේ වගේ... එදා තිබ්බ ටික තමයි තවම... L

මේ පෝස්ට් එකට ආපු නිම්ෂා දැන් බ්ලොග් එක වහලා... 

ලයාන් යාලුවත් ආවා... හැබැයි එයාගෙත්  බ්ලොග් එක නෑ..

සුදු මහත්තයාගේ බ්ලොග් අවකාශය ලියන සුදු මහත්තය මල්ලිත් මාව බලන්න ආවෙ මේ පෝස්ට් එකෙන්.. 

අම්බලම ලියන රොබින් අයියාත් ආවා... මම එක දවසක් ආව වගේ මතකයි... හරිද මන්ද... 

අටම්පහුර සහ මහන මැෂිම ලියන ලක්මාල් අයියා... එයත් ආවා.. අනේ අපි මේ එකක් ලියා ගන්න බැරිව ඉද්දි එයා දෙකකුත් ලියනවා.. අපි පව් අනේ.... L
------------------------------------------------------------------------------------------------------------

30 වෙනි එකේ නම් අලුත් කවුරුවත් නෑ..
------------------------------------------------------------------------------------------------------------

31 වෙනි එකේ ඉන්නවා 5ක් විතර...

හුදකලා වෙඩික්කරු ලියන වෙඩික්කරු අයියා... මම නම් කාලෙකින් ආවෙ නෑ.. වෙඩි තියන්න එපා ඉතින් ඔයා ආවෙත් නෑනේ... J

අරලියා නංගි නම් කතාව කියවන්න තමයි ගොඩක් ආස.. එයා ආවෙත් මේකෙන්...

සඳ කියන අයියා දැන් බ්ලොග වහලා... කොරන්න දෙයක් නෑ... L

සක්මන ලියන Lulitha Gihan සහෝදරයත් ආවා.. මම සක්මන් කරන්න ගිහිල්ලත් නෑ එහෙ.. J

හිරු කිරණ ලියන හිරු කුමරු දැන් නම් කාලෙකින් පෑව්වෙ නෑ.. මොකෝ දන්නෙ නෑ...
------------------------------------------------------------------------------------------------------------

32 වෙනි  ලිපියට ආවා හිරුහිමාවී ලියන හිරුහිමාවී නංගි... මේ අර සිංදු කියන කෙල්ලනේ... කැම්පස් විභාග නිසා මේ දවස් වල නැතිලු.. හරි නේද නගා.. J

නොනිමි අහස ලියන අවතාර් යාලුවත් ආවා... එයා නම් ඔන්න චිත්‍ර හිටන් අඳිනවා...

මගේ සඳ ලියන පසන් අයියා නම් බොහොම කලාතුරකින් තමයි බ්ලොග් එක ලියන්නෙත්... ඉතින් වැඩිපුර එන්නෙ නම් නෑ... කමක් නෑ ඉතින්... J

ඔන්න ලෝකයේ කොනක ලියන සිඳු අක්කත් ආවා  කොහේදෝ කොනක ඉඳං... මං හිතන්නෙ එයා නම් නර්ස් අක්ක කෙනෙක්ද කොහෙද... J වැරදි නම් කවුරුහරි කියන්ඩෝ...
 -----------------------------------------------------------------------------------------------------------

33 වෙනි පෝස්ට් එක බලන්න  amila chathuranga යාළුවා ආවා... 

සිම්බාගේ අඩවිය ලියන සිම්බා මලයා අයියත් ආවා.. අර මාව මරන් කන්න නම් එපෝ කියල ලියල තිබ්බෙ ලඟදි එයානේ...
------------------------------------------------------------------------------------------------------------

34 වෙනි  පෝස්ටුවෙන් මේ පැත්තට ආවෙ අලුත් මල්ලි ලියන අලුත් මල්ලි අයියයි ලා දම් අහස ලියන රෙහානි අක්කයි... අර ලඟදි බැන්දේ එයා තමයි.. දැන් නම් අයිය රට ගිහින්...
------------------------------------------------------------------------------------------------------------

35  කියන්නෙ අලුත් යාළුවො ආපු නැති ලිපියක්...
----------------------------------------------------------------------------------------------------------

36 වෙනි එකෙන් ආවෙ චන්දනගේ සටහන් ලියන චන්දන අයියා..  ලස්සන කතාවක් ලිව්වෙ වැදි කට්ටියගෙ... ඇත්තමයි ඒක නම් මරු J

ශයංගගේ ප්‍රාන්තය ලියන ශයංග අයියත් ආවා... ඒ අයිය නම් වැඩිපුර ලියන්නෙම කවි. මට බැරිම වැඩේ ඕකනේ... දැන් දැන් ලියන කවි නම් හරි පොඩියි... හැබැයි අමුතු ගතියක් තියෙනවා.. මම ලියන කවි ඉතින් මෙලෝ රහක් නෑනේ... J 

 ක්සැන්ඩරයාගේ කොලම ලියන Alexander Cage අයියත් ආවා... 

නරුමයා ලියන නරුමයත් ආවා... අනේ යාලුවේ නම නම් හරි මදි නේද? J

පොඩි බබා ආවා.. හැබැයි  ඒ බබා දැන් බ්ලොග් එක නම් වහලා L
­­------------------------------------------------------------------------------------------------------------

37 කියන්නෙත් කවුරුත් ආවෙ නැති එකක්... 
------------------------------------------------------------------------------------------------------------

38 වෙනි පෝස්ට් එකේදී තරියාගේ කෙරුවාව ලියන තරියා අබේ මල්ලි ආව... මොකක්ද මන්ද වැඩක් පටන් අරං වැඩක් කියල කාලයක් එයා බ්ලොග් වලට ආවෙ නෑ. දැන් නම් ඔන්න ආයෙමත් ලියන්න අරං.. J 

මාතලන් බ්ලොග් එකේ මාතලන් අයියත් ඇවිදින් ගියා...

ම්ම්ම්ම් එතකොට සිතුවිලි පලසේ උමාපාරමිතාව ලියන නිශි .. එයාලත් ආව මාව බලන්න... J
------------------------------------------------------------------------------------------------------------

39 ... ඔන්න ආයෙමත් කවුරුවත්එකතු නොවුණු ලිපියක්...
------------------------------------------------------------------------------------------------------------

40  වෙනි ලිපියට Chami4u~චමි4යූ ලියන Chami4u~චමි4යූ යාලුවා එකතු වුණා.. මම එයාගේ අන්තිම පෝස්ට් එක බලන්න ගියාම තිබ්බෙ නෑ.. ආයෙමත් දාලද දන්නෙ නෑ හැබැයි... J

Sasitha Pieris යාළුවා ආවා.. හැබැයි එයාට බ්ලොග් එකක් නෑ.. L

Nimal (desertfrog) යාලුවත් ආවා... බ්ලොග් එකේ නමත් desertfrog /වැලි මැඩියා... කාන්තරේද දන්නෙ නෑ ඉන්නේ.. සමහරවිට මැදපෙරදිග රටක වෙන්නත් පුළුවන් නේද? J

කෙහෙල් කොටුවෙ චූටි මහත්තයා බුද්ධි අයියාrvajee ලියන rajee vajee ,Sajith Mendisපරිඝනක භාවිතයට අත්වැලක් සිංහලෙන් ලියන Sanjeewa Kanchanaසුජියානිදහසේ නවාතැන ලියන නිදහසේ නවාතැන... මේ කට්ටියම ආවෙ හසිත අයියගේ බ්ලොග් එක හරහා වෙන්න ඕන...
---------------------------------------------------------------------------------------------------------------

41 වෙනි පෝස්ට් එකෙන්  ආත්මීය සටහන් ලියන සමනළී ආවා... හැබැයි සමනළී ලා දෙන්නෙක් ඉන්නවා ඈ... J

පණුච්චිගේ භවන ලියන පණුච්චි ආව මේකට..

එතකොට සමකය වටේ ලියන Naleen Dilruksha අයිය...  ඒක නම් මාර බ්ලොග් එක.. පුවත් ගොන්නක්..

Kasun Dayananda යාළුවා තමා සලාදය ලියන්නේ...

Harshani Egodawatte ලියන්නෙ අනුගේ සංකල්පනා.. මලා මෙන්න තවත් අනූ කෙනෙක්...!!!
---------------------------------------------------------------------------------------------------------------

42 වෙනි පෝස්ට් එක.... දඩබ්බරයා යාළුවා ආවා.. හැබැයි බ්ලොග් එකක් නෑ ඉතින්.. L
------------------------------------------------------------------------------------------------------------

43 වෙනි පෝස්ට් එකට ආවෙ... දෙලොවක් අතර ලියන  Amila Chathuranga Bandara...

සිරාගේ කාමරේ ලියන සිරා අයියත් ආවා...  හරි ශෝක් කතා ලියනවා... එයාගෙ කතා යාළුවන්ගේ එව්ව වගේ තමා ලියන්නෙ නේ... සර් කෙනෙක් ගැන දාල තිබුණ ශෝක් ලිපියක්... J

ඊගාවට රතීගේ දිනපොත ලියන රතී අයියා

කෝරලේ වලව්ව ලියන කෝරලේ මහත්තයා අයියා.. ඩුබායි වල ඉඳං ලයිසන් ගන්න තියෙන දුෂ්කරතාව ගැන කියා දුන්නෙ මේ අයියනේ... J

බ්ලොග් එකක් නැති Deepthi Hettiarachchi අයියා...
------------------------------------------------------------------------------------------------------------

44 ටත් අලුත් යාළුවො නැත... JJJ
------------------------------------------------------------------------------------------------------------

45 වෙනි එකෙන් යාන්ත්‍රික සිතුවිල්ල ලියන යාන්ත්‍රිකයා මල්ලි ආවා... අප්පා අයින්ස්ටයිනුත් නොදන්න ෆිසික්ස් එයා දන්නෙ.. දැන් මොකක්ද ප්‍රොෆෙසර් පට්ටමකුත් හම්බෙලානේ J

නෙතු සිඹින ඉම ලියන නිල් නයනී ආවා.. මම නම් එක දවසයි ආවෙ..

එදිනෙදා ජීවිතයේ ඔබේ මගේ අත්දැකීම් ලියන silentsahan අයිය ආවා... එයත් ලියනව හොඳ වැදගත් දේවල්.. බෑ බෑ කිව්වට කවිත් ලස්සනයි... J

මගේ හද ගැස්ම ලියන Damith Sriayntha සහෝදරයත් ආවා... 

එතකොට යසිත්ගේ සිතුවිලි ලියන යසිත් මල්ලි... එයාගෙ පෝස්ට් එකේ තිබ්බ අර බ්ලොග් පේජ් එකේ උඩට යන වැඩේ මාත් කරන්න හැදුවා... හරිගියේ නෑ...
------------------------------------------------------------------------------------------------------------

46  වෙනි ලිපියෙන් උමා(දසුන්) බ්ලොග් එක ලියන උමා(දසුන්) මල්ලි ආවා...

හ්ම්ම්... ඔව්... එච්චරයි... දැනට එච්චරයි... පස්සෙන් එලවන අය 167ක් ඉන්නවා.. අනේ ඉතින් පෝස්ට් 47කට ඔය මදැයි.. J J J

ඒ වගේම මම 42 වෙනි පෝස්ට් එකේ ඉඳං මගේ බ්ලොග් එකේ URL එක වෙනස් කළා.. ඒ නිසා බ්ලොගර් අයිය මාත් එක්ක තරහ වෙලා මාව අප්ඩේට් කරන්නෙ නෑ දැන්... ඉතින් මගෙ බ්ලොග් එකට හැමදාම ආව ගිය කට්ටිය හිතන්න ඇත්තේ මම බ්ලොග් එක වහල කියල වෙන්න ඇති... නෑ.... එහෙම කලේ නෑ.. ඔයාල කැමති නම් Add By URL දීල ආයෙමත් මගෙ බ්ලොග් එක ඔයාලගෙ රෝලට දාගන්න පුළුවන්.. (මං කලෙත් එහෙම තමයි.. JJJ )

හරි.. දැන් එහෙනම් පාටිය... අයිසිං කේක් කන්න කැමති අයට මෙන්න....



ම්ම්ම්... අයිසිං වලට කැමති නැති බටර් කේක් කන්න ආස මං වගේ අයට මේක....


කූල් ඩ්‍රින්ක්ස් නෑ.. කෝපි බොමු... හොඳද? මම ආස නෑ සැර එව්ව දෙන්න... JJ


තව...මම විශේෂයෙන් මතක් කරන්න ඕන කට්ටියක් ඉන්නවා.. ඒ තමයි URL වෙනස් කළාට, නම වෙනස් කළාට, පස්සෙන් එළවන්න පටන් ගත්තු දා ඉඳං තාමත් අත් නොහැර මාත් එක්කම ඉන්න කට්ටිය.... ඒ තමයි...

සයුරි අක්කා, රෙප් අයියා, මහිම අයියා, සෙන්න අයියා, රවින් අයියා, චන්දන අයියා, සිරා අයියා, කෝරලේ මහත්තයා අයියා, සචිත් මල්ලි, යසිත් මල්ලි, හරි අයියා, ශයංග අයියා, උමා(දසුන්) මල්ලි කියන කට්ටිය... ඔයාලට මං ගොඩක් ආදරෙයි.. මේ මල් පොකුර ඔයාලට..


අපි දැන් පොඩි වැඩක් කරමු..මගෙ ලිපි වලින් ඔයාල කැමතිම එක මොකක්ද කියල හොයමු... මම මාතෘකා ටික දානවා.. ලින්ක් නැතුව.. ඔයාලට මතක් උණොත් හොඳයි...

ආදරය ලේබල් එකේ
  1. ඇත්තද මේ කියන්නේ
  2. එනවද? ආදරෙන්..නැහැ ආදරෙන් නෙමෙයි..සුපුරුදු ලෙන්ගතුකමින්... 

කාලීන ලේබල් එකේ
  1. ගණ දෙවියනි බැල්ම හෙලනු මැන
  2. එයා(ර්)ටෙල්
  3. ඇයි වහ කන්නෙ?
  4. මේ ගැනත් හිතන්න
  5. මහත් වෙලා ලෙඩ වෙමුද? නැත්නම්...

අත්දැකීම් ලේබල් එකේ 
  1. ඊයේ දහවල් සිට යුද්ධයක් කළෙමි
  2. එපා නම් මට එපාමයි
  3. ඕපදූප
  4. මළ මඟුලයි !!!
  5. ඒ ගර්ල් හරි ලකී
  6. කෙමිස්ට්‍රි පාඩම
  7. චූටි අයිය චූටි කාලෙ
  8. ශිෂ්‍යත්ව පංතිය
  9. අවුරුදු හතරක් ???
  10. තරු (නු)දුටු රැය

පිස්සු කතා ලේබල් එකේ
  1. වැඩිපුරම කැමති

නිසදැස් ලේබල් එකේ
  1. සිරකළ සිතුවිලි
  2. පොරොන්දුව
  3. තවත් එක් සිහිනයක් පමණයි
  4. සැරිසැරීම
  5. ජපන් බෝනික්කී
  6. අරුත සොයන කවිය
  7. හිතාගන්න බෑ
  8. රිදුම් දෙන සිතට - ඉසිනු මැන දිය පොදක්
  9. මතකයිද තාමත්....
  10. නොකරමි ආලය කරන්නට - කරමි ආලය විඳින්නට

කෙටිකතා  ලේබල් එකේ
  1. සේපාලිකා මල (කෙටි කතාව)
  2. පාට දෙකේ රෝස මල (කෙටි කතාව)

~~~සඳයි තරුයි~~~  ලේබල් එකේ
  1. ~~~සඳයි තරුයි~~~ 1 කොටස
  2. ~~~සඳයි තරුයි~~~ 2 කොටස
  3. ~~~සඳයි තරුයි~~~ 3 කොටස
  4. ~~~සඳයි තරුයි~~~ 4 කොටස
  5. ~~~සඳයි තරුයි~~~ 5 කොටස
  6. ~~~සඳයි තරුයි~~~ 6 කොටස
  7. ~~සඳයි තරුයි~~~ 7 කොටස
  8. ~~~සඳයි තරුයි~~~ 8 කොටස
  9. ~~සඳයි තරුයි~~~ 9 කොටස
  10. සඳයි තරුයි අහසින් බහින්න ළඟයි...

 මම ගියපු ට්‍රිප් ගැන
  1. අපිත් ගියා මහියංගණේ සවාරි
  2. අනේ මාත් එනව නුවර යන්න...

ප්‍රබන්ධයක්ම නොවේ ලේබල් එකේ
  1. සාහිත්‍ය දිනය

දහම් කරුණු ගැන ලියපුවා
  1. ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ
  2. තුඹසකින් බණ පොතට


ම්ම්ම්... අන්තිමට තවත් දෙයක්... මට ජනවාරි පොඩි එක්සෑම් එකක් තියෙනවා.. ඉතින් මේ අවුරුද්දෙ ආයෙමත් බ්ලොග් ලියන්න කල්පනාවක් නම් නෑ.. 2013 අලුත් අවුරුද්දෙ ආයෙමත් ආදරෙන් හමුවෙමු... ඔයාලා හැමෝම මට වටිනවා... J J J

අපේ සහෝදර කතෝලික මිතුරු මිතුරියන්ට ප්‍රීතිමත් නත්තලක් වගේම ඔයාල හැමෝටම 2013 සුභම සුභ නව වසරක් වෙන්න කියලා 2012 මගෙ අවසන් ලිපියෙන් ඔයාලට සුභ පතනවා...!!!

48 comments:

  1. ජය වේවා.. :) සුභ නත්තලක් හා නව වසරක් වේවා..
    2013 දීත් තව තව වැදගත් කාලීන ජොලි ලිපි ලියන්නට ශක්තිය අනූට ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රෙඩ් සහෝදරී... ඔයාටත් එසේම වේවා!!!
      වැදගත්, කාලීන, ජොලි.... ඔව් මම මේ සේරම ලියනවා... ලබන අවුරුද්දෙත්...

      Delete
  2. තුඹසකින් බණ පොතට
    සඳයි තරුයි
    සිරකළ සිතුවිලි
    ඒ ගර්ල් හරි ලකී
    ඔන්න මම වැඩිපුරම කැමති පොස්ට්. නංගිට සුභ පතන ගමන්ම තවත් මේ වගේ දිග ගමනක් යන්න වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ පාටිය කිසිගතියක් නැහැ කෝ සැර එව්වා නැහැනේ. :P ඔන්න බටර් කේක් එකනම් එල. :)

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ අන්තිම පොස්ටුව නිසා එහෙනම් සුභම සුභ නත්තලක් වේවා! කිරියෙන් පැණියෙන් ඉතිරෙන, අධ්‍යාපන කටයුතු සඵල වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!!!

      Delete
    2. බොහොම ස්තුතියි අයියා... ඔයා දන්නෙ නැතුවට කෝපි සැරයි...!!! මම කියන නිසාම පිළිගන්න එපා.. දන්න කෙනෙකුගෙන් අසා දැනගන්න... එල තමා බටර් කේක්...

      මට නත්තල් නෑලු... ඒ අයට මාත් විශ් කරනවා... අයියටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

      Delete
  3. ඔන්න මාත් ජය වේවා කියනවා !!
    ම්ම්... වැඩිපුරම ආස පොස්ට් එක්ක කියල නැහැ ඉතින්..
    මම හැබැයි පාට දෙකේ රෝස මලට කැමතියි !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඔයා එක්ක මම තරහයි... ඔයා මොන්ටිසෝරිය වැහුවනේ... :(
      වැඩිපුරම ආස එකක් නෑ කියන්නේ ඔක්කොටම එක වගේ ආසයි කියල නේ... හා හා.. මම එහෙම හිතා ගන්නවෝ...
      ඒකට නම් මාත් ආසයි..

      Delete
  4. ඔන්න මමනං අද ද මන්දා ආවේ! එහෙනම් දිගටම එන්නම්කෝ!!! සුභ පැතුම් නාඩියා ගෙන්!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඔයාව සාදරයෙන් පිළිගන්නවා... එහෙනම් දිගටම එන්නකො යාලුවේ.. මාත් ලබන අවුරුද්දේ ඉඳං ඒ පැත්තෙ එන්නම්කෝ... ඔයාටත් සුභ පැතුම් මගෙන්...

      Delete
  5. මම පළවෙනි වතාවට මේ පැත්තෙ ආවෙ.. එදාම අවුරුද්දක් පිරිලනෙ..

    අවුරුද්දට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. අම්මෝ... මෙන්න හරි අයිය බොරු කියනෝ...

      ඔයාටත් නත්තලට මගෙන් සුභ පැතුම්!!!

      Delete
  6. Replies
    1. නැතුව නැතුව.. මට අයියව අමතක නෑ... :)))

      Delete
  7. 'ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ' තමයි මම කැමති පෝස්ටුව. මගේ බ්ලොග් රෝලෙ ඔයා අප්ඩේට් වුණේ නෑනේ, මම හිතුවෙ නංගි ලියන්නෙ නැතුව ඇති කියල දැන්... කොහොම වුණත් අවුරුද්දට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඔව්.. ඒක මම ගොඩක් මහන්සි වෙලා ලියපු එකක්... ඔයාගෙ විතරක් නෙමෙයි ඉස්සර ආපු ගොඩක් අයගෙ බ්ලොග් රෝලෙ තාම තියෙන්නේ මම URL එක වෙනස් කරන්න කලින් අන්තිමට දාපු පෝස්ට් එක.. කරන්න දෙයක් නෑ.. ඒත් මම දිගටම ලිව්වා...

      අයියටත් අවුරුද්දට සුභ පතනව මම!!!

      Delete
  8. ඔන්‍න‍ ඉතින් අවුරුද්දක් පිරෙන දා මමත් අවා. සුබපැතුම් නංගියේ .

    ReplyDelete
    Replies
    1. අයියව සාදරයෙන් පිළිගන්නවා මගෙ බ්ලොග් එකට... බොහොම ස්තුතියි අය්යා... ඔයාටත් එසේම වේවා!!! ආයෙමත් ඇවිත් යන්න එන්න...

      Delete
  9. firstly i beg u pardon.... නංගී.., ඒත් මම ඔයාව ...(sorry sorry....ඔයාෙග් blog ඒක අමතක කරලා නෑ...,) but really i dont have wast time for this..... ඔයා මම ගැනත් උඩ සදහන් කරල තිෙයනව දැක්කම, මට මං ගැනම ලැජ්ජාවක් අැති උනා....ඒත් අනිවා මම nextyear'13 ත් මට පුළුපුළුවන් හැම ෙව්ලාවකම ඒනවා (ඒක මම කලිනුත් ඔයාට කියල අැති).....
    ප:ලි:- අර ජනවාරිවල exam ඒක ෙහාදට කරන්න.....i wish u all the best...මමත් ෙම් ('13) අවුරැද්ෙද් අළුත් වැඩකට අතගහන්න ඉන්ෙන්......,

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඔයත් කාලෙකින් බ්ලොග් එක ලියල නෑනේ.. මං හිතුව වැඩ ගොඩ ගැහිලා ඇති කියල... කමක් නෑ අයියා පුළුවන් වෙලාවක එන්න.. ඔයාල ආපු එකට ස්තුති කරන එක මගෙ යුතුකම...

      සුභ පැතුමට ස්තුතියි අයියේ.. (අයිය කැමතිම පෝස්ට් එක මම දන්නවා.. විභාගේ ඉවර වෙලා ඒක ලියනව හොඳේ)

      Delete
  10. සංවත්සරයට සුබ පැතුම්..!!
    ඔය තියන්නේ එල පාටියක්.. උදේම තේ බොන්නත් එක්කමයි මෙහාට ආවේ. :) මං කැමතිම පෝස්ට් හුඟක් තියනවා. වැඩියෙන්ම කැමති,

    අපිත් ගියා මහියංගණේ සවාරි
    අනේ මාත් එනව නුවර යන්න...

    ධර්ම පුරෝහිත මුගලන් හාමුදුරුවෝ
    තුඹසකින් බණ පොතට
    ඒ ගර්ල් හරි ලකී
    ආයේ මේ අවුරුද්දේ ලියන්නේ නෑ කිව්වනේ. එහෙනම් ඔන්න සුබ නව වසරක් වේවා කියලත් කියනවා!!!

    ReplyDelete
    Replies
    1. අයියෝ.. තේ නෑ නේ... කෝපි බිව්ව නේද?

      ඔයා කැමති පෝස්ට් හුඟක් තියෙනවා කියන්නේ මගෙ ලිවිල්ල සාර්ථකයි වගේ නේද? :) අහන්න සතුටුයි එහෙම...

      ඉස්සරහටත් ඔයා කැමති විදියේ ලිපි ලියවේවි... අයියටත් සුභ නව වසරක් වේවා.. ඒ වගේම බ්ලොග් එකේ ප්‍රශ්න විසඳගන්න උදව් කරනවා ටත් ගොඩක් ස්තුතියි අයියා..

      Delete
  11. ජයවේවා කියුවා..!!! පළමු වර්ෂපූර්ණය සුපිරියටම ගත්තෙ ඔයා මං හිතන්නේ..:) හික්.. මං ආවෙ හතළිස් පස්වෙනි එකේදිද? කෝමද සුපිරි ඉලක්කමක් වැටෙන්න කියල හිතලමයි ආවේ..:))
    හ්... මේ අවුරුද්දෙ ආයි ලියන්නෑ කියුවා..?
    එහෙනම් ඔන්න අක්කට සුභ නව වසරක් කියුව මේ යාන්ත්‍රික මල්ලිත්..:))

    ReplyDelete
    Replies
    1. අපි එහෙම තමා... හොඳට කාලා බීල ගියා නම් එච්චරයි... ඔව් ඉතින් මල්ලි ආවෙ 45දී නම් තමයි... කමක් නෑ දිගටම එන්නකො...

      එසේම වේවා මල්ලිටත්!!!

      Delete
  12. onna apith awilla kala bila giya ehenam. thawa dura gamanak yanna magenuth subha pethum. :)
    mama me blog eke kamathima post walata comment karala athi. eka ithin oya kohomath danna nisa aye amuthuwen kiyanna deyak nehe ne :P

    ReplyDelete
    Replies
    1. මොකෝ ඉංග්‍රීසියෙන්ම අද... හා හා... හොඳට කෑවා නම් එච්චරයි... හරි ඔන්න ඔයා කැමති පෝස්ට් මම දන්නවා... :)))

      Delete
  13. ඔන්න මමත් හදවතින්ම සුභ පතනවා මේ ආව වගේම තවත් දිගු ගමනකට..........!!!

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ ඔයා ආපු පෝස්ට් එක හොයාගන්න බැරි වෙලා නේද මට... ආත්මීය සටහන් කියල සමනළී කෙනෙකුත් ඉන්නවා.. මට පැටලිලා.. :(((

      ඔයාටත් මම සුභ පතනවා හොඳේ... ස්තුතියි....!!!

      Delete
    2. අයියෝ.... ඒක ගනන් ගන්න එපා නගා.... :D

      Delete
  14. ඉස්සෙල්ලාම ඔන්න සුබ පතනවා.අර නම් ලිස්ට් එකේ මගෙ නමත් තිබුණනේ.හිහ්,හැබැයි දැන් නම් නම වෙනස් වෙලා.))

    ආසම ලිපිය මොකද්ද කියලත් අහල තියෙන්නෙ..හහ්! ඔයා තාම ඒක ලිව්වෙ නෑ.මට දැනගන්න ඕන සදයි තරුයි එකේ මොනවද වෙන්නෙ කියල.කෝ ඉතින් ඒ ලිපිය ලියන්නෙ නෑනෙ.ගර්ර්!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්... මට නගාව ඊට පස්සෙ හොයාගන්නම බැරි උනානේ... මොකෝ වර්ෂා/ වැසි දැරිය දැන් රේන් ගර්ල් වෙලා ඈ... :)))

      හරි නගේ මම දන්නවා ඒක අතරමඟ නතර කරපු එක වැරදියි... මම ලියනව කතාව එක්සෑම් ඉවර වෙලා හොඳේ... කොහොමත් ඔයා ආසම ලිපිය ඒක වෙන්න එපැයි.. ඔයා ඒක විතරනේ කියවන්නේ.. :)))

      ගර්ර් ගෑවට මං බය නෑ හලී?

      Delete
  15. // එතකොට යසිත්ගේ සිතුවිලි ලියන යසිත් මල්ලි... එයාගෙ පෝස්ට් එකේ තිබ්බ අර බ්ලොග් පේජ් එකේ උඩට යන වැඩේ මාත් කරන්න හැදුවා... හරිගියේ නෑ... //

    බොරු කීන්න අපා.. මේක බලන්න

    සුභ පැතුම් බ්ලොග් උපන් දිනේට. තව ටික දවසකින් පෝස්ට් අර්ධ ශතකෙ පාටියත් කන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. මං කැමති චොකලට් කේක් කන්න හිහි

      Delete
    2. ඒකට පාටියක් නොදා ඉන්න බැලුවේ මල්ලි... 50 මොකක්ද 47 මොකක්ද?

      හරි ආයෙමත් බලන්නම්කො....

      ටැංකු ඈ...

      Delete
  16. ඔන්න 47 වෙනි පෝස්ට් එකෙන් පිස්සු සමියත් ආවා :D

    තවත් දිගු ගමනක් යන්න උභ පැතුම්, කෙක් රසයි.. කාලයක් ගිහින් අනික් පෝස්ට් ටිකත් කියවලම කෝකටද කැමති කියල කියන්නම් :)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ආ... ඔව් නේ... මෙන්න පිස්සු සමියත් ඇවිල්ලෝ.... :)))

      හා එහෙනම් කියවලම කියන්න හරිද...

      ඔයාටත් ජයවේවා!!!

      Delete
  17. බ්ලොගිය තුල ආ ගමන් මග ගැන මෙවැනි ලිපියක් ලියූ කිසිවෙක් මම තවම දැකලා නෑ...ඒ නිසා ඔබේ මේ උත්සාහයට මම නම් බොහොම මනාපයි... ඉක්මනින්ම අර්ධ ශතකය වාර්තා කරගන්න ලැබේවා කියලා පතනවා... ජය !

    ReplyDelete
    Replies
    1. මම 25 වෙනි ලිපියෙත් එතෙක් උන්නු අයව මතක් කළා අයියේ... 50 නම් කවද ලියාවිද මන්ද... ජයවේවා!!!

      Delete
  18. ඔයාගෙ ජීවිතේ සියලු කටයුතු සාර්ථක වෙන, නිදුක්, නිරෝගී, හිත් තැවුල් වලින් තොර, වාසනාවන්ත නව වසරකට සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඒ වගේම ලස්සනම ලස්සන අලුත් අවුරුද්දකට මමත් සුභ පතනවා!!!

      Delete
  19. හොදයි.ඔය බ්ලොග් වල ලින්ක් දැම්මා නම් තවත් හොදයි.එතකොට අපිටත් යන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. ලින්ක් දාන්න හිතාගෙන තමයි ලියන්න ගත්තෙ මල්ලි... ඒ වුණාට පරක්කු වුණා... හරියටම දවසටම දාගන්නත් බැරි වුණා.. ඒකයි ලින්ක් නොදැම්මේ... ආයෙමත් ඇවිත් යන්න එන්න...

      Delete
  20. සුභ අළුත් අවුරුද්දක් වේවා, දිර්ඝායු වේවා 90 වෝ.ප්‍රමාදයට සමාවෙන්න ඕනේ (දන්නවනේ, කම්පියුටරයක් නැතිකම තමයි ප්‍රමාදයට හේතුව)
    ඉතින් මේ අවුරුද්දේ කැම්පස් සිහිනය ඇතුළුව, අනිත් හැම සිහිනයක්ම සැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. (එවපු ඊ-මේල් එකකටවත් රිප්ලයි කරලා නැති එකනම් හෙලා දකිනවා) මගඇරිච්ච බොහොමයක් දේවල් මගඇරුණු එකම හොඳයි කියල හිතලා, ඉදිරි ජීවිතේට හොඳින් මුණ දෙන්න.තෙරුවන් සරණයි, පරෙස්සමින් ඉන්න!

    ප.ලි : බ්ලොග් "ලියපු" දඩබ්බරයාව මතක් කල එකට ගොඩාක් පිං! ඒ වගේම.... අළුත් පින්තුරේ ලස්සනයි(ලු) ;-)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා... හ්ම්ම්ම් ගොඩක් කාලෙකින් ඔයා......

      ප්‍රාර්ථනාවට ගොඩක් ස්තුතියි හොඳේ... ඔන්න මේල් එකට මම රිප්ලයි කළා... පරක්කුයි තමයි.. සමාවෙන්න ඕන...

      ඔයාටත් තෙරුවන් සරණයි.. පරිස්සමින් ඉන්න...

      අළුත් පින්තුරේ ලස්සනයි නේන්නම්...:)))

      Delete
  21. /////
    එදිනෙදා ජීවිතයේ ඔබේ මගේ අත්දැකීම් ලියන silentsahan අයිය ආවා... එයත් ලියනව හොඳ වැදගත් දේවල්.. බෑ බෑ කිව්වට කවිත් ලස්සනයි... J/////


    අනේ දරුවෝ මේක දැක්කම මට හරියට දුක හිතුනා.
    ඔයා මොන තරම් මහන්සි වෙලා තියෙනවද ඔය ඔක්කොම
    නම් ටික දාන්න වගේම ඒ ඒ අය ගැන හොද අවබෝදෙකුත්
    ලබල තියෙනවද කියල දැනෙද්දී..ගොඩක් සමාවෙන්න මන්
    මේ දවස් වල ජීවිතේම අවුල් ජාලාවක ඉන්නේ .ඒකයි එන්න
    උනේ නැත්තේ .මේ දේ දැක්කෙත් search inquires cache
    file බලද්දී ..සොරි සොරි සොරි ගොඩක් සොරි දරුවෝ...

    ReplyDelete
    Replies
    1. අයියෝ අයියා... වැඩිය ඒ ගැන හිතන්න එපා හොඳේ... මම බොහොම හිමින් ගමනක් යන්නෙ මේ... ඉතින් හැමෝටම පොඩි පොඩි අතපසුවීම් වෙනව තමයි...

      ඇයි ජීවිතේ අවුල් ජාලාවක් වෙලා තියෙන්නෙ කියල මම අහන්නෙ නෑ.. ප්‍රශ්න හැම එකම එකින් එක විසඳිලා සතුටින් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා..((අනිත් එක, මම මේ කමෙන්ට් එක ඔයාගෙ අන්තිම පෝස්ට් එකෙයි මගේ ස්තුති පෝස්ට් එකෙයි දෙකේම දානවා...))

      අළුතෙන් කතාවකුත් ලියන්න ගත්ත, වෙලාවක එන්නකො කියවල බැනල වත් යන්න...

      Delete
    2. ///ඔයාගෙ අන්තිම පෝස්ට් එකෙයි ////
      ඒ කිව්වේ ඔයා දැක්කද මගේ අන්තිම පොස්ට් එක ?
      අහිංසක ආදර කතාවක්!සියල්ල හැර යාමට මත්තෙන් ( කැපකිරීම් , පරිත්‍යාගය සමග තව මෙව්වා ගොඩක් )


      හොදමයි එන්නම්කෝ මන් බලල යන්න ..ලස්සනම
      කතාව ලියන්න බලන්න එහෙනම් මට බලන්න..හි හි...

      Delete
    3. කමෙන්ට් කරද්දී
      ඊ මේල් සබ්ස්ක්‍රයිබ් දානවා නේද ඔයා ?නැත්නම් රිප් එන්නේ නැහැ ...
      man dakka oyaa godak parak mage post ekata awa 12 parak
      withara..
      aththatama mata hari upset anu..

      Delete
    4. ඔව්... ඒක දානවා.. ඒ උනාට මොකක් හරි අවුලක් තියෙනවා... ඊ මේල් එන්නෙ නෑ මට වෙන බ්ලොග් වලින්... මගේ පෝස්ට් එකේ එව්වා විතරයි එන්නෙ... :(

      ඔව් මං ගොඩ පාරක් ආවා..

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..