ආයෙමත් ඇවිල්ලද
ආලයක් මේ හිතට...
නෑ ඒත් වෙන්න බෑ
හිත පුරා ආදරේ ඉතිරිලා යද්දි
හංගන්න හැදුවාට
හංගන්න බෑනෙ මට...
සිහිනයෙන් හිනාවෙනවද මන්ද මම නුඹ නිසා...
දෑතින්ම මුහුණ වසාගෙන
මෑත් කර හොරෙන් දබරැඟිල්ල
මං දිහා බලන කොට
සත්තමයි හිතෙනවා
මහ හුඟක් ආදරේ...
කැමති නන් දොඩවන්න
සිනාසී සිටින තුරු නුඹ...
ආසයි එකම එක වරක්
දැකගන්න ඔය මුහුණ...
ඇස් වලින් පින්තූර ගෙන
හදවතේ රඳවන්න...
හිමිදිරිය ඔබයි මගෙ
රාත්‍රිය ඔබයි මගෙ
වරින් වර තතු විමසුවද නුඹේ
ලැබෙන්නේ මඳ පමාවකිනි පිළිවදන්...
කල් ගතවු ආලයෙන්
පීඩා විඳි බව දනිමි ඔබ මා මෙන්ම...
එහෙයින්ම
ඇරයුම්
නොකරමි ආලය කරන්නට - කරමි ආලය විඳින්නට
මන්ද
මමද තනි තරුවක්මි
ඝනඳුරට පෙම්බඳින
අහිමි කරගනු නොරිසි
අවසන
ඉතිරි ඝනඳුර....
ලෙඩේ හැදිලා වගේ....
ReplyDeleteපිස්සු කතා කියන්න එපා ඈ... මේක අත්දැකීම් කිව්වට මගෙ අත්දැකීමක් නෙවෙයි... අනික මට ඔය ලෙඩේ හැදුනෙ අද ඊයෙත් නෙවෙයි.. :)))
Deleteදැන් විඳ(ව)පන් පුතේ කරුමේ......නියම පොස්ට් එක යාලු
ReplyDeleteඔන්න ඉතින් මෙයත් පටන් අරං.... මම විඳලත් තියෙනවා, විඳවලත් තියෙනවා... මේ මම නෙමේ ඈ... ස්තුතියි...
Deleteම්ම්ම්....අද මොකෝ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම ලියලා??
ReplyDeleteවෙනද මීට වඩා වැඩ කෑලි දානවා නේ..
කමක් නෑ ඉතින්.. ලෙඩේ නිසා සමාව දෙන්නම්...:D :D :D
හැමදාම හුරතල් වෙන්න බෑ නෙ අයියා... ඒකයි...
Deleteමේක ඇත්තටම ටෙස්ට් කරන්න දාපු එකක්... කලින් පෝස්ට් එක අප්ඩේට් උනේ නෑ...
හයියෝ... මට ලෙඩක් නැතෝ... :(((
ඔය වයසේ වැරැද්ද නංගි. අපිටත් ඔය වයසේදී ඔය ලෙඩේ හැදුනා wish u all the very best පද පෙළ ලස්සනට ගලපලා තියෙනවා.
ReplyDeleteකෝරලේ වලව්ව
දැන් නම් ඉවසන්න බෑ... අනේ ළමායි... මට ලෙඩක් නැතියෝ... :(((
Deleteලස්සනයි කිව්වට ස්තුතියි අයියේ..
අනු ගේ අවවාදය
ReplyDeleteමේය ලියපු කෙනාට ඒ දවස් වල වැළදුණු රෝගයකි. කියවන අපටත් සෑදිය හැකි හෙයින් මෙම අති භයානක රෝගයෙන් ප්‍රවේසම් වන්නලු :P
මූත් ඇවිත් මෙතන බයිලා ගහනවා...මේක මගෙ කතාවක් නෙමෙයි බොල.. හැබැයි පරිස්සම් වෙන එක නම් හොඳටම හොඳයි...
Deleteඉස්සර දවසක සිරාට හැදුනු බේත් නැති අර කරුම ලෙඩේ නගාටත් වැළදී ඇති හැඩයි...
ReplyDeleteඅපොයි.. නගාට ඔය ලෙඩේ හැදුනෙත් ඉස්සරම තමයි... ඒත් මේ කියන්නෙ අනූ නගා ගැන නෙමෙයි ඈ...
Deleteහොඳා හොඳා. ලස්සන පද ටික. ලස්සන අදහස! :)
ReplyDeleteමොකෝ.. කින්ඩියද ඈ... එව්ව නෑ හොඳේ... ස්තුතියි... මේක අර කිව්ව ජාතියේ ටෙස්ටින් පෝස්ට් එකක්... :)
Deleteසුභ පැතුම්!
ReplyDeleteමොනාටද? :0
Deleteබෙහෙත් නොමැති භයානක රෝගයකි. කමක් නෑ ඉතිං ලෝක විනාසෙට කලින් අනූටත් හරි ගියානෙ :D
ReplyDeleteමට හරි ගිහින් නම් නෑ අනේ.. මේ මා ගැන නෙවෙයි... බෙහෙත් නැති රෝගයක් බව නම් දන්නවා... :)))
Deleteහරීම ආදරණියයි :D
ReplyDeleteම්ම්ම්...එහෙමද මල්ලියෝ...ස්තුතියි... :)))
Deleteඅප්පෝ හරි නැ
ReplyDeleteඅනේ මන්දා
ReplyDeleteලස්සන අදහස! පද පෙළ ලස්සනට ගලපලා!
ReplyDelete