ඔයාට
මතකද එදා දවස...
විහාරමහාදේවි
පාක් එකේ, මුරුගසන් වැස්සෙ, සීතලේ ගැහි ගැහි එක කුඩේ යට අපි ගුලි වෙච්ච දවස..
මට
නම් ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ.. ඒ දවසට මං ඒ තරම්ම ආදරෙයි...
එදා
පෝය දවසක්... හඳ පෑව්වෙ රෑ වෙලා උණාට මගෙ හදවතට හඳ පෑව්වෙ කලින් දවසෙ රෑ මයි...
දවස්
ගාණක් තිස්සෙ කටහඬින් විතරක් අපේ වෙච්චි අපි දෙන්නා මුණ ගැහෙන්න යනව කිව්වම මං
දකින්නෙ හීනයක්ද කියල මම මාවම කොනිත්තගෙන බැලුවා... නෑ ඒක හීනයක් නෙවෙයි..
හැබෑවක් වෙන්න යන හීනයක්..!!!
හීන
කන්දරාවක් පොදි බැඳගෙන අපි මුණ ගැහුණා.. හිනා උණා... වෙනදටත් වැඩියෙන්, ඕනෑවටත්
වැඩියෙන් කියෙව්වා... ඒ හිතේ සතුට වැඩිකමටමයි...
ඒත්
ඉතිං ඔයා හිතුවද දන්නෙත් නෑ “මේක නම් මහ කටර් එකක් කියල” නේද?
කොහොමටත්
මම කැමතියි ගොඩක් කතා කරන්න... මොනා හරි කියල මං වටේ ඉන්න හැමෝම හිනස්සන්න... දුකින්
ඉන්න කෙනෙක්ව පුළුවන් විදියකට සතුටු කරන්න... ඒ මූණට හිනාවක් ගේන්න මම ගොඩක්
ආසයි.කියවන්න ගත්තම මම ඉතිං ගිරවියක්ම තමයි.. කියෝනව කියෝනව ඉවරයක් නෑ..
ඒත්
තව කවුරුහරි කියන දෙයක් මැද්දට පනින්නෙ නැතුව අහගෙන ඉන්නත් මට බැරි නෑ.. මට ඒකත්
පුළුවන්... ඒක ඔයා හොඳට දන්නවා.. මොකද ඔයත් මං වගේම ගොඩක් කතා කරන හින්ද... ...
ඔයත් හරි දක්ෂයි මාව හිනස්සන්න...
එදා
රෑ මට නින්ද ගියෙත් නෑ.. වෙන මොකටවත් නෙමෙයි... සන්තෝසෙට... තනියම ඇඳේ පෙරළි පෙරළි
හිනාවෙද්දි අම්මට ඇහෙයිද කියලත් නොහිතුණා නෙමෙයි...
හදිස්සියෙම
එක දවසක් ඔයා එක පාරටම මගෙන් ඈතට යන්න මගෙන් අවසර ඉල්ලුවා... තරහකින් නෙමේ... බොහොම
ආදරෙන්... ගොඩක් ආදරෙන්... ඒ වෙන කෙනෙක් ඔයාගෙ ජීවිතේට ඇවිදින් නිසා නොවෙන වග මම
සහසුද්දෙන්ම දන්නවා..
ඒත්
ඔයා දැක්කෙ මගෙ හිනාව විතරයි.. හිනාවෙද්දී දත් තිස් දෙකම එලියෙ දාගෙන හිනාවෙන්න විතරක්
නෙමෙයි, මට හොඳට අඬන්නත් පුළුවනි.. හයියෙන් වගේම හෙමීටත්...
රෑ
තිස්සෙ තනියම හිනා වුණු මම ආයෙමත් රෑ තිස්සෙ ඇඬුවා... දිගින් දිගටම ඇඬුවා...
පොතක්
පෙරලද්දී, තනියෙන් කල්පනා කරද්දි, සිංදුවක් අහද්දි ඔයාගෙ මූණ මතක් වෙනවා.. ඔයාගෙ හිනාව මතක්
වෙනවා... ඔයාගෙ කටහඬ මතක් වෙනවා.. ඔයාගෙ විහිළු මතක් වෙනවා... කොටින්ම ඔයාවම මතක්
වෙනවා
මෙච්චර කල් ආදර සිංදුම අහ අහා හිටපු මම විරහ සිංදු වලට මාරු උණා...
තවමත් ඔයා කතා කරද්දි, විහිලු කරද්දි හයියෙන් හිනාවෙන මම... ඊට පස්සෙ ඇස් රතු වෙනකල් අඬන බව ඔයා දන්නෙ නෑ....
ඔයාව
මතක් වෙද්දි කඳුළු නතර කරගන්න තාමත් මගෙ පුංචි හිතට බැහැ... කාටවත් කියාගන්න බැරි
දුකක් හිත ඇතුලෙ තද කරගෙන...තනියම අඬ අඬ... ලෝකෙට පේන්න හිනාවෙවී... දවස ගානේ මැරි
මැරී...මං ජීවත් වෙනවා.
ඒ
ඇයි...?
අම්ම,
තාත්තා වෙනුවෙන්... මං වෙනුවෙන් නෙමේ...
බොරු
කියන්න බෑ ඔය ඇස් දෙක දිහා බලාගෙන... ගොඩක් අසරණයි මං...
මැරෙන්න
මං බයයි... ඒත් ජීවත් වෙන්න ඊට වඩා බයයි!!!
පොඩ්ඩක්
හිතල බලන්න... ඇයි අපි මුණ ගැහුණේ?
උත්තරයක්
නැති ප්‍රශ්නයක්... ඔයාටයි මටයි... අපි දෙන්නටම...
ඔයා මගෙ
ළඟ නැති උණත් ඒ ආදරේ..ඒ උණුසුම් සුසුම්... ඒ හිනාව... ඒ කතාව... තාමත් මට
දැනෙනවා... තාමත් මට ඇහෙනවා... ඒකෙන් මිදෙන්න මට බෑ... ඒ වැක්කෙරෙන ආදරේ
දැක දැක
මට ඇස් පියාගෙන ඉන්න බෑ... ඒත්...
ආයෙමත් මං
අසරණයි... හැබැයි ඒ අසරණකමට පලි ඔයා නෙමෙයි... මගෙ අහිංසක කඳුළු කැට විතරමයි...
ලෝකෙ
කොයිම ආදරවන්තියක්වත් කොයිම මොහොතක හරි තමන්ගෙ ආදරවන්තයගෙන් අහන්න අකමැති ආමන්ත්‍රණයක්
මට අහන්න සිද්ධ වුණා... හරිම දුකයි..මගෙ මුළු ලෝකෙම කකුල් දෙක පාමුල කඩන් වැටුණා
වගේ... ඒත් ඔයා හරි....
අසම්මත
පෙමක පැටලුණු අපි දෙන්නා කොයිම මොහොතක හරි වෙන්වෙන්න පුළුවන්... නෑ නෙමෙයි...
ඒත් අපේ
සිත් එකට බැඳුණේ ඒ අසම්මතය දැන දැනමයි...
ගොඩක්
හිනාවෙන්නෙ ගොඩක් අඬන මිනිස්සුලු... ඔව් ඒක ඇත්ත...
වෙලාවකට
මට හිතෙනවා මං කොයිතරම් නම් පව්කාරද කියල... මං ආදරේ කරන කිසිම දෙයක් මට ලැබෙන්නෙ
නෑ.. එක්කෝ මා ළඟ රැඳෙන්නෙ නෑ... ඒ ඇයි කියල මට තාම හිතාගන්නත් බෑ..
සාම්ප්‍රදායික
මත වාද කරපින්නා ගත්තු අපේ අම්මල තාත්තල ඉස්සරහ අපි දෙන්නා කොයි තරම් නම් අසරණද?
යාලුවෙද්දී කීයක් නම් දේවල් හොයන්න වෙලාද? ආගම... වයස... කුලය... ජාතිය...
වාසගම... ගම...
අනේ ඒත්
ඉතිං හිතට බ්‍රේක් නෑ... හිත් දෙකක් එකට බැඳෙන්නෙ ඔව්ව හොය හොයා නෙමෙයි.. අපි
දෙන්නට උණෙත් ඒකමයි නේද?
මං වගේම
ඔයත් අඬනව කියල මං දන්නවා... හිතින් දුක් වෙනවා කියල මම දන්නවා... හිත හදාගන්න
කියල මට කිව්වෙත් ඔයාමයි... ඉතිං අපි දෙන්නම හදාගමු හිත...
මල්
කියන්නෙ දවසගානෙ පිපිලා පරවෙලා යන දෙයක්...
කලින්
දවසෙ පිපිච්ච මල් මැරෙන්න බෑ කියල කොයිතරම් කෑ ගැහුවත් ගහ අළුත් මල් පුබුදුවද්දි
පරණ මල නිකම්ම ඇකිලිලා පොඩි වෙලා යනවා... ජීවිත කාලෙ ඉවරයි... ඊට පස්සෙ කෑගහිල්ලත්
නෑ මොකුත් නෑ....
සමහරුන්ගෙ
ආදරෙත් මල් වගේ... හිටපු ගමන් පිපිල පරවෙලා යනවා... සුවඳ වත් ඉතිරි නොකරම...
ඒත්
ඔයාගෙ ආදරේ සුවඳ තවමත් මා ළඟම ඉතිරියි... ඒ සුවඳට මගෙන් ඈත් වෙන්න මං ඉඩ දෙන්නෙ
නෑ... ඒ සැර නැති සෞම්‍ය සුවඳට මම ගොඩාරියක් ආදරෙයි... ඒ ආදරේ අමරණීය මලක්... ඊයේ
පිපිලා අද පරවුණු මලක් නෙමෙයි...
ආදරෙයි
ජීවිතේ ජීවත් කරවන්නෙ... මාව ජීවත් කරවන්නෙත් ඒ ආදරේ...
ඉතිං
අපි ආදරේ කරමු.. හිතින් විතරක්... කාටත් හොරෙන්... රහසින්!!!
වේගයෙන්
වෙනස්වෙන ලෝකයේ... අඬන හැටි නොපෙන්නා අපි හයියෙන් හිනාවෙමු....සල්ලි, වෙනත් අරමුණු.. ඉටු
කරගන්න දුවන මිනිස්සු අතර අපි දෙන්න හෙමීට ඇවිදගෙන යමු... එනවද?
ආදරෙන්...
නැහැ ආදරෙන් නෙමෙයි... සුපුරුදු ලෙන්ගතුකමින්....
හිතේ
ආදරේ පුරෝගෙන හංගගෙන හිටියත් මේ හිත තාමත් ඔයාට ලෙන්ගතුයි...
ඒත්
ඒ අසම්මතයට මෙපිටින් මිස එපිටින් නම් නෙමෙයි....
...එක්වීමක් නොමැති සසරේ
රහසින්ම පෙම් කරමු
රහසින්ම මිය යමු
අපේ දෛවය එය නම්
වැලඳගනිමු ආදරයෙන්..
පෙම් කරමු
කාලයාටත් හොරෙන්,
මරණින් මතුවටත්...
සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිඳ වැළපෙනවා...
රුව සැන්ගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...
ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ...
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේලෙස ඇයි අප හමුවන්නේ...
සිතුවිලි සිරවී....
මිලාන වූ මල් ඉකිබිඳ වැළපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී...
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී...
සිතුවිලි සිරවී....
සියලු උපුටා ගැනීම් වල අයිතිය මුල් නිර්මාණකරුවන් සතුය.
//සාම්ප්‍රදායික මත වාද කරපින්නා ගත්තු අපේ අම්මල තාත්තල ඉස්සරහ අපි දෙන්නා කොයි තරම් නම් අසරණද? යාලුවෙද්දී කීයක් නම් දේවල් හොයන්න වෙලාද? ආගම... වයස... කුලය... ජාතිය... වාසගම... ගම...//
ReplyDeleteඅනේ මන්දා... මේවා මහා බොරු වැඩ කියලයි මට නම් හිතෙන්නේ. මගේ යාළුවෙක්ටත් ඔය කේන්දර හුටපටයක් නිසා අවුරුදු ගානක් තිබ්බ ආදරේ අහිමි වුනා. මම ඒක ගැන ලියලත් ඇති. කවුරු හරිද කවුරු වැරදිද කියල හිතා ගන්න බෑ.
හ්ම්ම්...ඔව් සමනළි... මම ඉන්නෙත් ඒ දේවල් මහා බොරු වැඩ කියන මතයේ තමයි... ඒත් අපට අම්මල තාත්තලව හදන්න බැහැනෙ... දෙකෙන් එකක් තෝරගන්නම වෙනවනෙ.... අන්තිමට අසරණ වෙන්නෙ ළමයි...
Deleteමොකද අනූ මේ ?
ReplyDeleteමේක ඉතිං නිර්මාණයක්නෙ අක්කේ....
Deleteයාලුවෙද්දී කීයක් නම් දේවල් හොයන්න වෙලාද? ආගම... වයස... කුලය... ජාතිය... වාසගම... ගම...
ReplyDeleteඇයි බං සීයලාට ලව් කරන්න ගියේ...????
ඒක අසම්මතයි තමා..
අම්මලා තාත්තලා කොහොමද බෑනට කටක් ඇරලා බෑනෝ කියන්නේ..
ඒ හන්දා වෙන්වුන එක හොදා....
Oya awilla inne loku siya. Koheda bn aturudan wela hitiye mechchara kal
Deleteආ... කවුද සීයලට ලව් කරන්න ගියේ...? ඔය මුස්ලිම් රටවල් වල වයසක මිනිස්සු අවුරුදු 12-13 කෙල්ලන්ව බඳින්නේ... ??? ඒක අසම්මතද නෑද්ද?
Deleteඕක අනිත් පැත්තට උනාම තමා ලව් ඉලව් වෙන්නෙ...
රෙපා කිව්වත් වගේ නාකි අයියා කාලෙකට පස්සෙ... කොහේ හැංගිලා ඉන්නවද මන්ද... අර නාකි විකාර බ්ලොග් එක වේලෙනවා...
@රෙප් මහත්තයා
උඹ ආවෙ නාකි අයියව බලන්නද? කෝ පෝස්ට් එක ගැන කමෙන්ට්...
අයියෝ මොනාද මේ අහන ප්‍රශ්න?
Deleteඋත්තර දිය යුතුයි කියලා හිතෙන් නෑ...
බ්ලොගයක් තියෙනවා.... මේ මට.... වෙන්න බෑ.... කෝ...කොහෙද....???????????
@අනු : ආලය මුලාවකි ආලය මුලාවකි
Deleteකාලය කා දමන මල හත්තිලව්වකි...
ඔන්න ඕක තමයි මේ දවස් වල මගේ ආදර චින්තනේ. ඒ නිසා පොස්ට් එක ගැන මොනවා කියන්නද?
ආවේ නාකියා බලන්න නෙවෙයි. මෙයාගේ අමුතුවෙන් මොනවා බලන්නද? ලගදී ආච්චියෙක් ගේනවා කියලා ආරංචි උනා ඒ ආච්චි ඉන්නවද බලන්න ආවේ.
නාකි උනාම ස්නායු ආබාධ එහෙම ඇති වෙනවා තමා. ඒ නිසා බ්ලොගයක් තියෙනවා කියලා අමතක උන එකත් ඉතින් පිළිගන්න පුළුවන්. :P
අහිංසකාවිය ඔබට නොවේ... අහල තියනවද ඒ සින්දුව.//සාම්ප්‍රදායික මත වාද කරපින්නා ගත්තු අපේ අම්මල තාත්තල// මේ ටික කියවද්දී මතක් උනේ ඒක.
ReplyDeleteමේ අන්තිමට දාල තියන සින්දුවත් මං මතක ඇති කාලේ ඉඳලා ආස එකක්.
අයිය කිව්ව සිංදුව නම් අහල නෑ... හොයාගෙන අහන්නම්කො... මාත් මේ සිංදුවට ආසයි... කතාවක් කියන සිංදුවක්!!!
Deleteවිරහව කැටි උන නිර්මාණයක්... මෙය හුදෙක් නිර්මාණයක්ම පමණක්දෝ කියන සැකයත් හිතට එන්නේ නැතුවාම නොවේ
ReplyDeleteහා හා සැකය හොඳ නෑ අයියා... මෙය හුදෙක්ම හුදෙක් නිර්මාණයක් පමණයි...
Delete//ගොඩක් හිනාවෙන්නෙ ගොඩක් අඬන මිනිස්සු//
ReplyDeleteමේකනම් සම්පුර්ණ ඇත්ත.. ලස්සන නිර්මාණයක් අනු ..
ස්තුතියි චමි.... ඔව්.. ඒක ඇත්තම ඇත්ත...
Deletemoko nango unee
ReplyDeleteමේක නිර්මාණයක්නෙ අයියේ... පල්ලැහැ තියෙන සිංදුවට...
Deleteකාලෙකට පස්සේ !
ReplyDeleteනෑ කාලෙකට පස්සෙ නෙමෙයි... බ්ලොග් එකේ URL වෙනස් කරපු නිසා වෙච්ච අවුලක්... පරණ පෝස්ට් එකට දාපු කමෙන්ට් එකට මම රිප්ලයි කරපු එක බලන්නකො...
Deleteහ්ම්ම්..... මේකේ දිග....
ReplyDelete// එදා පෝය දවසක්... හඳ පෑව්වෙ රෑ වෙලා උණාට මගෙ හදවතට හඳ පෑව්වෙ කලින් දවසෙ රෑ මයි...//
හිකිස්... ඔය හඳ කාලෙට වෙන දේවල් භයානකයි....:))
අපොයි... දිගයි කියල කම්මැලි හිතුණද?
Deleteඇයි හඳ පායපු දවසක ඔයාට මොකක් හරි කරදරයක් වුණාද? :))))
අලුත් යාළුවව ආදරයෙන් පිළිගන්නවා බ්ලොග් එකට..ස්තුතියි....
නිර්මාණයක් සේ ගන්නේ නම් මෙය කදිමය. එහෙත් මා අදහන්නේ ආදරය යනු නොපවතින සංකල්පයක් බවයි. අප මානවයන් අතර ඇත්තේ ගනුදෙනු පමණය.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
බොහෝවිට අද නම් තියෙන්නෙ ගණුදෙනු විතරයි තමයි අයියේ.... ආදරේ අතුරුදහන් වෙලා...
Deleteකාලෙකින් ලෑන්ඩ් කළේ...මම මේ ළගදිත් කල්පනා කලා අනූ ඇයි දැන් ලියන්නැත්තෙ කියලා.. බලද්දි දෝෂෙ තිබිලා තියෙන්නෙ මගෙ බ්ලොග් රෝලෙනෙ..
ReplyDeleteමේකනම් ඛේදවාචකයක් ගැන වගේ.. ඕවා ගනන් ගන්ඩ හොඳ නෑ.. දෛවය එක දොරක් නොඇර තව දොරක් වහන්නෑ.. අර අළුතින් ඇරුන දොර හොයා ගන්න ටිකක් කල් යනවා.. ඒත් ඒක හම්බෙනවා..
නෑ නෑ අයියේ...මම බ්ලොග් එකේ URL වෙනස් කරපු නිසයි අවුල... ඉතින් Add By URL එකෙන් ආයේ ඇඩ් කරගන්න....
Deleteමේක නිර්මාණයක්...අත්දැකීම් ලේබලේ නෙමේ... සිංදුවට ලිව්ව කතාවක්... මොනා උණත් අයියගේ කතාව ඇත්ත... අත්දැකීම් තියෙන කට්ටිය කියන එව්වා අහන්න එපැයි...
තෝව දිවියම කාපිය.. යකෝ URL එක වෙනස් කලානම් අපිට කියන්ඩ එපෑයැ..
Deleteකිව්ව කිව්වා.... හැබැයි මූණු පොතේ... සෙන්නා අයිය ඒකෙ නෑනේ.. ඒත් ඉතින් පෝස්ට් එක බලන්න ආහම URL එක වෙනස් කියල දැක්කෙ නැද්ද බං? :O
Deleteපෝස්ට් කියවන්ඩ එන්නෙ බ්ලොග් රෝලෙ අප්ඩේට් වුනාමනෙ බන්.. URL එක වෙනස් කරාම කොහොමද ඒක අප්ඩේට් වෙන්නෙ ?
Deleteජීවිතේ කියන්නේ ඒ වගේ දෙයක්
ReplyDeleteආදරේ කියන්නේ
සිනිඳු වැලි අහුරක් වගේ දෙයක්
ඔය කිසිම කිසි අවහිරයක් නොතිබුන
කල්පයක් හිතේ හිරකරන් හිටිය අපේ ආදරෙත්...
ඇරඹුමම කඳුළක් වුණා
හිත් දෙකක් දෙතැනක සුසුම් හෙලනවා
විරහෙන්....
හ්ම්ම්ම්... අතරමඟ නැවතුණු ආදර කතා නම් කොයිතරම්ද? ආයෙමත් එහෙම නොවේවි කියල හිත හදාගන්න එක තමා කරන්න තියෙන්නෙ...
Deleteඅද තමා ආවේ මේ පැත්තේ...
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම් ගොඩක් දේවල් මතක් උනා...
වීඩියෝ එකක් බලල ආවේ..ඒ හිනාව
එහෙමම නැති උනා..
ඔයාගේ නිර්මාණය හොඳයි dr ..දිගටම ලියන්න..
හිර කරන ඉන්න එපා හිත් වල...
ඔයාගේ කමෙන්ටුත් ගොඩක් මම කියවන බ්ලොග් වල දැක්කා... හොඳට ආදරේ කරලා, විඳලා, විඳවලා තියෙන කෙනෙක් කියලයි මට හිතුණේ.. (මගෙත් ඊට වැඩි වෙනසක් නෑ) මේ වගේ දේවල් හැමදාම ලියන්නේ නෑ.. ඒත් ඉඳහිට ලියාවි... ආයෙමත් එන්න...ස්තුතියි යාළුවා...
Deleteසංවේදී ලියවිල්ලක්...ප්‍රේමයට එල්ලවන ගල් මුල් නම් අනන්තයි අප්‍රමාණයි... එහෙමයි කියා ප්‍රේමයට නිර්වචනයක් දෙන්නත් බෑ... සුදුසුම කාරණේ තමයි ගැටළුව ඇතිවෙන්න හේතුව සළකා බලා එයට පිළියමක් යෙදීම...
ReplyDeleteහැමදේම සුභ වෙන්නට පතමි...
හ්ම්ම් හ්ම්ම්... ඔව් අයියගේ කතාව ඇත්ත... ගොඩක් වෙලාවට මොළේට තේරෙන දේවල් හිතට නොතේරීම තමා ප්‍රශ්නේ...
Deleteමේක නම් නිර්මාණයක් විතරයි.. පහල සිංදුවට ලිව්වා..
ආදරය කරන දෙන්නෙක් තනි වෙනකොට,ලන්වෙනකොට දැනෙන හැගීම හරිම චමත්කාර ජනකයි.ඒක වචන වලින් කියල නිම කරන්න බැරි දෙයක්.ජිවිතේ ගොඩක් දේවල් ඒ ආදරෙත් එක්ක ලැබුනා,සඵල උනා වගේ දැනෙනවා.
ReplyDeleteඒ ආදරයම අපෙන් ඇතට යද්දී,ගිලිහෙද්දී මුළු ජීවිතේම බලාපොරොත්තු දැවිල ගිහින් අළු ගොඩක් බවට පත් උනා වගේ දුකක්,කණගාටුවක් එක්ක මිශ්‍ර උණු හිස් හැගීමක් හිතට එනවා.වෙලාවකට මැරෙන්න බැරි කමට ජිවත් වෙනවා.
එත් හිතේ පිරිලා තිබුන ඒ ආදරය හිතේ කොනක කවමදාකවත් මකල දාන්න බැරි තරමට ලැගුම් අරන්...
හැම තප්පරයක් තප්පරයක් ගානෙ ඒ ආදරේ හිතට එනවා...ඇවිත් අපිව හඩවන්න හදනවද මන්දා....
හරිම අපුරුයි ඔයාගෙ ලියමන....
ඒ හැගීම් විදපු කෙනෙක් වෙන්න ඇති...හදවතට ඒ හැගීම් දැනෙන්නෙ කොහොමද කියල හරියටම ලියල තියෙනවා...
ජයම වේවා !!!
ස්තුතියි යාළුවේ... ඔව් ඔයා කියල තියෙන දේ සම්පූර්ණ ඇත්ත... මැරෙන්න පණ අදින මළානික ජීවිත ජීවිතේ ජීවත් කරවන්නෙ ආදරේ....
Deleteආයෙමත් ඇවිත් යන්න එන්න.. ජයවේවා!!!
ආදරේ ගැන කතා නොකර ඉන්නම්. මිනිස්සුන්ට අමතක වීම කියන දේ නොතිබුනා නම් මේ ලෝකෙට පැවැත්මක් නෑ.. හැමදේම කාලයා විසින් අමතක කරවනවා. එක හැඟීමක් ජීවිතෙන් ඈත් වෙද්දි තවත් හැඟීමක් ජීවිතේට ලං වෙනව. ඒක තමයි ඇත්ත.
ReplyDelete//සාම්ප්‍රදායික මත වාද කරපින්නා ගත්තු අපේ අම්මල තාත්තල ඉස්සරහ අපි දෙන්නා කොයි තරම් නම් අසරණද? යාලුවෙද්දී කීයක් නම් දේවල් හොයන්න වෙලාද? ආගම... වයස... කුලය... ජාතිය... වාසගම... ගම...//
ජීවිතේ ගැන රැඩිකල් මතයක ඉන්න අපි වගේ කොල්ලො කෙල්ලන්ට මේව විකාරයක්. ඒත් අත්දැකීම් වලින් හෙම්බත් වෙලා පොළවෙ පය ගහල ජීවත් උන අපෙ අම්මල තාත්තලට අපිට වඩා ජීවිතාවබෝධය තියෙනව. ඒකත් පොඩ්ඩක් හිතන්න ඕන.
Thoughts Of Yasith|යසිත්ගේ සිතුවිලි
අමතක නොවන මතක හිත ඇතුලෙ හැංගිලා තියෙනවා යාලු... ඒක නිකං අපි බයෝ පාඩම් කරද්දි "ද්වී බීජ පත්‍රී ශාක කඳක ද්විතීක වර්ධනය" පාඩම් කරලා විභාගෙ කරලා අමතක කරලා දැම්ම වගේ මතකයෙන් අයින් වෙන්නේ නෑ.. (මට මතක් වුණු සරළම උදාහරණය.. ඉස්සර කටපාඩම්, දැන් චුට්ටක් වත් මතක නෑ)
Deleteඔව්.. රැඩිකල් අපට මෙව්වා විකාර තමයි.. අම්මල තාත්තලට ජීවිතාවබෝධය තියෙනවත් තමයි... දෙපාර්ශවයම සතුටු වන විදියක් නැති වෙන්න පුළුවන්.. ඒත් එහෙම වුණොත් අම්මල තාත්තල සතුටු කරවන්න තමාගෙ ජීවිතය තමා අකමැති, නොසතුටු කෙනෙක්ට පවරන්නත් බැහැ නේද? තනියමම ඉන්න එක එක් අතකට නිදහසක්...
අමුතුයි වගේ..
ReplyDelete