පාසල නිමවන සීනුව හැඬවිණි. මෙතෙක් වේලා ව්‍යාපාර
අධ්‍යයනය පාඩම උගන්වමින් සිටි ශ්‍රියානි මිස් දවසේ පාඩම අවසන් කොට වාර්තා පොතේ
අත්සනක්ද තබා ගුරු පුටුවෙන් නැගිට්ටාය.
“සෙනුරි අදත් අමුතුයි. කාටවත් ගුඩ් මෝනින්
කිව්වෙවත් නෑ දවසටම. දවසම අප්සට් වෙලා වගේ ඔහේ ඉන්නව. අනේ මං දන්නෙ නෑ මේකිට
මොකෙක් වැහිලද කියල”
ලක්ෂි එසේ කියන්නෙ සෙනුරිට ඇහෙන්නටමය. කිහිප
දවසක සිට සෙනුරිගේ කිසියම් අමුත්තක් පෙනෙන්නට ඇති බව ලක්ෂිට නිතර නිතර දැනෙන්නට
විය. නමුත් ඊට හේතු වන කරුණු කාරණා සොයන්නට ඈ වෙහෙසුණේ නැත.
පාසල ඇරී නිවස බලා යන මඟදී වුව සෙනුරි නම්
නිහඬය. ආයාසයෙන් මුවට නැගෙන මඳ සිනා රැල්ල වුවද සැණෙකින් අතුරුදන් වී යයි.
“මොකද ලොකූ නිකං තෝන්තුවෙන් වගේ.
අසනීපයක්වත්ද දරුවෝ?”
බණ්ඩාර මහත්මියගේ කටහඬ දුක්මුසුය. කොයි
අම්මලත් එහෙමය. ලොකු වේවා කුඩා වේවා තම දරුවාගේ සුළු වෙනසක් පවා ඇසිල්ලකින් හඳුනා
ගනී.
“මොකුත් නෑ අපෙ අම්මා”
ඇඟ සෝදාගෙන නාන කාමරයෙන් එළියට බට සෙනුරි වහා
දිවා ආහාරය නිමා කොට කාමරයට වැදුණාය. තනිව සිතන්නට, තනිව කල්පනා කරන්නට නිවසේ ඈට
හිමි එකම තැන එතනය.
“ඇයි දන්නෙ නෑ අසෙල් අදත් ඉස්කෝලෙ නාවේ?”
යුවතිය ප්‍රශ්න කළේ
කිසිවකුගෙන් නොව තමාගෙන් මය. හෙට නම් කෙසේ හෝ ඊට කරුණු විමසන්නෙමියි සිතාගත්
යුවතිය මඳක් ඇඳේ ඇලවුණාය.
***
“ගුඩ් මෝනින් අසෙල්”
“ගුඩ් මෝනින් සෙනුරි”
“ඇයි ඔයා පහුගිය දවස්
දෙකේ ඉස්කෝලෙ ආවෙ නැත්තෙ? ”
යුවතිය මහත්
ලෙන්ගතුකමකින් විමසුවාය.
“අපේ ලොකූ අක්කට බබෙක්
හම්බුණා. බබා බලන්න ගියා”
අසෙල් වැඩි ගණනකට නොගෙන
සැහැල්ලුවෙන් කීවේය.ඒ කොල්ලන්ගේ හැටිය. කෙල්ල කොතරම් සීරියස් වුණත් කොල්ලා
රිලැක්ස් නම් කතාවද රිලැක්ස්ය.
“අසෙල් ඊයෙ ආවෙ නැත්තෙ
ඇයි කියල නම් අපි දන්නෙ නෑ හැබැයි ඊයෙයි පෙරේදයි දවස් දෙකේම සෙනුරි කාටවත් ගුඩ්
මෝනින් කිව්වෙත් නෑ. වැඩි කතා බහකුත් නෑ. ඔහේ පන්තියට වෙලා බුම්මගෙන හිටියා”
ඒ අසළින් යන ගමන් ලක්ෂි
කියවගෙන ගියාය. ඊට උත්තර බඳින්නට නොගොස් සෙනුරි වහා ඉවත බලා ගත්තාය. සෙනුරි දෙස
මඳහසක් පෑ අසෙල් තම මිතුරන් හමුවට ගියේය.
විවේක කාලයේ සෙනුරි
පන්තියේ තනිවූ මොහොතක අසෙල් ඈ සොයා ගියේය. ඩෙස්කය මතට බරදී හිස හොවාගෙන සිටින
සෙනුරි දුටු අසෙල් මොහොතක් නැවතී ඈ දෙස බැලුවේය. සෙනුරිව අවදි කරන්නට ඔහුට ලෝබය. ඒ
පියවුණු දෑස එතරම්ම ලස්සනය. මුහුණ එතරම්ම පියකරුය.
ඩෙස්කයට තට්ටුවක් දමා ඈ අවදිකරගත්
අසෙල් පුටුවක් ඇද පපුව පුටු ඇන්දේ ස්පර්ශ වන සේ හිඳ ගනිමින් කතාවට මුල පිරුවේය.
“ සෙනුරි”
“හ්ම්ම්”
මඳහසක් දෙතොලට නගා
ගනිමින් සෙනුරි කතාවට හූමිටි තැබුවාය.
“මට හිතෙනව පන්තියෙ
අනිත් පිරිමි ළමයින්ට වඩා ඔයා මං ගැන උනන්දු වෙනව කියල, එහෙම
නේද?”
වටින් ගොඩින් නොව ගෙඩි
පිටින්ම එළියට දැමූ ප්‍රශ්නයෙන් යුවතිය අන්දමන්ද වූවාය.
“ඇයි අසෙල් ඔයාට එකපාරටම
එහෙම හිතුනෙ? ”
සෙනුරිගේ හඬ හැඬුම්බරය.
“නෑ එකපාරටමත් නෙමේ.
දැන් ටික දවසක වෙලේ ඉඳං ඔයා උදේ ඉස්කෝලෙ ඇවිත් මං එනකල් බලං ඉන්නවලු.. එතකල්
කාටවත් ගුඩ් මෝනින් කියන්නෙත් නැතිලු.. බැරිවෙලාවත් මං ආවෙ නැත්නම් එහෙම දවසම මූඩ්
ගහල බලං ඉන්නවලු ඔහේ... ”
ඉඩ දුන්නොත් තවත් මොනවා
හරි කියන්නට පුළුවන්ය. සෙනුරිට කට උත්තරද නැත.
“කවුද අසෙල් ඔයාට ඕව
කියන්නෙ? ”
“කවුරුවත් කියල නෙමෙයි
ඉතින්.. මගේ පරචිත්ත විජාණන ඤාණයෙන් තමයි හොයාගත්තෙ”
අසෙල්ගේ කවට කතාවට
සෙනුරිට හිනා යන්නට ආවේය. ඈ එය සිර කර ගෙන අසේලට පිළිවදන් දුන්නාය.
“ඔව් අසෙල් අයියෙ, ඔයා
හරි. මං ඔයා එනකල් හැමදාම බලං ඉන්නව තමයි. ඔයා නැති දවසට මට පුදුම විදිහට පාලුයි.
කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ. ඒත් ඒ ඇයි කියලා මම දන්නෙ නෑ”
සෙනුරිට දැන් හැඬුම්
එන්නට ළඟය. වහා බෑගයෙන් ලේන්සුව ඇදගත් ඇය නෙතු අගට ඉනු කඳුළු බිංදුව වහා පිසදමා
ගනිමින් වට පිට බැලුවාය. තමාට වඩා මාස දෙකක් පමණ වැඩිමහල් බව හොඳින්ම දන්නා සෙනුරි
තමාට "අසෙල් අයියා" කියා ඇමතීම අසේලගේ සිත වඩාත් සසල කළේය.
“අඬන්න එපා සෙනුරි,මට තේරෙනව.
දැන් ඉන්ටවල් එක ඉවරවෙයි. මං යන්නම්. ”
හැඬුම්බර දෑස දෙස
එක්වරක් බැලූ ඔහු සිය අසුන වෙත ගියේය. මොහොතකට පෙර ඔහු දුටු පියකරු මුහුණ මලානික
වී ඇති අයුරු බලන්නටත් දුකය.
විවේකයෙන් පසු පාසල ඇරෙන
තුරු දෙන්නාගේ සිත් දෙතැනකය. අසෙල්ගේ සිත සෙනුරි ළඟය. සෙනුරිගේ සිත අසෙල්
ළඟය.සෙනුරිගේ සිත නම් දැන් නිදහස්ය. මෙතෙක් කියාගන්නට බැරිව සිටි දේ ඔහුගේ
ඇරයුමින්ම කියන්නට සිදු විය.එහෙත් දැන් අසෙල්ගේ සිත බරය. ඔහු තනිව කල්පනා කළේය.
සෙනුරි ගුණයහපත් කෙල්ලෙකි. ඔහුට ආදරේය. අකමැති වන්නට හේතුවක්ද නැත. සෙනුරි වැනි
කෙල්ලෙකුට කැමති වන්නට අහස පොළව ගැටලන තරමට කල්පනා කරන්නට උවමනාද නැත.
ගෙදර යන ගමන්ද, ගිය
පසුද අසෙල් වෙනම කල්පනා ලෝකයකය. පොඩි අක්කාගේ දුව මාමාට සෙල්ලමට අඬගැසුවාය.
“මාමෙ මාමෙ, එන්නකො
සෙල්ලම් කරන්න”
තෙහැවිරිදි සිඟිත්තිය
ඔහුගේ අතකින් ඇද්දාය.
අසෙල්ගේ හාවක් හූවක් නැත. දියණියගේ නොඉවසිලිමත්
හඬ ඇසී මල්ලීගේ කාමරයට ආ රශ්මි, නෙතුලිව වඩාගෙන දොර රෙද්දෙන් මෑත්
වූවාය.
පද්මිණි, සිරිසේන
සමඟ විවාහ වී දරුවන් තිදෙනෙකුද වදා දහඅට අවුරුද්දකට පසු සිදු වූ සිරිසේනගේ අකල්
වියොවින් තනිවූ ගැහැණියකි. මොනම ආකාරයකින්
හෝ ඇගේ සිත රිදවීමට අසෙල් අකමැතිය. තමාගේත් අක්කලා දෙන්නාගේත් අනාගතය සරි කර
දෙන්නට ඈ ගන්නා වෙහෙස මහත්ය. හෙට පාසල් ගොස් සෙනුරි සමඟ කතා කොට අම්මාටද මේ ගැන
පැවසීමට අසෙල් සිතාගත්තේය.
ලස්සන කතාවකට ආරම්භයක් වගේ.. නියමයි නේ නගා. ඇත්තම කිව්වොත් කියවලා ඉවර වෙද්දී "තව ටිකක් තිබුන නම්" කියල හිතුනා. අනෙක් කොටස එනකල් බලා ඉන්නවා.
ReplyDeleteස්තුතියි අයියේ...මටත් නිකන් හෝන්දු මාන්දු වගේ... කට්ටිය කැමති වෙයිද නොවෙයිද කියල චුට්ටක් ලිව්වෙ... දෙවෙනි කොටස ටිකක් දික් කරන්නම්කො... ඉක්මණටම ඒක දානවා....
Deleteහ්ම්ම්ම්........... බලමු මොකද වෙන්නේ කියලා.
ReplyDeleteහ්ම්ම්... බලන්නකො අයියා....
Deleteනංගි මම භාෂා දෙක තුනකින්ම නවකතා ඇතුළු පොත් 10000කට කිට්ටු වෙන්න කියවපු කෙනෙක්. මට ඉවෙන් වගේ කියන්න පුළුවන් මේක රසවත් කතාවක් වේවි කියල. කතාව අවසානෙදි මම දෙන්නම් හොඳ විචාරයක්. ජයවේවා!!!
ReplyDeleteඅනේ මන්ද ඉතින්... රසවත් කතාවක් වෙයි කියල ඔච්චරම ෂුවර් කරන්නත් එපා නේද අයියේ... ස්තුතියි...!!! මේක ඉවරවෙන කල් වෙන මොකුත් නෑ...
Deleteතව ඉදිරියට යන හැඩයි... පාඨක විශ්වාසය රැකෙන පරිදි සිදුවීම් නිරූපණය කරන්නට හැකි වුනොත් තමයි සාර්ථක නිර්මාණයක් වෙන්නෙ...ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න... ජය!
ReplyDeleteබර වචනෙන් කිව්ව නිසාද කොහෙද මට නම් ටිකක් තේරුණා මදි වගෙයි.. හ්ම්ම් මම මේක ඉවර කරන කල් වෙන මොකුත් ලියන්නෙ නැහැ.. කොටස් කීපයක් තියෙනවා තව... ස්තුතියි අයියේ!
Deleteතවත් ආදර කතාවක් එහෙනම්...හරි ලියමු ලියමු අපි කියවන්නම්..ආරම්භය හොදයි...ආදරය අස්සේ ඒ ඒ චරිත වල මනෝ භාවයන් ඉදිරිපත් කරන්න උත්සාහ ගන්න. එවිට මල් කතාවක් ම නොවෙන්න හැකියි.
ReplyDeleteබලමු.... මල් කතාවක්ම නොකරන්න මමත් උත්සහ කරනවා...දිගටම කියවන්නකෝ....
Deleteනියමයි ඈ... සාම්ප්‍රදායික මල් කතාවක් නෙවෙයි.. ලස්සනයි.. >> ඊළඟ කෑල්ල තවත් රසවත් >>
ReplyDeleteහැමදාම සාම්ප්‍රදායික වෙලත් බෑනෙ නේද මල්ලි... ස්තුතියි... ඊළඟ කෑල්ල තවත් රසවත් ද කියල එදාට කියන්නකො...
Deleteම්ම්ම්.... හොදයි. හොදයි. ඉතුරු කොටසත් දාමුකෝ බලන්න ඉක්මනින්ම....
ReplyDeleteහ්ම්ම්.... ඔව් ඔව්... දැන් ඉතින් ඉවර වෙනකල් මේක තමයි... ස්තුතියි...
Deleteමේ අර මහියංගණේ සවාරි ගිය නගා නෙවෙයිද? ඒ නමින්ම... http://shanigehitha.blogspot.com ඒක දැන් වැඩ නෑ... සොයන්නාට සම්බවේ වගේ ඒ නමින් තියෙන එකක් නම් හම්බුනා.... හ්ම්ම්...
ReplyDeleteකතාවේ ආරම්භය නම් හොදයි... දිගටම ලියන්ටකෝ අපිටත් බලන්ට...
මං හෙව්ව අනුමද දන්නෑ... කොහොම වුණත් ආයෙත් එන්නම්කෝ... ජය වේවා... සුභ දිනක්...
ඔයා හරි අයියේ... වැරදුණේ නෑ ඔයාට.. බ්ලොග් එකේ ඇඩ්රස් එක මාරු උනාට මේ ඒ නගාම තමයි හොඳේ... මහියංගණේ ගියාට පස්සෙ අලුත් ඇඩ්රස් එකෙන් නුවර ගිහින් පෝස්ට් එකකුත් දැම්මා.. ආයෙමත් එන්නකො මේ පැත්තේ....
Deleteස්තුතියි අගය කළාට.. ඉවර වෙනකල් කතාව විතරයි මං ලියන්නෙ
ජයවේවා අයියටත්!!!
හ්ම්ම්... එතකොට අනූ කව්ද ශානි කව්ද කාන්චනා කව්ද?? ඒක පැත්තකින් තියමුකෝ... දැන් ඉතින් කොහොම හරි හොයාගත්තා නේ... ඊළග පෝස්ට් එකේ ඉදන් එන්නම්කෝ කමෙන්ට් කරන්න... නුවර ගිය පෝස්ට් එකත් බලන්නම්කෝ මං... ජය වේවා..
Deleteමෙහෙමයි... මම 25 වෙනි පෝස්ට් එක වෙනකල් ශානි කියන නමෙන් බ්ලොග් එක ලිව්වා... 26 ඉඳං නම වෙනස් කළා අනූ කියලා... 41 වෙනි පෝස්ට් එකේ ඉඳං ඇඩ්රස් එක වෙනස් කළා...
Delete(බ්ලොග් එක ලියන නම අනූ... මූණු පොතේ නම අනූ කාංචනා... අයියට පැහැදිලි ඇති කියල හිතනවා)
පැහැදිලියි පැහැදිලියි. කතාවේ ඉතිරි ටිකත් දාන්ටකෝ අපිට බලන්න. සුභ දවසක්...
Deleteදෙවෙනි කොටස දාල ඉවරනෙ.. ඉක්මණට බලන්න... මම ලඟදිම තුන් වෙනි කොටසත් දානවා....
Deleteසුපිරියි!! මාර රහයි! ඊලඟ එකත් කියවන්නම්!!
ReplyDeleteස්තුතියි!!!
Deleteඅද තමයි මේ පැත්තෙ ආවෙ... ලස්සන කතාවක් දැකල මුල ඉඳන් කියවන්න ගත්තා... :D
ReplyDeleteස්තුතියි අක්කා...
Deleteලස්සන කතාවකට ආරම්භයක් වගේ.....ම් ........ම්..........බලමු.....බලමු මේකතාවත්....... තව කොටස් තියෙනවනේ....ඔන්න අද තමයි මේ ස්ටෝරිය කියවන්න පටන් ගත්තේ.......................කලින් මේ පැත්තේ ආවත් storryයක් කියවලා රස විදින්න බැරි උනා....
ReplyDeleteහයියෝ... ඔයා පරක්කුයි නේ.... ඉක්මණට කියවන්න ගන්න....
Delete