ලෝකෙට ආපු අය

Tuesday, September 25, 2012

සඳයි තරුයි අහසින් බහින්න ළඟයි...




අද කියන්න යන්නෙ කතාවේ තවත් එක කොටසක් නෙමේ. ඇත්තටම සඳයි තරුයි කියන්නෙ මම පැහැදිලි අවසානයක් හිතේ තියාගෙන ලියපු කතාවක්. ඒත් මම කතාව ලියන හැටියට ඔයාලටම තේරෙනවා ඇති ඒ කතාව නම් මේ කපේට ඉවර වෙන කතාවක් නොවන බව. මට එක කොටසක් ලියල අනික දාන්න එක්කෝ සති දෙකකින් විතර. එහෙමත් නැත්නම් මාසෙටම එක පාරයි. ඉතින් කතාව කියවන කට්ටිය කතාව මතක් කර ගන්නෙත් බොහොම අමාරුවෙන්, ඒ වගේම ඊට හපන් මට... කලින් කොටස මතක නැතුව ඊළඟ කොටස ලියන්න ගියාම පිස්සු හැදෙනවා අප්පා LLL

මම ලියන මේ කතාව කොටස් දෙකක් අතර දුර සහ එක කතාවකින් විස්තර වෙන ප්‍රමාණයත් එක්ක බැලුවම මේ සම්පූර්ණ කතාව ඉවර කරන්න කොටස් 25කින් වත් පුළුවන් වෙයිද මන්ද L ... 30ක් විතර වෙන්නත් පුළුවන්. ලියනවයි කියල ඉතින් ඔය හැටි ලියන්නත් බෑ අප්පා... කොච්චර කල් යයිද කොටස් 30ක් ලියන්න JJJ

මේක ලියන්න තියෙන කම්මැලිකමටම කීපාරක්‌ නම් මම කතාව නවත්තන්න හැදුවාද? කොහෙද ඉතින් ඔයාලත් එක්ක බෑනේ. නවත්තන්න දුන්නෙම නෑනේ. J පස්සෙ ඉතින් මටත් හිතුණා ආසාවෙන් පෙරුම් පුරලා පුරලා ලියන්න ගත්තු කතාව අතරමඟ දාල යන එක හොඳ නෑ කියල L.. ඒ නිසාමයි ඔයාලගේ ඉල්ලීම උඩ කොටස් 9 වෙනකල් ලිව්වෙ.

කොටස් කතාවක් ලියනවා කියන එක මට නම් හරි අමාරු වැඩක් අයියෝ....ඊට වඩා අත්දැකීමක්,කවියක්, නිසදැසක්, කාලීන ලිපියක්, කෙටි කතාවක් ලියාගෙන ඉන්න එක සැපයි වගේ.. ඉතින් මම හිතුවා කොයි විදියකට හරි මේ කතාව ඉවර කරන්නම ඕන කියල.

ඒ නිසා තව එක කොටසකින් හෝ දෙකකින් මේ සම්පූර්ණ කතාවම ඉවර කරනවා. නැවත කොටස් කතා ලියන්නට සිහිනෙන් වත් නොසිතමි. JJJ හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කතාව ඉවර කරන්න යන්නෙ ඔයාලා මෙතෙක් කතාවේ කියවපු තරූෂි, සඳුනිල් චරිත දෙකේ නම් වලින් නෙමේ. ඔයාලට, මට, අපි හැමෝටම හොඳින් හුරු පුරුදු “ඔයා” ,“මම” කියන වචන වලින්.... JJJ

ඉතින් ළමා...යි, මොකද කියන්නෙ? “ඔයාගෙයි-මගෙයි” කතාවට නිමාවක් දෙමු ද?

කතාවේ අවසානය... හැකි ඉක්මණින් ලියනවා... කියවන්න ලෑස්ති වෙලා ඉන්න.... J


48 comments:

  1. ඉවර කලාට කමක් නෑ.. අලුතින් මොනවා හරි ලියමු කියවන්න ආස හිතෙන දෙයක්.

    ReplyDelete
    Replies
    1. හි හි... ඔව් ඔව්.... අලුතින් මොනාහරි ලියනවම තමා... කොටස් කතා ඇර....

      Delete
  2. පටන් ගන්න හැමදේටම ඉවරයක් එපැයි.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඇත්ත අයියා... ඒත් සමහර දේවල් අපි මැරෙනකල් ඉවර වෙන්නේ නෑ නේද?

      Delete
  3. Replies
    1. එක එක්කෙනාගෙ රසය විවිධයිනෙ නේද මල්ලි... ලියන්නම ඕන අමාරුව දැනෙන්න... හරි හරි තව එක කොටසයි නැත්නම් දෙකයි... සඳයි තරුයි බිම....

      Delete
  4. හප්පේ කොයිතරම් දෙයක්ද ඈ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ... එළම කිරි....

      Delete
  5. එහෙම කතාවක් ලිව්වද කවුරු හරි. මට මතක නෑ :/

    ReplyDelete
    Replies
    1. අනේ සාදු... මතක් වෙන්නම එපා උඹට නම්...

      Delete
  6. හි.....හි මොනවා කියන්නද? "තවත් ප්‍රියයෙකුගෙන්" වෙන්වීමක්....SORRY හොදේ
    ඒත් මේ පැත්තේ එන 1කනම් නවතින්නේ නෑ..... කොටින්ම කිව්වොත් මම NETlog උන ගමන්ම මුලින්ම, ඉබේම වගේ යැවෙන්නේ මේ blog1ක් තමා, මේ බොලොග්1ක.(මෙහෙම කිව්වට අනිත් blog රචකයෝ මාත් එක්ක ඔරොප්පු වෙන්න එපා!) මොකද කිව්වොත් මේ... හා සමානම අත්දැකීම් සමුදායක් මටත් තියෙන නිසා....!

    ReplyDelete
    Replies
    1. වෙන් වෙන්න වෙන්නේ කතා ශෛලියෙන් තමා... මොකද මේ කතාවට මම අවසානයක් දෙනවා... හැමදාම මේ පැත්තේ එනවට ඔයාට ගොඩක් ස්තුතියි... කතාවේ හැම කොටසකටම ඔයා කමෙන්ට් කරලා තියෙනවා මම දැක්කා... ජීවිතේ අපිට එකතු වෙන අත්දැකීම් එක්ක පෝස්ට් කීයක් නම් ලිව්ව හැකිද නේද? කවුරුත් තරහ වෙන්නේ නෑ... බය වෙන්න එපා... අපි ඔක්කොම යාළුවොනේ....!!!

      Delete
  7. Replies
    1. හයියෝ ඔව්ව ගණන් ගන්න එපා හලේ.. ඔයා ඉතින් කතාව දන්නෙවත් නෑනේ...

      Delete
  8. අපේ බල කිරිල්ලට ඇද ඇද ලිව්වට ඉක්මණින්ම දවසක මෙහෙම කියාවි කියලා මට හිතුණා...))

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඒකනේ... පඔයාට පරචිත්ත විජානන ඥාණය තියෙනවා නංගි... සිරා.... :)))

      Delete
  9. මන්නම් එක කොටසක්වත් කියවලා නැහැ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. අම්මෝ ලොකු දෙයක්... කමක් නෑ අන්තිම කොටස වත් කියවන්නකෝ... සම්පූර්ණ කතාවම කියෙව්වා වගේ තියේවි...

      Delete
  10. මොකද්ද අනේ ඔය කියන කතාව? :D

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ඔයා දන්නෙත් නැද්ද? එළම තමා... හුරේ...

      Delete
  11. හ්ම්ම්ම්ම්ම් ඉක්මනට දාන්නකො ඉතිරියත්...........

    ReplyDelete
    Replies
    1. හැකි ඉක්මණින් දානවා මල්ලි..... ඊට පස්සෙ ඉවරයි... කතාවම ඉවරයි...

      Delete
  12. Replies
    1. හ්ම්ම්ම්.... දැන්ම නෙමේ.... තව චුට්ටක් තියෙනවා... !

      Delete
  13. මතකයක් නෑ අප්පා කතාවේ අගක් මුලක් :(
    යලට මහට කතා ලියනවට වඩා හොඳයි බොල කාලින අය්ට්ම් එකක් වගේ එකක් ලියන එක සිරාවටම :ප

    ReplyDelete
    Replies
    1. කමක් නෑ බං... අන්තිම කොටස කියෙව්වම එව්වා කියවන්න ඕන වෙන එකක් නෑ....
      සහතික ඇත්ත අම්මපා... මම ආයේ ලියන්නෙම නෑ මේ වගේ කතා... :)

      Delete
  14. Replies
    1. අප්පොච්චියේ දැන්මම ලෑස්ති උනාද? පොඩ්ඩක් ඉවසන්ඩෝ... කතාව තාම මඟ....
      මේ අපට එකක් ලියාගන්න බැරිව ඉද්දි හෙන්රි අයියා තව එකකුත් පටන් අරන්... අනේ සංසාරේ... :(

      Delete
  15. අනේ අම්මේ ලොකු දෙයක්!:p

    ReplyDelete
    Replies
    1. අනේ උඹ හරි කතා කියවන එකානෙ... දන්නේ නැත්නම් නිකන් ඉඳපන්... මේකෙ අවසාන කොටස වත් කියවන්න වරෙන් මලේ....

      Delete
  16. හ්ම්ම්..හොඳ දෙයක් කරන්න යාලු :)
    ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... එහෙම කරන්න තමා හිතං ඉන්නේ... ඔයාටත් ජය වේවා!!!

      Delete
  17. Replies
    1. හරි හරි අක්කේ... තව චුට්ටයි....

      Delete
  18. හම්මෝ මම කියන්නමයි හිටියේ අනු. :ප්

    මෙහෙම එකක් තියනවා, කතාව ලියන කෙනා කතාව ඇතුලේ ජීවත් වෙනවනම් කොච්චර කාලයක් ගියත් කතුවරයාට කතාව අමතක වෙන්නේ නෑ. ඔයා අකමැත්තෙන් ඕනෙවට එපාවට ඉක්මනට ලියපු හන්ද තමයි ඔයාගේ කතාව ඔයාටත් එපා වුනේ. අවුලක් නෑ. සමහර තීරණ වරදිනවා. හොඳට හොයල බලල අලුත් තීරණයක් ගන්න. අලුත් දෙයක් කරන්න. සුභ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. අප්පේ... ඔයා කියන්නමද උන්නේ.... :))))

      ඔයා කියන එක හරි... මම කතාව ඇතුළේ තමා ජීවත් වෙන්නේ... මට කතාව අමතක නෑ... කතාව ගත්තොත් මුල, මැද, අග හොඳට මතකයි.... ඒත් කම්පියුටරය ගාව රැඳෙන කාලය අඩු නිසා කතාව නවත්තපු ඉසව්ව අමතක වෙනවා... ජීවිතේ අපි ගන්න කොච්චර තීරණ නම් වරදිනවද නේද පැතූ.... මම කතාව අතරමඟ දාල යන්නෙ නෑ........................................ ඉක්මණින් ඉවර කරනවා.... අදහසටයි සුභ පැතුමටයි පැතූට ස්තුතියි !!!

      Delete
  19. අනූ ඒ කාලේ සිටම මැතිවරණ පොරෙන්දු දෙන බව අපි දනිමු... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොකිය ඉන්න අනේ.... ඔයා කොහොමද එහෙම කියන්නෙ? :( මම කලින් මෙහෙම කරලා නෑ........................................

      Delete
  20. කතා වලට වැඩිය ආස නැති මට නම් මේක ටිකක් හොඳ නිව්ස් එකක් වගේ !!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ.... හා හා හොඳයි තමා... :)))))

      Delete
  21. කතාවක් තියෙනවා ලාවට මතකයි.. ඒත් හරියට මතක නෑ..

    ReplyDelete
    Replies
    1. හිකිස්‌...,,, අමතක නම් කමක් නෑ...........

      Delete
  22. ලියන්න... අපි කියවිමට උපන්නෙමු..

    ReplyDelete
    Replies
    1. ඔව්... ඔබ කියවීමට උපන් බව මම දනිමි... කතාවේ ඉතිරි කොටස ඉතා දිගු විය හැකි බවට අනතුරු අඟවමි...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..