ලෝකෙට ආපු අය

Monday, August 13, 2012

මහත් වෙලා ලෙඩ වෙමුද? නැත්නම්...

අපේ ගැමි මල්ලි දවසක් මම ලියපු පෝස්ට් එකක රිප්ලයි එක විදියට කෙට්ටු වෙන හැටි කියල දෙන්න කිව්වා වගේ වගේ මට ලාවට මතකයි... ඉතිං ඒකත් ඇතුළුව ඔයාලා දන්නා-නොදන්නා දේවල් ගොඩාරියක් එකතු කරලා ලිපියක් ලියන්න හිතුවා...

අපිට ඉතිං කෙට්ටු වෙනවා කියලා දවස් 6කින් කිලෝ 10ක් තරම් අඩු කරගන්න උවමනා නෑනේ... නේද? මොකෝ ඔයහැටි විගහට බර අඩු කරන් රූප රාජිණි තරඟ වලට යන්නයැ. (කොළඹ එහෙම බර අඩු කරගන්න තැනක බෝඩ් එකකුත් තිබ්බ මම දැක්කා) මගේ නම් ඉතිං මාස 6කින් කිලෝ 4ක් විතර අඩු වුණා, ඒ මදැයි.. කිලෝ 49ක් කියන්නෙ සෙල්ලං ගානක්ද? දැන් අක්ෂකාස්ථියේ වල වල් වල වතුර පිරෙන තරම්... J අක්ෂකාස්ථිය කියන්නෙ මොකක්ද කියලා මගෙන්ද අහන්නේ...හා හා මේක සයන්ස් පාඩමක් වෙනවා. ඒත් ඉතිං අහනකොට කියා දෙන්නේ නැතුවත් බෑනේ. උරහිසේ ඉඳං බෙල්ල මැද ප්‍රදේශයට වෙනකල් තියෙන වක් වෙච්ච ඇටකට්ට තමා ඔය කිව්වේ)

අප්පොච්චියේ පහුගිය සිංහල අවුරුද්දට නෑගම් ගිය වෙලේ නෑදෑ කස්ටිය ගෙන් මට විසුමක් නෑ. හරියට කෙට්ටු වෙලා! බොහොම ඇදිල ගිහින්!! කැම්පස් එකේද ඉන්නේ!!! අනේ අසරණ මට තනියම හිනා J J

ඉතිං මම දැන් කියාදෙන්න යන්නේ නිදිමරාගෙන උසස් පෙළට පාඩම් කරපු කාලෙදිවත් නොවුණු තරමට මාස කීපයක් ඇතුළත කෙට්ටු වුණ හැටි.. පහළ තියෙන්නේ මම අනුගමනය කරපු පියවර... ඔන්න බලන්නකෝ...

ආසාවෙන් තලු මර මර කාපු රවුම් මුරුක්කු,කොම්බු මුරුක්කු(අර කොම්බුව වගේ කැරකිලා තියෙන එව්වා)අල පෙති,මයියොක්කා පෙති, රටකජු, බැදපු පරිප්පු,කලවම් කඩල, මෙකී නොකී සියලු බයිට් වර්ග කෑම 99.9% කින් අඩු කිරීම.

උළුඳු වඩ, පරිප්පු වඩ, උම්බලකඩ වඩ, ඉස්සො වඩ කියන ජාති කෑම සම්පුර්ණයෙන් නැවත්වීම.


පැණි රස කෑම නොකාම බැරි අවස්ථා වලදී හැර අනිත් කිසිම විටෙක ගැනීම සෑහෙන කාලෙක සිට නවත්තලා තිබ්බ නිසා ඉස්සර එක පාර පැකට් එකක්ම කාගෙන කාගෙන ගියපු ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පවා කෑම කැපී පෙනෙන ලෙස අඩු කිරීම (ඒ කියන්නෙ සතියට බිස්කට් 5ක් විතර..වැඩිද? J)

කෙළ හලාගෙන කාපු තෙල් කෑම, බැදුම්, ඉස්සො , දැල්ලො , කකුළුවො, හාල්මැස්සෝ, කුකුල් මස් , කජු වගේ කෑම බොහෝ දුරටම අඩු කිරීම... බටර් මාගරිනුත් මේකට අයිතියි.


අධිකව පිෂ්ඨය අඩංගු පාන්, රොටි, පිට්ටු, බතල, අර්තාපල්, මඤඤෝක්කා, ඉඳි ආප්ප වගේ කෑම වලින් පුළුවන් තරම් ඈත් වීම.

පයින් යන්න පුළුවන් දුර කවදාවත් බස් එකෙන්, බයික් එකෙන් නොයාම.

පිටියි,සීනියි, තෙලුයි, ලුණුයි මේ හැමදේම බොහොම සීරුවට කන මම කන්නේ මොනාද කියල ඔයාල කල්පනා කරනවා ඇති නේද? හී හී... මම කන්නෙ මෙව්වා...

උදේට නම් කඩල, කවුපි, මුන් ඇට,කිරිබත්, මුන් කිරිබත්, බතුයි සම්බෝලයි වගේ ජාති..

දවල්ට මම කන්න කැමැති මාළුපිණි 2ක් එක්ක හරි (එහෙම කිව්වේ නොකන මාළුපිණි තමා වැඩි J) බත් චුට්ටක් කනවා.

රෑටත් ඉතිං එව්වම තමා. එක්කෝ මොකුත් නෑ ඔන්‍න‍ ඔහෙ සුප් ටිකක් බීල නිදියනවා...

එච්චර විතරක් නෙමේ, ඉස්කෝලේ යන කාලේ- පන්ති යන කාලේ දවසට 4 පාරක් විතර බත් කාපු මම දැන් දවසට 2පාරයිනේ බත් කන්නෙ.. පළතුරු එහෙම නිකං හම්බෙනවා නම් කනවා..
දැන් ඔයාලට අනූගෙන් උපදෙස් ටිකක් J J J

හැකි තරම් බයිට් පැකට්, වඩ, චීස්, බටර්, මාගරින් වලින් ඈත් වෙන්න. ඇබ්බැහි වෙන්න එපා. නොගෙනම බැරි විටෙක පමණක් ගන්න.

පැණිරස බිස්කට් විතරක් නෙවෙයි පැණි බීම,ටොපි, චොකලට්, කැවිලි වර්ග භාවිතය හැකි පමණ සීමා කරන්න.
තරහට නෙමේ. රැකුණොත් ඔයාලටයි. අනිත් එක මේ පැණි රස කෑම ගැන විශේෂයෙන්ම කියන්න ඕන. ඔය කඩවල් වල බොම්බේ ස්වීට්, මස්කට්, බූන්දි, පුහුල් දෝසි කියල තියෙන එව්වට දාන්නෙ සීනි නෙමේ සැකරින්. ඔයාල දන්නවද? සැකරින් කියන්නෙ සීනි වලට වඩා ගොඩක් සැර දෙයක්. කොච්චර සැර ඇති කියලද හිතන්නේ.. සීනි වගේ තුන් ගුණයක්, පස් ගුණයක්, දහ ගුණයක්, සිය ගුණයක්.. නෑ නෑ නෑ 550 ගුණයක්.. L  කොහොමද ලේසි නෑ නේ වැඩේ. ඉතින් අපි සැකරින් කෑවම මොකද වෙන්නේ? ඇටකටු කුඩු වෙනවා, කැඩෙනවා... තව......

කට්ලට්, පැටිස්, රෝල්ස්, කුකුල් මස්,ඉස්සො, දැල්ලො, කකුළුවො තෙල් දාල,බැදලා සකස් කර ගැනීම පුළුවන් තරම් අඩු කරන්න. මම හිතන්නෙ සාමාන්‍යයෙන් ඉස්සො, දැල්ලො, කකුළුවො නම් කනවා අඩු ඇති ඒවායේ මිල ගණන් එක්ක. නමුත් මස් කෑම අඩු කරන තරමට හොඳයි. ලෙඩ වැඩි මස් කන අයටයි. හැකි තරම් කුඩා මාළු ආහාරයට එකතු කර ගන්න. ( මට නම් ඒකත් බා. මම මාළු කන්නෙ නෑනේ L)

මේදය රහිත කිරි වර්ගයකට මාරුවෙන්න. හයි කැල්සියම්, අර කැල්සියම් මේ කැල්සියම් කියල තියෙන කිරිපිටි හිතුමතේ බොන්න යන්න එපා. අමං හිතන හැටියට ඒ කැල්සියම් තියෙන කිරිපිටි වලින් අපි හිතන තරම් ප්‍රථිපලයක් ගන්න බැරි වෙන්න පුළුවන්. සමහරවිට කැල්සියම් වැඩි වෙලා අස්ථි වල ප්‍රශ්නයක් ඇති වෙන්නත් බැරි නෑ.

 පුළුවන් තරම් කොළ පාට එළවලු, කහපාට එළවලු, කොළ වර්ග, පළතුරු කෑමට එකතු     කරගන්න. පලා වර්ග නම් කන තරමට හොඳයි.ඇස් පෙනීමට වගේම කොන්ඩේ කළු වෙන්නත් එක්ක. (හැබැයි ඒ හොඳට තියෙන දේ රැකගන්න මිසක් ඇස් පෙනීම නැති වුණාට පස්සේ හෝ කොන්ඩේ සුදු උනාට පස්සේ නැවත තිබ්බ තත්වයට පත් වෙයි කියල නම් මම විශ්වාස කරන්නේ නෑ)

වාහනේම/බයික් එකේම ඔහේ කකුල තියාගෙන යන්නේ නැතුව ව්‍යයාමෙටත් එක්ක පොඩ්ඩක් පයින් ඇවිදින්න.(හැබැයි ගැහැණු අය ෂොපින් කරනවා වගේ නම් නෙමේ ඈ) බයිසිකල් පදින එකත් හොඳයි.

මේ උපදෙස් පිළිපැදලා කෙට්ටු වෙන්න ගිහිං අම්ම තාත්තාගෙන් හරි සැමියා/ බිරිඳ ගෙන් හරි බැනුම් අහන්න උණොත් ඔන්න මම නෑ J J J


ලිපිය අවසන් කරන්න කියල හිතනකොටම තවත් කතාවක් ඔලුවට ආව. අපේ සමහර මැට්ටෝ/මැට්ටියෝ මහත් වෙන්න බේත් බොනවා. බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මේකට දෙන ප්‍රධාන ඖෂධයක් තමයි (ප්‍රෙඩ්නිසලෝන්) Prednisolone කියන්නේ. හරි... කතාව ඇත්ත... මහත් වෙනවා තමයි.. හැබැයි ටික දවසකින් ආයේ බෙහෙත් ගන්න එන්න වෙනවා (Diabetes) දියවැඩියාවට. දියවැඩියාව කියන්නෙ ලෙඩ ගොඩක ආරම්භයක්.ඊට පස්සෙ  (Hypertensive අධි රුධිර පීඩනය, තරබාරුකම (Obesity)..  අවසානයේදී  Myocardial Infarcture (MI)    තේරෙන සිංහලෙන් කිව්වොත් හෘදයාබාධ (Heart Attack)... ඔන්න ඔහොමයි සෙල්ලම යන්නෙ හා හා ... එහෙනම් මහත් වෙන්න බේත් බොන්නෙ බලාගෙනයි!!! ඒ වගේම දොස්තර මහත්තයා කලින් ලියල දීපු බේත් තුණ්ඩුව අරන් ආයේ බේත් ගන්න යන අය Prednisolone  ගැන අවදියෙන් හිටියොත් හොඳයි නේද?
ආසියාවේ NCD එහෙමත් නැත්නම්  Non Communicable Diseases  ( බෝ නොවන රෝග වල ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා බොහොම කල්පනාකාරී වෙන්න වෙනවා.


තෙල් අධික ආහාර නිසා (Liver)අක්මාවත්

 ලුණු අධික ආහාර නිසා (Kidney)වකුගඩුත්

මස් අධික ලෙස ගැනීමෙන් (Heart)හදවතත් ලෙඩවෙනවා.

මේ ඉන්ද්‍රියන් සියල්ල ලෙඩ උනාම මොළේට (Brain)  රුධිර සැපයුම අඩු වෙලා (Paralyse)  අංශභාගය හැදෙන්න පුළුවන්.

බය කරන්න නෙමෙයි හොඳේ, දැනගන්නයි කිව්වේ... J\

ම්ම්ම්...අපි අතර තවත් කොටසක් ඉන්නවා කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ කියන කස්ටියක්. අනේ ඉතිං අන්න එහෙම කට්ටිය දෙයියනේ කියල කාල බීල ඉන්ඩල අප්පා... දඩි බිඩි ගාල පඩිපෙළක් නැගගන්න බැරි,අඩියට දෙකට ගමනක් යාගන්න බැරි තරබාරු අය දැක්කම මහත් වෙන්නේ මොකටද කියලා හිතන්නේ නැද්ද?

ඕන දේක හොඳ- නරක කියල දෙපැත්තක් තියෙනවනෙ. කෙට්ටු වෙන එකෙත් පොඩි අවාසියක් තියෙනවා. සමහර වෙලාවට සමහර අයට සමහර බර දේවල් උස්සන්න අමාරු වෙන්න පුළුවන්.

හැබැයි බරක් නම් තව කාත් එක්ක හරි එකතු වෙලා උණත් ඉස්සුවහැකි. හැබැයි මම අර කලින් කියපු ලෙඩක් හැදුනොතින් ඒ ලෙඩේ බෙදා ගන්න කෙනෙක් නෑ.. මතක තියාගන්න..!!!

හෑ.. අන්න බොලේ කවුදෝ කොස්සක් උස්සන් මේ පැත්තට දුවගෙන එනවා. කන්ඩ එපා කිව්වා එව්වට තරහ ගිහින් වෙන්ටැ... ඔන්න මම නම් හැන්ගුණෝ... J

58 comments:

  1. ගූගල් ක්‍රෝම් වලින් පබ්ලිෂ් කරන්න ගිය ලිපිය එය පිස්සු නැටීමට ගත් නිසා ෆයර්ෆොක්ස් වලින් පබ්ලිෂ් කරපු හින්දා හිනා මූණු වෙනුවට ඉංග්‍රීසි අකුරු ටයිප් වී තිබීම ගැන කණගාටුයි.. ගණන් ගන්න එපා හොඳේ...

    ReplyDelete
  2. මට නම් ඔනෙ ඉතින් මහත් වෙන්න තමයි. එ කියන්නේ ඔය මාසෙන් දෙකෙන් මහා ලොකු විධිහට මහත් වෙන්නත් නෙමේ..
    මෙ එපා කියපු, නොකරන්න කියපුවා කළා නම් හරි වගේ නේද?
    බලමුකෝ කරලා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.... ඔයාට මහත් වෙන්නද ඕන... හා හා එහෙනම් එපා කියපුව කරන්න...:)

      Delete
  3. මේ උපදෙස් ටික නම් හොඳටම ප්‍රමාණවත්. එත් මේ දකිනකොට අහක බලන් ඉන්නේ කෝමද?

    අනික මේ කියන විදයට කලොත් හාමතේ මැරේවි. ඒ නිසා හෙට ඉඳන් කන්නෙ නෑ කියලා අද කනවා.

    ReplyDelete
    Replies
    1. ආ...එහෙම හාමතේ මැරෙන්නෙ නෑ............... මම කීවේ පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි...

      Delete
  4. hoda upades tikak

    ReplyDelete
  5. මරු ලිපියක් !
    ඒත් අර වගේ කෑම නොකා ඉන්නේ කොහොමද.. කොටින්ම බැදුං ජාති නම් දැක්කහම කටට කෙලත් උනනවා.
    මම නම් කෙට්ටු නිසා ඕවා කෑවට කමක් නෑ මහිතේ..

    ඔය අක්ෂකාස්ථිය ගැන අපේ මලටා විඩින් ව්ඩේ මතක් කරනවා. ඌ ඉස්සර තමා අක්ෂකාස්ථිය කියලා කිව්වේ. දැන් කියන්නේ කොලර්බෝන් එක කියලා... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. මරු ලිපියක් කිව්වට ටැංකු!
      මටත් ඉස්සර නම් එහම තමා... පස්සේ මමම හිතල අඩු කළා.
      ඔව් නේ...අයියා සෑහෙන්න කෙට්ටු නිසා කමක් නෑ...

      අනේ අපි ඉතින් තාම මොට්ටිසෝරි... කොලර් බෝන් දන්නෙ නෑ.. නොදන්නා දෙයක් කියාදුන්නට ස්තුතියි චිනී අයියේ...:)

      Delete
  6. මට මහත් වෙන්නෝනි..

    ReplyDelete
    Replies
    1. එපා කියපුව කොරන්ට... මහත් වෙයි...

      Delete
  7. බොහොම හොඳයි. ඔය කියන විදියට කෑම නැවැත්තුවම කන්න වෙන නීරස කෑම මතක් වෙනකොට නං..........

    ReplyDelete
    Replies
    1. කොහොමද එතකොට දියවැඩියාව හැදුණාම කන්න වෙන කෑම වල රස? කරවිල ඉස්ම, අක්කපාන කොළ ඉස්ම, රතු බත්, සීනි අඩු තේ.... තව... තව...

      Delete
  8. ඔයා කියපු ඔය මුරුක්කු අරව මෙව්වා සාමාන්‍යෙන් වැඩිපුරම කන්නේ ගැහැනු ලමයිනේ පිරිම් පාර්ශවේ ඔව කන්නේ අඩියක් ගහන වෙලාවට තමා ඉතින් හැබැ ප්‍රැක්ටිකලි හොඳ උපදෙස් ටිකක් ඔවා කරනවත් එක්කම අනිවා ව්‍යායාමත් කරනවනම් ශරිර ශක්තිය හීන විම ගැන බයවෙන්ඩ ඔනනෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඕවා හුගාක් කන්නේ ගෑනු ලමයි තමයි.

      Delete
    2. කොහොමත් මේ උදදෙස් පිලිපැද්දොත් නම් අනිවා ස්ථුලබාවයෙන් මිදෙන්න පුළුවන්.නමුත් මිනිස්සු ඒවා කරයිද නැද්ද කියලා විතරක් කියන්න බෑ.

      Delete
    3. @Raj

      අන්න රාජ් අයියා නියම උපදෙසක් දීල... කනවා බොනවා වගේම එව්වා වැයවෙන්න ව්‍යායාම කළොත් නිරෝගී බව රැකෙනවා...

      @ධමිමික ස‍‍දරුවන්

      ඔව්.. හුගාක් කන්නේ ගෑනු ලමයි තමයි.. නොකන පිරිමි ළමයිනුත් නැත්තේ නෑ... අලුත් යාළුවව සාදරයෙන් පිලිගන්නවා... අදහසට ස්තුතියි.

      Delete
  9. මම කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑනෙ..ඒක මාරම පස්නයක්...

    ReplyDelete
    Replies
    1. තෙල් අධික කෑමයි කිරි ආහාරයි කන්න. එතකොට පුස් ඌරා වගේ මහත් වෙයි.
      බත් කාලා යෝගට් එකක් කන්ඩ පුලුවන් නම් එල !

      Delete
    2. @amila chathuranga

      ඔන්න චිනී අයිය දීල තියෙනවා උත්තරයක්‌....,,,ඕනම නම් කොරල බලන්ට...පස්නේ විසඳෙයිද කීලා...

      @මධුරංග

      ටැංකු අයියා :) ඔයත් ඔහොම තමා කාල තියෙන්නේ නේ?

      Delete
  10. මේ ෆුල් ට්‍රයි එක මහත් වෙන්න.....

    ReplyDelete
    Replies
    1. හා හා ඔහොම යන් ඔහොම යන්...

      Delete
  11. අපිත් මහත් වෙන්න ට්‍රයි කරන සංවිධානයේ කොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි මම දන්නවා... දැන් හුළඟට ගහගෙන යනවනේ නේ... බලාගෙන... තනියම යන්න එහෙම එපා ඈ... :))))))

      Delete
  12. //උළුඳු වඩ, පරිප්පු වඩ, උම්බලකඩ වඩ, ඉස්සො වඩ කියන ජාති කෑම සම්පුර්ණයෙන් නැවත්වීම.//
    දුකයි හෆ්ෆා... :(

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා අක්කේ... මම වයසට ගිහින් ඔය ලෙඩ වලින් දුක් විඳින්න අකමැතියි...

      Delete
  13. හෆ්ෆා... මට ඕනෙත් මහත්වෙන්න.. ගොඩාක් නෙවෙයි ටිකක්... :D මගෙ කොහොමටත් අක්ෂකාස්ථියේ වල වල් වල වතුර පිරෙන තරම්,, හික්ස්ස්.. මට ඕනෙ එහෙම නොවෙන්න.. හයියෝ සල්ලි!! හැමතැනම කෙට්ටුවෙන්න ක්‍රම තියෙනවා.. ඒත් මහත්වෙන්න ක්‍රම නැහැනෙ.. මම වැඩිය බත් කන්නෙ නෑ..කඩචෝරුනම් කනවා.. ඒත් ඒ හා සමානව පයින් යෑම් ඒම් වැඩියි.. අනේ මංදා අපේ ඩොක්ටර් අංකල්නම් බේත් දෙන්නෙ නෑ හෆ්ෆා මහත්වෙන්න.. :/ එයාට පිත්තු!!!

    හොද ලිපියක් අනූ..

    ReplyDelete
    Replies
    1. වැඩිය බත් කන්නෙ නෑ???? අපොයි ඔහොම බෑ ඉතින් හොඳට බත් කන්න ඕන... පයින් යන එක අඩු කරලා බස් එකේම යන්න එන්න ඕන... තෙල් කෑම, යෝගට් (මධුරංග අයිය කිව්වේ) , පිටි සහිත කෑම පුළුවන් තරම් කන්න...මහත් වීමත් එක්කම දියවැඩියාවත් හදාගන්න ඕන නම් ප්‍රෙඩ්නීසලෝන් බිව්වට කමක් නෑ...!!!

      Delete
  14. හිනාවෙන් සැහැල්ලුවෙන් දීපු සෞඛ්‍ය උපදෙස් ටිකක්. අර ඉන වටේට හැදීගෙන එක ටයර් නොහොන් එක්සෙස් ලගේජ් එක්ක මාර ෆයිට් එකක් දෙනවා මාත්.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. දැන් නම් මට මාත් එක්ක කිසිම ෆයිට් එකක් නෑ... වටේ ඉන්න අය තමා ඒකට ෆයිට්... එහෙම තමා අපි කවදත් හිනාවෙන් වැඩ... අයියත් පොඩ්ඩක් කරලා බලන්නකෝ... :)))) (වැඩිය හිනාවෙන්න එපා, තර වෙයි)

      Delete
  15. මම කෙට්ටු වෙන්න හදන හින්දා වටිනෝ.......... :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔයාට වත් මේක වටිනා එක මට ලොකු සතුටක්... එසේම වේවා!!!

      Delete
  16. හපොයි මහත් වීම ගැනනම් කතා කරලා වැඩක් නෑ අනු !! මම කොච්චර කට්ටක් කනවද, කෑවද ? :(

    ReplyDelete
    Replies
    1. මහත් වෙන්නද කට්ට කන්නෙ පැතූ? :(

      Delete
  17. ඉහි ඉහි :( මට මහත් වෙන්න ඕන :(

    ReplyDelete
    Replies
    1. එපා කියපුව කරන්න හලේ වෙන මොනා කරන්නද?

      Delete
  18. මම නම් මීඩියම් සයිස් ඉන්නෙ, ඒනිස මම නම් කනවා ඇතිවෙන්න. මගේ ජීවන චක්‍රය කැම්පස් ගියා ම කෙට්ටු වෙනවා, ආයෙ ගෙදර ගියා ම මහත් වෙනවා....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒක කැම්පස් යන කට්ටියගේ සාමාන්‍යයෙන් පොදු ජීවන චක්‍රයක් වෙන්න ඕන... මාව දැකපු අයත් ඇහුවනේ මම කැම්පස් යනවද කියල... අනේ මන්ද...:))

      Delete
  19. මට ඕනි මහත් වෙන්නනේ....

    ReplyDelete
    Replies
    1. අනේ...ඔයත් අසරණය අයියලාගේ සංගමේද?

      Delete
  20. අකුරුත් හොඳා කතාවත් ගැලපෙනවා. ඒත් කරන්න බැරි එක තමා ලෙඩේ. මේ දවස් ටිකේම කැම්පස් ස්ට්‍රයික් නිසා නිකම්ම ගෙදරට වෙලා ඉදලා මාත් හොඳට මහත් වෙලා ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. අකුරුත් හොඳා කිව්වෙ අයියේ? මෙව්වා ටයිප් අකුරුනේ... (හැබැයි මගේ අත් අකුරුත් ටයිප් අකුරු වගේ ලස්සනයි කියල හැමෝම කියනවා) අපොයි අපොයි... නිකන් කකා බිබී උන්නොත් මහත් වෙන එක අහන්නත් දෙයක් යැ..

      කැම්පස් තියරිය අනුව ගෙදර ඉද්දි මහත් වෙලා කැම්පස් ගියාම කෙට්ටු වෙනවලුනෙ නේද?

      Delete
  21. මමනම් ජීවිතේම කෙට්ටුවට තමා හිටියේ. ඉදිරියටත් එහෙම වෙයිද මන්දා.

    ReplyDelete
    Replies
    1. බලමු බලමු... අපේ සර් කිව්වා ගෑනු ළමයි, බබාලා හම්බෙද්දී කොහොමත් මහත් වෙනවා කියලා...

      Delete
  22. වැදගත් උපදෙස් ටිකක්..එකක් දෙකක් ට්‍රයි කලාට වරදක් නෑ මම හිතන්නෙ..
    කොහොමවුනත් BMI ගැනත් අන්තිමට එකතු කරලා නම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක්...ම්ම්ම්... කමක් නෑ ඕනනම් කරලා බලන්න... මම දන්නවා මේ හැම එකම කරන එක ලේසි නෑ...

      ඒක අමතක උණා අක්කෙ... පස්සේ මතක් වුණා... දැම්මේ නෑ.. :)

      Delete
  23. අලෙ නංගෝ...මට තවත් කෙට්ටු උනොත් මාව විද්‍යාගාරයේ ඩමියකට ගන්න පුළුවන්... මන් මේ සැහෙන්න දගලනවා මහත් වෙන්න පොඩ්ඩක්වත්...:( :'(
    BMI ගැන වෙනම පොස්ට් එකක්වත් ලියන්න නංගෝ....
    මහත කෙනෙක්ට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ට තමන්ගේ ආහාර රටාව හරියට පවත්වා ගන්න එක ගැන වටිනා පොස්ට් එකක්... හුගක් ස්තුතියි හොදේ...:)

    ReplyDelete
    Replies
    1. ඇයි අක්කෝ...අර මම එපා කියල තියෙන එව්වා කරලා බලන්න මහත් වෙන්නෙ නැද්ද කියලා...

      BMI ගැන වෙනම පොස්ට් එකක් ලියන්න ඕන නෑ නේ අක්කෙ ඔයාල ඉතිං ඒ ගැන දන්නවා ඇති කියල මම හිතනවා....

      අලේ... ස්තුති මොකටද....මෙව්ව සමාජ සේවේ... :))))

      Delete
  24. ඔන්න මාත් ආවෝ :)
    මාත් අත්දැකීමෙන් කියන්නේ ආහාර පාලනය කිරීමෙන් ශරීරයේ බර ගොඩක් අඩු කරගන්න පුළුවන්.දැන් මමත් ඉස්සරට වඩා කෙට්ටුයි බඩත් නැහැ.ඒකට තව හේතුවක් තියෙනවා ඒ තමා මම උදේට උදේට නින්ද කැප කරලා දුවනවා.දැන් කොල්ලා හෙන හැන්සම්ලු ඒ මදිවට කෙල්ලොත් මං දිහා බලනවලු. :)

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියෝ....එච්චර හැන්සම්ද? පොටෝ එකකුත් දැම්ම නම් තමා වටින්නේ... ඔන්න ළමායි, අහගන්න... පිටි මුට්ට වගේ ඔහේ ඉන්නේ නැතුව ව්‍යායාම කරන එක කොච්චර හොඳ දෙයක්ද? කෙල්ලොත් බලනවනෙ....

      Delete
  25. මං එක පාරකුත් මේකේ තිබ්බ මේ වගේ ආහාර පාලනයට උපදෙස් පොස්ට් එකකදී මේකම කිව්වා වගේ මතකයි. මට නම් ඕනේ නොකා මැරෙන්න නෙවෙයි කාල මැරෙන්න. අකාල මරණං වලට වඩා කාල මරණං හොදයි ඈ :))

    ReplyDelete
    Replies
    1. ඕක ඉතිං හැමදාම කියන්න එපා... එදා ලිව්වෙ අජිනොමොටෝ ගැන වගේනේ. මේ ලියල තියෙන්නෙ මහත අයට කෙට්ටු වෙන්න, ලෙඩ නොවී පරිස්සම් වෙන්න කියල දෙන පෝස්ට් එකක් නේ..

      Delete
  26. මඩිස්සලේගෙ කතාව ඇත්ත මට හවසටත් බඩගිනි හැදෙනවනේ පාලනය කරගෙන ඉන්නම බැහැ මම ඒකත් කාල දැන් මම මහතම වෙලා

    ReplyDelete
    Replies
    1. එහෙනම් මල්ලි පොඩ්ඩක් මේ කිව්ව දේවල් කරලා බලන්න..අඩු ගානේ ඇඟ මහන්සි වෙන වැඩක් වත් කරන්න... නැත්නම් ලෙඩ වේවි...

      Delete
  27. හාහාපුරා කියලා ආපු ගමන් බණ කතාවක් අහන්ඩ වෙච්චි... හා හා.. කියන හිංදා කොරන්නංකෝ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා... ආවට ස්තුතියි...

      මම කියන නිසාම පිළිගන්න එපා... දන්න කෙනෙකුගෙන් අසා දැනගන්න...:)))

      Delete
    2. විහිලුවට අප්පා කිව්වේ... ලියලා තියෙන දේ 100% ක්ම ඇත්ත තමා... ගොඩක් වැදගත් ලිපියක්...

      Delete
  28. හය්යු..අපේ නංගි පොඩ්ඩ රැට කන්නේ නැහැ මහත් වෙනවා කියල...එයාගේ ටිකත් එක්ක මන් කනවා මහත් වෙන්න..හි හි...

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..