ලෝකෙට ආපු අය

Monday, August 27, 2012

~~~සඳයි තරුයි~~~ 9 කොටස


සම්පූර්ණ කතාව මේ ලින්ක් වලින්....

මෙතෙක් කතාව කෙටියෙන්...
        තරූෂි මාස කිහිපයකින් අනතුරුව උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුවියකි. මවගේපියාගේ සහ සොයුරන් දෙදෙනාගේ ආදරය හා රැකවරණය මැද වැඩෙන ඈ සතුව පංති නායිකාව ලෙස පැටවී ඇති කාර්ය භාර්යයද අති මහත්ය. මේ අතර අහම්බෙන් ෆේස්බුක් හරහා හඳුනා ගන්නා සඳුනිල් නමැති පිරිමි ළමයෙකු ඇගේ ආදරය බලාපොරොත්තු වෙයි. අධ්‍යාපන කටයුතු හා සඳුනිල් අතර දෙලොවක තනිවන ඇය මේ සඳහා තම අතිජාත මිතුරිය වන මල්කිගේ උදව් බලාපොරොත්තු වෙයි. දිනක් රාත්‍රියේ පාඩම් කටයුතු අවසන්ව ජංගම දුරකථනය අතට ගෙන ටික වෙලාවක් ගත වන විටම කාමරය දෙසට කිසිවෙකු එන ශබ්දය ඇසීමෙන් තරූෂි කලබල වෙයි. රාත්‍රියේ ජංගම දුරකථනය පාවිච්චි කරමින් සිටින තරූෂි දුටු පියා කේන්තියෙන් දුරකථනය පසුදා හවස තමා භාරයට ගන්නා බව පවසයි. කරන්නට කිසිත් නැති තැන පසුදා පන්තියේදී තරූෂි සඳුනිල් වෙත පණිවිඩයක් යවමින් තමා හට ජංගම දුරකතනයක් දිය හැකිදැයි අසයි. ඔහු පසුදා හවස එය දීමට පොරොන්දු වෙයි. මේ අතර තරූෂිගේ ළඟ ලඟම එන උපන්දිනය වෙනුවෙන් කල් ඇතිවම සුදු අයියාගෙන් තෑගී ලැබේ. පිටරටක සිටින චූටි අයියාද ඇයට තෑගි එවූ බව පවසයි. මේ සියල්ල අතර තරූෂි වසරේ පළමු වාර විභාගයට සුදානම් වෙයි.

ද කතාව එතැන් සිට...

හවස 2ට පටන්ගන්න කෙමිස්ට්‍රි පංතියට වෙනදාටත් වඩා පැය බාගයක් විතර වේලාසනින් මම ගෙදරින් පිටත් වුණේ ෆෝන් එකක් හම්බෙනවනෙ කියන සතුටටත් එක්ක. දැන් ඉතින් අරුන් තුන්දෙනා මාව නැති කරයි අද නෝන්ඩි දාලා... බස් එකේ ගිය විනාඩි 45 දැනුනෙවත් නෑ.. මම පංතියට යද්දි කවුරුවත් නෑ. දවල් පන්තියෙදි නිදි මත හැදෙන නිසා කාල එන්නෙත් නැති එකේ හැක්ස් ටොපි ටිකක් වත් ගන්න කියල හිතාගෙන මම පන්තියෙන් එළියට බැස්සා...

 “පුතා, ඔයා කාඩ් එක ගෙනාවද? මිස් පේපර් එකක් කරන්න දීල ගිහින් තියෙනවා” ඒ කටහඬ ටික් අංකල්ගේ.

“නෑ අංකල්, ඒක පංතියේනේ... මම කඩේට ගිහින් ඇවිත් පේපර් එක ගන්න එන්නම්."

තනියම පංතියට එහා වත්තෙ පුංචි තේ කඩේට ගිහින් ටොපි ටිකක් ගන්නකොට ඈත තියා අත වනාගෙන මල්කියි,දිනූයි, මධූයි එනවා.ලඟට එනකල්ම ඉඳල කට්ටියම එකට පංතියට යන්න හැදුවත් මල්කියි දිනූයි බීම එකක් බොන්න ඉඳපු නිසා මායි මධූයි පංතියට ගියා. ආපහු ඇවිත් පේපර් එක අරන් ගිහින් ඒක කරන්න පටන් ගත්තා.

“තරූ, මොකෝ ෆෝන් සීන් එකට උනේ?”

“මොකුත් නෑ ඉතිං, තාත්ත ඒක ගත්තා. අද එකක් හම්බෙනවනෙ...”

“අප්පේ.. මේකිගෙ මූණේ තියෙන හිනාව බලපල්ලකො. අපිට නෑනේ ඉතිං ඔය වගේ කොල්ලො?”

“අනේ, එහෙම තියා උඹට කොහොම එකෙක්වත් නෑනේ.. අපි යාළුවෙන්න එපා කිව්වයැ”
ඔලොක්කුවට වගේ එහෙම කිව්වම මධූගේ මූණ ඇද උණේ කජු ලෙල්ලක් වගේ.

“අනේ සොරි මධූ, මම විහිළුවට කිව්වෙ හොඳේ”

“හා හා ඒකට කමක් නෑ. අන්න අර දෙන්නත් එනවා.”

මල් පංතියට ඇවිදින් පැය කාලකට විතර පස්සෙ මාෂිත් ආව. පංතියේ අනිත් ළමයිනුත් බාගයක් විතර ආවට පස්සෙ මිස් පංතියට ආවා.

“ළමයි, කෝ මම කරන්න දීල ගිය පේපර් එකේ ප්‍රශ්න කීයක් කරලා ඉවරද?”

“හතරයි මිස්” මාෂි හයියෙන් උත්තර දුන්නා.
යකොඩෝ, මේ කොයි වෙලේද ආපු මම කලෙත් තාම තුනයි. ඔක්කොටම පස්සෙ ආපු මේකි හතරක් කරලා.

“ගොඩක් හොඳයි මහේෂි, හරි අපි දැන් මුල ඉඳං පටන් ගමු. හරි අය හරි දාගන්න. අනිත් අය හදාගන්න.”
පිළිවෙලට ගණන් හදාගෙන හදාගෙන යද්දි දන්නෙම නැතුව හවස 5.30ත් වෙලාදැන් සදුනිල් මඟ බලාගෙන ඇති මම එනකල් ෆෝන් එක දෙන්න. අපරාදේ මට එයාට 5.30 වෙද්දී ආවම ඇති කියන්න බැරි උනානේ.

“මේකෙ ඉතුරු ටික ඔයාල ගෙදරින් එද්දී කරගෙන එන්න. ළමයින්ට අවුරුද්දට නිවාඩුවක් ඕනද? 14නෙ අවුරුදු.. 13 ආවහැකිනෙ නේද? ඔයාල එනවනම් මම පන්තිය කරනවා”
මිස් එහෙම කියද්දී පන්ති ඇරිලා එළියට බැහැල දුවන්න හිටපු ළමයි ඔක්කොගෙම මූණ ඇඹුල් උණා. 
"හරි හරි එහෙනම් 13 පන්ති නෑ. 20 පන්තියට එද්දී මේක හදාගෙන එන්න.”

කොයි වෙලේද පන්ති ඇරෙන්නේ කියල බල බලා හිටපු මම ඉක්මණට යාළුවො ටිකත් එක්කගෙන පාරට ගියා. ම්ම්ම්... සුදු පාට ටී ෂර්ට් එකකුයි ඩෙනිමකුයි ඇඳගත්තු පිරිමි ළමයෙක් නම් ඉන්නව ඈත... ලඟට ගිහිල්ලම බලන්න ඕන..
හරි.. එයා තමා.. හැබැයි එදා එවපු ෆොටෝ එකට වඩා හැන්ඩ්සම්...

“හලෝ.. ඔයා සඳුනිල් නේද? මම තරූෂි”

“හලෝ හලෝ... මම දන්නවා ඔයා තරූෂි කියල”
අපොයි මෙයා මට සිරික්කිය දානවා.. ලැජ්ජාවේ බෑ..

“හ්ම්ම් ඒකත් එහෙමද? මටත් ඔයාව මතකයි. නම තමා දන්නෙ නැතුව හිටියේ. ඔයා ඉස්සර අපේ ගණන් පන්ති ආවනේ... මම හරි නම් 6,7 පන්ති වල වගේ...”

“ආ.. ඔයාට මතකද? ඔව් ඔව් මම ආව තමා. ඇයි ඉතින් ඊට පස්සෙත් එතනම තිබ්බ 10-11 ගණන් පන්තියටත් මම ආවනේ.. අර කවුදෝ ගෑණු ළමයෙක් 0 දෙකෙන් බෙදුවම බිංදු බාගෙ කියල කිව්වේ...”
මලා.. මේ කියන්නේ මං ගැන... ඒ කියන්නේ මෙයාට මාව හොඳට නෝට.. හපොයි ඉඳල හමාරයි.

“මොනවද තරූ කල්පනා කරන්නේ? හරි හරි මම  ඔයාගෙ යාළුවො කාටවත් කියන්නෙ නෑ.අන්න බස් එකක් එනවා යමුද?”

“ඈ ඔයත් එනවද මාත් එක්ක බස් එකෙන් යන්න?”

“ඇයි? මම එන්න එපාද? මම යන්නෙත් ඒ පැත්තටමනේ”

“නෑ නෑ මම එන්න එපා කිව්වේ නෑනේ.. හැබැයි ඔය බස් අපේ පාර ගාව නවත්තන්නෙ නෑ. ඔයා බෙල් එක ගහල බස් එක නවත්තල දෙනව නම් මම එනවා”

“අයියෝ ඕකත් වැඩක්යැ. නගින්න නගින්න.”

බස් එකට නැග්ගට මොකෝ ඉඳගන්න වත් තැනක් නෑ. ලොකු බස් එකක පිටිපස්සෙ දොර ගාව එකළඟ හිටගෙන අපි දෙන්න බස් එකේ යද්දි  මම වැඩිපුරම කළේ ඒ කතා කරන තරු ඇස් දිහා බලං හිටපු එක.



“තරූ, මොකද ළමයො කන්න වගේ මං දිහා බලං ඉන්නෙ? හරියට අල්ලගන්න. වැටෙයි ඈ”

“නෑ හලෝ මං මේ මෙච්චර වෙලා බලං හිටියේ ඔයා ඒ කාලේ දැක්කට වඩා හුඟක් වෙනස් නෙ. ඒ කාලේ ගොඩක් මහතයිනෙ. දැන් තවත් සුදු වෙලා, ලස්සන වෙලා, කොන්ඩෙත් නිකං ටින් ටින් වගේ”
දඟකාර හිනාවක්‌ දාගෙන මං එහෙම කිව්වා.

“ඊඊඊ.. ඔයා මට විහිලු කරනවද?”

“නෑ නෑ හලෝ ඇත්තමයි කිව්වේ.. ඉතින් ඔය කොන්ඩේ කැත නෑ ලස්සනයි. මම ටින් ටින්ට ආසයි. එකයි එහෙම කිව්වේ”

“ආ..එහෙමද? අපේ මල්ලිගෙ ටින් ටින් සීඩී එකක් තියෙනව, මම ගෙනත් දෙන්නම්කො චූටි බබාට බල බල ඉන්න.”
මගේ පැත්තට දිව දික්කර කර සඳුනිල් එහෙම කියද්දී මටත් හිනා.

“මේ හිනා නෙමේ. බහින්න කලින් මට ෆෝන් එක දෙන්න. නැත්නම් අමතක වෙයි. දැන් මම බහින හරිය කිට්ටුයි.”

“ආ... ඔව් නෙ... මට අමතක උනානේ.. මෙන්න තරූ ෆෝන් එක.. මම මේක යාළුවෙකුගෙන් ගත්තෙ රු 500ට”

“කවුද අනේ ඔයාට රු 500ට ෆෝන් දෙන්නෙ? අනික රු 500ක්?

“ඔව් ඔව් තරූ, මම ගනිද්දි මේක ටිකක් කැඩිලා. මම හදල ගත්තා.”

“හ්ම්ම් හරි හරි, කොහොමහරි ඒක තිබ්බ එක හොඳට ගියා. මේ එහෙනම් මම ඉස්සරහට යන්නම් ඈ. පරිස්සමින් යන්න. බායි”

“ඕකේ, බායි තරූ. ගෙදර ගිහින් මැසේජ් එකක් එවන්න”

මම ඉස්සරහ දොර ගාවට කිට්ටු වෙද්දී බෙල් එක ගහනවා ඇහුණු නිසා පිටිපස්ස හැරිලා බැලුවා. සඳුනිල් හිනාවේගන මා දිහා බලං ඉන්නව. හිනාවෙන ඒ ඇස් දිහා තවත් බලං ඉන්න මට බෑ. බස් එක නවත්තපු ගමන් මම ඉක්මණින් බැහැ ගත්තා. ගෙදර යද්දි අවුරුද්දට ගේ පේන්ට් කරන්න බාස්ලා ඇවිදින්.. කලින් පාරත් තීන්ත ගාන්න ඇවිත් මාව බදා ගන්න හදපු බාස් කාරය තමා මේ පාරත් ඇවිත් ඉන්නෙ... වෙලාවට එයාලට වැඩ කරන්න නිසා පැත්තෙ දොරත් ඇරලා.

මම හෙමීට පැත්තෙ දොරෙන් ගේ ඇතුළට ගිහිං ෆෝන් එකට සිම් එක දාල කාමරේ පොත් ගොඩ අස්සේ හංගලා ඇඳුම් මාරු කරන්නෙත් නැතුවම කුස්සිය පැත්තට ගියා.

“ආ... සුදු මැණිකෙ, ඔයා ආවද? කොහෙන්ද ආවේ?”

“ඇයි අම්මෙ අර ඇඹුල් දොඩම් ගහ පැත්තෙ දොර ඇරලා තිබ්බනෙ. මම ඒකෙන් ආවා.”

“හා හා.. එහෙනම් ඇඟ හෝදන් එන්නකො, මම කෑම බෙදන්නම්. පාඩම් කරන්නත් තියෙනවනේ. හෙට බයෝ නේද?”

“ඔව් අම්මෙ, හෙට බයෝ තමා.”
එහෙම කියාගෙනම මම ගේ ඇතුළට ගියේ තුවාය හොයාගෙන එන්න. පොත් ගොඩ අස්සෙන් ෆෝන් එක එළියට ඇදල අරගෙන බලද්දී මැසේජ් එකක් ඇවිත්. එකක් නෙමේ ගොඩක්. ඇයි ඉතින් ෆෝන් එක ගත්ත කියල දන්නෙ නැති යාළුවො ගහන මිස් කෝල් ඇලට්...

Tharu, parissamin awa neda? Shep neda?

Ow ow, hari dear, thanks.



නාල කාල ඉවර වෙලා පාඩම් පොත් ටික අතට ගනිද්දී එයාටත් ටර්ම් ටෙස්ට් ඇති කියල  හිතුණ නිසා වෙන කිසිම මැසේජ් එකක් යවන්න වත්, කෝල් කරන්නවත් හිතුණේ නෑ... එක පාඩමක් ඇරෙන්න අනිත් ඔක්කොම පාඩම් ඉස්කෝලෙ මිස් උගන්නල තිබුණු නිසා පන්ති පොතයි ඉස්කෝලෙ පොතුයි ඔක්කොමත් අරගෙන මම පාඩම් කරන්න ගත්තා. කලින් පාඩම් කරලා තිබුන නිසා වැඩි වෙලා යන්න කලින් පොත බලලා ඉවර උණා. ඊළඟට පාස්ට් පේපර් පොත අතට ගත්තු මම බහුවරණ පේපර් එකක් කරන්න පටන් ගනිද්දිම වගේ අම්ම ආවා...

“තරූ, දුවේ ඔයාට බොන්න මොනාහරි හදල දෙන්නද? කිරි ටිකක්.. තේ ටිකක්...”

“මොන කිරිද අම්මේ... මට කෝපි ටිකක් හදා දෙන්නකෝ”

“කොහොම උණත් හෙට ඉස්කෝලෙ යන්න තියෙන නිසා ගොඩක් වෙලා ඇහැරන් ඉන්නත් එපා නංගියො. උදේට නැගිටලත් පොඩ්ඩක් මොනා හරි බලාගන්න පුළුවන්නෙ.”
එහෙම කියාගෙන සුදු අයියත් කාමරේට ආවා. අම්මගෙයි මගෙයි කතාව එයාටත් ඇහිලා වගේ.

“හරි එහෙනම් කෝපි ඕන නෑ අම්මේ, මම තව ටිකකින් නිදා ගන්නවා. ඉතුරු ටික හෙට උදේ පාන්දර කරනවා.”

එහෙම කියපු මම පැය බාගයක් විතර අරං ව්‍යුහගත ප්‍රශ්න 2කට උත්තර ලියලා පොත වහලා නිදාගන්න ඇඳට ගියා.
                                                          ***

සඳයි තරුයි 10 වන කොටස සමඟ නැවතත් හමුවෙමු...!!!

41 comments:

  1. කතාවේ මුල් කොටස් කියවලා නෑ... කියවලාම එන්නම්කො..

    ReplyDelete
    Replies
    1. තාම කියෙව්වේ නැද්ද? හා හා හෙමීට කියවන්නකෝ....

      Delete
  2. ඔය විදියට අම්මා අප්පා රවටන්න හොදයිද ඈ

    ReplyDelete
    Replies
    1. ඒක තමා... හොඳ නෑ නේන්නම්... කෝ මේ කෙල්ලට තේරිලා නෑනේ..

      Delete
  3. කාලෙකට පස්සෙ එස්එම්එස් ප්‍රේමය ආයෙමත් දලු දාලා . දැන් නම් හැංගි හොරා කරපු එස් එස්එස් සෙල්ලම එලිවෙලා නියමයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද... මට නම් ඔය කිසි දෙයක් නෙමේ හිතෙන්නේ... මේක නවත්තන්නමයි හිතන්නෙ.. මොකද කියන්නෙ? :(

      Delete
  4. කතාවෙන් බාගයක්ම මට මග ඇරුන.ඉතින් මග ඇරුනු ටික කියවල ක්මෙන්ට් එකක් දාන්නම්

    ReplyDelete
    Replies
    1. හැමදාම ඔහොම කියල හරියනවද මං අහන්නෙ?

      Delete
    2. සමාවෙන්න ඕනෙ.

      Delete
  5. පළමු හමුවීම හිතුව තරම් ෂොක් එකක් නෙවිනේ..
    කොහොම වුනත් ඊළඟ කොටස බලමුකෝ...

    ReplyDelete
    Replies
    1. අයියෝ... කතාව හොඳ නෑ නේ... නවත්තන්නද?
      ඔන්න 10 කොටසින් සඳයි තරුයි පොලවට කඩන් වැටෙනවලු...

      Delete
  6. අපූරු කතා පොඩ්ඩ... කියෝලා කියෝලා කටත් රිදෙනවා.... ගිහිං එන්නම්කෝ එහෙනම්...

    ReplyDelete
    Replies
    1. අම්මෝ බොරු කියන ලස්සන... පොඩ්ඩයි නේ කියෙව්වේ...

      Delete
  7. මුල් කොටස් ටික කෙටියෙන් ලියපු එක ගොඩක් වටිනවා. නැත්නම් ආයෙම කියවන්ඩ එපැයි !
    ඔය කතාව ඉක්මනටම කියවන්ඩ දෙන්න බැරිද... :)

    ReplyDelete
    Replies
    1. ඕක මම කලින් 8 කොටස ලියද්දිත් දැම්ම... ඉක්මණට කියන්නෙ ඉක්මණට "නිමි" කරන්න කියලද කියන්නෙ? අදද හෙටද අනිද්දද? ඕන වෙලාවක මම රෙඩි...

      Delete
  8. Replies
    1. ඒකම තමා මටත් කියන්න තියෙන්නේ.............

      Delete
  9. ane itiri tikath ikmanata danna hode akkiyo.....

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද නංගි.. දැන්නම් නවත්තන්නමයි හිත...

      Delete
  10. සෑහෙන කාලෙකින්නේ අක්කේ ආවේ මම මේ පැත්තේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේද මල්ලි... එසේම වේවා ඈ !!!

      Delete
  11. කාලෙකින් වුණත් දැන් නම් කතාව ආයෙත් මතක් වුණා. ඔයා සෑහෙන්න බිසී වගේ නේද?

    ReplyDelete
    Replies
    1. අපෝ... ලහිරු අයියා මට විහිලු කරනවද මන්දා... බිසී නෑ... :(

      Delete
  12. මුල ඉදලම කියවල බලන්නම්..

    ReplyDelete
    Replies
    1. හා... ස්තුතියි හිරූ...

      Delete
  13. මේක නම් ඉවර වෙන කතාවක් නෙවේ...:p

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා... ඔයා මොකෝ කියන්නෙ අයියා... ඉවර කරන්නද?

      Delete
    2. හා... හැබැයි හොඳට ඉවර කරන්න...:D.හදිස්සි වෙන්නේ නැතුව !!

      Delete
  14. ආ....මේ තියෙන්නෙ කතාව....වැඩේ නැගලා යනවා වගේ ඈ....එලස් එලස්...

    ReplyDelete
    Replies
    1. නැගල.. නැගල තමා... ටැංකු ටැංකු...

      Delete
  15. එල එල ඔන්න මම මුල කොටස් ඔක්කොම කියෙව්වා හොදේ..නියමයි අනු..ගොඩක්ම ගොඩක් තාත්විකයි කතාව..මේක කියවන ගමන් මට හිතුනා මේක ඔයාට වුනු දෙයක්වත්ද කියලා..ලස්සනයි දිගටම ලියන්න සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ස්තුතියි යාලුවේ... දිගටම කතාව කියවන්න එන්න...

      Delete
  16. මට දැන් කතාව මතකත් නැ .....
    මුල ඉදන්ම කියවන්න ඔන.....

    ReplyDelete
    Replies
    1. කියවන්න බොරළු... කියවන්න!!!

      Delete
  17. මේ පර නම් ඔන්න කථාව කියවන්න වෙලාසනින්ම ආවා ඈ.......

    ReplyDelete
  18. හරි වේලාසන...මේක දාලා ගොඩක් දවස් හලෝ... හැබැයි තාම 10 නම් ලිව්වේ නෑ..

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..