ලෝකෙට ආපු අය

Friday, September 27, 2013

නැගිටින්න බයයි මං මෙහෙම්මම ඉන්නවා...


ඉවසන්න බෑ තවත් - මගේ නෙතු හඬනවා...
හෙලන හුස්මක් ගානෙ - මගේ හිත දැවෙනවා...
දිනක් මට ඒවි යැයි - හිතුව ඇති හිතෙනවා...
මැරෙන්නත් බෑ අනේ - ගොඩක් වැඩ තියෙනවා...

බලා ගත් තාත්තට - හුඟක් ණය ගෙවනවා...
බත් දුන්නු අම්මටත් - සළකන්න තියෙනවා...

ආදරේ වේදනා - තදින් මට දැනෙනවා...
වට්ටන්න බැරි තරම් - මම බිමට වැටෙනවා...
නැගිටින්න බයයි මං - මෙහෙම්මම ඉන්නවා...
තවත් වට්ටන්න බෑ - මගේ හිත කියනවා...

20 comments:

  1. //ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..// කිසිම අදහසක් නෑ

    ReplyDelete
    Replies
    1. හිකිස්‌....,,, බොහොම ස්තුතියි...

      Delete
  2. Replies
    1. එහෙම තමා අනේ... ලෝකෙ හැටි... :(

      Delete
  3. //නැගිටින්න බයයි මං - මෙහෙම්මම ඉන්නවා// නැගිටින්න බය වුණොත් කවදාවත් දිනන්න බැරි වෙයි, අනූ. වැටෙන්න වැටෙන්න නැගිටින්න බලන්න. කවදා හරි දිනන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. නැගිටින්න හදපු හැම පාරම වැටෙන කොට නැගිටින එකත් එපා වෙනවා ධාරා... වැටුණාම ආයෙ වට්ටන්න බැහැ නෙව...

      Delete
  4. Lessons we learn from pain are the ones that make us the strongest

    ReplyDelete
  5. නැගිටින්න භය වෙලා බෑ බොලං...කොහොමහරි නැගිටිමු...

    ReplyDelete
    Replies
    1. හප්පා... සිරා අයියව දැක්ක කල්...අනේ මං බයයි බං... මම මෙහෙමම ඉන්නම්...

      Delete
  6. මොකද මේ හදිස්සියේ මැරෙන්න හිතුනේ?????????? ඔය වයසේ?????????? පසුබට වෙන්න එපා නංගා

    ReplyDelete
    Replies
    1. හැබැයි අයියෙ, හිතුණත් මං මැරෙන්නෙ නම් නැතෝ...!!!

      Delete
  7. වැටෙන්න තවත් මට්ටමක් නැති උනාම කාටවත් වට්ටන්න බෑ.. පැදුරෙන් බිමට වැටෙන්නෙ නෑනේ

    ReplyDelete
    Replies
    1. අන්න මල්ලි.. ඔයාට විතරයි තේරුණේ.... ඒක තමයි මාත් කියන්නෙ...

      Delete
  8. වැටෙන්නේ නැතුව නුඹ ඔහොම්මම හිටගන්න
    එවිට හැකි වෙයි හෙමින් ලෝතයම කියවන්න

    ReplyDelete
  9. මැරෙන්නත් බෑ අනේ - ගොඩක් වැඩ තියෙනවා...
    ඔය ලස්සනට කියලා තියන්නෙ..:)

    ReplyDelete
  10. අනේ අප්පේ......... කාටද මේ කියන්නේ..................?
    © by SяìидтH™

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..