ලෝකෙට ආපු අය

Monday, April 1, 2013

ක්‍ෂිතිජ රේඛා - අටවන දිගහැරුම



“අපෝ මොනාද හලෝ... දැන් දහම් පාසලෙන් අස් වෙලා කොච්චර කල්ද? ලැජ්ජ නැද්ද තවත් ඔව්වට යන්න...මිස්ලටත් වෙන කෙල්ලො නැද්ද මන්ද”

අවඥා සහගත බව මුසු කවට ස්වරයකින් අසෙල් එසේ කීයේය. යුවතිය නෑසුනාක් මෙන් නිහඬවම පසුවන්නීය.

“අනික මේ විභාගෙට ඇඩ්මිෂනුත් ආවට පස්සෙ.. මේ පාර විභාගෙත් ඇන ගන්න තමා ඔය.. අම්මල දූලා ඔක්කොටම පිස්සුද මං දන්නෙ නෑ”

එකදු වදනක් නොදොඩා සිටින්නට සිත සමඟ ගිවිස්සා සිටි නමුදු තවත් නිහඬව සිටීම අනුවණකමකි.

“එහෙම කියන්න එපා අසෙල් අයියෙ.. මිස්ල මාව තෝරගත්තෙ විස්වාශ කරලනෙ.. මං බාරගත්තු දේ හරියට කරන්න එපැයි.. අනික මං විභාගෙ හොඳට කරගන්නම් අනේ..”

“අනේ මම නම් දන්නෙ නෑ ඕන එකක් කරගන්න එකයි ඇත්තෙ”

ඉන් එහා කිසිත් නොකියූ අසෙල් දුරකථනය විසන්ධි කළේය. එයින් සිත්  තැවුලට පත් සෙනුරි සිය කාමරයේ ඇඳ මත හිඳගනිමින් කල්පනාවට වැටුණාය. දහම් පාසල් නාට්‍යය පිළිබඳ අසෙල්ගේ කිසිදු පැහැදීමක් නැත. ළඟ එන විභාගය වෙනුවෙන් මහන්සි වී පාඩම්ද කළ යුතුය. එසේ වුව කම් නැත. තනිව හෝ පුහුණුවීම් සඳහා යාමට සෙනුරි සිතාගත්තාය.

***



“ආ... මොකද අද කුමාරි තනියම? කෝ කුමාරයා?”

නයන ඇසුවේ ඔච්චමට මෙනි. ඔහු මේ නාටකයේ ප්‍රධාන නළුවාය. දෙදෙනම දහම් පාසලේ එක පන්තියේ මිතුරෝ වූහ. දුටුවනම ලගන්නා සුළු පෙනුමක් ඇති දැකුම්කළු තරුණයෙකි, නයන. ඒ කෙසේ වුව තමා අන් සතු මලක් බැවින් යුවතිය හැමවිටම කතාබහේදී පරිස්සම් වූවාය.

එයාට වැඩ නයන, එන්න විදියක් නෑ... දිගටම තනියම තමයි මං එන්නෙ..

ඇයි එයා ඔයා රඟපානවට කැමති නැද්ද?

සිය මිතුරියගේ කටහඬේ වූ ශෝකාකූල බව ග්‍රහණය කරගත් නයන ප්‍රශ්න කළේය. බලාපොරොත්තු විරහිත පැනයෙන් යුවතිය කලබල වූවාය.

එහෙම දෙයක් නෑ නයන.. මගෙ විභාගෙත් ළඟ නිසා එයා ටිකක් බය වෙලා මම විභාගෙ අවුල් කරගනී කියලා..

ඔයා කතා කරන විදියෙන්ම මට තේරුණා අසෙල් නාට්‍යයට කැමති නැති බව...ඒ වුණාට එයත් තේරුම් ගන්න ඕන තමන්ගෙ ගෑණු ළමයා ආස කරන දෙයක් හිතේ සතුටින් කරන්න ඉඩදුන්නට කමක් නෑ කියල.. ඔයා වැරදි වැඩක් කරනව නෙමේ නෙ සෙනුරි...?

එහෙන් අසෙල් මොනවදෝ කියන්නේය. මෙහෙන් නයන තවත් මොනවදෝ කියන්නේය. දෙදෙනාගේ කියුම් අතර සෙනුරිගේ මනස එහා මෙහා දෝලනය වන්නේය. කෙසේ නමුත් අසෙල් තම පෙම්වතා බව සෙනුරිට මතක ඇත. ඉදින් ඔහු ගැන තව තවත් ගතු කියා අසෙල් කෙරෙහි නයනගේ සිත බිඳවන්නට නොකැමැති යුවතිය පුහුණුවීම් කටයුතු කෙරෙහි අවධානය යොමු කළාය.

මාස දෙකක පමණ සති අන්ත සැන්දෑ වරු මෙසේ ගතවී යන්නට ඇත. තම පංති පාඩු නොවන අයුරින් පුහුණුවීම් යොදා ගැනීමට තරම් සෙනුරි බුද්ධිමත් වූවාය.

***

මාස දෙකක පුහුණුවේ අවසන් ඵලය නෙලා ගන්නා දිනය උදාවිය. අසෙල්ගේ වචනයක සහයෝගයක් නැති වුවද ආදරණීය මවගේ නොමඳ ආශිර්වාදය නිරතුරුව ඈ සතු විය. ඔහුගේ පැමිණීම පවා අපේක්ෂා කළ හැක්කක් නොවේ. යුවතිය එයින් කම්පා නොවූවාය. අසෙල් ගැන කිසිවිටක අහිතක් නොසිතුවාය. පිවිතුරු ආදරය එලෙසය.

සෙනුරි, අසෙල් අදවත් එන්නෙ නැද්ද?

නයන නැගූ පැනය හමුවේ සෙනුරි අසරණය.
                           
නෑ නයන එයා ගමනක් ගිහින්.

ඔහුට බොරුවක් කී යුවතිය තමාම රවටා ගත්තාය.

***

එකක් ඉවරවෙද්දි තව එකක් කියන්නාක් මෙන් විභාගය කට ළඟටම පැමිණ ඇත. හිතේ ආසාවට නාට්‍ය රඟපෑවාට සෙනුරිද දැන් මඳක් බිය වී ඇති හැඩකි. පාඩම් වැඩ අධික බැවින් දැන් දැන් අසෙල් හමුවීම සම්පූර්ණයෙන් නැවතී ඇති අතර යන්තම් වචන කිහිපයකට සීමාවන අවස්ථා බොහෝය. දෙදෙනාම ඒ අවස්ථා සමසිතින් විඳ දරා ගත්හ.

***

ආ...අසෙල් අයියෙ.. ඔයා? අම්මේ දැක්ක කල්...

ඔයා පාඩම් කරන නිසා මං ඉතින් කරදර කලෙත් නෑ සෙනුරි..අද ආවෙත් හෙට ඔයාට එක්සෑම් පටන් ගන්න හින්ද... යමුද?



අසෙල්ගේ හැටි ඈ හොඳින් දනී. මඳහසක් මුවඟ නලියද්දී යුවතිය යතුරුපැදියට නැගුණාය.

දැන් පාඩම් කරල ඉවරයි නේද?

ම්ම්ම්... ඔව්... ඉවරයි...

යුවතිය සිහින් හඬින් මිමිණුවාය.

නිවසට ගොස් මුහුණ කට සෝදා, ආහාරපාන ගෙන අවසන පොත් බෑගය අස් කිරීමට සූදානම් වූ සෙනුරිගේ ඇස් එක්වරම ජංගම දුරකථන තිරය වෙත යොමුවිය.

එහි වූයේ කෙටි පණිවිඩයකි.

මගෙ රත්තරනේ, හොඳට විභාගෙ කරන්න.. ඔයාට වරදින්නෙ නෑ කවදාවත්... බුදු සරණයි...

එහි වූයේ එයයි.

15 comments:

  1. කවුද ඒ මෙසේජ් එක එව්වේ...?

    ReplyDelete
    Replies
    1. ඒක ලබන සතියෙ... :))))

      Delete
  2. කොල්ල ටිකක් තදට ඉන්න ඕනේ වෙලාවලුත් තියෙනවා. හැබැයි හැමනිතරම නෙවෙයි. තමන්ගේ කෙල්ල එක්ක තියෙන බැඳීම තියන් ඉන්න ඕනේ අතේ වීදුරුවක් තියන් ඉන්නවා වගෙයි. තදකරල අල්ලගත්තොත් අතකැපිල තුවාල වෙනවා. ලිහිල්ව අල්ලන් හිටියොත් බුම වැටිලා බිඳෙනවා. මෙන්න මේ තියරිය තමයි තමන්ගේ පෙම්වතිය එක්ක අනුගමනය කරන්න ඕනේ. මම කරන්නේ මේ දේ තමයි ගානට වැඩිය තදත් නැහැ ලිහිලත් නැහැ. ඒ නිසා සතුටින් ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියා... වීදුරුවේ කතාව නම් මම බොහොම අහල තියෙනවා... අයිය ඉතින් අක්ක එක්ක සතුටින් ඉන්නවා කියන්නේ අපිටත් සතුටුයි තමයි...!!!

      Delete
  3. හත් අවුරුද්දකට විතර පස්සේ :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඈ... කවුද හත් අවුරුද්දකට විතර පස්සෙ...??

      කමක් නෑ ඉතිං...එසේම වේවා එසේම වේවා!!!

      Delete
  4. කවුද මැසේජ් එක එව්වේ.. නයන ද..? :)

    මේ බ්ලොග් එකේ ලින්ක් එක වෙනුවට සමහර අය පැරණි ලින්ක් එක එල්ලගෙන ඉන්නේ තවම. ඒ අය දන්නේ නැතුව ඇති බං ලින්ක් එක වෙනස් කරලා කියල. පරණ යාලුවන්ගේ බ්ලොග් පැත්තේ විසිට් එකක් දාල බලපන් නංගි පොඩ්ඩක්.

    ReplyDelete
    Replies
    1. මැසේජ් එක එවපු කෙනා ගැන සෑහෙන ප්‍රශ්නයක් වෙලා වගේ නේ... ඊළඟ කොටසේ පිළිතුර දානවා...

      මම ඔය ලින්ක් වෙනස් කිරිල්ල ගැන පෝස්ට් එකක්ම දැම්ම බං අයියෙ... ආයේ බෑ... ඔහේ එන අය ආවාවේ...මටත් ඉස්සර වගේ මේකටම වෙලා ඉන්නත් නෑ දැන්... :(

      Delete
  5. කැත්තට පොල්ල වගේනේ ඉන්නේ

    ReplyDelete
    Replies
    1. එහෙම නෑ අනේ... සෙනුරි අහිංසකයි... :)

      Delete
  6. අඩේ කෙල්ලො හුරතල් කරල බෑ... නිදහස දෙන්න ඕන සීමාවක් ඇතුව.. හැබැයි ආදරේ කරන්න ඕන සීමාවක් නැතුව.. හී...

    ReplyDelete
    Replies
    1. ඔව් නේ මල්ලි... ඒ වුණාට කෙල්ලො හුරතල් වෙන්න ආසයි මල්ලියේ...

      Delete
  7. අසේල බය වෙලා ද නැත්නම් ජෙලස් හිතිලද?

    ReplyDelete
    Replies
    1. තාම මොකුත් නෑ මගෙ හිතේ... ඉස්සරහට හිතෙයිද දන්නෙත් නෑ...:)))

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..