ලෝකෙට ආපු අය

Monday, February 11, 2013

ක්‍ෂිතිජ රේඛා - තෙවන දිගහැරුම




දුරකථනය නාද වූ සැණින් ඒ වෙත ළඟා වූයේ අසළ හුන් රශ්මි ය.

හෙලෝමේ අසෙල් වීරසිංහගේ ගෙදරින්ද?”

ඔව්..

මට අසෙල්ගේ අම්ම එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?”

ආ..පොඩ්ඩක් ඉන්න
එහා කෙළවරින් ඇසුණු නන්නාඳුනන ගැහැණු කටහඬට කැළඹුණු ඇගේ ස්වරය පැහැදිලි කර ගනිමින් රශ්මි අම්මා අතට රිසිවරය දුන්නාය.

හෙලෝ
විමතියෙන් සිය දියණියගේ මුහුණ දෙස බලමින් පද්මිණී පිළිතුරු දුන්නාය.

අසෙල්ගෙ අම්මෙ මං සෙනුරිගෙ අම්ම කතා කරන්නෙ

ආ...ඒත් මං බැලුව අහල පුරුදු නැති කටහඬක්.. කියන්න නංගි... මට චූටි පුතා සෙනුරි දුව ගැන කිව්වා. මගේ නම් අකමැත්තක් නෑ. අප්පත් නැති කොල්ලමං හැදුවෙ මලක් වගේ
පද්මිණී හැඟුම්බර වූවාය.

නෑ අක්කෙමං මේ කියන්න හැදුවෙ ලොකු කෙල්ල උනාට අපේ කෙල්ල හරි අහිංසකී. මහ ලැජ්ජාකාරි..මට හිතාගන්නත් බෑ  එහෙම ළමයෙකුට කොහොමද පිරිමි ළමයෙක් කැමති වුණේ කියල..”
මවගේ වර්ණනා මැද බිම බලාගෙන සෙමින් සිනාසෙන යුවතිය ලැජ්ජාවෙන් ඇඹරෙමින් තව තවත් අම්මාට තුරුළු වන්නීය.

මගේ අකමැත්තක් නෑ අක්කෙඒත් විභාගෙට මාස ගානක් තියාගෙන මේ ළමයි දෙන්නා විභාගෙ අනා ගනියි කියලයි මට බය..

ඒකත් ඇත්ත තමයි... සැර වැර නොකර ඒ ගැන හොඳින් කිව්වම ළමයි අහයි.. නංගි කෝකටත් දුවට කියල බලන්නකො.. මාත් අපේ පුතාට කියන්නම්...  මං පස්සෙ වෙලාවක නිදහසේ කතා කරන්නම්කො නංගි... බුදු සරණයි..

හොඳයි අක්කෙබුදු සරණයි..

ලොකූ..”

ඇයි අපෙ අම්මා..

පුතේ විභාගෙට තව මාස කීයද තියෙන්නෙ.. මට බයයි මේ මාස ටිකේ ඔයා මේවට පැටලිලා විභාගෙ අවුල් කරගනී කියල මට බයයි. ඒකයි මං අසෙල්ගේ අම්ම එක්කත් කිව්වෙ.. එහෙම නැතිව අපේ අකැමැත්තක් නෑ..

අම්මාගේ කතාව හමුවේ යුවතිය නිරුත්තර වූවාය.කිසිත් කියන්නට මුව විවර නොවීය. ඈට අවනත වනවා හැරෙන්නට කරන්නට දෙයක් නැත.

***

එකිනෙකාට උදෑසන සුභාපතාගැනීම්මුහුණට මුහුණ මුණ ගැසුණු විට පාන මඳ සිනහවෙන් පමණක් සුසැදි මන්දගාමී මාස කිහිපයක් ගෙවී යන්නට ඇත. අතිරේක පන්තිරෑ නිදි වරා පාඩම් කිරීම්පැවරුම්නිබන්ධන මධ්‍යයේ ඉගෙනුමට මුල් තැනක් දුන් මේ මාස කීපයේ වුවද දෙදෙනාගේම සිත් තුල එකිනෙකා පැලපදියම්ව සිටියෝය. උදාවූ විභාග සතියේ ආරම්භයේදීම සෙනුරි අසෙල්ගේ දකුණු අතේ පිරිත් නූලක් බැන්දාය.


***

විභාග ශාලාවේ අසෙල්ට හමුවූයේ සෙනුරිට වඩා මඳක් පිටුපසින් පිහිටි අසුනකි. තෙවන ප්‍රධාන විෂය අවසන් දිනයේ සෙනුරි හා අසෙල් බස් නැවතුමට යන තුරු කතාබස් කළෝය.

කොහොමද අසෙල් අයියාවිභාගෙ ලේසිද?”

කියන්න තරම් දෙයක් නෑ සෙනුරි. දන්න ඔක්කොටම ලිව්වා
අසෙල් කොහේදෝ බලාගෙන කියන්නේය. සෙනුරිද ඒ දෙසම බලාගෙන සිටින්නීය.

ඔයාට නම් ලේසි ඇති නේද?”

පාස් නම් වෙයි. ඒත් මට ආයෙ එක්සෑම් කරන්න ඕන අයියෙ..

යුවතිය බලාපොරොත්තු සහගතව කීවාය. එපා කියන්නට අසෙල්ටද සිත් නොදේ. එය ඇගේ කැමැත්තය. ඈට හොඳනම් කමක් නැත.

ඔයා කරනවා නම් කරන්න සෙනුරි. මං නම් ආයෙ විභාගෙ කරන්නෙ නෑ. ඔය කාපු කට්ට හොඳටම ඇති. කොමස් කරලා ඒ තුනක් වත් ගන්න එපැයි කැම්පස් යන්න..  අපේ අයිය කෙනෙක්ගෙ රෙකෝඩ්බාර් එකක් තියෙනවා. එයා මට කිව්වා එක්සෑම් ඉවර වෙලා ඒ පැත්තෙ එන්න කියල.. මං එහෙ යනවා..

බෑ කිව්වාට පසු බලෙන් විභාග කරවන්නට බැරිය.  ආසාව ඇතිවිය යුත්තේ තමන්ටය. තම ඇතුළාන්තයෙන්මය. බලෙන් කරවන්න හැදුවත් අවසන් ප්‍රතිපලය හොඳ නැති වීමේ ඉඩ වැඩිය. යුවතිය අසෙල් සමඟ නිහඬවම ඉදිරියට ඇදුණාය.

***

පිළිතුරු ලිවීමේ තදබල උත්සාහයක නොයෙදුණු සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අතහැර දැමූ ළමෝ වැඩි පිරිසක් පොදු පරීක්ෂණය දිනයේ පැමිණියෝය. විභාගය අවසන් වන තුරු අසෙල් හමුවීමේ නොනිත් ආශාවෙන් පෙළුණු යුවතිය ඒ වහාම සිය කළමනා එක්රැස් කරගෙන අසෙල් වෙත දිව්වාය.

අසෙල් අයියේඔහොම පොඩ්ඩක් ඉන්නකො... මට ඔයාට බඩ්ඩක් කියන්න තියෙනවා.
ඔහු හඬතලා සිනාසුණි.

මොකද අනේ හක හක ගාන්නෙ.. හරි නරකයි ඔයා..
යුවතියගේ හඬ එක්වරම වෙනස් වූ බව අසෙල්ට හැඟුනි.

අනේ ළමයොඔයා බඩ්ඩ කියපු හින්දනෙ මට එකපාරටම හිනා ගියේ.. ඉතින් මොකක්ද කියන්නකො ඔය බඩ්ඩ?”

නෑ.. කිසිම බඩ්ඩක් නෑ.. ඕනි නෑ..
යුවතිය මඳක් සැර වූවාය.

දැන් කියන්නෙ නැද්දඅපෝ මොකක්ද සෙනුරිඅගේ නොකර කියන්නකො..

ම්ම්ම්.... අපි ලබන මාසෙ අන්තිමේ හරියෙ සිරීපාදෙ යනවා. පවුලෙ කට්ටිය විතරයි. අපේ අම්ම කිව්වා ඔයාටත් කැමති නම් එන්න කියන්න කියල..

ෂා.. මරුනේ.. මං මොන්ටිසෝරි යන කාලේ ගියාට පස්සෙ ගිහින් නෑ තවම.. දැන් නම් මතකත් නෑ.. මං කොහොමහරි එනවා..

අසෙල් පුදුමාකාර සන්තෝෂයකට පත්විය. සෙනුරි නම් ඊටත් එහාය. ඒ සතුටින්ම බස් නැවතුමේදී දෙදෙනා එකිනෙකාගෙන් සමුගත්හ. සමහරවිට මේ ඔවුන් නිළඇඳුමින් ඔවුනොවුන් දකින අවසාන දිනය විය හැක.

***

පොඩි අක්කෙ.. පොඩි අක්කෙ...

මොකෝ මල්ලියෙ කෑ ගහන්නේදුව ඇහැරෙයි.. හෙමීට හෙමීට...

මේ ඔයා දන්නවද වැඩක්. සෙනුරි මට සිරීපාදෙ යන්න එන්න කිව්වා..
රශ්මිගේ ඇස් ගෙඩි දෙක බලා ඉඳිද්දී ලොකූ විය. කටද බාගෙට ඇරුණි.

ඔයා... සිරීපාදෙ.... සෙනුරි එක්ක...
රශ්මි නැවතත් එයම ප්‍රතිරාව කළාය.

ඉන්නව අම්මට කියන්නම් මෙයා කෙල්ලත් එක්ක සිරීපාදෙ යන්න හදනව කියල..
එවර නම් රශ්මිගේ මුහුණේ ඇඳුනේ කවට සිනාවකි.

හාපෝ... මෙයා ගම කයි වගේ... පොඩ්ඩක් ඉන්නකො පොඩි අක්කෙමං තාම විස්තරේ කිව්වෙ නෑනේ... කවුද කිව්වෙ එයයි මායි විතරයි යන්නෙ කියල.. එයාලගෙ ගෙදර කට්ටිය යනව කියල කැමති නම් මටත් එන්න කියල එයාලගෙ අම්ම කිව්වලු...

අක්කාත් මල්ලීත් දෙදෙනාම එකවර සිනාසුණෝය.

24 comments:

  1. Replies
    1. හොඳ නම් ඉතින් එච්චරයි...

      Delete
  2. ආදර අන්දරය නැගල යයි වගේ. හොඳයි හොඳයි.. කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. නැගල යයි වගේ නේන්නම්... සිරිපාදේ නගින්නනේ යන්නේ දැන්... ස්තුතියි!!!

      Delete
  3. තවත් ලස්සන ආදර කතාවක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා....

      Delete
  4. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. මමයි බනියි යාලු උන අලුතත් එයාලගේ පවුලේ අය ගිය කතරගම ටුවර් එක යන්න මටත් සෙට් උනා මට ඒ අවස්තාව මතක් වුනේ. උපරිමයි නංගි භාෂාව හැසිරීම එහෙම එකෙන්ම හොඳයි.

    ReplyDelete
    Replies
    1. මටත් මතක් වුණා ඔයාව මේ සීන් එක ලියද්දි අයියා... භාෂාව ඉතින් පුංචි වෙනසක්... සිත් ගන්නවා නම් එච්චරයි ඕන...

      Delete
  5. ආදරේ පිරී ඉතිරෙන විදියට ලස්සන ලියනවා..

    //“නෑ අක්කෙ, මං මේ කියන්න හැදුවෙ ලොකු කෙල්ල උනාට අපේ කෙල්ල හරි අහිංසකී.//

    ඕවා නෑ...ආදරේ දැනුනාම...

    ReplyDelete
    Replies
    1. හා හා අයිය ආදරේ ගැන ස්පෙෂලිස්ට් වගේ... ඒත් ඉතින් මේක කතාවක්‌ නේ...

      ස්තුතියි අයියේ..

      Delete
  6. හුටා, ඒ පාර සිරිපාදේ යනවා.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතින් හැමදාම ඉස්කෝලෙ යන්නයි විභාගෙ කරන්නයි බෑනෙ අයිය... හොඳයි නේද සිරීපාදෙ...

      Delete
  7. තවම නම් සියල්ල හොඳයි... බලමු ඉදිරියට... :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.... තවම සියල්ල හොඳයි... ඉස්සරහට??? එන්නම වෙනවා බලන්න....

      Delete
  8. කතාවේ වචන, වැකි ඔක්කොමේ අමුතු ලස්සනක් තියනවා අනු..ඔයාට දියුණු කරගන්න පුළුවන් හැකියාවක් තියනවා. ඒත් මට පොඩි අවුලකට තියෙන්නේ කතාවේ හැම දේම සරලව පහසුවෙන් විසඳෙන ගතිය...කුතුහලේ පොඩ්ඩක් කතාවට කවලා, තව පොඩ්ඩක් සීරියස් ටයිප් එකෙන් ලිව්වොත් මොකද...? ඇත්ත ලෝකේ ඕවගේ කතාවක් ඔච්චර ඉක්මනට වෙයි කියලා මට නම් විශ්වාස කරන්න බෑ. (මේක නිර්මාණයක් තමයි, ඒ වුනාට මට හිතෙනේ එහෙම අනුවෝ). ඔන්න අද තමයි ඔක්කොම ආයේ මුල ඉඳන් කියවල කමෙන්ට් කලේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුවෝ.... දැනට ඔහොම යමුකෝ... කතාවෙ අවසානය තව ටිකක් දුරයි... ඉස්සරහට මොන මොනවා වෙයිද කවුද දන්නෙ... මං ඉතින් කතාව ඉක්මණට ඉවර කරන්න ඕන නිසා මේ පැන පැන වගේද ලියන්නෙ?

      මුල ඉඳං කියෙව්වට ස්තුතියි ආයෙමත්...

      Delete
  9. //අප්පත් නැති කොල්ල, මං හැදුවෙ මලක් වගේ// අනේ මල් වගේ කොල්ලො හදල මොකටද? කෙල්ලෙක් නම් තව කමක් නෑ
    කතාව නම් එළ..

    @පැතුම් [සිතුම් පැතුම්] , අවුලක් නෑ බං.. සාම්ප්‍රදායික ආදරේ-බාධා ,දුෂ්ඨයො පිරිච්ච කතා කියවලම එපා වෙලා.. දැං හැමෝම ලව් ස්ටෝරි කියවද්දි හොයන්නෙ මේක කෙල වෙන්නෙ කොතනදිද කියලා.. හැම කතාවක්ම එහම වෙන්න ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙම තමා අනේ මල් වගේ කොල්ලො හදන අම්මලත් ඉන්නවා...!!! ටැංකු මල්ලියා....

      ඒක තමා නේද මල්ලි.. මේ වගේ සුන්දර ආදර කතාත් තියෙන්න එපැයි නේද???

      Delete
  10. ආදර කතා ඉතින් මට අරහං...

    ReplyDelete
    Replies
    1. හපොයි... අනේ අනිච්චං... ඉන්නෝ ඉක්මණට මේක ඉවර කරනෝ...

      Delete
  11. සිරිපාදෙත් නගිමුකෝ එහෙනම් දෙන්නත් එක්කම..... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒකනේ... නගිමුකො නගිමුකෝ..!!!

      Delete
  12. හපොයි දැන්මම....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ දැන්මම තමයි... මේ ගෙවල් දෙකේ කට්ටිය හරි ෆ්‍රෙන්ඩ්ලි...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..