“පුතා... මෙන්න මං අග්ගලා වගේකුත් හැදුව ගෙනියන්න...”
“ආ... ඒක හොඳයි අම්මෙ... මේ පාරත් අම්මගෙ සුපුරුදු
ගම්මිරිස් ප්‍රතිකාරය දැම්මද? එහෙනම් මට වෙන්නෙ සිරීපාදේ නැගිල්ල පැත්තකින් තියල
කට්ටියගෙ කටවල් වලට හුළං ගහන්න..”
අසෙල් මහ හඬින් සිනාසෙමින් එසේ කීවේය. එසේ කීවද අම්මාගේ
කැවිලි පෙවිලි වල රසයට සම කිරීමට අයෙක් ගමේ වත් නැති බව ඔහුගේ විශ්වාසයයි.
“අනේ බොරු නොකිය ඉන්න ළමයො... අග්ගල නිකන්ම පැණි විතරක්
දාල හදල හරියන්නෙ නෑ.. පොඩ්ඩක් සැර වැර හිටින්න ගම්මිරිස් ඇට දෙක තුනකුත් දැම්මම
තමයි රහ”
පද්මිණී මහත්මිය මහත් දයාබර ලෙස කැවිලි පාර්සලය සකස් කර
අසෙල් අතට දුන්නාය. එවිටම නිවසේ දුරකථනය නාද විය.
“හෙලෝ”
“හෙලෝ අසෙල් අයියා, ඔයා හරියටම හවස 2 වෙද්දි පාරට
එන්න.. අපි ඔයාව එක්කගෙන යන්න එනවා”
“හරි සෙනුරි”
ඇමතුම සෙනුරි ගෙනි. සියල්ල සූදානම් කරගැනීමට ඇත්තේ තව
පැයක පමණ කාලයකි. තම ගමන් මල්ල සූදානම් කළ අසෙල් මුහුණ කට සෝදාගෙන, ඇඳ පැළඳගෙන,
අම්මාටද වැඳ, තම මස්සිනා කැටුව අතුරු පාර කෙලවරට ගියේය.
***
සිය මස්සිනාට සමුදුන් අසෙල් පැය බාගයක් පමණ ගතවන තැනදී
ක්‍රීම් පාට වෑන් රථයක පිටුපසම අසුනේ දකුණු කෙලවරේ හුන්නේය. සෙනුරි හුන්නේ ඊට
ඉදිරි අසුනේය. සිඟිති නම් අම්මා අසළම හේත්තු වී සිටි අතර පොඩ්ඩි අම්මාත් ලොකු
අක්කාත් අතර තිබූ අසුනේ හුන්නාය. සහභාගී වන්නෝ එපමණක් බැවින් සියලු දෙන හොඳින් අත
පය දිගහැර විවේකීව සිටියෝය. රත්නපුරයට පැමිණෙන තුරුම නොයෙකුත් විහිලු තහළු
කරගනිමින් සිදුවූ කතා බස් වල තරම කෙසේ වීද යත් කොහි සිටින්නේදැයි ඔවුහුම නොදත්තෝය.
“නෝනා, ඔන්න දැන් නම් රත්නපුරේටත් ආවා”
රියදුරු මහතා මඳක් පසුපස හැරෙමින් එසේ කීවේ කාන්තිට
ඇසෙන්නටය.
“ළමයිනේ, රත්නපුරේ ඉඳං ලොකූ දුරක් නෑ සිරීපාදෙට. අපි
දැන් ඉන්නෙ සමන් දෙයියන්ගෙ අඩවියේ”
***
රියදුරු මහතා වෑන් රථයේ සිටියදී පිරිස සිරිපා කරුණා
කිරීමට පිටත් වූහ. මෙය නම් අවාරේ සිරිපා වැඳීමකි. මේ කාලයට සිරිපා කරුණා කරන්නේ
නම් ඒ බොහෝ කලාතුරකිනි. එය එසේ වුවද යන්තම් අඳුරු වැටීගෙන එන හැන්දෑවේ වුවද පිරිස්
කිහිපයක් කන්ද නගිනු දක්නට හැකිවිය.
“මේ කාලේ සමන් දෙයියො සිරීපාදෙ නෑ”
අසෙල් කිව්වෙ සිඟිති දෙස බලමිනි.
“එහෙනම් සමන් දෙයියො කොහෙද ඉන්නෙ අයියා මේ දවස් වල?”
“මේ කාලෙ සමන් දෙයියො ඉන්නෙ රත්නපුරෙ මහ සමන් දේවාලෙ. මේ
සිරීපාදේ අවාරෙ කාලෙනෙ.. මැයි ඉඳං දෙසැම්බර් වෙනකල්ම අවාර කාලේ. අනිත් මාස ටිකේ
තමයි සමන් දෙයියො සිරීපාදෙට වඩින්නේ”
අසෙල් දැනමුත්තෙකු ලෙස කියන්නෙ පෙර දින අම්මගෙන් අසාගත්
කතාවයි. නංගිලා දෙන්නාට නම් මෙය කදිම කතාවකි. මෙසේ කතාවෙන් කතාවෙන් අසෙල් සිඟිතිව
අල්ලාගෙනත්, සෙනුරි අම්මාව අල්ලාගෙනත් කන්ද නගින විට පොඩ්ඩි තනිවම කන්ද නැග්ගාය.
ඔවුන් අසළින්ම සෙමින් ඉදිරියට ඇදුනේ තුන් සරණේ කවි කියමින් යන වන්දනා පිරිසකි.
බුද්ධං සරණේ සිරස දරාගෙන.... යනුවෙන් ඔවුන් මුවඟ රැව්
දුන් රාවය තව ටිකක් ඉදිරියට යන තුරුම ඇසුණි.
“පුතේ, නංගිව හයියෙන් අල්ලගන්න”
“හරි හරි අම්ම බය වෙන්න එපා. මං සිඟිතිව හයියෙන් අල්ලං
තමයි ඉන්නෙ..”
“අනේ මගෙ සෙරෙප්පුව.... අනේ මගෙ සෙරෙප්පුව වැටුණ
අම්මෙ.... අම්මේ....”
සිඟිති මහ හඬින් කෑගසන්නීය.
“හරි පැටියෝ, කෑ ගහන්න එපා ඉතින්.. දැන් මේ කරුවලේ
සෙරෙප්පුව හොයන්න බැහැනේ. අපි හෙට උදේ බහිද්දි බලමුකෝ ඈ..”
අසෙල් නැගණිය සැනසුවේය. එහෙත් ඇගේ මුහුණ නම් තවම ඇදවූ
ගමන්ය.. ඉතින් තවත් ටිකක් දුර මේ සීතලේ, මඩ ගොඩේ නිරුවත් දෙපයින් ඇවිද්ද යුතුය. තව
ටිකක් චූටි වූවා නම් අම්මා හෝ ඇයව වඩාගෙන යන්නට ඉඩ තිබුණි. දැන් එයද නැත.
වරු ගණන් එක තැන සිටගෙන සිටීම් වැනි බාධක පසු කරමින්,
පාන්දර දෙක තුන වන විට සිරිපා කඳු මුදුනට ගොඩවීමට පිරිසට හැකි විය. සිත්සේ සිරිපා
වන්දනා කරගත් ඔවුහු නැවත කන්ද බැසීම ආරම්භ කළහ.
“පොඩ්ඩි, බලාගෙන... ලිස්සයි”
සෙනුරිට එසේ කියා කටක් ගන්නට නොලැබුණි. පොඩ්ඩිගේ කකුල
ලිස්සා ගොස් ඈ බිම වැටුණාය. අසෙල් වහා එතෙන්ට පැමිණෙන විට පොඩ්ඩිගේ කකුලෙන් ලේ
ගලමින් තිබුණි. සිඟිතිව සෙනුරිට භාර කළ ඔහු පොඩ්ඩිව වත්තම් කර ගනිමින් කන්ද බැසීමට
පටන් ගත්තේය.
“මෙන්න තියෙනෝ මගෙ සෙරෙප්පුව.. මගෙ තැඹිලි පාට ගැට ගැට
සෙරෙප්පුව..”
මඳ එළියේ වුව මඩ
වැකි සෙරෙප්පුව හඳුනා ගත් දැරිය එය ලැබීමෙන් මහත් සතුටට පත් වූ සෙයකි.
“අපි දැන් කෙළින්ම ගෙදරද
යන්නෙ අපෙ අම්මා?”
සිරිපා කන්ද නැගීමෙන් සෙනුරි මහත් වෙහෙසට පත්ව සිටියාය.
දැන් ගෙදර යන්නට තිබුනා නම් හොඳය.
“නෑ ලොකූ, සමන් දෙයියන්ගෙ අඩවියට ආපු එකේ සමන් දේවාලෙටත්
ගිහිල්ලම යන්නයි කල්පනාව..”
“ඒක නම් හොඳ අදහස.. නංගිට පුළුවන් රත්තරන් පාට සමන්
දෙයියොයි ඇතාවයි බලන්න..”
අසෙල් එසේ කිවේය.
“රත්තරන් පාට...???”
“ඔව්, රත්තරන් පාට තමයි නංගියේ.. සමන් දේවාලෙ වැඩ ඉන්න
සමන් දෙයියො රත්තරන් පාටයි”
ප්‍රශ්නාර්ථයක් මවාගත් කුඩා දැරියගේ කුතුහලය
සංසිඳුවාලමින් අසෙල් පිළිතුරු දුන්නේය. උදේ 7-8 වන විට බැසීම අවසන් කළ පිරිස
වාහනයට ගොඩවී සමන් දේවාලය කරා ගමන් ආරම්භ කළහ.
“ආං අර පේන්නෙ සමන් දේවාලෙ..”
සමන් දේවාලය වැඳ පුදාගෙන රත්තරන් පාට සමන් දෙයියන්වද
බලාගෙන ටික වෙලාවක් ඒ පුදබිමේ ගත කළ කාන්තිලා එතනින් පිටවූයේ නිවෙස් බලා යාමේ අදහස
පෙරදැරිවය.
***
“සෙනුරි, ඔයාගෙ උපන්දිනේ ලඟයි නේද? එදාට ඔයා එන්න ඕන
මාත් එක්ක තෑග්ගක් ගන්න යන්න...”
අසෙල් එසේ කීවේ රහසිනි. යුවතියගේ මුහුණ විශ්මයෙන් ඇලලී
යද්දී අසෙල් ඇයට ඇසක් ගසා වාහනයෙන් බැසීමට සැරසුණි. කිසිවක් කියන්නට තරම් වෙලාවක්ද
නොවීය.
“මම බහිනවා අම්මේ, නංගිලා මම යනවා, මම යන්නම් සෙනුරි”
“හොඳයි පුතා, පරිස්සමින් ගෙදර යන්න.”
කාන්ති එසේ කියද්දී නංගිලා දෙන්නා ඔහුට අත වැනුවෝය.
සෙනුරි නම් ඔහු දෙස බලා සිනාසුනා පමණි.
***
“පුතා කොහොමද ගමන..?”
“ගමන නම් හොඳයි අම්මා... චූටි නංගිගේ සෙරෙප්පුව නගිද්දී
වැටුණා. බහිද්දියි හම්බුණේ... ම්ම්ම්.. තව පොඩි නංගි බහිද්දි ලිස්සලා වැටිලා
අල්ලගෙන බැස්සුවේ මම... අපි සමන් දේවාලෙටත් ගිහින් ආවෙ...”
අසෙල් ජනේලයෙන් ඉවත බලාගෙන තේ කෝප්පය තොල ගාන ගමන්
කීවේය. අම්මා සමඟ කතා කරන මුත් ඔහුගේ සිත ඇත්තේ වෙනතකය. එනම් නොබෝ දිනකින් එළඹෙන
සෙනුරිගේ උපන්දිනය වෙනුවෙන් තමා දිය යුතු තෑග්ග කුමක්දැයි කියාය. කල්පනා සාගරයක
ගැලී අවසන ඔහු එක්තරා නිගමනයකට එළඹියේය.
අම්මාද කුස්සියේ වැඩක් පිණිස එතැනින් ඉවත්ව ගියාය.
ඔය යන්නේ එලටම. මට මම ලව් කරන්න ගත්ත අලුත කතරගම ගිය එක මතක් උනා.
ReplyDeleteමාර වැඩේ කට්ටියට මතක් වෙලා තියෙන්නේ ඔයා සිරීපාදෙ ගිය එක නේ... ඔයා කතරගමක් කියනවා!!!
Deleteහික් හික් හික් මේ කතාවත් යාලු වුන අලුත එකක් නිසා එහෙම මතක් උනේ. සිරිපාදේ මේ අවුරුද්දේ යන් වේවිද දන්නේ නැහැ. අවාරේ චාන්ස් එකක් හම්බවුනොත් අනිවා යනවා.
Deleteමටත් මේ සිරිපාදෙ ගමන කියෙව්වම මතක් උනේ කෝරළේ මහත්තය බනියව කරගහගෙන සිරීපාදෙ බැස්ස හැටි... :D
ReplyDeleteමම කෝරලේ අයියගේ කතාව බ්ලොග් එකේ නම් කියෝලා නෑ... එයාම තමයි දවසක් මටත් ඔය කතාව කිව්වේ...
Deleteදැනටත් කොන්ඩේ කැක්කුමයි බොලව් මේ වයසක මගේ හිකිස්.......
Deleteමටත් මතක් උනේ එකමතමයි මියුරු, අපේ කොරලයා බනි උස්සගෙන බැහැපු හැටි.
ReplyDeleteඅපෝ දැන් නම් ඇති ඔය කතාව... දැන් ඔන්න අසෙලුයි සෙනුරිත් සිරීපාදෙ ගියාලු.........:)))
Deleteහික් හික් හික් කරුනාවයි කරුනාවයි
Deleteදැං මොනවැයි දෙන තැග්ග...
ReplyDeleteතෑග්ග මග එනෝ...
Deleteසිරිපාදෙත් ගියා එහෙනම්.. :) උපන්දිනේට පාටියක් එහෙම ඇති නේ..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් සිරීපාදෙ නැගලත් බැස්සා... පාටියක් තියෙයිද බලමු...
Deleteමං බයේ හිටියේ අවාරේ සිරිපාදේ නැගල මොකක් හරි කොර ගනීද කියලා.....
ReplyDeleteඉතින් පොඩ්ඩි වැටුනේ ලෙස්සලා... අසෙල් තමා වත්තම් කරගෙන ආවේ... ඔන්න අවාරේ යනවට පාඩම්...
Deleteමුල ටික මගහැරුනා.. ඉතින් තාම කතාව කියෙව්වෙ නෑ.. හිමීට කියවන් එන්නම්..
ReplyDeleteහ්ම්ම්... එහෙනම් හෙමීට කියවන් එන්නකො අයියා... තාම මුලනේ...
Deleteමේ තියෙන්නේ අගේට ලස්සන කතාවක්..
ReplyDeleteගොඩක් අසාවෙන් බැලුවා අනු...තව එකක්
ඉක්මනටම දාන්න බලන්න.. ^_^ :D
මං අර එදා අයියට කියපු කතාව මේකනේ... ඔව්... ඉක්මණටම 5 කොටස දානවා... බලන්න එන්නකෝ... :)))))
Deletehaiyuu...marama romantic affa!digatama liyanna!ara kathava ivara kaleth ne oya-hambucechchaveko davasaka...))))P
ReplyDeleteදැන් ඔයා කියන්නෙ මේක රොමෑන්ටික් වැඩි කියල, අඩුකරන්නද? නැත්නම් ඉස්සරහට තව රොමෑන්ටික් කරන්නද? මේක නම් ඉවර කරනව නගේ... :))))
Deletene ne me romantic ethi. aduth ne. vedith ne. meddum pilivetha hondaine..)))
Deleteමේව්වා මේහෙම්ම වේන්ට පුළුවන්ද නගේ හැබෑටම නගේ (නෑ මං කිව්වේ මෙච්චර ඉක්මනට..!)..... අනේ මන්දා....
ReplyDelete@srinath dayananda
ReplyDeleteඔව් ඔව්... මෙහෙම වෙන්න පුළුවන්... අසෙල් තමන්ගෙ කෙල්ලට පණ වගේ ආදරේ කොල්ලෙක්... පුළුවන් හැමවෙලේම කෙල්ල ගාවින් ඉන්න හදන කොල්ලෙක්...