ලෝකෙට ආපු අය

Sunday, December 16, 2012

නොකරමි ආලය කරන්නට - කරමි ආලය විඳින්නට

ආයෙමත් ඇවිල්ලද
ආලයක්‌ මේ හිතට...
නෑ ඒත් වෙන්න බෑ
හිත පුරා ආදරේ ඉතිරිලා යද්දි
හංගන්න හැදුවාට
හංගන්න බෑනෙ මට...

සිහිනයෙන් හිනාවෙනවද මන්ද මම නුඹ නිසා...
දෑතින්ම මුහුණ වසාගෙන
මෑත් කර හොරෙන් දබරැඟිල්ල
මං දිහා බලන කොට
සත්තමයි හිතෙනවා
මහ හුඟක් ආදරේ...
කැමති නන් දොඩවන්න
සිනාසී සිටින තුරු නුඹ...
ආසයි එකම එක වරක්
දැකගන්න ඔය මුහුණ...
ඇස් වලින් පින්තූර ගෙන
හදවතේ රඳවන්න...

හිමිදිරිය ඔබයි මගෙ
රාත්‍රිය ඔබයි මගෙ
වරින් වර තතු විමසුවද නුඹේ
ලැබෙන්නේ මඳ පමාවකිනි පිළිවදන්...

කල් ගතවු ආලයෙන්
පීඩා විඳි බව දනිමි ඔබ මා මෙන්ම...
එහෙයින්ම
ඇරයුම්
නොකරමි ආලය කරන්නට - කරමි ආලය විඳින්නට
මන්ද
මමද තනි තරුවක්මි
ඝනඳුරට  පෙම්බඳින
අහිමි කරගනු නොරිසි
අවසන
ඉතිරි ඝනඳුර....


23 comments:

  1. ලෙඩේ හැදිලා වගේ....

    ReplyDelete
    Replies
    1. පිස්සු කතා කියන්න එපා ඈ... මේක අත්දැකීම් කිව්වට මගෙ අත්දැකීමක් නෙවෙයි... අනික මට ඔය ලෙඩේ හැදුනෙ අද ඊයෙත් නෙවෙයි.. :)))

      Delete
  2. දැන් විඳ(ව)පන් පුතේ කරුමේ......නියම පොස්ට් එක යාලු

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් මෙයත් පටන් අරං.... මම විඳලත් තියෙනවා, විඳවලත් තියෙනවා... මේ මම නෙමේ ඈ... ස්තුතියි...

      Delete
  3. ම්ම්ම්....අද මොකෝ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින්ම ලියලා??
    වෙනද මීට වඩා වැඩ කෑලි දානවා නේ..
    කමක් නෑ ඉතින්.. ලෙඩේ නිසා සමාව දෙන්නම්...:D :D :D

    ReplyDelete
    Replies
    1. හැමදාම හුරතල් වෙන්න බෑ නෙ අයියා... ඒකයි...
      මේක ඇත්තටම ටෙස්ට් කරන්න දාපු එකක්... කලින් පෝස්ට් එක අප්ඩේට් උනේ නෑ...
      හයියෝ... මට ලෙඩක් නැතෝ... :(((

      Delete
  4. ඔය වයසේ වැරැද්ද නංගි. අපිටත් ඔය වයසේදී ඔය ලෙඩේ හැදුනා wish u all the very best පද පෙළ ලස්සනට ගලපලා තියෙනවා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉවසන්න බෑ... අනේ ළමායි... මට ලෙඩක් නැතියෝ... :(((
      ලස්සනයි කිව්වට ස්තුතියි අයියේ..

      Delete
  5. අනු ගේ අවවාදය
    මේය ලියපු කෙනාට ඒ දවස් වල වැළදුණු රෝගයකි. කියවන අපටත් සෑදිය හැකි හෙයින් මෙම අති භයානක රෝගයෙන් ප්‍රවේසම් වන්නලු :P

    ReplyDelete
    Replies
    1. මූත් ඇවිත් මෙතන බයිලා ගහනවා...මේක මගෙ කතාවක් නෙමෙයි බොල.. හැබැයි පරිස්සම් වෙන එක නම් හොඳටම හොඳයි...

      Delete
  6. ඉස්සර දවසක සිරාට හැදුනු බේත් නැති අර කරුම ලෙඩේ නගාටත් වැළදී ඇති හැඩයි...

    ReplyDelete
    Replies
    1. අපොයි.. නගාට ඔය ලෙඩේ හැදුනෙත් ඉස්සරම තමයි... ඒත් මේ කියන්නෙ අනූ නගා ගැන නෙමෙයි ඈ...

      Delete
  7. හොඳා හොඳා. ලස්සන පද ටික. ලස්සන අදහස! :)

    ReplyDelete
    Replies
    1. මොකෝ.. කින්ඩියද ඈ... එව්ව නෑ හොඳේ... ස්තුතියි... මේක අර කිව්ව ජාතියේ ටෙස්ටින් පෝස්ට් එකක්... :)

      Delete
  8. බෙහෙත් නොමැති භයානක රෝගයකි. කමක් නෑ ඉතිං ලෝක විනාසෙට කලින් අනූටත් හරි ගියානෙ :D

    ReplyDelete
    Replies
    1. මට හරි ගිහින් නම් නෑ අනේ.. මේ මා ගැන නෙවෙයි... බෙහෙත් නැති රෝගයක් බව නම් දන්නවා... :)))

      Delete
  9. හරීම ආදරණියයි :D

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...එහෙමද මල්ලියෝ...ස්තුතියි... :)))

      Delete
  10. අප්පෝ හරි නැ

    ReplyDelete
  11. ලස්සන අදහස! පද පෙළ ලස්සනට ගලපලා!

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..