මතකයිද තාමත්
මුල් දවස අප හමුවුණු
ටොපි චොකලට් නැතුවාට
ආදරේ පුරවගෙන ආපු
මතකයිද තාමත්
දවස මට උණ ගැනුණු
පැනඩෝල් නැතුවාට
උකුල හිස හොවා ගනිපු
මතකයිද තාමත්
මොහොත අතැඟිලි වෙළුණු
රත්තරන් නොවුණාට
සුදු යකඩ මුදු දමපු
මතකයිද තාමත්
දොඩම් ඔයා මට දුන්නු
වැලේ පැෂන් නැතුවාට
බීම මට හදන් ආපු
මතකයිද තාමත්
දවස් පන්ති වල ගෙවුණු
හැමදාම නාවාට
නිතරම කතා බස් කරපු
මතකයිද තාමත්
රෝද තුනට මා ගොඩවුණු
නොහඬා සිනාසුණාට
නේවියට ඔයා ගියපු
මතකයිද තාමත්
දවස නංගි ගෙදර නැවතුණු
පිටතින් නොපෙනුණාට
ටිකෙන් ටික අපි ඈත් කරපු
මතකයිද තාමත්
මොහොත ආදරේ කියවුණු
හදවතින් ලංවෙලා නංගිට
මගේ නෙතු අග තෙත් කරපු
මතකයිද තාමත්
ගොඩක් රෑ මට රිං කරපු
තොල් කතා නොකෙරුවට
නිහඬ බව නන් දොඩවපු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මතකයිද තාමත්
සතියක් දවස් ගැනුණු
හෙට එන්න කියා මට
අද නංගි බලන්නට ගියපු
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
ReplyDeleteඅමතක කරන්න බෑ ............
මට බැරුවට ඔයාට පුළුවන්නෙ නේ....?
Deleteෂුවර්ද මට එහෙම පුළුවන් කියලා. එහෙනං එල
Deleteකවුරු ගැන කියනවාද මන්දා.... කොහෙන් ආපු නන්ගියෙක්ද ඉතින් මේ......
ReplyDeleteකොහෙන් හරි ඇවිදින්... ඔබ ආයෙමත් ඇවිදින්..... :)))
Deleteවෙනවනං අන්න එහෙම සුපිරි එකෙක් වෙන්න ඔ්න! :D
ReplyDeleteඔව්... වෙන්න ඕන තමයි.... ඔයත් දන්න කියන කෙනෙක් වෙන්නත් පුළුවන්....!!!
Deleteඕඕ..... මේක නම් මරු හොඳේ !!!
ReplyDeleteහි හී... එහෙනම් හොඳයි නේ.... ටැංකු ටැංකු....
Deleteමට මතකයි මට මතකයි :P
ReplyDeleteෂා.... ඔයා මාරයි ඈ....:))))
Deleteකවි නේද ? කියෙව්වෙ නෑ..
ReplyDeleteඅපොයි සෙන්න අයියා මම ලිව්වොත් තමා කවි කියවන්නෙ නැත්තේ.. තරහයි මම :(
Deleteඑහෙම එකක් නෑ නගේ... මම කවි වලට බොහොම අකමැතියි.. බොහොම සරළ කවියක් දැක්කොත්නම් කියවලා රසවිඳිනවා.. නැත්නම් පලාතෙ බලන්නෑ.. සරළ එකක් ලියමුකො.. මම කියවන්නම්.. :-)
Deleteමට අමතකයි
ReplyDeleteඅයියෝ...ඇයි අනේ මල්ලි... මතක් කරගන්න බලන්න....
Deleteමම මේ පැත්තට අද ආවේ....
ReplyDeleteකවි ටික ලස්සනයි.... :)
සමනළී...ලස්සන නමක්... සාදරයෙන් පිළිගන්නවා යාළු මගේ බ්ලොග් එකට... කමෙන්ටුවට ස්තුතියි...:)))
Deleteම්ම්...ඔයාට ඕක අහන්න තිබුනේ දුමින්ද සිල්වාගෙන් :)
ReplyDelete+++++++++++++++++++:)
Deleteකවුද දුමින්ද සිල්වා කියන්නෙ...??
Delete"මට මතක නෑ යකෝ" හි නිර්මාතෘ තුමා බන් .. හිකිස් :)))
Deleteචපල ප්‍රේමයක් .. ඒක තමයි මම කියන්නේ අයි හේට් ලව් ස්ටෝරීස් ...
ReplyDeleteතනි වෙන්න ඉඩදෙන්න මටයි මගේ සිතටයි....
ReplyDeleteබුදු අම්මේ...................
ReplyDeleteමේකනම් තදටම වැදුනා හිතට....
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ගොඩක් තදට වැදුනා..
ReplyDeleteමතකයිද තාමත්
දවස් පන්ති වල ගෙවුණු
හැමදාම නාවාට
නිතරම කතා බස් කරපු
මෙන්න මේ කොටස..:)
විරහව හරිම පැණිරස දෙයක් නගෝ
ReplyDeleteමට නම් එකපාරටම මතක්වුනේ දුම්න්ද සිල්වාව....
ReplyDeleteම්..හයියෝ ආදරයට වංචා කරන එක නම් හරිම සවුත්තුයි..
ReplyDeleteඅපූරු පද පේලි..ඇත්ත අත්දැකීමක් වගේ හිතෙනවා..
ඇයි අනේ ප්‍රසිද්ධියේ මේවා ලියන්නේ!හරි නෑනේ අපි දෙන්නට;)
ReplyDeleteමටනම් මුකුත් මතක නෑ..
ReplyDeleteහ්ම්ම්.... මම මේ කල්පනා කලේ බං මේ පොස්ට් එක කලින් දැක්කේ නැත්තේ ඇයි කියලා. පරක්කුයි හොඳටම.. !!
ReplyDeleteමොකක්ද අප්පේ මේ වෙච්ච අලකලංචිය?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒ බෑ ඈ....
ReplyDeleteකා ගැනද මේ කියල තියෙන්නේ. අයියා කෙනෙක් ගැනද?
ReplyDeleteඇත්තමයි මට නම් මුකුත් මතක නැහැ අයියෝ..
ReplyDeleteමමත් අද ආවේ..ලස්සන කවිටික....
ReplyDeleteහ්ම්..........අෙන් මන්දා, ඉතිං මට නම්
ReplyDeleteHitata waduna ,
ReplyDeleteJayawewa,
Sajith
මට නම් මතකයි සුදු නංගෝ..
ReplyDeleteකොහොම වුනත් අමුතු තාලෙක කවි පන්තියක්.. :)
මොකෝ වුණේ තරුෂි..නෑ අනූ අක්කේ?
ReplyDeleteඅති විශිෂ්ටයි
ReplyDelete"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්