ලෝකෙට ආපු අය

Sunday, October 7, 2012

මතකයිද තාමත්....


මතකයිද තාමත්
මුල් දවස අප හමුවුණු
ටොපි චොකලට් නැතුවාට
ආදරේ පුරවගෙන ආපු

මතකයිද තාමත්
දවස මට උණ ගැනුණු
පැනඩෝල් නැතුවාට
උකුල හිස හොවා ගනිපු

මතකයිද තාමත්
මොහොත අතැඟිලි වෙළුණු
රත්තරන් නොවුණාට
සුදු යකඩ මුදු දමපු

මතකයිද තාමත්
දොඩම් ඔයා මට දුන්නු
වැලේ පැෂන් නැතුවාට
බීම මට හදන් ආපු

මතකයිද තාමත්
දවස් පන්ති වල ගෙවුණු
හැමදාම නාවාට
නිතරම කතා බස් කරපු

මතකයිද තාමත්
රෝද තුනට මා ගොඩවුණු
නොහඬා සිනාසුණාට
නේවියට ඔයා ගියපු

මතකයිද තාමත්
දවස නංගි ගෙදර නැවතුණු
පිටතින් නොපෙනුණාට
ටිකෙන් ටික අපි ඈත් කරපු

මතකයිද තාමත්
මොහොත ආදරේ කියවුණු
හදවතින් ලංවෙලා නංගිට 
මගේ නෙතු අග තෙත් කරපු

මතකයිද තාමත්
ගොඩක් රෑ මට රිං කරපු
තොල් කතා නොකෙරුවට
නිහඬ බව නන් දොඩවපු
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

 මතකයිද තාමත්
සතියක් දවස් ගැනුණු
හෙට එන්න කියා මට
අද නංගි බලන්නට ගියපු

43 comments:

  1. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    අමතක කරන්න බෑ ............

    ReplyDelete
    Replies
    1. මට බැරුවට ඔයාට පුළුවන්නෙ නේ....?

      Delete
    2. ෂුවර්ද මට එහෙම පුළුවන් කියලා. එහෙනං එල

      Delete
  2. කවුරු ගැන කියනවාද මන්දා.... කොහෙන් ආපු නන්ගියෙක්ද ඉතින් මේ......

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි ඇවිදින්... ඔබ ආයෙමත් ඇවිදින්..... :)))

      Delete
  3. වෙනවනං අන්න එහෙම සුපිරි එකෙක් වෙන්න ඔ්න! :D

    ReplyDelete
    Replies
    1. ඔව්... වෙන්න ඕන තමයි.... ඔයත් දන්න කියන කෙනෙක් වෙන්නත් පුළුවන්....!!!

      Delete
  4. ඕඕ..... මේක නම් මරු හොඳේ !!!

    ReplyDelete
    Replies
    1. හි හී... එහෙනම් හොඳයි නේ.... ටැංකු ටැංකු....

      Delete
  5. මට මතකයි මට මතකයි :P

    ReplyDelete
    Replies
    1. ෂා.... ඔයා මාරයි ඈ....:))))

      Delete
  6. කවි නේද ? කියෙව්වෙ නෑ..

    ReplyDelete
    Replies
    1. අපොයි සෙන්න අයියා මම ලිව්වොත් තමා කවි කියවන්නෙ නැත්තේ.. තරහයි මම :(

      Delete
    2. එහෙම එකක් නෑ නගේ... මම කවි වලට බොහොම අකමැතියි.. බොහොම සරළ කවියක් දැක්කොත්නම් කියවලා රසවිඳිනවා.. නැත්නම් පලාතෙ බලන්නෑ.. සරළ එකක් ලියමුකො.. මම කියවන්නම්.. :-)

      Delete
  7. Replies
    1. අයියෝ...ඇයි අනේ මල්ලි... මතක් කරගන්න බලන්න....

      Delete
  8. මම මේ පැත්තට අද ආවේ....
    කවි ටික ලස්සනයි.... :)

    ReplyDelete
    Replies
    1. සමනළී...ලස්සන නමක්... සාදරයෙන් පිළිගන්නවා යාළු මගේ බ්ලොග් එකට... කමෙන්ටුවට ස්තුතියි...:)))

      Delete
  9. ම්ම්...ඔයාට ඕක අහන්න තිබුනේ දුමින්ද සිල්වාගෙන් :)

    ReplyDelete
    Replies
    1. කවුද දුමින්ද සිල්වා කියන්නෙ...??

      Delete
    2. "මට මතක නෑ යකෝ" හි නිර්මාතෘ තුමා බන් .. හිකිස් :)))

      Delete
  10. චපල ප්‍රේමයක් .. ඒක තමයි මම කියන්නේ අයි හේට් ලව් ස්ටෝරීස් ...

    ReplyDelete
  11. තනි වෙන්න ඉඩදෙන්න මටයි මගේ සිතටයි....

    ReplyDelete
  12. බුදු අම්මේ...................

    ReplyDelete
  13. ගොඩක් තදට වැදුනා..
    මතකයිද තාමත්
    දවස් පන්ති වල ගෙවුණු
    හැමදාම නාවාට
    නිතරම කතා බස් කරපු
    මෙන්න මේ කොටස..:)

    ReplyDelete
  14. විරහව හරිම පැණිරස දෙයක් නගෝ

    ReplyDelete
  15. මට නම් එකපාරටම මතක්වුනේ දුම්න්ද සිල්වාව....

    ReplyDelete
  16. ම්..හයියෝ ආදරයට වංචා කරන එක නම් හරිම සවුත්තුයි..
    අපූරු පද පේලි..ඇත්ත අත්දැකීමක් වගේ හිතෙනවා..

    ReplyDelete
  17. ඇයි අනේ ප්‍රසිද්ධියේ මේවා ලියන්නේ!හරි නෑනේ අපි දෙන්නට;)

    ReplyDelete
  18. මටනම් මුකුත් මතක නෑ..

    ReplyDelete
  19. හ්ම්ම්.... මම මේ කල්පනා කලේ බං මේ පොස්ට් එක කලින් දැක්කේ නැත්තේ ඇයි කියලා. පරක්කුයි හොඳටම.. !!

    ReplyDelete
  20. කා ගැනද මේ කියල තියෙන්නේ. අයියා කෙනෙක් ගැනද?

    ReplyDelete
  21. ඇත්තමයි මට නම් මුකුත් මතක නැහැ අයියෝ..

    ReplyDelete
  22. මමත් අද ආවේ..ලස්සන කවිටික....

    ReplyDelete
  23. හ්ම්..........අෙන් මන්දා, ඉතිං මට නම්

    ReplyDelete
  24. Hitata waduna ,
    Jayawewa,
    Sajith

    ReplyDelete
  25. මට නම් මතකයි සුදු නංගෝ..
    කොහොම වුනත් අමුතු තාලෙක කවි පන්තියක්.. :)

    ReplyDelete
  26. මොකෝ වුණේ තරුෂි..නෑ අනූ අක්කේ?

    ReplyDelete
  27. අති විශිෂ්ටයි



    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..