"රෝස මල් කැකුළිය, ඔබේ සුගන්ධය හරිම ප්‍රසන්නයි, සෞම්‍යයි. ඔබ බොහොම ප්‍රියමනාපයි. ඒත් ඔබ දුටුවනම මට ඔබේ මුහුණේ දුකක සේයාවක් පෙනෙනවා. ඔබ ඔබේ කතාව කියන්නට සතුටු නම් අහන්නට මම සූදානම්."
"ඒක බොහොම දිග කතාවක් මිත්‍රයා."
"ඒකට කමක් නෑ. මට ඇති තරම් වෙලාව තියෙනවා."
"හොඳයි, එහෙම නම් අහගන්න. මීට දෑ අවුරුද්දකට පෙර ඔබ අපේ අම්මව පොළවෙ ඉන්දෙව්වේ කොයිතරම් ආසවෙන්ද කියල අපේ අම්ම මටයි මගේ සහෝදරියන්ටයි කියල තියෙනවා. ටිකෙන් ටික දළු දදා හැඩ වෙද්දි, ඔබ ළඟට ඇවිදින් සිංදු කියපු හැටි අම්ම අදටත් මතක් කරනවා. ඒ විතරක්යැ හැමදාම කන්න බොන්න දීල අපිව ලෙඩරෝග වලින් බේරගත්තු හැටිත් මට මතකයි...
ඔය අතරෙ මං ටික ටික ලොකු උණා. මුළු රෝස පඳුරේම හිටපු දඟකාරම පුංචි කැකුළි මම. ඒ නිසා පවුලෙ කවුරුත් මට ආදරෙන් උන්නා."
"එතකොට ඔබ ඒ කාලෙත් දැන් ඉන්නවා වගේ පාටද?"
බලන බලන වාරයක් පාසා එළියට පනින්නට වෙර දැරූ පැනය ඇගේ විරාමයක් ලද ඇසිල්ලෙහි ඈ වෙත යොමු කළෙමි.
"නැහැ යාළුවා, මම ඒ කාලේ මීට වඩා රතු පාටයි. හැඩයි. ඔබ දන්නවනෙ ආදරෙ පාට රතු කියල"
මෑතකදී මා සවන් වැකි අයුරින් 'ආදරයේ අළුත්ම පැහැය නිල්' වුවද සම්ප්‍රදායට හිස සැලීමි. රෝස මල් කැකුළිය සමඟ වාද කරගැනීමේ උවමනාවෙක් මට නැති.
මගේ නිහඬ ප්‍රතිචාරය ලද ඈ නැවත කතාව ඇරඹුවාය.
"ඒ කාලේ තමා මගෙ ලස්සනම කාලේ. පඳුරේ පිපුණු හැම රෝස මලම ආදරේට මට කිව්වේ රෝස කුමාරි කියලා. මී මැස්සෝ මගෙ පස්සෙ ආවට එයාල රිද්දන නිසා මම මල් පෙති වලින් මූණ හංගගෙන හිටියෙ. අහිංසක සමනල්ලු දෙතුන් දෙනෙකුත් මා වටේ කැරකුණේ අපේ අම්මටත් හොරෙන්.
ඔය අතරෙ මගෙ හිත ගත්තු සමනළයෙක් හිටියා. එය ඇඟපතින් ලොකු උනාට හිතින් පුංචි එකෙක් වගේ උන්නේ. රොන් ගත්තම මට ස්තුති කරලා මා වටේ නැටුමකුත් නටලයි එයා ගියේ. එයයි මායි පෙම්වත්තු වෙච්චි බව කවුරුවත් දැනන් උන්නෙ නෑ. හැමදාම මාව බලන්න ආපු ඒ සමනළයගේ අත්තටු මගෙ මල් පෙති වල ගෑවෙද්දී මං හරි ආසාවෙන් විඳගත්තා. එතකොට මං උන්නෙ පඳුරේ යටම අත්තේ. මගෙන් පාට අරන් එයා ලස්සන උනා තවත්."
"ඒ උනාට දැන් ඔබ ඉන්නෙ ඉහළම අත්තෙනේ. කොහොමද ඔබ එතනට ගියේ?"
"කතාව තවම බාගයයි යාළුවා. පොඩ්ඩක් ඉවසන්න. පහු වෙනකොට මගෙ සමනළයා මට හාදුවක් දීල යන්න පුරුදු වුණා. මට ඔහු නොදැක ඉන්න බැරි උණා.ඔහු වගේ ඉගිලෙන්න බැරි නිසා මං අක්කල ගාවට වෙලා ඔහු එනකල් විනාඩි, පැය, දවස් ගැන්නා.
එක කාලයක් ඔහු දිගටම ආව ගියා. ටික ටික මම හැඩ වෙද්දි මාව දැකපු බඹරු මං වටේ කැරකෙන්න ගත්තා. මලක් උනාම මී මැස්සො, සමනල්ලු, බඹරු පස්සෙන් එන එක මල් වෙච්චි අපිට අරුමයක් නෙමෙයි උනාට මගෙ සමනලයට ඒක පෙනුනෙ වැරදියට. එයා මට කතා කළේ හරියට මං බලෙන් බඹරු ගෙන්න ගත්ත වගේ. ඒක හරි වැරදියි නේද? එහෙනම් ඉතින් මලක් මලක් ගානේ ගිහින් රොන් එකතු කරන එයාට මම මොනවා නම් කියන්න ඕනද?"
"ඔබ කැමති නම් මමත් ඔබට රෝස කුමාරි කියා අමතන්නම්. ඉතින් රෝස කුමරියනි, ඔබ කියූ කතාව නම් සැබෑවක්මයි. සමහර විට ඔබ අහල තියේවිද මා දන්නේ නෑ..
බඹරුන් පසුපස මල් දිව නොගියත්
අවමන් වින්දේ මල් කුලයම නොවේදෝ
කියා සිංදුවකුත් තියෙනවා. හොඳයි ඉතිරියත් කියන්න ඔබේ කතාවෙ."
ගෙතෙන්නට යන්නේ මගේ කතාවම දෝ හෝයි සිතා ගත නුහුනුව ඈට රිසි පරිදි ඉදිරියට යාමට ඉඩ දුනිමි.
"ඉතින් ටිකෙන් ටික ඔහු මගෙන් ඈත් වුණා. ළඟටම ඇවිත් ම දෙස නොබලා වෙනත් මල් වලින් රොන් අරන් යන්න පුරුදු වුණා. ඒත් ඔහු කවදා හෝ මා වෙත එයි කියන බලාපොරොත්තුවෙන් මා හැමදාම පිපුණා. නමුත් කවදාවත් ඔහු ආවෙ නෑ. මගේ පැහැය ටික ටික අඩු වුණා. කාන්තිය නැති වෙලා ගියා. සුවඳ සැර අඩු වුණා. ඒත් මම හැමදාම බලාපොරොත්තුවේ ජීවත් වුණා.
අපේ අම්ම නම් කිව්වෙ ඔබ අපට දුන් කෑම වේල් අතපසු කළ නිසා මං මැලවිලා ගිහින් කියලයි. ඒත් මං ඒක පිළිගත්තෙ නෑ. එහෙනම් මගේ සහෝදරියන්ටත් එහෙම වෙන්න ඕනනෙ."
මා තනිව කල්පනා කළා. ඈ කියන කතාව ඇත්ත. මා ආදරයෙන් හදා ගත් රෝස පඳුරට වතුර දමා, පොහොර දමා සාත්තු කළේ නෑ මම. අමතක වුණාද මට? නෑ නෑ අමතක වුණා නෙවෙයි.. හිතා මතාම අමතක කළා.. දෑ අවුරුද්දකට පෙර ඉතා මහන්සියෙන් හැදූ මගේ රෝස පැළයට මැරෙන්නට ඉඩ දුන්නා...!!!
"ඔබ බර කල්පනාවක වගේ යාළුවා. කතාවේ මෙතෙක් දුර ඇවිත් ඉතිරිය අහන්නට ඔබේ සූදානමක් නැතිද?"
මගේ සිත වෙනතක ගිය බව රෝස කුමරිය කෙසේ නම් දැනගත්තීද? එයින් කම් නැත. වහා සමාව අයැදිය යුතුව තිබේ.
"සමාවන්න කුමරියනි, පවසන්න ඔබේ කතාව"
"හොඳයි, ඉතින් කාලය ගතවෙද්දී මා අතිශයින් කෘශ වුණා. එහෙත් මා වටා මී මැසි, බඹරුන් ගැවසීම නම් නිමා වුණේ නෑ. අන්තිමේදී යළි විකසිත නොවී සිටීමට අදිටන් කරගෙන මම පෙති ඇකිලුවා."
"එහෙම උණා නම් ඔබ කොහොමද ඔතන ඉන්නෙ?"
"හොඳ ප්‍රශ්නයක් යාළුවා. එක් නියං කාලයක් ආවා. මං විතරක් නෙවෙයි පඳුරේ මල් අක්කල ඔක්කොම වේලිලා ගියා. කෑම නොලැබුණත් යන්තමින් හරි තිබුණු තෙතමනය එහෙම් පිටින්ම නැතිවෙලා ගියා. අම්ම යන්තම් පණ ගැටගහගත්තේ ගොඩක් දුක් විඳලා. එයා නැති උණා නම් අපිත් ඉවරයි.
මාස ගානක නියං කාලෙකින් පස්සෙ වැටුණු පොද වැස්සෙන් අපි ආයෙම පණ ගහල නැගිට්ටා. අම්ම මට කිව්ව උඩ අත්තක පිපෙන්න කියල. නිකං ඇඟට වැටුණු වතුරෙන් මූණ හෝදගත්තු මම අක්කලාගේ උදව්වෙන් ආයෙමත් හීං සැරේ පුංචියට පිපුණා. පස්සෙ තමයි මං දැක්කෙ පාට වෙනස් වෙලා කියලා.
අර සමනළයා මගේ පාට අරන් ගිහින්. ඉස්සර වගේ ලස්සනත් නෑ. වැහැරිලා මම... හැබැයි අලුතින් ලියලන පෙති නම් තද පාටට හැරීගෙනයි එන්නෙ.. මේ,ඔබට පේනවද?"
ඈ මඳක් එහා මෙහා හැරෙමින් සිය හැඩ මට පෙන්වන්නීය.
"ඔබ තාමත් ඉන්නෙ ඒ සමනළයා බලාපොරොත්තුවෙන්ද?"
නොඇසිය යුත්තක් මුවඟ නැගුණද එය නොවිමසා සිටීමේ හැකියාවක් මා සතු නොවන බැවින් එම පැනය නොවලහා ඈ වෙත ඉදිරිපත් කළෙමි.
"නැහැ යාළුවා, ඒ සමනළයා දැන් මගෙ නොවෙයි. ඔහු අල්ලපු රෝස පඳුරේ රෝස කැකුළියක් එක්ක හාදවෙලා බව මං දැනගත්තෙ ඔහුගෙ යාළුවන්ගෙන්. ඉන්පසු මා ඔහු ගැන අදහස අතහැරියා. දැන් මම පිපෙන්නේ ඔහු වෙනුවෙන් නෙවෙයි."
මඳහස නැගී මුවඟින් ඈ එසේ තෙපලද්දී ඒ ඇසූ මම වික්ෂ්පිත වූයෙමි.
"එහෙනම්?"
"රෝස මලක් වෙච්චි මට අම්මගෙ තුරුලෙ පිපෙන්න හේතුවක් තියෙන්නම ඕනද යාළුවා?"
ඇගේ පිළිතුරෙන් මා නිරුත්තර වීමි. ඇගේ ප්‍රකාශය සැබවි. නියඟයෙන් පීඩා විඳි රෝස කුමරිය වැස්සෙන් පණ ලබා නැගී සිටියාක් මෙන් මගේ හද අරක්ගෙන තිබූ ඉඩෝරයටද මල් වැස්සක පහස දැනෙන්නට පටන් ගෙන තිබේ. මගේ හද නමැති රෝස කුසුම වටාද නැවත සමනළයෙකු පියාඹන්නට පටන් ගෙන තිබේ!!!
"රෝස කුමරියනි, ඔබේ කතාවත් මගේ කතාවම වගේ.මගේ පෙම්බරාට තිළිණ කිරීමට මා ඔබව නෙළා ගන්නද?"
තේරුම් ගැනීමට අපහසු බැල්මක් මා වෙත හෙලූ ඈ අවසන මෙසේ පැවසුවාය.
"සමනළයෙකු නිසා පැහැය අහිමිවෙලා කේඩැරි වුණු මා ඔබේ පෙම්බරාට පිදීමට සුදුසු නම් මා කැමතියි ඒ ප්‍රේමයේ සළකුණ වෙන්න"
රෝස කුමරිය වෙත පහත් වූ මම ඈ සිපගෙන, නටුව මඳක් දිගට සිටින අයුරින් ඇය නෙළාගෙන කාමරය වෙත පියමැන්නෙමි.
***
රැයේ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව තවමත් සිරි සිරි හඬ නංවමින් පොළවට ඇදහැලෙමින් තිබේ. සිහිනයෙන් අවදි වූ මම මැදියම් රැයේ අඳුරේම රෝස පඳුර වෙත ඇදුනෙමි. රෝස කුමරිය තවමත් මා දෙස බලා සිනාසෙමින් සිටින්නීය.
එහෙනම් විරාමය අහකයි නෙව..:)
ReplyDeleteඅලුත් පාරෙන් ආවේ. ලස්සන කතාවක්..
ජයවේවා!!
ම්ම්ම්.... අයියට ස්තුතියි අලුත් පාරෙන් මුලින්ම මේ පැත්තට ආවට... ඔයාටත් ජයවේවා!!!
Deleteeliyata pena kathawa athule wena kathawakuth thiyenawa wage penawa. mal unama ohoma thama. pipenawa puja karanawa para wenawa...... jiwithe wage ...
ReplyDeleteden meka blogger wala update wenne nethi eka thama awula.
Deleteඔන්න ඔහෙ කමක් නෑ බං... එකෙක් දෙන්නෙක්වත් එන්නෙ නැතැයි... අනිත් ඇය එන්න මමත් එව්වට යන්නත් එපැයි... කාලෙකින් ගියෙත් නෑනේ... :))))
Deleteඅනේ මේ අපි එන්නේ
Deleteම්ම්ම්... ඔව් නේද? අටම් අයිය දෙවෙනි පාරටත් ඇවිදින්...මම එක දවසක් වත් ආවද දන්නෙ නෑ.. :( ඉතින් ආවට කතාව කොහොමද කියන්නේ නැතුවනේ ගිහින් තියෙන්නේ...
Deleteහ්ම්ම්... පට්ට නිර්මාණාත්මකයි....:D ජය !!!
ReplyDeleteම්ම්ම්... ස්තුතියි අයියා.. වෙනස් දෙයක් ලියන්න ඕන වුණා.. :)))) හැබැයි බ්ලොග් එක නැවත්තුවට මං තරහයි...
Deleteලියපු ශයිලිය ලස්සනයි
ReplyDeleteඔයා ශයිලිය ලියපු ශෛලියට මාත් ආසයි... ස්තුතියි අක්කේ...!!!
Deleteලස්සනයි කතාව ආසාවෙන් කියෙව්වා.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
//මම සමකය වටේ (samakaya wate)දුවන එකා//
Deleteනලින් අයියා සෞම්‍ය අත්සනක් දාලා තියන්නේ :):)
සාදරයෙන් පිළිගන්නවා අයියව මගේ බ්ලොග් එකට... අගය කිරීමට ස්තුතියි...
Deleteදැන් මටත් අනිත් අයගෙ බ්ලොග් වලට ගියාම ඔයා වගේ අත්සනක් දාල එන්න තමා වෙන්නේ... :)
@චන්දන අයියා..
ඔයා කොහෙද දුවන්නෙ... ලෝකෙ වටේද? ලංකාව වටේද? නැත්නම් ගම වටේද? :))))
මං දුවන්නේ ගේ වටේ නේ බං :D
Deleteහරිම අපුරුයි ලස්සනයි ...ජයෙන් ජය එක නෙමෙ කලෙකින් නෙ ලිව්වෙ ...::D
ReplyDeleteස්තුතියි මල්ලි... ඔයාටත් ජයවේවා!!! සංක්‍රාන්ති කාලේ ඉවරයි.. :)))
Deleteඅපි ඉතින් දැන් බ්ලොග් ලියන් නෑලු.ඒත් කියවන්න නම් එනවාලු.තව කතා ටිකක් එකතු කරලා පොතක් පලකළා නම් ඇත්තටම වටිනවා.ආධුනිකයි කියල නොතේරෙන තරමට කතාව ලස්සනයි අනු.ඔයාගේ ලේඛන ජීවිතේට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteමගේ බ්ලොග් එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා... මං නම් ඉතින් තාමත් ලියන්න ආසයිලු.. කියවන්න කට්ටිය ඉන්නවනම් ලියනවලු... පොත් ලියන්න තරම් කතා ගොඩක් නම් හිතේ නෑ තාම... ආධුනිකයි කිව්වට ඉතින් මේ දෙවෙනි කතාව... :))) ස්තුතියි...!!!
Deleteකාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.
ReplyDeleteදැන් කාලෙකින් නොවැ ලියන්නෙ... ඒ පැත්තේ ආවෙත් නෑ ගොඩාරියක් කාලෙකින්..
Deleteලස්සනට කතාව ලියලා තියෙනවා...මම හොඳට රසවින්ද..... ඒ වගේම අදහසත් හරි ලස්සනයි
ReplyDeleteස්තුතියි සමනළි... ඔයාගෙ නමට මං හරි ආසයි... ඔයාගෙ බ්ලොග් එකටත් මම එක දවසකට වඩා එන්න නැතුව ඇති... සමාවෙන්න යාළු.. :(
Deleteඒකත් හොඳා නොවැ :)
ReplyDeleteඒ කිව්වේ අයියෙ? :O
Deleteපෙම්බර මල පෙම්බරයට දෙන එක :D
Deletewyangarthayen kathaawak kiyalada manda...lassanayi... :)
ReplyDeleteබොරු නෙමෙයි කියන්නේ ඇත්තමයි.මේක කියවන්න කම්මැලි හිතුනා.
ReplyDelete