ලෝකෙට ආපු අය

Saturday, August 10, 2013

කැම්පස් කවිය

මේක ලියලා නම් ගොඩක් කල්…. මේ දවස් වල මේක අපේ නිර්මාණ දාන බෝඩ් එකේ තියෙනවා…. මට හිතුණා ඒක ඔයාලටත් පෙන්නන්න…. ඔන්න දැම්මා 

වරින් වර මතුවන සොයුරු පෙම
තෙරපගෙන ආයාසයෙන්
සිත් තුළ….
තනන්නට වෙර දැරූ 
සිඳ දැමිය නොහැකි අත්වැල…. 
නොගිලිහෙනු ඇත අප මතකයෙන් 
අද හෙටට නොව 
මතු මතුද…. 

ඉදින් සබඳ, 

අවසරයි විදා හරින්නට දෑත
සිත් පුරා නැගි සෙනෙහසින්….
මේ….  
ඔබට මට බැඳෙන්නට ඇති කාලයයි 
සොයුරු බැම්මෙන්…. 

20 comments:

  1. යුනිකෝඩ්ස් වලින් දාපියෝ!!! කියවන්න බැරියෝ!

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා මන්ඩියෝ.... g-)

      Delete
    2. නිදාගෙන හිටපු දෙන්නෙක්ම නැගිටලා මේන්.... :D මණ්ඩියො මුකුත් ලියන්න අදහසක් නැද්ද ?

      Delete
    3. නිදාගෙන තමයි.... සෙන්න අයිය නම් කියයි... මම මේ හුස්ම ගන්න වෙලාවක් හොයනවා... ලැප් එක ගෙදර... මම කැම්පස්...
      හත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද?

      Delete
    4. @අනූ, දැං හරි. අඩේ අනුව කැම්පස්ද? යකෝ කිව්වෙත් නෑ, ඒ.ලෙවල් කලා කියල විතරයි දන්නෙ. කොහෙ කැම්පස්ද? සතුටුයි ඈ! ජය ශ්‍රී!

      @සෙන්නා, ලියනව ලියනව... ලඟදිම පටං ගන්නව! සෙන්නලා තාම අප්-ඇන්ඩ්-රනින්නෙ! මමත් ලඟදිම සෙට් වෙනවා, බ්ලොග ලියන්නැතුව හරියට නාඩි වැටෙන්නෑ වගේ. එදා වගේම ජය ශ්‍රී හො‍දේ...!!!

      Delete
  2. සිඳ දැමිය නොහැකි අත්වැල….
    නොගිලිහෙනු ඇත අප මතකයෙන්
    අද හෙටට නොව
    මතු මතුද….

    ReplyDelete
  3. මේක නම් තදින්ම මගේ හිතට දැනුනා.. ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි.... :)

      Delete
  4. කාලෙකට පස්සෙ කවියකුත් අරගෙන ඇවිත් තියන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් චන්දන අයියා... මට ලියන්න දහසක් දේ තිබුණත් ලියාගන්න වෙලාවක් නැහැ... දැනුත් මේ විභාගෙට පාඩම් කරන ගමන්... ආයේ මම කවද ඒවිද මන්දා... :-SS

      Delete
  5. මගෙ අත්දැකීම් වල හැටියට ටිකක් භයානක සිතිවිල්ලක් :D anyway ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හිකිස්‌....,,,, ස්තුතියි ස්තුතියි.... ඔයාගේ භයානක සිතුවිල්ලත් දාන්නකො බලන්න අකුරු කරලා.... :D

      Delete
  6. කාලෙකින්ද මන්ද ආවෙ !

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ කාලෙකින් තමයි...

      Delete
  7. කාලෙකට පස්සේ ආවේ.. කවිය නම් අපූරුයි.. ආයෙත් එන්නම්කෝ... සුභ දිනක්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා... ඒත් මට නම් දැන් බ්ලොග් අවකාශයේ සැරිසරන්න තියෙන ඉඩ හුඟක්ම අඩුයි... ජයවේවා!!

      Delete
  8. හප්පේ නගා දැක්ක කාලයක් ඉතින් කොහොමද ඉගනීමේ වැඩ කටයුතු එහෙම කවියනම් හරවත්
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඉගෙනීමේ වැඩ කටයුතු කියන්නෙ අයියෙ එක්සෑම් ඉවරයක්‌ නෑ අප්පා... මට බ්ලොග් එක ලියන්න හැටියකුත් නෑ.. වහන්න වෙයිද මන්ද...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..