වරින් වර මතුවන සොයුරු පෙම
තෙරපගෙන ආයාසයෙන්
සිත් තුළ….
තෙරපගෙන ආයාසයෙන්
සිත් තුළ….
තනන්නට වෙර දැරූ
සිඳ දැමිය නොහැකි අත්වැල….
නොගිලිහෙනු ඇත අප මතකයෙන්
අද හෙටට නොව
මතු මතුද….
ඉදින් සබඳ,
අවසරයි විදා හරින්නට දෑත
සිත් පුරා නැගි සෙනෙහසින්….
මේ….
ඔබට මට බැඳෙන්නට ඇති කාලයයි
සොයුරු බැම්මෙන්….
සිඳ දැමිය නොහැකි අත්වැල….
නොගිලිහෙනු ඇත අප මතකයෙන්
අද හෙටට නොව
මතු මතුද….
ඉදින් සබඳ,
අවසරයි විදා හරින්නට දෑත
සිත් පුරා නැගි සෙනෙහසින්….
මේ….
ඔබට මට බැඳෙන්නට ඇති කාලයයි
සොයුරු බැම්මෙන්….
යුනිකෝඩ්ස් වලින් දාපියෝ!!! කියවන්න බැරියෝ!
ReplyDeleteඔන්න හැදුවා මන්ඩියෝ.... g-)
Deleteනිදාගෙන හිටපු දෙන්නෙක්ම නැගිටලා මේන්.... :D මණ්ඩියො මුකුත් ලියන්න අදහසක් නැද්ද ?
Deleteනිදාගෙන තමයි.... සෙන්න අයිය නම් කියයි... මම මේ හුස්ම ගන්න වෙලාවක් හොයනවා... ලැප් එක ගෙදර... මම කැම්පස්...
Deleteහත් වලාමේ වෙච්චි දේට මක් කොරන්නද?
@අනූ, දැං හරි. අඩේ අනුව කැම්පස්ද? යකෝ කිව්වෙත් නෑ, ඒ.ලෙවල් කලා කියල විතරයි දන්නෙ. කොහෙ කැම්පස්ද? සතුටුයි ඈ! ජය ශ්රී!
Delete@සෙන්නා, ලියනව ලියනව... ලඟදිම පටං ගන්නව! සෙන්නලා තාම අප්-ඇන්ඩ්-රනින්නෙ! මමත් ලඟදිම සෙට් වෙනවා, බ්ලොග ලියන්නැතුව හරියට නාඩි වැටෙන්නෑ වගේ. එදා වගේම ජය ශ්රී හොදේ...!!!
සිඳ දැමිය නොහැකි අත්වැල….
ReplyDeleteනොගිලිහෙනු ඇත අප මතකයෙන්
අද හෙටට නොව
මතු මතුද….
කොප්පා.... :-?
Deleteමේක නම් තදින්ම මගේ හිතට දැනුනා.. ලස්සනයි...
ReplyDeleteස්තුතියි මල්ලි.... :)
Deleteකාලෙකට පස්සෙ කවියකුත් අරගෙන ඇවිත් තියන්නෙ.. :)
ReplyDeleteඅනේ ඔව් චන්දන අයියා... මට ලියන්න දහසක් දේ තිබුණත් ලියාගන්න වෙලාවක් නැහැ... දැනුත් මේ විභාගෙට පාඩම් කරන ගමන්... ආයේ මම කවද ඒවිද මන්දා... :-SS
Deleteමගෙ අත්දැකීම් වල හැටියට ටිකක් භයානක සිතිවිල්ලක් :D anyway ලස්සනයි
ReplyDeleteහිකිස්....,,,, ස්තුතියි ස්තුතියි.... ඔයාගේ භයානක සිතුවිල්ලත් දාන්නකො බලන්න අකුරු කරලා.... :D
Deleteකාලෙකින්ද මන්ද ආවෙ !
ReplyDeleteඔව් අනේ කාලෙකින් තමයි...
Deleteකාලෙකට පස්සේ ආවේ.. කවිය නම් අපූරුයි.. ආයෙත් එන්නම්කෝ... සුභ දිනක්...
ReplyDeleteබොහොම ස්තුතියි යාළුවා... ඒත් මට නම් දැන් බ්ලොග් අවකාශයේ සැරිසරන්න තියෙන ඉඩ හුඟක්ම අඩුයි... ජයවේවා!!
Deleteහප්පේ නගා දැක්ක කාලයක් ඉතින් කොහොමද ඉගනීමේ වැඩ කටයුතු එහෙම කවියනම් හරවත්
ReplyDeleteකෝරලේ වලව්ව
ඉගෙනීමේ වැඩ කටයුතු කියන්නෙ අයියෙ එක්සෑම් ඉවරයක් නෑ අප්පා... මට බ්ලොග් එක ලියන්න හැටියකුත් නෑ.. වහන්න වෙයිද මන්ද...
Deleteහෑහ්..... හපොයි..!
ReplyDelete