ලෝකෙට ආපු අය

Friday, April 5, 2013

ඔයයි - මමයි

ඔයා අමතක කරන්න...
ඒත් මං මතක් කරනවා
නිතරම...

ඔයා බලන්නෙ නැතුව ඉන්න...
ඒත් මං ඔයා දිහා බලනවා
හොරෙන්ම...

ඔයා මගෙන් ඈත් වෙන්න...
ඒත් මං ඔයාට ලං වෙනවා
නොකියම...

ඔයා ආදරේ නොකර ඉන්න...
ඒත් මං ආදරේ කරනවා
නොඅහම...

ඔයා කතා නැතුව ඉන්න...
ඒත් මං කතා කරනවා
තනියම...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔයා හයියෙන් හිනාවෙන්න...
ඒත් මං තවම අඬනවා
රහසෙම...



(ප.ලි -කතාව ලිවීමටම දැඩි අවශ්‍යතාවයක සිටියත්, නොවැලක්විය හැකි හේතුවක් මත ලබන සතියේ ක්‍ෂිතිජ රේඛා  කතාව පළ නොවන බව කරුණාවෙන් සළකන්න. එදිනට වෙනත් පෝස්ටුවක් දැමීමට බලාපොරොත්තු වෙමි.)

37 comments:

  1. ම්! ..... මටත් almost ඔහොම තමා! :(

    :) :) :)

    ReplyDelete
    Replies
    1. almost ඔහොම තමා කිව්වේ... කවිය ගැනද? ප.ලි ගැනද? :)

      :)))

      Delete
    2. කිව්වෙනං කවිය ගැන! but බලාගෙන ගියාම දෙකම හරි!

      Delete
  2. අනූ
    හැමවෙලේම හිනා වෙලා ඉන්න කැමති, නැව ගිලුනත් බෑන් චූන් ටයිප් ඩයල් එකක්...

    ඉතින් මොකෝ මේ??

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ... දීපන් කිව්වලු අනූ අක්කේ උථ්ථර...?????

      Delete
    2. අනේ ඉතින් මම එහෙම තමයි හරි අයියා & වර්ෂා නංගි....

      දැන් උඹලට කවුද කිව්වෙ මං අඬනවා කියල... මේක කවියක්...!!! (ඔන්න උත්තර දුන්නෝ..)

      (අනූ හැමවෙලේම හිනා වෙලා ඉන්න කොච්චර කැමති වුණත් අඬන වෙලාවල් තියේ අකැමැත්තෙන් වුණත්...)

      Delete
  3. ප.ලි -කතාව ලිවීමටම දැඩි අවශ්‍යතාවයක සිටියත්, නොවැලක්විය හැකි හේතුවක් මත ලබන සතියේ ක්‍ෂිතිජ රේඛා කතාව පළ නොවන බව කරුණාවෙන් සළකන්න. එදිනට වෙනත් පෝස්ටුවක් දැමීමට බලාපොරොත්තු වෙමි.

    ඇයි ඊළග දවසේ මේකේ දෙවෙනි කොටස ද...අනේ බන් අක්කේ!!!!

    ReplyDelete
    Replies
    1. අනේ නංගා... ඔයා මම ලියන කතා වලට ඔය තරම් ආසද? මට හුඟක් සතුටුයි ඒකට... :)))

      බය වෙන්න එපා... ඊළඟ පෝස්ට් එක මේකෙ දෙවෙනි කොටස වත්, කවියක් වත් නෙවෙයි... හැබැයි කතාව නම් නෙවෙයි...(ඔයා කතාව විතරක් බලනවා නම් අවුරුදු පහුවෙලා එන්නකො... 18 වෙනිදා වෙද්දී අනිවා 9 වෙනි කොටස දානවා...)මේ සතියේ වෙන පෝස්ට් එකක්... අඟහරුවාදා උදේ...

      Delete
  4. බ්ලොග් වල කවි ලියන එක තහනම් කරලා වහාම ක්‍රියාත්මකවෙන පරිධි නීතියක් සම්මත කරන්න ඕනා.. නැත්නම් i can't do this wedding.. :D

    ReplyDelete
    Replies
    1. ඉතින් අයියේ... කවි ඇර අනිත් පෝස්ට් ලියන්නේ උඹල වෙනුවෙන් තමයි... (මේ ටිකේ කතාවක් ලියාගෙන ආවා. ලබන සතියේ පොඩ්ඩක් බ්‍රේක් වෙනවා...) 9 වෙනිදා හවස ආවොත් කවි ඇර වෙන පෝස්ට් එකක් තියෙයි!!!

      Delete
    2. කාතාවෙ මුල ටික මිස් වුනා බන් නංගියෙ.. හැමදාම කියවන්න ඕනා කිය කිය හිටියට වෙලාවක් හම්බුන්නෑ..බලමුකො හීමිට වෙලාවක් අල්ලගෙන..

      කලින් විහිළුවක් කලේ සීරියස් ගන්න එපා.. මට කවි කොහොමත් දිරවන්නෑ ඒකයි..

      Delete
    3. හිකිස්‌.......,,, මං දන්නෝ... කමක් නෑ කමක් නෑ... :))))

      Delete
  5. මං අඬද්දි මාව හිනස්සවන කෙනෙක් හිටියනම් ඇති හොඳටම........

    ReplyDelete
    Replies
    1. ඔයාට ඉන්නවනෙ ... අපිත් දන්නවනෙ...!!!

      Delete
  6. මේක නම් මගේ ජීවිතේටම සම්බන්ද සිදු වීමක් වගේ..
    මෙහෙමම තමයි උනේ ..අපරාදේ ඒ කාලේ මේක ඔයා
    ලියල තිබ්බ නම් ...:(

    හරි ලස්සනයි අනු නංගි ...කතාවත් ඉක්මනටම ලියන්න ..
    මග බලන් ඉන්නේ හොඳද ..?

    හෝ හෝ උපන් දිනෙත් ළඟ ළඟ එනවා නේද ...
    දැන් තිස් කීයද හැබෑට ...:P

    ReplyDelete
    Replies
    1. ජීවිතය කියන ලේබල් එකට දැම්මෙ නිකන් නෙමේනෙ අයියා මාත්... හැබැයි ඔයාට වඩා පරක්කුයි... :(

      බොහොම ස්තුතියි... කතාව 17 වෙනිදා තරමේ ලියන්නයි කල්පනාව...ඒ දවස් වල එන්නකෝ මේ පැත්තේ...

      ඔන්න බලමු ඒකෙත් හැටි... ඒක ක්ලික් උනේ සහන් අයියට විතරනේ... තිස් කීයද??? අනේ අනේ... මං කියන්නෙ නෑ ඉතිං... :P

      Delete
  7. මේ මොකෝ මේ කරන්නෙ..

    ReplyDelete
    Replies
    1. එක එක කමෙන්ට් දාන්නෙ..

      Delete
    2. මං හිතන්නෙ මට තේරුණේ නෑ ඔයා කියපු දේ... :O

      Delete
    3. හයියෝ... මගේ පණ ගියා... ඔයා කොහොමද එව්වා දැක්කේ???

      Delete
  8. //ලබන සතියේ ක්‍ෂිතිජ රේඛා කතාව පළ නොවන බව කරුණාවෙන් සළකන්න.//

    හා හා ඒවා හරි යන්නේ නෑ. දාපන් කතාව. නැත්නම් එවනවා කියතක් වහලෙට.. :P :D

    ReplyDelete
    Replies
    1. අනේ මොනාද බං අය්යේ... මම මේ කතාව මඟ නවත්තන්නේ නෑ බං...[co="red"]කියතක් ආවට මම ගෙදර නෑලු... හූ හූ...[/co] කතාව බලන්න 17 වෙනිදා රෑ වෙලා මේ පැත්තේ වරෙන්... :D

      Delete
  9. ටැස්ටින්.. හොඳා හොඳා. :D

    ReplyDelete
    Replies
    1. මම ඒ පෝස්ට් එක දාපු ටිකට අයිය ඒකත් දැක්කද? අම්මෝ... [hi="yellow"]දැන් ටැස්ට් කොරන්නත් බයයි බං... [/hi]:-SS

      Delete
  10. ඔයා හයියෙන් හිනාවෙන්න...
    ඒත් මං තවම අඬනවා
    රහසෙම...

    ReplyDelete
    Replies
    1. මගේ කවියම මට කියල ගියාද? මල්ලි කාලෙකින් නේ?

      Delete
  11. ආදරේ කරන කෙනා හිනස්සලා හිත ඇතුලින් අඬන්න වෙන වෙලාවලුත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. හප්පා... දකින්නත් සතුටුයි... දිනේෂ් අයියා කාලෙකින්... :) URL වෙනස් කලාට පස්සෙ ආවමද මන්ද...

      ඔව්...ඒත් මේ එහෙම දෙයක් නෙමේ... එයාව හිනස්සීම කියන දෙය මෙතන නැහැ... නමුත් තමන් අඬනවා කියන දෙය තියනවා...

      Delete
  12. ආදර සුන්දර වරදක් කියන්න පොඩි එකෝ ඔය නිසයි.

    ReplyDelete
    Replies
    1. දැනමුතුකම් තියෙන අය කියන එව්වා අහන්නත් එපැයි නේද? ඒත් ඒක සුන්දර වරදක් බව දැන දැනම ඇයි මිනිස්සු ආදරේ කරන්නේ? :-?

      Delete
  13. ඔයා හයියෙන් හිනාවෙන්න...
    ඒත් මං තවම අඬනවා
    රහසෙම...

    මේ පැත්තට අලුතෙන් අවේ.ලස්සන සිතුවිල්ලක් අනු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කඩුපුලි.... සාදරයෙන් පිළිගන්නවා...ආයෙමත් ඇවිත් යන්න එන්නකෝ... :)

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..