ලෝකෙට ආපු අය

Wednesday, November 21, 2012

තරු (නු)දුටු රැය


මාතෘකාව දැකල ප්‍රබන්ධ කතාවක් කියල රැවටුණේ නෑ නේද??? නෑ නෑ... ඔන්න අද කියන්න යන්නෙ මගේම කතාවක්. මේ සිද්ධිය උනේ 2004 අවුරුද්දේ. ඒ කියන්නෙ මම 9 වසරෙ නේද? ම්ම්ම්.... ඔව් ඔව් 9 වසරෙ තමා JJJ

ඉතින් 9 වසර මුල ඉඳං මම තමා විද්‍යාව විෂය නායිකාව. ඒ වගේම දෙවෙනි වාරෙ ඉඳං පන්ති නායිකාව. (මේ ටික කිව්වෙ පම්පෝරියට නෙමේ හරිද ළමායි...අවස්ථාව පැහැදිලි කරන්න ලේසි වෙන්න JJ)

මේ කාලෙ මම විද්‍යාවට පොඩ්ඩ පොඩ්ඩ ආස වේගන එන කාලේ.ඉස්සරමත් ආසයි, හැබැයි විද්‍යාවට නෙමෙයි..... ආරම්භක විද්‍යාවට JJJ... මේ කාලේ වෙද්දි මට විද්‍යාවට ලකුණු හැත්තෑ ගණන් ලැබුණු කාලෙ ( පස්සෙ පස්සෙ ටික ටික වැඩි වූ බව කරුණාවෙන් සළකන්න J) කලින් තිබ්බේ හැට ගණන් වල... ඉතින් ඒ කාලේ විද්‍යා අච්චු පොතේ තාරකා රාශි, රාත්‍රී අහස ගැන පාඩමක් එහෙම තිබුණ මතක අයට මතකයිනෙ නේද? J ඒ පාඩමෙන් අපට පොතක් හදන්නත් දුන්නා. ඒ පොත් හැදිල්ලත් වෙනමම කතාවක්.. (පස්සෙ කියන්නංකො..අද කියන්නෙ පොත් හදන එක ගැන නෙමෙයිනේ. )

ඔන්න ඉතිං අගෝස්තු මාසෙ දවසක රෑ, ඉස්කෝලෙ තරු කඳවුරක් පවත්තන්න අපේ 9 වසරෙ විද්‍යා ගුරුවරු කතාවුණා. (2004 උසස්පෙළ විභාගෙ තිබ්බේ අප්‍රියෙල් වල කියල දන්නවද? JJJ) කොහොමින් කොහොමින් හරි අන්තිමට දවස අගෝස්තු 19 වෙනිදට යෙදුණා. මේ තරු රෑ වෙනුවෙන්ම බ්‍රිසිල්බෝඩ් සයිස් එකේ, නිල් පසුබිමේ සුදු පාටින් මුද්‍රණය කරලා ලැමිනේටින් කරපු, ලස්සන තරු සිතියමක් අපිට ලැබුණා... ආ.... නිකං නෙමේ...සල්ලි වලට... J විෂය නායකයට කිසි ගාණක් නෑ.ඔක්කොම මම කරල දෙනකල් සද්ද නැතුව ඉන්නවා. සිතියම රු 160යි. එක එක ළමයා ගාවට ගිහිං සිතියම් බෙදල සල්ලි එක්කහු කලෙත් මම... L (එදාට එනකොට හැමෝටම ඒක ගේන්න කිව්වනේ)


අගෝස්තු 9 වෙනිදා හවස වගේ මට උණ ගැනුණා. අපි ඉතිං උණක් ගැනුණට එතරම් කලබල වෙන්නෙ නෑනේ. ඒ හින්ද අඩුවෙයි කියල පැනඩෝල්, සමහන් අරව මෙව්වා බිව්වා මිසක් බේත් ගන්න උනන්දු වුණේ නෑ. මම ඉස්කෝලෙ ගියෙත් බස් එකේ. ඔන්න එක දවසක් මට උදේ බස් හෝල්ට් එකට ආවම කැරකිල්ල වගේ. බස් එකත් ආව. වෙනද වගේ පොරකාගෙන නගින්නත් පණ නෑ. අමාරුවෙන් නැග ගත්තා, මෙන්න ඒ පාර සීට් එකක් නෑ L ටිකක් දුර එහෙම්ම ගියා. දැන් නම් ඉන්න බෑ. අක්ක කෙනෙක්ට කියල සීට් එකක් ඉල්ලගත්තා. ඉස්කෝලෙට ගියාට වැඩක් වුණෙත් නෑ. ඔලුව උස්සගන්න බෑ. අපේ පංතිභාර මිස් ගෙදරට කෝල් කරල, අම්ම ආව මාව එක්ක යන්න... JJJ අගෝස්තු 17,18 වෙද්දි මට කොච්චර අසනීපද කියනවනම් කතා කළාට උගුරෙන් ශබ්දය පිට නොවෙන තරම්.

9 වෙනිදා හවස පටන් ගත්තු උණ 19 වෙනකල්ම හොඳ උනේ නෑ. එක පාරක් බේතුත් ගත්තා...ම්හු... අඩුවක් නෑ. ඔන්න 19 වෙනිදත් වුණා. මට කොච්චර යන්නම ඕන උනත් අම්ම මාව යැව්වෙම නෑ කඳවුරට... LLL එදා රෑ අපි ඉස්කෝලෙ දිහා බල බල ගියා පවුලේ වෛද්‍යවරිය ගාවට.. ඉක්මණට උණ බහින්න පස්ස පැත්තෙන් දාන බේත් එකක් තියෙනව දන්නවනේ නේද? අන්න ඒක තුණ්ඩුවේ ලිව්ව ගෙදර ගියාම ගන්න. තව බොන්න බේතුත් දුන්නා. හැබැයි ගෙදර ගිහිං ඒක ඇතුල් කළාට පස්සෙවත් උණ බැස්සෙම නෑ.
අපේ පාරේ මහගෙවල් තියෙන ඩොක්ටර් කෙනෙක් වැඩ කළා හොස්පිටල් එකේ. නම ප්‍රභාත්. ඉතිං එදා රෑ එයා බෙහෙත් දෙන චැනල් සෙන්ටර් එකේ රෑ 12 වෙනකල් බේත් දෙන හින්ද අපි රෑ 12ට අංක ගන්නෙත් නැතුව එයාට පෙන්නන්න ගියේ එයාගේ තාත්තා (ස්ටීවන් අංකල්)ගේ උදව්වෙන්. ඔන්න එවෙලේ එයා කියපි එවෙලෙම මාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න කියල... ඒ මහ රෑ 12ට.... L ගොඩක් රෑ වෙලා නිසා අපි ගියේ පහුවදා උදේම.

පොඩ්ඩ වෙලාවක් එලියෙ ඇඳක ඉන්න උනත් ඉක්මණටම මට ඇතුලේ වාට්ටුවක ඇඳක් ලැබුණා. ඒත් කාවවත් නවත්තගන්න දෙන්නෙත් නෑ... LLL අම්ම නැතුව ඉන්නත් බෑ... ඩොක්ටර් ප්‍රභාත්ගෙත් ඇඳුනුම්කම උඩ අම්මව බලෙන්ම වගේ නවත්ත ගත්තා. උදේ ලොකු දොස්තර මහත්තයයි අනිත් අයයි එද්දී "she is my neighbour" කියනවා එහෙම මං අහගෙන.
හොස්පිටල් එකට ගෙනෙද්දී මට 102ට උණ. දැන් ඉතිං සෙන්ටිග්‍රේඩ්ද ෆැරන්හයිට්ද අහන්න ඔට්ටු නෑ හරිද JJJ මම දන්නෙත් නෑ. මුත්‍ර සාම්පල පරික්ෂායි, රුධිර පරික්ෂායි අම්මෝ සේලයින් නොදුන්න විතරයි.ඇයි අලි අලි බේත් පෙති... L අනේ ඉතිං මම 24 වෙනකල් ලෙඩ ඇඳේ.
අපරාදෙ කියන්න බෑ ඉතිං අපේ නෑදෑ රොත්ත බුරුත්තම ආව මාව බලන්න. වැඩේ කියන්න ඒ දවස්වල මට බත් කන්න බෑ හරිද? J ඉතිං කෑවෙම මිදි. වෙන මොකුත් කන්නෙත් නැති නිසා කට්ටියම ගේන්නෙත් මිදිම තමයි... JJJ උදේට එහෙමත් කිරිතේ හෙම යහමින් ලැබුණා.
අපේ අම්ම වෙන කෙනෙක්ව නවත්තල ගෙදර ගිය දවසක උදේ මාව ලේ ගන්න එක්කන් ගියා. අම්මෝ හතර පොළකට ඇන්න මට ඉන්ජෙක්ෂන් කට්ටෙන්. හොඳ වෙලාවට 4 වෙනි පාර ලේ ආවේ. නහර වේලිලාලු. ලේ නෑලු. LLL
පපුවෙ එක්ස්-රේ එහෙකුත් ගත්ත 2නි හෝ 3නි දවසේ.. පපුවෙ එක පැත්තක සෙමලු. පස්සෙයි දැනගත්තෙ මට හැදිලා තියෙන්නේ වෛරස් උණ කියල. සති දෙකක් විතර එකසීරු උණ... සෙල්ලං නෑනේ... JJJ
අන්තිමේ 4නි දවසෙ මට ගෙදර යන්න දුන්න. ගෙදර ආවත් මම වැඩිපුර ඇඳේ තමා. ගොඩාරියක් කෙට්ටු උණා. කෙට්ටු නම් උනත් කමක් නෑ, ඉස්කෝලෙ නම් පාඩු උනත් කමක් නෑ... ඒත් තරු රෑ ආයේ එන්නෙ නෑනේ. L ඒකට තමා හුඟක්ම දුක හිතුණේ.
මාර වැඩේ ඒක නෙමෙයිනේ. 2005 අවුරුද්දෙත් ඒ කාලෙ වෙද්දි මට ආපහු වෛරස් උණ හැදුනනේ. කොහොම හරි බේත් වලින් ඒක අඩු වෙලාම ගියා. ඒ පාරත් දවස් 10 වගේ උණ...
ඒකෙන් මේකෙන් අන්තිමේ තරු සිතියනුත් අරගෙන. අනිත් බඩු භාණ්ඩත් ලෑස්ති කරගෙන, තරු කඳවුරට එන්න පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු මට වුණේ එදා රෑ දොස්තරලා ගානේ යන්නයි පහුවදා හොස්පිටල් ඇඩ්මිට් වෙන්නයි. JJJ

මං  හිතන්නෙ 19 වෙනිදා මට සෑහෙන්න අපලයිද කොහෙද... 19 වෙනිදවක වුණු තවත් අපල කතාවක් බලන්න මෙතනින් යන්න. බලපු අය දන්නව කතාව.. දැන් 19 වෙනිදට හරි පරිස්සං... මොන මරාලයක් කඩා පාත් වෙයිද දන්නෙ නෑනේ... JJJ

34 comments:

  1. ස්මහර විට ඔයා හැම අවුරුද්දෙම 19ට ලෙඩ වුණොත් නම් වාට්ටුව නම් කරයි ඔයාගේ නමින් ම :) සමහරවිට ගෙදර අයට නම් තරු පේන්න ඇති ඔයාට කෙසේ වෙතත්... මදැයි ඔයින් ගියා...

    ReplyDelete
    Replies
    1. හිකිස්‌.....,,, මං ඒ දවස් වල හලාවත ඉස්පිරිතාලෙ ගාවින් යද්දි කිය කිය උන්නේ මේ මගේ ගෙදර කියලා... ගෙදර අයටත් පේන්න ඇති.. හැබැයි ඉන්ජක්ෂන් කට්ටෙන් හතර පාරක් අනින කොට මටත් තරු ගොඩාරියක් පෙනුණා... ;)))

      Delete
  2. :D අනුට තරු පෙනිලා එකෙත් හැටි....

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ... තරු බලන්න උන්නම තරු පෙනුණා... :)))

      Delete
  3. 9 napuru buruwa gahanakotalu. anuwata 19 napurulu. ane manda mata nam oya hama ilakkamama ekay. 2004 A/L liwwa nisa thibbe april wala kiyala mathakay. :P

    ReplyDelete
    Replies
    1. අපොයි හැම ඉලක්කමම එක උණොත් කචල් නේ... අපේ චූටි අයියත් කරපු නිසයි මට මතක... බූරු ගැහිල්ලක් ගැන නම් මළාට දන්නෙ නෑ.. :(

      Delete
  4. හපෝ වෛරස් උණ නම් මතක් කරන්න එපා.....

    දෙලොවක් අතර සිට

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාටත් හැදුණද....? :(

      Delete
  5. තරු බලන්න හිටිය කෙනාට අන්තිමට තරු පෙනිලානේ උණක් හදාගෙන :P

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ අයියා... අපරාදෙ ඒ දවස... :(

      Delete
  6. Replies
    1. මට 19 හොඳද නරකද කියල තාම හිතා ගන්න බැරිව ඉන්නෙ අයියා...:0

      Delete
  7. "ඒත් තරු රෑ ආයේ එන්නෙ නෑනේ"
    19? ඉලක්කං සෙල්ලං නං දන්නෙ නෑ, ඒත් කවදහරි තරුවක් ඒවි අනු.ඒක විස්වාසයි!

    ReplyDelete
    Replies
    1. 19??? ඔව් 19 තමයි... ආයේ තරු පායන්නෙ නෑ.. හඳත් නෑ... කළුවරම කළුවරයි...!!!
      ඉලක්කම් හරියට සෙල්ලම් කරනව මා එක්ක...

      Delete
  8. හොද වැඩේ. හැම 19 වෙනිදටම උන හැදියං

    ReplyDelete
    Replies
    1. අනේ පල යන්න අටමා... කොහොමටත් 19 මට කොයි වගේද කියල තාම හිතාගන්න බෑ.. විශේෂ සිදුවීම් ගොඩක් වෙච්චි දවසක්... :0

      Delete
  9. කෝ මං දාපු කමෙන්ට් එක.. ඉස්පෑම් වෙලාද :)

    ReplyDelete
    Replies
    1. මම බැලුවා...ස්පෑම් වෙලා නෑ අයියෙ, ඔන්න ඔහෙ ආයෙ දාපං බං... :)))

      Delete
    2. කලින් දාපු කමෙන්ටුව දැන් මතක නෑ බං. ඔය බෙහෙත් විදිල්ල නම් මට එපා වෙන වැඩක්. මං පොඩි කාලේ මොකක්ද එකකට හොස්පිටල් ඇඩ්මිට් වෙලා ඉඳල ඉන්ජෙක්ෂන් ගහලම අත පෙනෙරේ වගේ වෙලා තිබුන. හැබැයි සමහර නර්ස් නංගිලා විදින කොට නම් දැනෙන්නේ වත් නෑ.. :D

      ඔන්න බං පරණ කමෙන්ට් එක ලාවට මතක් උනා. අපිට නම් නංගි ඔය තරු කඳවුරු අරව මේවා තිබුනේ නෑ. මොකක් හරි මංගල්ලයක් කරලා අහු උනාම තඩි වේවැලකින් නෙලනවා ආලෝක වර්ෂ 1000 විතර එහා පේන්න. :)ඉතින් ආයේ මොටෝ කඳවුරු....

      Delete
  10. හෑපෝ....උණද....ඔය තරු සිතියම 2003 ඉඳන් තාම මගේ කාමරේ බිත්තියේ තියනවා....

    ReplyDelete
    Replies
    1. ආ... මොකෝ හෑපෝ ගාන්නෙ.. උණ තමයි...
      මගෙත් තියෙනව 2004 ඉඳං.. කබඩ් එක අස්සෙ...:)))

      Delete
  11. මට ඔහොම දීනයක් නැනේ....
    අනු....එහෙනම් 19 දාට පරිස්සමෙන්......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්... ඒක තමා සමනළි... :/

      Delete
  12. ඔය පෙනිලා තියෙන තරු මදෑ.. අමුතුවෙන් මොන තරු කඳවුරුද? :)

    මේ බ්ලොගෙත් හතර වටේම තරු..

    මටත් මේ ටිකේ උණ වගේ..

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මම පව් නැද්ද අප්පා... කොච්චර ආසාවෙන්ද උන්නෙ කියල ඔයා දන්නෙ නෑනේ..

      බ්ලොග් එකේ ටෙම්ප්ලේට් එක නම් දැම්මෙ නිල් පාටට ආස නිසයි ගොඩක්ම...

      හයියෝ..එහෙනම් ඉතින් බේත් අරං ඉක්මණට සනීප වෙන්න... ආයෙමත් ජේසුතුමාගේ කතාවක් ලියන්න..

      Delete
  13. ඔන්න මමත් මේ පැත්තට ඔලුව දැම්මා... ඉති තරු දැක්කද ? ලස්සනද ?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... තරු දැක්කෙ නෑ තරු පෙනුණා මිස... ලස්සනයි ලස්සනයි... අයියව සාදරයෙන් පිළිගන්නවා මගෙ බ්ලොග් එකට... ස්තුතියි පැමිණීම සහ කමෙන්ටුවක් දමා පස්සෙන් එළවනවට...

      Delete
  14. නැ මට හිතෙන්නේ 19 හොඳයිද කොහෙද...මම ගත්තාම නම් 19 යම්බෙලා වෙන් ුවනතේ 19 මයි..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. අළුත් යාලුවෙක් ඇවිදින්... ස්තුතියි... ඔයාටත් එසේම වේවා!!! ආයෙමත් ඇවිත් යන්න එන්න...

      Delete
  15. ඔන්න මමත් ආව මේ පැත්තේ. අදමයිද කොහේ ගොඩ වැදුනේ. හප්පේ එනදවසේම අකරතැබ්බයක්නේ වෙලා තියෙන්නේ. හික් හික්. ඇත්තටම එවැනි අවස්ථාවක් මගහැරුණු එකනම් අපරාදයක්. 19 කොහොමත් අපළලු ගොඩ දෙනෙක්ට.

    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පිළිගන්නවා කෝරලේ මහත්තයව... ඔව් අයියේ...අපරාදේ නේන්නම්.. කරුමෙ කරුමෙ.. මක් කරන්නද ඉතින්...

      මාත් ඒ පැත්තෙ ගිහින් ආවා...

      Delete
  16. අපරාදේ තරු රෑ ....
    :(

    ReplyDelete
  17. ජීවිතේට මොකුත් අනතුරක් එහෙම උනාද ඉතින්?

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..