ලෝකෙට ආපු අය

Monday, June 25, 2012

~~~සඳයි තරුයි~~~ 7 කොටස


ඔන්න අද කතාව පටන් ගන්නයි යන්නේ.... 

ඉතින්, කලින් කොටස් කියවපු නැති අය, කතාව අමතක අය සහ අළුතින් මේ පැත්තට ආපු අයට තමා මේක...



  කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ... 

------------------------------------------------------------------------------------------------------------

“මාෂි, කෝ මල් තාම ඉස්කෝලෙ ආවෙ නැද්ද?”

තරප්පු පෙළ නැගලා ඉස්සෙල්ලාම හම්බවෙන පන්ති තුන පහුකරගෙන අපේ පංතියට ඇතුළු වෙන දොර ගාව ඉඳං මම එහෙම ඇහුවෙ තවමත් මල්කිගේ බෑග් එක පුටුව උඩ නොතිබුණ හින්දයි.

“මල් මල් හැමවෙලේම මල්. දැන් මේකි මල් එක්කමයි කතාව. අපිව මතකත් නෑ වෙලාවකට”
මාෂි මදූගෙ මූණ දිහා බලාගෙන එහෙම කිව්වෙ නෝක්කාඩුවට වගේ.

“අනේ, එහෙම දෙයක් නෑ බං. අපි ඉතින් යාළුවොනෙ නේ....”

කවට හිනාවක්‌ මූණට දාගෙන මම එහෙම කියාගෙනම ආයෙමත් පහළට බහින්න ලෑස්ති වුණේ අපේ පන්තියේ ගැහැණු ළමයින්ට පැවරිලා තිබ්බ පිරිසිදු කිරීම් කටයුතු ඉවර කරලද බලන්න..

“තරූ, අද ජයනිට මල් ගේන්න අමතක වෙලා”

දඩිබිඩි ගාලා තරප්පු පෙළ බහින මාව අල්ලන්න ගිහින් චමනි බිම නොවැටී බේරුණේ අනූනමයෙන්.

“ම්ම්ම්...එහෙමද? එහෙනම් ප්‍රවීන් අයියලගේ පංතියෙන් අදට මල් ටිකක් ඉල්ලගන්න වැඩ කරල තියන්නකො. ආයෙ මම පංතියට එන්නෙ පළවෙනි බෙල් එක ගැහුවට පස්සෙ”

හිතේ මොනතරම් දේවල් තිබුණත් පංති නායිකාව විදියට එදිනෙදා පංතියේ වැඩකටයුතු ටික ඒ විදියටම ඉටුකරන්න මම අතපසු කළේ නැහැ. පිරිසිදු කරන තැනට ගිහින් විනාඩි පහළවක් විතර යනකොට දිගට දිගේ කොණ්ඩ කරල් දෙකත් පද්ද පද්ද ඈත තියාම හිනාවෙවී මල්කි එනවා මම දැක්කා.

“ගුඩ් මෝනින් තරූ, මම දැනුයි ආවෙ බං. උඹේ වැඩ ඉවර නම් යමුද කැන්ටිම පැත්තේ”

“ගුඩ්මෝනින් මල්...ඔයාලා පංතියට යන්න. අංශ රැස්වීමට යන්න මම එනකල් ඉන්න. මම ඉක්මණට එනවා”

මල්කි මාවත් ඇදගෙන කැන්ටිම දිහාට යද්දි කෑගහල ඒක කියපු පාරට ළඟින් ගිය මිස්ල දෙන්නෙකුත් හැරිලා බැලුවා..

“මොකද බං උදේ පාන්දර මාව හෙව්වෙ. මෙලහකට අර සඳුනිල් කාරයගෙ මොකක් හරි බයිලයක් වෙන්න ඇති.”මේකිත් මේ උදේ පාන්දර පේන කියනවද මන්ද ළඟ තියෙන මාළු බනිස් ගෙඩිය කන්නෙ නැතුව.

“හරි හරි එයා ගැන තමා”

“ආව් ආව් එයා ගැන කියද්දිත් මේකිගෙ මූණ පෙම් පාට....... මොකෝ කොල්ල උඹට කැමතියි කිව්වද?”

ඔන්න ඉතින් ආයෙමත් පටන් ගත්ත සාත්තර කියන්න. දැන් නම් හරියන්නෙ නෑ .. කියන්නම වෙනව විස්තරේ.

“ඔව්නෙ බං... එයා මට කැමතියිලුනේ...ඊයෙ රෑ මට මැසේජ් එකක් එව්වනේ... මම රිප්ලයි එකක්වත් යැව්වෙ නෑ. මොනා කියන්නද තේරෙන්නෙ නෑ ... ඔළුව විකාරයි මට”


“ඕන කෙල්ලෙක් ඔය වෙලාවට පිස්සු වැටෙනව තමයි බං. වාර විභාගෙ අනිත් සතියෙ. මහ විභාගෙට මාස හතරකුත් නෑ තව. විභාගෙ ඉවරවෙනකල් වත් පොඩ්ඩක් ශේප් එකේ ඉන්න බලපං.. දන්නවනෙ උඹලගෙ ගෙදර කට්ටිය ගැන මට වඩා හොඳට උඹ”

“ඒක නම් ඇත්ත මල්, මේ විභාගෙ අස්සෙ ඔහොම එකකට පැටලුනොත් මට ගෙදරින් විසුමක් වෙන්නෙ නෑ. ඔක්කොටම හපන් තාත්තා.”

“එහෙනම් එතනින් එහාට මම මොකුත් කියන්න ඕන නෑනෙ. උඹට තේරෙනවනෙ. මම නං කියන්නෙවිභාගෙ ඉවර වෙනකල් ඉවසල ඉඳින්. තව මාස තුනකටත් වඩා තියෙනවනෙ. ඔය ටිකේ පොඩ්ඩක් ගාණට ආශ්‍රය කරල, කොල්ල හොඳ නම් කරගෙන යමං නැත්නම් ඔහොම්ම අත ඇරලා දාපං..”

මල් කියන කතාවත් ඇත්ත. විභාගෙ මේ අල්ල පනල්ලේ තියෙද්දී මම මොකටද හදිස්සි වෙන්නෙ. ඔන්‍න‍ ඔහේ තව ටිකක් කල් ගියාවෙ. මම තනියම හිතුවා.

“අන්න අන්න දැන් මූඩ් ගහලා. දැන් බෙල් එක ගහන්නත් කිට්ටුයි. අත ගාන්නෙ නැතුවඔය තේ එක බීල වරෙන් බං”

ඒ වචන ටිකත් එක්ක පියවි ලෝකෙට ආපු මම හොඳටම නිමිලා තිබුණු තේ කෝප්පෙ එක හුස්මට ඇදලා දැම්මා.කැන්ටිමෙන් නැගිටලා එළියට එද්දී මල්කි කිව්වෙ මම පොඩ්ඩකටවත් නොහිතපු කතාවක්.

“මේ ඒක නෙමේ තරූ. නිවාඩු දෙන දාට පහුවදා උඹේ බර්ත් ඩේ එක නේද? ඔන්න මායි, මාෂියි,මදූයි එනව එදාට ලන්ච් එකට... ලෑස්ති වෙලා ඉඳපන්”

අනේ උඹලට පාටි දෙන්නමයි කාරිය මට. “හරි හරි, ඒවට තව කල් තියෙනවනෙ.” ප්‍රශ්නයක හිරවෙලා තිබුණු මගේ හිත මොහොතකට වෙනතකට යොමු කරන්න ඒ ප්‍රශ්නෙට පුළුවන් වුණා.

සුපුරුදු විදියටම බයෝ, ෆිසික්ස්, කෙමිස්ට්‍රි පීරියඩ් වල ඉගැන්වීම් කටයුතු කෙරුණා. වාර විභාගය ළඟ නිසා පුනරීක්ෂණ වලට වැඩි ඉඩක් දෙන්න ගුරුවරු උත්සහ  ගත්තා. අපිට පොඩි හරි ඉස්පාසුවක් ලැබුණු ඉංග්‍රීසි පීරියඩ් එකේදිවත් නිදහසේ ඉන්න ලැබුණේ සුනේත්‍රා මිස් එතරම් සැර පරුෂ කෙනෙක් නොවුණ නිසයි.

“අම්මේ, ලබන සතියෙ අපිට වාර විභාගේ. ඔන්න ලබන සතියෙ නම් මට කියන්න එපා පොඩි අයියට ස්කයිප් කතා කරන්න මැසේජ් දාන්න කියලා. ඕන නම් අද හවස මැසේජ් එකක් දාන්නම් හෙට රෑට කතා කරන්න කියලා”

ෆුල් සීරියස් මූඩ් එකේ ඉඳං තොර තෝරංචියක් නැතුව කියවගෙන කියවගෙන ගියපු මගේ මූණ දැකලා අම්ම බිරාන්ත වෙලා මං දිහා බලං ඉන්නවා.
“ඕන නෑ සුදු මැණිකේ, කොහොමටත් ඔයාගේ බර්ත් ඩේ එක දවසට කතා කෙරෙනවනේ. එතකොට බැරියැ.”

ඉස්කෝලෙ ගිහින් ආව ගමන් ඇඳුම් මාරුකරලා ඇඟ හෝදන්න ලෑස්ති වෙලා හිටපු මට අම්මගෙ කතාවත් එක්ක මල්කි උදේ කිව්ව කතාව මතක් වුණා.

“අම්මේ, ඔන්න එදාට දවල් කෑමට මල්කියි, මදාරයි, මහේෂියි එනවලු.”

ඒ වෙද්දීත් අම්ම මට බත් බෙදන ගමන්. වෙනද වගේ පිඟාන අතට ගත්තම කල් මර මර අත වේලෙනකල් නොඉඳ ඇඟ හෝදන් ආපු ගමන් බත් එක කාල පාඩම් කරන්න පටන්  ගත්තා.

“තරූ, අනේ හොඳ නංගි වගේ මේ නෝට් එක ලියලා දෙන්නකො. ඔයා ඉතිං මගෙ සුදු නංගිනෙ.”

“සුදු අයියා ඉතිං බටර් ගාන්නෙම මොකක් හරි වැඩක් කරගන්නම තමා. මේ බටර් ගෑවට වැඩක් නෑ, මට ලබන සඳුදා ටර්ම් ටෙස්ට් පටන් ගන්නවා. මේ ඒක නෙමේ, ඔය නළුවා වගේ ඉන්න එකේ ඔහොම්ම චාටුවක් දාල අල්ල ගන්නවකො කැම්පස් එකේ හොඳ කෙල්ලෙක්.ලියලා දෙයි කියන පරක්කුවට”

එහෙම කිව්ව විතරයි මූණත් ඔරොප්පු කරගෙන සුදු අයියා යන්න ගියා. මේ රටේ කියලා ඉන්නෙත් ඔච්චරයි මට, තරහ කරගෙන පුළුවනැයි මට.

“සුදු අයියා, මාත් එක්ක තරහ වෙන්න එපා හොඳේ. නංගට පුළුවන් කමක් තිබ්බ නම් ලියල දෙනවනෙ ඉතිං.”

“හරි නංගා. මම තරහ වෙනවද මගෙ සුදු නංගත් එක්ක. මම යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ෆොටෝකොපියක් ගහගන්නම්කො. ඔයා පාඩම් කරන්නකො බබෝ”

සුදු අයියා මගෙ ඔළුව අත ගාන ගමන් එහෙම කිව්වා. ඇත්තටම ඒ වගේ අයියා කෙනෙක් ලබන්න මම කොච්චර වාසනාවන්තද?




රෑ එකොළහමරක විතර වෙනකල් පාඩම් කරපු මම නිදාගන්න ලෑස්ති වුණේ පහුවදා උදේ පාන්දර බයෝ රිවිෂන් පංතියට යන්න නැගිටින්න ඕන නිසා. පොත් පැන්සල් ඔක්කොමත් ලෑස්ති කරලා ෆෝන් එක අතට ගත්තෙ සිංදුවක් අහන්න හිතාගෙන. ෆෝන් එක ඔන් කරලා ටික වෙලාවකින් මැසේජ් කීපයක්ම ආවා.එකක් ඇර අනිත් ඔක්කොම ඇලට්‍ර්ස්.

Ai tharu, oya mata reply nokaranne? Oya mata akamathida?”

ම්ම්ම්....මෙයා කලබල වෙලා වගේ.

Ehema deyak na halo. Api exam iwara wenakal poddak imuko. Mata ethakan kal denna.

ඉක්මණට මැසේජ් එකක් ගැහුවා..

ම්ම්ම්... මොකක්ද ඒ සද්දෙ? කාමරේට කවුරු හරි එනවා වත්ද?


------------------------------------------------------------------------------------------------------------

මහ රෑ තරූගෙ නිදන කාමරේට ආවෙ කවුද?

සිද්ධ වුණේ මොකක්ද වුණේ කියල 8 වෙනි කොටසින් බලමු...!!!

ප.ලි :- මගේ ඊළඟ පෝස්ටුව මේ කතාන්දරය නෙවෙයි.. ඒ හින්දා කස්ටිය කතාව අමතක කරගන්නේ එහෙම නෑ හොඳද? පුළුවන් තරම් ඉක්මණින් ඊළඟ පෝස්ටුවද ඉන් පසු 8 වෙනි කොටසද දැමීමට බලාපොරොත්තු වෙමි.

38 comments:

  1. කතාව මුල ඉදන්ම කියවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් මොටද බල බල ඉන්නේ... කියවන්න සහෝ... :)

      Delete
  2. මෙයා මේ කතාව දාන වේගෙට මෙහරියට එනකොට මුල මතක නැ නේ.

    ReplyDelete
    Replies
    1. හරි හොඳ නෑ... මම තරහයි ඔයා එක්ක :))) මතක නැත්නම් කියවල බලන්න එපැයි අප්පා....

      Delete
  3. ගිණිකෙලි සමඟ මල්වෙඩි කිව්වලු.........:O

    ReplyDelete
    Replies
    1. මොනවද මන්ද අප්පා මේ තොත්ත බබී කියන්නේ... එක දවසකට ඩෙත් වෙඩිමයි ගානවා...තව දවසකට ගිණිකෙලි සමඟ මල්වෙඩි ලු... මම මේ හිත හිත ඉන්නේ ඊළඟට මොනා කියයිද මන්ද මේ කෙල්ල.... :))))

      Delete
  4. කතාව දාන්න ගොඩක් පරක්කු වෙලා වගේ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ඔව් අප්පා.... මට කම්මැලි කම්මැලි වගේ.... මොකෝ කරන්නේ? :(

      Delete
  5. ඇත්තටම කවුද ආවේ....? බලමු බලමු....

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි... බලමු බලමු ඈ...? ටිකක් කල් යයිද මන්ද..... :)

      සේම් ටු යූ....................

      Delete
  6. මහ රෑ තරූගෙ නිදන කාමරේට ආවෙ කවුද?
    ත්‍රාසය, භීතිය කුතුහලය............................

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින්.... ඔයා මටත් වඩා බයවෙලා... :)

      Delete
  7. “Ehema deyak na halo. Api exam iwara wenakal poddak imuko. Mata ethakan kal denna.”

    ඔය කතා වලට නම් අහුවෙන්න එපා කොල්ලෝ. ඔය ඔක්කොම බොරු කතා. උඹේ ගේම උඹ ගෙනියපන් ඔය යන විදියටම :P

    ReplyDelete
    Replies
    1. හි හි... අයියා සඳුනිල්ට සපෝට් වගේ... හා හා ඔහොම යං ඔහොම යං....

      Delete
  8. වැඩේ අහුවෙන්නයි යන්නෙ. පාඩම් කරනවා කියලා එස්එම්එස් යවනවා. ඔන්න දැන් වැඩේ අතටම අහුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.... මෙන්න පේන කියනෝ.... බලමු බලමු...

      Delete
  9. මෙකි කතාව ලියන්නේ ඉබි ගමනින්නේ

    ReplyDelete
    Replies
    1. අයියෝ.............. අනේ නෑවිත් ඉන්න එපා ඉතිං.....

      Delete
  10. දැන් ගණන් උස්සලා වගේ ඉන්නේ :)

    ජය හොදේ...

    ReplyDelete
    Replies
    1. ගණන් උස්සලා.... කවුද අප්පා.... තරූද?

      එසේම වේවා එසේම වේවා!!!

      Delete
  11. කියෙවුවෙම්.... :)

    ReplyDelete
  12. අනිත් කොටස නම් ඉක්මනට ඕනේ :)

    ReplyDelete
    Replies
    1. හැකි තරම් ඉක්මණින්.... :)

      Delete
  13. හෆ්ෆා... ඔය පාඩම් කරන ගමන් එස් එම් එස් යවපු අත්දැකීම් මටත් තියෙන්වා.. :D දෙකටම ලැබුණු ප්‍රථිඵල නම් හරි බයානකයි හැබැයි... හික්ස්ස්...;)

    කතාව ඉක්මනට ලියනවානම් හොදයි.. :)

    ReplyDelete
    Replies
    1. කතාව ඉක්මණට ලියන්න උත්සහ කරන්නම් හිතූ.... :)

      Delete
  14. එතකොට සුදු අයියා සියඹලා ගෙනාවේ නැද්ද ?
    (මම් වැරදි ප්‍රශ්නයක් ඇහුවද මන්දා)

    කතාව ලියන්ඩ සෑහෙන කල් ගත්ත නිසා සමහර කොටස් අමතක වී ඇත. අපි ඉතින් වයසක අය නෙව !!!
    ඊලඟ කොටස ඉක්මනටම ලියන්ඩ !!

    ReplyDelete
    Replies
    1. සියඹලා.... ඒ මොන උලව්වකටද?

      අමතක වී ඇති එව්වා නැවත කියවා බලන්න... ඉක්මණින් ලිවීමට හිතා ගතිමි... :)

      Delete
  15. හොදයි මුල් ටිකත් පස්සේ බලන්නම්

    ReplyDelete
    Replies
    1. හරි... ස්තුතියි මල්ලි

      Delete
  16. ඇත්තටම කවුද ආවේ....?
    අද කොටස නම් ටිකක් දිගයි වගෙ.... එහෙම දෙන්න ඉතුරු ටිකත් හොඳෙ... :)

    ReplyDelete
    Replies
    1. 6 කොටසට වඩා නම් ටිකක් දිගයි තමා... හැබැයි මීට වඩා දිගට මේ කතාව මම ලියල තියෙනවා කලින්...

      මේ ගානට වත් ලියන්නම්කො............. :)))

      Delete
  17. මුල්ම ඉඳන් කියවන්න පටන් ගන්න වෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.... ඔයාට මතකත් නැද්ද? :(

      Delete
  18. මම පරක්කුද මංදා...අදත් එළ ඈ...

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආවනේ.... ස්තුතියි.....

      Delete
  19. අපෝයි......මම ඉතිං මොනව කියන්නද? ඒත් මේ සමහර කමෙන්ට් දැක්කම නම් කෘතුහලය වැඩි වෙනවා.... ඔය‍ගේ කථාවට අපි ඇබ්බැහි වෙලා කියලයි...! මට නම් හිතන්නේ..., සුභ පැතුම් නංගියෝ....!

    ReplyDelete
    Replies
    1. හයියෝ... අනේ ඇබ්බැහි වෙන්න එපා හලේ.. මට කතාව ලියන්න බැරියෝ....

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..