ලෝකෙට ආපු අය

Monday, June 4, 2012

~~~සඳයි තරුයි~~~ 6 කොටස


අදත් කතාව පටන් ගන්නයි යන්නේ.... 

ඉතින්, කලින් කොටස් කියවපු නැති අය, කතාව අමතක අය සහ අළුතින් මේ පැත්තට ආපු අයට තමා මේක... 
------------------------------------------------------------------------------------------------------------
" Tharu, pansal giyada?"
කවුද කියලා බැලින්නම් සඳුනිල්... දැන් දැන් මා ගැන අවධානය වැඩි වගේ. බුරුලක් දෙන්නත් බෑ කරේ නගින්න එයි ඊට පස්සේ..

"Ow dear danui awe. Good night. Budu Saranai"
ඉක්මණට ඒකෙන් ගැළවෙන්න ඕන නිසා මම එහෙම යැව්වා..

පෙබරවාරි මාසේ මුල් කාලයේ පටන් ගත්තු යාළුකම දිගින් දිගටම වර්ධනය වුණා මිසක් අඩු වුණේ නම් නෑ.. සඳුනිල් ගණිත අංශයෙනුත් මම විද්‍යා අංශයෙනුත් ඉගෙනීම් කළ නිසා වෙලාව ලැබෙන හැටියට කතා කරන්නත් එයින් වැඩි කොටසක් එදිනෙදා කෙරෙන පාඩම් වැඩ කටයුතු ගැනත් කතා කරන්න අපි යොමු වුණේ නිතැතින්මයි.

නොදැනීම කාලය ගෙවිලා මාර්තු මාසයත් උදා වුණා.. විභාගය අත ළඟටම ඇවිත් බව හොඳටම තේරුණේ අයැදුම්පත් දාන්න ඉස්කෝලෙට එන්න කියපු දවසේ.

"පිස්සු නැටුවා මදැයි දැන්. තව මාස 4 යි තියෙන්නෙ මොනා කරන්නත්"
ජයනි එහෙම කිව්වෙ අත්සන් කරලා ලැබ් එකෙන් එළියට එන ගමන්. කවුරුත් එතනින් එහාට දෙයක් නොකියා නිහඬ උණේ පිස්සු නටපු නැති කෙනෙක් එතන නැති නිසා.

"මේ තරූ, අපි හතර දෙනා ඉස්කෝලෙ එන්න ඕන නෑ කියනකල්ම එමුද? ගෙදර ඉන්නවට වඩා මොකක් හරි වැඩක් කෙරෙනවනේ.."
මල් මගේ මූණ දිහා බලං එහෙම කිව්වා. ඒ යෝජනාවට අනිත් දෙන්නත් කැමති වුණා. 

කොහොම උණත් 80% බලලා ඉවර වුණ දවසෙන් පස්සේ ළමයි ඉස්කෝලෙ එන එක අඩු වෙන බව ගුරුවරු හොඳින්ම දන ගෙන හිටියත් අන්තිම වෙනකල් ඉස්කෝලෙ ගිය අයට මොනවා හරි දෙයක් කියල දෙන්න එයාල උත්සහ කළා.

මාර්තු මාසේ එක බ්‍රහස්පතින්දාවක බස් එකේ පංති ඇරිලා එන ගමන් ෆෝන් එකෙන් සඳුනිල් එක්ක අනම් මනං විකාර මැසේජ්කර කර  ආපු මම සඳුනිල් ගෙන් මෙහෙම ඇහුවා.

"දැන් බැරිවෙලාවත් මේ බස් එකෙන් බැහැලා පාර පනින්න ඉද්දි මාව හැප්පුනොත් එහෙම?"
 ටිකක් වෙලා යනකල් කිසිම රිප්ලයි එකක් ආවේ නෑ. මිස් කෝල් කළොත් මටමනේ නෝන්ඩිය.. රිප්ලයි කරනකල්ම උන්නා. 

"එහෙම වුණොත් මාත් මැරෙනවා"
මගේ ඇඟ සීතල වෙලා ගියා. මෙයා අහවල් එකකකටද මැරෙන්න හදන්නේ? අහන්නත් බෑ. ඒත් අහනකල් හිතට සැනසීමකුත් නෑ.. මොනා හිතුවත් කමක් නෑ. මම අහනවා

"ඇයි ඒ? ඔයා මොකටද මම නිසා මැරෙන්නේ? ඔයා මට කැමතිද?"
සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් එහෙම අහන්නේ නැති උණත් සඳුනිල් හිතේ තද කරගෙන මට නොකියා ඉන්න දෙය කටින්ම අල්ලගන්නයි මට ඕන උණේ..

"හයියෝ.. මේ මනුස්සයට මැසේජ් එකක් දැම්මාම හැට හුටහමාරක් වෙලා බලං ඉන්න එපැයි රිප්ලයි කරනකල්.. "
මම තනියම එහෙම කියා ගත්තේ බස් එකෙන් බහින්න කිට්ටු වෙලා වත් ප්‍රශ්නෙට පිළිතුරක් නොලැබුණ නිසා. 


"සමහර විට මම එක පාරට එහෙම අහපු එකෙන් එයා ෂොක් උනාද දන්නේ නෑ"

බස් එකෙන් බැහැලා පුංචි පාර දිගේ ඉදිරියට ඇදෙන ගමන් මම කල්පනා කළා. ගෙදර ගිහින් ඇඟ සෝදගෙන බත් කනකල් වත් මැසේජ් එකක් ආවෙ නෑ. 

ෆෝන් එක පැත්තකින් තියලා මම පාඩම් කළා. පංතියේ උගන්නපු පාඩම.. කාර්මික රසායනය - සෝඩියම් කාබනේට් නිෂ්පාදනය... ගැලීම් සටහන් ගහගෙන වගු ගහගෙන පොත් පෙරලගෙන මේසෙ උඩ එකම කැඳ හැලියක් වෙලා. රෑට නිදා ගන්න වෙලාව එනකල්ම ෆෝන් එක ගැන මතක් නොකර ඉන්න ඕන කියලා හිතට තදින් අණ කරපු නිසා පාඩම් කරපු දේවල් හොඳින් ඔළුවට ගියා.

අම්මා ළඟට ඇවිත් මට කිරි කෝපි කෝප්පයක් දීලා ඔළුව අත ගාලා ගියා. 

"වෙලාව 11.30 යි. තරූ, ඔයා හෙට ඉස්කෝලෙ යන්නේ නැද්ද? ගිහින් නිදාගෙන පාන්දර නැගිටලා පාඩම් කරන්න දරුවෝ"
කිරි කෝපි කෝප්පේ බීලා ඉවර වෙලා පැය බාගෙකින් විතර අම්ම කියනව මට ඇහුණා.

"හා අම්මේ, මම මේ නිදා ගන්න තමා යන්නේ" පුටුවෙන් නැගිටලා ෆෝන් එකත අරගෙන දත් බුරුසුව අනික් අතට අරගෙන නාන කාමරයට යන ගමන් මම අම්මට උත්තර දුන්නා.

දොර වහපු ගමන් ෆෝන් එකේ මැසේජ් එකක් තියෙනවද කියලා බලන්න හැදුවත් කරුමෙට ඒකෙ බැට්රි බැහැලා.. දැන් ඉතින් මොනා කරන්නද? දත් මැදලා නිදා ගන්නවා මිසක්.. නැත්නම් මේ මහ රෑ ෆෝන් චාජ් කරන්න ගිහින් මට අම්මගෙන් අහගන්න වෙනවා බුදු ෂුවර්...

මේ වෙනකොට මල් එක්කවත් සඳුනිල් ගැන නොකියා ඉන්න මම උත්සහ කළේ මම පාඩම් වැඩකටයුතු අවුල් කරගනී කියලා ඒකි මට බනින්න ගන්න බව හොඳටම දන්න නිසා. ඒත් හෙට පාන්දර නැගිටලා ෆෝන් එක චාජර් එකට ගහලා ඇවිත් තියෙන මැසේජ් එක අනුව ඒ විදිය වෙනස් කරන්න වෙයිද කියලා හිතට දැනුණා...
බැරිවෙලාවත් සඳුනිල් මට කැමතියි කියලා තිබ්බොත් එහෙම??? ඒක මතක් වෙලා හීනියට දාඩියත් දැම්ම...

"ඉක්මන් කොටයිලු"
තවත්  ඒ දේවල් කල්පනා කරනවා කියන්නේ මගේ නින්දට තියෙන කාලේ අඩු වෙන එකනේ.. මම ඒ ඔක්කොම දේවල් මොහොතකට අමතක කරලා ඇඳට ගියේ වැඩි වෙලාවක් වෙහෙස කරපු මගේ ඇස් දෙක වගේම මගේ මොළේට හොඳ විවේකයක් දෙන අරමුණින්...

------------------------------------------------------------------------------------------------------------

පහුවදා පාන්දර 4.30 වෙද්දී නැගිට්ට මම ෆෝන් එක චාජ් වෙන්න තියලා ඔන් කලාම දැක්කේ මිස් කෝල් ඇලර්ට්ස් ගොඩාක් .... ඒ ඔක්කොම සඳුනිල් ගෙන්.. මැසේජ් 3ක් 4ක් ඇවිත් තිබ්බත් ඉස්සෙල්ලම එවපු මැසේජ් එක විතරයි මට බලන්න මතක් තිබ්බේ.. 

"Ow tharu, mama oyata godak kamathi. Oya nathi unoth mata mona weida danne na"

කලින් දේවල් ගැන ඔක්කොම විස්තර කියලා තිබ්බ මට බොරුවක් කියන්න කිසිම හේතුවක් එයාට නැති උණත් ඒක ඇත්තක් කියලා පිළිගන්න මගේ හිත අදීමදි කළා. අඩු ගානේ රිප්ලයි එකක් යවන්නත් හිතුණේ නෑ.. ඉස්කෝලෙ ගිහින් මේ ගැන මල් එක්කවත් කතා කරන්න ඕන කියලා මගේ හිත නිදහස් කරගත්තු මම කිරි වීදුරුව බොන ගමන් පාඩම් පොත් ටික අතට ගත්තා..



------------------------------------------------------------------------------------------------------------
බෑ බෑ ලියන්න බෑ කියලා හිතපු කතාව අද ලිව්වා.. පොඩ්ඩයි වගේද මන්දා සමාවෙන්ඩ ඈ...

ඊළඟට මොකද උණේ කියලා 7 කොටසින් බලමු. !!!

ප.ලි - පහුගිය ටිකේම මට මම ෆලෝ කරන බ්ලොග් පැත්තේ එන්න බැරි උනා.. තරහ වෙන්න එපා යාළුවනේ.. ඉඩක් ලද සැණින් මම ඔයාල බලල යන්න එනවා....

73 comments:

  1. කතාව නම් ගොඩක් ලස්සනයි වහේ මුල ඉදලම කියවලා කියන්නමොකෝ දැනෙන දේ

    ReplyDelete
    Replies
    1. ඉතින් කියවලා බැලුවද? කතාව කොහොමද මල්ලි? :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හාවා හඳ දකිනවා වගේනේ මෙකි ලියන්නේ මේක. මට මුල මතක නැහැ ඉතින් දැන් :/

      Delete
    2. අනේ ඉතින් එහෙම තමා කෙල්ලෙ.... කලින් කොටස විතරක් කියවලා බලන්න එහෙනම්... මතක් වෙයි :(

      Delete
    3. වර්ණ එකනම් එච්චර හොඳ වැඩක නෙවෙයි මුල අමතක වෙන එක.

      Delete
  3. කොහොමහරි බලෙන් හරි අහගත්තා නේ...:D ඉස්සරහට පාඩම් වැඩ කෙරෙයිද කියන එකයි බය...:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.... බලමුකෝ පාඩම් වැඩ ඇණ ගනීද කියලා..... :)))

      Delete
  4. Replies
    1. ඇයි අහල නැද්ද? :)))

      Delete
  5. මෙගා serial එකක් වගේ...

    7ත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
    Replies
    1. කලින් සල්මන් ආවා අද අයිශ්වර්යාත් ඇවිත්...... ලියනවා ලියනවා.... ආවට ටැංකු ඈ....

      Delete
    2. අඩේ මේ ආසියාවේ අයිස්චර්මා නායිද??

      Delete
  6. මට හිතුනා ඔහොම වෙයි කියලා...

    ReplyDelete
    Replies
    1. අයියට නම් කතාව හොඳට මතකයි නේද? මට ගොඩක් සතුටුයි..... කොහොම වෙයි කියලද හිතුවේ?

      Delete
  7. හයියෝඕ මට මුල මතක නැති වෙලා වගේ අනුවෝ. මුල ඉඳං කියවල එන්නම්කෝ :)

    ReplyDelete
    Replies
    1. අපෝ අක්කේ මම පව් අනේ.... ඔහොම කියන්න එපා :(

      Delete
  8. ඔය කරගත්තේ වැඩක්... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලන්නකෝ..... :)))

      එසේම වේවා රජෝ !!!

      Delete
  9. අද ඔයාගේ බ්ලොග් අඩවිය හරි පින් පාටයි. එක පැත්තකින් බුදු හාමුදුරුවන්ගේ රූපයක් ! තව අතකින් පහලට අරලියා මල් වැටෙනවා. ලස්සනයි ලස්සනයි !!!

    හරි දැන් කතාවට එමු.
    මොකෝ අර ගෑල්ලමයට එක පාරටම අරම අහන්ඩ හිතුනේ. ෂුවර් එකටම ඕක කෙල්ලන්ගේ දහං ගැටයක් ! කොල්ලා, තමන්ට ආදරේද කියලා දැනගන්ඩ කෙල්ලෝ යොදා ගන්නා කූට උපක්‍රමයක්. හික්ස් :)

    ඉතුරු කොටසුත් ඉක්මනටම ලියන්ඩෝ !

    ReplyDelete
    Replies
    1. ඔය ගැජට් ටික මම දැම්මේ වෙසක් දවසේ.... තොටියා අයියගේ බ්ලොග් එකේ දැකලා ආස හිතිලා....අයින් කරන්නේ නෑ පෝය පහු උනාට..... ස්තුතියි අයියට......!!!

      දහං ගැට.....ම්ම්ම්ම් ඒ මොනාද ඒ...... මොකක් හරි උපක්‍රමයක් වෙන්න ඇතිනේ.... අපි නම් නෑ ඔන්න.... :)))

      ලියමි ලියමි ඉවසා සිටින්න..... !!!

      Delete
    2. ඇත්තටම දහංගැට කියන්නේ මොනවද කියලා දන්නෙම නැද්ද ? හික්ස් :)

      Delete
  10. හෑ............ඩෙත් වෙඩිමයි............:O
    බලමුකො බලමුකො...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අග්නියෝ..... මොනා වෙනවද මන්ද.... මට තේරෙන්නෙත් නෑ.....
      ඉස්සරහට බලමුකෝ...... :))))

      Delete
  11. ලබන සඳුදා මෙ වෙලාවට Dash board එකේ පෙන්න ඕනැ 7 වෙනි කොටස​ ප්‍රමාද උනොත් බලාගමු..:D

    ReplyDelete
    Replies
    1. එව්වා ඔට්ටු නෑ..... අනේ මන්ද මේ කතාවක් ලියන්න අරන් පිස්සු වගේ අනේ..... :(

      Delete
  12. අයියෝ නංගි සඳයි තරුයි පායන්නේ නෑනේ හරියට. ඔයා හරිම බිසී වගේ පේන්නේ. වැටෙන අරලිය මල් ටික නම් ලස්සනයි. මම කැමතියි ඒකට!

    ReplyDelete
    Replies
    1. අනේ අයියා මට දැන් මේ කතාව ලිවිල්ල එපා වෙලා.... වෙන මොකුත් නෙමේ ලියන්න වෙලා නැති කමට..... අරලිය මගේ ආසම මලනේ.............. මාත් ගොඩක් ආසයි....!!!

      Delete
  13. මුල ඉදන්..මම කියවන්න ඔනේ ඔන්න මුල ඉදන්ම ..මමත් ඇවිත් ඉද ගත්තා ...දැන් ඉතින් හැමදාම ඇවිත් සඳයි තරුයි බලනවා..

    අර මධු අයියා කිව්වා වගේ අපුරු බ්ලෝග් එක..අරලිය මල් මම කොමත් ආසයි..

    ReplyDelete
    Replies
    1. මාත් අරලිය මලට ගොඩාක් ආසයි...............

      Delete
  14. ඔක්කොම ඔන්න කියෙව්වා.. නවත්තන්න එපා..දිගටම ලියන්න.. :) ලස්සනයි කතාව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගා.... ඔයාලා ඔහොම කියද්දී මම කොහොමද නවත්තන්නේ? :)

      Delete
  15. මේක කරන්න බෑනේ අනූ... මට දැන් කතාව යන්තම් වගේ මතක.. වැඩිය කල් නොගෙන ලියමු..

    ReplyDelete
    Replies
    1. අනේ අයියා.... අමතක කරන්න එපා ඉතින්.... :((

      Delete
  16. ලස්සන කතාව.. දිගටම ලියමු.. බලන් ඉන්නවා ඊළඟ කොටසත් දානකම් :)

    ReplyDelete
    Replies
    1. අළුත් යාලුවෙක්..... ස්තුතියි.... පුළුවන් තරම් ඉක්මණින් දාන්න උත්සහ කරනවා සහෝ...!!!

      Delete
  17. ඊළඟ කොටසත් එනකම් බලාගෙන සිටිමි..

    ReplyDelete
    Replies
    1. ඔහොම කියල බෑ..... :(

      Delete
  18. හපෝ මෙයා කම්මැලි ගුහාවක් නේ :ප
    මං වගේම තමය් :ඩ
    අද කොටස නිකන් මදි මදි වගේ :/
    ඊළඟ ඒක වත් වෙලාවට දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ඔයා වගේම තමා.... හොඳටම කම්මැලි..... මදි තමා මම දන්නවා... බලමු බලමු :)))

      Delete
  19. මේක නිකං අවාරෙට පොල් වැටෙනවා වාගෙනෙ . දැන් ඉතින් කතාව මුල මතක නෑ. ආ.. හරි මේ අර. එස්.එම්.එස්.කතාව නේද? තාම මේ සඳුනිල් හැංගිමුත්තං කරනවා..

    ReplyDelete
    Replies
    1. හි හි වැඩි කල් හැංගි මුත්තු කරන්ට බෑ....

      කතාව අමතක නම් මට දුකයි... කමක් නෑ මගේ වරද.... :(((

      Delete
  20. කතාව පොඩ්ඩයි නේන්නම්. හොඳම හරිය එනකොට නතර කරනවා. ඉක්මනට ඉතුරු ටික ලිව්වනම් ළමයා !!!

    ReplyDelete
    Replies
    1. අනේ පැතූ... මම පව් හලේ... හරි හරි ළමයා... ඉක්මණට ලියන්ට බලන්නම් ඈ...!!!

      Delete
  21. anith blog peththe nogiyath kamak ne
    anu me kathawa hari ikmanata liyanna

    ReplyDelete
    Replies
    1. උපදෙස පිළිගත්තා.... අනිත් අය තරහ වෙයිද මන්ද....

      Delete
  22. ම්ම්ම්ම් ලස්සනයි ගොඩක්,., ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. අළුත් යාලුවෙක් මේ පැත්තේ ඇවිදින්... ස්තුතියි ඔයාට...!!!

      Delete
  23. ඉක්මනට 7 කණුවත් පහු කරන්න ඕණ්

    ReplyDelete
    Replies
    1. බෑ..................................................... :)))))))) හා හා කියනවනම් ඉතින් ඉක්මණට ලියන්ට බලන්නම්කො අයියා......

      Delete
  24. මම ඉතින් මේ කතාව මුල ඉඳලම කියෙවුවෙ නැති නිසා අමතක වීම පිලිබඳ කිසි ප්‍රශ්නයක් නෑ. මම නවකතා කියවන්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. හරි හරි මම දන්නවා....

      Delete
  25. මුල අමතක වෙලා ඉන්න ගොඩට මාවත් වැටෙයිදෝ කියලා හිතුවා මුලින්. නෑ නෑ එහෙම වෙන්න විදිහක් නෑනෙ.මේ ලගදිනෙ ඔක්කොම කියෙව්වේ.

    7යි 8යි එකට දාන්න අක්කේ.. එතකොට දිගටම කියවන්න පුළුවන් අපිට. නෑ එක්කො වෙනම දාන්න.අක්කට ලේසියිනෙ..

    ReplyDelete
    Replies
    1. අම්මෝ ලොකු දෙයක් මල්ලි ඔයාටවත් මත තිබ්බ එක....

      කොහොමත් මගේ මීළඟ පෝස්ට් එකත් කතාවම තමා... ස්තුතියි මල්ලි අදහසට...

      Delete
  26. "රෑට නිදා ගන්න වෙලාව එනකල්ම ෆෝන් එක ගැන මතක් නොකර ඉන්න ඕන කියලා හිතට තදින් අණ කරපු නිසා පාඩම් කරපු දේවල් හොඳින් ඔළුවට ගියා."

    මේ වගේ සිද්දියක් රන් වෙද්දී ෆෝන් එකයි එෆ් බී එකයි අමතක කරලා වැඩ කරන්න පුළුවන් නම් තරු කියන්නේ ආයි සුපිරි කෙල්ලෙක් හොඳේ... හික්ස්.. ඒක නෙවේ.. මේ කතාව ගොඩක් දිග එකක්ද??

    ReplyDelete
    Replies
    1. දැන් බලද්දී තරූ සුපිරි තමා නේ... එෆ් බී එකට යන්නෙත් නැතිව ෆෝන් එක බලන්නෙත් නැතුව පාඩම් විතරනේ කරන්නේ..... හිකිස්‌ හිකිස්‌..... ම්ම්ම්ම් කතාව නම් ටිකක් දිගයි තමා... ඒත් ලියන්න හිතක් නෑ මට... :(

      Delete
  27. අදයි මේ පැත්තට ගොඩ උනේ ,මුල ඉදන් කතාව පිළිවෙලට බලලම එන්නම් ....

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ බ්ලොග් එකට.... දැන් මුල ඉඳං කියෙව්වද කතාව? :)))

      Delete
  28. මුල ඉඳන් බලාගෙන ආවෙමි.... මහන්සිය අපරාදේය අද ලියා ඇත්තේ හොරටය....

    මට නම් ෆෝන් එක පේන මානෙක නැත්තම් ගේම පෙරලගෙන කෑ ගහලා හොයන්නේ හම්මෝ....

    ඒක නෙමෙයි අක්කෝ ඕං අර එදා මං කිව්ව කතාව ලිව්වා.... අර ගැහැණු ලමයිගේ බ්ලොග් එක දැක්කම හිතුනයි කියපු කතාව....

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න මල්ලි ඉතින් මටත් කම්මැලි මේ අටමගුල ලියන්න... මක් කරන්නද බැඳ ගත්තු බෙරේ ගහන්නත් එපැයි...

      හි හි ගේම පෙරළන් කෑගහන්නේ ඇයි කියල අපි දන්නවා......

      තාම ඒක බලන්න බැරි උනා මල්ලි... කොහොමහරි බලන්නම්කො....

      Delete
  29. ආ...මේ ලියලා තියෙන්නෙ....මට එන්න පුළුවන් උනේ අදනේ....
    අනේ පවු තව අසරණ කොල්ලෙක්ට වැඩේ හම්බවෙන්න වගේ...පවු අෆ්ෆා කාගෙ උනත් දරුවෙක්නේ....
    මේ අනිත් ටිකත් ඉක්මනට දාන්ඩ ඈ....

    ReplyDelete
    Replies
    1. ඔයා ඇවිත් සතියකට පස්සෙයි මම රිප්ලයි කරන්නේ.... ඒ ඉතින් ඉක්මණ තමා.... :))))

      Delete
  30. මම අදමද කොහෙද මේ පැත්තට ආවේ .නැවත එන්නං

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට.... සාදරයෙන් පිලිගන්නවා ඔයාවත්....

      Delete
  31. අම්මේ මේ සීරීස් එක ඉවර නැද්ද තාම, අක්කගෙ සඳයි තරුයි නැගලම යනව වගේ... සීරීස් එකේ සමහර කොටස් මග ඇරුන නිසා මුල ඉඳං කියවල එන්නම්කො... දැං ඉතිං මං දිගටම එනව හොඳේ, ආයෙ ටියුබ් ලයිට් නැත. 07කොටසක් දාන්නකො බලන්න. අක්කට ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. මොන නැගල යනවද මල්ලි.... ඉවරෙකුත් නෑ... පටන් ගත්තු නිසා නවත්තන්නත් බෑ... ලියන්න හිතකුත් නෑ...

      මල්ලිටත් ජයවේවා !!!

      Delete
  32. හප්පා ලව් සීන් එකක් වගේ...මුල ඉඳලම කියවලා එන්නං...

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පා ඔයා මුල හරියේදී කියෙව්වනේ මේක... ඇර ස්කයිප්, සැටලයිට් ෆෝන් මොකක්ද මන්ද කිව්වේ අයියනේ... හ්ම්ම් හ්ම්ම් මතක නෑ මතක නෑ... කියවන්න කියවන්න....

      Delete
    2. කියෙව්වා නේන්නං අනේ මටත් පිස්සු වගේ, අර ‍ෆ්‍රී කෝල් කරන සීන් එකක් ගැන නං කිව ඒක වෙන්නැති මතක...

      Delete
  33. අන්න ඇත්තෙත් නැති බ්ලොග් පෝස්ට් එකක් අප්ඩේට් වෙලා "ඉවත්වීම" කියලා. මොකද අවුල අනු?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එහෙම පෝස්ට් එකක් දැම්ම අයියේ... ඉතින් ඒක මැකුවනේ මම කට්ටිය බොරුවට වලි දාගන්න අරගෙන... මම නිසා අනිත් අය තරහ වෙන්න ඕන නෑනේ.. දැන් මොකුත් අවුලක් නෑ... අනූගේ ලෝකය ලියාගෙන අනූ හැමදාම ඔයාල එක්ක ඉන්නවා.... :)

      Delete
  34. ඇයි මේ හැමෝම "අනූ"ව ප්‍රෂර් කරන්නේ....ඔයාලගේ නොයිවසිල්ල මටත් තේරෙනවා.......මමත් එහෙම නොයිවසිල්ලෙන් තමා මේ කථාව කියවන්නේ.......!අපි පාඨකයෝ විදියට අපේ පැත්තෙන් බඅලුවම, අපි සාධාරණයි.! කථාව රසවත් නම්, අපි "අනූ"ව ප්‍රෂර් කරන්න අවශ්‍ය නැහැ නේද......?

    ReplyDelete
    Replies
    1. හප්පා... එතරම් රසවත්ද? මට නම් දැන් කතාව ලියන්න ගනිද්දී පිස්සු වගේ අයියා...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..