ලෝකෙට ආපු අය

Thursday, May 17, 2012

අරුත සොයන කවිය




සඳ,
අසනු නොමැන මාගෙන්
නිහඬ ඇයි මගෙ සඳ කියා...
මා නිහඬ වූවා නොවසැවොම නුඹ සඳ ගොළු කළා...
එනමුදු
සිටිය නොහැක මා හට නිහඬව
මෙසේ පද වැල් බඳිමි 
එහෙයින් නුඹේ නමට....

හැඬුමට අවැසි මුත්
නැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
ඉදින් හඬමි මම
නෙතින් නොව සිතුවිලි වලින්
කියන්නට කිසිවෙකු නැති නියා....
අසන්නට කිසිවෙකු නැති නිසා...

(සිතුවිල්ලක් පමණිම නෙවෙයිද මන්ද...)





ප.ලි - අපේ ගෑණු ළමයි සෙට් එකගේ බ්ලොග් එක පැත්තෙ යන්නත් අමතක කරන්න එපා... මේ තියෙන්නේ ලින්ක් එක.. 


අනිත් එක, ඔයාල පරිඝනක ගැන තමන්ගේ දැනුම වැඩි කර ගන්න කැමති නම් මේ පැත්තෙත් ගිහින් බලන්න... ඊට අමතරව ඔයාල දැනගන්න කැමති දේවල් කමෙන්ටු හැටියට ලියන්න... පිළිතුරු ලැබේවි.. 

82 comments:

  1. හැඬුමට අවැසි මුත්
    නැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
    ඉදින් හඬමි මම
    නෙතින් නොව සිතුවිලි වලින්
    කියන්නට කිසිවෙකු නැති නියා....
    අසන්නට කිසිවෙකු නැති නිසා...


    මේ ටිකේ මටත් ඕහොමමයි..:(

    ReplyDelete
    Replies
    1. මම කියන්න ගියෙත් ඔ්කම තමා!

      Delete
    2. @හිතුවක්කාරී
      අනේ හිතූ, ඒ මොකෝ.... එහෙනම් අපි දෙන්නම අඬමු.... :(

      @තනි අලියා
      ඈ අලියෝ... මොකෝ අලියට උනේ???

      Delete
    3. හිතූ කිව්ව වගේ මටත් ඔහොමම වුනා.

      ඒ පද ටික හිතට වැදුනා.

      ලස්සනයි

      Delete
    4. @අපිවගේ
      අප්පච්චියේ... මල්ලිටත් එහෙමද...

      අගය කළාට ස්තුතියි...

      Delete
  2. කිසිත් නොකියමි මේ ගැන මම :(((

    ReplyDelete
    Replies
    1. අනේ අපොයි.... කිසිත් නොකියා කොහොමද???? :(((

      Delete
  3. මට කවි වැඩක් නැහැ බං.. කියපි කොහෙද බොල හැංගිලා හිටියේ ?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා සෑමෝ.... හැංගිලා නෙමේ... සදහටම නැති වෙනවට වඩා මෙහෙම හරි ඇවිත් යන එක ගැන සතුටු වෙන්නකෝ... :(

      Delete
  4. අරුත සොයන කවිය නම් අගය කල යුතුමය. කෙටි කවි පන්තියක් වුව එයින් මතු කරන අදහස නම් සුළු නොවේ.
    "නුඹ සඳ" යන පද දෙක ඊට යොදා නොතිබුණා නම් එහි වටිනාකම මැනිය නොහැකි තරමට ඔබේ හැකියාවත් කවි සිතත් පිරිපුන්ව පවතිනවා නිසැකය. ඒත්

    "හැඬුමට අවැසි මුත්
    නැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
    ඉදින් හඬමි මම
    නෙතින් නොව සිතුවිලි වලින්
    කියන්නට කිසිවෙකු නැති නියා
    අසන්නට කිසිවෙකු නැති නිසා"

    මේ කොටස නම් විශ්ෂ්ඨ බව නොකියා කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මා තුළ කවි ලිවීමට නිසඟ හැකියාවක් නෑ... පාසල් කාලයේදී යහළුවෙකුගේ සමරු පොතක ලිවීමට පවා පද ගළපා ගැනීම මට බොහෝ අසීරුයි... නමුත් දැන් නම් ටිකක් විතර ඒ අපහසුව මඟ හැරිලා... මම හිතට එන හිතුවිලි සියල්ලම ඔහේ සටහන් කරනවා පමණයි...

      ඔබේ විචාරය මගේ මේ කුඩා කවි පන්තියට ආලෝකයක්...
      බොහොම ස්තුතියි...

      Delete
  5. ගොළු සඳක් කල කඳුළු කවිකම්

    ReplyDelete
    Replies
    1. මී ගොඩයා ඉන්නේ මීගොඩ වෙන්න ඕන.. මට මී ගොඩ කිව්වම මතක් වෙන්නේ සුනාමියෙන් නැති වුණු මීගොඩ හාමුදුරුවෝ...

      හ්ම්ම්ම්.. ගොළු සඳක් කළ කඳුළු කවිකම් තමා...
      මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි යාළුවා...

      Delete
  6. "හැඬුමට අවැසි මුත්
    නැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
    ඉදින් හඬමි මම
    නෙතින් නොව සිතුවිලි වලින්
    කියන්නට කිසිවෙකු නැති නියා....
    අසන්නට කිසිවෙකු නැති නිසා.."

    :'(

    ReplyDelete
    Replies
    1. කෝ බොල කමෙන්ට්...??? :( විතරද?

      Delete
  7. හහ් කට්ටිය ගැන්සියකුත් හදන් තියෙන්නෙ..

    මගේ පරණ ඔෆිස් එකෙත් ඔහොම කෙල්ලො ගැන්සියක් හිටියා.. අපි ඒකට කිව්වෙ " කුටු කුටු ගැන්සිය " කියලා.. කොයි වෙලේ බැලුවත් මුල්ලක් අල්ලන් කට්ටිය කුටු කුටු ගානවා. අනුන්ගෙ රෙදිම තමා හේදුවෙ.. හරි ලාබෙට වැඩේ කළා.. :-)

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. කෝ කවිය ගැන මොකුත් නෑනේ....

      ඉන්නකෝ ඉතින්... මම ඒකේ 9 වෙනියා... තාම ලිව්වේ නෑ මම....

      ටැංකු ටැංකු..!!!

      Delete
  8. ගෑනු කියන්නේ මැරෙන තුරා පලි ගන්න ජාතියක්

    ReplyDelete
    Replies
    1. මාර වැ‍ඩේ.කෝ ඒත් ගහල නෑනේ කාගෙවත් ඇගේ පළිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න කියලා.
      හැබැයි පිරිමි නම් ඕක ගහපු ටී එහෙම ඇදන් යනවා.:D

      Delete
    2. අමුතුවෙන් ගහනං දෙයක් නැහැ. දැක්ක ගමන තේරුම ගන්න පුළුවන්.

      Delete
    3. @ඔක්කොටම
      පිරිමිත් එහෙම තමා.... හිතං ඉන්නේ බෝධිසත්වයො කියල වෙන්ටැති.... :P

      Delete
  9. ඔන්න මමත් කියෙව්වා. ඒත් කියන්න දෙයක් හිතට ආවේ නෑ. ජය...!

    ReplyDelete
    Replies
    1. ඈ.... ඒ මොකෝ ඒ.... කවි ටික අස්පට් ද???.... කියෙව්වට ස්තුතියි!!!

      Delete
  10. කියන්නට කිසිවෙකු නැති නියා....
    අසන්නට කිසිවෙකු නැති නිසා...

    අයියෝ මෙහෙම කියන්නේ ඇයි..මේ අපි ඉන්නෙ..;)
    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අක්කේ ඔයාලට කියන්නේ.... :)))
      ස්තුතියි ඈ....

      Delete
  11. මේ අපි ඉන්නෙ! දැං නාඩ ඉන්...න

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඔයාලට කිව්වේ..... හරි හරි අඬන්නේ නෑ.............................

      Delete
    2. ඒක තමා ඇත්ත තමා

      Delete
  12. කියන්න මුකුත් හිතට එන්නේ නැ නේ :(

    ReplyDelete
    Replies
    1. අයියෝ....ඔයාටත් එහෙමද? ඇයි අනේ මගේ කවිය හොඳ නැද්ද?

      Delete
    2. ඕවා අපට කිව්වට වැඩක් නෑ බං. අර පල්ලෙහා ඉන්නේ මැරෙනතුරු පලිගන්න එක්කෙනෙක්. එයාට කිව්වා නම් විසදුම් ලැබෙයි :((

      Delete
  13. අඬන්න එපා නවලන්ඩ කවුරුත් නෑ!!!

    ReplyDelete
    Replies
    1. නවලන්ඩ කට්ටිය බල බලා අඬන්න බෑ අනේ....!!!

      Delete
  14. (සිතුවිල්ලක් පමණිම නෙවෙයිද මන්ද...)
    මලා......... :0

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම්.... එහෙම තමා.... :(

      ටැංකු ටැංකු....

      Delete
  15. //..හැඬුමට අවැසි මුත්
    නැත කඳුළු මගෙ නෙත් කෙවෙනි තුළ
    ඉදින් හඬමි මම
    නෙතින් නොව සිතුවිලි වලින්..//

    ලස්සන පද ටිකක් අනු....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට මේ කොමෙන්ටුව දාල ගියාට.....

      Delete
  16. හැමදාමත් මුනිවත රකින හඳෙන් ඔය ප්‍රශ්නෙ අහල වැඩක් තියෙයිද?

    ReplyDelete
    Replies
    1. වැඩක් නැති උණත් වෙන අහන්න කෙනෙක් නෑ අයියා....

      Delete
  17. කවුද දන්නේ ඔයාට එහෙම දෙයක් වෙලා කියල.

    හිටි ගමන ඇවිත් පොස්ට් එකක් දාලා අයෙත් අතුරුදහන් වෙනවා.මොකද ඒ..

    ReplyDelete
    Replies
    1. කවුරුත් දන්නේ නෑ තමා... මොනා කරන්නද?

      එහෙම කරන්න වෙලා තියෙනවා අසාර් අයියේ... නැත්නම් මෙහෙමවත් නැති වෙන්න ඉඩ තිබුණා...

      Delete
  18. දැන් කවුද ඔයාව නිහඬ කලේ?

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ අර කවියේ තියෙන්නේ... සඳ සඳ....

      Delete
  19. අඩන්නට ඇත කඳුලු
    මඟ බලන්
    අවසර දෙනතුරු
    එලියට පනින්නට

    කඳුල කොහොම අවසර දෙමිද
    මම බයයි ලෝකයා හට

    ReplyDelete
    Replies
    1. මගේ කවියට ඔයාගේ කවි පිළිතුරත් ගොඩක් ලස්සනයි... හැබැයි දැන් නම් මට කවි ලියන්න බැරියෝ..... :(

      Delete
    2. මගේ කවියට ඔයාගේ කවි පිළිතුරත් ගොඩක් ලස්සනයි... හැබැයි දැන් නම් මට කවි ලියන්න බැරියෝ..... :(

      Delete
  20. අප්පටසිරි බූට්‌ එකක් වත් වැදුනය :ඩ

    ReplyDelete
    Replies
    1. බූට්.... හි හී.... මල්ලිත් මොනා කියනවද මන්ද? :))

      Delete
  21. මලා.....මොකැයි උනේ....

    ReplyDelete
    Replies
    1. හයියෝ.... තාම කවුලුත් මලේ නැතෝ......

      Delete
  22. අඩන්න හිත හැදේවි :D

    ReplyDelete
    Replies
    1. පිටට පේන්න අඬන්න මම අකමැති යාළුවේ.... :)))

      Delete
  23. කියන්නට කිසිවෙකු නැති නිසා කියන්න කෙනෙක් හොයා ගන්න

    අසන්නට කිසිවෙකු නැති නිසා අසන්න කෙනෙක් හොයා ගන්න.

    ඔහොම ඉඳල පලක් නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් පැතුම් කියන කතාව ඇත්ත....

      Delete
  24. මල් හැලෙන බ්ලොග් එකේ කඳුලු කවියක් ඇයි...?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. එහෙම තමා... පිටින් පේන්නේ මල් හැලෙනවා තමා... ඇතුළ කාටවත් පේන්නේ නෑ.... :)

      Delete
    2. මම එක දෙයක් කියන්නද ගෑණු ලමයට? මට අද තියෙන්නෙ ගිය මාසෙ අද වගේ දවසක තිබිච්ච ප්‍රශ්ණෙ නෙවෙයි. එදා මම හිතුවෙ මගෙ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒකයි කියලා. නමුත් අද තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්. ඒකත් පේන්නෙ ජීවිතේ ලොකුම ප්‍රශ්නෙ වගෙ තමයි. එතකොට එදා තිබ්බ එක. ඒකත් තියෙනවා, නමුත් ඒක දැන් ප්‍රමුභතා ලැයිස්තුවේ පහලව ගමන් කරලා.

      මේක කිව්වෙ ඔයාගෙ ප්‍රශ්ණෙ අවතක්සේරු කරන්න නෙවෙයි. ප්‍රශ්න ඔහොමය් කියලා කියන්නයී.
      henryblogwalker the Dude

      Delete
    3. ඔව්...අයියගේ කතාව ඇත්ත... වෙන කෙනෙකුගේ ප්‍රශ්නයක් දකින කල් අපි හිතන්නෙත් ලෝකේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපිට කියල...ඒත් අපිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඉන්නවද කියල දැක්කම අපේ ප්‍රශ්න අමතක වෙනවා...

      සම්පුර්ණයෙන්ම එකඟයි

      Delete
  25. මමත් හෙන්රි අය්යා වගේ ඒක අහන්නම් කියලා පහලට එනකොටම ඉතින් ඒක අහලානේ...

    හ්ම්ම්ම් බුට් නම් නැහැලුනේ... ඒත් ඉතින් ඇයි මෙහෙම.....
    මොනවට ඕවා ගැන හිතනවද?

    ReplyDelete
    Replies
    1. හි හි.... ඔයා ලේට්‌.....

      නෑ නෑ බූට් නෑ..... ඒත් ඉතින් එහෙම තමා... :))
      නොහිතත් බෑ නේ අයියා....

      Delete
  26. අයියෝ ඇයි අක්කෝ අච්චර නම් තොගයක් කියද්දි එතන නැති නමක්ම දාගත්තේ.... මදෑ වෙච්චි මහන්සිය...
    තව ගැන්සියකුත් හදලා මාරයි මට කාන්තා සමාජේ ගැන ලියන්න පට්ට අදහසක් ආවා ලඟදීම කෙටි කතාවක් විදියට දානවා... එතකං හිටුකෝ මේ කාන්තා විප්ලව කොයිබටද කියලා ජනතාව දැනුවත් කොරන්නංකෝ..

    කවිය නම් සෑහෙන්න දුක්බර පාටයි ඒත් පුංචි පද පේළිවලින් සෑහෙන්න ලොකු අදහසක් දීලා තියෙනවා..

    සිතින් හඬන්නට
    නෙතු නොහඬන්නට
    සඳ මෙතරම් ලං වෙන්න ඇති..

    කඳුලැලි පිසදා
    දොඩමළු වන්නට
    සඳ තවමත් තව කැමති ඇති...

    සෙනෙහෙ පුදන්නට
    ආපසු යන්නට
    කාලය නම් ඉඩ නොදෙනු ඇති...

    ඒ හැම පරදා
    නැගී සිටින්නට
    හැකියාවක් නැති නොවනු ඇති...

    වැටුනොත් නැගිටිමු යලි යලි නැගිටිමු අක්කෝ ජය වේවා....

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද මලේ උපන් නම එතන නෑ.... :( මහන්සිය අගේ කරනවා.... හි හි... ඔයා ලියන කෙටි කතාව බලන්න දැන් නොයිවසිල්ලෙන් ඉන්නේ... ඉක්මණට ලියන්න....

      ලොකු අදහසක් දෙන්න තමා මාත් හැදුවේ... ඉතින් එහෙම තේරුණා නම් මටත් සතුටුයි... හැබැයි දැන් නම් ඔයාගේ කවි පිළිතුරට කවියක් ලියන්න නම් මට බෑ මල්ලි....

      වැටෙන්න වැටෙන්න ශක්තිමත් වෙමු නේද? ඔයාටත් ජය වේවා!!!

      Delete
  27. අපොයි මම එනකොට ඔයා අඬලා ඉවරත් ඇති...ඒ හින්දා දැන් මුකුත් කියලා වැඩක් නෑ නේ...

    ReplyDelete
    Replies
    1. හි හි ඔව් අක්කේ... දැන් ඉවරායි....

      Delete
  28. අන්තිම ටික හුගක් හිතට දැනුනා නංගෝ...විබාගේ නිසා පොඩ්ඩක් වැඩ වැඩි උනා...පරක්කු උනානේ එන්න...:( ආදරය කියන්නේ දුකක්ම විතරයිද මන්දා..:( පිටතින් නොහඩුවත් හදවතින් අඩනවට වඩා හොදයි නංගෝ පිටතින් හඩලා හිත සැහැල්ලු කර ගන්න එක..

    ReplyDelete
    Replies
    1. හිතට දැනුනා කියන්නේ මගේ උත්සාහය සාර්ථකයි නේද? කමක් නෑ අක්කේ පරක්කු වෙලා හරි ආවනේ.... ඒත් මම අඬන්නේ නෑ ඔන්න... :))))

      Delete
  29. සේරටම වඩා හිතට අල්ලලා ගියේ කවියට යටින් චූටි අකුරෙන් දාල තිබුන වචන හතර.. :-)
    මම නෑවිත් හිටියේ නෑ, පුළුවන් වෙලාවට ආව හොඳද...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.... නරක නෑ.. අයිය විතරයි ඔහොම කතාවක් කිව්වේ.... :-)
      හෑ හෑ කමක් නෑ... පුළුවන් වෙලාවට ඇවිත් යන්න එන්න.... මම තලහ නෑ.... (හැබැයි මොන්ටිසෝරිය නැවත්තුවොත් නම් තලහම තලහයි...)

      Delete
  30. Replies
    1. ඈ සෝරෝ මොකෑ ම්ම්ම්ම්ම්.....

      Delete
  31. //ඉදින් හඬමි මම
    නෙතින් නොව සිතුවිලි වලින්//
    ඇඩෙන්නම ලියල තියනවනෙ.... පු0චි වුනත් සිරාම කවිපෙලක්..

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා නම් අඩන්න අයියෝ.... ටැංකු ටැංකු.....

      Delete
  32. "කියන්නට කිසිවෙකු නැති නියා....
    අසන්නට කිසිවෙකු නැති නිසා..."

    සිත නිවෙන තුරු සැප දුක බෙදා ගනිමු මිතුරිය :)

    ReplyDelete
  33. ස්තුතියි මගේ යාළුවේ... දුක සැප කියන්නට ඔයාල ඉන්න නිසා තමා කියන්නේ....

    ReplyDelete
  34. දවසක හිතෙයි කවුරුවත්ම නැතුව තනිවෙන එක කොච්චර හොඳද කියල :)

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.++++++++++++++++++++++++++++++++++++++++++
      තනිකම තරම් සුන්දර ආතල් දෙයක් තවත් නෑ කියලා මටත් දැනිලා තියෙනවා සමහර වෙලාවට. අරක කරන්න එපා මේක එපා. නීති මොකුත් නෑ, මයි කාර් මයි පෙට්‍රල් එල ....:D :D (Y)

      Delete
    2. හා හා ඉතින් අපිට මොකෝ? සාතන් අයියයි රෙපා අයියයි දෙන්නා ඕන දෙයක් කරගන්න එකනේ තියෙන්නෙ... :)

      Delete
  35. හ්ම්ම්... පිටට පේනවට වැඩිය දෙයක් කවියේ තියනවද කියලා හිතෙනවා. අනේ මන්ද.......

    ගොඩක් අය කිව්වා වගේ අන්තිම කෑල්ල නම් පට්ට ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා එහෙම දෙයක් තියෙනවා :)))

      ලස්සනයි නම් කමක් නෑ......................................... ටැංකු ටැංකු

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..