ලෝකෙට ආපු අය

Tuesday, April 24, 2012

ශිෂ්‍යත්ව පංතිය

මම ශිෂ්‍යත්ව පංති ගියේ හතර වසර ඉඳං.. අම්ම තමා මාව එක්කන් ගියේ. ගියේ අපේ ඉස්කෝලෙම සර් කෙනෙක් වෙච්ච අනුර සර් ගාවට. මාත් එක්ක එක පංතියේ හිටපු ළමයි වගේම අනිත් පන්ති වල ළමයිනුත් එහා ඉස්කෝලෙ ළමයිනුත් ඒ සර්ගේ පන්තියට ආව.. 


සර්ගෙ අකුරුත් ලස්සනයි.. ඒ කාලේ අපිට උගන්නපු විෂයන් දෙක තමා අභියෝග්‍යතා සහ සමස්ථ විෂය ... පංතියේ මගේ අංකය 12.. පංතිය සිවිලිම් ෂීට් ගහපු එකක්.. දාඩිය දාන්නෙත් නෑ නෙමේ... හැබැයි පුංචි අපිට ඒක එතරම් ගාණක් උනේ නෑ.. හැමෝම ආසාවෙන් ඉගෙන ගත්තා..


බයනු අල් තයනු කෑමට ගිය         කලට
මායනු ලුයනු නැති බව පෙනුණි   මට
ජායානු ඩියනු තම්බා තිබුණි         කෑමට
වීයනු සියනු කර මම ආවෙමි       පිළට 
මේක අපිට උගන්නපු කවියක්.. කෑම වර්ග හොයන්න... 


ඉස්කෝලෙ උගන්නන ගමන් හවස ශිෂ්‍යත්ව පංති කරපු තවත් සර්ලා දෙන්නෙක් හිටියා. ඒ තමා ජයරත්න සරුයි ලයනල් සරුයි..  එයාලගෙ පංති වලටත් ළමයි හිටියෙ නැත්තෙ නෑ.. ඒත් අනුර සර්ට තරම් නෑ.. ඒ අනුර සර්ගෙ කරුණාවන්තකම නිසා වෙන්න ඇති..


හතර වසර අවසාන වාරෙත් ඉවර වෙලා 2000 අවුරුද්දෙ අපි අලුත් පන්තියට ගියා. ඒ වෙනකොට අපේ ඉස්කෝලෙ පොඩි පැත්තට තිබ්බ එකම තට්ටු දෙකේ ගොඩනැගිල්ලෙ තිබ්බ පංති කාමර හතරෙන් එකක් තමා අපිට හම්බුණේ.. පල්ලහෑ තට්ටුවේ ඉඳං නැග්ගම දෙපැත්තට පංති දෙක ගානේ තිබුණේ. අපි 5-E පංතියේ..හෝල් එකේ එක මුල්ලක... අපිට එහා පංතිය C... පඩිපෙලෙන් එහා B, අනිත් මුල්ලෙම A... D පංතියේ කට්ටිය වෙන හෝල් එකක.. අයිනෙ පංතියක් හම්බුණාට සතුටු උණත් ටික දවසකින් සතුට අතුරුදහන් වුනේ හෝල් එකේ උළුවස්ස අස්සේ හිටපු පරවි සංහතිය නිසා... හැමදාම උදේට ඉස්කෝලෙ ඇවිත් ඩෙස්ක සුද්ද කරන්න උණා.. ඒ වෙනකල් පරවියෝ ගැන කිසිම හැඟීමක් නොතිබුණු මට පරවියෝ අප්පිරියම උණා.. 


මට ගොඩක්ම සතුටු හිතුනෙ මගේ ආසම සර් වෙච්ච අනුර සර් අපේ පංති භාර සර් වුණ එකටයි..මම විතරක් නෙමේ පංතියේ ළමයි හැමෝම වගේ  ඒ ගැන සන්තෝසෙන් හිටියේ.... කලින් අවුරුද්දේ ඉඳං පංති ආපු නිසා සර් පංතියේ ළමයි ගොඩ දෙනෙක්ව අඳුරගෙන හිටියෙත්.. ඉඳල හිටල අපිට සැර කලාට කවදාවත් ගැහුවෙ නෑ අත උස්සලා.. ඒ වගේම ළමයිනුත් සර්ට ගොඩාක් ආදරේ කළා. අපේ පංතියේ හැම ළමයම සර්ගේ පංති නාවත් සර් ඒ ළමයින්ව නොසලකා හැරියේ නෑ. ඉස්කෝලෙ හවස පන්තියක් දාල ආදර්ශ ප්‍රශ්න පත්තර කෙරෙව්වා.ශිෂ්‍යත්ව විභාගෙ වෙනකල්ම අපිට උපදෙස් දිදී සර් අපිට හොඳටම ඉගැන්නුවා.. මම වැඩ කරල පෙන්නන්න යද්දි හොඳයි කියල හැමදාම පොතේ ලිව්ව.. මාත් ඉතින් ඒක ගෙදර ගිහින් පෙන්නනවා අගේ කර කර... “මේ.. දැක්කද? අපේ සර් මට හොඳයි කියල ලියලා...”  


පහ වසරට ඇවිත් මාස අටකුත් ගෙවිලා ශිෂ්‍යත්ව විභාගෙත් ලං උණා. එක සිකුරාදා d ඉස්කෝලෙ ඇරිලා අපි සර්ට වැඳලා කඳුළු ඇස් දෙකේ පුරෝගෙන ගෙදර ගියේ ඉරිදා විභාගෙ නිසා නෙමේ.. අපි ගොඩාක් ආදරේ කරපු අපේ අනුර සර්.. අපිට ගොඩාක් ආදරේ කරපු අපේ අනුර සර් .. අපිව දාල 5-D පන්තිය භාර ගත්තු නිසා.. ඒ පංතිය භාර මිස් පෙන්ෂන් ගත්තු නිසා අපේ සර්ව ඒ පංතියට මාරු කරල.. අපි ඉරිදා විභාගේ ලියල සඳුදා ඉස්කෝලෙ  ආවම අපේ පංතිය භාර ගත්තු අලුත් සර් කවුද කියල බලා ගන්න පුළුවන් උණා. ඒ සර්ගේ නම උපුල්.. ලොකු පැත්තෙ කැඩෙට් පුරුදු කරන සර්.. එයා නම් අපේ අනුර සර් වගේ නෙමේ. ටිකක් විතර වසයි. ඒත් කියන්න තරම් වසකුත් නෑ.. ඒ කාලේ ශෝක්ම වැඩේ තමා එයා 12 ට යනව ලොකු පැත්තට.. 12 ඉඳං කැඩෙට් පුරුදු කරනවලු.. ඉස්සර ඉස්කෝලෙ ඇරියෙ 2ටනෙ. අපිට 2 වෙනකල් කිසි වැඩක්‌ නෑ. සෙල්ලමම තමා. C පංතිය ගාවින් හොර පූසෝ වගේ කට්ටිය මාරු වෙනවා.. පඩිපෙළ බැහැල පිටිපස්සට ගියාම සෙල්ලම් කරන්න නියම ප්ලේස් එක. අපිට ප්‍රධාන සෙල්ලම් දෙකක් තිබුණා.

එකක් තමා සෙරෙප්පු ගැහිල්ල.. ගෑණු ළමයි පිරිමි ළමයි කලවමේ හිටින්න ගොඩවල් දෙකකට බෙදිලා කට්ටියක් රවුම මැද. අනිත් අය වටේට ඉන්නව. ඒ දවස් වල වැඩි හරියක් බාටා සෙරෙප්පු දාපු නිසා    බාටයක් හොයා ගන්නත් ලේසියි. වටේ ඉන්න එක්කෙනෙක් බාටේ විසි කරනවා මැදට. ඇතුලෙ කට්ටිය උඩ පනින්න ඕන. දනිස්සෙන් පහළ වැදුනොත් අවුට්.. ආයේ ඒ බාටේ තව කෙනෙක් අහුලාගෙන ගහනවා.. බේරෙන්න රවුම ඇතුලෙ දුවන්න ඕන...

අනිත් එක සූ.. ඒකෙත් කණ්ඩායම් දෙකයි. එක කණ්ඩායමක කට්ටිය 10 නම් ඒ කට්ටිය එකතු වෙලා නම් 10ක්‌ දාගන්නවා මොන මොනා හරි. ඊට පස්සෙ අනිත් කණ්ඩායමට කියනව නම් ටික.. එයාලා ඉල්ලන නම අයිති කෙනා සූ කියාගෙන අනිත් පැත්තෙ කට්ටිය පුළුවන් තරම් දෙනෙක්ව අල්ලලා ආපහු එන්න ඕන... සූ කියන එක නැවතුනොත් එයා අවුට්.. සූ කියන එක නැවතෙන්නෙත් නැතුව,එහා පැත්තෙ කීප දෙනෙක්ටත් ගහල ආවොත් ගුටි කාපු අය අවුට්.. එහෙම උණාම අරයට තව චාන්ස් දෙකකුත් තියෙනවා.. විරුද්ධ පැත්තෙ අය කරන්න ඕන සූ කියන කෙනාව අල්ලගන එයාලගෙ සීමාව පහු කරන්න නොදී තියාගන්න එක.
ඔන්න අපේ සෙල්ලම්.. ඉතිං ඔය සූ.. (චූ නෙමේ.. සූ) කරන්න ගිහින් අපේ ගවුම් කොච්චර ඉරාගෙන තියෙනවද? සෙරෙප්පු ගැහිල්ලට වඩා කළේ සූ.. ඒක නම් 6 වසරට ආවට පස්සෙත් නිවාඩු වෙලාවට කළා.. 12 වසරේදීත් කළා මතකයි. හැබැයි ගෑණු ළමයි විතරයි.. J J

දවසක් අපි පංතියේ ඔක්කොම ඩෙස්ක පුටු ටික හතර වටේට අයින් කරලා මැද්දෙ ඉඩ හදා ගෙන බෝල ගැහුවා. එදා උපුල් සර් ආවෙ නෑ.. විභාගෙත් ඉවර නිසා වෙන කවුරුත් උගන්නන්න එන්නෙත් නෑ. ඉතිං නිකන්ම ඉන්නත් බැරි නිසා පංතියේ හැමෝගෙම අදහස අනුව තමා බෝල ගහන්න තීරණය කළේ.. එහා පංතියේ ජයරත්න සර් ඩෙස්ක් එකක් උඩ ඉඳගෙන ළමයි එක්ක සිංදු කියනවා.. අපි බෝල ගහනවා... ඒක මොහොතකින් නොහිතපු විදියට එක පාරටම අපේ බෝලේ එහා පංතියට ගියා.. කොහාට වැටුණද අපි දන්නෙ නෑ.. හැබැයි අපි දන්නවා දැන් කෑම ෂුවර්.. ජයරත්න සර් හරි වසයි.ආව කෝටුවක් අරගෙන. දනිස්සට තියල කැඩුවා.. කොල්ලෝ කෙල්ලෝ කාවවත් බැලුවෙ නෑ දීගෙන දීගෙන ගියා ඔක්කොවන්ටම.. ඊට පස්සෙ පංතියේ හ්ම්ම් සද්දයක් නෑ.. එදායින් පස්සෙ කවුරුවත් පංතියේ බෝල ගහමු කිව්වෙ නෑ..




උදා උණා අපි ඇඟිලි ගැන ගැන බලා උන්නු දවස.. ශිෂ්‍යත්වේ ප්‍රතිපල ඇවිදින්.. !!! 2000 අවුරුද්දෙම තමා.. මාසෙ මතක නෑ. එදා උපුල් සර් නෙමේ ආවෙ.. අනුර සර්!!! ඔව්... අපේ ආදරණීය සර්.. පංතියට ආවෙ ප්‍රතිපල සටහන අරගෙන..  අපේ පංතියේ වැඩිම ලකුණ 177 ... පංතියේ දෙවෙනියට වැඩි මගේ... ඉස්කෝලෙන්ම වැඩිම ලකුණ උණේ 178. C පංතියේ පිරිමි ළමයෙක්...

අපි සර් ආපහු යන්න යද්දි දන ගහල වැන්දා.. සර් මෙච්චර ළමයින්ට ආදරේ උණේ අපි පහ වසරෙදි සර්ටත් හිටියා එක වසරෙ විතර මල්ලියෙක්.. ඉතිං තාත්තා කෙනෙක් උණාම ළමයි ගැන දන්නවනේ.. ඒක වෙන්න ඇති.. කොහොමටත් ළමයි නැති අය ළමයි ඉන්න අයට වඩා වසයි කියල මට හිතෙන්නේ.. අපි හත වසරෙදි වගේ තමා ජයරත්න සර් ඉස්කෝලෙම මිස් කෙනෙක් එක්ක යාලු වෙලා බැන්දේ.. දැන් නම් ළමයි දෙන්නෙක්ද කොහෙද ඉන්නව...

ඒ කාලෙ මම ගොඩක්ම ආස උනේ නුවරට.. ශිෂ්‍යත්ව ප්‍රතිපල අනුව මම අයදුම් කරපු  ඉස්කෝල වලින් මාව තේරුනේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයට.. ඒකෙ හොස්ටල් නොතිබුණු නිසාත් එහෙ අපේ කවුරුවත් නෑයින් හිටියේ නැති නිසාත් මට යන්න උනේ නෑ.. 


මගේ ශිෂ්‍යත්ව විභාගෙ ලකුණු අනුව පුත්තලම් දිස්ත්‍රික්කේ 38 වෙනියා බව මම දැක්කෙ අස්වීම් සහතිකේ ගන්න ගියපු වෙලාවේ.. දැනගත්ත කියල වැඩකුත් නෑ ඉතින්.. උසස් පෙළ වගේ ගණන් ගන්නෙත් නෑනේ රෑන්ක් එක.. ඒ කාලෙ ඒ ගැන මම හුඟක් දුකින් හිටියත් දැන් නම් ඒක හොඳයි කියල හිතෙනවා...

76 comments:

  1. යාළුවනේ...මට පහුගිය දවස් වල ඔයාලගේ බ්ලොග් ගොඩාරියක් මඟ හැරුණා... දැන් හෙමීට කියවගෙන යනවා.. ඔක්කොටම බැරි උණත් අන්තිම පෝස්ට් එකට හරි කමෙන්ට් කරන්න උත්සහ කරනවා.. කවුරුත් මාත් එක්ක තරහ වෙන්න එපා... මම දැන් ශානි නෙමේ අනූ....

    ReplyDelete
    Replies
    1. මොකෝ නම වෙනස් කරේ.

      Delete
    2. ඒ උනාට බ්ලොග් රෝලෙ තාම පෙන්නන්නෙ ශානිගේ හිත කියලා...

      Delete
    3. රිෆ්‍රෙශ් කරලා බලන්න.... :)

      Delete
  2. බුදු අම්බෝ........දැක්ක කල්...
    දැකීමත් සතුටක්.. :-)

    ෂාහ් ශානි. නෑ නෑ...අනූ මාරයිනේ ඈ...ශිෂ්‍යත්ව විභාගෙත් පාස්ලු.. ;-)

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඔය චුට්ටක් එහාට මෙහාට වුණාට මම ඉන්නවා..... ස්තුතියි රජෝ :)

      නෑ... මාර නෑ මාර නෑ.... මම .ශිෂ්‍යත්ව විභාගෙ පාස් තමා... :)

      Delete
  3. දුක හිතෙනව වයස ගැන... මම සාපෙ කලේ 2000දි ;)

    අර කවිය නම් මරු :)

    ReplyDelete
    Replies
    1. හපූ.....මං ශිෂ්‍යත්වෙ කලෙට් 2003...හිකිස්.....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒකනේ අයියේ මම හැමදාම කියන්නේ උඹ නාකියි කියලා...

      Delete
    4. @සාතන්
      අපෝ ඕකත් දුක් වෙන්න දෙයක් යැයි... අපේ ලොකු අයියා උසස් පෙළ කරද්දී මම එක වසරෙනේ :))
      චූටි අයියා සාපෙ කළේ 2001....

      කවියා ෂෝයි නේ... මට තාම මතකයි...

      @අග්නි ධාරා
      ඒකනේ නේ නඟා

      @කසුන්
      මේ අපේ සාතන් අයියට මොකුත් කියන්නෙපා හරී..... :)

      Delete
  4. එක පාර ඩ්ම් වුනා! නම වෙනස් නිසා..හික් එල

    ReplyDelete
    Replies
    1. ඩිම් වුණාට දැන් නෝමල් නේ !!! මේක මගේ ඇත්ත නමට හුඟක් ළඟයි... ස්තුතියි...

      Delete
  5. අනේ අම්මේ මේ අනු කෙල්ල දැක්ක කල්. කොහෙද බොල අතුරුදහන් වෙලා හිටියේ ???????

    ReplyDelete
    Replies
    1. දැන්වත් දැක්කනේ, සතුටු වෙයල්ලා... බ්ලොග් අවකාසෙට එන්න බැරි උණා බං..... :))) අතුරුදහන් වෙලා නෑ.......................

      Delete
  6. අපේ පන්ති භාර සර් වුනේ සුනිල් සර්.හපෝ අපිට ගහපු තරමක්.අඩි රුලෙන් ගැහුවේ....

    දන ආයෙත් පටන් ගත්තද බ්ලොග්.කියල අතුරුදහන් වෙන්න.

    ReplyDelete
    Replies
    1. අපේ අනුර සර් නම් ගැහුවේ නෑ... ළමයින්ට හරි ආදරෙයි...

      නෑ නෑ අතුරුදහන් වෙන්නෙ නැතෝ... හෙමීට හෙමීට දිගටම ලියනෝ....

      Delete
  7. මට අපේ ඉස්කෝලෙ ගැන තියෙන්නෙ පුංචි මතකයක්...මම 5 ට ආවෙ මෙහෙ...ඒ උනාට තාමත් ආසයි ඒ පුංචි මතකෙට.....

    ReplyDelete
    Replies
    1. ඒකාලේ කාටද අමතක වෙන්නෙ... හරිම සුන්දරයි !!!

      Delete
  8. අනූගේ ලොකෙට ඔන්න තරූගේ ලොකෙන් ආවා...
    හම්බියෝ දැක්ක කල්...දැන් ලෙඩ සනීපද....
    මටත් පොඩි කාලෙ මතක් උනා....

    ReplyDelete
    Replies
    1. කොපි කළා නෙමේ හොඳේ.... මතක් කරලා කරලා බැරිම තැන දැම්මේ....
      ඒකනේ... ගොඩක් කාලෙකින් නේ... දැන් සනීපයි..
      හැමෝම පොඩි කාලෙට ගිහින් වගේ...

      Delete
  9. 2000දි මම හිටියේ 8 වසරනේ.. :)

    එකපාරම මම බැළුවා මේ අනුගේ ලෝකය කියලා බ්ලොග් එකක් මම කවද්ද ෆලෝ කරේ කියල.. බැලින්නම් මේ අපේ..... :)

    ReplyDelete
    Replies
    1. 2000 දි ඔයා 8 උනේ 88 ජනවාරි නිසා නේ.. නැත්නම් 7 නේ....

      නම වෙනස් උණත් ප්‍රොෆයිල් පික්චර් එක හැමෝටම වගේ මතකයි නේ.... :)))

      Delete
  10. anuu nangiiii........kohomada??? aluth wela wage....ara kawiya siraaa :))

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් සයුරි අක්කි........... හොඳයි........ඔයාට කොහොමද??? ඔව් නේ අළුත් උණා..හොඳා නේද? ..... අපිට ඒ වගේ සිරා කවිත් දන්නවා....:)))

      ඒක නෙමේ මොකෝ ඉංගිරිසි?

      Delete
  11. Replies
    1. You are warmly welcomed to my blog.... Thanks for coming... !!!

      Delete
  12. අපිටත් හිටිය ජයතිස්ස කියල වසවර්ති සර් කෙනෙක් 5 ඉන්නකොට....වෙලාවට පින්තූරෙ මීටර් නිසා හොඳට ගියා නැත්නම් අනූ කියන්නෙ කව්ද කියල දහ අතේ කල්පනා කරනව........

    ReplyDelete
    Replies
    1. මෙයා ජයරත්න නේ... ඒකනේ... පින්තුරේ හැමෝටම මතක හිටපු එක හොඳට ගියා....

      Delete
  13. ආහ්.. පින්තූරෙ නිසා අදුරගත්තෙ.මං බැලුවා කවුද කියල.

    ReplyDelete
    Replies
    1. පින්තුරේ මට සෑහෙන උදව්වක්නේ කරලා තියෙන්නේ....

      Delete
  14. අළුත් වෙනසක් නෙ..
    මටත් මතක් වුනා පොඩිකාලෙ කරපු සෙල්ලම්..
    මතකම හිටින්නෙ බට්ටා පැනපු හැටි..සෙල්ලම් කරන්න පුළුවන් ඉන්ටවල් එකේදි විතරක් නිසා සමහර දවස්වල බට්ටා තරඟෙ ඉවර වෙන්නෙ සතියක් විතර ගිහින්..!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් අළුත් වෙනස හොඳයිද?....
      අම්මෝ සතියක් බට්ටො පැන්නා.............................. මාරයි නේ....!!!

      Delete
  15. දෙයි හමුදුරුවනේ...දැන් කීවෙනි වසරෙයි ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉස්කෝලේ යන්නේ නෑ... 2009 තමා උසස් පෙළ කළේ.....

      Delete
  16. අලේ මෙයා මේ කිරි දරුවෙක්නේ අප්පා. අපේ වයසට වෙද්දී බ්ලොග් එකේ ඔස්තාර් කෙනෙක් වෙලා තියේවී.
    අර කවිය නම් මරේ ම‍රු. අපිත් ඒ දවස්වල ශිෂ්‍යත්ව පන්ති ගියා පන්සලේ. අම්මෝ චක්කරේ වැරදුනහම ගල කැට දෙකක් කණට තියාලා වැල්ලේ දනගහගෙන ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඈ..... ඒ කියන්නේ බට්ටි අක්කා නව යොවුන් තරුණියක්ද? අලේ එහෙම කියන්න එපා අප්පා.... මම හෙමීට හෙමීට ලියන්නේ... කවිය සිරා වගේ කියලා දැන් කීප දෙනෙක්ම කිව්වා... මම නම් පන්සලේ පන්ති ගිහින් නෑ....

      Delete
  17. අපොයි 2000 දි 05 වසරෙද ? එහෙනම් දුවේ කියලා තමා කතා කරන්ඩ වෙන්නෙ.. හිහ්..

    ඔය සෙරප්පු ගැහිල්ලට අපි කිව්වෙ "දනිස්සෙන් පහල " කියලා. නීති රීති එමමයි.

    සූ ගැනනම් දන්නෑ.. ඒක ටිකක් චක් ගුඩු වගේ නේද ?

    මම නම් අතිසාර්තක විදිහට ශිෂ්‍යත්වෙ ෆේල්.. අපේ සමහර උන් හරක් වගේ ඇඬුවා ඕක ෆේල් උනා කියලා. මටනම් වගේ වගක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ 2000 දි 5 වසරේ තමා.... දුවේ කිව්වත් නැතත් ඒකෙ අවුලක් නෑ... අපි හැමෝම යාළුවො නේ...

      දනිස්සෙන් පහල...??? ම්ම්ම්ම්ම් එහෙම දන්නෙ නෑ....

      සූ දන්නවා....චක්‍ ගුඩු දන්නෙ නෑනේ.... :))

      මම අති සාර්ථක විදියට පාස් උනේ ඕක විතරයි මගේ හිතේ...

      Delete
  18. නියමයි නියමයි. අපිනම් ශිෂ්‍යත්වේ පාස් උනාට පිට ඉස්කෝලවලට අයැදුම් කලේ නැහැ. එකක් මාව තනියම ගෙදරින් එලියට යවන්නේ නැති අපේ තාත්ති මම පිට තැනක ඉස්කෝලේ යනවට බෝඩින් වල ඉන්නවාට කොහොම කැමති වෙන්නද..

    අනික තමයි මම ඉන්න ගමේ හොඳම පාසල කන්යාරාමයක් . ඒ නිසා ගැහැණු ළමයෙක්ව යවන්න හොඳම පාසල.

    අදටත් මම ඒ කාලේ අපේ තාත්ති ගත්තු තිරනෙට ගරු කරනවා.

    ReplyDelete
    Replies
    1. මමත් 2000 5 වසරේ :පි

      Delete
    2. මේ හෙන පොඩි කෙල්ලොනේ......... ලොකුවට හිටියට.

      Delete
    3. ඔව් බං තාම කජු කිරි කෙල්ලෝ...:D

      Delete
    4. @වර්ණා
      මම නම් ආසාවෙන් හිටියේ... ඒ වෙනකොට අපේ චූටි අයියා නුවර ඉස්කෝලෙක 10 වසරේ හිටියේ...

      අනේ මන්ද මම නම් මිශ්‍ර පාසල් වලට තමා වැඩිය කැමති...

      ඔයා ඉතින් මගේ වයසෙනේ කෙල්ලේ....

      @අසරණයා
      අපෝ හරි ලොකු අයියලා... මගේ චූටි අයියත් ඔයාගේ වයසේ තමා....

      @කසුන්
      මොනා කිව්වා.... කජු කිරි.... හා හා ඔයා කිරි කජු.... :P

      Delete
  19. මගේනම් පහ වසර විතරක් නෙමේ....

    එක වසරෙ ඉඳලම සේරම දන්න...ඉස්කෝලෙම්ම නසරානිම කෙල්ල සහ ප්‍රින්සිපල්ගෙ ඉදන් හැම ගුරුවරයෙක්ගෙම ආදරේ ලබපු මතක්වෙනකොටත් ඇස්දෙකට කඳුළු එන මගේ ආදරණීය පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදුහලේ “කොටි පුලී.....“

    හයියූ ඇඩෙනව අනූ අක්කෝ මේක ඩැක්කම....:‘(

    ReplyDelete
    Replies
    1. පාසල් මතකය කවදත් සුන්දරයි නගේ.... අඬන්න එපා ඉතින් මොනා කරන්නද?

      Delete
    2. අග්නී ධාරා...ඔයාව පෞද්ගලිකව කතා කරන්න හම්බෙන්න වෙයි..:ඕ

      Delete
  20. අනේ අනූ ඔබ කොයිතරම් දක්ෂයෙක්ද ලකුනු 177 අරන් පාසලේ දෙවනියා නියමයි. නියමයි. හැබැයි අපි නම් ශිෂ්‍යත්වේ උඩින්ම ෆේල්. ගෙදරින් කිසිම දෝස්මුරයක් නෑ. ඒත් පස්සෙ විභාග ටිකනම් ගොඩ.

    "අනූගේ ලෝකය" නිකං "අපූගේ ලෝකය" වගේ අර පාථර් පංචලී කතවේ..

    මේ නම නම් ටිකක් වෙනස් වුනොත් හොදයි කියල හිතෙනවා.
    ශිෂ්‍යත්වෙන් පාසු වුණාට පහුවෙලා වුණත් සුබ පැතුම්.
    මේ පොස්ට් එක එඩ්වඩ්ගේ "අකුරු මැකී නෑ" ගිතය සිහිපත් කරනවා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... 178 එහා පන්තියේ පිරිමි ළමයෙක් ගේ... 177 අපේ පංතියේ වෙනත් ගැහැණු ළමයෙකුගේ... මගේ 170 යි!!!

      අනේ... ආයෙ නම් නම වෙනස් කරන්නට බැහැ..

      සුභ පැතුමට ස්තුතියි.... දැන් උසස් පෙළ තුන් වෙනි පාරත් කරලා ඉවරයි...

      Delete
  21. ඉතිං ඔයා උසස් පෙලත් රෑන්ක් දැම්මා නේද ?

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ... තේරුණේ නෑ වගේ... මම කවදද උසස් පෙළ රෑන්ක් දැම්මේ????????????

      Delete
  22. කව්ද මේ කියලා බැලුවා.පින්තුරෙන් අදුර ගත්තා..හිතේ ඇති අපිව රවට්ටන්න.මේ අර කවියනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. අනේ අනේ... රවට්ටන්න දැම්මේ නෑ ඩ්‍රීම්ස්.... පින්තුරේ වෙනස් නොකළේ කවුරුවත් අඳුරගන්න එකක් නැති වෙයි කියල තමා... බයට...

      කවිය මරු කියල කිව්ව 4 වෙනි කෙනා ඔයා.... :)))

      Delete
  23. නම ගම වෙනස් කරනව කිවුවට එක පාරට අඳුරගනන් බැරිවුනානෙ.එහෙම ගුරුවරු ලැබෙන්නෙ බොහොම කලාතුරකින්,අනික වාසනානාවට.

    ReplyDelete
    Replies
    1. අනේ... පින්තුරේ ඇඳීන්නෙ නැද්ද අයියා? ඒක තමා අපේ වාසනාවට ලැබුණු ගුරුතුමෙක් එයා... අයියට ලියන එක අමතක වෙලාද????

      Delete
  24. දාන්න පහක්.. 5පංතියේ මගේ අංකයත් 12.. මමත් නිකන් ආයමත් සුන්දර 5 පන්තියට ගියා වගේ දැනුන... පොඩිදෙයක් කියන්නම්. අඩෙ අප්පා 2000 දි පහේ පන්තිය කියන්නෙ මෙයා පොඩි න0ගි බබෙක් නෙ. හැබැයි ඉතින් මේ පොඩිවයසට මෙහෙම බ්ලොග් ලියනව නම් ලොකු උනාම අර කිව්වත් වගේ බ්ලොග් ඔස්තාර් කෙනෙක් වෙයි.මම උපෙල 2003 වෙලත් බ්ලොග් පටන් ගෙන තවම මාසයක් විතර වෙන්නෙ. ඒ අතින් නම් අපි පොඩි ළමයි
    බ්ලොග් එකේ අලුත් නම නම් ටිකක් වෙනස් කලොත් හොදා කියල තමා මටත් හිතුනෙ. එකපාරටම ඒක පේන්නෙ අනූන්ගේ ලෝකය වගේ.

    ReplyDelete
    Replies
    1. ඔන්න පහක් දැම්මා හුරේ...... ඔයත් 5 පන්තියට ගියාද?

      2000 දී පහේ තමා අනේ නංගි බබා... බ්ලොග් ඔස්තාර වෙන්න මම දිගට හරහට ලියන්න එපැයි.. මම ලියන්නේ හෙමීට නේ... අපේ චූටි අයියා උසස්පෙළ 2004... ඒ කියන්නේ ඔයා සාතන් අයියගේ වයසේ... සාතන් අයියේ, මෙන්න ඔයාගේ වයසේ තවත් යාළුවෙක්!!!

      බ්ලොග් ඒකෙ නම නම් අනුන්ගේ ලෝකය බැරි නම් අපූගේ ලෝකය උණත් දැන් වෙනස් කරන්න විදියක් නෑ... තරහ නෑනේ නේද?

      Delete
  25. මාම ශිෂ්‍යත්වෙට ක්ලාස් ගියපු සර් නම් හෙන වසයි.මගේ අකුරු හකුරු වගේ කියල කී දවසක් නම් ගහන්න ඇද්ද>
    හැබැයි ඉතින් කොහොමහරි ගොඩ දාගත්ත:)
    ඉස්කෝලේ නම් මාරු කරේ නෑ හැබැයි!

    ReplyDelete
    Replies
    1. ඒ උඹ පණ්ඩිතයා හින්දා නේ.. ගොනා නොවී ඒ කාලේ කියපුවා ඇහුවා නම් අද කොතන ද? දැනුත් ඉතින් වෙනසක් නෑ නේ!

      Delete
    2. @නුවන්
      ම්ම්ම්ම් මගේ නම් අකුරු ලස්සනයි කියල පංතියේ අනිත් ළමයි හැමෝටම කලින් මට පෑනෙන් ලියන්න දුන්නේ 4 වසරේදී... හකුරු වගේ වෙලා හරි ගොඩ නම් ඉතින් එච්චරනෙ බං..... මට ඒ දවස් වල උණ වගේ ඔය ඉස්කෝලේ මාරු කිරිල්ල ගැන...

      @NJ ranGO
      :))

      Delete
  26. මේ ඔන්න මම නම් කතා කරන්නේ පරණ නමෙන් හොඳද.:)

    පොඩි කාලේ නම් මතක් කරන්න එපා අනේ දුකයි. කොච්චර සැහැල්ලුවෙන් හිටියද.

    ReplyDelete
    Replies
    1. ඔයා කැමති නමක් කියන්න අයියේ... අපේ එහා ගෙදර ඇන්ටි මට කියන්නේ අනූ කියලා.... යාළුවො නම් වැඩි හරියක් කියන්නේ කාංචනා කියලා... අනූ කියන අයත් ඉන්නවා (මගේ මූණුපොතේ නම් දෙක)

      දුක් වෙන්න එපා ඉතින් එව්වා මතක් කරලා සතුටු වෙන්න...

      Delete
  27. අනු කියන්නද ශා කියනද. ශා කියන්නද අනු කියන්නද. හිතා ගන්න බෑ. සමහර ගුරුවරු එක විදිහක් තවත් සමහරු තවත් විදිහක්. ශිෂ්ශත්ව පන්තියෙත් අත්දැකීම් ගොඩක් තියනවා. මම නම් ජීවිතේ ඉගෙන ගන්නවා කියල දැනෙන්න ඉස්සෙල්ලම වතාවට ඉගෙන ගත්තේ ශිෂ්ශත්ව පන්තියේ. අනේ ඒ කාලෙට ආයෙම යන්න තියනම්

    ReplyDelete
    Replies
    1. ඕන එකක් කියන්න පැතූ.... හොඳ ගුරුවරයෙක් ලැබෙන්නේ ළමයින්ගේ වාසනාවට...
      මාත් යන්න ආස ඒ කාලෙට තමා...

      Delete
  28. මෙච්චර කල් මම ගිය පන්ති වලින් මම ආස ම කරපු පන්තිය තමයි ශිෂ්‍යත්ව පන්තිය. මේ පෝස්ට් එක කියවද්දී මට සමහර පරණ දේවල් මතක් වුණා. මම ශිෂ්‍යත්වේ කළේ 2001 අවුරුද්දේ.. මටත් තිබුනේ 177 යි. ස්තුතියි ඒ මතකයන් අවදි කරන්න උදව් කලාට..

    ReplyDelete
    Replies
    1. "මටත් තිබුණේ" කියන්නේ...මගේ 170 යි මල්ලි...

      ඔය මතක් වෙච්චි සමහර දේවල් පෝස්ටුවකින් ලියන්න බලන්න... ශිෂ්‍යත්ව පන්තියට ගොඩක් අය ආසයි වගේ වගේ...

      Delete
  29. ශා ඔයා නියමයිනෙ.. ඉස්කෝලෙම ද්වෙනියා??නියමයිනෙ... මටනම් 165යි තිබ්බෙ :( හැබැයි කොළබ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට යන්න ලකුණු ඇතිවුනා.. ඒ කාලෙ හරිම ශෝක්..මට මතක් ව්උනා හැමදේම..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මම නෙමේ දෙවෙනියා... 178 තමා ඉස්කෝලේ වැඩිම... මට තිබ්බේ 170 යි හිතූ...

      Delete
  30. හික්ස්ස්... අපි අහලවත් නැති සෙල්ලම් පවා ඔයාලා කරලනේ. ඉරිසියත් හිතෙන්වා. :D
    මට නම් ශිෂ්‍යත්වෙ පාස් වෙන්න එක ලකුණක් මදි උනා..:(
    මේ පැත්තට ආපු පළමු වතාව.. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... පළමු වතාව නෙමේ.. ඔයා ආව කලින්... මතක නැතුව ඇති ඔයාට නම් මගේ ප්‍රොෆයිල් පික්චර් එක නේද?
      ඒ දවස් වල මගේ හොඳම යාළුවාටත් ඕකමයි උනේ... :(
      ඉරිසියා කරන්න එපා හලේ චූටි අපි පව්ව්ව්................... :)))

      Delete
  31. ශිෂ්‍යත්ව විභාගේ නම් මට මේ ලෝකේ වැඩක් වෙච්ච විභාගයක් නෙමේ. කියන්ඩ ලැජ්ජ වෙන්නේ මොකෝ මම ඒකෙන් ෆේල් !!

    නංගිට ඒ දව හොදට මතකයි නෙහ්. ඔයා දක්ෂ දරුවෙක් !!! :)

    ප.ලි. - මම් බැලුවා කවුද මේ අනූ කියලා. කලින් හිටපු ශානි නේ !! :)

    ReplyDelete
    Replies
    1. ඉතින් දැන් හැබෑ දක්ෂයා ඔයානේ අයියා... අන්තිමට කොහොමහරි ගොඩ නේ...

      ඒ දවස් වල තමා මම දක්ෂ... :(((

      ඔව්....කලින් ශානි තමා.... :)

      Delete
  32. වෙලාවට ඔයා උසස් බාලිකා විද්‍යාලයට ආවෙ නැත්තෙ, ඒත් ඉතින් ඉස්කෝලෙ වරදක් කියන්නත් බෑ, ඉන්න අයගේ හැටි තමයි ඉතින්.... මට නම් ඔය මතක හරියට දියේ කෙටූ අකුරක් වගේ නේ! ඒකට ඔයා....

    ReplyDelete
    Replies
    1. පස්සේ පස්සේ ඒ ආසාව නැති උණා... ඒ ලෙවල් වෙනකල් ඉස්කෝලේ හිටියේ පුදුම ආසාවෙන්... ඇයි උසස් බාලිකා විද්‍යාලය නරකද?? ..... එහෙම දියේ කෙටූ අකුරක් වෙන්න දෙන්න පුළුවනැයි මෙහෙව් මතක...!!!

      Delete
  33. ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ කියන නිසා මාත් දත් හැලෙන කල් ඉස්කෝලෙ යන්න ගුරුවරයෙක් උනානෙ. දැන් නම් හිතෙනවා අපරාදෙ කියලත්!!!

    මොකද අනූ මේ ඉලක්කං ඔක්කොම උඩ ගිහින් තියෙන්නෙ? යුනිකෝඩ් නේද? අර සිංග්‍රීසි එකේ ගහනකොට නම් ඔහොම පේනවා නමුත් ඇලෙව්වට පස්සෙ හරියනවනෙ.

    ඔන්න මේ බ්ලොග් එක එල්ලුවා මගෙ HeyDude බ්ලොග් රෝලෙ හරි. නියම නමින්ම අප්ඩේට් වෙලා තියෙනවා.

    henryblogwalker the Dude

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..