ලෝකෙට ආපු අය

Tuesday, February 7, 2012

සේපාලිකා මල (කෙටි කතාව)



 “හෙට පාලොස්වක පෝය.. උදෑනැක්කෙම පන්සලට යන්න ඕන”

පියවතී එසේ කීයේ කිසිවෙකුටවත් නොව තමාටමය. තැනින් තැන අණ්ඩ දැමූ කහට ගැහි සුදු චීත්තයද තමා සන්තකයේ වූ එකම සුදු හැට්ටයද පෙර දිනම රැයේ ඈ සරි කර තැබුවේ බැතිබර සිතිණි. 

පසු දින උදෑසනම අවදි වූ පියවතී  තම සිල් ඇඳුම ඇඳගෙනම මිදුලේ වූ සේපාලිකා ගසෙන් මල් නෙළුවාය. නිවසේ බුදු කුටියට වැදුණු ඈ ඉන් කොටසක් බුදුන්ට පුදා ඉතිරිය සිලි උරයක දමා තම මල්ලෙහි ඔබා ගත්තාය.

“දුවේ, මම පන්සල් යනවා”

කියා නිවැසියන්ට දන්වා උරබන්දිය අපිළිවෙලට පටලවා ගත් වයෝවෘද්ධ ස්ත්‍රිය අඩ අඳුරේම හෙමින් හෙමින් පන්සල කරා ගමන් ඇරඹුවාය. අතරමගදී අසල්වැසි නිවසේ රොසලින් ද ඇය සමඟ ගමනට එක් වූවාය.

“ආහ්, පියවතී අක්කේ.. අද උදෑනක්කෙම ගෙදරින් එළි බැහැල වගේ ”

“ඔව් රොසලින් නගේ, ගිය පෝය දොහටත් තුනටියේ කැක්කුමක් ඇවිදින් මට එන්ට බැරි උණා නෙව.. ඒක හින්ද අද වේලපහින්ම ලෑස්ති උණා”

“ඒක නේන්නම්, හොඳා හොඳා පය ඉක්මන් කරල යමු අක්කෙ එහෙනම්”

පියවතී  දීග ගිය දූවරු දෙදෙනෙකුගේ හා පුතුන් දෙදෙනෙකුගේ මෑණි කෙනෙකි. කලක පටන් ඇයගේ වාසස්ථානය වූයේ තම පොඩි දුවගේ නිවසයි. ඈටද පස් හැවිරිදි පුතෙක් සිටී. ගතින් දුබලව ගියද පියවතී සිතින් තවමත් ශක්තිමත් කාන්තාවක් වූවාය.කල් තියා පිටත් වූ බැවින් සිල් දීමට පෑ බාගයකට පමණ පෙර පන්සලට ඒමට ඔවුන් දෙදෙනාට හැකි විය. දෙදෙනා එක්ව පන්සල් මළුව ඇමදුවෝය. ගෙන ආ තෙල්, මල්, සුවඳ දුම් වලින් තෙරුවන් පිදූහ.  

කෙමෙන් කෙමෙන් සිල් ගැනීමට පැමිණි ඇත්තන් එක්කාසු වෙද්දී පන්සලේ ලොකු හාමුදුරුවෝ ධර්ම ශාලාවට වැඩම කළහ. රැස්ව සිටී පිරිස ශීලයේ පිහිටවූ උන්වහන්සේ සිල් ඇත්තන්ගේ පාතරාසය සඳහා කටයුතු සලස්වමින් ශාලාවෙන් බැහැර වූහ.පැයක කාලයක් ලැබෙන ඒ කටයුත්තේදී වැඩි ඉඩක් වෙන වූයේ උපාසක අම්මලාගේ හා උපාසක මහත්තයලාගේ ඕපාදූප කියවිල්ලටය. මසකට වරක් හමුවන මොවුන්ගේ සතුට එය වන්නට ඇත.

“මේ, සුමනෝ දන්නවද වැඩක් ! අර එහා ගමේ ලීලක්කට සර්පයෙක් ගහල.. හොඳටම අමාරු වෙලා. ඔයිං මෙයින් බේරිලා තියෙන්නෙ”

“ඇත්තද ඇල්බට් අයියේ, හෙටම උන්දැව බලන්න යන්න වේවි”

“මේ ඒක නෙමේ පත්මක්කේ, අර දියෝනිස් අයියලාගේ ලොකු කෙලී රට ඉඳං ආවා කියන්නෙ ඇත්තද? මම නං දෑහට දැක්කෙ නෑ..”

“ඔව් සිරියාවතී නංගියේ, ඒකි ඇවිත් තියෙන්නෙ පෙරේද රාත්තිරියේ.. උන්ට දැන් හරි ජයයි..”

පාතරාසය හමාර වී සිල් ඇත්තන් සූදානම් වූයේ උදෑසන ධර්ම දේශනාවට සවන් දීමටය. පියවතිද තම මිත්‍ර රොසලින්ද කැටුව ඉදිරිපස තිබූ කලාලයක වාඩි ගත්තාය. සවන් පත් එදෙසට යොමු කළද සිත තුබුයේ ගෙදරය.

සිව් දරු මවක් වූ ඇය තම දියණිය සෙවණේ හුන්නද තම මව ගතින් වඩ වඩාත් දුබල වන්නේද එතරම්ම ඇයට දක්වන සැලකිල්ල බිඳකින් හෝ අඩු උණා මිස වැඩි වූයේ නම් නැත. තමාටම පමණක් ජීවත් වන්නට සකසා දී ඇති නිවසින් පිට කුඩා නිවසේ ඈ තනිවම තම කෑම වේල පවා සකස් කර ගනිමින් කිසිවෙකුටත් කරදරයක් නොකරමින් විසුවාය. විශ්‍රාමික ගුරු මාතාවක් වූ පියවතී තම මූලික වියදම් සරි කර ගත්තේ පෙන්ෂන් පඩියෙනි.

ලෙඩට දුකට කලට වෙලාවට බෙහෙත් සාදා දෙන්නට තරම් සිතක් පහල නොවූ ඇගේ දියණිය ඇගේ පහසුවම තකමින් පැරසිටමෝල් පෙතිම සිය මෑණියන්ට ගිල්ලන්නට උත්සුක වූවාය. මේ ද තමාගේ දරුවෙකුයි කියා ඇය ඉවසුවාය. සිතින් හැමවිටම දරුවන් සිව් දෙනාටම ආශීර්වාද කළාය. ඔවුන්ට නම් අම්මෙක් සිටින බව මතක් වන්නේත් අවුරුදු කාලයට පමණි. හැට්ට රෙදි කෑල්ලක්, චීත්ත රෙද්දක් ගෙන තමන් බැලීමට පැමිණෙන වග ඈ දන්නීය. එහෙත් එවැන්නකට මව් සෙනෙහස සම කළ හැකිද? ඈ තම දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ එයද? රිදුම් දෙන මතකය යළි යළිත් අවදි වෙද්දී ඇගේ චීත්ත කොණ පෙඟී යන්නට විය. පැය එකහමාරක් ගෙවුණා ඇයම නොදත්තාය.

“පියවතී අක්කෙ, අන්න බුද්ධ පූජාව විහාරෙට වැඩම කරනවා, උන්නු තැනින් නැගිට්ටනම්... සුනංගු නොවී ඒ පැත්තට යමු”

පියවතී පියවි සිහියට එළඹියේ එවිටය. වහා කඳුළු වළකා ගත් ඈ අසල බිත්තියට වාරු දී නැගිට්ටාය.  දෙදෙනාම ඉක්මන් ගමනින් විහාර ගෙය දෙසට ඇදුනාහ. සියළු ගාථා කියා බුද්ධ පූජාව පවත්වා ඉනික්බිති සියල්ලෝම නැවත ධර්ම ශාලාවට ගොස් ඈඳී ගත්තේ දහවල් දානය වළඳන අටියෙනි.

දානයට පිළිගැන්වූයේ මොනවාද යයි පියවතී නොදනී. අතීතයට සිත දිව ගොසිනි. පොඩි දුවට අවුරුද්දක් ලබන්නටත් කලියෙන් සැමියා මිය ගිය අයුරු ඈ සිහිපත් කළාය. ඉන්පසු තමා ගුරු වෘත්තියේ යෙදෙමින් තම දරුවන් පිරිස හදා වඩා ගැනීමට වෑයම් කළ හැටි ඈට මතක් විය. නැවත කසාදයක් කර ගන්නා ලෙස මව්පියන් කළ ඉල්ලීමද නොසලකා තම මුළු ජීවිතයම දරුවන් සිව් දෙනා වෙනුවෙන් කැප කළ අයුරු සිහියට නැගෙන විට අනවසරයෙන් නෙතු අගට පැමිණි කඳුලක් ඈ ආයාසයෙන් මැඩපවත්වා ගත්තාය.

දහවල් දානමය අවස්ථාවෙන් පසු උදා වූයේ ධර්ම සංවාදයේ යෙදීමේ මොහොතයි. වයෝවෘද්ධ වෙද මහත්මයෙකු විසින් මෙහෙය වූ එය පැයකින් පමණ අහවර විය. මීළඟට තේ විවේකය එළඹිණි. රහ ගුණක් නොබැලූ පියවතී උපාසක අම්මා හකුරු කබල්ලත් සමඟ තේ ඩිංග ඉකමණින් හමාර කළාය.
පන්සලේ වැඩ වසන පොඩි හාමුදුරුවෝ ධර්ම ශාලාවට සැපත් වූයේ මේ අල්ල පනල්ලේය. ඒ මීළඟ අදියර වූ භාවනා වැඩසටහන මෙහෙයවීමටය. පොඩි හාමුදුරුවන්ගේ නම රාහුලය.

“ආහ්... උපාසක මහත්තයල තේ පානය අවසන් කරල වාඩි උණා නං මෙන්න මෙහෙන්. කෝ ඔය පොඩි ළමයි එහෙම ඉන්නවා නම් එන්න ඕන මට පේන්න ඉස්සරහට.. පිටිපස්සට වෙලා කසු කුසු ගන්න බෑ තේරුණාද? කවුරුත් බිත්ති වලට වාරු නොදී කඳ කෙලින් තියා ගත්තොත් හොඳයි”

රාහුල හාමුදුරුවෝ  උපාසක පිරිස අමතා දැනුවත් කළහ. ඉක්බිති නැවතත් ඔවුන් දෙස බැලූ හිමියෝ මෙසේ පැවසුහ.

“මම අරණ්‍යවාසීව හුඟක් කල් මහන්සි වෙලා  බණ භාවනා කරල ධ්‍යාන උපදවාගෙන තියෙනවා.. මට පුළුවන් මේ උපාසක ඇත්තන්ව විනාඩි 15ක් ඇතුළත රහත් කරන්න. කවුද කැමති දැන්මම නිවන් දකින්න. කෝ බලන්න කැමති අය අත උස්සමු”

රාහුල හිමියෝ එසේ කීයේ උපාසක ඇත්තන් මෝඩයින් යයි සිතා නොවේ.. උන්වහන්සේ එවැනි ධ්‍යානයක් ලබා සිටියේද නැත. උන්වහන්සේට ඇවැසි වූයේ මේ සිල් ඇත්තන්ගේ සිත් දැන ගැනීමටය.
විනාඩි  දෙක තුනක් බලා සිටියද කිසිවෙකුගේ අත් එසවුණේ නම් නැත.

“කෝ මේ උපාසක උන්නැහේලා කවුරුත් කැමති නැතිද දැන්මම සසරින් එතෙර වෙන්න? ඈ උපාසක අම්මේ මොකෝ අකමැතිද දැන්ම නිවන් දකින්න? මම දැන් මේ ඉස්සරහම ඉන්න කීප දෙනා ගෙන් අහන්නයි යන්නේ හේතුව.. හා කියමු බලන්න අපේ රන්දෙණිය ලොකු ඉස්කෝලේ මහත්තය මුලින්ම....”

“අනේ පොඩි හාමුදුරුවනේ, පොඩි කෙල්ල තාම ගෙදර. දෑහ පියා ගන්ට කලියෙන් ඒකිට පෙළවහක් කරල දෙන්න එපායැ..අම්මත් නැති කෙලී...”

“හොඳයි ඊළඟට කරෝලිස් වෙද මහත්තයා මොකද කියන්නෙ..”

“මගේ මේ වෙදකම තාම කාටවත් උගන්නන්න බැරි උණා හාමුදුරුවනේ... මේ සාස්තරේ අපේ එකෙක්ට දායාද නොකර මට රහත් වෙන්න බෑ අපේ හාමුදුරුවනේ..”

“ඊළඟට පියවතී උපාසක අම්මත් කිව්වනම් බලන්න සසරින් එතෙර වෙන්න දැන්ම බැරි කාරණාව මේ කට්ටියටම දැන ගන්ඩ..”

“අනේ හාමුදුරුවනේ, මම අද උදේ ගෙදරින් එළියට බහිද්දී පොඩි දුව කිව්වා යන ලෝකෙක ගිහින් හවස 5 වෙන්ඩ කලින් ගෙදර එන එකයි, මේ ළමය බලාගන්න ඕන. මට ගමනක් යන්න තියෙනවා. පස්සෙ මම නරක ගෑණි කියන්න එපා කියල. ඉතින් දෙයි හාමුදුරුවනේ, ඉන්න පැලත් නැතිඋනොත් මම කොහේ කියල යන්නද?”

සිවුරක් ඇඟ ලාගත්තාට සිතින් තවමත් පෘථග්ජනයෙකු වූයෙන් රාහුල හිමියන්ගේ සිත සොවින් බරවිය. කියන්නට වචන දහසක් මුවට නැගුණු මුත් මුව ගොළු විය.. උන්වහන්සේ ඉන්පසු කිසිවක් ඇසූයේ නැත.


                                                           

ප.ලි -මේ මම ඉඳල ඉඳල ලිව්ව මුල්ම කතාව. පුංචි උත්සහයක්...  කතාව කියවලා අඩු පාඩු තියෙනවා නම් පෙන්වා දීලම යනවා නම් ගොඩක් හොඳයි. ආයේ කතාවක් ලියද්දි ඒවා හදා ගන්නම්... 

83 comments:

  1. Replies
    1. ම්ම්ම්.... පළමු කමෙන්ටුව... ස්තුතියි...!!!

      Delete
  2. පුංචි උත්සාහය හොඳයි.වරකක් මටනම් පෙන්නේ නැහැ.

    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මගෙ පුංචි උත්සාහය අගේ කළාට ස්තුතියි.. ආයෙත් පුළුවන් වෙලාවක කතාවක් ලියනවා... :)

      Delete
  3. කතාව ගැන කතා කලොත් අර්ථය සුපිරිය... කාලෙට ගැලපෙයි...

    ඇත්තටම ගොඩාක් හොද සාර්ථක උත්සහයක්....

    සතු‍ටුයි... ඔන්න පලවෙනි කථාවෙදිම එකතු වෙන්න ලැබුන එක ගැන.. පුලුවන් හැම වෙලාවෙම ලියානවා නම් ගොඩාක් අය කැමති වේවි

    ජය වේවා නංගෝ

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි අයියා....

      ඇයි අනේ පළමු කතාවේදීම එකතු වෙන්න ලැබුනට සතුටුයි කියන්නෙ... මම නවකතාවක් ලිව්වයැ... :)

      හැමවෙලේම නම් බෑ... පුළු පුළුවන් හැටියට ලියන්නම් හොඳේ...

      Delete
  4. මටත් වරදක් නම් පේන්න නැහැ...තව තව ලියමු...ජය වේවා..

    ReplyDelete
    Replies
    1. අහ්හ් අක්කට පේන්නෙත් නැද්ද??? හිමීටයි ලියන්නෙ.... සුභ පැතුමට ස්තුතියි...!!!

      Delete
  5. කතාවේ වරදක් නේද??? එහෙම එකක් හොයාගන්නවත් තිබුනේ නෑනේ.. කෙටි කතානේ... එකකට එකක් වෙනත් තේමාවන් එක්ක එකකට එකක් වෙනස් රිද්මයන්ගෙන් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.... අයියට පෙනිලත් නෑ එහෙනම්... ඔව් ඔව් කෙටි කතා තමා... කෙටි වැඩි නෑනේ... උපදෙස හිතට ගත්තා. වෙනස් තේමවක කතාවක් ඊළඟට ලියද්දි ලියනවා.......:)

      Delete
  6. අක්කාගේ පුංචි පලවෙනි උත්සහය ගොඩක් සාර්ථකයි කියන එක තමා මට නම් කියන්න තියෙන්නේ... ලස්සන කතාව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා... තාම එකයිනේ... ඉස්සරහට මොනා වෙයිද බලමු..:)

      Delete
  7. මේ වගේ කොච්චර ප්‍රශ්න තියෙනවද මිනිසුන්ට....ඇත්තටම මරු කතාව.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...සත්‍ය සිද්ධියක් කතාවට පාදක කරගත්තේ... ස්තුතියි.. කලින් දැකල තියෙනවද මන්ද? :)

      Delete
  8. ලස්සන කතාව සහෝදරී...
    ජය ශ්‍රී!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ..!!! මේ පැත්තේ ආවමයි වෙන්ටැති..ආයෙත් ඇවිත් යන්න එන්න..:)

      Delete
  9. හාමුදුරුන්ගේ හිත සොවින් බර උනි එතනින් ඉවර කරලා හාමුදුරුවෝ හිතපු දේ ගැන අපිට දසදහස් වාරයක් හිතන්න අවස්ථාව දීලා තියනවා ඒකට තමයි මම කැමතිම

    පළමු එක උනාට නියමෙට ලියලා තියනවා දිගටම මේවගේ ලියමු.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ සිතුවිල්ල ඉන් එහාට ගෙනියන්න තමා එතනින් නැවැත්තුවේ... ආයෙත් එන්න... ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි... :)

      Delete
  10. වරදක් නම් පේන්න නැහැ...ලස්සන ගැමි වහරක් යොදාගෙන තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හි හි...වරදක් නැද්ද... එහෙනම් කමක් නෑ.... බොහොම අමාරුවෙන් මතක් කර කර "වහර" ලිව්වේ... :)

      Delete
  11. වැදගත් පණිවිඩයක් .... හොඳයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...ස්තුතියි...ආයෙත් ඇවිත් යන්න එන්න...:)

      Delete
  12. ම්ම් ලස්සනට ලියල තියෙන්නෙ..හොඳ අනාගතයක් තියෙනවා.. :-)

    ReplyDelete
    Replies
    1. හොඳ අනාගතයක් තියනවා කිව්වේ කතා ලියන්ටද??? :) ස්තුතියි හොඳේ....

      Delete
  13. ඇත්තටම වයසට ගිය අම්මලා තාත්තලා ගොඩකගෙ පොදු සිතිවිල්ල මේක තමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම..... හරිම දුකයි... :(

      Delete
  14. හොඳම කෙටි කතාවක්, කතාවේ හරය විශිෂ්ඨයි.හොඳ උත්ප්‍රාසයක් ගෙන දෙන කතාවක්.අවසානය කතාවේ උපරිමයට ගේනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... ඇත්තටම කතාවේ අවසානය හොඳ බව මටත් දැනෙනවා.... ඉදිරියේදීත් තව කතා ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා... නමුත් හෙමීට...

      Delete
  15. මේක ඔයාමද ලිව්වේ??:D
    (බස් වහර අමුතු නිසා ඇහුවේ!)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මල්ලි මම තමා ලිව්වේ.... අමාරුවෙන් මතක් කර කර ලිව්වේ ඔය භාෂාව.... කතාව හොඳ නම් එච්චරයි...:)

      Delete
  16. මේක ඔයාගෙමයි නේද? මොකද මම කියවල තියනව "නිවන්යාම" කියල කෙටිකතාවක්. පත්තරේකද කොහෙද තිබුනෙ. ඒකෙත් පංසලක සිල් ඇත්තන්ගෙන් කෙනෙකුට නිවන් දකින්න "අවස්ථාවක්" එනව. හැමෝම තමන්ට තියන ප්‍රශ්න නිසා කැමතිවෙන්නෙ නෑ. අන්තිමට කවුරුත්ම කියනව හාමුදුරුවන්ට "අවස්ථාව" ගන්න කියල. තමන්ට තියන වැඩ රාජකාරි විස්තර කරන හාමුදුරුවොත් අන්තිමේදි බැහැ කියනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අයියේ... මගේම තමා... අයිය කිව්ව කතාව මම නම් කියවල නෑ... හැබැයි ඔය මගේ කතාවෙ පියවතී උපාසක අම්මගෙයි රාහුල හමුදුරුවන්ගෙයි දෙබස ඇත්ත එකක්...(අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ අපේ ලොකු මාමා එක්ක කිව්ව කතාවක්.. මුළු කතාවම ඒ ඔස්සේ විකාශනය කළේ) නම් ගම් මනඃකල්පිතයි...

      Delete
  17. පලමු පාරම හයේ පාරක්. සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔහොම කියන්න එපා අෆ්ෆා... ඊළඟට හතරේ පාරක් උනොත් !!! ස්තුතියි යාලුවේ...

      Delete
  18. ලස්සනෙට ලියල තියනවා අක්කා, මුල්ම කෙටි කතාව වශයෙන් නියමය් : )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියා... :)

      Delete
  19. කියන්නනම් කිසිම වරදක් නැ
    ලස්සනට ලියලා තියෙනවා නේ

    ReplyDelete
    Replies
    1. හික් හික්.... සන්තෝසයි... ලස්සන නම් එච්චරයි... ආයේ පස්සෙ වෙලාවක ලියන්නම්කො එකක් :)

      Delete
  20. හොඳ ආරම්භයක් නගෝ! සාමාන්‍යයෙන් කතා නොවෙන මාතෘකාවක්. කියන්න නම් වරදක් නෑ. වාක්‍ය වල අදහස එක පාරටම කියන්නේ නැතුව ටිකක් රස කරලා කියන්න බලන්න. (ඔය කිව්වට මටත් බැරිම වැඩේ ඕක.:) මාත් ගොඩක් ට්‍රයි කරනවා ඒක හදාගන්න.)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කතා නොවෙන මාතෘකාවක් උණත් ඔය සම්බන්ධ කතාවක් මට යන්තමින් දැනගන්න ලැබුණා පන්සලේ හාමුදුරුවන්ගෙන්... ඒ ඔස්සේ ලිව්ව කතාව තමා මේ... හ්ම්ම්ම් ඉදිරියේදී ඒ උපදෙස පිළිපදින්න බලනවා.... ඔයත් ට්‍රයි කරන්න, මාත් ට්‍රයි කරන්නම්.... :)

      Delete
    2. හලේ... තව පොඩ්ඩෙන් ස්තුති කරන්නත් බැරි වෙනවා... ටැංකු වෙරි මච් කිව්ව ඕන්.... :)

      Delete
  21. පළවෙනි ලිපිය කිව්වත් ලස්සනට ලියල..මේ ලියන රිද්මයත් ලස්සනයි...දිගටම ලියන්න යාලු...

    ReplyDelete
    Replies
    1. රිද්මය ලස්සනද? දිනේෂ් අයිය නම් කිව්වේ කෙටි කතා නිසා රිද්මය මාරු කරන්න කියල... බලමුකෝ ඊළඟ කතාවට ප්‍රතිචාර... ඉස්සරහටත් කතා ලියවේවි හැබැයි හිමීට හොඳේ... ස්තුතියි.... :)

      Delete
  22. සිංදුවක් මතක්වුනා..

    සේපාලිකා...සේපාලිකා....

    ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ආ.... එහෙම සිංදුවකුත් තියෙනවද????? මම නම් දන්නෙ නෑ....... :)

      Delete
  23. කතාව ලස්සනයි !
    නංගිටත් කතා ලියන්න පුලුවන් නෙව. මරු ඈ !!
    අර පියවති උපාසකම්මට 5 වෙද්දි ගෙදර එන්න කිව්වේ නැත්නම් මෙලහට සසරින් එතෙර වෙලා !!
    පවු දෙයියනේ !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි !
      පුළුවන් වගේද? අනේ මන්ද !!
      ඔව්නේ... එතෙර වෙන්න තිබුණා !!! පව් නේ.... :( මොනා කරන්නද?

      Delete
  24. මට නම් වැරද්දක් පෙනුනේ නැතෝ... ඔය ලියල තියෙන්නේ අපූරුවට..

    ReplyDelete
    Replies
    1. නගාලා ඉතින් අපිට වඩා ඇඩ්වාන්ස් කස්ටියනේ... අපි තාම කතා ලිවිල්ලට පොඩි.... අපූරුයි නම් ඉතින් අවුලක් නෑ... :)

      Delete
  25. ඇරඹුමක් ලෙස හොඳයි,
    මමත් ඊයෙ සේපාලිකා ගැන ලීව නිසා සින්ඩියෙ දැකල ආවෙ,
    සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...මාත් ඒ පැත්තේ ගිහින් බැලුවා... :) ඇවිත් කමෙන්ට් කළාට ස්තුතියි...

      Delete
  26. ෂහ් ඔය තියෙන්නේ අපූරුවට කිසිම වරදක් පේන්න නෑ දිගටම ලියමු අක්කේ නියමයිනේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි.. හදිස්සියක් නෑනේ.. හෙමීට ලියන්නේ කතා.. :) ආයේ කවද ලියයිද කියන්න බෑ...

      Delete
  27. අවුලක් නෑ... නියමෙට ලියලා තියෙනවා. තව ලියමු ගොඩක් ඉස්සරහට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... ලියන්නම් ඉස්සරහට.... හැබැයි හෙමින්... :)

      Delete
  28. ෂහ්: ලස්සනට ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. හි හි...ස්තුතියි... :)

      Delete
  29. වරදක්?? කිසිම වරදක් නෑ.. ලියන්න ලියන්න තව තව පුරුදුවෙනවා ලස්සනට ලියන්න..ජයවේවා!!! ලස්සන තේමාවක්..

    ReplyDelete
    Replies
    1. හික් හික්....ඉතින් වරදක් නැත්නම් හොඳයි නේ අෆ්ෆා.... ස්තුතියි හිතූ... තේමාව කාලෝචිතයි නේද? :)

      Delete
  30. ඔය ලිය්ල‍ා තියෙන්නේ එල කිරියට..මොකක්ද මේකේ තියන අඩුපාඩුව...
    මාල වැඩේ නේ මම ඔයාගේ බ්ලෝග ෆලෝ කොරලා නෑනේ මෙච්චර කල්..අයියෝ සල්ලි...

    ReplyDelete
    Replies
    1. එල කිරියට නෙමේ අනේ මගේ බ්ලොග් එකටනේ ලිව්වේ.... අඩු පාඩු නැත්නම් ඉතින් කමක් නෑ...
      ඉතින් ඒක මාල වැඩක් වෙන්නේ කොහොමෙයි තාම මගේ පස්සෙන් පන්නන්නේ 58 යි නේ... ඔයාව සාදරයෙන් පිලිගන්නවා... කමෙන්ටුවට ස්තුතියි... :)

      Delete
  31. පිච්ච මල සහ රාහුල හාමුදුරුවො ගැන දැක්කම මට ජයසේන ජයකොඩි මහත්තයගේ "පිච්ච මල" නවකතාව මතක් වුණෘ..

    නියමයි ශානි..

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීමයි...

      "සේපාලිකා මල" සහ රාහුල හාමුදුරුවො ගැන දැක්කම මට ජයසේන ජයකොඩි මහත්තයගේ "පිච්ච මල" නවකතාව මතක් වුණෘ..

      Delete
    2. මම නවකතා පොත් නම් එතරම් කියවිල්ලක් නෑ... හැබැයි ඔය කියන පොත අපේ ලොකු අය්ය ගාව තිබ්බ මට මතකයි... නම් මම හිතල දාපුවා.... :)

      ස්තුතියි...!!!

      Delete
  32. හෆෝයි මටත් බෑ දැන්ම නම් නිවන් දකින්න. ඊට කලින් කොච්චර නම් වැඩ රාජකාරි කොරන්න තියෙනවද අෆ්ෆා....:D

    ReplyDelete
    Replies
    1. අහ්හ් බැරිද? ඇයි අනේ නිවන් දැකල සසර දුකින් එතෙරේ වෙන්නකෝ... :D

      Delete
  33. ගොඩක් හොඳ උත්සහයක් නංගි.කතාවෙ අන්තිම ටිකට මම ගොඩක් ආසයි.අපේ ගම් වල මිනිස්සුන්ගෙ තියන ආකල්ප හොඳට ලියල.එකපාරටම රහත් කරනව කිවුවොත් කීයෙන් කීදෙනාද කැමති වෙන්නෙ.
    පරක්කුවෙලා ආවට සමාවෙන්න...

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ... ඔයාට පස්සෙ කමෙන්ට් දාපු අයත් ඉන්නවනේ අයියේ... අන්තිම ටික හොඳ බව ගොඩක් අය කියනවා... උත්සාහය අගය කිරීම සහ කමෙන්ටුව වෙනුවෙන් ස්තුතියි ඔයාටත්..:)

      Delete
  34. මම පෙරේද ‍ගෙනාපු කෙටි කතා පොතේ තිබුන ඒවට වඩා එල :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් එතරම් හොඳද? පොත කියවන්නකෝ එහෙනම්... ඊළඟ කතාව දාන්නෙ නෑ දැන්ම.. ස්තුතියි....:)

      Delete
  35. කියලා වැඩක් නැහැ සුපිරි

    ReplyDelete
    Replies
    1. අනේ... කියල වැඩක් නැද්ද? අපෝ කියන්නකෝ අනේ... :)
      සුපිරි නම් එච්චරයි ඉතින්... ස්තුතියි...

      Delete
  36. පළමු එකම මෙතරම්ම සාර්ථකනම් පහු වෙනකොට කොහොමද කියල හිතුනා.
    හොඳ අදහස් ටිකක් ඉදිරිපත් කරල තියනවා. බොහොම ඉහලයි . දිගටම ලියන්න.
    සුභ පතනවා!

    ReplyDelete
    Replies
    1. මේ ඔබගේ පළමු පැමිණීමයි... කමෙන්ටුවට ස්තුතියි... සාදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට... පහු පහු වෙද්දී කොහු කොහු නොවේවා කියල ප්‍රාර්ථනා කරන්න.... :)

      Delete
  37. ඔයාගේ කතාව හරිම ලස්සනයි. ඉතින් නංගෝ ඔයාට හොද අනාගතයක් තියෙනවා.ඔයාගේ පටන්ගැනීම මෙච්චර ලස්සන නම් ඉස්සරහට ඔයා ලංකාවේ හොදම ලේඛිකවක් වෙනවා එක මට ඉර හද වගේ විශ්වාසය් නංගෝ.මේ වැඩේ දිගටම කරන්න නංගියෝ. ඔයාට හොද අනාගතයක්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්..... ගොඩක් ස්තුතියි මගෙ අයියේ.. ඔයවගේ ප්‍රතිචාර තමා මාව දිරි ගන්වන්නේ... ඉස්සරහට බලමුකො තව කෙටි කතාවක් ලියන්න... දිගටම කියවන්න එන්න..... මගේ අනාගතයට සුභ පැතුවට ඔයාට ගොඩාරියක් ස්තුතියි හොඳේ...

      Delete
  38. ඔයා මගේ ආදරේ(මගේ පණ)නේ.ඉතින් මම ආසයි ඔයා දක්ෂ ලේඛිකවක් වෙනවට.ඉතින් මගේ සුදු නංගෝ දිගටම ලියන්න නවත්වන්න එපා... ඔයාට සුබ අනාගතයක් මගේ මැණික.. මම ඔයාට ගොඩක් ආදරේයි.

    ReplyDelete
    Replies
    1. ඔයත් මගෙ පණනෙ ඉතින්..... දක්ෂ ලේඛිකාවක් වීම කෙසේ වෙතත් ගොඩාක් ලියන්න, කියවන්න ආසයි මං... මගෙ සුදු අයියා මට උදව් කරනවා නේද? ගොඩාක් ස්තුතියි මගෙ වස්තුව... මාත් ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ සුදු චතූ අයියේ....

      Delete
  39. ඔයා තමයි මගේ පුංචි ලේඛිකව.මම මගේ පණ තියෙනකම් ඔයාට උදව් කරනවා.මම ඔයාට පණවගේ ආදරෙයි මගේ සුදු මැණික (අනූ පැටියා)

    ReplyDelete
  40. ඔයාට හොඳට ලියන්න පුළුවන් නේ. ලස්සනයි කතාව..:)

    ReplyDelete
  41. ස්තුතියි... ආයේ වෙලාවක ලියන්න ඕන...

    ReplyDelete
  42. ඇත්තටම ඔයාට හොඳට ලියන්න පුළුවන් නේ! (අනරඝයි..!)මම මේ කමේන්ටුව නොදා යන්න හැදුවත්, මේක මට පස්සේ හම්බඋනත්, මේක ඔයාගේ කතා රචනා කිරීමේ මූලාරම්භය නිසා! ඔයාට කැමති blog reader කෙනෙක් විදියට එහෙම මගඇරල යන්න හිතදුන්නෙ නෑ.....! මම තවමත් මේ blog රචනා හෛලියට අලුත්..., ඉතිං නවකයෙක් විදියට මට ඔයාව විවේචනය කරන්න තේරැමක් නෑ....... මම තවමත් ඔබව හොයනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... තව කෙටි කතාවක බාගයක් ලියල තියාගෙන ඉන්නවා...ඉතුරු ටිකත් ලියල දාන්න ඕන... ( මම ඕක විතරයි ලිව්ව කෙටි කතාව) මෙච්චර පරණ පෝස්ට් එකක් බලලා කමෙන්ට් කලාට ස්තුතියි.... සොයන්නාට හම්බ වේ ලු.... ඔයත් මගේ පෝස්ට් වලින් මාව දකින්න....

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..