ලෝකෙට ආපු අය

Saturday, December 31, 2011

ඕපදූප

දැන් ඔයාලා බලනව ඇති අවුරුද්ද ඉවර වෙන්න පැය ගාණක් තියෙන මේ වෙලාවේ මම මේ ලියන බහුබූතෙ මොකක්ද කියලා..ඇත්තම කියනවා නම්  ලංකාවේ ගොඩාක් දෙනක්ට තියෙන ලෙඩක් මේක.. තමන්ගේ දෙකට වැඩ කොච්චරවත් හොයන්නෙම අනුන් ගැන.. නිකමට හිතල බලන්න ඔයාලගේ ජීවිතේට සම්බන්ධ කොයිතරම් නම් අය ඒ වගේද කියලා.. මට නම් ඒ සම්බන්ධව හොඳ හොඳ අත්දැකීම් තියෙනවා. අනුන්ගේ ඕන කුණු ගොඩක් තමන්ගේ විදියට හිතාගෙන ඒ දේවල් පස්සෙ පන්නන අය ඕන තරම්.


මේ ලඟදි ඒ ලෙවල් ප්‍රථිපල ආවනේ. (මාත් ලිව්වා) ඒ අස්සෙ පහුවදා අපේ අම්මා පන්සලේ බෝධි පුජාවකට යන්න ලෑස්තිය..මම දන්නව ගියොත් පන්සලේ කට්ටියට විස්තර විචාරයක් දෙන්න වෙන බව. මම ගියේ නෑ,අම්මව යැව්වා. ඔය එකෙක්වත් අපේ ගෙදරක ආසාවට ඇවිත් තියෙන උන් නෙමේ. ඒත් හොයන්නෙම අනුන්ගේ වගතුග. මට නම් පේන්න බෑ..බොරුවට පෝයට සුදු රෙදි පොරවාගෙන මහා ලොකුවට සිල් ගන්න නම් යනවා. ඒත් සිල් අරගෙන කරන්නෙත් කේලම් කියන එකම තමා. ඊට වඩා සිල් නොගෙන ගෙදර ඉන්න එක හොඳයිනේ. දැන් කට්ටිය සිල් ගන්න යන්නේ සිල් ගන්න නෙමේ.. යාලුවෝ හම්බෙන්න,එක එකාගේ ඕපාදුප කියවන්න, දවල්ට වළඳලා බුදියන්න.. ඕවට තමා.


 අනිත් කට්ටිය ගුරුවරු. ගියා පාර මම රිසල්ට් කියන්න ඉස්කෝලේ ගියවෙලේ අපිව ගණන් වත් ගත්තේ නෑ එයාලා. මොකද ගියා පාර පුත්තලම් දිස්ත්‍රික්කේ මෙරිට් 10 න් වැඩි හරියක් තිබුනේ අපේ ඉස්කෝලේ.ඉතින් උනුත් එදා ඉස්කෝලේ ඇවිත්.උන් එක්ක හිනා වෙනවා,කතා කරනවා..අපි එක්ක මුනිච්චාවට කට කොනින් හිනා වෙනවා. නිකමට වත් මාව අල්ලාගෙන රිසල්ට් අහල මගේ හිත හැදෙන්න කතා කලේ අපේ බයෝ මිස් විතරයි.එයා මට ඒ දවස් වල ඉඳලම ආදරෙයි. (හිත හැදෙන්න කිව්වට මම ගිය පාර ෆේල් නෑ හරි?) අපේ පන්ති භාර මිස් පවා හරියට කතා කලේ නෑ. මට ගොඩාක් දුක හිතුනා.


මේ පාර රිසල්ට් ආව වෙලේ බයෝ මිස් ඇවිත් තාත්තා හම්බෙන්න මගේ රිසල්ට් අහන්නම. ඒ ගිය බ්‍රහස්පතින්දා .එදා උදේ මට විද්‍යාපීට ලියුම ඇවිත්.මම දන්නේ නෑ.. තාත්තා මිස් ආපු වෙලේ කියලා විද්‍යා පීට වලට ලියුනුත් ඇවිත් තියෙන්නේ යවනවා කියලා.මිස් කිව්වලු "අනේ ඇයි එයාව පීට යවන්නේ කැම්පස් යවන්න. එය දක්ෂ ළමයෙක්නේ" කියලා..( ඕක මම නෙමේ කිව්වේ අපේ බයෝ මිස්..නැත්නම් කියයි මම අතින් දා ගත්තු එකක් කියලා) ඔන්න ඊයේ මම පන්ති ඇරිලා ඇවිත් නිදාගෙන ඉන්නකොට හවස ගෙදරට කෝල් එකක් ආවා. මම නෙමේ ගත්තේ අම්මා. අම්මා මට කතා කළා. මම හෙලෝ කිව්වම ගියේ මෙහෙම දෙබසක්

මම : හෙලෝ
කෝලර් : හෙලෝ මම මිස් කතා කරන්නෙ.
මම : ආහ් බයෝ මිස් ද?
කෝලර් :  නෑ මම ශාන්ති මිස් කතා කරන්නෙ. කොහොමද රිසල්ට්?
මම : මගේ ### මිස්.
කෝලර් : රෑන්ක් එක කියද?
මම : ### මිස්
කෝලර් : ඉසෙඩ් එක කියද?
(දැන් මෙයා දානවා ඒ ගැන පුර්ණ විමර්ශනයක්. මාත් ඉතින් මොන උනත් අවුරුදු 2 ක් පන්තිභාරව උන්න මිස්නේ කියලා මාත් කතා කළා)
මම : මගේ 0.#### මිස්.
කෝලර් : අනිත් අයගේ කොහොමද? තව කාගේද දන්නේ?
(මාත් ඉතින් දන්න කට්ටියකගේ රිසල්ට් ටිකක් කියලා දැම්මා)
මෙන්න මිස් එක පාරටම "හා එහෙනම් තියන්නම්" කියලා කෝල් එක කට් කරපි.

මට ඉතින් ශෝක් ඒවා මතක් උනා. මිස් නේ .. මාත් "හා මිස්" කියලා තිබ්බා...

ඔන්න ඔහොමයි එයාලගේ හැටි. මට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ගෙදර නම්බර් එක මිස්ට කොහොමද අහු උනේ කියලා. මම දැනුවත්ව නම් කවදාවත් මිස්ට දීල නෑ. ඉතින් හොර වැඩක් වත් කල හැකිය, ගෙදරට කිව්වොත් එහෙම දැකලා..එයාට ඕන කරන ඔක්කොම හොයාගෙන හෙමීට ශේප් එකේ කතාව අවසන් කළා.. නිකමට දැක්කම හිනා වෙන්නෙත් නැති සයිස්.ඒකට විතරක් මාව මතක් වෙලා..අනේ මෙහෙමත් ගුරුවරු.


මේ දෙවෙනි සීන් එක.

අපේ පවුලේ කට්ටිය හැම අවුරුද්දෙම එකතු වෙලා ට්‍රිප් එකක් යනවා. මේ පාරත් ගියා. ගියේ කතරගම පැත්තේ.. කිරි වෙහෙර, කතරගම දේවාලේ, දෙවුන්දර දේවාලේ, යාල,....... ම්ම්ම්ම් තව කැස්බෑ අභිජනන මද්‍යස්ථානයක් බලන්නත් ගියා. දවස් 3 යි. ගියේ අපේ අම්මගේ පවුලේ සහෝදරයන් සහ ඒ පවුල් වල කට්ටිය. රෝස බස් එකක් ගියේ. ඔක්කොම සීට් ෆුල්. වැඩේ කියන්නේ දවස් 3 ගමනේ දවස් 2 ක් ම මම ජම්පින් සීට්. කොන්ද රිදුන නොසෑහෙන්න. ඒත් කාටවත් කරදර කරන්න අකමැති නිසා මම මගේ පාඩුවේ ඒකට වෙලා උන්නා.. එකට සෙට් වෙලා ගියාට මොකෝ කට්ටිය අතරේ එක එක විරසක. හැබැයි කවුරුත් එළිපිට පනාව දාගෙන තමා. නැති තැන කපනවා. ඒ අයත් කල්පනා කරන්න ඕන තමන් නැති තැන අනිත් අයත් මෙහෙම කරනවා ඇති නේද කියලා. සමහරු සීට් වලට රණ්ඩු. අනේ මන්ද සංසාරේ.... මැරෙද්දි අරන් යන්නය.. එක නැන්ද කෙනෙක් තව නැන්ද කෙනෙක් එක්ක තරහා වෙලා එයා ඉන්න සීට් එක ගාව යන්නත් බෑ කිව්වා.. පින් අතේ වැඩකටයි අපි ආවේ. කිරිවෙහෙරට දානයක් දෙන්න සිල් ඇත්තන්ට. ඒකට මහන්සිවෙලා වැඩ කරපු නැන්දලා හොරට වැඩ කරපු නැන්ද කෙනෙක්ට ඇනුම් පද කියනවා. අනේ මන්ද ඔක්කොමල වෙස් මූණු දාගෙන ඉන්නෙ .. බොරූ සොබ්බෙට හිනා වෙන්න.. උඩින් හකුරු යටින් කතුරු. මොනා උනත් ඔය සෙට් එකම අපේ තාත්තට කෙසේ වෙතත් අම්මට නම් හරි ආදරෙයි. මොකද අපේ අම්මා හරි අහිංසකයි. කාවවත් බිඳවන විදියෙ දේවල් කියන්නේ නෑ එයා කොච්චර හිතේ තද කරන් හිටියත්. (මට තමා පොඩ්ඩක් එහෙන් මෙහෙන් සැර වැර දාන්නේ.)

ගිහින් ආවට පස්සෙත් කට්ටිය අප්සෙට්. ඉතින් ඔහොම හිත නරක් කරගන්න ට්‍රිප් යන්න ඕනය..අපේ ලොකු අය්ය තමා සුපිරි කතාව කිව්වේ. ඕකට කියන්නේ "ඇනුවල් ගොසිප් ට්‍රිප්" ලු. ඇත්තම තමා. ඒ නිසාම එයයි අක්කයි බබාලා 2 යි අපි යන ට්‍රිප් වලට එන්නේ නෑ පුරුද්දක් වශයෙන්.


ඔන්න තව පොඩි කතා කෑල්ලක්. අපේ අම්මගේ බාලම මල්ලිගේ දුවලා ගියෙත් මගේ ඉස්කොලෙටම තමා. දවසක් අම්මා මගෙන් කව්දෝ මන්ද මිස් කෙනෙක් ගැන අහනවා.. මම ඉතින් එයාව දන්නෙ නෑ. මම කිව්වා "මම දන්නෙ නෑ එහෙම කෙනෙක්" කියලා. ඒ ගමන අම්මා කියනවා " ඔයා ඉස්කෝලේ ඉඳල ඉස්කෝලේ මිස් කෙනෙක් වත් දන්නෙ නෑනේ. අර නංගිගෙන් ඇහුවනම් කියයි"කියලා.. (ඉතින් එයාල දන්නව කියලා ඒ තරම් ෂුවර් නම් එයාලගෙන්ම අහගන්න එපැයි. මගෙන් අහන්නෙ? මම නොදන්නවයි ඒ දෙන්න ගැන.. ඕපාදුප මලු) අම්මට මාත් එක්ක තරහා. මම කිව්වා "මට ඒ මිස් කවුරු උනත් වැඩක් නෑනේ එයාගෙන්" කියලා.


අනේ මන්ද ඇයි මේ තරම් මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්න පන්නන්නේ? තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න බැරි ඇයි? දැන් ඔයාලා හිතනවද දන්නෙ නෑ මේක ලියන එකීට පිස්සු කියලා අපිටත් පිස්සු යැ කියලා.. මේ මගේ හිත කියන දේ.. ඔයාලා හිතන දේට පහලින් ඉඩ තියෙනවා..

එහෙනම් කට්ටියටම 2012 අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බත බුලතින් සරු, සියලු පැතුම් ඉටුවන, වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා මගේ ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ ආයෙත් හම්බෙමු. ගිහින් එන්නම්. කට්ටියටම ජය වේවා!!


33 comments:

  1. අන්න ආදර්ශමත් ගුරුවරු..ඔනදෙවල් දැනගත්තම ඇතිනේ.;ඕකටද ඔයාගේ ඕපාදුප හොයන්නේ.එක නිසා තමයි ඔයාගේ රෙසල්ට් විතරක් අහල නිකන් හිටියේ.අනේ..වාසනාන්.

    එහෙනම් සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  2. සමහරු ඉන්නවා ඔහොම ප්‍රථිපල අහලා ප්‍රථිඵලේ ටිකක් නරක එකක් උනොත් එතන ඉදන් 'අනේ ඇත්තද' මොකද උනේ තව පාඩම් කරන්න තිබ්බා නේ කියලා බොරුවට දුක් වෙලා හිත යටින් සංතෝෂ වෙන අය.

    නමුත් ප්‍රථිඵලේ හොද එකක් උනොත් කිසී...ම සද්දයක් බද්ඩ්ධයක් නෑ. අඩුම ගානේ සුබ පතන්නවත් හිතක් නෑ.

    ඒ මිනිස්සු අනුන්ගේ ඕප දූපයක් හොයලා සතුටු වෙන ජාතියේ අය.

    ReplyDelete
  3. @අසරණයා
    නෑ නෑ මගේ විතරක් නෙමේ ඔක්කොම කට්ටියගේ රිසල්ට් මගෙන් අහගෙන අන්තිමට නිකන්ම තිබ්බා..මම දන්නේ නැතුවයි අපේ මිස් ගේ හැටි..
    අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!

    @මධුරංග
    ඔව් ඔව් මම කියපු මිසුත් එහෙම ඩයල් එකක් තමා. ආයේ කරන්න බෑනේ මට.. ඒ නිසා ඒවා කියවන්න ආවේ නෑ.. මට යක්ෂ තරහ එවෙලේ..
    ඔහොම ගුරුවරු මට වැඩක්ම නෑ.

    ReplyDelete
  4. කවුරු කොහොම මොනව කිවුවත් අපිට යථාර්තයට මූන දෙන්න පුලුවන්නම් ඒක තමයි නිවැරදි දේ.....කොහොම වුනත් ශානි අක්කට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,මංගල සීනු හැඬවෙන,තරහ වෙලා ඉන්නවනම් ඒ කට්ටිය යාලු වෙන ප්‍රීතිමත්,සෞභාග්‍යමත් වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා.!

    ReplyDelete
  5. අයියෝ ඕවා ගැනනම් කතාකරල වැඩක් නෑ
    මමනම් නෑයොත් එක්ක ට්‍රිප් නම් යන්නේ නෑ ලොවෙත්.

    අපේ ශනි නගාටත්
    හැපීම හැපී මෙවුවා එකක් වේවා!

    ReplyDelete
  6. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  7. @කෝඩුකාරයා
    ඇත්ත කතාව මල්ලි.. යථාර්තයට මුහුණ දෙන්න තාම ඉගෙන ගනිමින් ඉන්නවා. කිරියෙන් පැණියෙන් ඉතිරීම කෙසේ උනත් දැන්ම නම් මංගල සීනු හඬව ගන්න අදහසක් නෑ.ඊට කලින් කොච්චර වැඩ තියෙනවද කරන්න? :D ඔයාටත් ප්‍රීතිමත් සෞභාග්‍යමත් වසරක් වේවා කියල ශානි අක්කත් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා..!

    @මහිම මදුරංග
    හි හි ඒක නම් මාරු අයිඩියා එක.එහෙනම් කට්ටිය එක්ක සෙට් වෙලා ජනවාරි 7 ට්‍රිප් එක යන්නයි තියෙන්නේ.. ලියන්නම ඕන නෑලු නේ.කියවන අයට,කමෙන්ට් කරන අයටත් ආවහැකි ලු.
    හ්ම් හ්ම් අපේ මහිම අයියටත් හැපීම හැපී මෙවුවා එකක් වේවා!

    @ඔබ නොදුටු ලොවක්
    ඔයාටත් එසේම වේවා!!!

    ReplyDelete
  8. ඔන්න ඔහේ ඔයත් 7 වෙනිදා එන්න

    ReplyDelete
  9. හම්මේ..... කොහෙත් එකයි අක්කේ අපේ කෙමිස්ට්‍රි මිස් ඔයිට හපං

    "2010 විභාගෙට කලින් අපේ කෙම් මිස්ට වැදලා ඉස්කෝලෙන් එන්න හදද්දි මිස් මගේ යාළුවෙක්ට මූණටම කිව්ව් ### ඔයාට පාස් වෙන්න නම් බෑ ඊළග අවුරුද්දෙවත් කරගන්න හරියට මේ සැරේ S එකක්වත් තිබ්බොත් හොදයි" කියලා හිතන්නකෝ මොනා හිතෙයිද එහෙම උනාම.

    අනික අක්කේ කැම්පස් ෂුවර්නම් විතරක් කැම්පස් දාන්න අපේ අයියට ඔහොම උපදෙසක් මිස් කෙනෙක් දුන්නා එයාට අන්තිමේ පීඨත් නෑ කැම්පසුත් නෑ.කැම්පස් ගියොත් නම් මරු ඈ

    ඔයාටයි පවුලේ හැමෝටමයි සුභම සුභ නව වසරක් වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජය වේවා

    ReplyDelete
  10. කෝ මම එන්න කියුවට මෙකි එන්නේ නැහැනේ..
    අනේ ඔය නෑදෑයෝ කියන්නේ මහා ඇණ.. පරාල ඇණ

    ReplyDelete
  11. @ගැමියාගේ පත් ඉරුව
    අම්මටසිරි, මිස් එහෙම්ම කිව්වද මලේ? මහා ජරා නේ..

    නෑ මල්ලි අපි පුත්තලම් දිස්ත්‍රික්කෙනෙ.ගිය පාරත් මට වඩා පහල රිසල්ට් කට්ටියට කැම්පස් ආවා.මටත් එයි කියල හිතෙනවා.කැම්පස් යන්න තම මාත් ආසා.

    බොහොම ස්තුතියි මල්ලි ඔයාටත් එසේම වේවා..!!!

    @වර්ණා
    අනේ ඉතින් එන්න විදියක් නෑ කෙල්ලේ. අපිටත් එක්ක උඹල ෆන් ගනිල්ලකෝ..(පස්සෙ අපි 2 නට නම් හම්බෙන්න බැරියැ)
    නෑදෑයෝ ගැන කියපු කතාව නම් සහතික ඇත්ත..

    ReplyDelete
  12. ප්‍රථිපල දැනගෙනත් සමහරු නන් තවත් අපහසුතාවයට පත් කරන්න ඒකම අහනවා. මට අවුරුදු 2 ක් ගෙදෙට්ට ගෙනල්ලා ගණන් ඉගැන්නුවා සර් කෙනෙක්.. ඒ කරලත් මට තියෙන්නෙ C එකක්.. ඕක කී දෙනෙක් නන් මගෙන් ඇහුවද ? හී හී ඒකත් එක්තරා අත්දැකීමක් ජීවිතේට මූණ දෙන්න වැදගත්

    ReplyDelete
  13. අපෝ නෑදෑයෝ ඔහොම තමයි නංගා...එයාලත් එක්ක දවසක් හිටියොත් ඉතින් කතා කෝටියයි...හරිම සෝයි :)) ඉතින් ප්‍රතිඵලය මොනවා උනත් ඔන්න මගේ සුබ පැතුම්...මේක දැකලා මම රිසල්ට් කියන්න ඉස්කෝලේ ගිය දවසේ උන දේවල් ටිකකුත් මතක් උනා...

    ReplyDelete
  14. @රොෂාන්
    ඇත්ත සහෝදරයා..මේ පැත්තේ ඇවිත් කමෙන්ට් කලට ස්තුතියි... ඔව් ඔව් මේ හැමදේම අත්දැකීම් තමා.

    @සයුරි
    ඔව් අක්කා.. එයාලගේ කතා නිකන් වැල යන පැත්තට මැස්ස බඳිනවා වගේ කතා..එහෙනම් පරණ කතා මතක් කරලා දාමුකෝ හොඳ පෝස්ට් එකක්..

    ReplyDelete
  15. මේක කියෙව්වයින් පස්සෙ මට හිතෙනවා මම හෙව්වෙත් අනුන්ගේ දෙයක් නේද කියලා... :)

    ReplyDelete
  16. ආයෙ මොනවට කියනවද... කොහෙත් එකයි බලන් ගියාම....

    ReplyDelete
  17. @ඊ මේල් කවිකාරි
    හ්ම්ම් හ්ම්ම්... ඇත්ත තත්වේ වහාම සංශෝධනය වෙන්න ඕන.

    ReplyDelete
  18. @හරී
    එහෙම නෙමේ අනේ..ඕනවට වැඩ ඕනෑම දෙයක් ඕනෑම නෑ කියනවනේ.. වැඩිය හිතන්න එපා.. මේ පැත්තට ආවට ස්තුතියි.. :D

    @Miyuru
    හ්ම්ම්ම්... අනේ මන්ද ඉස්සෙල්ලම මේ මහා මිනිස්සුන්ගේ මොළ ගෙඩි ටික හෝදන්න ඕන..මේ පැත්තට ආවට ස්තුතියි... :D

    ReplyDelete
  19. ශානිගේ හිත කියවන්න ඔන්න දේව් ත් ආවා.. නවතින්න තැනක් බැලුවා (ෆලෝ) හොයා ගන්න බැරි උනා... දිගටම එන්නම්කෝ...

    ඔන්න උදාවුනු නව වසර හැම බලාපොරොත්තුවක්ම ඉ‍ටුවෙන සුබ නව වසරක්ම වේවා කියලා ඔන්න මමත් හදවතින්ම සුබ පතනවා

    ReplyDelete
  20. නවතින තැන තියෙන්නේ උඩනේ... මේ පැත්තේ ආවට ස්තුතියි..සාදරයෙන් පිළිගන්නවා ඔයාව..දිගටම එන්න. ඔයාටත් උදාවුණු වසර සුභම සුභ එකක් වේවා!!!

    ReplyDelete
  21. අපිටත් ඔහොම තමයි, හොඳ ගුරුවරු අතරේ අපේ කරුමෙට පාත් වුන අයත් ඉන්නවා... මොනා උනත් ඔයාටත් සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  22. @ashan
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
    .... හි හී..ලෝක සොභාව,මේ පැත්තේ ආවට ස්තුතියි සහෝ

    ReplyDelete
  23. අපොයි රිසල්ට්ස් එන කාලේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.. මේක ඉතින් සිරි ලංකාවනේ..
    පරක්කු වුණාට සොරි වෙන්ඩ ඕනේ. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (ඔයා මට නංගි කිව්වට මන් හිතන්නේ අපි දෙන්නා එකම වයසේ. මං 91.. :D )

    ReplyDelete
  24. හ්ම්ම් හ්ම්ම් සිරි ලංකාවේ වැඩ ගැන ඉතින් කියනු කුමටද? අවුලක් නෑ.ඔයාටත් එසේම වේවා!! (නෑනේ,අපි දෙන්නා එක වයසේ නෙමේ.මම දැනගෙනම තමා නංගි කිව්වේ.මම 91 කෙල්ලේ...:D)

    ReplyDelete
  25. ශානිගෙ හිත කියවන්න ඕන කියලා හිටියත් ඒක මග ඇරුනා.. ඔන්න අද ඉදන් මම එනවා ශානිගේ හිත කියවන්න.. කමක් නැද්ද මන්දා...

    ReplyDelete
  26. @Dinesh
    ඔයා බොරුනේ කියන්නෙ... මෙච්චර කල් ආවෙ නෑනේ. මම නම් හැමදාම ඇවිත් අලුත් පෝස්ට් වලට කමෙන්ට් කරලමයි යන්නේ.. :( කියවන්න තමා ලියන්නෙ, හිතේ තියන දේවල්...:)

    ReplyDelete
  27. ආදරේ හිතෙනව ඕන්....
    <3 <3 <3

    ReplyDelete
  28. හික් හික්... ම්ම්ම්ම්ම් ඔන්න එහෙනම් මගෙනුත්.. :-* මේ පැත්තට ආවට ස්තුතියි සහෝදරී.

    ReplyDelete
    Replies
    1. මළ සේක.........
      වහා මිය යා යුතු බවක් හැඟේ...
      :D

      Delete
    2. කොල්ලෙක් කියල දැනගත්තට පස්සේ නම් මටත් හිතුන ඕන්.. :D

      Delete
  29. ඇනුවල් ගොසිප් ට්‍රිප්. මාරු කතාව. අපිත් ඔහොම ඒවා ගියා අවුරුදු ගානකට කලින්. දැන් ඉතින් ඩේලි ට්‍රිප්ම තමා.

    ReplyDelete
  30. ඈ... ඩේලි ට්‍රිප්... ඒයි රෙපෝ කොහෙද හැමදාම ට්‍රිප් කිය කිය යන්නේ ආහ්?

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..