ලෝකෙට ආපු අය

Tuesday, January 19, 2016

එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට..


මා සිටියත් නැතත් කොහි හෝ මා තුළ ඔබ රැඳී 

සිටින්න.... 
මගේ අවසන් නින්ද තුළට
සිහිනයක් වෙමින් නුඹ පැමිණෙමින් හිඳින්න... 
එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට...
යම් දිනෙක වර්ෂාවක් පැමිණියහොත් - මා ඒ වැහි බිංදු

තුළ සිටින බව සිතන්න....
උදෑසන හිරු රැසින් නුඹ තැවේ නම් - ඒ කිරණ තුළ මා

සිටින බව සිතන්න....
මා යමක් කීවද නොකීවද නුඹ මා අසමින්ම සිටින්න...
එපමණයි පැවසීමට අවැසි මට නුඹ හට...

4 comments:

  1. 2014ට එකයි 2015ට එකයි මේ 2016 එක වෙන්ටෑ :D :D

    ReplyDelete
  2. කැම්පස් යන නිසා ඉස්සර වගේ ලියන්න විවේකය අඩුයි...

    ReplyDelete
  3. ඇයිමේ නිතරම අපේක්ෂාභංගත්වයට පත් වේලා වගේ .............!

    ReplyDelete
    Replies
    1. කොයී....මම... නෑ නෑ ඉතින් කවියක් ලිව්වා... එච්චරයි..!!!

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..