ලෝකෙට ආපු අය

Saturday, May 5, 2012

~~~සඳයි තරුයි~~~ 5 කොටස


ගොඩක් දවසකිනුයි කතාව ලියන්න සෙට් උනේ.. අප්‍රේල් මාසෙටම පෝස්ට් 2 යි.. 
ඉතින් දැන් ඔයාලට කතාව මතකද දන්නෙත් නෑ.. 

ඉතින්, කලින් කොටස් කියවපු නැති අය, කතාව අමතක අය සහ අළුතින් මේ පැත්තට ආපු අයට තමා මේක... 


-----------------------------------------------------------------------------------------------------------
හෙට පෙබරවාරි 14
මෙච්චර වෙලා බත් පිඟාන අත ගගා හිටපු මම ඉක්මණට එතනින් නැගිට්ටේ තවත් උන්නොත් තත්වය දරුණු වෙන්න පුළුවන් නිසා..මම හෙමීට කාමරය පැත්තට ඇදුණා. විෂයන් තුනේම වැඩ දීල තිබුණ නිසා ඒක තවත් එක අවිවේකි හැන්දෑවක් උනා. සුදු අයියා එක්ක පොඩි විහිළුවක් කරන්න බැලුවත් එයා කාමරේට වෙලා දොරත් වහගෙන පාඩම් කරනවා. මාත් ඉතින් පාඩුවේ සද්ද නැතුව මගේ වැඩ කරගෙන හිටියා.

"තරූ, තාත්තයි මායි ගමනක් යනවා එද්දී ටිකක් රෑ වෙයි.. අන්න ඔය දෙන්නට කෑම බෙදල වහල තියෙන්නේ.."

"එද්දී මට පොප්කෝන් ගේන්න..." කියන්න කටට ආවත්  මම කිව්වේ නෑ..

"හරි අම්මේ" වැඩ කර කර උන්න පොතෙන් ඇස් ඉවතට නොගෙනම මම කිව්වා..

නිදාගන්න අඩු තරමේ පැය දෙකකටවත් කලින් රෑට කන්න ඕන කියල බයෝ තියරි පන්තියේ සර් කිව්වා මට මතකයි. වෙලාවත් බැලුවා 8.30 යි. සුදු අයියා ඕන දෙයක් කරපුදෙන් කියලා මම රෑට කෑවා.

ආයෙමත් ඉස්කෝලේ පොත් ටික අතට ගත්තු මම 10.15 වෙනකල් දිගටම පාඩම් කළා. කොහෙන්දෝ ආපු නිදිමතක් ඇස් ඉදිරියේ හොල්මන් කළා.

"දැන් ඇති" මටම කියාගන්න ගමන් මම ඇඳේ වැතිරුණා.
වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා ෆෝන් එක බලන්නවත් ඉස්පාසුවක් තිබුනේ නෑ.

පුරුදු විදියට එලාම් එක වදිද්දී මට ඇහැරුණා. ඉක්මණට ලෑස්ති වෙලා අම්මටයි තාත්තටයි වැඳලා මම බස් එක අල්ලන්න දිව්වා.

ඉස්කෝලෙට ඇතුල් වෙච්චි ගමන්ම වගේ පිටට තට්ටුවක් වැදුණු නිසා මම ඔලුව ඉස්සුවා. මෙන්න බොලේ මාෂි.. දෙන්නගෙම මාතෘකාව වැලන්ටයින්..

"ඒ, අද බෑග් චෙක් කරයි නේ බං තරූ?"

"කරයි කරයි.. මෙහෙමත් ගොන්කමක් තවත් නෑ"

"ඈ.. ඒ මොකෝ බං ඒ?"

"ඇයි කෙල්ලෙ , ඔච්චාර බෑග් චෙක් කරන බව දැන දැන අහුවෙන්නම මොනා හරි ගේන එකා බූරුවෙක් නෙවේද? දවස් 365 න් කි දවසක් නම් ඉස්කෝලේද? අදම ගෙනත් මාට්ටු වෙන්න පිස්සු යැ"
 කතාවෙන් කතාවෙන් පංතිය ගාවටම ආවා.

අංශ රැස්වීම් වෙලාවේ ළමයි එළියේ ඉද්දි සිස්ස නාකියෝ ටිකක් පන්තිවලට පැනගෙන හරි හරියට මොනාදෝ හොයනවා. පැයක් විතරම එළියේ අව්ව තපින්නත් උනා ඒ නිසා.

ෆිසික්ස් පාඩමේ දන්නේ නැති ගණන් වගයක් අහගන්න මායි මල්කියි ලැබ් එකේ නතර වුණා. ඒ අස්සේ මල් මගේ වැලමිට කොනිත්තනවා.. ඇස් ගහනවා.. එක විකාරයයි. ඒකිට චොක්ලට් පෙත්තක් වත් හම්බෙලාද මන්ද කොල්ලගෙන්.

අවිවේකි පාසල් දවසක් වුණු එදා දවස ඒ විදියට ගෙවිලා ගියා. පහුවදා පෝය දවසක් වෙච්චි නිසා පන්තිත් නිවාඩු නිසා මම ගෙදර ආපු ගමන් රෙදි හෝදලා කාලා නිදා ගත්තා.
හවස ඇහැරිලා ෆෝන් එක බලද්දී මැසේජ් 2 යි මිස්කෝල් 3 යි. අන්තිම කෝල් එක පැය බාගයකට විතර කලින්..

Happy Valentine Day Tharu
කවුද බොලේ මට විශ් කරන්නේ... සඳුනිල්..!!!

Happy Valentine Day sweety
ඒක නම් මගේ ඕ ලෙවල් කාලේ අඳුන ගත්තු උදේශිකා..

ම්ම්ම්ම්ම්.... මෙයා මොකෝ මට විශ් කරන්නේ..හිත තුළ දෙගිඩියාවක්..

කමක් නෑ ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්චාවේ..

Same to you dear 
කියලා මාත් ආපිටට මැසේජ් කළා.

Mama dan beach eke inne,thaniyama
උත්තරය එතරම් හිතට ඇල්ලුවේ නැති නිසා මම ඊළඟ මැසේජ් එකත් දැම්මා

Beach eke mokada karanne? ai beach ekata awe?


Mata duka hithunama mama beach ekata enawa duka nathi karaganna


අනේ මන්ද මේ මනුස්සය මොන අපබ්‍රංශ කියවනවද කියල.
ai e duka? mokada une?


අහන්න හොඳ නැද්ද කියලා හිතුණත් අහන්නේ නැතුව බැරි නිසා මම ආයෙත් මැසේජ් කළා.

sanju mata kamathi na kiwwa..ada mama bonawa. hodatama bonawa


දැන් නම් කෝල් කරලම විස්තරේ අහගත්තා නම් අගෙයි කියලා හිතුණත් ෆෝන් එකේ තියෙන සල්ලි ගාන දන්නා නිසා මට කරන්න දෙයක් නෑ..

ithin ehema kiyala oya bonna ona na.. biwwama prashna wisadenawada? aye bonna epa..


මට එහෙම කියන්න අයිතියක් නැතත් මටත් නොදැනීම මම ඒ ගැන එයාට කිව්වා. රිප්ලයි එකක් එනකල් බලං උන්නත් ආවේ නෑ.

මේ අද දවසට යවන අන්තිම මැසේජ් එක කියලා හිතාගෙන මම කිව්වා
oya dan athi beach eke hitiya, dan yanna gedara.. amma balagena athi.. parissamin.. budu saranai

ok Tharu


දැන් නම් මටත් විකාරයි වගේ. පොතක් පතක් බලන්න හිතකුත් නෑ.
 මම නිදාගත්තා.. හෙට මල් ගෙදර එනවා කිව්වනේ.. එයාට කියන්න ඕන මේ ගැන.. අම්මයි තාත්තයි සිල් ගන්න යන නිසා ගෙදරෙහෙම දේවල් කතා කරන්න බාධාවකුත් නෑනේ.. ම්ම්ම්ම්ම් කියන්න බෑ, සුදු අයියා ගෙදර හිටියොත් නම් වැඩේ රොයිටර් වෙනවා..

එළි වෙනකල් බලං හිටපු මම ඊයේ ඉස්කෝලේ ඇරිලා ඇවිත් දවසටම පොතක් අතින් අල්ලන්න බැරි උන හින්දා දත් මැදලා මූණ හෝදපු ගමන් කිරි වීදුරුවත් අරගෙන පොත් මේසේ ගාවට ගියේ මටත් නොදැනීම..

ෆෝන් එකක් පොත් මේසෙ උඩ.. ඒ දිහා බලන්නේ නෑ කියලා අධිෂ්ටාන කරගෙන මම පොතට අවධානය දුන්නා..

"සුදු මැණිකේ, අපි යනවා.. එද්දී මල් කඩලා, බත් උයලා, මාළුපිණි රත් කරලා තියන්න. දවල්ට බත් උයල තියෙන්නේ.. බෙදාගෙන කන්න.."

"හරි අම්මේ, ඔයාලත් පරිස්සමින් ගිහින් එන්න.. බුදු සරණයි."

අම්මලා ගෙදර ගේට්ටුවෙන් නොපෙනී යනකල් බලං උන්න මම අම්මට අත වැනුවා.

සුදු අයියගේ කාමරේට එබිලා බැලුවා.. කෝ මේ මනුස්සයා තාම නිදි නේ...

"ඒයි, සුද්දෝ නැගිටිනවා, අම්මල පන්සලුත් ගියා. දන්නෙවත් නෑ නේ.. අයියෝ මට බණ කිව්වට ඔයත් නිදි නේ හොඳට....... හූ හූ"

"කටකාර කෙල්ල"
 අයියා එහෙම කිව්වෙ ආදරෙන්..

"හා හා වොෂ් එකක් දාගෙන එන්න.. මම කිරි එක හදල දෙන්නම්"
එහෙම කියාගෙන මම කාමරෙන් එළියට ආවේ තනියම හිනා වෙවී..

"තරූ, මම සුලලිත් අයියලාගේ ගේ ගාවට ගිහින් එන්න යනවා.. මම එනකල් දොර වහගෙන පරිස්සමින් ඉන්න.. හොඳද?"

"අද මල්කි එනවා කිව්වා සුදු අයියේ... හරි ඔයා ගිහින් එන්නකෝ"
 නැගිටලා පැයක් වගේ ඇතුළත සුදු අයියා පිටත් වුණා.දැන් මගේ වාරෙ.. ගත්ත කෝල් එකක්.

"මල්, උඹ කොයි හරියේද ඉන්නෙ බං... ඉක්මණට වරෙන්කො... අයියා ගෙදර නෑ.. මට උඹට කියන්න දෙයක් තියෙනවා.."

" ම්ම්ම්.... මට අයියව හම්බුණා බං මගින්.. මම දැන් උඹලගේ ගෙවල් පාර දිගේ එන ගමන්"

මල්කි එහෙම කිව්වේ හිනාවෙවී..

"ඇති යන්තම් පාර වරද්ද ගන්නේ නැතුව ආවා.. හරි හරි"

"හලෝ........ගුඩ් මෝනිං කෙල්ලෙ"

"මෝනිං මෝනිං... එන්න ඇතුළට... උදේට කනවද? කෑවද? නැත්නම් මොනාහරි බොනවද?"

"කෑවේ නෑ තරූ.. බඩිගිනි මට.. මම කෑම එකකුත් අරන් ආවෙ.."

"ඇයි මොකෝ උඹ හිතුවද අපේ ගෙදර කෑම නෑ කියල.. උඹට නොදී මම තනියම කයි කියල ඈ..."

"නෑ නෑ එහෙම නෙමේ බං.. දන්නේ නැද්ද ඉතින් අම්මලගෙ හැටි නේ"

"ආහ්.. ඒක මිසක්.. ඉඳපන් මම කෑම බෙදාගෙන එන්නම්.. කතා කරන්න කලින් කාල ඉම්මුකො"

අපි දෙන්නට කාල ඉවර වෙන්න පැය බාගෙකට වඩා ගියා.

"දැන් කියන්න බලන්න අර මට කියන්න තියෙනවා කිව්වා කතාව?"
හොඳට හරි බරි ගැහිලා කතාව අහන්න සුදානම් වෙන ගමන් මල් ඇහුවා.



"ම්ම්ම්ම්ම්...අනේ මන්ද මට කියන්න තේරෙන්නේ නෑ බං.."

"ආ... ඒ කියන්නේ කොල්ලෙක් ගැන... මම වැරදි නැත්නම් සඳුනිල් ගැන... එහෙම නේද?"

"ඔව්.. එයා ගැන තමා.. උඹ කොහොමද ටක්කෙටම දන්නෙ? "

"අනේ මේ මට සුදුලූණු පොඩි නොකර ඉඳපන් තරූ.. දැන් මොකක්ද කේස් එක.. උඹ එයාට කැමතිද?"

"කැමතියි කියන්නේ  එහෙමමත් නෙමේ බං.. ඊයේ එයා මට කිව්වා එයාගේ පරණ කෙල්ල දැන් නැහැලු.. එයා ගොඩක් දුකින් ඉන්නෙ.. ඊයෙ හවස බීච් ඇවිත් බොන්න.. මම බොන්න එපා ගෙදර යන්න කිව්වා.. මට තේරෙන්නේ නෑ බං.. ඇත්තටම මේ දේවල් කරන්න හිතෙන්නේ ආදරේටද? ඔලුව අවුල් වෙලා බං.."

"හරි.. ගණන් ගන්න එපා.. අපි තව ටිකක් බලමු... අපි දන්නෙ නෑනේ මේ සඳුනිල් කොයි වගේ කෙනෙක්ද කියල.. දැන්ම එයාට මොකුත් කියන්න යන්න එපා.. ශේප් එකේ යාළුවො වගේ ඉන්න.."

"හරි, මට තේරුණා.. තැන්ක්ස් මල්.. උඹ කාටවත් කියන්නේ නෑ නේ?"

"නෑ නෑ.. වැඩේ සෙට් වෙනකල් අපි ඒ ගැන වැඩි කතා බහ නොකර ඉමු.."

"කතාවෙන් කතාවෙන් මට උඹට තේ ටිකක් වත් දෙන්න බැරි උනා.. සුදු අයියත් දැන් එනවා ඇති මග.. මම තේ ටිකක් හදාගෙන එනකල් උඹ මේ ෆිල්ම් එක බලපංකො"

සී.ඩී ගොඩේ උඩම තිබ්බ "පෙන්ගුයින්ස් " ෆිල්ම් එක දාල මම කුස්සියට ගියා.. ඇත්තටම ඒ වගේ දෙයක් නිදහසේ  කතා කරන්න පුළුවන් යාලුවෙක් ඉන්න එක කොයිතරම් දෙයක්ද?

"ආහ්... නංගි, කොහොමද? පාරේදී දැක්කට කතා කරන්නත් බැරි උනානේ.. කෝ තරූ?"

"වරදක් නෑ අයියා.. හොඳින් ඉන්නවා.. තරූ මේ දැන් කුස්සියට ගියා.."

"හරි නංගි, මට පොඩි වැඩක් තියෙනවා.. මම එහෙනම් උඩට යනවා.. තරූ....... නංගියෝ.... මටත් තේ එකක් හදාගෙන එන්න......."

අයියා කෑගහන සද්දෙට මම හා හා කියල උත්තර දුන්නා.. තුන් දෙනාටම ඇතිවෙන්න තේ හදාගෙන සාලෙට ගිහින් මල් ටත් දීල අයියටත් තේ එක ගෙනිච්චා..

"මම දැන් යන්නත් ඕන තරූ"
මල් එහෙම කිව්වම මට දුකයි වගේ..

"දවල්ට කාල යමුකෝ අනේ.."


"අනේ බෑ කෙල්ලෙ, යන ගමන් දිනූ ව හම්බෙන්නත් ඕන "

"හා හා හොරෙ දැනුනා දැනුනා මට...ඒකයි එහෙනම් මේ...  හා හා අපි පව් වැඩ කරන්නේ නෑ.. යමන් යමන්..."

අම්මලා හවස ගෙදර එන්න කලින් කියල ගියපු වැඩ ඔක්කොමත් කරලා තිබ්බ නිසා කිසි අවුලක් උනේ නෑ..
වෙනද වෙලාවටම අපි රෑ පන්සල් ගියා..

ඒ ගිහින් එද්දී ෆෝන් එකට තව මැසේජ් එකක් ඇවිත්...

-----------------------------------------------------------------------------------------------------------

කවුද ඒ මැසේජ් එක එව්වේ? මල් ද? සඳුනිල් ද? මොකක්ද පෝය දවසේ රෑ ආපු මැසේජ් එකේ තිබුණේ..
දැනගන්න සඳයි තරුයි 6 කොටස කියවන්න !!!

(අනේ මට මේක ලියන්න කම්මැලි අප්පා... ඔයාල මොකද කියන්නේ... ලියන්නද නවත්තන්නද?)





65 comments:

  1. පිස්සුද හැටිද නවත්වන්න අහන්නේ..බ්ලොග්වල ආදර කතා කියවන්නෙම නති මම එහෙම එහෙකට කියවන්නෙත් මේක විතරයි... හ්ම් ඉක්මනට ඊලග එකත් දාන්න නංගෝ...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අම්මෝ නෑ... නවත්තන්නෙ නෑ...අයියගෙ කමෙන්ට් එක ගැන මට සතුටුයි..... ලබන මාසේ වෙන්න කලින් දානවා...

      Delete
  2. නවත්තලා තිබ්බොත් කන වට එකහමාරක් කරකවනවා බලා ගන් !!!!
    ලස්සනයි.
    දුකට බොන්නේ පිස්සෝ !! ඔන්න බොන්ඩ ඕන නම් පස්සේ යාළුවොත් එක්ක සෙට් වෙලා බොන්ඩ බැරුව යෑ. :)

    ReplyDelete
    Replies
    1. //බොන්ඩ ඕන නම් පස්සේ යාළුවොත් එක්ක සෙට් වෙලා බොන්ඩ බැරුව යෑ//

      දුකට සතුටට කියල වෙනසක් නැහැ අපිට. සෙට් වුනොත් බොනවා..

      Delete
    2. @මධුරංග
      කිව්වමනේ මතක් උණේ... චූටි කාලේ අපේ චූටි අයිය මගේ කණෙන් අදිනවා ටික් ගාන්න... නෑ නෑ නවත්තන්නෙ නෑ...
      ලස්සනයි කිව්වට ස්තුතියි....
      ඒ ගැන කිසිත් නොකියමි...

      @සෑම්
      අනේ අපි නම් දන්නෙ නෑ ඔන්න... එහෙනම් එහෙම වෙන්න ඇති ඈ....

      Delete
  3. මදුරංග සමග සම්පුර්ණයෙන්ම එකග වෙමි. පටන් ගත්තනම් ලියන්න දිගටම. ඔහොම හැම දේම මග නතර කරන්න ගියොත් ඉතින් සොරි තමා.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් මධුරංග අයියට දීපු උත්තරෙත් බලන්න... දැන් කොටි වල්ගේ අල්ලගත්තා වගේ මම.... පිස්සුද? එහෙම හැමදේම අතරමඟ නතර කරන්නේ නෑ මම....

      Delete
  4. අහ් මේ ඇවිත් තියෙන්නෙ කාලෙකින්....අන්තිමට ලියල තියන එකනම් ඇල්ලුවෙ නෑ හරිය...නවත්තල තිබුනොත්බලාගන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කාලෙකින් ආවේ... ඔයාලගේ කරදරේනේ මේක ලියන්න කියල... ඉතින් නවත්තන්න වෙන්නේ නෑ....

      Delete
  5. අනේ නවත්තන්නෙපා අලේ.. ආසාවෙන්නෙ කියවන්නෙ.
    ඇරත් ඔයා ලස්සනට ලියනවා.දිගටම ලියන්න කම්මැලි නොවී.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්...... නඟා ආසද මේ කතාවට.... එතරම් ලස්සන බවක් මට දැනෙන්නේ නෑ... කියනවාම නම් ලියන්නම් නංගා

      Delete
  6. //(අනේ මට මේක ලියන්න කම්මැලි අප්පා... ඔයාල මොකද කියන්නේ... ලියන්නද නවත්තන්නද?)//

    ඔන්න ඔන්න අනූත් පොත පෙරලන්න හදනවා..අපි අහුවෙයි ඕවට..

    අද නම් දිග කෑල්ලක්..මෙගා කරන්නැතුව මෙහෙම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා මේකි පොත් පෙරලන්න හරි දස්සයි :P

      Delete
    2. @රූ
      නෑ නෑ අක්කේ පොත් නෙමේ... මට මේ කතාව හොඳ නෑ කියල හිතෙනවා... ඒකයි...

      ගිය පාර කතාව කොටයි කියල ගැමි මලයා කිව්ව... ඒකයි මේ පාර දිග... පුළුවන් තරම් ඉක්මණට ඉවර කරන්න බලනවා....

      @රෙප් මහත්තයා
      ආ... මම කාටද පොත් පෙරළුවේ...????

      Delete
  7. දිගට ම ලියන්න... :)

    ReplyDelete
    Replies
    1. හොඳයි... ස්තුතියි... :)

      Delete
  8. හෆෝයි.. කාලෙකට පස්සේ! ඊලඟ එක තව කීදවසකින්ද දන්නෑ නේද? අපි මෙහෙ කියවන්න බලන් ඉන්නවා, කතාව නෑ...

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් කාලෙකට පස්සෙ තමා... ඊළඟ එකත් මේ මාසෙ ඇතුළතම දාන්න බලාපොරොත්තු වෙනවා... ඔයා ඒ තරම් ආසාවෙන් මේක කියවනවද????? හරි හරි ලියන්නම්කො....

      Delete
  9. දිගටම ලියන්න පෝස්ට් එක නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඇවිත් යන්න එන්නම්...

      Delete
  10. හයියූ නව්න්න එපා අක්කියෝ...ඩිගටම ලියන්න.....ලස්සනට ලියනව ඔයා...^_^

    ReplyDelete
    Replies
    1. හයියූ.... හා හා නවත්තන්නෙ නෑ.... ලියන්නම්කො.... වැඩිය බොරු කියන්නත් එපා නගේ... :)))

      Delete
  11. අහා මෙන්න මෙයා ආයි ඇවිත්.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ඇයි... අපි ආවම නරකද :)

      Delete
  12. හෆෝයියා..එයත් දුක හිතුනාම බීච් එකටද යන්නෙ? රකුසත් එහෙමයි කිව්වෙ...ඒත් අන්තිමට බලද්දි ජීවිතේට මූදක් දැකලවත් නැහැ .....

    ReplyDelete
    Replies
    1. මූද පැත්තෙ හිටියට මාත් ජීවිතේටම ගිහින් තියෙන්නේ දෙපාරයි කිරිල්ලියේ....

      Delete
  13. ඇති යාන්තං 5 වන කොටස පොස්ට් කරා......කතාව කියාගෙන යන ආකාරය නම් ලස්සනයි.....හරි ඉතිං එහෙම කියලා අපේ ඉවසීම පරික්ෂා කර කර ඉන්නෙතුව දාන්න ඉක්මනටම 6 වෙනි එක හොඳ ළමයා වාගේ ශානි... ශානි නෙමෙයි අනු නෙ...සොරි අනේ පුරුද්දට කියවුනෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්..... කවුද දන්නෙ ඔයාල මෙච්චර මෙහෙ ඕකට බලං ඉන්නවා කියලා.... හා හා ඉක්මණට 6 දාන්නම් ෆාතිමා.... :))

      Delete
  14. හික්ස්ස්.. ඔය 14 වෙන්දාට බෑග් චෙක් කරන එකන්ම් මහා ගොන් වැඩක් තමා..පිසු නැත්තම් මරු!! අපේ ඉස්කෝලෙත් ඉස්සර ඕක කලා..

    අනුකම්පාව දිනාගන්න කියන කතාද මංදා බීච් ගිහින් බොනවා කියන එක..:/

    පිස්සුද අනූ..ලියන්න ඔක්කොමටික.. මාර කම්මැලියෙක්නෙ මෙයා..:/

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලෙත් තාම කරනවා ඇති.හැම ඉස්කෝලෙම එහෙම වෙන්න ඇති මගේ හිතේ... :)))

      අනුකම්පාව භූමිකම්පාව වෙයිද කියලා ඉස්සරහට බලමුකෝ....

      නෑ නෑ... පිස්සු නෑ............................... හා හා ලියන්නම් හිතූ.... :)))

      Delete
  15. අයියෝ මම අග ඉදන්නෙ මුලට කියවන්න පටන් ගෙන තියෙන්නෙ... පලවෙනි කොටසෙ ඉදන් කියවන් එන්න ඕන දැන්... මේක ලියන එක නවත්තන්න නම් එපා.. දිගටම කතාව ලියන්න ඕන්...!

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉක්මණට මුල ඉඳං කියවන්න ගන්න තොටිය අයියා.... නෑ නෑ නවත්තන්නෙ නෑ... :)))

      Delete
  16. දුකට සතුටට දෙකටම තියෙන සුමිහිර පානය ආයෙ ඉතිං වෙලාවක් කලාවක් ඕකට ඕනෙ නෑ.
    අනික මං මේ කල්පනා කළේ මොකක්ද මේ සඳුනිල් හැංගි හැංගි නටන නාඩගම කියලා.

    මෙහෙම කම්මැලිවෙලා පුළුවන්ද කතා ලියන්න. නවත්තන්නෙ නෑ ඕං..

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි ඒකත් එහෙමද? අපි නම් දන්නෙ නෑ ඔන්න..
      නටනවද රඟනවද කියලා ඉස්සරහට බලමුකෝ....

      මම හිතුවා කියවන අයටත් මට වගේම මේක කියවද්දී කම්මැලි ඇති කියලා.... නෑ නෑ නවත්තන්නෙ නෑ....

      Delete
  17. ආයේ පිස්සුවක් ඇතෑ නවත්තන්න :ඔ දිගටම ලියන්ට හොඳේ කතාව ලස්සනය් බොල
    මේ කොටස අනිත් කොටස් වලටවඩා දිගය් වගේ, මට හිතෙන හැටිද මන්දා :ඩ්
    ඔන්න ඉතින් ඊලග කොටස පොසොන් මාසේ එහෙම දානවා නෙවි දිගටම ලියපිය :ප
    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පිස්සු නෑ බොල... නැත්නම් දැන් ඉන්න ඔක්කොම මාව පිස්සෙක් කරයි වගේ... ලස්සන නම් කමක් නෑ ඉතින්...
      ඇත්තටම මේ කොටස දිගයි.. ගිය පාර එක කොටයි කියලා කමෙන්ට් එකක් ආවා.. මේක දික් කළා... :)))
      නෑ නෑ ඊළඟ එක වෙසක් මාසෙම තමා... දිගටම ලියන්නම්... මලේ උඹ අලුත් බ්ලොග් එකක් පටන් ගත්තද?

      Delete
    2. නෑ බොල තිබ්බ එක තමා ආයෙම ලියන්න ගත්තා :) ලින්ක් 1 කය් ඇඩ්ඩරස් 1ය් වෙනස් කලා

      Delete
  18. කලින් මේ කතාව ලිවුවේ ශානි කියලා නංගී කෙනෙක්.. ඔයා එයාගෙන් මේක හොරකම් කලා නේ.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්..... මම එයාගේ හිත හොරකම් කළා... එයා මගේ අදහස් හොරකම් කළා.... :)

      Delete
  19. කතාව ලස්සනයි. දිගටම ලියන්න.
    6 වෙනි කොටසත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... දිගටම ලියන්නම්....
      මේ මාසය ඇතුළත 6 දානවා

      Delete
  20. සඳුනිල් පොත දාන්නෙ.. ඌට ඇති කෙල්ලෙක් නෑ... ඌ බොන්නෙත් නෑ.. එදා බීච් එකෙත් නෙමේ හිටියේ.. මෙයා රැවටිලා...

    ReplyDelete
    Replies
    1. මටත්නම් හිතුණා..

      Delete
    2. @Senna
      සෙන්න අයියා නම් ඉස්සර ඉඳන්ම තරූගේ පැත්තෙ..... බලමු මේකි රැවටිලාද කියලා....

      @dreams
      ම්ම්ම්ම් ඔයාටත් හිතුණද? එහෙම වෙන්නත් පුළුවන්....

      Delete
  21. කොටස් දෙකක් විතර මග ඇරුන.... ඒ ටික කියවලම ක්මේන්ට් එක්ක දාන්නම්.....වැඩ වැඩී මේ දවස්වල!

    ReplyDelete
    Replies
    1. හරි....අයියා කියවලාම කමෙන්ට් කරන්නකෝ.... හැබැයි මම මේකට කලින් කොටස් 2 ම දැම්මේ මාර්තු වල... වැඩ වැඩි නම් ඉතින් වැඩ පාඩු කරන් කියවන්නත් එපා... :))

      Delete
  22. ලස්සනයි දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... දිගටම ලියන්නම්...

      Delete
  23. අද ආවේ... මුල ඉදන් බලන්න වෙයි අනූ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔයාව.... මුල ඉඳං හෙමීට කියවගෙන එන්නකෝ... තාම 5 නෙ...

      Delete
  24. සඳුනිල් වැඩේ චා කරගෙනනේ....කවුද ඒ පාර මේ සංජු කියන්නේ :0

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්..... සංජු කවුද කියලා නම නොකිව්වට කලින් කොටසක කිව්ව මතකද අක්කේ සඳුනිල්ට කෙල්ලෙක් ඉන්නවා...එයා එක්ක පැය දෙකක් කතා කරනවා හැමදාම කියලා... මේ එයානේ..... :))

      Delete
  25. ම්ම් ලස්සනයි ඈ.මාස ගානක් අදින්නේ නැතුව ඉක්මනින් දාන්න හරිද..නවත්තන්න එපා ඔන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... අනේ ඉතින් එක දිගට කතාවම ලියන්න කම්මැලි හලෝ... හරි හරි නවත්තන්නෙ නෑ.............

      Delete
  26. දුකට කව්ද බං බොන්නෙ :P
    අපි නම් බොන්නෙ සතුටට ;)
    බිව්වම දුක නැති වෙනවනම් නිවන් දකින්න ඇහැක් වෙයි ඉක්මනට :D
    එල එල දිගටම ලියහන්!:P

    ReplyDelete
    Replies
    1. ඇයි බං අර උඩ කියල තියෙන්නේ... දුකට සතුටට දෙකට සුමිහිරි පානය කියලා.. අනේ මන්ද ඔව්ව අපි නම් දන්නෙ නෑ...
      හ්ම්ම් හ්ම්ම්... බොන උන් ඉක්මණට නිවන් දකිනවනේ බං කොහොමටත්... බඩ ඉස්සරහට නෙරලා, සිරෝසිස් හැදිලා... කොහොමද සැප....
      හරි බං ලියන්නම්කො...:)))

      Delete
  27. අනේ ලියන්ඩෝ... මාර ලස්සනට ලියලා අක්කා.

    ඔක්කොම ටික කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. හරි හරි මල්ලි... මේක මේ ඔයාල කතාවට ආසද කියල බලන්න කරපු පොඩි වැඩක් හලේ.... :))

      Delete
  28. ශානි කොහොමද බොලේ අනූ උනේ පුර්ව දුනුමි දිමක් කරලා කියෙන්න එපැ
    මන් මේ සද තරු කියවන්න උඩදාගෙන ශානිගේ හිත හොයනවා
    මෙයා මෙන්න මෙහෙ අනූ වෙලා

    ReplyDelete
    Replies
    1. අයියෝ මම පුර්ව දැනුම් දීමක් දුන්න මෙයා... ඔයා දැක්කෙ නැද්ද මගෙ 25 වෙනි පෝස්ට් එක... ඒකෙ ඔයත් ඉන්නවා... දැන් හරිනේ දිගටම එන්ඩ ඈ....

      Delete
  29. ane epa nawathane kathawe liyane eke :) lassanate liyala thiyenewa, ikmnate 6 weni kotesath day kiyala hithenewa,,ade thama akkige blog eke hambune,, kathawe digateme kiyawwa :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගා.... 6 වෙනි කොටස කවදද නම් මම දන්නෙත් නෑ... :( ඉදිරියටත් මේ පැත්තෙ එයි කියල හිතනවා... ආවට ස්තුතියි !!!

      Delete
  30. hehe enewa akki kathawe digateme liwwoth :D :D

    ReplyDelete
  31. ඔය....... බලන්න නංගි, ඔයාට මේ කමේන්ට්ස් වලින්වත්..... පාඨක අදහස් වලින් පවා එයාලා පුන පුනා කියන්නේත්, ඔයාව දිරිමත් කරන්න...නේද...? ඉතිං ඔයා හොද මානුෂීය හැගීම් තියෙන කෙනෙක් කියලා මම හිතනවා....!

    ReplyDelete
    Replies
    1. අයියෝ දැන් මානුෂීය හැඟීම් උතුරලා මට කෙල වෙලා තියෙන්නේ... බලමු බලමු...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..