ලෝකෙට ආපු අය

Friday, April 6, 2012

මගේ ස්තුතිය සහ අළුත් දෙයක් !!!


මගේ පුංචි බ්ලොග් කෑල්ල පටන් අරන් අප්‍රියෙල් 6නිදට මාස 3 යි දවස් 19 යි... ඉතින් මේ ලියවෙන 25 වන පෝස්ට් එකෙන් මේ වෙනකල් මාත් එක්ක රැඳිලා හිටපු මගේ යාළුවො ටිකට ස්තුති කරන්න තමා මේ ලිපිය ලියන්න හිතුවේ...

මේකේ මම දාල තියෙන ලින්ක් මගේ ලිපි වල ඔයාලගේ නමින් ඉස්සෙල්ලම වැටුණ කමෙන්ට් වලින් තමා හොයාගෙන දැම්මේ... (සමහරු එක ලිපියකට ඇවිත්, ඒ මාසේ කලින් ලියපු ඔක්කොම ලිපි වලටත් කමෙන්ට් කරලා තිබුණා.. )

ඉතින් ලිපිය නම් ටිකක් දිග වෙන්න පුළුවන්... කම්මැලි අය ඔයාලගේ නම දැක්ක ගමන් ගියාට කමක් නෑ ඉතින්.. ඉවර වෙනකල් කියවනවා නම් ඒත් කමක් නෑ... :))) මොකද දන්නවද? එකින් එක පෝස්ට් එක ගැන මම වෙන වෙනම කියන්නයි හදන්නේ... ඒ වගේම පුංචි වෙනසකුත් කරනවා මම..

මුලින්ම පළවෙනි පෝස්ට් එකෙන් පටන් ගනිමු..

මම ලියපු පළවෙනි ලිපියේදී මාත් එක්ක එකතු උණා වර්ණාගේ මතක ලියන වර්ණා ... මගේ වයසෙමයි.. මම දැනුවත්ව මට ළඟම ඉන්න බ්ලොග් යෙහෙළිය වර්ණා.. බ්ලොග් එකේ මුල් මුල් අවස්ථාවේ වැඩ ටිකක් ඇතුළුව වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන හැටි කියලා දුන්නේ එයා.

කම්මැලියා බ්ලොග් එක ලියපු කම්මැලියාත් මුල්ම පෝස්ට් එකට කමෙන්ට් කරලා මාව දිරි ගන්නපු එක්කෙනෙක්.. නමේ හැටියටම කම්මැලි තමා... ලියන්නෙ නෑ වගේ දැන්...

ඊළඟට මහිම මදුරංග  අයියා... මෙයා තමා මට ගූගල් සිංහලීස් සෙටප් එක එව්වේ.. ඒක මට හරි පහසුවක් උණා. එයත් ඉස්සර නම් බ්ලොග් එකක් ලිව්වලු.. දැන් නම් ලියන එක නවත්තලා ගොඩක් කල් කියල තමා කිව්වේ...

ඊළඟට අසරණයා අයියා... එයානෙ අසරණයා බ්ලොග් එක ලියන්නෙ... ඝානා වල ඉන්නෙ..  අප්‍රිකානු රටක් නේ.. පරිඝනක අංශයේ රැකියාවක් තමා කරන්නේ...

ඊළඟට චරිත්|charith ... මෙයත් ආව මගේ මුල්ම ලිපියට... පස්සේ පස්සේ නම් ආවේ නෑ.. මාත් දෙපාරක් තුන් පාරකට වඩා ගියේ නෑ වෙන්න ඕන...

ඊළඟට Kasun අයියා... ඇත්තටම කසුන් අයියගේ  ලිපියක් මගේ ඔරිජිනල් ෆේස්බුක්  එකේ යාලුවෙක් ශෙයා කරලා තියෙනවා දැකලා තමා මට බ්ලොග් එකක් ලියන්න ආස හිතුණේ.. කසුන්ට හිතෙන හැටි බ්ලොග් එක ලියන්නෙ කසුන් අයියා.. එයත් මට බ්ලොග් එකේ ගැජට් ගැන කියල දුන්නා..

ඊළඟට යසයා මල්ලි... එයත් ආවා.. හැබැයි මේකට විතරයි.. මාත් ගියේ නෑ මගේ හිතේ වැඩිය. ඒ නිසා බ්ලොග් එකේ නම මතක නෑ.. සොරි මල්ලී.... මොනා උණත් පළවෙනි ලිපියට අදහස් දක්වපු එක කොයි තරම් දෙයක්ද? දැන් නම් නම පිටසක්වලයා.. (මතක හැටියට)

ඊළඟට Red Riding Hood.... මෙයත් මගේ වයසෙම යාළුවෙක්.. ඉඳලා හිටලා තමා බ්ලොග් ලියන්නෙ... කාර්යබහුල වෙන්න ඇති... Red's solitary world තමා එයාගේ බ්ලොග් එක...  

ඊළඟට මධුරංග අයියා... මෙයා නම් පේරාදෙණි කැම්පස් එකට ගිහින් ඒකෙන් අවුට් වෙලා දැන් අයි.ටී ජොබ් එකක් කරනවා.. මධුරංගගේ සටහන් - සිතක සංකල්පනා බ්ලොග් එක ලියන්නෙ මේ අයියනේ...


අන්තිමටම රෙප් මහත්තයා අයියා... රෙපාගේ අම්බලම බ්ලොග් එක ලියන්නෙ මේ අයියනේ... නම රෙප් මහත්තයා උනාට දැන් නම් රෙප් කෙනෙක් නෙමේද කොහෙද?
------------------------------------------------------------------------------------------------------------

2 නි පෝස්ට් එකේදී මේ පැත්තට ආවේ ගැමියාගේ පත් ඉරුව ලියන ගැමියාගේ පත් ඉරුව මල්ලී ... මේ පාර විභාගේ කරනව කියල නම් කියනවා.... ඒ නිසා වෙන්න ඕන දැන් ලියන්නෙත් අඩුවෙන් නේ..

ඊළඟට සයුරි අක්කා... මෙයා ඉන්නෙත් රට... කොහෙද කියල නම් හරියටම මතක නෑ... පහන්යාය කියන බ්ලොග් එක ලියන්නෙ මේ අක්ක තමා...රාජාවලිය යන්නේ මේකෙනේ...

ඊළඟට මන්ඩිපාල මල්ලී... මෙයා ගැමි මල්ලිගේ යාලුවෙක්නෙ.. එයත් විභාගේ කරනවලු.. මන්ඩිපාල බ්ලොග් එක ලියන්නෙ මේ මල්ලි... එයත් පාඩම් වැඩ නිසා වෙන්න ඇති.. බ්ලොග් වගේද විභාගේ...
------------------------------------------------------------------------------------------------------------

තුන් වෙනි පෝස්ට් එකට ආවා ප්‍රදීප් ගුණරත්න සහෝදරයා.. ඊට පස්සේ නම් ආවේ නෑ..

ලාහිරු දහසක් දිලීදිලී බ්ලොග් එක ලියන ලහිරු අයියා මේ පෝස්ට් එකට තමා ඉස්සෙල්ලම කමෙන්ට් කලේ..

වර්ණ බ්ලොග් එක ලියන Dinesh  අයියා ආවෙත් මේකට තමයි... එයා ඉන්නෙ ඉතාලියෙනේ.. මේ අවුරුද්දේ මුල දිහා අවුරුදු තුනක කතාවක් කියලත් තිබුණා... එයත් පෝස්ට් දාන සිග්‍රතාව වැඩි.. මට යන්න බැරි උනා ගොඩාරියකට...

Dulitha Sameera.. මෙයා ආවෙත් මේකට විතරයි... බ්ලොග් එකක් ලියනවද දන්නෙත් නෑ.. මම ගියාද මතකත් නෑ..

OBSERVER කියන්නේ ඔබා මාමටනේ... කැන්ගරුලන්තෙනේ ඉන්නෙ.. (නොකිව්වට හැමෝම දන්නවා වෙන්න ඕන)  මේ මාමා ආවෙත් 3 වෙනි එකේ තමා.. බ්ලොග් එකේ නම OBSERVER.. අතීතය අමතක වෙන ලෙඩක් ගැන ලිපියක් ලියල තිබ්බ මතකයි කාලෙකට ඉස්සර...!!!

Kawikarige Kathandara ලියන ඊ මේල් කවිකාරි නැන්දත් මේ පෝස්ට් එක කියවලා මාව දිරිමත් කරන්න ආවා...

අන්තිමටම ආවෙ පවනි බ්ලොග් එක ලියන පවනි... මාත් ඉඳල හිටලා ඒ පැත්තේ ගිහින් එන්න යනවා...
------------------------------------------------------------------------------------------------------------

හතරවෙනි ලිපියට අලුතින් ආවෙ මෙයාලා...හර්ෂ. එම්. හේරත්  හැබැයි බ්ලොග් එකේ නම නම් දන්නේ නෑ..

ඊළඟට තරූගේ ලෝකය බ්ලොග් එක ලියන තරූගේ ලෝකය කියලම නම දීලත් තියෙන තරූ අයියා..

ඊළඟට තවත් මගේ වයසේම යාලුවෙක්.. ඒ තමයි හිතුවක්කාරී .... හිතුවක්කාරිගේ හිත තමා මෙයා ලියන්නේ.. අර ලස්සන කතාවකුත් ලිව්වේ තටු සිඳුණ සමනළී කියල මෙයානෙ...


 මොන්ටිසෝරිය බ්ලොග් එක ලියන රවීන් අයියා අයියා මේ පැත්තට ආවෙත් මේ ලිපියෙන් තමා.. බ්ලොග් එකේ නම මොන්ටිසෝරිය උනාට ලියන්නේ බබාලා ගැන නම් නෙමේ..
------------------------------------------------------------------------------------------------------------
පස්වෙනි පෝස්ට් එකට අළුතෙන් ආපු කට්ටිය දන අඳුන ගම්මුකෝ...
කෝඩුකාරයාගේ අඩවිය ලියන කෝඩුකාරයා මල්ලි... ඒ පොස්ට් එකට විතරයි ආවේ.. මෙයා  මේ ඊයේ පෙරේදා සාපෙ රිසල්ට් ආපු මල්ලියෙක්..

ඊළඟට... ඔබ නොදුටු ලොවක් බ්ලොග් එක ලියන  ඔබ නොදුටු ලොවක්  කියලම කමෙන්ට් කරන බණ්ඩාර අයියා... එයා ඉන්නෙත් අප්‍රිකානු මහද්වීපයට අයිති අපූරු නමක් තියෙන රටක... රටේ නම ජිබූති.. ඇහෙද්දීත් හිනා යන්න එනවා.. අයි.ටී. ෆීල්ඩ් එකේ වෙන්න ඕන වැඩ...

 ඊළඟට හරීගේ හීනලන්තය ලියන හරී අයියා.. වැඩිපුර ලියන්නේ කතෝලික ආගමට සම්බන්ධ දේවල් ගැන මට හිතෙන විදියට.. මම බෞද්ධනේ ඉතින්.. ඒ දේවල් ගැන ඒ හැටි දැනුමක් නම් නෑ..

ම්ම්ම් ඊළඟට Miyuruworld බ්ලොග් එකේ අයිතිකාර Miyuru නැත්නම් මිහිරි අක්කා.. ඒකත් ගොඩක් ලස්සන බ්ලොග් එකක්.. කොහොමත් අතීත මතක ගැන ලියවෙන බ්ලොග් කියවන්න මම ආසයි..

ඊළඟට දේවාගේ අඩවිය බ්ලොග් එක ලියන  දේවා ගේ අඩවිය  හෙවත් දේව් අයියා..  බැංකුවක නේ වැඩ... හැබැයි ඉතින් වැඩ කියල නෑ.. පෝස්ට් දානවා හරි හරියට.. මට ළඟදී යන්නත් බැරි උණා.. කියක් දාලද දන්නේ නෑ..

ashan මල්ලි තමා ඊළඟට ආවේ..  A Plus Tutes කියන එක ලියන්නේ මෙයා. PhotoShop සොෆ්ට්වෙයා එක ගැන ලිපියක් දාල තිබුණා.. මම නම් වැඩිය ඒ පැත්තට බර කෙනෙක් නෙමේ..  කොහොම උණත් ඒ මල්ලිත් තාම මගේ බ්ලොග් එකට එනවා..

අපි හැමෝම ආසාවෙන් කියවපු මහිම- මන්දහාසි කතාව ලියපු Ice (අයේෂා කුලතුංග) නංගි තමා මීළඟ සාමාජිකාව.. Iceගේ කොලම ලියන්නේ මේ නඟානෙ..

රොෂාන් කියන යාළුවා මේ පැත්තට ඇවිත් ගියෙත් 5නි පොස්ට් එකෙන් තමා.. රොෂාන්ගේ සිතුවිලි කියන්නේ එයාගේ බ්ලොග් එක..
------------------------------------------------------------------------------------------------------------

හයවෙනි පෝස්ට් එක... මේ පෝස්ට් එකේදී... වීදුරු ගෙවල් ලියන  පූසා අයියා මේ පැත්තට ආවා...

ඉන්දික කියලා සහෝදරයෙකුත් මෙහෙ ආවා.. හැබැයි බ්ලොග් එක නම් මම දන්නේ නෑ..අනේ සොරි හොඳේ..

ඊළඟට බට්ටි බ්ලොග් එක ලියන  බට්ටි  අක්කා ... මෙයත් ජොබ් එකක් කරන අක්ක කෙනෙක්.. මොනා කරනවද කියලා නම් මම දන්නේ නෑ තාම.. අත්වැඩ එහෙම දන්නවා.. මට නම් ඔව්ව කරන්න කම්මැලි අප්පා...

දැන් හයවෙනි පෝස්ට් එකේ අන්තිමට ආපු කෙනා.. Sam's Creations ලියන සෑම් අයියා.. මේ දවස වල අළුත් කතාවක් ලියනවනෙ.. කොටස් 3 යි වෙන්න ඕන මම කියෙව්වේ, දැන් මොනා වෙලාද දන්නෙ නෑ..
------------------------------------------------------------------------------------------------------------

හත්වෙනි ලිපිය... ලට්ට ලොට්ට ලියන පොඩි මෑන් ආවා මේකට... ඒ බ්ලොග් එක ගැන කියන්න ඕන නෑනේ අමුතුවෙන්.. ඔයාල හැමෝම වගේ ගිහින් බලනවා ඇතිනේ..

ඇට්ටර අප්පු ... මම හිතන්නේ මෙයාගේ බ්ලොග් එකට නම් මම ගිහිල්ලම නෑ වෙන්න ඕනෑමයි.. ඇවිත් ගියාට ස්තුතියි..!!!

ඊළඟට s a b i t h බ්ලොග් එක ලියන  s a b i t h අයියා.. වැදගත් දේවල් නම් නිතරම පාහේ ලියවෙනවා.. නමුත් අපේ කමෙන්ට් වලට රිප්ලයි නැති නිසා ගොඩක් කාලෙකින් ඒ පැත්තේ ගියේ නැහැ මම.. ඉගෙනගන්න අයියා කෙනෙක්නෙ.. කාර්යබහුල ඇති..

today... කවුද කියල නම් මගෙන් අහන්න එපා... මේ පෝස්ට් එකේ එකම කමෙන්ට් එක කීප වතාවක්ම එක දිගට දාල තිබුණා මතකයි.. ආවට ටැංකු කිව්වා...

ඊළඟට... ඔසී කතා බ්ලොග් එක ලියන කස්ස අයියා.. සති 5 කින් විතර අළුත් ලිපියක් ලියලා නෑ.. ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඕන.. අර මොනාද මන්ද කේක් වගයක් හදන හැටි දාලා තිබුණා.. කේක් කෑල්ලේ පින්තුරේ දැක්කම කෙළ උණනව කටට...

Beta bawa  මල්ලි තමා සිතෙහි සිතුවම් කියන බ්ලොග් එක ලියන්නේ.. ඉස්සර නම Beta විතරයි.. ඇයි දන්නෙ නෑ අලුතෙන් bawa කෑල්ලක් සෙට් කළේ අගට..

 Chathuranga Perera කියන සහෝදරයත් මේ ලිපියට කමෙන්ට් කරලා තිබුණා.. චතුගේ කතා ලියන්නේ එයා..

බැට් මෑන් පියාඹගෙන ආවෙත් මේක බලන්නනේ.. WWW.BATMARK.TK කියන්නේ එයාගේ බ්ලොග් එක.. අයියෝ මාස 5 කින් මොකුත් දාල නෑනේ...

ආගන්තුකයා බ්ලොග් එක ලියන ආගන්තුකයා  මල්ලි තමා මේ ලිපියේ අවසන් නව සාමාජිකයා. අර ලඟදි උපන්දිනේ සමරලා කේක් එහෙම දාල තිබ්බේ අපිට කන්න කියල.. ඒ මෙයානෙ..
------------------------------------------------------------------------------------------------------------

අටවෙනි පෝස්ට් එකට නම් අළුත් අය දෙන්නයි ඇවිත් තියෙන්නේ.. එක්කෙනෙක් Maligawa බ්ලොග් එක ලියන Kumaraya අයියා.. මම දෙපාරක් විතර ගියා ඒ පැත්තේ..

අනිත් එක්කෙනා වැහි පොදක් ලියන කල්ප සහෝදරයා.. ඉස්සර නම් මම ඒ පැත්තේ ගියා.. දැන් නම් ගියේ නෑ ගොඩක් කාලෙකින්..
------------------------------------------------------------------------------------------------------------

9 නි පෝස්ට් එකට ආවා නාකියා අයියා.. නම නාකියා උනාට කොල්ලෙක් නෙ... මොකට දාගත්තද මන්ද නාකියා කියල.. විකාර කියන බ්ලොග් එක ලියන්නේ මේ අයියානේ... අලුත්ම පෝස්ට් එක 365 දවසම තියෙන දන්සලක් ගැන.. විස්තර දැනගන්න ඉතින් ඒ පැත්තේ යන්න වෙනවා..

නොසිතූ අයෙක් මල්ලි තමා ඊළඟට... නොසිතු අයෙක් කියන බ්ලොග් එක මෙයා ලියන එකක්.. හැබැයි දැන් නම් නවත්තලා වගේ..

ඊළඟට ස්වායක්ත සිද්ධිය ලියන  Nuwan Tharaka  මල්ලි... නෝ කතා නෝ සිනා.. ඔන්ලි කවි. (නැත්නම් කවි,සිංදු ගැන විස්තර) ඇත්තටම මට නම් එහෙම කවි ලියන්න බෑ මයි...

අපි වගේ කියන මල්ලි ලියපු බ්ලොග් එකේ නමත් අපි වගේ... එයත් විභාගේ කරන කතාවක් කියා කියා හිටියා.. ඒ නිසා වෙන්න ඕනා සෑහෙන කාලෙකින් පෝස්ට් එකක් දාල නම් නෑ..

දිල් කියන අක්කත් මේ ලිපියට කමෙන්ට් කළා.. දැන් නම් එයාගේ බ්ලොග් එක වහලද කොහෙද...

සිත්රූ සිහින අක්ක තමා සිත්රූ සිහින බ්ලොග් එක ලියන්නේ.. ඒකෙත් වැඩිපුරම වගේ ලියවෙන්නෙම කවිම තමා... ලස්සනට කවි ලියනවා ඒ අක්කත්.. මම දවසක් නම් අක්කට කිව්වා... බලමු ඉස්සරහට කතාවක් ලියයිද කියලා...
------------------------------------------------------------------------------------------------------------

දහවෙනි පෝස්ට් එකටත් අළුත් අය දෙන්නයි..

Chiran's Blog කියන එක ලියන චිරාන් අයියා... මෙයා ලියන්නෙත් කලාතුරකින් වගේ තමා..

අනිත් එක්කෙනා MAX.... එයාගේ බ්ලොග් එකට නම් තාම ගිහින් නෑ මම...

------------------------------------------------------------------------------------------------------------

එකොළොස්වෙනි පෝස්ට් එකට අළුත් අය ගොඩක් ඇවිත්..
Dilhan Padeniya කියන අයියා තමා ALL SRILANKANS කියල බ්ලොග් එකක් ලියන්නේ.. පරිඝනක අංශය ගැන තමා විස්තර තියෙන්නේ..

රාජ්ගේ නවාතැන ලියන රාජ් අයියා මේ පැත්තට ආවේ මේ ලිපියේදී.. එයත් පෝස්ට් ගොඩාක් දාල... අනේ තාම කියවන්න බැරි උනානෙ... අද වෙද්දී මේ මාසෙට 2 ක් !!!

 නන්ඳු අක්කා ලියන්නේ නන්නාඳුනන්නියකගේ අකුරු ගෙත්තම නෙ.. මාවතේ අපි කියල බ්ලොග් එකකත් ඉන්නවා..

 කතන්දර Kathandara මාමත් ඇවිත් මේ පෝස්ට් එකට විතරක් කමෙන්ට් දාල ගියා.. මුලදී මුලදී මාත් ඒ පැත්තේ ගියා.. දැන් මම යන්නේ නෑ.. ඒ මාමා එන්නෙත් නෑ.. කතන්දර තමා බ්ලොග් එකේ නම.. ඔයාල දන්නවනේ..

 ජනියා කියල 11 නි පෝස්ට් එකේ නම තිබ්බට දැන් නම රහස් පරීක්ෂක ජනියා... එයා ලියන බ්ලොග් එක තමා මිහිරි අමිහිරි... සර් කෙනෙක් ගැන එහෙම දාල තිබුණා ලිපියක් මට මතකයි..


පිස්සා පලාමල්ල අයියත් ඉඳල හිටලා කමෙන්ට් දාල යනවා.. එයා මෙහාට මුලින්ම ආවෙ මේ ලිපිය කියවන්නයි.. බ්ලොග් එකේ නම... පලාමල්ල :::: palamalla

Isanka Silva කියන අයියත් මේ ලිපිය කියවලා කමෙන්ට් එකක් දාන්න ආවා..

Ruka අයියා ඉස්සෙල්ලම ආවෙත් මේ ලිපියට තමා.. Ruka කියන බ්ලොග් එක ලියන්නේ ඒ අයියනේ..

ඉන්දික උපශාන්ත අයියත් මේ ලිපිය කියවන්න ආවා... එදායින් පස්සේ නම් දැක්කේ නෑ මේ පැත්තේ.. සැහැල්ලුව කියන බ්ලොග් එක ලියන්නේ එයා තමා..

මාතර කොල්ලෙක් කියලා ඉස්සර කමෙන්ට් කරලා දැන් මහාචාර්ය කැල්කියුලස්  වෙලා ඉන්න සහෝදරයත් ඉස්සෙල්ලම ආවේ මේ ලිපියට.. තාම නම් බ්ලොග් එකක් ලියන්නේ නෑ වෙන්න ඕන.. මම හරි නේද?

 නිසුගේ කතා බ්ලොග් එක ලියන   නිසුපා  අක්කා..  එයා මොරටු කැම්පස් ගිහින් අවුට් වෙලා දැන් නම් ජොබ් එකක් කරනවා.. ඔන්න අක්කේ මම නම් දන්නේ නෑ... මගේ හිතේ ඔයා ඉන්ජෙක් වෙන්න ඇති..

දඩබ්බරයාගේ ලෝකය ලියපු දඩබ්බරයා මේ පෝස්ට් එක විතරක් කියවලා යන්න මේ පැත්තට ඇවිත් තිබුණා.. දාල තිබ්බ කමෙන්ට් එකේ හැටියට නම් දැන් ඒක නවත්තපු බ්ලොග් එකක්..


සිහින මතකයන් බ්ලොග් එක ලියන  සිහින මතකයන් යාළුවා.. මෙයා නම් මගේ වයසේ තමා.. එකපාරටම බ්ලොග් එක නැතිවෙලා කලින් ලියපු පෝස්ට් ඔක්කොම මැකිලා අලුත් එකක් හැදුවනේ මෙයා...


මේ 11නි ලිපියේ අන්තිමට dreams බ්ලොග් එක ලියන dreams සහෝදරීවත් මතක්කරන්න ඕනනේ.. එයත් කතාවක් ලියන්න අරගෙන තිබුණා.. කියවල බලන්ඩලාකෝ... ටිකක් වෙනස් විදියේ කතාවක්...
------------------------------------------------------------------------------------------------------------
දොළොස්වෙනි පෝස්ට් එකේදී එකතු වුණේ එකම එක්කෙනයි.. ඒ තමා  W. පුබුදු මල්ලි... මිරිඟුවක් පසුපස තමා මේ මල්ලිගේ බ්ලොග් එකේ නම.. ගිය අවුරුද්දේ සාපෙ කරපු මල්ලියෙක්.. පන්ති යනවා වෙන්න ඇති ඇඩ්වාන්ස් ලෙවල් වලට... නෝ පෝස්ට්ස්...
------------------------------------------------------------------------------------------------------------
දහතුන්වෙනි පෝස්ට් එකේදී මාත් එක්ක එකතු වුණේ මේ කට්ටිය..


දුමිගේ කට කහන කතා ලියන දුමී අයියා.. මෙයා ලියන කතා ආයේ මොකුත් නෑ එලටම ලියනවා හිනා කාල මැරෙන්නම.. ගොඩක් කාලෙකින් බ්ලොග් පැත්තේ ඇවිත් නෑ වගේ..

බිම්සර මල්ලි... අය්යෝ මොනා හරි වෙලා එයාගේ කමෙන්ට් එක දැන් නැහැ... සොරි මල්ලි...

Malisha කියන්නේ සරත් සමයේ විහඟ ගීතය කියන බ්ලොග් එකේ අයිතිකාරි.. එයත් ගොඩාක් කාලෙකින් ලිපියක් ලියලා නෑ මගෙ හිතේ..

පිස්සු පුරවරය බ්ලොග් එක ලියන හිතහොඳ පිස්සා  මේ පැත්තට ආවෙත් මේ පෝස්ට් එක කියවන්න ආපු ගමන් නෙ..


අස්වැන්න බ්ලොග් එක ලියන  දයානන්ද රත්නායකයන්.. සිංහල ගීතය, සුභාවිත සංගීතය ගැන අපේ මනස යොමු කරවන කෙනෙක්.. කවිය ගීතය ගැන නිතරම ලිපි ලියවෙන  බොහොම සුන්දර බ්ලොග් එකක් ඒක...


සාතන්ගේ අඩවිය බ්ලොග් එක ලියන සාතන් අයියා.. එයත් ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාල තියෙන්නෙ මේ ලිපියට තමා.. නම ගම විස්තර ඔක්කොම දාලා ලිපියක් දාල තියෙනවා මම දැක්කා.. පොටෝ කෑල්ලකුත් දාලා.. වැඩක් නෑ.. අහක බලං ඉන්නේ..
------------------------------------------------------------------------------------------------------------

දාහතරවෙනි පෝස්ට් එක බලන්න අලුතෙන් ආවේ මෙයාලා.. තහනම් අඩවිය ලියන අඩවි රජා සහෝදරයා...මෙයා අළුත් වැඩකට අත ගහලානේ.. කාටුන් එකක් පරිවර්තනය කරනවනේ.. මම ඒකට ආසයි...

ජිංජිබිරිස් ඉස්සර ලිව්ව එකේ නම ජිංජිගේ පිස්සු කතා උනාට දැන් නම වෙනස් කරලා.. දැන් නම ජිංජිගේ U-TURN එක

Harshana කියලා කමෙන්ට් කරලා තිබුණු Harshana Jayasuriya සහෝදරයාත් මේ වෙලාවේ මම මතක් කරනවා.. හැබැයි මම බ්ලොග් ඒකට නම් ගිහින් නෑ එයාගේ..

රූ අක්කා ආවෙත් මේ ලිපියේදී.. රූ සිරිනි තමා අක්කගේ බ්ලොග් එකේ නම...

ChammA අයියා ලියන්නේ ChammA's බ්ලොග් කියන එකනේ.. කෙටිකතාව කියවන්න ආවට පස්සේ හැමදාම මේ පැත්තට ආපු එක්කෙනෙක් තමා..

අත්තම්මගේ පෙට්ටගම කියන බ්ලොග් එකේ කාලයක් හිටියා කියපු Gimhani අක්කත් මේ ලිපියෙන් තමා එකතු උනේ.. දැන් නම් ලියන්නේ නෑ.. කමෙන්ට් කරනවා විතරයි.. බස් රේඩියෝ නිශාන්තයේත් ඉන්නවනේ දැන්....
------------------------------------------------------------------------------------------------------------

පහළොස්වෙනි ලිපියට එකතු උනේ මේ කට්ටිය..

 Gordonia ceylanica .... විද්‍යාත්මක නමක් දාගෙන හිටියට ඒ නමේ තේරුම නම් මම දන්නෙ නෑ.. බ්ලොග් එකත් නැද්ද මන්දා...

 ළහිරු හිමේෂ් කියන සහෝදරයා තමා ළහිරුගේ සිංහල Blog අඩවිය ලියන්නේ... ප්‍රොෆයිල් එකට ගියාම එකම වගේ නම තියෙන බ්ලොග් දෙකක් තියෙනවා.. යන්න කැමති අය දෙවෙනි එකට යන්න..

විමුක්ති බ්ලොග් එක ලියන විමුක්ති සහෝදරයත් මේ පෝස්ට් එකෙන් මාත් එක්ක එකතු උනා..
------------------------------------------------------------------------------------------------------------

දහසයවෙනි පෝස්ට් එකෙන් මේ පැත්තට අඩිය තියල තියෙන්නෙ ලොකු පුතා විතරයි.. එයාගේ බ්ලොග් එකේ නම මතකයේ රැඳුන තැන්...
------------------------------------------------------------------------------------------------------------

දාහත්වෙනි පෝස්ට් එකෙන් මෙහාට ආපු අය කවුද බලමු...

 අග්නිධාරා බ්ලොග් එක ලියන  අග්නි ධාරා  නංගි.. මෙයා ඉස්සර ලිව්වේ නිසුපුගේ ලෝකය කියන බ්ලොග් එක.. පස්සේ වෙනස් කළා නම.. නිසුපා අක්කා එක්ක පැටලෙන හින්දා.. ටෙම්ප්ලේට් එකේ තියෙන්නෙත් ගින්දර.. හැබැයි ඉතින් කතා කරන විදියට නම් දිවට තෙල් බඳින්න වෙනවා...

 සොඳුරු මිනිසා බ්ලොග් එක ලියන  සොඳුරු මිනිසා  සහෝදරයා... කැම්පස් එකේ ඉගෙන ගන්න කෙනෙක් බව නම් යන්තමට වගේ දන්නවා.. වැඩි විස්තරයක් දන්නේ නෑ..

අසේල කියන්නේ මෙතෙක් ආ මඟ කියන බ්ලොග් එක ලියන සහෝදරයා.. ඉඳලා හිටලා හෝ කියවලා යන්න එන කෙනෙක් තමා මෙයත්...

Senna අයියා ලියන්නේ කුරුන්ද කියන බ්ලොග් එක... විද්‍යා ප්‍රබන්ද වගේ කතා ලියන්න මේ අයියා දක්ෂයි.. රස්පුටින් ගැන, හොල්මන් ගැන එහෙම තමා ලඟදි ලියලා තිබුණේ..

කලාකාරයා කියලා දැන් නම වෙනස් කරන් ඉන්න මල්ලි ඉස්සර හිටියේ වාචාලයා කියන නමින්.. ඉස්සර බ්ලොග් එකේ නම වාචාලයාගේ ෆැන්ටසිය.. දැන් ඔක්කොම වෙනස් කරලා... දැන් කොහොමද... කලාකරුවාගේ සිත් ඉම... ලියන්නේ කලාකාරයා... කලාකාමී අදහස් වැඩි වැඩියෙන් පහල වේවා!!!
------------------------------------------------------------------------------------------------------------
දහඅටවෙනි පෝස්ට් එකට යමු.. මේකෙදි එකතු උනේ...


බට්ටාගේ පුස්කොලපොත බ්ලොග් එක ලියන බට්ටා මල්ලී... තාම ඉස්කෝලේ යනවා වෙන්න ඕන.. මේ අවුරුද්දේ විභාගේ ගන්නවද නම් දන්නේ නෑ..
 මකුළු පැංචිගේ වියමන ලියන මකුළු පැංචි අක්කා... මේ අක්කා ලඟදි ලංකාවට ආව කියල එයාගේ ලිපියක කියල තිබ්බනේ.. වසීලිස්සගේ රටේලු ඉන්නේ.. ඉගෙනගන්න අක්කෙක්..

 Chathu කියලා යාළුවෙකුත් ආව... හැබැයි කිසිම විස්තරයක් නම් නෑ එයාගේ..

සිත් අහස ලියන ප්‍රාර්ථනා අක්කා ආවේ මේ ලිපිය බලන්නනේ ඉස්සෙල්ලම.. අක්කත් ලියනවා ලස්සන කතාවක්.. නම තුහින වර්ෂා... නොකියවපු අය ඉන්නවා නම් බලන්නකෝ..

තරු අරුන්දතී අක්කා.. බ්ලොග් එකේ නමත් තරු අරුන්දතී තමා.. ලස්සන දෝණි කෙනෙක් එහෙමත් ඉන්නවනේ.. කවි පෙළක් දාල තිබුණා මට මතකයි...

සෝරෝ සහෝදරයා තමා සෝරෝගේ ලට පට, සිතුවිල්ලක අරුම කියනබ්ලොග් ලියන්නේ... තව නම් ගොඩක් තිබ්බා මේ දෙකක් විතරයි... මෙයා ඇවිත් ගියේ ඉස්සෙල්ලම මේ පෝස්ට් එකටනේ..

Fathima Reeza කියන්නේ ඉංග්‍රීසි බ්ලොග් එකක් ලියන සහෝදරියක්..cool තමා නම.. සිංහලෙනුත් කවි ලියන්න කියලා මම කිව්වා... ම්හ්.. නෝ රෙස්පොන්ස්... කමක් නෑ කවදා හරි හිතුණම ලියන්නකෝ..

------------------------------------------------------------------------------------------------------------

දහනමවෙනි පෝස්ට් එක බලන්න ආවේ අලුතින් දෙන්නයි..පළවෙනි එක්කෙනා dinu89 .... වැඩි විස්තර මොකුත් නෑ..

අනිත් එක්කෙනා තමා චින්චැට් කිරිල්ලී... අළුපාට හැන්දෑව බ්ලොග් එක ලියන්නේ මේ සහෝදරී නෙ.. රකුසෙක් ගැන මහා පුදුම කතාවක් ලියනවා මේ දවස වල..
------------------------------------------------------------------------------------------------------------

විසිවෙනි ලිපිය කියවන්න ආව අලුතෙන් 5 දෙනෙක්..

 ItalyDilan කියන්නේ සෙනසුරාදට බස් රේඩියෝ චාට් ෂෝ එක කරන අයියනේ හසී අක්කා එක්ක... ඉතාලියේ සිට ලියමි තමා බ්ලොග් එකේ නම.. ඉතාලියේ තමා ඉන්නේ.. ලංකාවේදී නම් අපේ දිස්ත්රික්කෙම තමා..

පැතුම් [සිතුම් පැතුම්].... මගෙ වයසේ යාලුවෙක්... සිතුම් පැතුම් තමා බ්ලොග් එකේ නම.. කොළඹ පැත්තේ ජොබ් එකක් කරන බව කිව්වා මතකයි..

මඩිස්ස කියන බ්ලොග් එක ලියන මඩිස්සලේ නිශාන් සහෝදරයත් මේ පැත්තට ආවේ 20 වෙනි ලිපියෙනුයි..


පුබුදුවා කියන්නෙත් මගෙ වයසේ යාලුවෙක්... මාවතේ අපි බ්ලොග් එකේ ලියන හතර දෙනාගෙන් එක්කෙනෙක් නෙ.. මේ ලිපියට විතරද මන්ද ආවේ...


මේ ලිපියේ අන්තිමට කමෙන්ට් කරලා තිබුණේ..හිරුගෙ කතාව ලියන හිරු අක්කනේ.. අන්තිමට ඒ පැත්තේ යද්දී ලිපි 2 යි තිබුණේ.. අළුත් එව්වා දාලද දන්නෙ නෑ.. 
----------------------------------------------------------------------------------------------------------------------------------


විසිඑක්වෙනි පෝස්ට් එක බලන්න ආව අය දෙන්නයි.. prasanna86k... මෙහෙම දැම්මට අපි දන්නවයැ නේද? මේ තමා ගෝල්ඩ්ෆිෂ්ගේ මාළු ටැංකිය ලියන ගෝල්ඩ්ෆිෂ් අයියා.. වර්ඩ් ප්‍රෙස් වලින් බ්ලොග් එක හදලා නිසා පොඩ්ඩක් වැඩ වැඩි...

 priyantha අයියත් මේ ලිපිය කියවන්න ඇවිත් ගියා.. මියුරු කල්පනා බ්ලොග් එක ලියන්නේ මේ අයියනේ.. හැමෝම ආදරේට ප්‍රියා අයියා කියලනේ කියන්නේ.. ගිම්හානි අක්කා එකතු වෙන්න කලින් ආදරණීය නිශාන්තේ කළේ මේ අයියනේ..
------------------------------------------------------------------------------------------------------------

විසිදෙවෙනි පෝස්ට් එක දැන්..  NJ ranGO ...දැන් නම වෙනස් කරලා.. ඉස්සර දාලා තිබ්බේ Najath Akram කියලා... අරුණැල්ල බ්ලොග් එක මේ මල්ලිගේ... ලඟදිනෙ බර්ත්ඩේ එක තිබ්බේ.. 21 ගහපු කේක් ගෙඩිය දැක්කනේද ඔයාලා..

සොඳුරු සිතැති මිනිසා බ්ලොග් එක ලියන සොඳුරු සිතැති මිනිසා  .. අයියෝ මෙයත් හරි කම්මැලි පෝස්ට් එකක් දාන්න.. අර නංගි බබාලට සෙරෙප්පුද සපත්තුද කියල පෝස්ට් එකක් ලිව්වේ මේ අයියනේ.. (ඊට පස්සේ ලිව්වද දන්නේ නෑ..)

 ඊළඟට කුබුවිගේ ලෝකය ලියන කුබූ අයියා... මං තාම ඒ පැත්තේ ගියෙත් එක පාරයි.. නෑවිත් ඉන්නෙ නෑ.. මම එනවා !!!
------------------------------------------------------------------------------------------------------------
විසිතුන් වෙනි ලිපියට ආවේ කවුද?? කිරිපුතාගේ විත්ති ලියන කිරි පුතා සහෝදරයා ආවා මේක කියවලා යන්න...
පන්සල්  හංදිය බ්ලොග් එක ලියන පන්සල් හංදිය කියන නමින්ම කමෙන්ට් කරන අයියත් ආව  මේ ලිපිය බලලා යන්න..

වර්ෂා .... මෙයා ලියන බ්ලොග් එකේ නම වැහි වැටෙන තැන... තව කවුරු හරි ඒ නමම බ්ලොග් එකක් ලියන්න පාවිච්චි කරනවා වගේ මට මතක..
------------------------------------------------------------------------------------------------------------
විසි හතර වෙනි පෝස්ට් එකට ආවේ... Praveena Palipana ඒ කියන්නේ පොඩි කුමාරිහාමි අක්කා... Podi Kumarihami බ්ලොග් එක ලියන්නේ ඒ අක්කා...

ම්ම්ම් හින්දි නළුවෙකුත් ආවනේ... සල්මාන් ඛාන් තමා... හැබැයි මෙයා නම් හොඳට සිංහල දන්නා පාටයි...

තවත් අළුත් යාලුවෙක් ආවා නොහිම් සිහින කියලා... බ්ලොග් එකත් නොහිම් සිහිනම තමා...

ඔච්චරයි මේ දක්වා ආපු යාළුවො... ෆලෝවර්ස් ලා දැනට 91 යි.. ඉතින් යාලුවනේ ඔයාල හැමෝටම ස්තුතියි ගොඩාරියක්... ඉස්සරහටත් මාත් එක්ක රැඳෙන්න කියල ආදරයෙන් ඉල්ලනවා..

ඒ එක්කම බ්ලොග් එකේ වෙනසක් කරන්න හිතුව.. මගෙ ඇත්තම ඇත්ත නමට ශානි කියන නමේ කිසිම අදාලත්වයක් නෑ.. ඒ නිසා මම හිතුව නම වෙනස් කරන්න... ඒත් ඇත්තම නම නෙමේ.. හැබැයි ඔයාලට දළ වශයෙන් නම ගැන අදහසක් ඒවි.. මොකද මම අනිත් පෝස්ට් එකේ ඉඳං පාවිච්චි කරන්න ඉන්නේ ඇත්ත නමේ මුල් අකුරු දෙක... ඒ තමා Anu කියන එක... දැන් මගෙ නම දන්නා කට්ටිය එහෙම මෙතන නම කියවන්න යන්න එපා.. මම බේරිලා ඉන්නත් එපැයි මොනාහරි ලියන්න..  නේ??

26 වෙනි පෝස්ට් එකේ ඉඳං මගෙ නම වගේම බ්ලොග් එකේ නමත් වෙනස් වෙයි.. තාම නමක් හිතුවේ නෑ...!!!


83 comments:

  1. ඔන්න එහෙනම් බ්ලොග් ලිපි 25 ක් ලියල සෑහෙන පළපුරුද්දක් ලැබූ එකට පළමුවෙන්ම සුබපතනවා තවත් ඉදිරියට ලිවීමේ කියවීමේ හැකියාව වැඩි දියුණුවෙලා පොතක් එහෙමත් ලියල ලංකාවෙම් සුප්‍රසිද්ධ ලේඛිකාවක් වෙන්න වාසනාව ලැබේවා කියල.

    දෙවනුව "අස්වැන්න" ගැනත් කියල තිබුණා මගේ නමත් සඳහන් කරල ඒකටත් ස්තුතියි.

    අතීතය අමත නොකළ බ්ලොග් ලියන යෙහෙළියට සුබපැතුම් 26 පෝසට් එකේ ඉදින් අලුත් දැක්මක් සහ අලුත් ගමනට සුබපතනවා

    ReplyDelete
    Replies
    1. සියලු සුභ පැතුම් වෙනුවෙන් ඔබට ගොඩක් ස්තුතියි...!!! දිගටම ඇවිත් යන්න එන්න....

      Delete
  2. අහක බලන් ඉන්න එකක් දාල තියෙන්නෙ ඒක තමයි හොඳ මට්ටමක තියෙන එකම ෆොටෝ එක :)

    පනස් වෙනි එකට වෙනකං දඩි බිඩි ගාල ලියන් යමුකො... (පස්සෙ බැරියෑ 100 ගැන බලන්න ;) )

    ReplyDelete
    Replies
    1. අයියෝ අහක බලං හිටියම කොහොමද අනේ....

      දඩිබිඩි නම් ලියන්න වෙන්නෙම නෑ... කොහොමහරි 50 ක් වත් ලියන්න බලන්නම්කෝ.... :)))

      Delete
  3. ස්තුති.. මගේ නම දැම්මට නෙවේ..

    මට බ්ලොග් ලිස්ට් එකක් අවශ්‍යය වෙලා තිබ්බේ ෆ‍ලෝ කරන්න එකපාර.

    කස්ටියගෙ කැරැක්ටුව එක්කම තියෙන නිසා එලමකිරි..

    ජය පතමි. !

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි ඔයාටත් මට සුභ පැතුවට....

      බොහොම අමාරුවෙන් විස්තර එකතු කරන් ලිව්වේ... වැඩක් වුනා නම් සතුටුයි.... :))

      Delete
  4. යකෝ මගේ චරිතය එහෙම් පිටින්ම විකෘති කරලනේ!:P

    ReplyDelete
    Replies
    1. බයි ද වේ 25 ට 2500ක් ලියන්න ලැබේවා කියල සුභ පතනව හදවතින්ම!:)
      හැමදාම ඉතින් බොක්කෙන්ම සප් 1 දෙනව ;)

      Delete
    2. බොක්කෙන්ම දෙන සප් එක මට හුඟක් වටිනවා මලේ.... කිසිම විකෘතියක් නෑ... මට පේන හැටිනෙ ඉතින්.... :))) 2500 කෙසේ වෙතත් සුභ පැතුමට ස්තුතියි !!!

      Delete
  5. කම්මැලියාගේ ලින්කුවෙන් යන්නේද වර්ණාගේ ප්‍රොෆයිලයටයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... මම දැනුයි දැක්කේ.... මොකෝ දන්නෙ නෑ ඒ....?

      Delete
  6. මේක කරන්න බෑ අප්පා.. දැන් හැමෝම මං ගැන කියන්න අවුරුදු තුනනේ පාවිච්චි කරන්නේ..

    දැන් එතකොට ශානි අනු වෙනවනේ.. ඒකත් හොදා.. සුභ පැතුම් ඔන්න එහෙනම් මගෙන්..

    ReplyDelete
    Replies
    1. අනු ශානි වෙනවා නේ.

      Delete
    2. හයියෝ පවු අප්ප ඩිනේශ් අයිය.....:P

      Delete
    3. අනූ කියන්නේ මගේ ඇත්තම නමේ ෂෝට් ෆෝම් වගේ... එහෙම කතා කරද්දී මට ගොඩක් සමීපයි වගේ දැනෙනවා... සුභ පැතුමට ස්තුතියි දිනේෂ් අයියා....

      Delete
  7. අනේ පහුගිට ටිකේ මේ පැත්තේ එන්ට බැරි උනා විභාගේ නිසා......
    "බීටා එකට තව කෑල්ලක් එකතු උනේ ගූගල්+ එකේ නටපු නාඩගමක් නිසා

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම Shani KJ කියල තිබ්බ නම Anu Kanchana කියල වෙනස් කලෙත් ඒකයි... එක නමක් දාන්න දෙන්නේ නෑනේ.... මොනා උණත් විභාග වැඩ නම් පාඩු කරගන්න එපා මලේ....

      Delete
  8. ඔව්.. අර පුස්කොලපොත ලියන එකා මේ අවුරුද්දෙලු උ/පෙ කරන්නේ... ඒක නිසා ඌ මුලු දවසෙම ඉන්නෙ මූනු පොතේලු.. ඉහලින්ම පාස් වෙන්න හිතාගෙන.. අන්න බලන්න හැදෙන මිනිස්සු.. :D

    ReplyDelete
    Replies
    1. ඔහොම හැදුණොත් යසට හිටී.... පාඩම් කරපන් මල්ලියේ.... :)))

      Delete
  9. අපිවත් මතක්කරල තියෙන්නේ.ඔයා කිවුව හරි.එක්සැම් එකකට හිරවෙලා මුකුත් කරගන්න වෙලාවක් නෑ.අලුත් වෙනසත් එක්ක අලුත් දෙයක් කරමු.සුබපැතුම් මගෙනුත්

    ReplyDelete
    Replies
    1. මගේ නමයි බ්ලොග් එකේ නමයි වෙනස් උනාට මම පරණ කෙල්ලම තමා... අලුත් නමත් එක්ක ඔයාලව මට තවත් සමීපව දැනේවි... සුභ පැතුමට ස්තුතියි...

      අපි කිව්වොත් කිව්වා... :)))

      Delete
  10. හලෙ අම්මියෝ...මාට් ඉන්නව නේ.....
    ටැන්කූ ටැන්කූ.....මේ පෝස්ට් එකෙන් නොඩන්න යාලුවොට් ගොඩාලියක් ඩැනගට්ට......

    මගේ සුභම සුභ පැතුම් අක්කියෝ........දිගටම ලියන්න ජය ප්‍රාර්ථනා කරනව ඔයාට......:)

    හලේ ඩිවට මොකුට් වෙලා නෑ හලේ......;)

    ReplyDelete
  11. 25න්ම සුභ පතලා නේද?මගේ නමත් තියනවා සුභ පැතුම් 25 ට,,තවත් කාලයක් පුලුවන් විදිහට බ්ලොග් අවකාශයේ රැදීසිටින එකයි වැදගත්

    ReplyDelete
  12. සුබපැතුම්.. දිගටම ලියන්න.. :)

    ReplyDelete
  13. දෙයියෝ සාක්කි... පෝස්ට් 50ක්-100ක් එහෙම ලිව්ව දවසට තමයි මරු! ඒ හැම එකක් ගැන ම දාන්න එපැයි! සුබ පැතුම් 25 ට! පෝස්ට් 25, 250කට විතර අරන් යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  14. පුදුම මහන්සියක් වෙන්න ඇති මේ පෝස්ට් එක ලියන්න.. පෝස්ට් 25ක් බලබල කට්ටියව හොයන එක ලේසි වැඩක් නෙමෙයිනෙ...

    දිගු ගමනකට ආසිරි!

    ReplyDelete
  15. අඩේ මම සෑහෙන පහුවෙලානෙ ඇවිත් තියෙන්නෙ...

    මොකක්ද වෙන්ඩ යන වෙනස ?

    ReplyDelete
  16. 25ට 2500ක් ලියන්න වාසනාව ලැබේවා
    මොකද පහුගිය දවස්වල පෙන්න නැත්තේ?
    ඔන්න මම නම් නම දන්නේ නැ ලු :P

    ReplyDelete
  17. මම එතකොට මුල ඉඳලම ඇවිල්ලද?මටත් ඔයාගේ ලින්ක් එක දුන්නේ වර්ණා. කට්ටිය හැමෝගෙම විස්තර තියෙන්නේ මේ හොඳට.

    25 සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මම ලිව්වානම් අසර්ණයා ගැන දෙන්නෙ මෙහෙම අර්ථකතනයක් නෙවෙයි... හික්ස්ස්...:D

      Delete
    2. එහෙනම් කොහොමද.මගේ ගොඩාක් දේවල් දන්නවද? වරහන් ඇතුලේ අවන්කයා කියලත් දානවා නේද?

      Delete
    3. අපෝ.. නෑ... හොද මඩ ටිකක් ගහනවා..:p

      Delete
    4. අවන්කයාට කවදාවත් තැනක නැහැ.සැමදා දුකේ.

      Delete
  18. මම බැලුවා කෙල්ල කොහෙද අතුරුදහන් වෙලා උන්නේ කියලා... මෙච්චර ලොකු වැඩක් කරනකොට ඉතින් පිස්සු හැදෙනවානේ... කොහොම උනත් නංගෝ නම නම් වෙනස් උනාට කමක් නැ එත් ඔයාට ලස්සන ස්ටයිල් එකක් තියනවා... බලනකොට මමත් පරක්කු වෙලාද කොහෙද ඇවිත් තියෙන්නේ..

    හ්ම්ම්.... ඉතින් ඉක්මනටම 26 ලියන්නකෝ... ජය වේවා

    ReplyDelete
  19. මම නම් අද තමා මේ පැත්තට ආවෙ... ඕන් ඉතින් මමත් හීනියට කමෙන්ට් පාරක් දැම්මා 50 ලියන දවසෙ වැරදිලා හරි අපිවත් මතක් උණොත් කියල... ලොල්ස්...
    25 සැමරුමට මගෙත් උණුසුම් සුබ පැතුම්.....!!!! ඔන්න දිගටම ලියන්න ඕනි ඕන්..

    ReplyDelete
  20. මම මීට කලින් මේ පැත්තේ ඇවිත් තියෙනවා. ඒත් කමෙන්ට් කළාද කියලා නම් මතක නෑ.....
    සුබ පැතුම්....!!!
    දිගටම ලියන්න. ජය!!!
    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  21. ආහා..........එල එල ඔහොම යං....අපි දිගටම එනෝ....
    සුභ පැතුම්!!!

    ReplyDelete
  22. පොම්පෙන්ම සුභපැතුම්! :)

    ReplyDelete
  23. විසි පහ සිය දෙසිය වෙනකම් යන්න ඔන්න මගෙත් සුභ පැතුම්..........

    ReplyDelete
  24. සුභ පැතුම් ශානි..
    දිගටම ලියන්න..අපි එනවා බලන්න..

    ReplyDelete
  25. ඔන්න එහෙනම්....විසි හයවෙනි එකේ ඉඳන් මාවත් එකතු කරගන්න හොඳේ

    ReplyDelete
  26. බ්ලොග් ලිස්ට් එක සෑහෙන්න ප්‍රයෝජනවත් මට නම්...ස්තූතියි ශානි... සුබ පතනවා ඔයාටත්......

    ReplyDelete
  27. හෆ්ෆටතිලි!! මුලු බ්ලොග් අවකාශෙම මෙහෙනෙ බොලෙ!!! :D :D 25ට සුභ පැතුම් සහෝදරී!!! 25 නෙවෙයි 25 ට තව 0 හුඟාක් දාලා ලියනකම් අපි ඔයා එක්ක.. මම ඔයාව අදුරගත්තෙත් කතාව කියවන්න ආවයින් නෙ..:D

    ජය වේවා!!! දිගටම ලියන්න....

    ReplyDelete
  28. "නම නාකියා උනාට කොල්ලෙක් නෙ... මොකට දාගත්තද මන්ද නාකියා කියල.. "

    අයියෝ අර ගාල්ලේ තිබ්බ මොකක්ද වෙඩිමකට මගේ මුණුපුරාව එවලා මම කර ගත්ත මෝඩ කමක්... :(



    මොනවා වුනත් "විශ්වාසනීය වෙනසක්" එක්ක ඔය ළමයට "සුභ අනාගතයක්" කියලා පතන්නම්කෝ... ;)

    ReplyDelete
    Replies
    1. ඔව්ව කොරන්න කලින් හිතන්න ඕනෙ බොල සීයේ... මුණුපුරාලව ඔහොමත් තැන තැන යවනවද වගකීමක් නැතුව..? කෙස්ස පැහුන නාකියෙක් වෙච්චි කොට ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න එපැයි :P

      Delete
    2. බට්ටා.. දාන්න පහක්.. නාකියාගේ කෙස් පැහිලා තියෙන්නේ අකලටද කොහේද...

      Delete
  29. අම්මෝ සෑහෙන මහන්සි වෙලා නේ. හොඳයි හොඳයි.:) මෙච්චර කල් හිටිය වගේ ඉස්සරහටත් ඉතින් අපි නගාත් එක්ක ඉන්නවා. පොඩ්ඩක් පහු වුනත් ඉතින් මම ඔක්කොම කියවනවා නේ.;) දිග ගමනකට සුභ පතනවා. බලමුකෝ අලුත් වෙනස කොහොමද කියලා.

    ReplyDelete
  30. මම පස්වෙනි පොස්ට් එකෙන්ද අවේ? මං හිතුව ඊට වඩා පරක්කුයි කියල... කොහොමද මේ පොස්ට් එක ලිව්වේ ගොඩක් මහන්සි වෙන්න ඇති අක්කා. මමත් මේ සති ගානකින් පොස්ට් එකක් දාන්න දගලනවා.. තාම type කරනවා.. සුබ පැතුම් මගෙනුත් ඔන්න... මාවත් මතක් කලාට තැන්ක්ස් අක්කේ...

    ReplyDelete
  31. සුභ පැතුම් තව තවත් ඉදිරියට යන්න....මටත් හිනා ගියා අප්පා යන්න තියෙන්නේ ජිබූති කිව්වම....යාළුවන්ට කියන්නෙ ඉන්නේ සවුත් ඇෆ්‍රිකා කියලා.... අයි ටී කියන්නේ අර කානු කපාගෙන කේබල් දාන්නේ ..අන්න ඒවා කරන්නේ..ටැලිපෝන්.ඉන්ටර්නෙට්...හික් හික් ...

    ReplyDelete
  32. මාස හයේ බ්ලොග් බබාට සුබ පැතුම්!
    මාවත් මතක් වුණාට බොහොම ස්තූතියි අක්කෙ.ඇත්තටම වැහි වැටෙන තැන කියලා වෙන බ්ලොග් එකක් තියෙනවද?

    ReplyDelete
  33. අලේ මම ඉන්න රට, හඳ අල්ලපු රට නේ නගා...:)) ස්තුතියි අපිවත් මතක් උනාට..ඒ වගේම 25 වෙනි පෝස්ට් එකට සුබ පැතුම්..තවත් හොඳට ලියන්න ශක්තිය ලැබේවා කියලා පතනවා..

    ReplyDelete
  34. හදවතින්ම සුබපැතුම්...

    ReplyDelete
  35. මමත් මුලදි හිතාගෙන හිටියේ ඔයා වර්ණගෙ යාලුවා කියලයි ..[වර්ණත් එක්ක ගාල්ලෙ ආවෙ]
    පස්සෙ මම දැනගත්තා එයා නෙවෙයි කියල.
    කමක් නෑ .. අපි බ්ලොග් අවකාශෙ මිතුරු මිතුරියො ඔක්කොම එක සමානයි හැමදාටම ...
    තව තව ලියන්නට ලැබේවා යි පතමි. [ සමග සුබ අලුත් අවුරුද්දකුත්]

    ReplyDelete
  36. මුලින්ම, මෙච්චර මහන්සි වෙලා මේ පෝස්ට් එක ලිව්වට ස්තුතියි !

    දෙවනියට, 25 වැනි පෝස්ට් එකට සුභ පැතුම්...! දැන් බ්ලොග් රචනය ඇඟට වැදිලා ඇති කියලා හිතෙනවා !

    තුන්වැනියට, නම වෙනස් කරන්නේ විශේෂ වුවමනාවක් නැත්නම් මේ නමම හොඳයි. බ්ලොග් අවකාශයේ ශානිලා මහ ගොඩකුත් නෑනේ. නංගා අනන්‍යතාවය එළී කරන්න අකමැති එකේ හදාගත්ත නම ආයේ මොකටද තවත් වෙනස් කරන්නේ ?

    ReplyDelete
  37. සුභපැතුම් ශානි...!! දිගටම ලියන්න.....

    ReplyDelete
  38. 25ට සුභපැතුම්.

    ReplyDelete
  39. ස්තූතියි නංගෝ මාවත් මතක් කලාට. මම තාම දන්නේ නෑනේ ඔය බ්ලොග් වල ලින්ක් දාන හැටි. ඊයේට ඇවිත් මාස 10කුත් වුනා. බට්ටි අක්කා නම් මේ පුංචිම ජොබ් එකක් කරනවා තමයි. ඒකේ පිහිටෙන්නේ තමයි ඉතිං බ්ලොග් ලියන්නේ. අත්කම් වැඩේ නම් කාලෙකට පමා‍වුනා. පෝන් එකේ ෆොටෝ පැහැදිලි නෑ. හදපු අත්කම් ගොඩක් තියෙනවා. දුකේ බෑ ඔයාලට කියල දෙන්න බැරි වුනාට.

    ReplyDelete
  40. මම දෙවෙනි පෝස්ට් එකේ ඉඳන් ඇවිල්ලද ඈ මමත් බ්ලොග් කෙරුවාව පටං ගත්තේ දෙසැම්බර්....මේ දවස්වල සෑහෙන්න එරිලා ඉන්නේ අක්කෝ ඒකයි වැඩිය එන්න යන්න බැරි මේ අගෝස්තුවෙන් පස්සෙවත් පූර්ණ කාලීන බ්ලොග් ගියන්න බහින්ටෝන...එතකං මාසෙකට එකක්වත් දාන්න ට්‍රයි එකක් තියෙනවා... බ්ලොග් වගේද අප්පා විභාගේ...25ට සුභ පැතුම් අක්කෝ...ජය වේවා තව තව ලියන්න හැකිවේවා....

    නම මොකක්ද අප්පේ...
    අනුපමා
    අනුෂිකා
    අනුලා
    අනුරංගි
    අනුරාධා
    අනුකි
    අනූෂා

    එකක්වත් ඉලක්කෙට වදින්නැතෑ

    ReplyDelete
  41. බ්ලොග් ඉතිහාසේ මම දැකපු දිගම ස්තුති කිරිල්ල වගේම ආපු සේරම අය ගැන දාල තියන දිගම හැඳින්වීම. ගොඩක් අයට අමතක වෙන මුල මතක තියා ගත්ත ඔයාට ගොඩක් දුර යන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  42. මගෙනුත් සුභ පැතුම් !! ජයෙන් ජය!!!

    ReplyDelete
  43. මමනම් අදමයි ආවේ මේ පැත්තේ.. සුභ පැතුම් ඉදිරි අනාගතේදී වැඩි වැඩියෙන් ලැබේවා.. හිකිස්‌

    ReplyDelete
  44. හපොය් රෙදි ගැලවුනාද මන්දා :/ කොරවෙන්නම කලාස් නේ, ලිව්වේ නැතත් දිගටම එනව කියවන්ට :) තව තවත් ලියන්න,ජය වේවා!!

    ReplyDelete
  45. ම්ම් කට්ටිය ගැන දැනගන්නත් එක්ක නියම වැඩක් ශානි ඔය කෙරුවේ.කියලා වැඩක් නැහැ.ආසයි ඇත්තටම..ජය.

    ReplyDelete
  46. හනේ මගේ නමත් තියනවනේ...තම පොස්ට් දෙකම තමා ඉතින්..: මේ පොස්ට් එක ලියන්න ඔයාට සැහෙන්න මහන්සි වෙන්න ඇති නේද..? 25 නෙවෙයි ඉක්මනටම 100 ලියන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා...ඔන්න මගෙනුත් සුබපැතුම්...ජය..!!!

    ReplyDelete
  47. 25 වෙනි පෝස්ට් එක නෙමෙයි නංගා අපි එනවා 2500යෙ පෝස්ට් එකත් කියවන්න..
    ඔයාට තව බොහෝ දුරක් යන්න මගෙන් සුභ පැතුම්.. :))

    ReplyDelete
  48. පසුගිය ටිකේ ටිකක් කාර්ය බහුල වෙලා හිටියා නංගෝ. එකයි පරක්කු උනේ මේ පැත්තේ එන්න .
    සුභ පතනවා දිගටම ලියන්න . ජය වේවා !

    ReplyDelete
  49. හානේ මමත් ඉන්නව.හුඟාක් ස්තුතියි යාලු.ඒත් සමාවෙන්න බ්ලොග් එක අයින් කරලා අලුත් බ්ලොග් එකක් ලියන්න ගත්ත.සිහින මතකයන් බ්ලොග් එක මකල මේ බ්ලොග් එක ලියන්න ගත්තත් යාලුවෝ කාටවත් කියන්න බැරි වුනා.

    හුඟාක් මහන්සි වෙලා තියෙනවා.වටින ලස්සනට ලියවුන ලිපියක් යාලු.

    ReplyDelete
  50. කලින් ආවට හරියට කියෙව්වේ දැන්. මම මුල් පොස්ට් එකේ ඉදලා කමෙන්ට් කරලා තිබ්බට මුලින්ම මේ පැත්තට ආවේ නම් පලවෙනි පොස්ට් එක කියවන්න නෙවෙයි. ඉස්කෝලෙක ටීචර් කෙනෙක් ටෙලිෆෝන් කරලා රිසාල්ට් අහන කතාවක් තිබ්බ පොස්ට් එකේදී වගේ..ඒක උඹට මතක නැති උනාට අද වාගේ මතකයි මට :D
    :P:P Anu Kanchana :P:P

    අද අප්‍රේල් 10 සුභ උපන් දිනයක් වේවා. සහ ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරුණ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  51. හොඳ හොඳා දිගටම ලියපන් ජය. අඩේ එතකොට අපි නෑ හරි හරි..හික් පොඩි විහිලුවක් කලේ..

    ReplyDelete
  52. බොහොම දවසකින් මේ පැත්තට ආවේ නංගියෝ....ජීවිතේ වෙච්ච හැල හැප්පීම් එක්ක බ්ලොග් පැත්තට එන්න පුළුවන් උනේ දැන් තමයි...
    ඉතින් හදවතින්ම සුබ පතනවා මේ ආවා වගේම තවත් ලොකු දුරක් යන්න ලැබෙන්න කියලා....

    ReplyDelete
  53. පාඨකයාන්ට තමන්ගේ ස්තුතිය පුද කරල තියනවා එයාලව අනිත් යාළුවන්ට අදුන්වලා දීමත් සමග.....ඉතාමත්ම ප්‍රිය උපදවන ආකාරයට වෑඩ කරලා තියනව ශානි....best of luck write more & more :)) අනික මට හොඳටෝම මතකයි ඔයා මට සිංහලෙනුත් කවි ලියන්න කියලා කිව්වා...ඔයගෙ ඉල්ලීම ඒ වගේම අනිත් යාළුවන්ගේත් කාරුණික ඉල්ලීමට ගරු කරලා ඔන්න මම පටන්ගත්තා 'සිසිල' නමින් සිංහල බ්ලොග් එකක්.... තව පොස්ට් කරේ නෑ මොකුත්.... හබ්යි ඉතිං එතන මට සෑකයක් පෑටලිල්ලක් අති වූ විට, අනිවාරෙන් ඔයාලගේ කාරුණික සහයෝගය අවශ්‍ය වෙයි! දෙනවා නේද...?? :))

    ReplyDelete
  54. හලේ.... මේ පැහිත්ත ආත්ති මට කම්මැලියා කිවුව නේද? අනේ තරහ නෑ බබෝ.. ඒ මගේ කම්මැලි කම නිසා නෙමෙයි.ඔන්න මම දැම්ම 3 වෙනි පොස්ට් එකේ ඉදන් තමා මගේ බ්ලොග් එක සින්ඩියේ update වෙන්න ගත්තේ.ඉතින් කට්ටිය වැඩිය අවේ නැති නිසා පොස්ට් දාන එක late කලා.දැන් හරි... තියන වැඩ අධික කම නිසාත් ,දවසකට කියවන්න තියන බ්ලොග් කන්දරාව කියවල ඉවර වෙද්දී, මට ලියන්න නම් ටිකක් වෙලාව මදි තමා :) කමක් නෑ ෆොටෝ කැල්ලක් වත් බලල යන්න වෙනද වගේම එන්න හොඳේ..


    ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)

    ReplyDelete
  55. මගේ නමත් වෙනසුනා.හි හි... සමාවේවා ගොඩ නොවැදුනට...ඔලුව උස්සන්න ඉඩක් නෑ මේටිකේ... අහම්බෙන් දැක්ක මගේ පරණ නම කොටල තියෙනව... 25ට 250ක්ම ලැබේවා!

    ReplyDelete
  56. ලිපිය දිගයි. ඒත් මගේ නම තියෙනවා දැක්කම පොඩි ෆන් එකක් නොදැනුන නෙවේ ඉතින්... ස්තූතියි නංගි. වැඩ අස්සේ මේ පැත්තට ආවේ තරුගේ කතාව බලන්න..ඒක පැත්තකට දාල මේක කියෙව්වා.. ඒ කතාව බලන්න වෙන්නේ ඉතින් වෙන වෙලාවක තමයි..:)

    ReplyDelete
  57. දිගටම ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්ඩ !!!
    නංගිට සුබ පතනවා.
    සුබ පතන්න නම් ටිකක් පමා උනා. ඔයා දන්නවනේ මගේ මැශින් එකේ අවුලක් ගියා කියලා.

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..