ලෝකෙට ආපු අය

Wednesday, March 21, 2012

මේ ගැනත් හිතන්න


මීළඟට ලියන්නේ සඳයි තරුයි කතාවේ  4 වෙනි කොටස කියල දැඩි තීරණයක් හිටපි මට හදිස්සියේ ඒ තීරණේ වෙනස් කරන්නට සිද්ධ වුණා.. ඒ ඊයේ රාත්‍රියේ මට දකින්නට ලැබුණු ඡායාරූප කීපයක් නිසා.. තව හරියටම මාසයක කාලයකින් රියදුරු බලපත්‍රය ලබාගන්න ඉන්න මගේ සිත මේ පින්තූර දැක්කම කවදාවත් නොවූ තරමට සසල වුණා..

දැන් මම ඔයාලටත් ඒ පින්තූර ටික පෙන්නන්න ලෑස්තියි. හැබැයි අධික ලෙස කම්පනයට පත් වෙන අය ඉන්නවා නම් මේ ලිපිය කියවන එක නවත්තල දාල දැන්මම යන්න කියල ඉල්ලන්නේ බොහොම කරුණාවෙන්... එහෙනම් මේ පින්තූර දිහා බලන්න..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.







දැක්ක නේද පින්තූර ටික... එහෙනම් දැන් කතාවත් අහන්න..

මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මොරටුව ප්‍රදේශයේ.. එක අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි බෝනික්කෙක් වගේ අවුරුදු අටක් වයස පුංචි දෝණි කෙනෙකුයි මෝටර් සයිකලේ ගමනක් යනවා... පිටිපස්සෙන් ආපු වාහනයක් මෝටර් සයිකලය හැප්පීම නිසා අම්මයි තාත්තයි ළමයයි විසි වෙනවා.. තාත්තා විසි වෙලා ගිහින් වාහනයකට අසු නොවී බේරෙන්නේ අනූ නමයෙන්. අම්මටත් අතේ තුවාලයක් සහිතව සිදුවන මේ අනතුරේ අවාසනාවන්තම සිදුවීම ඔයාල දැන් දැකල ඉවරයි. මලක් වගේ හිටපු පුංචි කෙල්ල විසි වෙලා වැටෙන්නේ වාහනයක රෝදයක් යටට. වාහනය ලොරියක්ද බසයක්ද යන්න මා හරියට දන්නෙ නෑ.. විශ්වාස කරන්න මෙය නවතා තිබූ වාහනයක්.. ඒ කාලකන්ණි රියදුරා නවතා තිබූ වාහනය ඉදිරියට ධාවනය කිරීම වෙනුවට එක්වරම වාහනය පසුපසට ධාවනය කළා.. ප්‍රථිපලය....  2 හා 3 පින්තූර බැලූ විට පැහැදිලියි නේද? මෙතන වරද කාගේද? පරිස්සමින් අනුන්ට කරදරයක් නොවන ලෙස මෝටර් සයිකලය ධාවනය කළ තාත්තගේද? නොසැලකිලිමත් ලෙස මෝටර් සයිකලය හැප්පු රියදුරාගේද? එහෙමත් නැත්නම් අවිචාරවත් ලෙස රිය පසුපසට පැදවූ රියදුරාගේද?

තවත් පින්තූර ටිකක් දැන් බලමු.

කලින් වගේම කියන්නට තියෙන්නේ බලන්නට අමාරු අය බලන්නට එපා... මේ පින්තූර කලින් ඒවාටත් වඩා භයානක වෙන්න පුලුවන්.. එහෙනම් හිත හයිය අය එන්න බලන්න..








මේ අයියා දිහා බලන්න... හැමෝම ආරක්ෂිතයි කියන හෙල්මට් එකක් දාගෙන සිටින එයාගෙ හෙල්මට් එකට වෙලා තියෙන දේ පැහැදිලියි නේද? හෙල්මට් එක දෙකට වෙන්වෙලා ,පටිය බෙල්ලෙ හිරවෙලා තියෙන හැටි පේනවා නේද? එයාගෙ කකුල තියෙන හැටි දැක්කද? ඇඹරිලා උඩින් ඇවිත් ... කලිසමත් ඉරිලා කකුලට වෙලා තියෙන විපර්යාසයට..
තව එකම එකක් තියෙනවා.. ඒකත් බලන්න..

මේක දිහා බැලුවම වෙන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ නේද? මේක ට්‍රක් එකකට අහු වුණ මවුන්ටන් බයිසිකල් කරුවෙක්ගේ පින්තුරයක්..




ලර්නර්ස් යද්දී බයික් ලයිෂන් වලට ඉල්ලුම් කළ නිසාත්, මගේ කරදරේ නිසා පුරුදු වෙන්න බයික් එකක් නැති කමට අරන් දුන්න නිසාත්, ට්‍රයල් ළඟ නිසාත්.. ගෙදර වත්තේ පුරුදු වෙලා ලයිෂන් එක ගත්තත් ඊට පස්සේ ඒක අල්ලන්නවත් මට හිතෙන්නේ නෑ..

බයික් වලට විතරක් නෙමේ බයිසිකල් වලටත් මේ කතාව පොදුයි.. මොකද ඒ අවස්ථා දෙකේදීම ඉස්සරහින් හැප්පුනත් පිටිපස්සෙන් හැප්පුනත් අනතුරු වෙන්න තියෙන අවස්තාව බොහොම වැඩියි. නමුත් රෝද 4 වාහන වල ආසන පටි තියෙනවා. ඒවා දාගෙන වාහනය ධාවනය කලාම වෙන්න තියෙන අනතුරු 99.99%ක්ම අඩුයි.. අනික රෝද 4 වාහනයක් පිටිපස්සෙන් හැප්පුනාම  වෙන්න තියෙන අනතුර සෑහෙන දුරට අඩුයි.. මම අනතුරු නොවෙනවා කියන්නෙ නෑ... නමුත් බයිසිකල් සහ බයික් වලට වඩා ආරක්ෂිතයි.. ඉතිං අම්ම අවුරුදු ගාණක් අත පය නොකඩා දුක් විඳලා අපිව හැදුව නම් ඒ ජීවිතයට වටිනාකමක් දෙන්න අපි දැනගන්න ඕන.

නිකමට හිතල බලන්න ඔයා හදිස්සියේ නැති උණොත් ඔයාට ආදරය කරන කීදෙනෙක් මේ ලෝකේ දුක් වෙයිද කියල.. අපි කවද හරි අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක ඇත්ත. ඒත් අපි කොයිතරම් සුපරික්ෂාකාරී විදියට වාහනය ධාවනය කළත් අපිට පාරේ යන මිනිස්සු ගැන විශ්වාසය තියන්න පුලුවන්ද? බෑ... ඉතිං හිතන්න... වාහන ධාවනය කරන හැමෝම..

ලෝකේ තියෙන භයානකම වාහනය බයික් එක බව මේ වෙනකොට මගේ සිතට දැනිලා ඉවරයි.. එකඟ වෙන්නෝ පිළිගනිත්වා.. !!! එකඟ නොවන්නන්ට ලිපිය කියෙව්වට ස්තුතියි !!!

බ්ලොග් එකේ දාන්න තරම් මේ පින්තූර දරුණු වැඩිද කියල හිතුණා.. ඒත් මම දැම්ම... හිත රිදුණා නම් සමාවෙන්න...



95 comments:

  1. මටනම් ඉතින් බයික් එකතරම් හරියන වාහනයක් ලොවෙත් නැ.
    ඇක්සිඩන්ට් නම් වැඩි තමා.ඒත් ඒ ආතල් ඒක වෙන මොන වාහනයකවත් නැ :)

    ReplyDelete
    Replies
    1. පිංතුර දැක්ක නේද? මට නම් සංසාරේ එපා වුණා... ආතල් වගේද ජීවිතේ... :))

      Delete
    2. මහිම ++++++++++++++++++++++++ :)

      Delete
    3. මේ මොකද මේ මහිම +++++++++ ඒකත් අර ගූගල් + වගේ එකක්ද?

      ඒත් කසුන් අයියා ඒ අදහසට නම් මම එකඟ නැහැ...

      Delete
  2. බයික් නම් මට දැන් පේන්න බෑ. බයික් කාරයෙක් මාව හප්පලා මම එලොව ගිහින් ආවේ දවස් 6ට පස්සේ... ඒ එක්කම මේ වගේම මීට අවුරුද්දකට ඉස්සල්ලා මගේ හිතවත් අයියා කෙනෙක් අකාලයේ මිය ගියා බයික් එක හැප්පිලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ඔය තියෙන්නෙ අත්දැකීම්.... දවස් හයක්...!!! ලේසි නෑ වගේ...

      Delete
  3. බයික් එක තමයි ලෝකේ තියන භයානකම වාහනේ. ඔව් ඇත්ත. කොච්චර හොඳට යන කෙනෙක්ට උනත් අනික් අය අතින් අනතුරු වෙනවා. බයික් වලට තමයි වැඩිපුරම.

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කා... නිකන් කිව්වට වැඩක් නෑ... පිංතුර දැක්කම තමා තේරෙන්නේ...

      Delete
  4. අම්මෝ බයික් ගැන නම් කතාකරන්න එපා.. අර පොඩි ළමය යටවුනේ හෝල්ට් එකේ නවත්තල තිබු‍නු බස් එකට, ළමය වැටෙනකොටම ඒක රිවස් කරල, සිද්ධිය වුනේ හරියටම මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය ඉස්සරහ. මෝටර් බයික් එකක් අරන් පාරෙ යනව කියන්නෙ මාරය එක්ක යනව වගේ තමයි, තමං කොච්චර පරිස්සමෙන් ගියත් අහක යන කාලකන්නියෙක් ඇවිල්ල අමුණගෙන ගියොත් ඉවරයිනේ. අනෙක රෝද හතරෙ වාහන වුනත් පාරෙ යනකොට බයික් එක්ක පරිස්සමෙන් යන්න ඕනෙ. සමහර තිරිසන්නු ගෑනු ළමයි/පොඩි ළමයි පිටි පස්සෙ තියාගෙන අනිත් වාහන වලට වෙට්ටු දානව. නිකම් හරි බයික් එක අනිත් වාහනේ ඇමිණුනොත් අනිත් වාහනේ අරන්යන මිනිහත් අමාරුවෙ. බයික් නම් බෙහෙතකටවත් එපා....!!!! අක්කට ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. මල්ලි නම් සීන් එකම දන්නවා නේ... ඔයා හරියටම විස්තරේ කියපු එකත් හොඳයි... නැත්නම් කට්ටිය හිතයිද දන්නෙත් නෑ බොරු කියලා... බයික් එපෝ.... ජයවේවා මල්ලි !!!

      Delete
    2. මණ්ඩිපාලත් තව පොඩ්ඩෙන් ඔහොම වික්‍රමයක් කරනවා බයික් එකක පිටිපස්සේ යන්න ගිහින් යන්තම් හෙල්මට් එක විතරක් වැටිලා ලොරියක රෝදෙකට අහුවෙලා චප්ප වෙලා තිබුනා...

      Delete
    3. ගැමිය උඹට ඒක මතකද..? මටත් දැන් මතක්වුනේ. දමිත් අයියත් පොඩ්ඩක් විතර පාගල ගියා, හුලං පාරට මට නින්ද ගියා ඕයි..!!! සෙල්ලංද දවස් ගානක් නිදිමැරුව කිව්වම එක දිගට. හෙල්මට් එක ඔලුවෙන් යනව කියල තේරුණා බං, අල්ල ගන්න වෙලාව මදිවුනා. මම හෙල්මට් එක අතඇරල බයික් එක අල්ල ගත්ත, නැත්තම් මම වැටෙනව.. අම්මෝ, හතුරෙකුටවත් බයික් අනතුරක් නොවේවා..!!! මාව බයික් එකේ තියල හෙල්මට් එක බිම දාපු දෙවි දේවතාවුන්ට බුදු බව ලැබේවා..!!! ඒ වෙලාවෙ හෙල්මට් එක යටවෙලා මම බේරුණු එක සතුටුවෙලා හෙල්මට් එක ගැන වචනයක්වත් කතා නොකරපු දමිත් අයියට වැඩි වැඩියෙන් ලැබේවා..!!

      Delete
    4. කොහොම හරි මල්ලිගේ ජීවිතේ බේරුණ එක කොයිතරම් දෙයක්ද? ඔය බයික් වල යද්දී නිදියන්නෙ එහෙම නෑ ආයේ...!!!!

      Delete
  5. මේ පින්තූර බැලුවට පස්සේ කොච්චර කල්පනා කරත් කියන්න දෙයක් හිතට එන්නෙ නෑ.... මට මුකුත් කියන්න බෑ ශානි අක්කේ..සමාවෙන්න ඕනෙ!

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් හිතට නොඑන්නෙ හිත කලබල වෙලාද මල්ලිගේ... එහෙනම් මටත් සමාවෙන්න මල්ලි...!!!

      Delete
  6. සමහරදාට මාත් පරක්කු උන දාට බයිසිකලේ රේස් පදිනවා.. ඒත් පොඩි වෙට්ටුවක් මට වැටුන ගමන් මම ටිකක් ස්ලෝ වෙනවා.. දශමයක් වෙනස් උනත් ඇති බයිසිකලේකදිනම්..

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයේ නම් කොහොමද බයිසිකල් එකවත් පදින්න ඕන කියන එක අයිය කල්පනා කරයි... ඔක්කූටම වඩා වැදගත් ජීවිතේ...

      Delete
  7. ඔයා පින්තූරත් එක්ක මේක ලිව්ව එක හොඳටම හොඳයි ශානි........මම ඩ්‍රයිවින් කලාට ජීවිතේට බයික් එකකට නැගල නැහැ...මම බයිසිකල් එකක් පදින්න දන්නෙත් නැහැ..

    ReplyDelete
    Replies
    1. පිංතුර නැතිව මේ පෝස්ට් එක දැනෙන්නෙ නෑ... ඒක නිසාමයි දැම්මේ... මම වැඩිපුර ගමන පයින්..

      Delete
  8. අනේ අම්මෝ..ඔලුවත් කැරකෙනවා වගේ.ඒත් මේ දේවල් මෙහෙම හරි දැනගන්න එකෙන් අපි ගියත් තව ටිකක්‌ පරිස්‌සම් වෙන්න ඕන කියලා මතක්‌ වෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ඔලුව කැරකිලා හරි කමක් නෑ මම කියන්න හදපු දේ තේරුණා නම්.. හැමෝම තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන...

      Delete
  9. මාත් ඔය වගේ බයික් කාරයෙක් ඇක්සිඩෙන්ට් වෙනවා ඇස් දෙකින්ම දැක්කා....

    ReplyDelete
    Replies
    1. ඇස් දෙකට නොදැක මට මෙච්චර දැනුණා නම් එහෙම දෙයක් දැකපු ඔයාට කොහොම ඇත්ද?

      Delete
  10. හපොයි උදේම බැලුවේ මේක..

    ReplyDelete
    Replies
    1. අනේ දවසම අස්පට් කලාට සමාවෙන්න ඕන...!!!

      Delete
  11. අපොයි දෙයියනේ උදේට කෑම කන ගමන් මම මේක කියවන්න ආවේ.හැබැයි ෆොටෝ 2යී බැලුවේ. අනිත්වා බලන්න බෑ. කෙලින්ම කමෙන්ට් බොක්ස් එකටම ආවා.
    අයියෝ ශානි මගෙත් සිහිනේ ස්කූටර් එකක්. ලබන මාසේ ලයිසන් ගන්න යන්න ප්ලෑන් සේරම හදලා ඉවරයි. අපේ අම්මා බයයී. මම බයික් එකක් ගන්නවට. එයා නම් එපාම කියනවා. අම්මෝ දැන්නම් මම ඒ හීනේ අත අරිනවා. ලයිසන් අරන් තියනවා. බලමුකෝ තව අවුරුදු 5කින්වත් මරූටියකම යන්න.

    ReplyDelete
    Replies
    1. ඉතින් මම පටන් ගද්දිම කිව්වනේ බලන්න බැරි අය බලන්න එපා කියල අක්කේ...
      මටත් ලබන මාසේ ට්‍රයල්... මාත් ඉතින් ලයිෂන් අරන් තියාගෙන ඉන්න තමා කල්පනා කළේ.. මරුටියේ යද්දී මාවත් දාගෙන යන්න හොඳේ..!!!

      Delete
  12. බයික් නම් අනතුරු වැඩියි තමයි. ඒත් එහෙමයි කියලා පදින්නේ නැතුව ඉන්න බෑ නේ නගෝ. උපරිම පරෙස්සමින් යන එක තමයි කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අයියලට ඉතින් කිව්වට වැඩක් නෑ... :((

      Delete
  13. උදේට කන ගමන් බැලුවෙ...දැන්නං කන්නත් බෑ වගේ
    හොද පෝස්ටුවක් ශානි!!

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න හොඳේ... කාටවත් කරදර කරන්න හිතල දාපු පෝස්ට් එකක් නෙමේ...
      අගය කිරීම ගැන සතුටුයි.!!!!

      Delete
  14. අප්පා .... ඔලුවත් කැරකෙන්න ගත්තා ....
    අර පොඩි කෙල්ල දැක්කාම නං මාරම දුකයි .......

    ReplyDelete
    Replies
    1. කට්ටියම කැරකිලා පිංතුර දැකලා... ඔලුව කුඩුවෙන සද්දේ තාත්තට ඇහුනලු... කොහොම ඉවසන්නද ඒ දෙමව්පියෝ....

      Delete
  15. මටත් සැප පහසුම, මං ආසම වාහනේ බයික් එක..
    මමත් ඔය වගේම මේ දේවල් දැකලා, මොනවද කරන්නේ කියල හිත ගන්නවත් බැරුව ඉන්නේ ශානි අක්කෝ.
    දැන් මාස ගානකින් බයික් එක අල්ලලාවත් නෑ. :(

    ReplyDelete
    Replies
    1. මම නම් තාම හරියට පදින්න දන්නෙත් නෑ නඟා... දැන් නම් ලයිෂන් අරන් තියාගන්නවා මිස පදින්නේ නම් නෑ කියලමයි හිතං ඉන්නේ... අර පොඩි කෙල්ලව දැක්කම කියන්න වචන නෑ.. :(((

      Delete
  16. පින්තූර ටික නම් දැක්කාම බය හිතෙනවා ශානි..
    ඒත් ගොඩක් අය බයිසිකල් වලට නැගලා යන්නේ පාර බදු අරගෙන වගේනෙ..

    ReplyDelete
    Replies
    1. අනේ බය කරන්න නෙමේ දැම්මේ... ඒ පිංතුර නොදා නිකම්ම කතාව කිව්වනම් මේකේ ජීවී බවක් නෑ අක්කේ... ඉතින් අපි කොයි තරම් පරිස්සම් වෙන්න ඕනද නේද?

      Delete
  17. ammo monaa kiyannda kiyala hithaaganna baa.
    mamath ohe idala hitala jolyata scootya padinawa. dan nam ekath nawaththanna onaa :(
    sorry hode ada sindala akuru naa :D

    ReplyDelete
    Replies
    1. කාටවත් පදින්න එපා කියල මට බල කරන්න බෑ... මටත් ඉස්සෙල්ලම පිංතුර දැකපු වෙලාවේ ගැස්සුනා මාව.. මොනා කරන්නද? මේ වගේ දේවල් රටේ ලෝකේ අනන්තවත් වෙනවා... මේ 3ක් විතරයි...!!!

      Delete
  18. මාත් වාහනේ හප්පා ගත්ත විතරයි. මෙයා පොස්ට් එකකුත් දාල. මගේ වාහනෙත් වැදුනේ බයික් එකක් තමා. ඒත් කොච්චර භයානක උනත් ඔය වාහනේ තරම් පහසු වාහනයක් නෑ කියලයි මට නම් හිතෙන්නේ (සුව පහසුවට නම් නෙවෙයි ඕන තැනකට යන්න ලේසිම වාහනේ බයික් එක තමා)

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ලිව්වේ ඔයා වාහනේ හප්පා ගත්ත කියල දැනගෙන නෙමේ නේ... කිසිම දෙයක් ගැන මට කියන්න බෑ... තම තම නැණ පමණින් දැනගත යුතු...!!!

      Delete
  19. අද උදෙන්ම බැලුවෙ මේක. පින්තූර ටික නොදුටුවානම් හොඳයි කියල හිතුනා.

    මෙනවා ළුුණත් අවචාරවත් රියදුරෝ නිසා තමයි වැඩිපුරම මාරාන්තික අනතුරු වන්නේ. විශේෂයෙන්ම බර වාහන රියදුරන් අතින් මේ අනතුරු සිදුවන ප්රනවණතාවය වැඩියි. වාහනයක් පදවන්න පාරට දැම්මාම තියෙන්න ‍ඕන හික්මීම කල්පනාව සහ සංයමය දැන් රියදුරන්ට නැහැ. අධිවේගී මාර්ග වලට වඩා රියදුරන්ගෙ සදාචාරය ඇති කල යුතුයි.

    තවත් එකක් මේ කතාවට අදාල නොවුනත් පාරෙ පයින් යන මගීන් අනන්ත වැරදි කරනවා. හිතෙන හිතෙන තැනින් පාර මාරුවීම, වාහන ගැන නිසි සැලකිල්ලක් නොදැක්වීම සහ අනවශ්යධ පරිදි තැන නොතැන නොබලා ජංගම දුරකථන භාවිතය.

    කොහොම වුණත් මේ ලිපිය අපිට වැදගත් පාඩමක් කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියල තියෙන දේත් ඇත්ත... අවිචාරවත් රියදුරන් නිසා සිදුවන විනාශය මිනිය නොහැකියි...

      පිංතුර දැම්මේ නැත්නම් මේ ලිපියේ වටිනාකමක් නෑ.. දවසේ ආරම්භය කණගාටුදායක එකක් කළාට සමාවෙන්න...

      ස්තුතියි...!!!

      Delete
  20. හම්මියෝ ඔළුවත් රිදෙනවා......ඒත් හැබැයි ගොඩක් වැදගත් ලිපියක්....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඔළුව රිදුනට ගණන් ගන්න එපා අයියේ... අපි මේවා දැනගන්න ඕන කොහොමහරි... ස්තුතියි !!!

      Delete
  21. පින්තූර ටික නම් කලින් දැකලා තියනවා.........
    මොනව උනත් කවුරු කවුරුත් සිහියෙන් පරිස්සමින් වැඩ කලොත් හොඳයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.... ඔයා දැකල තියෙනවද? ඒකනේ මල්ලි... සිහිකල්පනාව කියන එක පාරේ යන ඔක්කොටම පොදුයි...

      Delete
  22. පිංතූරවත් පෝස්ට් එකත් බැලුවේ නෑ . ඒත අනතුරු ගැන කියා දැක්ක .
    …මාත් ඇස්දෙකට දැකලා තියනවා . තරුණයෙක් බස් එකට යටවෙලා මැරෙනෙවා .
    …මට ඒක දැකල කන්නත් බැරි උනා සුමානයක් වගේ .

    ReplyDelete
    Replies
    1. පිංතුර බැලුවේ නැත්තේ මොකෝ.... අක්ක බය වෙලාද? අනතුරු ගැන තමා... මම නම් ඇත්තටම දැකල නැහැ..

      Delete
  23. හෆොයි මිනිස්සු මැරෙන හැටි, මෙහෙම මැරෙන්න පෙර ජාතියේ කොහොම පවක් කරලා ඇතිද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද සහෝ.... පුදුම පවක්... චප්ප වෙලා..!!! හතුරෙකුටවත් වෙන්න එපා එහෙම දෙයක් නම්...

      Delete
  24. පත්තරේක තිබුන "රියදුරු අසුන මතින් පිරිමකම පෙන්වීමට යාම" කියල ලිපියක්. මට එක මතක් වුනා. අනතුරු වෙන ඒවා ගොඩක් අපට වලක්වගන්න පුළුවන්. අපේ නොසැලකිල්ල හන්ද තමයි අනතුරු වෙන්නේ. තවත් දෙයක් තියනවා අපි කොච්චර පරිස්සම් වෙලා ගියත් වැඩක් නෑ තව කෙනෙක් අනාරක්ෂිතව පාරේ යනවනම්.

    බයික් එක අනාරක්ෂිතම වාහනේ වුනාට ලෙසිය පහසුව, අතින් නම් දෙයියා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ලේසිය පහසුව අතින් දෙයියා වෙච්ච හින්දම තමයි ඒක අනාරක්ෂිතම වාහනේ වෙලා තියෙන්නේ. එහෙම නේද..

      Delete
    2. @පැතුම් [සිතුම් පැතුම්]
      අනතුරු ගැන කිව්වා දේට මම එකඟයි... //අපි කොච්චර පරිස්සම් වෙලා ගියත් වැඩක් නෑ තව කෙනෙක් අනාරක්ෂිතව පාරේ යනවනම්// සහතික ඇත්ත...

      @සයුරි
      ඔව් අක්කේ.. ඒ නිසා තමා අනතුරු හැම එකම... වාහනේ පොඩි නිසා හැම අස්සක් මුල්ලකම දානවනේ...

      Delete
  25. පලවෙනි පින්තුරේ දකිද්දීම පොස්ට් එක කියවන එක නැවැත්තුවා.කම්පනේ නිසා නෙවෙයි හිත කලබල කරගන්න ආස නැති නිසා. පළමු ජේදේ විතරයි කියෙවුවෙ.

    ReplyDelete
    Replies
    1. අයියෝ... දැන් දැන් ඔයා මම දාන පෝස්ට් කියවන්නෙම නෑ නේ... :((( හා හා කමක් නෑ..

      Delete
  26. අපේ ලර්නර්ස් 1 සර් නම් කියන්නේ මේ පාරවල් වල යන සේරම පිස්සෝ ඒ නිසා පිස්සෝ බෙරෙගෙන අපිත් බේරිලා යමු කියල :-/
    පින්තුර ටිකනම් බලන්න බෑ මට ,මුල් 1 විතරයි බැලුවේ

    ReplyDelete
    Replies
    1. අනේ මම නම් දන්නේ නෑ... අපේ සර් නම් වසයි... මම අදයි සර්ගේ වාහනේ ගියේ...
      ඇයි පිංතුර බැලුවේ නැත්තේ? අධික කම්පනයද? හා හා කමක් නෑ එහෙනම්...!!!

      Delete
  27. මේ ගෑන ටිකක් විතර අත්දෑකිම් මටත් තියන නිසා නොකියම බෑ.... මම මේ ගෑන බයික් අනතුරු ගෑන පොස්ට් කිහිපයකුත් දෑම්මා... අනිත් කෙනාගේ වෑරද්දක් නිසා මමත් දවස් ගානක් හොස්පිටල් එකේ ඈදක් උඩට වෙලා දත් ටිකකුත් කඩාගෙන මුනත් ගන්න දෙයක් නෑතුව යන තරමට දුක් වින්දා..

    ඒත් තාම නම් මම බයික් පදිනවා.... පරිස්සම වගේම හොද අවදානයත් ගොඩාක් වෑදගත්... අනිත් අය ගෑන...

    බය උනා කියලත් බෑනේ....

    ReplyDelete
    Replies
    1. ඔච්චර දෙයක් වෙලාවත් .... අනේ මන්ද ... ඔයාගේ කැමැත්තක්...!!!

      Delete
  28. මේ දාපු පින්තූර වලින් දෙකක් විතරක් මම කලින් දැකලා තියෙනවා...අනික් ඒවානම් බලලා නෑ හැබැයි මැරෙන්නම ආපු බවක් පේන්නේ ආයේ නෝ චාන්ස්....

    දෙල්කඳ හන්දියෙදි දවසක් බයික් එකක ගියපු අන්කල් කෙනෙක් වෑන් එකක හැප්පුනා අපි ඉස්සරහම...මායි යාළුවෝ ටිකයි ගිහිල්ලා ඒ අංකල්ව ඇදලා අහකට ගන්නකොටයි දැක්කේ කකුල දෙකට වෙන්වෙලා කියලා....මගේ යාළුවෝ සේරම එයාව අතඇරලා දිව්වා....එදා තමයි මුල්ම පාරට ඇත්තටම එහෙම දර්ශනයක් දැක්කේ කහ පාට මොනාද මන්දා තිබුනා කකුල පුරා ලේ විදින ගමන් එයාව පාරෙන් අහකට ගත්තායිනුත් පස්සේ තමයි අහල පහල කඩවල මිනිස්සු ආවේ උස්සන්න....එදා අපි කන්න කඩයක් හොයාගෙන යමින් හිටියේ අන්තිමට යාළුවෝ එකෙක්වත් චිකන් කෑවේ නෑ එදා මට චිකන් කෑලිම පහක් හම්බුනා සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු අරුන් බත් එකවත් නොකා ඉද්දි මම චිකන් කෑලි හයකට වැඩේ දුන්නා... ඒ මෑතකදි වෙච්චි සිද්ධියක්

    මම බයිසිකලේක රේස් යන්න ගිහින් තමයි කොන්ද කඩාගත්තේ ඒ පොඩි කාලේ එදායින් පස්සේ මට බයික් එපාම වෙලා ගියා....

    ආයේ දවසක් ක්ලාස් කට් කරලා රවුමක් ගහද්දි කොහෙද ගියපු බයික් කාරයෙක් මාව යට කරන් ගියා ඇහැ එහෙම් පිටින්ම වැහිලා මම ගෙදර එද්දි....එදා හිතුවා දණිස් ගෙවුනත් බයික් එපා කියලා....තාමත් ඒ ස්ථාවරේමයි....ඉක්මනින් මැරෙන්න ඕනෙනම් බයික් එකක් ගන්නවා...

    ගෑණු ලමයි වාහන එලවද්දි ඉස්සරහින් කවුරු හරි පාර පැන්නොත් කරන්නේ අත්දෙකින්ම මූණ වහගෙන පුළුවන් තරම් හයියෙන් ඇක්සලේටර් එක පාගන එකලු......

    ReplyDelete
    Replies
    1. පව් නේද මල්ලි... මාත් මුලින්ම පින්තුර දිහා බැලුවේ හරි අමාරුවෙන්... නෝ චාන්ස්ම තමා..

      මල්ලිට නම් සෑහෙන්න අත්දැකීම් තියෙනවා වගේ... මේක සංවේදීව නෙමේ බුද්ධිමත්ව හිතන්න ඕන ප්‍රශ්නයක්...

      ඈ.... ගෑණුළමයි එහෙමද? මම නම් දන්නේ නෑ ඔන්න... :)))

      Delete
  29. අයියෝ මේ පිංතූර......

    ReplyDelete
    Replies
    1. එපා උණාද? බය හිතුණද?

      Delete
  30. ගොඩක් හොද පෝස්ට් එකක් යාලුවා.මේවා අපි කවුරුත් දකින්න ඕන.

    අමාරුවෙන් හරි මේ පින්තූර බැලුවම වාහන එලවත්දි අනිත් මිනිස්සු ගැනත් හිතන්න පුරුදු වේවි.(අපි කවුරුත්)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම...... අපි හැමෝම මේ දේවල් ගැන හිතන්න ඕනෑමයි...

      ස්තුතියි...!!!

      Delete
  31. අනේ අද උදෙත් මට මේ වගේ මේල් එකක් ඇවිල්ල තිබිල බැලුවා..ඒ වෙලාවෙ ඉඳල ඔලුව රිදෙන්න ඉඳියෙ නංගි..මොනව කියන්නද කියල හිතාගන්න බැහැ..මටනම් දැනුනෙ ලොකූ දුකක් වගේම බයක්..මම නම් මේ වගේ දේවල් කාටවත් වෙන්නවත් අහන්නවත් දකින්නවත් එපා කියල හිතන්නෙ..රියදුරන් වගේම ගමන් බිමන් යන අපි හැමෝමත් පරිස්සමින්..හැම දේටම කලින් ජීවිතේ වටින්නෙ..

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි අක්කගේ කතාවට... මේක දැක්කම ඔළුව රදේ වැඩිවුනාද?? අනේ සොරි අක්කා...

      //හැම දේටම කලින් ජීවිතේ වටින්නෙ..// අනිවාර්යයෙන්ම!!!

      Delete
  32. මේ ගැන වචනයක්වත් කියන්න හිතේ හයියක් නැ ශානි...:(

    ReplyDelete
    Replies
    1. කමක් නැහැ ෆාතිමා.... පෝස්ට් එක කියෙව්වට ස්තුතියි...

      Delete
  33. ෆොටෝ ටික දැකලා හිතම බර වුනා.ගොඩක් බයිසිකල් වල යන අය යන්නෙ පාර එයාලගෙ වගේනෙ.වෙන මොකක් ආවත් බලන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් අක්කේ... පොඩි වාහනේ නිසා උපරිම ප්‍රයෝජන ගන්නවා අස්සෙන් දදා...

      Delete
  34. අම්මෝ මාර්ග අනතුරු ගැන අහනකොටත් බය හිතෙනව.ඔය මොටෝ සයිකලේ හින්ද අදටත් කලා කාරය දුක් විඳිනව නොවැ

    ReplyDelete
    Replies
    1. එහෙමද මල්ලි... ඒ කතාවත් අපිට කියන්න... බය නොහිතෙනවා නම් තමා පුදුම...

      Delete
  35. මමත් කාලයක් බයික් එකෙන් රේස් පැද්දා, අනතුරක් නම් වුණේ නෑ. ඒත් සමහර අනතුරු මම දැක්ක නිසා දැන්නම් ගොඩක් හෙමින් තමයි යන්නේ. හරියට පයින් යනවා වගේ. බයිසිකල් වගේ ම ත්‍රීවිල් නිසාත් ගොඩක් අනතුරු වෙනවා මම හිතන්නේ. ත්‍රීවිල් අයියලා තමයි ගොඩක් වෙලාවට පිස්සෝ වගේ පාරේ යන්නේ. කොහොම වුණත් කාට කාටත් මේ පෝස්ට් එක හොඳ මතක් කිරීමක්....

    ReplyDelete
    Replies
    1. පයින් යනවා වගේ නම් ඉතින් බයික් ඕන යෑ.. පයින්ම යන්න අයියේ... ඒක වඩා හොඳයි... ත්‍රීවිල් ගැන කියන්න අමතක වෙලා මට...

      Delete
  36. පින්තූර ටිකනම් ස්කිප් කලා.. ම්ම්.. ලිපිය හුඟාක් වැදගත් ශානියෝ!!!

    ReplyDelete
    Replies
    1. අනේ හිතූ... පිංතුර ටික තමා මේකේ බලන්න තියෙන්නෙ... ලිපිය කියෙව්වනම් 25% ක් විතර තේරෙන්න ඇති... කමක් නෑ... ලිපිය කියෙව්වනේ... ටැංකු... !!!

      Delete
  37. මෙච්චර අනතුරු දකින මගෙ හිතත් ගැස්සුනා අර පුංචි කෙල්ලගෙ අනතුර දැකලා... :(( අනේ පාරෙ වාහනයක් ගෙනියන නොගෙනියන හම කෙනාම පරිස්සම් වෙන්න...කාගෙ වුණත් ජීවිතනෙ මෙහෙම නිකරුනෙ චප්ප වෙලා යන්නෙ... :((

    ReplyDelete
    Replies
    1. බලන්න අක්කේ.... අවුරුදු 8 යි... අම්ම තාත්තා කොහොම ඉවසන්නද? අර මන්ඩි මල්ලි කිව්වා වගේ බයික් එකේ යනවා කියන්නේ මාරයා එක්ක යනවා වගේ තමා කියලා...

      Delete
  38. නොසැලකිලිමත්කම තමයි මූලික හේතුව.....වැදගත් පෝස්ට් එකක් මේක......

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම... නොසැලකිල්ල මරු කැඳවයි... ස්තුතියි...

      Delete
  39. කෙල්ලෙක් වෙලා ඔයාට මේවා බලන්න හය්යක් තිබුණු එක වටිනවා.මම ‍ෆොටෝ ටික ස්කිප් කරලා බැලුවේ.ඇත්තටම කිව්වොත් මට ඒවා බලන්න තරම් හය්යක් නෑ.ඔයාගෙ බ්ලොග් එකට එන්නත් බය හිතුණා.

    ReplyDelete
    Replies
    1. අනේ කෙල්ලේ... මාත් ඉස්සෙල්ලම බොහොම අමාරුවෙන් තමා බැලුවේ... ඒත් අමාරුවෙන් හරි බලපු නිසයි මේවා දාන ගත්තේ... බය වෙන්න එපා ඉතින් මම හැමදාම මෙහෙම එව්වා ලියන්නේ නෑනේ..

      Delete
  40. උඩ පින්තුරය දැක්ක.පොස්ට් ඒක කියවල නෙවෙයි කමෙන්ට් කරන්නේ...පව් අහිංසක පුංචි දරුවා...

    පාරේ යද්දී ජිවිත ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන.මේ කිසිවක් නොදන්න මේ වගේ අහිංසක ජිවිත කීයක්නම් ඔහොම මේ ලෝකේ දාල යන්න ඇද්ද...

    ReplyDelete
    Replies
    1. කියවන්නම ඕන නෑ යාලු... මේකේ ෆොටෝ ටික තමා කතාවේ ලිව්වේ... පව් නේන්නම්... බලන්න මූණක් ඉතුරු වෙලාද?

      Delete
  41. වැදගත් ලිපියක්...

    හැබැයි මෙ පොස්ට් එක බලපු වෙලෙ ඉදන් මට කෑමත් එපා උනා...

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒකනේ කිව්වේ කියවන්න අමාරු අය කියවන්න එපා කියලා... කෑම එපා වීම සාධාරණයි... සමහර අයට ඔළුව කැරකිල්ල හැදිලා.. කලාතුරකින් තමා මේ වගේ ලිපි ලියන්නේ මම...

      අගය කළ කමෙන්ටුවට සහ පැමිණීම ගැන මගේ ස්තුතිය !!!

      Delete
  42. හප්පා.. මගේ ඔලුවත් කැක්කුමක් ආවා... ඔයා කොහොමද නංගියා මේවා බැලුවේ..?

    ReplyDelete
  43. කොහොමහරි බැලුවා අයියේ... මොනා කරන්නද? ඔයාලව දැනුවත් කරන්න, මේ ලිපිය ලියන්න, පිංතුර දාන්න ඕන නිසා අමාරුවෙන් හරි මට බලන්න සිද්ධ උණා...

    ReplyDelete
  44. කොහෙන්ද හපුච්චේ මේ පින්තුර ලැබුනෙ ?
    මම ඉන්න රටේ මේ වගේ පින්තුර ප්‍රචාරය කරන්නෙම නෑ

    ReplyDelete
  45. ඉබාගාතෙ යන ගමන් මේ පැත්තටත් ආවා...කාලි වශයෙන් වැදගත් ලිපියක්... හැබැවි අර රූප පෙළ නැත්තම් පනිවිඩය මේ තරම් තදින් පාඨක හිතට යන්නෙ නෑ

    ReplyDelete
  46. අපේ ජීවිත කොයි වෙලාවෙ කොතැනද කියන්න බෑ.මේ පිතූර දැකල තියනව.අනේ අර අම්මට කොච්චර දුකක් ඇතිද?ඒත් ගෙනාපු ආයුශ ඉවර වුනාම යන්න වෙනවනේ.

    ReplyDelete
  47. අප්පට සිරි මෙ ලිපිටය මම කලින් කියවලා කමෙන්ට් කරල තියනවනෙ... මම හිතන්නෙ නගාගෙ බ්ලොග් එකට ආපු මුල්පාර තමා මෙක කියෙව්වෙ

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..