ලෝකෙට ආපු අය

Monday, March 12, 2012

ජපන් බෝනික්කී



සකුරා මල් පිපෙන රටේ
සීතල හිම වැටෙන රැයේ
ඇඳගෙන හැඩ කිමෝනාව
රෝස පාට මල් වැටිච්ච
රැළි වැටිච්ච දුඹුරු පාට
කුඩේ පොඩ්ඩ ඉහළාගෙන
කොච්චරවත් හිනාවෙච්ච
ගමන් ඉන්නෙ මං.....

අනේ කවුරුහරි ඇවිදින්
මාව ගෙදර එක්ක යන්න
පාර දිහා බලං ඉඳල
දැන් නම් මට ඇතිත් වෙලා
මාව හැඩට තියාගන්න
කෙනෙක් මටත් ඕනවෙලා....

ඇස් පිල්ලම් ගගහා
සිංදු කියන්නත් පුළුවන්...
කැරකි කැරකි බෝලෙ වගේ
යසට නටන්නත් පුළුවන්..
කවුද කැමති මාව අරං
ගිහින් ගෙදර තියා ගන්න...

ඉපදුනෙ නම් වෙනත් රටක
මෙහෙට ආවෙ මූදු ගමනෙ
ගාණ මගේ දන්නෑ මං
අහන්න මුදලාලීගෙන්
කතා කරන පුංචි ජපන්
බෝනික්කී මං....


                                    



මේක පිරිමි ළමයි කියවල ඔන්න මට අනම් මනං කියන්න බෑ... 
හිතට එන එව්වා තමා ලිව්වේ...
නැත්නම් කියයි "අපෝ ශානි, ඔයා තාම බබෙක්ද? " කියලා.... L



97 comments:

  1. කවි ටික දැක්කාම නම් ගාන කීයක් වුනත් අරන් යන්න හිතුනා..

    ReplyDelete
    Replies
    1. හි හි..ඉතින් අරං යන්න අෆ්ෆා..කමක් නෑ.මම තරහ නෑනේ...:))

      Delete
  2. Replies
    1. දැක්කම ආස හිතෙනව නේ....

      Delete
  3. හලේ..... අර පුංචි කාලේ අපි නිතරම කියන සින්දුව මතක් වුණා.. :DD

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද නගේ "හිනැහේවී බෝනික්කා ඇස් නටවා බල බලා" ද?

      මාර වැඩේ මට ඔය සිංදුව මතක් උණේ ඔයාගේ කමෙන්ට් එක දැක්කට පස්සෙ.. මුල් පද දෙක තමා ඉස්සෙල්ලම හිතට ආවෙ... :)))

      Delete
  4. මුදලාලිගෙ ගානත් සැර නැත්නම්
    මගෙ පොකට්ටුවට එය ගැලපේ නම්
    අවුරුද්දට බොනසයකුත් ලැබුනොත් නම්
    අයියගේ දේණියට නුඹ අරගෙන යන්නම්

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි මුදලාලිගේ ගාන සැරයි
      පොකට් එකට පාර වදී කියල බයයි
      බෝනස් එක ලැබෙයි කියා ඔබට සැකයි
      අනේ මක් කරන්නද හිමි අල්මරියයි

      Delete
  5. සකේ බොන්නත් පුලුවන්නම් මම අරගන්නව

    ReplyDelete
    Replies
    1. බෝනික්කෝ එක්ක සකේ දෙන්නෙ කවුද හලේ?

      Delete
  6. අනේ ඉතිං ශානිටත් හිතෙන දේවල්..:D හරිම ලස්සන වගේම සුරතල් කවියක්..! කවිය කියෙව්වට පස්සේ ගාන කීයක් වුනත් බෝනික්කීව අරන් යන්නමයි හිතේ....:))

    ReplyDelete
    Replies
    1. අනේ ඔන්න ඔහෙ අරං යන්න මෙයා... මම තරහ නෑ... ඒකනේ, බලන්නකො කොච්චර හුරතල් කවියක්ද? මේ පිරිමි ළමයින්ට ඒක තේරෙන්නේ නෑනේ... :)))

      Delete
  7. අනෙ අපිට එපා බෝනික්කෝ. සෙල්ලං කාර් එකක් එහෙම ගන්න නැද්ද?

    ReplyDelete
    Replies
    1. කාර්....ම්ම්ම්ම්ම්ම්.... තියෙනවා අයියල දෙන්න සෙල්ලම් කරපුවා.. ඕනද??? :)

      Delete
  8. අපෝ ශානි, ඔයා තාම බබෙක්ද?

    ReplyDelete
    Replies
    1. @හිත හොඳ පිස්සා
      හිකිස්‌ හිකිස්‌...,,, බබාලට කියන කවි බබාලට ලිව්වා හැකිද බං... ලොකූ අයනෙ ලියන්නේ? කියවන ඔයාල බබාලාද කියල නම් මම දන්නෙ නෑ... :D

      @බට්ටා
      මොකෝ හික් හික් ගාන්නෙ.. ඔයත් බබෙක්ද? :)))

      Delete
    2. අනේ ශානිට තරහ ගියැයි....මං ඔච්චමටනෙ ඇහුවෙ........:D

      Delete
  9. අනේ මෙයා පොඩි එකියක් වගේනේ..... හූ........

    ReplyDelete
    Replies
    1. අහ්හ් වැඩේමයි... බෝනික්කෝ ගැන කවි ලියන්න ඕන බබාලද එතකොට... ???

      Delete
  10. බබිබු බබිබු හිත හොද බබ්බු
    අලේ මට කිලි බඩගිනියි

    ReplyDelete
  11. අපෝ මටත් එපා බෝනික්කෝ, අපෙ ගෙදර නම් එක්කෙනෙක්වත් නෑ(ඉන්න හේතුවක් නෑනේ! ) නැද්ද ජපන් කාර් එකක් එහෙම...

    ReplyDelete
    Replies
    1. හයියෝ නැද්ද බෝනික්කෝ... එහෙනම් අනාගතේට ඕන වෙයිද කියන්න බෑ නෙ දැන්මම අරං තියාගන්න.. ඒ කාලෙට ගණන් යයි !!!

      Delete
  12. මාර වැඩේ කියන්නේ මං කොල්ලෙක් වෙලත් පහ වසරට විතර එනකන්ම අම්මගෙන් ඉල්ලලා කරදර කලේ සෙල්ලම් කාර් නෙමෙයි බෝනික්කෝ. ඇයි කියන්න මං අදටත් දැනේ නෑ... පස්සේ කොහොම හරි ඒක නැවතුනා. කොහොමද දන්නේ නෑ. ඔයාගේ කවිය කියවද්දී මට ඒක පාරට මතක් වුනේ අමතක වෙලා තිබුන ඉස්සර කාලේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් මාර වැඩක් තමා... මම මේ ඔහොම කතාවක් ඇහුවමයි.. ඉස්සර මතක හරි සුන්දරයි නේද?

      Delete
  13. තංගිටත් ඉන්නවද මේ වගේ බෝනික්කෙක්... :D

    ReplyDelete
    Replies
    1. ප්‍රින්ටින් මිස්ටේක් හොදේ......
      "නංගිටත්"

      Delete
    2. මට ජපන් බෝනික්කෙක් නම් නෑ අයියේ... හැබැයි පුංචි කාලේ බෝනික්කෝ 4ක් විතර උන්නා... :D

      Delete
  14. හෙ හේ...ලස්‌සන කවියක්‌නේ..

    ReplyDelete
    Replies
    1. හි හි... ස්තුතියි...

      Delete
  15. අනේ...... මටත් බෝනික්කියෙක් ඕනෙ වුනා මේක දැක්කාම..:D :D ශෝයි!!!! ලස්සනම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් දැක්කම ආස හිතෙනව නේ...... ලස්සනයි කිව්වේ බෝනික්කිද කවි ටිකද?

      Delete
    2. බෝනික්කාටයි, කවි ටිකටයි..:D

      Delete
  16. අපෝ ශානි, ඔයා තාම බබෙක්ද???
    කවි නං අපූරුයි සහෝදරී..

    ReplyDelete
    Replies
    1. ඔන්‍න‍ ඔන්න ඉතිං ඕන නැති එව්වා අහනවා... ස්තුතියි රජෝ...:))

      Delete
  17. මෙයා මේ බෝනික්කෙක් ගැනනේ කියලා තියෙන්නේ.. මම හිතුවේ මෙයාව අරන් යන්න කියනවා කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක තමා දිනේශ් අයියෙ ඔය වහෙන් ඔරෝ කියල තියෙන්නෙ! :D

      Delete
    2. @Dinesh
      ඒක තමා..මේ ජපන් බෝනික්කෙක් නේ..මාව කවුරු අරං යන්නද හලේ..

      @බට්ටා
      හා හා වැඩිහිටියන්ගේ කතා වලට පොඩි ළමයි කට දාන්න හොඳ නෑ.. :)))

      Delete
    3. අපි නොදන්නවා උනාට අරං යන්න හිතාගෙන ඉන්න අය ඇති..

      Delete
  18. මං මේ කල්පනා කළේ දැන් දෝණිලා විතරයි බෝනික්කො ඉල්ලන්නෙ. ඒකත් දැන් අඩුවෙවි යනවා. දැන් ඉන්න දරුවො ප්ලේ ස්ටේෂන් ගේම් ගැජට් වලට හරිම කැමතියි. අනික ජපන් බෝනික්කෙක්ගෙ ගණං ඇහුවම.ප්ලේ ස්ටේෂන් ගේම් හොඳයි කියල හිතෙනවා.

    කවි සිත නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. මට ජපන් නැතත් බෝනික්කෝ 4ක් හිටියා එක එක සයිස් එකේ අය... ජපන් බෝනික්කෝ ගණන් නම් තමා.. ඒත් මම ආස බෝනික්කන්ට.. ප්ලේ ස්ටේෂන් ගේම් වලට වඩා..

      සංකීර්ණ කවි ලියන්න මම දන්නෙ නෑ.. ලියවෙන්නෙම සරල ඒවමයි.. ඔබට ස්තුතියි..!!!

      Delete
  19. ජපානෙට සම්බන්ධ ගොඩක් දේවල් වලට මම හරි ආසයි...කිමෝනාවට, සකුරා වලට, බෝනික්කන්ට..හැම දේටම..

    ReplyDelete
    Replies
    1. මාත් හරි ආසයි අක්කෙ ජපානෙට... :))) ඉස්සර අපි ශිෂ්‍යත්ව විභාගේ කරද්දී ගුරුවරු කියන්නේ ලංකාවේ පළවෙනියෝ 10 ජපන් යවනවා කියල..

      Delete
  20. හුග කාලෙකින් මේ පැත්තට ආවේ..වැඩ වැඩි උනානේ:( අනේ හරි ශෝයි..අරගෙනම යන්න හිතෙනවා කවිය කියෙව්වාම...:D කවිය නම් හරි ලස්සනයි නංගෝ..:)

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආවනේ... ඒ මදැයි... අරං යන්න අෆ්ෆා... මම තරහ නෑ.. ස්තුතියි අක්කා..:)))

      Delete
  21. බෝනික්කියො නෙවේ බෝනික්කෝ ගැන ලියන්න කාලෙ හරි

    ReplyDelete
    Replies
    1. අනේ බෝනික්කෝ ගැන ලියන්න තරම් දෙයක් නෑ අෆ්ෆා... :)))

      Delete
  22. දැන් කොහෙද ඔව්ව..දැන් තියෙනේ බාබි ඩොල්ස්ලානේ..

    ReplyDelete
    Replies
    1. එයාල නම් මා ගාව නෑ.. ලිව්වට ජපන් බෝනික්කොත් නෑ.. ඉන්නේ ශ්‍රී ලංකන් බෝනික්කෝ තමා..:))

      Delete
  23. ලස්සනයි කවි ටික....මේ..අනේ මටත් හිතුන ඔන්න බෝනික්කියෙක් ගන්න..ජපන් එකියක් තාම මා ගාව නැහැනෙ.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... බලන්නකො ලස්සන.. ඔන්න ඔහේ ගන්න ඔයත් එක්කෙනෙක්..

      Delete
  24. ඇස් පිල්ලම් ගගහා
    සිංදු කියන්නත් පුළුවන්...
    කැරකි කැරකි බෝලෙ වගේ
    යසට නටන්නත් පුළුවන්..


    ශෝයිනෙ :-)

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඉතින් තවත් බල බලා ඉන්න එපා... ගිහින් ගන්න... :)))

      Delete
  25. අපෝ ශානි, ඔයා තාම බබෙක්ද?

    ReplyDelete
    Replies
    1. කවුද කියල බැලුව.. මේ ගෝල්ඩ් ෆිෂ් අයියනේ... හි හි... දැනට අවුරුදු 19කට 20කට පෙර බබෙක් තමා... කොමෙන්ටුවට ස්තුතියි...:)))

      Delete
  26. බෝනික්කෙක් හොයනවා නාඩි වැටෙන.

    ReplyDelete
    Replies
    1. හරි හරි අසාර් අයියෙ! ඉන්නවා.......... මේ කවිය කියන එක්කෙනා.....:)

      Delete
    2. ඔහොම යනකොට හම්බ වෙයි අනේ .

      Delete
    3. @අසරණයා
      අප්පොච්චියේ එහෙම බෝනික්කොත් ඉන්නවද??

      @බට්ටා
      අනේ මේ නිකන් ඉන්න.. කව්ද කිව්වේ මම බෝනික්කෙක් කියල... :P

      @Gimhani
      හ්ම්ම් ඒකනේ අක්කේ.. හම්බවෙනකල් ඉවසිල්ලක් නෑ වගේ... :)

      Delete
  27. බෝනික්කෙක් තරමටම කවිත් ලස්සනයි! :)

    ReplyDelete
  28. අපෝ ශානි, ඔයා තාම බබෙක්ද?
    ඔන්න මමවත් ඇහුවා !
    චූටි අයියට කිව්වා නම් ගෙනත් දේවි. අපෝ ජපන් බෝනික්කන්ගේ ඇස් දිගටියි නේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ... උඩ දෙන්නෙක්ම අහලානේ... :(
      මට දැන් ඕන නෑ බෝනික්කෝ... ඉස්සර එව්වා තාම තියෙනවා... :)))

      Delete
  29. අපොයි බෝනික්කි... අපි නම් හරි කැමතී බෝනික්කන්ට :)

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ ඇත්තටම බෝනික්කියන්ටමද? :P

      Delete
  30. අනේ බෝනික්කෝ නම් එපා
    ඇත්ත ජපන් කෙල්ලෙක් දෙනවනම් ගන්නවා;)

    ReplyDelete
    Replies
    1. ඉතින් එපා නම් කරන්න දෙයක් නෑ... ජපන් කෙල්ලො හොයාගන්න ජපානේටම යන්න වෙයි.... :)

      Delete
  31. හරි සෝක් බෝනික්කියෙක්....

    ReplyDelete
  32. අනේ මටත් බෝනික්කෙක් ඕන......හෝව්..හෝව්..මම මේ මගේ අක්කට ගිහින් දෙන්නයි ඉල්ලුවේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් කමක් නෑ... ඕනම ගෑණු ළමයෙක් බෝනික්කන්ට කැමති ඇති කියල මම හිතන්නේ...

      Delete
  33. මටත් එකෙක් ඕනේ හැමදාම ලගින් තියාගන්න...........
    ලස්සන කවි ටික

    ReplyDelete
    Replies
    1. ඔය ඉල්ලන්නෙ අසරණයා අයිය කිව්වා ජාතියෙ බෝනික්කෙක් වෙන්ටැ...
      ස්තුතියි..

      Delete
  34. මටත් ආස හිතුන ජපන් බෝනික්කෙකුට .

    ReplyDelete
    Replies
    1. ලස්සනයි නේ අක්කා... බලන්නකෝ මූණේ තියෙන හුරතලේ...

      Delete
  35. kiwwa wagema baba kawi tikak thamaidala tiyenne. babek nalawanna ona wayase inna meyata bonikko nalawanna hitune mokada appa ettatama??????????????

    ohoma yanakota nangiyata hambawey shok bonikkek..........

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝවෙක් ගෙන් තියෙන වදයක්... බබෙක් නළවන්න ඕන වයසෙ ඉන්නෙ ඔහේ වෙන්ට ඇති... මේක කවියක්... එතකොට සිබිල් වෙත්තසිංහ නැන්දා ළමා කවි පොත් ලියද්දි මොකද කියන්නේ, හෙට අනිද්දා දීග යන්න ඉන්න කෙනෙක් කියලද? මෝඩ ප්‍රශ්න... :P

      Delete
  36. අ๧න๞ කව๤ර๠හ໱ ඇ໶ຩන๞
    ම๟ව ๧ගදර එක๞ක යන๞න
    ප๟ර ຩහ๟ බල๜ ඉඳල
    ද๠න๞ න໦ මට ඇත๢ත๞ ๧වල๟
    ම๟ව හ๠ඩට ත๢ය๟ගන๞න
    ๧ක๧නක๞ මටත๞ ඕන๧වල๟....

    ane hafoy hodata hitapu kella neda me???????

    ReplyDelete
    Replies
    1. මේ මොකද මේ කොටු කොටු දාල මේකේ 18+ මොකුත් නෑ..

      Delete
    2. අනේ කවුරුහරි ඇවිදින්
      මාව ගෙදර එක්ක යන්න
      පාර දිහා බලං ඉඳල
      දැන් නම් මට ඇතිත් වෙලා
      මාව හැඩට තියාගන්න
      කෙනෙක් මටත් ඕනවෙලා.... :P

      Delete
  37. හෑ....මෙයා මේ බොනික්කෙක් පිට ඩාල කීන්නෙ මොකඩ්ඩ......o.O
    හා හා ටේලේ....ඩැන් මට ටේලේ.....:)

    ReplyDelete
    Replies
    1. බෝනික්කෙක් පිට දාල කියපු දේ කාටවත් තේරිලා නෑ නඟා.. ඔයාල කියන විදියේ බොළඳ අදහසක් නෙමේ මම කියන්න උත්සහ කළේ.. තේරුම් ගන්න බලන්න තව ටිකක් කියවල.. අන්තිම කවිය කියෙව්වොත් අදහසක් එයි.. :)

      Delete
  38. පොඩි කාලේ මටත් බෝනික්කෙක් හිටියා. හැබැයි ජපන් එකෙක්ද මන්දා...:D

    ReplyDelete
    Replies
    1. අහ්හ් අයියටත් හිටියද? උඩ කවුදෝ කිව්වා ජපන් බෝනික්කෝ ගොඩක් ගණන් කියලා... මට හිටිය ලෝකල් බෝනික්කෝ 4 ක්.... :)))

      කොමෙන්ටුවට ස්තුතියි...

      Delete
  39. පුංචි කාලෙ බෝනික්කො මතකය අළුත් උනා ඔයාගෙ කවිය කියෙව්වම....

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ෂෝයි නේ අක්කා...:))

      Delete
  40. ගෑණු ලමයි බබා කාලේ කැමති චූටි බෝනික්කියන්ටලූ.....
    පිරිමි ලමයි බබා කාලේ කැමති ලොකු යෝධයන්ටලූ...
    .
    .
    .
    ගෑණු ලමයි ලොකු බබා උනාම කැමති ලොකු යෝධයන්ටලූ....
    පිරිමි ලමයි ලොකු බබා උනාම කැමති චූටි බෝනික්කියන්ටලූ....

    මාලයි මාලයි........

    මට පේන්නේ දැන් මෙයත් බෝනික්කෙක්ට ඇඳලා ඇස් කරකව කරකව ඇත්තේ මෙයාගේ යෝධයා ඇවිත් උස්සන් යනකන් හි හි

    ReplyDelete
    Replies
    1. බෝනික්කන්ට අකමැති අයට පුළුවන් වෙනත් අදහසක් ඔලුවේ තියාගෙන කවි කියවන්න... අන්තිම කවිය කියෙව්වොත් සමහරවිට තේරෙයි ඇත්තටම මේ කවිය බෝනික්කෙක් ගැන විතරක්මද කියල...

      Delete
  41. අපෝ ශානි, ඔයා තාම බබෙක්ද?

    ReplyDelete
    Replies
    1. හි හි එපා කියන එව්වමයි අහන්නේ... බබාලට කවි ලියන්න බෑ නේ... එයාලට කියන්න කවියක් මම ලිව්වා...

      Delete
  42. ගැමියාගේ කතාවට නම් මමත් එකඟයි ඔන්න.. හි හි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ උත්තරේම බලන්න පොඩ්ඩක් මල්ලියා... :)))

      Delete
  43. මමනම් ආස කිමෝනොවට.ජපන් බෝනික්කි ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මමත් ආසයි... ස්තුතියි...

      Delete
  44. ගාණ මගේ දන්නෑ මං
    අහන්න මුදලාලීගෙන්.. ඔයා උඩ කමෙන්ට් වල කියල තිබුනනෙ අක්කේ //අන්තිම කවිය කියෙව්වොත් සමහරවිට තේරෙයි ඇත්තටම මේ කවිය බෝනික්කෙක් ගැන විතරක්මද කියල...// කියල. ඉතින් මට මේ පද පේලි දෙක දැක්කම හිතුනෙ මේක කියන්නෙ කය විකුණන/විකිණෙන කතුන් ගැන කියල(අනේ වැරදියට හිතන්න එපා හොඳේ මං ගැන..). මට ඒ මාතෘකාව මතක් වෙනකොට පුදුමුකාර කල කිරීමක් එනව, බුලත් විටක් විකුණල ජීවත් වෙන්න තරම් මොළයක් නැති ගෑනු සහ එවන් ගෑනු බිහිකරන කාලකන්නි පිරිමි.
    ඒ මාතෘකාවෙන් බැහැරට ඇවිල්ල සෙල්ලම් බොනික්කෙක් ගැන ඔ‍ලුවෙ තියන් කියෙව්වොත් මේක පුදුමාකාර සුන්දර කවි පෙළක්. ජයග්‍රාහී 95 හොඳේ, සමාවෙන්ට ඕනෑ... අක්කට ජය ශ්‍රී..!!!!

    ReplyDelete
  45. එහෙම කිව්වට පස්සෙවත් තේරුණේ මල්ලිට විතරයි... !!! අදහස තේරුම් ගත්තට ඔයාටත් ස්තුතියි... ඔව් මල්ලි ඒක හරිම කණගාටුදායක සිද්ධියක් තමා...
    බෝනික්කෙක්ගේ සුන්දරත්වය තුලින් මම ඒ ගැහැණුන්ගේ අසුන්දර පැත්ත ගැන කතා කළා...
    100 උණත් කමක් නෑ මලේ... ඔයාටත් ජය වේවා!!!

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..