ලෝකෙට ආපු අය

Thursday, March 8, 2012

චූටි අයිය චූටි කාලෙ


හැමදාම වගේ මගේ අත්දැකීම් විස්තර කරන මම අද හිතුව පොඩි වෙනසක් කරන්න. හොඳද කියල කියවලම බලන්නකෝ... J

මේ මගෙම චූටි අය්යා ගැන කතා ටිකක්...

අපේ චූටි අයියා ඉපදුණේ මට අවුරුදු පහකට කලින්. මේ කියන සිද්ධිය වෙන කොට එයාට අවුරුදු හතරක් විතර. ඒ කියන්නේ මම නෑ. ඉතින් අම්මගෙන් තමා කතාව අහගත්තෙ.
 චූටි කාලෙ අපේ චූටි අයියා හරි වසයිලු. හරි වසයි කියන්නෙ පොඩ්ඩක් නෙමේ ගොඩක්ම වසයිලු. ලොකු අයියත් බයයිලු එයාට.

එයා ගෙදරට එන කට්ටියට චණ්ඩිකම් දදා ඉන්නවලු. ඔන්න එක පාරක් අපිට නෑ කමට කිරිඅම්මා වෙන කෙනෙක් එයාගෙ පොඩි ළමයත් එක්ක ආවලු සිංහල අවුරුද්දට අපේ ගෙදර. ඉතින් කැබිනට් එකේ චූටි අයියගෙ සෙල්ලම් බඩු දාල තියෙන පැත්තට ගිහින් ඒ අයියා (මාමා)  අපේ චූටි අයියගෙ සෙල්ලම් බඩු දිහා බල බල ඒවා අත ගගා ඉන්නවලු. මෙන්න එක පාරටම චූටි අයියා කියනවලු

අල්ලන්න එපා මගෙ සෙල්ලම් බඩු” කියල..

එතකොට ඒ කිරිඅම්මා ඒ ළමයට කිව්වලු 
අනේ පුතේ ඒ අයියා වසයි. අල්ලන්න එපා එයාගෙ සෙල්ලම් බඩු කියල. 

තව දවසක් චූටි අයියා ලොකු අයියගෙ කාමරේට ගිහින් දොර වහගත්තලු. ඒක පිටින් අරිනවනම් යතුරෙන් අරින්න ඕන දොරක්. ඇතුලෙ ඉන්න කෙනාට ඇරගෙන එන්න පුළුවන්. ඉතින් දැන් මෙයා දොර ඇරගන්න බැරිව කාමරේ ඇතුලෙ බෙරිහන් දිදී අඬනවලු. අම්මල එළියෙන් කාමරේ ජනේලෙ ගාවට ඇවිත් අඬනවාලු. එයාට දොර අරින හැටි කොච්චර කියාදුන්නත් තේරුනෙත් නැතිලු. අන්තිමට බාස් උන්නැහේ කෙනෙක් ගෙන්නලා අගුල කඩලා තමා චූටි අයියව එළියට අරං තියෙන්නෙ...


88 අවුරුද්දේ අපේ ගෙදර නැවතිලා ඉස්කෝලේ යන්න අපේ නෑදෑ අයිය කෙනක් ආවලු. එයයි ලොකු අයියයි එක අවුරුද්දක පරතරය. ඒ අයියා වැඩිමල්. ඉතින් දෙන්නම එකම කාමරේ ඉඳලා තියෙන්නෙ. (අපේ ගෙදර ඉස්සරහම කාමරේ) ඒ කාමරේ දැනටත් ඇඳන් දෙකක් තියෙන්නෙ ඒක වෙන්ටැති..) 89 අවුරුද්දේ එක්තරා දවසක මේ දෙන්න කාමරේ ඉඳං පාඩම් කරනකොට චූටි අයියා කාමරේ දොර වහලා එයාලට එළියට එන්න දෙන්නෙ නැතුව කාමරේ මුර කරනවලු... එයා පොඩ්ඩක් එහා මෙහා වෙනකල් අර දෙන්න කාමරෙන් එළියට ආවොත් කොස්ස අරං ගේ වටේ ඒ දෙන්නව එළවනවලු. ඒ දෙන්නත් දුවනවලු... J

අපේ චූටි අයියා ඉපදෙද්දී සුදුම සුදුයිලු. ලොකු අයියා චූටි අයියව ඉස්සෙල්ලම බලන්න හොස්පිටල් එකට ආපු දවසේ ගෙදර ගිහින් අම්මගේ අම්මට කියල තියෙන්නෙ

කිරි අම්මේ, අම්මට සුදුම සුදු මල්ලියෙක් හම්බවෙලා

 කියල. කොච්චර සුදුද කියනවා නම් අපේ වටේ පිටේ ගෙවල් වල අයත් එයට කියල තියෙන්නෙ සුද්ද කියල... (සික්.. එයාගෙ සුද බලන්න මම හිටියෙ නෑනේ) මම දන්න කාලෙ වෙද්දී නම් එතරම් සුදක් තිබුණේ නම් නෑ. හැබැයි කළුත් නෑ.. හැබැයි සා.පෙ. ඉවර වෙද්දී නම් ලස්සනට කළු වෙලා තිබුණා ක්‍රීඩා කරපු නිසා. දැන් නම් ටිකක් සුදු වෙලා ආයේ.. J

එක පාරක් කතරගම ගිහින් එයාට තුවක්කුවක් අරං දුන්නේ නෑ කියල පාරෙ වැටිලා නිදාගෙන උන්නලු අරං දෙනකල්ම.. අම්මලට ලැජ්ජයිනෙ ඉතින් වහාම අරං දුන්නලු. ඒ වගේම තව පාරක් කොහෙද මන්ද ගිහින් බටේ තියෙන වතුර බෝතලයක් ඉල්ලලා ඇඬුවාලු. තාත්තා බටේ නැති වතුර බෝතලයක් අතට ගත්තම කිව්වලු

තාත්ත දන්න ලබ්බක් නෑ කියල

තාත්තට මොනා හිතුණද දන්නෙ නෑ එවෙලෙ. මොනා කරන්නද ඉතින් ගහන්නයැ කියල ඉන්න ඇති. මෙයා ඔක්කොම වැඩ දාල තියෙන්නෙ මම ඉපදෙන්න කලින් නේ.. L

ලිපිය අවසන් කරන්න කලින් තව චූටි කතාවක් මතක් උණා. ඒකත් එයාගෙම වැඩක් තමාලු. මට අවුරුදු දෙකේදී විතර මාව පුටුවෙන් වට්ටලා, තුවල වෙලා..මගෙ නිකටේ තාම ඒ කැළල තියෙනවා. ළඟක් වෙනකල් නිකටේ කැළලකට තිබ්බේ එච්චරයි...
 එයත්  ඉතින් ඒ වෙද්දි අවුරුදු හතේ පොඩි එකානේ.. අම්ම කිව්වෙ නැත්නම් මම දන්නෙත් නෑනේ.. ඔන්න ඔහේ පොඩි කමට සමාව දෙමු. J

 ප.ලි - චූටි චූටි කියන වචනේ චුට්ටක් වැඩිපුර යෙදුණද මන්ද.. ගණන් ගන්න එපා චූටි අයියගෙ චූටි චූටි කතා ලියද්දි චූටි කියන වචනේ සෑහෙන්න ඕන වෙනවනේ...JJJ



91 comments:

  1. හිහ් ඔන්න පොරවල්.. :-)

    // මෙයා ඔක්කොම වැඩ දාල තියෙන්නෙ මම ඉපදෙන්න කලින් නේ.. //

    ඒ කියන්නේ මෙයා එය්යගේ රෙකො0ඩ් කඩලද.. ?

    ReplyDelete
    Replies
    1. මගේ රෙකෝඩ් ගැන පසුව ලියමි.. ඉවසන්න ඉවසන්න... :)

      Delete
  2. සෝක් අයියා කෙනෙක්..ඉතින් ඔයා ඉපදුනාට පස්සේ එයා දඟ වැඩ කරන එක නවත්තුවද?

    ReplyDelete
    Replies
    1. ඔහෙ නෑ මං හිතන්නෙ. ඔය ශානි අක්කව පුටුවෙන් වැට්ටුවයි කියන්නෙ. :)

      Delete
    2. ආ...ඔව් නේන්නම්...

      Delete
    3. @ සයුරි
      මම ඉපදුණාට පස්සෙ එතරම්ම දඟ වැඩ නෑ.. කළත් මට අමතක, මම නොදන්න කාලේ....

      @බට්ටා
      ඕක දැනගත්තෙත් අම්මගෙන් අහලනේ.. තව දඟ වැඩ කළාදත් මන්ද... හොඳ වෙලාවට මුණ බලපු ගමන් නිකටේ කැළල පේන්නේ නෑ...

      @සයුරි
      :D

      Delete
  3. අයියත් පුදුම චන්ඩි වැඩ තමයි ඒ දවස් වල කරලා තියෙන්නේ....දැනුත් එහෙමද යාලු...

    ReplyDelete
    Replies
    1. චූටි කාලේ අපේ පවුලෙන් වසම එයාලු.. දැන් නම් හරි හොඳයි යාලු....

      Delete
  4. මට නං ඉතිං චූටි චූටි අයියලා නෑ. ඉන්නේ චූටි මල්ලි කෙනෙක්. ඒකටත් දැං ඉතිං චූටි කියන්න බෑ. 8 වසරෙනේ. හැබැයි එයාට නං ඉන්නවා චූටි අයිය කෙනෙක්. :D

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙමද එහෙනම් මගේ අයියල දෙන්නටත් ඉන්නවා චූටි නංගියෙක්.... :D මට බාල කවුරුත් නෑනේ...

      Delete
  5. ඔයා චුටි අයියාට වඩා සැරයිද?.මන හිතන්නේ දැන්නම් හොඳ අහිංසක එකෙක් වගේ ඉන්නවා ඇති හරියට මං වගේ..

    ReplyDelete
    Replies
    1. :D ඇයි? මං වගේ! :)

      Delete
    2. @අසරණයා
      අනේ මන්ද ඉතිං... අපි දෙන්න රණ්ඩු උනාට ආයේ ටිකකින් යාලුයි... දැන් නම් එයාගෙ වසකම් නෑ.. හරි හොඳයි... ඔව් ඔව් ඔයා වගේ තමා.. :)

      @බට්ටා
      ඔව් ඔව් ඔයා වගෙත් තමා...!! :D

      Delete
  6. ඔන්න මමත් ආවා සානිකාගේ බ්ලොග් එකට,,අයියා නම් මරු පොරක් වගේ තමා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න ඉතිං වැරදියට නම් රෙජිස්ටර් කරලා.... සාදරයෙන් පිළිගන්නවා...!!! ඒ කාලේ එහෙම උණාට මේ කාලේ හරිම හොඳයි...

      Delete
  7. අයියා කෙනෙක් ගැන නංගියෙක්ගෙ මතක සටහන්. හරි අපූරුයි .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා... පොඩි පොඩි කතා ගොඩක් මෙතන ලිව්වේ ඒ සිද්ධි විස්තර කරන්න තරම් කරුණු නැති නිසා...

      Delete
  8. දඟකාර අයියා කෙනෙක්...! ඉතිං අයියා ගැන විතරද කියන්නෙ..? ඔයා කරපු දඟ වැඩ ගැනත් අම්මගෙන් අහලා අපිට කියන්නකො..:)

    ReplyDelete
    Replies
    1. චූටි කාලේ තමා එයා දඟකාර... දැන් ශෝක්... නෑ නෑ අයියගේ දඟ වැඩ විතරක් නෙමේ මගේ දඟ වැඩත් ලියනවා... මම අම්මගෙන් අහල තියං ඉන්නේ... :)))

      Delete
  9. චූටි කාලෙ හැමෝම ඉතින් දඟ වැඩ කරනවනේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඔව්නේ... ඒත් අපේ පවුලෙන්ම වසට හිටියෙ චූටි අයියලු.. දැන් නම් වස නෑ පොඩ්ඩක්වත්... [ නැත්තෙත් නෑ.. යන්තමට :D ]

      Delete
  10. අනේ මට නෑනෙ අයිය කෙනෙක්... :(

    ReplyDelete
    Replies
    1. ඉතිං අක්කෙ මටත් නෑනේ අක්කල, නංගිලා, මල්ලිලා... අයියල විතරයි ඉන්නේ.. :(

      Delete
  11. චූටි අයියගෙ වැඩ ලියන්න ගිහින් ශානිගෙ මූණෙ තවත් කැලලක් ආවොත් අපි නම් නෑ ඔන්න..
    තාමත් චූටි අයියා වසයිද?

    ReplyDelete
    Replies
    1. තව එකක් තියෙනවා... හැබැයි ඒකට චූටි අයියා පලි නෑ.... නෑ නෑ අක්කෙ දැන් වස නෑ..දැන් හොඳායි.... :)))

      Delete
  12. මං ගැනනං මෙහෙම ප්‍රචාර වෙන අවදානමක්.............. ඉස්සර නං නෑ! :D

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අලියට බාල සහෝදර සහෝදරියෝ නැද්ද? ඉස්සර නෑ කියන්නෙ දැන් තියෙනව නේ.... :DD හා හා ඔය හොර අහුවෙන්නේ....

      Delete
  13. අයිය සුදුවෙලා ෂානි මෙච්චරම කළු මොකද........

    ReplyDelete
    Replies
    1. හයියෝ.... කතා කරල වැඩක් නෑ... මොනා කළත් උපන් කැත ඇරිය හැකියැ... :)))

      Delete
  14. ශෝක් චුටි අයියා කෙනෙක් ඉඳලා තියෙන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ශෝක් තමා... හැබැයි චූටි අයියා තාම ඉන්නවෝ....:)

      Delete
  15. අපේ අයිය නම් දග නෑ. එයාටත් එක්ක ඒ කාලෙ මම තමයි දග වැඩ කලේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් දඟකාර බට්ටියෙක්... ඉන්නකො පොඩ්ඩක්...මගේ කතා ඉස්සරහට එනෝ...!!!

      Delete
  16. අයියගේ චන්ඬිකම් නැවතුනා කියන්නේ නංගී ඊට වඩා ච්න්ඬියෙක් වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අනේ ඉන්නකො පොඩ්ඩක්... ඒව එහෙම කිව්වහැකියැ... වෙලාවට කියන්නම් මගේ කතාවස්තු ටිකත්...

      Delete
    2. මෙයා චන්ඩි නෙමෙයි නොන්ඩි!:P

      Delete
    3. හා හා ඔයා ඉන්න නිකන් පේන කියන්නෙ නැතුව... තාම ලිව්වෙ නෑ එව්වා... :PPP

      Delete
  17. chuti ayyawa rata patawala baya netuwa mada gahanawa neda? mama wage ayiya kenek una nam mirikanawa kana.

    ReplyDelete
    Replies
    1. ඈ... කවුද බොලේ මම නොදන්න මාව දන්න ඇනෝ... (විමතියෙන්)

      හා හා දැන් ඔය දන්නෙ නැති කට්ටිය දැනගන්න.. අපේ චූටි අයියා ඉන්නේ රට.... මෙව්ව මඩ නෙමේ.. සුන්දර මතකනේ ඇනෝ !!!

      Delete
    2. mama oyage ayya thamaa he he heeee. innako man enakan mirikanna kana.

      Delete
    3. හඃ... ඔයා කීයක් ඔට්ටු ඇල්ලුවත් මගේ අයිය නම් නෙමේ ඒක මට 500% ෂුවර්.. (අපේ චූටි අයියා මගෙ කණ මිරිකන්නේ නැතෝ... :PPPP)

      Delete
    4. mama oyage chuti ayya kiyala kiwwe ne ne. eth man oyage ayya thama :P

      Delete
    5. ඔයා මගේ අයියා නෙමේ...

      Delete
  18. අයියත් හරි ශෝක්නෙ අප්පා.

    “තාත්ත දන්න ලබ්බක් නෑ කියල” කියද්දී තාත්තට මොනවා හිතුනද දන්නේ නෑ. මොනා උනත් ඉල්ලන ඉල්ලන දේ ළමයින්ට අරන් දෙන්න හොඳ නෑ කියලයි මම නම් අහල තියෙන්නේ ඕන්.

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ ශෝක් තමා... වස නැතුවට දැනටත් එයා ශෝක් තමා...

      පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති නේ? ඔයා කියන කතාවත් ඇත්ත... මේ පැත්තට ඇවිත් කමෙන්ට් කරල ගියාට ස්තුතියි....!!!

      Delete
  19. මේ කතාව දැක්කමයි මතක් වුණේ මගේ මාමිගේ ලොකු දුව මට වඩා අවුරුදු 2 ක් බාලයි.. අපි පොඩි උන් කාලේ එක දවසක් මේ පොර ගෙදර ඉස්සරහ කාමරේට ගිහින් දොර වහගෙන. කොච්චර කිව්වත් එයාට ලොක් එක අරගන්න තේරෙන්නේ නෑ,ඒ මදිවට බයවෙලා හොඳටම අඩනවත් එක්ක. අන්තිමට මං ජනේලෙන් පැනලයි දොර ඇරගත්තේ. පොඩි කාලේ ඉඳන්ම කෙට්ටු ශරීරයකට උරුමකම් කියන මට ජනෙල් ග්‍රිල් අස්සෙන් රිංගන එක හෙන සිම්පල් වැඩක්.. හික් හික්...

    //*මට අවුරුදු දෙකේදී විතර මාව පුටුවෙන් වට්ටලා, තුවල වෙලා..මගෙ නිකටේ තාම ඒ කැළල තියෙනවා. ළඟක් වෙනකල් නිකටේ කැළලකට තිබ්බේ එච්චරයි...//*
    හරි ඉතින් එච්චර කල් පිම්පල් එකක්වත් තිබ්බේ නෑ කිව්වා නම් ඉවරනේ ශානි අක්කෝ.. :DD

    ReplyDelete
    Replies
    1. මේකනේ වැඩේ නඟා... අපේ ගෙදර තියෙන ග්‍රිල් රිංගන්න පුළුවන් විදියේ එව්ව නෙමේ ළමයෙකුටවත්... නැත්නම් අවුරුදු හතරේ පොඩි එකාව ජනේලෙ ලඟට අඬගහල එතනින් ගන්න තිබ්බනේ...

      නෑ නෑ වරදවා වටහා ගෙන.... ඊට පස්සෙත් නිකටේ කැළලක් ඇති උණ බව නොකියා කිව්වෙ අයිස් නඟා... :DDD

      Delete
  20. //එක පාරක් කතරගම ගිහින් එයාට තුවක්කුවක් අරං දුන්නේ නෑ කියල පාරෙ වැටිලා නිදාගෙන උන්නලු අරං දෙනකල්ම//

    මමත් ඕකම කරලා තියෙනවලු අක්කේ මොන්ටිසෝරි යද්දි තුවක්කුවක්ම තමයි මටත් ඕනේ වුනේ.වඩාගෙන යන්න හදද්දි කකුල් දික් කරගෙන හිටියලු අන්තිමට අත්දෙකෙන් උස්සන් ගිහිනුයි බස් එකට පටවලා තියෙන්නේ...මොන තරම් පලි ගැහුවත් අරන් දුන්නේ නෑනේ.

    දවසක් අම්මා මට ගහන්න එද්දි මම ගේ ඇතුලට පැනලා දොර වහගෙන ලොක් කරලා.අම්මා කියනවලු දොර අරින්න කියලා දොර ඇරියොත් මට බඩු හම්බුවෙනවා කියලා දන්න නිසා මම ඇහෙන්නේ නෑ වගේ බිම පෙරලි පෙරලි ඉඳලා.තාත්තා වැඩ ඇරිලා එනකන්ම අම්මා එලියේ මම ඇතුලලු....

    කොලුකම කියන්නේ නිකන් යැ අක්කේ හි හි මාත් තව මොනාහරි අපේ අම්මගෙන් අහගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. හා හා ... ඔය එන්නේ පොඩි කාලේ කතා එළියට... මලයාගේ කොලුකම් වගේ මගෙත් තියෙනවා කෙලිකම්... ඉදිරියට ලිවීමට බලාපොරොත්තු වෙමි... :)))

      Delete
  21. ෂෝයි අයිය කෙනෙක් නේ. අර නිකටේ ලපේ බලපු ගමන් පේන එකක් නම් අපිට අයිය ගැන හොඳ වචන ටිකක් අහගන්න තිබුනා.:D

    ReplyDelete
    Replies
    1. හයියෝ... ,මම ඒ වගේ වචන වලට කැමති නෑ... තමන්ට ඒ වගේ වචනෙකින් කතා කරද්දී කොයි තරම් රිදෙනවද? මම කාටවත් එහෙම බනින්නේ නම් නෑ අයියා... :)))

      Delete
  22. අම්මට තව එක්කෙනෙක් හිටියා නම් එයත් බ්ලොග් එකක් ලියයි අම්මගෙන් අහලා චූටි අක්කගේ වැඩ කියලා... හා නැද්ද මම අහන්නේ?

    ReplyDelete
    Replies
    1. නෑනේ.. ඉතින් මට වඩා පොඩි එක්කෙනෙක් අපේ පවුලේ නෑනේ... ඔයාලගේ රස වින්දනය වෙනුවෙන් මගේ වැඩ මමම ලියන්න තීරණය කළා...

      Delete
    2. දැන් ඉතින් මොන මොන කතා අහන්න වෙයිද මන්දා..... :D

      Delete
  23. චූටි අයියා වැඩ කාරෙක් වගේ ෂුවර් එකටම නංගිත් දෙවෙනි නැතුව ඇති :)

    ReplyDelete
    Replies
    1. අනිවා... අයියා වැඩ කාරයා තමා... නංගි ගැන පසුවට බලමු... ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් එකට...!!!

      Delete
  24. චූටි කාලෙනේ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....ඒක තමා නේද?... :)

      Delete
  25. //“තාත්ත දන්න ලබ්බක් නෑ කියල”//

    hikiss..හෆ්ෆොච්චියේ... චූටි අයියා මාර කොල්ලෙක් තමා.. හිනා යනවා හෆ්ෆා එයාගෙ වැඩ වලට. හිනා වුනාම මොකද, අපේ මල්ලිත් ඔය ව්අගේමයි.. මරු වැඩ කලේ චූටි කාලෙ.. හිකිස්ස්...

    අයියා එහෙමනම්, නංගිත් ඉතින්.... ------ ;)

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඔයාගෙ මල්ලිය ලියයි අක්කගේ වැඩ.... මට බලාගන්න විදියක් තිබ්බේ නෑනේ ඉතින්... අහල තමා මාත් හිනා උනේ..

      නංගිගේ වැඩ ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි...:)))

      Delete
    2. ඒ කිව්වේ...

      දැන් පුලුවන්නම් කියන්න ඒ කියන්නේ ඉන්ගිලිති හෝඩියේ මුල් අකුර කියල...

      Delete
    3. මෙන්න චූටි ඇනෝ බබෙක් ඇවිල්ලා... බබා.. ඔයා කොහෙද මොන්ටිතෝලි යන්නේ? ඉන්ගිලිති හෝඩිය තාම කියාදුන්නේ නෑ....??

      Delete
  26. මගෙ නිකටේ තාම ඒ කැළල තියෙනවා. ළඟක් වෙනකල් නිකටේ කැළලකට තිබ්බේ එච්චරයි..
    අනේ ඉතින් දැන් කැලල් ගොඩයිද නංගෝ........ හිකිස්....

    මමත් පොඩි කාලේ ඔහොම තමා..........

    නැ නැ දැන් වගේම හරි අහිංසකයා....

    බිමින් තිබ්බහමවත් කොහෙවත් දුවන්නේ නැතුව එතනම ඉන්නවලු....

    ReplyDelete
    Replies
    1. ඔන්න වරදවා වටහා ගැනීමක්... නෑ නෑ ළඟදී ආයෙමත් නිකටේ කැළලක් ඇති උණා.. ඒ ගැනයි මේ කිව්වේ...

      අනේ පව්... නිදා ගත්තමද දන්නෙ නෑ අහිංසක.......

      ඒක ඉතින් අහන්න ඕන අයියගෙ අම්මගෙන් තමා...

      Delete
    2. ඔනේමනම් අම්මාගෙන් අහන්නකෝ... මම කොහොමත් අහිංසකයි තමා ගොඩාක් දෙනෙක් කියනවා,//

      අනේ මගේ මුන බැලුවහමවත් එහෙම පෙන්නේ නැද්ද?

      ඒමොකක්ද ඒ අලුත් කැලල

      Delete
    3. ඒක දිග කතාවක්... පස්සේ කියන්නම්...

      Delete
    4. mune witharak newey kelel godayi. shani sarcus puruduwenna gihilla wetila.:(

      Delete
    5. sarcus.... ඒ මොනාද අෆ්ෆා ඒ කන බොන දෙයක් වෙන්න ඇති..කමක් නෑ.. ඇනෝගේ අහිංසක ආසාව නේ ඔන්න ඔහෙ ඕන දෙයක් කියාගත්තුදෙන් කියල ඉම්මු..

      Delete
  27. චූටි අයියගේ චූටි චූටි කතා කියනව කොට මාත් මගේ චූටි කාලේ මතකයට චුට්ටක් ගිහින් ආවා.
    චූටි කාලේ කවුරු කවුරුත් මේ වගේ චූටි චූටි දඟ වැඩ කරනවා. ඒවා ඉතින් ලොකු වෙනකොට නැති වෙලා යනවා නෙහ්. :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.....කෝ ඉතින් ඒ චූටි චූටි දඟ වැඩ අපිටත් කියන්නකෝ... ලොකු වෙලත් දඟ අය ඉන්නව ඒ උනාට... :)))

      Delete
  28. චුටි අයියා එල පොරක්නේ...මාත් පොඩි කාලේ ඔය වගේලු හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. යා යා... එල පොරක් තමා.... ඔයත් එහෙමද... ශා මරුනේ... දිනේෂ් අයිය දන්නවද දන්නෙ නෑ ඒ වගේ කතා නේ? :DD

      Delete
  29. සූටි අයියා මලු නොවැ.

    ReplyDelete
    Replies
    1. මලුද කියලත් අහල... මලුම තමා... :)))

      Delete
  30. චුටි අයියා ගැන ලියල තියන සටහන හොඳ සහෝදර බැඳීමක අතීත සැමරුමක්.
    මේක කියෙව්ව ගමන් මට මතක් වුනේ නන්දා මාලනිය ගැයූ මේ ගීතය.
    ඇත්තටම ඒ තමයි සහෝදර බැඳීම

    අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
    එක වහලක් යට වැලි කෙළිමින් උන්නා
    එක කුස් උන් සුවඳින් සෙනෙහස වැඩුණා
    කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුනා

    නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
    දර දිය ඇද්දේ මට බත සපයන්නයි
    කුස ගිනි දැරුවේ මා කුස පුරවන්නයි
    වැරහැලි ඇන්දේ මට පිරුවට දෙන්නයි

    සොයුරන් ඇත ලොව මවුවරු පියවරු වන්
    දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
    පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්
    සොහොයුරු පෙම ගැන නව කවි ගී පවසන්

    ෴ නන්දා මාලනී ෴

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම චූටි අයියගේ දඟකාරකම් ගැන මෙහෙම ලිව්වට දැන් නම් හරිම නිස්කලංකයි.. ඉගෙනීමට දක්ෂයි. චූටි අයියා අපි ළඟ නෑ.. ඈතක ඉන්නෙ, ඉතින් එයා නැති අඩුව ගෙදර තනියෙන් ඉන්න මට දැනෙනවා.. එයා මට ගොඩක් ආදරෙයි..

      හැමදාම වගේ අසා නුපුරුදු ගීතයක් සමීප කරවීම වෙනුවෙන් ඔබට මගේ ස්තුතිය.. ලස්සන පබැඳුමක්..

      Delete
  31. හලේ කලුමෙත මං එකා යකානෙ......:(
    :'(:'(:'(:'(

    නැට්ටන් මාට් මේම එව්ව ලියනවනේ......:'(

    ReplyDelete
    Replies
    1. ඒකත් නරක නෑ... හැබැයි ඉතින් කවුරුහරි හිටියම නම් හොඳයි නේද?

      ඔයාගේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි බ්ලොග් ලියන්න ගත්තොත් නම් ඉවරයි ඉතින් ඈ... හරි හරි අම්මගෙන් ඔයා පොඩි කාලේ කරපු දඟ වැඩ ටිකක් අහං ලියන්න හොඳේ..:)))

      Delete
  32. චුටි අය්ය දැන් පාතාලේද??:p

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...චූටි අයියා දැන් පිටරට... :PP

      Delete
  33. අනේ අර තුවක්කුව අරන් දෙනකම් පාරෙ නිදාගන්නව කිව්වම සීන් එක මැවිල පෙනුන චූටි අයිය ආතල් පොරක් වගේ නේ...........:))))

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ හිතන්නකො ඉතින් පාරෙ නිදාගත්ත කිව්වම විලි ලැජ්ජාවයි නේ... :)))

      Delete
  34. අයියගේ ආබාසෙ නංගිටත් ගිහින්ද දන්නෑ.... ;)

    ReplyDelete
    Replies
    1. හි හි... කියන්න බෑ... ඉස්සරහට බලමුකෝ එව්වත් ලියන්න... :)

      Delete
  35. ෂා... ෂෝක් පොඩි යකා.. හැක්...හැක්.... අපි මල්ලිත් ඔන්න ඔය වගේම තමයි පොඩිකාලෙ, දැන් නම් එහෙම නෑ... මට නම් ඉතින් අයියල අක්කල නෑ.. තුවක්කු කේස් එක කිව්වම මතක්වුනේ, අපේ මල්ලි පොඩිකාලෙ තාත්තට තුවක්කුවක් ගේන්න කියල තාත්ත ගෙනාවෙ නෑ, තාත්ත ඔෆීස් එකේ ඉඳන් ගෙදරට කෝල් කලාම මල්ලි කිව්ව, අද එනකොට තුවක්කුවක් ගේන්න.. නැත්තම් කන පැලෙන්න එකක් දෙනව කියල.. හැක්..හැක්.. මොනව කිව්වත් ඉතින් මරන්නයැ, පොඩි එකානෙ... තාත්තත් සද්ද නැතුව හිටිය, තුවක්කු නම් ගෙනාවෙ නෑ මූ තවත් මැරෑටි වෙයි කියල, කාර් එකක් ගෙනත් දුන්න.. මගේ කොමෙන්ටුව ජයග්‍රාහී 82වෙනි කොමෙන්ටුව ඈ... සමාවෙන්ට ඕනෑ වැඩි අගයකින් යුතු කොමෙන්ටුවක් දැමීම ගැන... ජය ශ්‍රී...!!!

    ReplyDelete
  36. මටත් නංගිලා, මල්ලිලා, අක්කලා නෑ මලේ... ඉන්න අය්යල දෙන්න ගැන තමා කියන්න තියෙන්නේ... ඔයා කොයි වගේද කියල අම්මගෙන් තමා අහන්න වෙන්නේ.. මල්ලිලා දැකල තියෙනවයි ඔයාගේ වැඩ.. මල්ලිගේ මල්ලිත් සිරා ටෝක් එකක් නේ දීල තියෙන්නේ.. හි හී... පොඩි කාලේ ඉල්ලන හැමදේම දෙන්න හොඳ නෑ..

    අනේ මලේ කොමෙන්ටුවට වැඩි අගයක් එන්නේ පාඩම් කරන නිසා වෙන්ට ඇතිනේ.. අවුලක් නෑ.. ජය වේවා!!!

    ReplyDelete
  37. එතකොට දැන් නිකටෙ කැලැල් කීයක් තියෙනවද? ;)

    ReplyDelete
  38. පවුලේ එකම දුව උනාම එයානේ රජ වෙන්නේ....එක යකා කියනවනේ...නංගි අවට පස්සේ නංගි අය්යව බයකරලා වගේ...:)

    ReplyDelete
    Replies
    1. හි හි මගෙත් තියෙනව රස කතා... ඉස්සරහට ලියන්නම්කො... :P

      Delete
  39. මගේ අතීතෙත් මතක් උනා... මමත් නඟාගෙ දතක් කැඩුව... පොඩි එකා නිසා ගුටි නොකා බේරුනේ... අම්මනම් බයේ හිටියෙ,කොහොමහරි දත හැලිල අළුත් එකක් ආපු නිසා මං ශේප්... :D

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..