ලෝකෙට ආපු අය

Monday, March 26, 2012

~~~සඳයි තරුයි~~~ 4 කොටස


කලින් කොටස කියවපු නැති අයට සහ අළුතින් මේ පැත්තට ආපු අයට... 


කියවල ඉවර නම් ඔන්න අද කතාවත් බලන්නකෝ... 

------------------------------------------------------------------------------------------------------------

“හෙලෝ”
කතා කලේ පිරිමි කටහඬක් නිසා මේ සඳුනිල්ම වෙන්න ඇති කියල හිතාගෙන මාත් කතා කළා.

“හෙලෝ සඳුනිල්”

“ඔයා මාව දන්නවද?”
මේ යකාට පිස්සු.. දන්නවනම් කතා කරනවැයි

“නෑනේ. ඉතින් ඔයා කවුද කියල කියන්නකො”

“මම තමයි අපේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්”
කිරි අප්පට බල්ලෝ පැනපි. කවුද දන්නෙ?

“මම නම් ඒ වගක් දන්නෙ නෑ. ඔයා මොනවද කරන්නේ?”

“මම මැත්ස් කරන්නෙ.”

හ්ම්ම්ම් දැන් තමා මම පුල පුලා අහන්න බලං හිටපු ප්‍රශ්නෙ අහන්න යන්නෙ.
“ඇයි ඔයා මට කෝල් කරන්න එපා කිව්වෙ?”

“මට වැඩි වෙලා කතා කරන්න බෑ. ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන්න තියෙනවා. හැමදාම එයා එක්ක පැය දෙකක් කතා කරන්න ඕන. මම දැන් තියන්නම් තරූ. ජේසු පිහිටයි.”

“ම්ම්ම් හරි හරි සඳුනිල් , බුදු සරණයි”

හිතේ ප්‍රශ්න දෙක තුනක්ම ඉතුරු කරලා සඳුනිල් කෝල් එක කට් කළා.
ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනම් එයා මොකටද ෆේස්බුක් එකේ මං ගැන හොයන විදියේ මැසේජ් දාන්නේ? දැන් මම කාගෙන්ද මේ සඳුනිල් ගැන අහන්නේ? ආ... මැත්ස් එකේ ශානිකා ඉන්නවනෙ... හෙට ඉස්කෝලේ ගියාම අහල බලමු... මම තනියම කල්පනා කළා. ෆෝන් එක පැත්තකින් තියල පාඩම් කරන්න ගත්තා.

“සුදු මැණිකේ, මෙන්න සුදු අයියා ට්‍රිප් එක ගිහින් ඔයාට මොනාද ගෙනල්ලා”

“කෝ...... එයා මට කිව්වෙවත් නෑනේ.. මොකක්ද?”

“මොකක්ද කියල මෙන්න මේ පාර්සලය ලෙහල බලන්න ළමයෝ..”

“ෂා.... සුදු අයිය මට ටෙඩිබෙයා කෙනෙකුයි රුලං කේක් වගේකුයි ගෙනත්.. මේ....”

ලා නිල් පාට.. මගේ ආසම පාට. හරිම හුරුබුහුටි  ටෙඩිබෙයාව අතට අරන් මම ඇඳට ගිහින් තිබ්බා.. සුදු අයිය දන්නව මම ආස පාට.. ආවදෙන්කෝ හොරා..

“කොයිවෙලේද අම්මේ මේක ගෙනාවේ?”

“ඔයා නිදාගෙන ඉද්දිනේ අයියා ආවෙ. මට කිව්වා රෑ වෙලා නංගිට දෙන්න කියල..”

“අම්මෝ අයියත් නෝටි, අම්මත් නෝටි... අම්මේ මට බඩගිනි. අපි කමුද?”



                                                                                                                                                       
“හරි හරි...ඉන්න මම පපඩම් වගේකුත් බැද්ද”

අම්ම බත් එක බෙදනකල් මම මේසෙ ගාව ඉඳගෙන ඉරිදා පත්තරේ බැලුවා. අම්ම කෑම එක එතෙන්ටම ගෙනත් දුන්නා.

තාම 9 ටත් නෑනේ. දැන්ම නිදාගෙන බෑ. විභාගේ කරන අවුරුද්ද වෙලා මෙහෙම පාඩම් කරලා බෑ.. තව ටිකක් පාඩම් කරන්න ඕන. එහෙම හිතපු මම කාලා මූණත් හෝදගෙන ආයෙමත් මේසෙට ගියා. කොච්චර පාඩම් කළත් වැඩි හරිය අමතක වෙන ක්‍රියාකාරී ශාකය පාඩමේ ද්විබීජ පත්‍රී කඳක ද්විතික වර්ධනය මාතෘකාව තෝරගෙන පාඩම් කරන්න ගත්තා.. රෑ වෙනකල් පාඩම් කරන නිසා මට කෝපි කොප්පයකුත් හදල තියෙනවා කියල අම්ම කියනව මට යන්තමට ඇහුණා. බත් කාපු ගමන් කාටද කෝපි බොන්න පුළුවන්.. මම දිගටම පාඩම් කළා. ෆෝන් එකට මොනාහරි මැසේජ් ඇවිත් ඇති කියල හිතුණත් ඒ ගැන මම වැඩි අවධානයක් දුන්නෙ නෑ..

10.30 ට විතර කෝපි බීල දත් මැදපු මම 11.30 පහුවෙලා ටිකකින් නිදාගත්තෙ හෙටත් පාන්දර නැගිටින්න තියෙන නිසා..

----------------------------------------------------------------------------------------------------

“ට්‍රින්ග්..................... ට්‍රින්ග්...............”

අම්ම අළුතෙන් ගෙනත් තිබ්බ එලාම් ඔරලෝසුවේ කන් අඩි පුපුරණ සද්දෙට මාව ඇහැරුණේ උඩ විසි වෙලා.


“හයියෝ... එක්කෙනෙක්ට පව් වැඩේලු”
මෙන්න බොලේ සුදු අයියා නැගිටලා. එයා ගෙදර ආවෙ කොයි වෙලේද?

අම්මේ... සුදු අයියා ඊයේ ගෙදර ආවෙ නෑනේ.. මේ කොහොමද මෙහෙ ඉන්නෙ?”


“එයා ඊයේ එද්දී පාන්දර 1.30 යි තරූ..”

අම්මෝ 1.30 ට ඇවිල්ලත් මෙයා නැගිටලද? විනාසයි. දැන් මට නොනිඳාම තමා ඉන්න වෙන්නේ මෙහෙම ගියොත්.. ඉක්මණට ලෑස්ති වෙලා ඉස්කෝලේ ගියා. 

තරුෂි, අද ඔයා පංතියේ ගෑණු ළමයින්ගෙ ෆෝන් චෙක් කරන්න ඕන

මම ඉස්කෝලේ එනකල් ඉඳලා මාව පැත්තකට අරගෙන පංතිභාර මිස් එහෙම කියද්දී මාව ගැස්සුනා.. ඇයි දෙය්යනේ මමත් එදා ෆෝන් එක ගෙනිහින් තිබ්බේ..

“හරි මිස්”
යන්තම් වචනේ දාල ශේප් උනා.

“මේ.. අහගනිල්ල කෙල්ලනේ.. උඹල ෆෝන් ගෙනත් තියෙනවා නම් බොහොම පරිස්සමින් තියා ගනිල්ලා.. මිස්ට අහු උණොත් මම ඉවරයි... මාව බේරපල්ලා”

ෆිසික්ස් පීරියඩ් එක එනකල් බලං උන්න ශානිකාගෙන් සඳුනිල් ගැන අහල බලන්න.. අනේ බලමු මෙයා වත් දන්නවද කියලා..

“ශානිකා”

“ඇයි තරූ?”

“මට ඔයාගෙන් දෙයක් අහන්න තියෙනවා..”

“අහන්න”

“ඔයා බෝයිස්‌ එකේ මැත්ස් කරන ළමයෙක්ව දන්නවද සඳුනිල් කියලා?”

“ම්ම්ම්ම්... අපේ වයසේද?”

“ඔව්. අපේ වයසේ තමා”

“නෑ තරූ.. එහෙම කෙනෙක්ව නම් මම දන්නෙ නෑ”

“එයා ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් කිව්වා.. දන්නෙම නැද්ද?”

“නෑ අනේ මම ඇහුවමයි එහෙම ළමයෙක්”

මොනා කරන්නද එයාගෙන්ම අහන්න වෙනව ඉතිං.. ඉක්මන් කොටයිලු.. අනික කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් ගැන මොකට වැඩ වෙන්නද මම.. පංති නැති දවසක් වෙච්ච සඳුදා පුරුදු විදියට මම ගෙදර ගියා..

මම දන්නෙත් නෑ ෆෝන් එක ඔෆ් වෙලා .. කොයි වෙලේ ඕෆ් වුණාද දන්නේ නෑ.. දවසටම ඇල්ලුවෙවත් නෑ..

චාර්ජර් එකට ගහලා ඔන් කළා.. ටිකකින් මැසේජ් පෝලිමයි.. ඇලට් ගොඩයි..

Hi tharu, Good night. Budu saranai.

අනේ මන්ද සඳුනිල් තේරුම් ගන්න අමාරුයි වගේ.. මොකෝ තකහනියෙ මට ගුඩ් නයිට් කියන්නේ.. ඒ මොනා වෙතත් ෆෝන් එක ඕෆ් වෙලා තියෙන්නේ ඊයේ රෑ.. රිප්ලයි කරන්න ඕන නෑනේ ඒකට දැන්..

ඇඟ හෝදලා රෙදි හෝදගෙන ඇවිත් බත් කන්න ගත්තු වෙලේ ඉඳං මම කල්පනා කලේ එකම දෙයයි..

අම්ම කෑ ගහනවා ඒ අස්සේ..

“මොනාද ළමයෝ බත් එක පහුරු ගගා අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?”

------------------------------------------------------------------------------------------------------------
දැනගන්න ඊළඟ කොටස සමඟ එකතුවෙන්න  !!!


79 comments:

  1. මොනාද මේ සදුනිල් තරු එක්ක කරන්න යන සෙල්ලම.....
    ඔන්න දේව් ඒ පිලිබද අවදියෙන්...

    කතාව හොදට ලියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැනේ නංගෝ..

    ඉක්මනට ඔයාලගේ ගෙවල් පැත්තේ රවුමක් දාලා යන්න එන්න ඕනා.. ඔය කැම ටිකක් කාලා යන්න

    ReplyDelete
    Replies
    1. මේ මොකක්ද මේ වෙන්න යන්නේ.. කෑම කන්න ගෙදර යන්න..?

      ශෘනිගේ ඊලග කතාව දේවා ගැනද ??

      ;))

      Delete
    2. ඔන්න ශානියෝ ඒපාර එනෙපොට හොඳ නෑ වගේ . මීට පස්සේ කෑම පිඟන් ව්ල ෆොටෝ දාන්න එපා :D

      Delete
    3. @දේව්ගේ අඩවිය
      අවදියෙන් ඉන්න.... කතාවේ ඉතුරු ටිකත් බලන්න එන්නකෝ මොනාද වෙන්නේ බලන්න...

      හැමදාම අගය කරනවට ස්තුතියි අයියා....!!!

      හි හි මේ අපේ ගෙදර හදපු කෑම නෙමේ... :)))

      @sAm ( සෑම්)
      ආහ්... ඔයා ආවොත් ඔයාටත් කෑම ටිකක් දෙන්නම්...

      ඊළඟ කතාව.... තාම හිතල නෑ.... :)))

      @Gimhani
      ඔව් නේ අක්කේ... ආයේ දාන්නෙ නෑ කෑම පිඟන්... :)))

      Delete
    4. @ දේවා: ලබන මාසේ 10 ශානියා පාටියක් දෙනවා කියලා ආරංචියි. එදාට ගිහින් බඩ පිරෙන්න කන්න

      Delete
    5. අප්පද බොල කවදද? කියන්න කැම තියේනම් සෑම එහේ..

      Delete
  2. සඳුනිල් කෙල්ලෙක් එක්ක යාළුවෙලාද නැත්තන් හිරේ ගිහින්ද... දවසට පැය දෙකක් කතා කරන එක අනිවාර්යද දන්නෙ නෑ ;)

    ReplyDelete
    Replies
    1. හිරේ වගේ තමා නේද? එහෙම වෙන්නත් බැරි නෑ... ඉස්සරහට බලමුකෝ මොකක්ද මේ පැය දෙකේ සීන් එක කියලා...

      Delete
  3. මේ මොකක්ද මේ සඳුනිල් කාරයා කරන්න යන්නේ හොඳ ලව් කුරුල්ලෙක් කියලා කෙල්ලට පෙන්නලා පස්සේ එයත් එක්කත් සෙට් වෙයිද මංදා.... පැය දෙකක් දවසට කතා කරනවා කියන්නේ එක දිගට වෙන්න බෑ සැරින් සැරේ වෙන්නැති නේද... ලස්සනට ලියනවා අප්පා එක හුස්මට කියවගෙන යන්න පුළුවන් කොච්චර දිගට දැම්මත් දැනෙන එකක් නෑ.... තව ටිකක් වැඩිපුර දාමුද අක්කෝ ඒ නිසා...

    ReplyDelete
    Replies
    1. අයියෝ... මේ පැය දෙක ප්‍රශ්නයක් වෙලා... බලමු බලමු ඊළඟ කොටසේදී ප්‍රශ්නේ විසඳන්න...
      බොහොම ස්තුතියි මල්ලි .... ඊළඟ කොටස තව ටිකක් දික් කරන්න බලාපොරොත්තු වෙනවා... :)))

      ඉස්සරහට බලමු සඳුනිල්ගේ ලව් ඉලව්....!!!

      Delete
  4. හප්පේ....ඩැන්නම් මඩුලු කොයිල් වෙනව අප්පා.....:/

    ReplyDelete
    Replies
    1. මදුරු කොයිල්.... නෑ නෑ මේකේ මදුරු කොයිල් නෑ... දෙන්නගෙම ගෙවල් වල තියෙන්නේ ෆෑන්... :)))))

      Delete
  5. අනේ මන්ද මොනා ‍වෙයිද කියලා....

    වෙන දේවල් කියන්න ට්‍රයි නොකර ඊලග කොටස බලන්නෝනි. නැත්තම් කතාව වෙනස් කරයි මෙයා..

    ReplyDelete
    Replies
    1. අනේ.... කමක් නෑ... හිතෙන දෙයක් කියන්න... හරියන්නත් පුළුවනි... වැරදෙන්නත් පුළුවනි...

      Delete
  6. මටත් දැන් දැන් චේන් පනිනවා පනිනවා වගේ O.o

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටසිරි.... ඒ මොකෝ ඒ...??? කමක් නෑ ඊළඟ කොටස එනකල් චේන් එක පන්න ගන්නේ නැතිව ඉන්නකෝ....

      Delete
  7. මම කිව්වේ ඕකා වංචාකාරයෙක් කියලා.. ඩබල් ගේම්..

    මේ ඕගොල්ලො ගෙදර කන්නෙත් පිගානට ලන්ච් ෂීට් දාලද ?

    ReplyDelete
    Replies
    1. වතුර බිල අඩුකරගන්න ටෙක්නික්.. :)

      Delete
    2. @Senna
      ඔයා කලින් කොටසෙ එහෙම එකක් කිව්වා මටත් මතකයි... ඩබල් ගේම්... :))

      නෑ නෑ ගෙදර නම් එහෙම නෙමේ කන්නේ... ඕක ජංජාලේ තිබ්බ එකක්නේ...

      @සාතන්
      හි හි.... කරන්ට් එක නැති දවසට මෝටරේ වතුරත් ඉවරවුණු කලාතුරකින් දවසකට මාත් ඔහොම කරනව තමා අෆ්ෆා... :)))

      Delete
  8. මට කතාව කොහේ හරි පැටලුනා වගේ.. නිවාඩු පාඩුවේ ආයෙම කොටස් හතරම කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එහෙනම් නිවාඩුව කියවන්න අයියේ... අවුලක් වෙන්න හැටියක් නම් නෑ... :)))

      Delete
  9. අර බත් පිඟාන දැක්කට පස්සෙ මට කියවපු දේවල් ඔක්කොම අමතක උනා......

    ReplyDelete
    Replies
    1. අයියෝ... මින් මතු කෑම පිඟන් නොදමමි...!!!!

      Delete
  10. අම්මෝ බත් පිඟානේ ලස්සන...මටත් කතාව කියවීමේ සිහිය නැතිවෙලා ගියා.
    අර කොටස් මුල ඉඳන් ආයම කියවලා බලන්නම්.

    ReplyDelete
    Replies
    1. කෑම පිඟානක් කිව්වොත් ඇති මෙයාලට.... හා හා මුල ඉඳං කියවන් එන්නකෝ අක්කේ... :))) කතාව කියවන්න ආවට ස්තුතියි හොඳේ...

      Delete
  11. අපෝ..නංගි දාලා තියන පින්තුරේ තමයි නරක...මොන හිතකින් ඕක බලාගෙන කතාව කියවන්නද..

    ReplyDelete
    Replies
    1. අනේ අක්කේ... මොනාද අප්පා... ඔයාල කෑම පිඟාන දිහා බල බල කෙළ ගිලින්න එපා... කතාව කියවන්ඩලාකෝ...:)))

      Delete
  12. අඩේ.. මට මෙච්චර ලස්සන කථාවක් මඟ ඇරුනේ කොහොමද අෆ්ෆා... සඳුනිල්ව නම් විස්වාස කරන්න එපා නගේ.. ඔහොම කොල්ලෝ අන්තිමේ කෙල්ලෙක් ඉන්න නිසා අර කෙල්ලව අත් ඇරලා දාලා යනවා..

    ReplyDelete
    Replies
    1. අම්බෝ අක්ක දන්න ජාති! :D

      Delete
    2. @ප්‍රාර්ථනා
      ඔයා ඉස්සෙල්ලම කොටසට ආවා අක්කේ.. ඊට පස්සේ මේකට තමා ආවෙ... අපි බලමු ඊළඟට සඳුනිල් මොකද කරන්න යන්නේ කියලා...

      @තනි අලියා
      ඒක නේන්නම් අලියෝ !!!

      Delete
  13. නියමයි...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.... ස්තුතියි අයියා...!!!!

      Delete
  14. මොකාටද එන්න හදන්නේ මෑන්?

    ReplyDelete
    Replies
    1. දෙයියො තමා දන්නේ....

      Delete
  15. [කොච්චර පාඩම් කළත් වැඩි හරිය අමතක වෙන ක්‍රියාකාරී ශාකය පාඩමේ ද්විබීජ පත්‍රී කඳක ද්විතික වර්ධනය මාතෘකාව ] සහතික අැත්ත! :D :D

    ReplyDelete
    Replies
    1. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක්... හොඳටම මතක හිටියේ 3 නි පාර.... :)))

      Delete
  16. මෙයානම් එනපොට හොඳ නැහැ වගේ ශානි..තව ටිකක්‌ දිගට ලියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මොකාටද එන්නේ බලමු... අනිත් කොටස දික් කරනවෝ...!!!

      Delete
  17. ලස්සන එපිසොඩ් එකක්..කතාව ලියන්න පරක්කු මොකෝ?

    ReplyDelete
    Replies
    1. වෙන වෙන පෝස්ට් අතර මැද්දෙන් දාද්දි එහෙම තමා අක්කේ... ස්තුතියි !!!

      Delete
  18. අර බත් පිඟානෙ මොකෝ ශානියෝ ලන්ච් ශීට් දාලා?? :O

    මරු එක්කෙනාට ෆෝන් චෙක් කරන්න කියල තියෙන්නෙ හික්ස්ස්...:D

    ආ.. දැන් කුතුහලය අවුස්සනවානෙ මෙයා අපේ එන්න එන්නම..:/ ඊල්ග කොටස ඉක්මනටම ඕනෙ...:/

    ReplyDelete
    Replies
    1. හි හී... ඒක මේ ජංජාලේ තිබ්බ එකක් හිතූ... බයවෙන්න එපා... :)))

      ඒක නේන්නම්... මාර ළමයෙක් නේ...

      25 වන පෝස්ට් එක නම් කතාව නෙමේ...අමතක කරගන්න එපෝ... 26 පෝස්ට් එක කතාව...!!!

      Delete
  19. ගොඩක් හොදයි කතාව යනවිදිය බලමුකෝ ඉස්සරහට මොනවා වේවිද කියලා

    ReplyDelete
  20. සඳුනිල් හදන්නේ තරුට ජෙල ඇති කරන්න :P
    එයාට කෙල්ලෙක් ඉන්නවා කියන්න ඇත්තේ එකයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එහෙම වෙන්නත් පුළුවන් නේ... බලමු මෙයා මොකටද එන්න හදන්නේ කියලා... :)))

      Delete
  21. නියම කතාව කොහොම හිතුනද මන්ද.. පට්ට බඩ ගින්නෙත් හිටියේ..

    ReplyDelete
    Replies
    1. කොහොම හිතුණද මන්ද කිව්වේ.... බොහොම කල්පනාවෙන් ගලප ගලප ලියන්නෙ... අඩුපාඩුවක් දැක්කොත් කියන්න ඈ...

      Delete
  22. ඔය ෆෝන් එක තමයි දවසක අවුලක් වෙන්නේ. සඳුනිල් මොකද්ද ඒ සැරේ නටන්න හදන නාඩගම...? ඉතුරු ටිකත් කියවන්නම වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකනේ... නටන්න හදන නාඩගම ඉස්සරහට බලාගත්තහැකි.. ෆෝන් එක දැන් පෙන හැටියට නම් අවුලක් වගේ නේද?

      Delete
  23. ඇත්තටම ශානි බත් එක දැක්කම නිකන් මොකක්ද වගේ වුනා....ඊළඟ කොටස එනකම්ම ඉන්න වෙනව......

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මොකෝ උණේ... හා හා එහෙනම් අපි බලා හිඳිමු... :)))

      Delete
  24. නියමයි...
    ඉලග කොටසත් ඉක්මනට ලියන්න....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඉක්මණට ලියනවා !!!

      Delete
  25. බත් එක දැක්කම කතාව අමතක වුනාවත්ද?මෙච්චර බත් පිඟානක් කෙල්ලෙක්ටනම් වැඩියි..තරු fat girl කෙනෙක්ද දන්නැහැ..:D

    ReplyDelete
    Replies
    1. තරූ ෆැට් ද තින් ද මන්ද ඉතින්... අයියෝ... මේ අක්කල එක්ක නම් බෑ අෆ්ෆා... හරි හරි මගේ ගානේ ඔය පිඟාන කාලා දාන්නකෝ...:)))

      Delete
  26. මගින් කියෙව්වෙ. බත් පිඟානට තමා වැඩියෙන්ම හිත ගියෙ. පරිප්පුයි, පපඩමයි නං ඇඳින්න, අනිත්ව මොනවද ? :-)

    ReplyDelete
    Replies
    1. බීට්, කුකුල් මස්, තක්කලි සලාදේ.. කලු පාට එකනම් හිතා ගන්ඩ බෑ. දඹල වෑන්ජනයක් වගේ..

      Delete
    2. පරිප්පු, රතු අල, බටුමෝජු, තක්කාලි සම්බෝල, පපඩම්, සහ චිකන් වගේ

      Delete
    3. ඔය උත්තර හම්බෙලා තියෙන්නෙ මම කියන්නත් කලින්... :)))

      Delete
  27. සඳුනිල් ඩබල් ගේමක් වත් ගහන්න යනවද? :/

    ReplyDelete
    Replies
    1. එහෙම නම් තරූට කියයිද?

      Delete
  28. ඉක්මනට දාන්ඩෝ ඊළඟ කොටසත්.
    බත් පිඟාන දැක්කම නම් මටත් හිත ගියා. බඩකින්නක් ආවා.

    ReplyDelete
    Replies
    1. මේ කට්ටියම එකයි.. බත් පිඟන් තමා බලන්නේ... :(((

      Delete
  29. මමත් ආවා කතාව කියවන්න

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා යාළුවා... ස්තුතියි...!!!

      Delete
  30. මේ ගෑනු ළමයි ටිකට බත් පිගානක් දැක්කම ඊට වඩා දෙයක් නැති වෙලා නේ. මෙගා ටෙලි නාට්ටියක් වගේ මෙහෙම කුතුහලයක් තියලා කතාව නවත්තන එක නියමයි. එතකොටනේ ඊලග කොටසත් කියවන්න එන්න හිතෙන්නේ :-)

    ReplyDelete
  31. කෝ බොල දැන් ටිකකට කලින් දාපු කොමෙන්ටුව :(
    මෙගා නාට්ටියක් වගේ කුතුහලයක් තියලා නවත්තන එක හොදයි. එතකොටනේ ඊලග කොටසත් බලන්න එන්න හිතෙන්නේ. ගෑනු ළමයි ටිකට නම් බත් පිගානක් දැක්කම ඔක්කොම අමතකයි වගේ ......

    ReplyDelete
    Replies
    1. ඒක ස්පෑම් වෙලානේ..කමෙන්ට් දෙකක් ඕන නෑනේ.. :)))
      මම හැමදාම එහෙම නවත්තන්න උත්සහ කරනවා.. කවුරු ආවත් නැතත් එහෙම තමා කරන්නේ..
      ඒක නේන්නම් බලන්නකෝ,,, කෑම පිඟාන දිහා බල බල මුන් ටික කෙළ ගිලිනවා... කීයකට බඩේ අමාරුව හැදෙයිද මන්දා..

      Delete
    2. කවුරු ආවත් නැතත් මං එනවා උඹේ බ්ලොගේ කියවන්න. ලියන්නේ නැති එකනේ ප්‍රශ්නේ........... පිස්සු නැතුව ඉතුරු ටිකත් ලියපං

      Delete
  32. අනේ මන්ද මොනා ‍වෙයිද කියලා....
    ඉලග කොටසත් ඉක්මනට ලියන්න ශානී......:))

    ReplyDelete
    Replies
    1. හිතන්න උත්සහ කරන්න ෆාතිමා.... ඊළඟ කොටස ඉක්මණට ලියනවා...

      Delete
  33. මේ සදයි-තරුයි කියන්නෙ සදුනිල්-තරුෂි කියන එක නේද?දැන්නේ වැස්සට මීටර් වුණේ.

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි... මම මේ කතාවේ නම හිතලා ඊට පස්සේ තමා කොල්ලටයි කෙල්ලටයි නම් තිබ්බේ... හා හා එහෙනම් දැන් මීටර් නේ... කතාව හොඳද කියල ඉස්සරහට මට කියන්නකෝ අඩුපාඩු එහෙම..

      Delete
  34. අපිනම් ෆෝන් ගෙනියනවා AL කරද්දී. පන්ති යන දාට ඉස්කෝලේ ඉඳං. ඒ ගෙනත් උදෙන්ම බයෝ මිස් ට දෙනවා. ඉස්කෝලේ ඉවරවෙලාඅ ගන්නවා.. හරිම සිම්පල් ප්ලෑන් එකක් :)

    ReplyDelete
    Replies
    1. මෙන්න ආදර්ශමත් ළමයි ....!!! සිම්පල් වගේ නම් පේනවා... ඒත් කොල්ලෝ ඉන්න කෙල්ලන්ට පව් වැඩේ නේ... :)))

      Delete
  35. අපි ඉස්කෝලෙ යන දවස් වල ෆෝන්ස් ගෙනියන්න තහනම් කරල තිබ්බෙම නෑ නේ,...ඉතින් ශේප් එකේ අරගෙන යනවා..ඒත් ක්ලාස් එකේදි නං ඒ ගැන මතක් වෙන්නෙත් නෑ..යලුවො එක්ක කඩේ ඇරගත්තම ඔය ෆීන් කැලේ...හිකිස්.සේ නිසා හවස ටියිශන් යනකල් ඒක බෑග් එකේම සාමදානයෙන් සැතපෙනවා...

    ඒක නෙවෙයි..මටනං හිතෙන්නෙ සඳුනිල් කියන්නෙ බොරු නමක් වගෙයි..ඒ වගේම පෙන්නපු පින්තූරෙත් බොරුද මන්දා..බොරුවක් නම් එහෙම එක අතකට එයා මෝඩයි...මොකද ඉස්කෝලෙක හෙඩ් ප්‍රිෆෙක්ට් කෙනෙක් කියන්නෙ හොයාගන්න ඒ හැටි අමාරු කෙනෙක් නොවන නිසා....හ්ම්ම්...අපි බලමුකො මොකද වෙන්නෙ කියලා.....

    ReplyDelete
  36. //“මට වැඩි වෙලා කතා කරන්න බෑ. ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක කතා කරන්න තියෙනවා. හැමදාම එයා එක්ක පැය දෙකක් කතා කරන්න ඕන. මම දැන් තියන්නම් තරූ.//

    මේක සඳුනිල් කියන්න ඇත්තෙ බොරුවකට වෙන්න ඕන කියලයි හිතෙන්නේ.ලස්සනයි වගේම කුතුහල ඉතුරු කරලා.
    ඊළඟ කොටසත් ඉක්මනින් දාන්න බලමු යාලු.

    ReplyDelete
  37. ඊලඟ කොටස කෝ? ;)
    ලස්සන කතාවක්. කියවන්න ආසා හිතෙන විදියට ලියනවා. :)

    ReplyDelete
  38. ඔයා ආස ලා නිල් පාට ද ? දැන ගත්ත එකත් හොදයි.
    කතාව නම් ලස්සනට ගලාගෙන යනවා. ඉතුරු ටිකත් ලියන්ඩ. කියවන්ඩ බලාගෙන ඉන්නේ.

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..