ලෝකෙට ආපු අය

Monday, February 13, 2012

ඇයි වහ කන්නෙ?


වහ කාලා කිව්වම ඔයාලට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මොකක්ද? පැනඩෝල් බීල වකුගඩු නරක කර ගත්තු කෙනෙක්... කුරේටර් කාලා ඇස් අන්ධ කරගත්තු කෙනෙක්.. එහෙමත් නැත්නම් කෘමිනාශක බීල සති ගාණක් හොස්පිටල් එකේ හිටපු කෙනෙක්... මම කාගේද මන්ද ලිපියක කමෙන්ටුවක් විදියට ඒ ගැන දැම්ම මතකයි. (හරි හරි මතක් උණා පවනි මල්ලිගේ අළුත් ලිපියට දැම්මෙ..කමක් නෑ, මෙතනත් එක දාන්නම්කො...) අමාරුවෙන් ලැබුණු මනුස්ස ජීවිතේ ඒ විදියට විනාශ කර ගන්න එක නම් පව්කාරකම කියලයි මට හිතෙන්නේ... හැබැයි මම මේ කියන්න යන්නේ ඒ වහ ගැන නෙමේ. දැන දැනම හෝ නොදැනුවත්වම අපි ඇඟ ඇතුළට දාගන්න වහ ගැනයි මේ ලිපිය.

අද දවල් මම ටවුමට ගියා බඩු ගේන්න. එවෙලේ ආපු සිතුවිල්ලක් තමා දැන් අකුරු කරන්නේ.. අපේ පාරෙන් එළියට ආවම වම් පැත්තට හලාවත යන බස් හම්බෙන්නේ..දකුණු පැත්තට කොළඹ බස්.. දෙපැත්තටම අඩි විස්සක් විතර ගියාම තියෙනව පාට පාට කුඩ ඉහළපු පොඩි පොඩි බත් කඩ කීපයක්ම. කීයක් තියෙනවද නම් මතක නෑ.. ඒ ගොඩක් දෙනෙක්ව මම හොඳට අඳුනනවා. මා එක්ක හිනා වෙනවා. ඉතින් මේ කියන්න හදන්නෙ එයාල කෑම හදන්න බඩු ගනිද්දී නොවරදින දේවල් ගැන.

එයාල අනිවාර්යයෙන්ම අජිනමොටෝ දානවමයි. මම දන්නා කිසිම කෙනෙක් සාමාන්‍ය අයඩින් මිශ්‍ර ලුණු නම් දාන්නෙම නෑ, සහතිකයි... තව නෝ චිකන් කියුබ් පාවිච්චි කරන අයත් ඉන්නව.. ඇයි මැගී සුප් කැට... කෑම තෙම්පරාදු කරන්න ගන්නෙ පොල්තෙල් වලට වඩා ලාභ ෆාම් ඔයිල් කියන ඒවා.. (වැඩිය නෑ රුපියල් 10ක් අඩුයි.) විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා අජිනමොටෝ වලට අමතරව තව සුදු පාට කුඩු වර්ග 3ක් ද කොහෙද දානවා කියල... ම්ම්ම් තව සෝයා සෝස් ගන්න අයත් ඉන්නවනේ!!

ඉස්සර ප්‍රීමා නැත්නම් මැගී නුඩ්ල්ස් පැකට් වල ගහල තිබුණා NO MSG කියල. ඒකෙ තේරුම මම දැනගත්තේ ගොඩක් පස්සෙ, උසස් පෙළ පන්තියේදී. MSG කියන එකේ තේරුම Monosodium glutamate කියන එක. ඒ වෙනුවට කියන අනික් නම තමා අජිනමොටෝ.. ඉතින් කඩේ කෑම මේ තරම් රසවත් වෙන්න හේතුව දැන් පැහැදිලි නේද? කන්නෙ වහ. රටේම තියෙන විස ටික කන බත් පතේ..

අපේ අම්ම ඉස්සර ඉඳන්ම අපිට නුඩ්ල්ස් හැදුවත් සෝයාමීට් ඉව්වත් කවදාවත් රසකාරකය දැම්මේ නෑ..අදටත් එහෙමයි. මම ඉතින් කරන්නේ ඒක පෙන්නලා “මේක දාමු කියල” එයාව අවුස්සනවා විහිළුවට.. ඒ වෙලාවට එයාගේ මූන තමා බලන්න ඕන... J  රසකාරක පැකට් එක විසි කරන්නෙ “ඕව කන්න හොඳ නෑ,පිළිකාකාරක” කියල.. ගිය සැප්තැම්බර් මාසේ අපේ ගෙදර පිරිතක් තිබුණා. ඒකට කෑම උයන්න ආපු කට්ටිය සෝයා සෝස් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච බෝතල් බාගයක් තාම ඔහේ තියෙනව.. අල්ලන්නේවත් නෑ. දාන්න කිව්වත් අම්ම බනිනවා.


ඔයාලගෙන් මම ඇහුවොත් මෙතෙක් කාල තියෙන හොඳම කෑම වේල මොකක්ද කියල.. ගෙදර හදපු කෑම එක කියල කීයෙන් කීදෙනෙක් උත්තර දේවිද? වෙඩින් එකකදී කාපු කෑම වේලක් මතක් වෙන අයත් ඉඳීවි. මට නම් තනියෙන් හරි ගෙදර හදාගන්න කෑම එක තරම් කිසි දෙයක් විශ්වාස නෑ. මගේ යාලුවෙක් දවසක් කිව්ව එයාගේ අම්ම බෝංචි උයද්දී සුප් කැට දානවා කියල.. ඒ කිව්වේ මම 5 වසරේදී.. ඉතින් ගෙදර අම්ම කෙනෙක්ට තමන්ගේ ළමයට හදන කෑම එක සෞඛ්‍යාරක්ෂිතව හදල දෙන්නත් බෑනේ. අනේ මන්ද , ඒ කියන්නේ උයන්න දන්නෙ නැති කම.. L ඕව මොකුත් නොදා හොඳ රසට කෑම හදන්න පුළුවනි.

තව... මාතර බත් කඩ කියල ජාතියකුත් තියෙනවනේ.. ඒවල විශේෂත්වේ මොකක්ද කියන්න නම් මම දන්නෙ නෑ.. සමහරවිට ඒ කඩවල කෑම රස ඇති. ගමේ විදියට කෑම උයනවා ඇති.. ඒත් චීනෙත් නැති චයිනීස් වගේ තමා දැන් ලංකාවේ හැම තැනම මාතර බත් කඩ !! දවසක් පත්තරේක මම ඔය ගැන ෂෝක් කතාවක් කියෙව්වා. (රිද්ම පත්තරේ තිලක්ගේ කොමිටි) ඒකෙ අසන්නාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ  මාතර බත් කඩ හිමියෙක්ට..

“මාතර බත් කඩ හිමියෙකු වශයෙන් ඔබට මාතරට ඇති සම්බන්ධය කුමක්ද?”

“ම්ම්හ්හ්... එහෙම සම්බන්ධයක් නම් නෑ”

“හොඳට මතක් කරලා බලන්න”

“ආහ් ඔව් ඔව් ඔව්.... දැන් මතකයි. අපි දවසක් ඒ පැත්තේ ට්‍රිප් එකක් ගිහින් එද්දී මාතර හරියේදී වාහනේ ටයර් එකක් ගියා..”

ඔන්න කතාව...එතකොට අපි මේ කෑම රහ කර කර කනවා... පුළුවන් තරම් දිව පිනවනවා.. ඒකෙ ප්‍රතිපල එවෙලේම ලැබෙන්නෙ නෑ. ටිකක් කල් යනවා. ඔන්න ඊට පස්සෙ ලෝකේ නැති ලෙඩ.. ප්‍රෙෂර් කියයි, කොලෙස්ටරෝල් කියයි, සීනි කියයි... කට පරිස්සම් කරගත්තා නම් ඔය දේ වෙන්නෙ නෑ නේද? වයසට යන්න යන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන බැරි කාලේ කාටවත් කරදරයක් නොවී ඉන්න, තමන් දුක් නොවිඳ ඉන්න. පුළුවන් කාලේ ඇති පදමට කාල බීල බැරි කාලේ විඳවන්නෙත් තමන්මයි නේද?

ඉන්න ටිකේ ජොලියෙ ඉඳිල්ලා කියල බැරි කාලේ විඳවන එකද ජීවිතේ?

 මේක හැමෝටම කරන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. කඩෙන් කෑම කන්න සිද්ධ වෙන අය ඉන්න පුළුවන්. ඒ අයට නම් දෙන්න පිළිතුරක් මට නෑ.. L  පුළුවන් තරම් සැළකිල්ලෙන් කෑම ගන්න කියල තමා කියන්න වෙන්නෙ.. හැබැයි පුළුවන්කම තියාගෙන නම් කඩෙන් කන්න එපා ඔයාලා... ගෑණු ළමයින්ට හොඳට උයන්න ඉගෙන ගන්න කියන පිරිමි පාර්ශවේ අයත් උයන්න ඉගෙන ගත්තට පාඩුවක් නම් වෙන එකක් නෑ..J

කෑම ගැන කියනවා නම් අපි කන්නෙම වහ තමා.. වී ඇටේටත් කෘමිනාශක ගහනවනේ, එළවලු වලටත් රට පෝර දානවා.. එළවලු ටිකක් නම් හිටවගත්තත් පාඩු නෑ. වී වගා කරගෙන කන්න කියල නෙමේ මේ මම කියන්නෙ.. ඒ දේවලුත් ඒ විධියට සිද්ධ වෙද්දි ඇයි තවත් වස විසම ඇඟට දාගන්නේ.. එතනදි වත් පරිස්සම් උණොත් හොඳයි නේද?

අද ලිපිය එතරම් සාර්ථක නැති වෙන්න පුළුවන්...  දාන්න හිටපු ලිපිය පහු වෙලා දානවා.. J කියෙව්වට ස්තුතියි...!!!

83 comments:

  1. හොඳ ලිපියක් අක්කේ.........
    මම කියන්නෙත් නෑ කාලා තියන හොඳම කෑම වෙල ගෙදරඉන් කෑවේ කියලා.තාමත් මම කන්න කැමති ඒවා තමා ගෙදර ඒවා නෙවෙයි ඒ තමා අපේ අත්තම්මා හදන කෑම,ගමේ විදිහට ...... මතක්වෙද්දිත් කෙල එනවා කටට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි..
      හ්ම්ම් හ්ම්ම් ගෙදරින්ම වෙන්න ඕන නෑ... විශ්වාසෙට කෑම ටිකක් කන්න පුළුවන් නම් අත්තම්ම හදන කෑම උනත් කමක් නෑ... මට කෑම හදල දෙන්න අත්තම්මල නෑ.. :(

      Delete
  2. වැදගත් ලිපියක්...අර මාතර බත් කඩ කතාවනම් ඇත්ත...හැම තැනම මාතර බත් කඩ තිබුනට ඒවායේ අයිතිකාරයෝ මාතර ගිහිල්ලවත් තියද දන්නේ නෑ...අහ් මාතර බත් කඩයක් හඳේ ත් තියනවලු නේ..

    ReplyDelete
    Replies
    1. අෆ්ෆටසිරි...දැන් ඒක හඳටත් ගිහින්ද අක්කෙ... මාතර බත් කඩ කිව්වට ඔව්වලත් මොන දහ ජරාව දානවද දන්නෙ නෑ...

      Delete
  3. මේක වටින ලිපියක්.. අපි නොදැනුවත්ව ඕන තරම් විස කනවා.. සමහර වෙලාවට දැනගෙනම රස නිසා ඒවා පාවිච්චි කරනවා..මමත් චීන අවන්හල් වල කෑම කන්න මාර ආසයි.. හැබැයි ඉතින් ඒවයේ තියෙන්නේ වැඩි හරියක් තියෙන්නේ රස කාරක තමයි..

    ReplyDelete
    Replies
    1. අයියෝ.... කන්න එපා... වහ වහ.. රස වැටුණොත් ඕන තරම් කයි තමා... ඒත් කන්න එපා. පස්සේ විඳවන්න වෙයි !!!

      Delete
  4. අපේ කස්ටිය ඉතින් රස කර කර කන්නේ අජීනමොටෝ දාපු කෑම නේ..( මේ කිව්වට මමත්හ් එහෙම තමා)..නුඩ්ල්ස් එකේ පැකට් එකනම් තාමත් අපේ ගෙදර කන්න දෙන්නේ නැහැ නේ,ඒ උනාට මම තනියම හදනකොට මට හොරෙන් දාලාම බලන්න තමයි හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් ඔයාලත් එක්ක බෑනේ අෆ්ෆා.... දැන්වත් මම කියන එක අහල ඕව නොදා කන්න පුරුදු වෙන්න... වයසට ගිහින් ලෙඩ වෙන්න කැමතිද???

      Delete
  5. මේකනම් සාර්ථක ලිපියක් තමයි. එකඟයි ඔබේ අදහස් සමග. ඉඳ හිට කඩ කැම කැවට පුළුවන් අය ගෙදරින්ම හරි ආකාරයේ ආහාර වේලක් ගන්නවානම් තමා හොඳ. මමනම් රස කාරක සෝස් පාවිව්චි කරන්නේ හරිම කලාතුරකින්. අනේ බැ නිකම් ලෙඩ වෙන්නනම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා... ගෙදර කෑම කොච්චර ශෝක්ද? කලාතුරකින් නෙමේ අක්කා කොහොමටවත් ඕන නෑ මට නම්.... :))))

      Delete
  6. හ්ම්...මාතර බත් කඩ වගේ තමා චීන හෝටලුත්. චීනෙටත් වඩා චීන හෝටල් තියෙනවද මන්ද ලංකාවෙ ?

    රස කාරක වර්ග තියෙනව 625, 635, වගේ නොම්මර වලින් විතරයි පැකට් වල හඳුන්වන්නෙ, අන්තිම නරක ඒව. සර්ච් එන්ජිමකට දාල හොයල බැලුවොත් කොයි තරං නරකද කියල හොයා ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාමේ... චීනෙත් නැති චයිනීස් මෙහෙ නෙව...

      ලේබල් වල තිබුණට අකුරු ඉලක්කම් දාල හංගලනේ තියෙන්නෙ... නොදන්නා කමින් කොයිතරම් දේවල් බඩට යනවා ඇතිද?

      Delete
  7. ඇත්තටම ඇත්ත නංගියෝ... සමහර වෙලාවට අපි කන්නෙම වහ.... ඔය මුකුත් නොදැම්මත් කාටද හරියටම එයාලාගේ පිරිසිදු කම ගැන සහතිකයක් දෙන්න පුලුවන්...

    මමත් කඩවල් වලින් නම් කනවා,, ඒත් ඇත්ත මේක තමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ... කිසි වස විසක් නොදැම්මත් පිරිසිදුකම ගැන නම් කියන්න බෑ තමා... ඉතින් ඒක නම් ගිහිල්ලම බලල තමා හොයාගන්න වෙන්නෙ...

      හොඳම විසඳුම අම්මට කියල කෑම එකක් හදා ගන්න(නැත්නම් ඉක්මණට පවුල් පන්සල් වෙලා වයිෆ්ට කියල කෑම ටිකක් හදවගන්න) එක තමා...

      Delete
  8. බයවෙන්න එපා ලිපිය සාර්තකයි. මම නං එහෙමත් වෙලාවක තමයි වහ කන්නෙ.
    මාතරදි ටයර් එකක් ගියා...:)

    ReplyDelete
    Replies
    1. වෙන කරන්නම දෙයක් නැත්නම් මක් කරන්නද නේ... හිකිස්‌ හිකිස්‌......:)

      Delete
  9. ලියල තියෙන්නෙ නම් ඇත්ත කාරණාවක්... ඒත් බන් ඉතිං අපි අවුරුදු පන් හය සීයක් ජීවත් වෙනව නෙමෙයිනෙ... මම නම් රහට තියෙන ඕන මඟුලක් බඩට දාගන්නව... කොහොම ඕව බේර බේර ඉන්නද?... මම කැමති අකාල මරණං වලට වඩා කාල මරණං එකටනෙ ;)

    ReplyDelete
    Replies
    1. ඉතින් බං අයියේ අවුරුදු පන් හයසීයක්‌ ජීවත් නොවුනාට ඉන්න ටිකේවත් ලෙඩක් දුකක් නැතුව ඉන්න කැමති නැද්ද උබලා??? හොඳ නම් ඕන එකක්... ඔන්න මම නොකිව්වයි කියන්න එපා... :)

      Delete
  10. ලියපු කතන්තරේ නම් පට්ට ඇත්ත තමයි. හෆොයි :-( බලාගන යනකොට මම නම් වැඩි හරියක්ම කාල තියෙන්නේ වහම තමයි. මොනා කොරන්නද දුක තමයි අෆ්ෆා. සාතන් කියනවා වහේ අකාල මරණං ට වඩා කාල මරණං ට ලයික් කියලා හිත හදා ගන්නවා මිසක්

    ReplyDelete
    Replies
    1. හෆොයි කියල හරියන්නෙ නෑ... එහෙනම් සාතන් අයියගෙ කමෙන්ටුවට දාපු රිප්ලයි එකම බලන එකයි තියෙන්නෙ.... :)

      Delete
  11. අජිනමොටෝ දැම්මම වතුර ගැලුමක් විතර බොන්න වෙනවනෙ......... බෝඩිම් ජීවිත ගත කරන අපි වගේ අයට නම් ගෙදර බත් එක තරම් තවත් දෙයක් නෑ .....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක මේකේ ලියන්න බැරි වුන දෙයක්... තව දෙයක් තමා ඒ කෑම කෑවම මත් ගතියක් දැනෙනවා... නිදිමත වැඩි.. වැඩක් කරන්න අමාරුයි... (වෙඩින් එකක කෑම කෑවම ඒක තේරෙනව නේද හොඳටම)

      මට තාම ඔය ප්‍රශ්නෙ ආවෙ නෑ... ආවත් ඔව්ව නොදා මට කෑම හදන්න පුළුවනි හොඳට... (පුංචි අහිංසක ආඩම්බරයක්..)

      Delete
  12. ඔය MSG තියෙන කෑම කෑවාම ලෙඩක් හැදෙනවා CRS (Chinese restaurant syndrome) කියලා. පොඩ්ඩක් ගූගල් කරලා බලන්න විපාක

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ එහෙම ලෙඩකුත් තියෙනවා නේද? ඔන්න චයිනීස් කන්න ආස අය බලාගන්ඩලා...!!! දැනුවත් කිරීමට සහ මේ පැත්තට ඇවිත් කමෙන්ට් කිරීම ගැන ස්තුතියි...

      Delete
  13. මුල් කාලේ ගෙදර එක්කෙනා උයපුවා රස වැඩි වෙන්න හොරෙන් අජිනමොටෝ එකක් ඔ‍ෆිස් එකේ තියං හිටියා...වැරදිලාවත් වෙන එකෙක්ට අල කෑල්ලක් හරි දුන්නොත් මගෙත් කාඩ් කුඩුනේ....පස්සේ දිව ඒකට හුරු උනා.....

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නෙ හොරු... කවු හරි මට නොදුටුවගේ ගෙදර ෆෝන් නම්බර් එක හොයල දෙන්ඩෝ... මේක ගෘහද්‍රෝහී වැඩක් !!!

      කන්න එපා අයියේ...

      Delete
  14. මම දවල්ට කන්නේ නම් කඩෙන්. කෑම ගන්න හරියේ මාතර බත්කඩ දෙකක් තියෙනවා. මමත් ඉතිං දකුණෙනේ ඉතිං අදුර ගත්තට පස්සේ ඇහුවා ඔයාලා මාතර කොහේද කියලා මොන එයාලා යන පාරක්වත් හරියට දන්නෑ. ඒ මදිවට ඒ කඩ දෙක ඉස්සරහින් ගාලු කඩේ කියල එකකුත් දාලා. ඒ මනුස්සයා යාපනේ එක්කෙනෙක්ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. අක්ක ගෙදරින් කෑම එකක් අරන් යන්නකෝ කම්මැලි නැතුව.. :) ඔය මාතර කඩ නම් මේ පැත්තෙ නෑ... හැබැයි චයිනීස් අවන්හල් නම් තියේ මදි නොකියන්න...

      Delete
  15. කන තරමක් කන්නේ විසමනේ ඔහොම බලාගෙන ගියොත් දවසට එකවේලක්වත් කන්න හමිබෙන්නේ නෑ
    මොකද ගෙදර එකේ මෙලෝ රහක් නෑ සමහර දවසට එක වේලක් ගෙදරින් කන්නේ රහකට නෙමෙයි විස තුන්වේලටම කන්න බැරි නිසා

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ගෙදර කෑම රහ නෑ කියන්නේ... ඕව කාල කාල පුරුදු වෙලා නිසයි ගෙදර කෑම වල රස නොදැනෙන්නේ.. මට නම් ගෙදර හදන කෑම එක තරම් දෙයක් නෑ තව...

      Delete
  16. Replies
    1. කොමෙන්ටුවට ස්තුතියි මල්ලියා...

      Delete
  17. අඩේ ඇත්තම තමයි අක්කේ පන්ති එහෙම යනකොට අවුරුදු ගානක්ම කෑවේ කඩේ කෑම කොච්චර හොඳයිද කියනවනම් මගේ උණ්ඩුක පුච්ඡේත් අයින් කරන්න වුනේ ඒවා නිසාද දන්නේ නෑ... හැබැයි දැන් කොහොම කෑවත් විසම තමා යන්නේ මොනා කරන්නද අර ආසනික් කේස් යට ගැහුවට ඇත්තම කතාව ආසනික් ප්‍රතිශතය වැඩියි කියන එකනේ.... මොනා කරන්නද නේද මට මතක් වුනා ඔයා කලින් දාපු E අකුරු ගහපු කෑම ගැන දාපු ලිපියත්... ගොඩක් වටින ලිපියක් අක්කේ... කෙට්ටු වෙන්න විදියක් එහෙම දන්නවනම් ලිපියක් ලියමුකෝ අක්කේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා මලේ... ඔව්වට පුරුදු වුනොත් ඉතින් අර සාතන් අයිය කිව්වා වගේ කාල මරණං ෂුවර් වගේ තමා..!!! පරිස්සමින්... මම එහෙම E අකුරු ගහපු කෑමක් ගැන ලිපියක් දැම්මද??????? මතක නැතෝ....
      කමෙන්ටුවට ස්තුතියි මල්ලි... ඒ ගැන පස්සේ බලමු... හිතුනොත් ඒ ගැනත් ලියන්නම්කො ඔයා ගැන සළකලා....

      Delete
  18. මම නම් කොහොමත් ඔය අජිනොමොටෝ වගේ දේවල් දාපු කෑම කන්න ආස නෑ..නොදැන කෑවොත් මිසක්..:D

    ReplyDelete
    Replies
    1. සිත්රූ... ඔයාගේ පේජ් ඒක ලෝඩ් වෙන්නෙ නෑනේ..මගේ බ්ලොගේ ඔයාගේ අලුත් ලිපිය අප්ඩේට් උනාට යන්න හැදුවම යන්නේ කලින් ලිපියට...

      Delete
    2. මෙන්න ආදර්ශවත් ළමයෙක්... හොඳ ළමයා !!!

      Delete
  19. කෑම උයද්දී ඒ දේවල් පවිච්චිකලාට එළවලු ජාති වගාකරද්දී යොදන දේවලුත් වසවිෂ .එත එහෙම තෝරන්න ගියොත් කන්න වෙන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා මම කිව්වේ එතැනදී වත් පරිස්සම් වෙන්න කියල... වගා කරද්දි වසවිෂ දානවා කියල, රසකාරක දාල කෑම හැදුවට කමක් නෑ කියන්න මට බෑ....

      Delete
  20. එළවලුවලට යොදන රසායන ද්‍රව්‍යය යොදා දින 07 කින් ඵළදාව නෙලාගන්න කියලා බෝතලේ ගහල තියනවා.ඒත් අද වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත, උදේ ගැහුවා හවස කැඩුවා විකුණුවා. ඉතින් ඒකටම රසකාරක එකතුවුණාම
    ප්‍රතිඵළ දෙගුණයයි. ජීවිතේ කෙටියි.

    ReplyDelete
    Replies
    1. ඔය ඔබතුමාට තේරුණේ අපූරුවට... වෙළෙන්දන්ට මුදලේ වාසිය විතරයි.. මිනිස් ජීවිත ගැන හැඟීමක් නෑ..

      Delete
  21. ගෙදර අම්ම උයන බත් එකට ගහන්න වෙන කොහෙවත් කෑමක් නෑ.ඒත් ඉතින් මට නම් ඒකෙ රහ බලන්න හම්බවෙන්න අවුරුද්දකට වතාවක් විතර.දැන් මිනිස්සු ගොඩක් කන්නෙ වහ තමයි.හැබැයි අනිත් රටවලට(විශෙෂයෙන් මෙහෙට)ශාපේක්ෂව ලංකාවෙ අපි කන්නේ අමුර්ථය.අපේ පොළොවෙ හැදෙන එළවළුවක,පලතුරක රසට ගහන්න වෙන කිසිම රටක කෑමකට බෑ.අත්දැකීමෙන් කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔය කතාව අපේ චූටි අයියත් කියනවා... ඉතින් මක් කරන්නද දුක තමා... ඔහේ කිඹුලා කිරිමැටි ගිලින්නා වගේ තියෙන දෙයක් කාල දානවලු... නොදැන කෑවත් දැන දැනම කන එක අනුමත කරන්න බෑ.....

      Delete
  22. සපුරා ම එකඟයි! :)

    ReplyDelete
    Replies
    1. තව කතාවක් තියනව.... රස කාරක සෙට් එකක් තියනව Exxx කියල නම් කරල. xxx වලට යෙදෙන්නෙ මොනා හරි ඉලක්කං. මේවයින් සමහරකගෙ අහිතකර බලපෑම් වාර්ථා වෙලා තියනව. මට ඉහත අංක හරියටම මතක නෑ. කොහඅමටත් එහෙම දේවල් මග අැරිල්ල අැඟට ගුනයි!

      Delete
    2. අපෝ.... මොකක්ද යාලු...අපිට දැනගන්නත් එක්ක අංක මතක කරලා දාන්න එපැයි... මාත් එහෙම ඒවා දැකල තියෙනවා ලේබල් වල... ඉතින් අපි මඟ අරිමු...වැඩේ ඉවරයි... එකඟ නොවී කොහොමද ඇත්ත කියද්දී... ඉතින් ස්තුතියි...

      Delete
  23. කස්සගේ කතාව එකට දාල,පින්තුරෙනම් කෑවා...(කොහොම හදලද නම් නොදනී)

    ReplyDelete
    Replies
    1. අපොයි... කන්න එපා ඔය චයිනීස් දහ ජරාව.... හදන හැටි හෝටලයක පිටි පස්සට ගිහින් බලාගන්න... රිදී භාජන වල සඳුන් දර වලින් උයන්නේ... කමෙන්ටුවට ස්තුතියි යාළුවා...

      Delete
  24. Replies
    1. හපොයි තමා.. දැන්වත් පරිස්සම් වුණොත් හොඳා...

      Delete
  25. අපේ අම්ම නම් දෙයියනේ කියල බත් මුලක් බැදල දෙනව නොවැ !

    ReplyDelete
    Replies
    1. අනේ හොඳා...සෑමා නම් ඒකෙන් බේරිලා.... :)

      Delete
  26. මාතර බත් කඩ වල සංසිද්දිය නම් ඇත්ත අප්පා..මාත් දවසක් නිතරම යන බත් කඩේකින් ඇහුවා (නුවර පැත්තෙ)මාතර තාම නෑදෑයො ඉන්නවද කියලා..බත් ඇන්ටි මං දිහා බැලුවනෙ බැලිල්ලක්..මතක් වෙනකොටත් පිච්චිලා යනවා..හික්ස්..
    ආ මාත් ලිව්වනෙ මේ ගැන පෝස්ටුවක් සමහර විට මේකටම මැච්වේවි..

    ReplyDelete
    Replies
    1. හි හී... ඔය තියෙන්නේ රස බර අත්දැකීම්.... එව්වයෙත් දානවා ඇති අනේ මොනා මොනා හරි... මොනාද දාන්නෙ කියල ඇහුවට කියයි යැ... ඔයාගේ පෝස්ටුවත් මම කියෙව්වා...

      Delete
  27. මේ කතාව නම් සහතික ඇත්ත... අර ඔබා මාම කිව්ව වගේ ඉලක්කම් දාල වහල තියෙන්නෙ බඩු... ගෙදරට ගෙනත් තමයි හොයල බලන්නෙ වැඩිපුරම.... සමහර මතක හිටින නොම්මර තියෙන ඒවා නම් නොගෙන ඉන්නවා.... ඒත් 100% කින් වැලකිලා ඉන්නව කියල කියන්න අමාරුයි.... අජිනොමොටෝ නම් කවදාවත් ගෙදරට ගේන්නෙ නෑ.... ඒත් කඩ කෑම කන වෙලාවට නම් ඕන තරම් බඩට යනව ඇති....

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ... ඉතින් ඒ නිසා කඩ කෑම වලින් පුළුවන් තරම් ඈත් වෙන එක තමා කරන්න තියෙන්නේ...

      Delete
  28. අපේ අම්මිත් කවදාවත් ඔය රසකාරකේ නම් දාන්නේ නෑ... මට නම් අපේ අම්මිගේ බත් එක තරම් වෙන කිසිම දෙයක් හරි නෑ අප්පා.. :))

    ReplyDelete
    Replies
    1. ඒකනේ නඟා.... මටත් එලෙසම තමා... හැබැයි මටත් උයන්න පුළුවනි...

      Delete
  29. බලාගෙන ගිහාම මෙච්චර කාලයක් කාලම තියෙන්නෙ වහ..

    ReplyDelete
    Replies
    1. අයියෝ අයියෝ... එහෙනම් ඉතින් දැන්වත් පරිස්සම් වෙන්න.............

      Delete
  30. හ්ම්ම් බලන්න පිටරට කෑම ජාති හදන විදිය ඕනා තරම් යු ටියුබ් එකේ තියෙනවා.. එත කිසිම කෙනෙක් රසකාරක දාන්නේ නැහැ. දාන්නේ කුරුදු කුඩුයි, ලුනුයි, ගම්මිරිසුයි..
    ලංකාවට ආදර්ශයක්.. අපේ අම්මිත් මමත් කවදාවත් කෑම වලට රසකාරක දානෙම නැති තරම්

    ReplyDelete
    Replies
    1. අලේ.... ඔව්මයි අෆ්ෆා... මම දැක්කා... ඔක්කොම ස්වභාවික දේවල්... එහෙ උන් කුරුඳු කුඩු මෙහෙන් ගෙන්නගෙන දානවා... මෙහෙ උන් කෑමට දාපු කුරුඳු පොත්ත විසි කරනවා...
      ලංකාවට ගිය කලක්... දාන්නෙම නැති තරම් නෙමේ, දාන්න එපාම කියන්න කෙල්ලේ..

      Delete
  31. කියල වැඩක් නෑ සහෝදරී...
    නියමයි...
    බ්ලොග් ලෝකෙ මේවා ගැන කතා වෙන එක සතුටක්....
    නියමයි,
    මට නම් මේක සාර්ථක ලිපියක්...

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි සහෝ... මේක හැමෝම දාන්න දෙයක් කියල හිතුණත් නොදන්නා පිරිසකුත් ඉන්න නිසා ලිව්වේ... වැඩිය හිත හිතා උන්නේ නෑ.. හදිස්සියෙන් වගේ දාපු එකක්... සාර්ථක නම් එච්චරයි...

      Delete
  32. අද සිට කඩෙන් කන හැමෝටම ශානි අක්කාගේ ගෙදරින් වස විස නැති කෑමවේලක් සපයනු ලැබේ :PPP
    (නොමිලේ)

    ReplyDelete
    Replies
    1. හී හී... ආවොත් දෙන්න බැරි කමක් නෑ... ඒත් ඉතින් බස් ගාස්තුත් වැඩි නිසා කවුරුත් එන්නෙ නැතිවෙයි... ඔහෙ ඔර්ජිනල් මාතර බත් කඩ එහෙම නැතැයි....

      Delete
    2. කන්ට දෙනවනම් එන්නම් ඔය පැත්තෙ :)
      කොහෙද ඉන්නෙ?

      Delete
    3. මෙන්න බලන්නකො... කන්න දෙනව කිව්වොත් නම්.... අර මිග් එකක් කඩන් වැටුණ කියල ටීවී එකේ කිව්වේ.. අන්න ඒ හරියේ...

      Delete
    4. අනේ සොරිම තමා,
      මම දන්නෙ නෑ ඕක කොහෙට ද කඩා වැටුනෙ කියල,
      කඩා වැටුන කියල විතරයි දන්නෙ :)

      Delete
  33. අපේ තාත්ත පොඩිකාලෙ දවසක් ගිහිල්ල ගමේ තියෙන සයිවර් කඩේකට එතකොට තාත්ත දැක්ක දේ සමහරවිට විශ්වාස කරන්නෙත් නැතිවේවි.ඒ කඩේ කෑම හදන අය පරිප්පු හෝදන්නෙ මුලින්ම පරිප්පු ඔක්කොම ලොකු බේසමකට දානවලු.ඊට පස්සෙ ඒකට වතුර දාල...සෙරප්පු ගලවල කකුල් හෝදල පරිප්පු එකට බැහැල පරිප්පු සෝදනවලු.තාත්ත ඒක දැක්කම ආයෙ කඩේ පැත්ත පලාතෙ ගිහින් නැහැ.මමත් අනන්තව සයිවර් කඩ වලින් කාල තියෙනව...ලංකාවට ගිය දවසකත් යන්න හිතේවි...හ්ම්ම්....

    ගෙදර හදන කෑම එක තරම් කිසි යහ ගුණ පිරුණු කෑම එකක් කන්න කොහෙන්වත් ලැබෙන්නෙ නැහැ...ඇත්තම ඇත්ත යාලු....

    ReplyDelete
    Replies
    1. ඔය වගේම කතා තියෙනවනේ... එළවලු රොටී හැදිල්ල ගැන... ඒ මිනිස්සුන්ගේ දාඩිය, හොටු ඔක්කොම ඒ මිශ්‍රනේට වැටෙනවලු... ඕව තමා රහ කර කර කන්නේ... මළ ජරාව... ඔයා ලංකාවේ නෙමේ ඉන්නේ කියල නම් දැනගත්තෙ දැනුයි... රට ඉන්න කෙනෙක්ට කෑමේ අගය හොඳින් දැනෙනවා ඇති..

      දාන්න පහක්.. ගෙදර කෑම එක නම්... කියල වැඩක් නෑ!!!

      Delete
  34. අපිට නම් ඉතින් කඩේ කෑම ඇරෙන්න වෙන මොන සරණක්ද නගෝ? කඩ නැත්තන් අපිත් නෑ. කැන්ටින් වල කෑම හදන විදිය ගැන නම් කතා නොකර ඉමු. ඒක නෙමෙයි මේ මාතර බත් කඩ මෙතනට ගාවගෙන මොකද? ;) අපිට තරහ යනවා...:ඩී

    නංගිලා ඉතින් කොහොමහරි හරි එක එක කතා කියලා කෝල්ලන්ට කියල උයවගන්න හදන්නේ නේ?? අපි අහුවෙයි ඕවට.:පී

    ReplyDelete
  35. අයියෝ..එහෙම කියන්න එපා අනේ.. කෑම ටිකක් හදාගන්න ඉගෙන ගත්ත නම් ඉවරනේ.. කැන්ටින් වල කෑම ඒ තරම් සවුත්තුද? මාතර නෙමේ ගාල්ලෙ බත් කඩ උණත් ඒකනේ ඇත්ත කතාව... අන්න සයුරි අක්ක කියනවා හඳේ තියෙනවලු මාතර බත් කඩයක් කියල...බොරුද කියල ගිහින් බලන්නකෝ ඉතින්... අපිට තරහ යනවා කිව්ව එක හරි.. මොකක්ද අර ඩී කියන්නේ... ???

    ඇයි අෆ්ෆා අයියේ...කොල්ලෙක් උණා කියල උයන්න දැන ගත්තට අහක යනවයි !!... මම නම් උයන්න දන්න කොල්ලෙක්ව තමා හොයා ගන්නේ.. ආයෙත් පී ගානවා... හරියන්නෙ නෑ මේක...

    ReplyDelete
  36. ඔව් ඔව් ඔයා කියන කතාව නම් සහතික \ඇත්ත....! අජිනමොටෝ වලට දිවේ රසඥතාවය අඩුවෙනවා කියලාත් මම අහලා තියෙනවා. වටින ලිපියක්!

    …ඔයා ඉන්නේ වෙන්නප්පුව පැත්තෙද? මගේ යාළුවෙකුත් ඉන්නවා මහවැව. එහෙ යනවා අපි නිතරම... ඔයාලගෙ ගෙදරත් එනවා ඔන්න!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ... කාල කාල අන්තිමට ගෙදර හදන වස විස නැති කෑම එකක රස දැනෙන්නේ නෑ... වටිනවා නම් කමක් නෑ... ස්තුතියි...

      වෙන්නප්පුවේ නෙමේ.. මහවැවත් නෙමේ... හැබැයි උත්තර දෙක ලඟයි.. :)

      Delete
    2. අයියෝ... මම ඒ දෙක ඇරෙන්න ඊට එහා දන්නෙ නැතෝ!

      Delete
  37. ඒ උනාට මම් පොඩි කාලේ ඉදන්ම ගෙදරින් කෑම කනවට වඩා කඩ කෑම කන්න තමා මනාප 1
    ඉතින් සමහරක් දාට අපේ අම්මා කඩෙන් ගෙනාපු බත් එකක් වගේ කොලේක ඔතලා තියෙනවා මට කන්ඩ කියලා !!!

    ReplyDelete
  38. ඈ... ඔයාගෙත් මහ අරුම පුදුම මනාප නේ තියෙන්නේ... අම්මත් ශෝක්... හී හී... මේ ඒක නෙමේ, කඩ කෑම කන්න ආසයි කියන එක නම් එච්චර ඇඟට ගුණ නෑ රජෝ !!!

    ReplyDelete
  39. වැදගත් ලිපියක්.. බලාගෙන ගියාම අපි කන්නෙම වස තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් නේ... වහ තමා කන්නේ....පරිස්සම් වෙන්න ඔයත්

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..