ලෝකෙට ආපු අය

Wednesday, February 29, 2012

~~~සඳයි තරුයි~~~ 1 කොටස


එදා බ්‍රහස්පතින්දා දවසක්. පංතිත් නැති නිසා මම වෙනද වගේම ඉස්කෝලෙ ඇරිල ඇවිත් ඇඟ හෝදගන්න බාත්රූම් එකට ගියා. ඒ වෙනකොට මගේ ඇඳුම් හෝදල දෙන එකෙන් අම්ම නිදහස් වෙලයි හිටියෙ. ඉතින් මම කලින් දා ඇඳපු ඇඳුම් ටිකයි සුදු ඇඳුම් ටිකයි හෝදල දාල ගෙට එද්දි පැයක් විතර ගිහින්. ඒ අස්සෙ අම්මගෙ ගෝරනාඩුව...

මොකද සුදු මැණිකේඕක අස්සෙ පැල වෙලා හිටියද මෙච්චර වෙලා. මම දවල් කෑම එක බෙදල කොයි වෙලේද?”

හරි හරි අම්මේඉතිං ඕකට ඔය හැටි කෑගහන්න ඕනයැ. සීතල උණත් මම නොකා ඉන්නෙ නෑනේ

එහෙම කියල අම්මගෙන් ශේප් උණු මම සීතල වෙච්ච කෑම එකත් අරන් අම්මගෙ හිරමනේ උඩ වාඩි උනේ බත් කටක් කටට දාගන්න ගමන්මයි. කුරුල්ල කනවා වගේ කියල හැමදාම අපේ සෙට් එක නෝන්ඩි කරන මගේ කෑම එක කන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ. කාල ඉවර උණු හැටියේ පිඟාන හෝදලඅම්ම දීපු උණු වතුර කෝප්පෙත් අරං මම සාලෙට ගියේ උදේ ඉස්කෝලෙ කරපු කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එකේ රිපෝට් එක ලියන්න හිතාගෙන.. බාගයක් විතර ලියාගෙන යද්දි ෆෝන් එකට මැසේජ් එකක් ආවා.

Tharu,heta eddi lalith sirge alkyle halide tute eka aran waren.bs.. මැසේජ් එක මල්කිගෙන්.

Hari kelle, mama danmama bag eke dagaththa. heta apu gaman magen mathak karala illaganin. bs.. මාත් ආපිටට රිප්ලයි කළා.

Thanks sweety, bs.. ආයෙත් මැසේජ් එකක් ආවා. මම ආයේ රිප්ලයි කරන්න ගියේ නෑ.. 

කර කර හිටපු වැඩේ ඉවර කරල බයෝ පොත අතට ගත්තෙ පාඩම් කරන්න හිතාගෙන. නිදි මතයි වගේ. අම්මට කියල තේ ටිකක් හදව ගන්න හිතපු මම හෙමීට කුස්සිය දිහාට ගිහිං අම්මව  බදා ගත්තෙ අම්මත් එක්ක ටිකක් හුරතල් වෙන්න තිබ්බ ආසාවටත් එක්කමයි.

කෝ එන්න මම අම්මව වඩා ගන්න.. ඉතිං කිව්වම එන්නකෝ මම කිව්වා.

අම්මෝ මට නම් බෑ. ඔයා මාව වට්ටයිමට නම් බෑ.. අම්ම බය වෙලා.

ඔය ඉතිං.. අම්මත් එක්ක බෑ නේ.. ඉන්න මම වඩාගෙන පෙන්නන්න. වට්ටන්නේ නෑ.. මම ආයෙත් කිව්ව.අම්ම කෑගහද්දීම මගේ බලේට අම්මව වඩා ගෙන කුස්සිය ඇතුලෙ ඉඳං එළියට උස්සගෙන ගියා..

අනේ මාව බස්සන්න.. මුරුගන් මාමා දකී.. ආයෙත් චරු චුරු ගානවා. 

නෑ නෑඑයා කොහෙ දකින්නදඔන්න කියන නිසා බස්සන්නම්.. අම්මේ මට තේ ටිකක් ඕන.. හෙමීට පොත දැම්මා.

ආ.. ඒක තමා මෙයාගෙ මේ කෝලම.. හරි හරි මම තේ එක හදා ගෙන සාලෙට අරං එන්නම්. ඔයා ගිහිං පාඩම් කරන්නකෝ.. අම්ම එහෙම කිව්ව.

එද්දි මගේ ක්‍රීම් ක්‍රැකර් බිස්කට් පැකට් එකත් ගේන්න.. මම යනෝ..

එහෙම කියපු මම කුස්සියෙන් එළියට ආවෙ අම්මගෙ මූණට කිස් එකක් දීගෙනමයි. ගිහිං බයෝ පොත පෙරලගත්තා. ජෛව විවිධත්වය  පාඩමේ ආත්‍රෝපෝඩා වංශය සී.ආර් පොතේ ලා කොළ පාටින් ලියල තිබුණා. මම පාට පෑන් සෙට් එකයි බාල හාෆ්ශීට් කොළ ටිකකුයි අතට ගත්තෙ කෙටි සටහන් ගහන්න.. ටික වෙලාවකින් අම්ම තේ එකයි බිස්කට් පැකට් එකයි අරං ඇවිත් කතා නොකරම හිනා වෙලාඒක මම වැඩ කර කර හිටපු ටිපෝ එක උඩින් තියල ගියේ මට පාඩම් වැඩට බාධාවක් වෙයි කියල.

බිස්කට් හතරක් පහක් කාල නිකල් පාට මගේ කෝප්පෙන් බාගයක් විතර තේ බිව්වම මට අළුත් පණක් ආවා වගේ. නිදිමතත් නැති වෙලා ගියා. හවස හය හමාර වෙද්දි ඔක්කොම වැඩ ඉවර කරපු මම ගේ අතු ගාන්න ගත්තා. වෙලාව 7යි. අම්ම ප්‍රවෘත්ති බලන්න ගියා.විශේෂ වැඩක් නොතිබුණත් හැමදාකම වගේ ෆේස්බුක් ගිහිං අළුත් විස්තර මොනාද කියල දැනගන්න  පුරුද්දක් මට තිබුණා. එදා රෑත් මම 7ට කොම්පියුටරේ on කර ගත්තේ කාලෙකින් සින්දුවක් අහන්නත් බැරි උනා කියලත් මතක් කරන ගමන්මයි. ඒවෙද්දිත් මගේ යාළුවො හිටියෙ
65කට කිට්ටු ගාණක් නිසා මම යාළුවො එකතු කර ගනිද්දී වැඩිය හොයල බැලුවෙ නෑ..


හැමදාම සෙල්ලම් කර කර හිටපු ක්‍රිකට් සෙල්ලම ටිකක් වෙලා ගහ ගහ ඉඳල ඒක එපා උණු නිසා මම ආසා සිංදුවක් දැම්ම... 

කල්පයක් පුරා හිඳගෙන
සොරාගෙන මගේ හදවත
සොඳුර නුඹ මටම
මාවත්..
 පුදුමයක් කළා...

හෙඩ් ෆෝන් එක දාගෙනම මම හෙමිහිට සිංදුවේ පද මිමිණුවා. ඊයේ රෑ ඇවිත් තිබුණ මැසේජ් එකක් දැකල අහ අහ උන්නු සිංදුවත් අමතක උණා.. ඉස්සෙල්ලම ඇස් පොඩි කරල බැලුවෙ මේ ඇත්තටම මට එවපු එකක්ද කියල.. ඇවිත් තිබුණේ පිරිමි නමකින්.  සඳුනිල් නිමන්ත දබරේරා... අහල පුරුදුම නැති නමක්.. කවුරු උණත් කමක් නෑ කියල මම මැසේජ් එක බලන්න හිතාගෙන ඒක උඩ ක්ලික් කළා.. ගෙදර ටෙලිෆෝන් එක හැඬවුණා.

 සුද්දියේමෙන්න පොඩි අය්යගෙ යාළුව ඉසුරු කතා කතා කරනවා ඔයාට.. තාත්ත කතා කළා.

හෙලෝකියන්න ඉසුරු අයියේ මම කිව්වා.



 හෙලෝ නංගිනයන කතා කරනව කිව්ව දැන් ස්කයිප්. ලොග් වෙන්න කියන්න කිව්ව.. ඉසුරු අයිය උත්තර දුන්න.

හරි අයියේතැන්ක්ස්. බුදු සරණයි.

බුදු සරණයි නංගි

මම ෆෝන් එක තියල අම්මටයි තාත්තටයි පණිවිඩේ කියාගෙන ආපහු ඇවිත් වාඩි උණා. බැලින්නම් එතකොටම Unable to Connect Internet කියල වැටුණේ කරුමෙට. මළ හත්ඉලව්වයි.. ආයේ ඉතින් ෆේස්බුක් යන්නත් බෑ. අම්මල කොම්පියුටරේ ඉස්සරහ හිටගෙන. විනාඩි 5 කට විතර පස්සෙ ඉන්ටර්නෙට් connect වෙච්චි ගමන් මම ස්කයිප් ලොග් වෙලා පොඩි අය්යට කෝල් එකක් ගත්තා.

හෙලෝ නංගිකෝ අම්ම ඉන්නවද?” පොඩි අය්ය ඇහුවා.

ඔව් මේ මෙතන ඉන්නේඅම්මේ අයිය එක්ක කතා කරන්න.. මම නිදාගන්නවා. කතා කරලා ඉවර වෙලා මාව නැගිට්ටන්න..

එහෙම කියාගෙන රෑට කෑම බෙදාගෙන කාලදත් මැදලකකුල් දෙකත් හෝදගෙන ඇඳට ගියේ ඇත්තටම නිදිමත නිසා නෙමේ.. අද දවසට ආයේ ෆේස්බුක් ගිහින් එන්න වෙලාවක් නැති බව දන්නා නිසාමයි.. ඇඳේදී මතක් උනා මල්කියට ටියුට්‌ එක ගේනවා කිව්ව කියල. ටියුට්‌ එකත් බෑග් එකේ දාල ආයෙමත් ඇවිත් නිදා ගත්ත.

කතා කරලා ඉවර වෙලා අම්ම ඇඳ ගාවට ඇවිත් මාව කීද්දුවේ කොම්පියුටරේ වහන්න කියන්න. මම කම්මැලි කමට ඇඹරි ඇඹරි නැගිට්ටෙ ඔරලෝසුව දිහාට ඇස් කරකවන ගමන්.. හයියෝ  10.30 ත් වෙලානේ.. දැන් නම් ආයේ ෆේස්බුක් යනව බොරු. නිදා ගන්න තමා වෙන්නේ”.. තනියම හිතින් කියා ගත්තු මම ඇඳෙන් බැස්ස. සෙරෙප්පු දෙක දාගෙන පොඩි අය්යගේ කාමරේ තිබුණු කොම්පියුටරේ ඕෆ් කළා. කාමරේට ඇවිත් ෆෝන් එක කොට්ටේ යටින් තියාගෙන නින්දට වැටුණේ කවුද මේ සඳුනිල් කියල හිතන ගමන්මයි..

------------------------------------------------------------------------------------------------------------
තරූෂිට මැසේජ් කරපු සඳුනිල් කවුදඑයා එවපු මැසේජ් එකේ තිබුණේ මොනවදදැනගන්න සඳයි තරුයි දෙවෙනි කොටසත් එක්ක එකතු වෙන්න...

ප.ලි - මේක මම මුලින්ම ලියන්න හිතපු කතන්දරය. වැරදි අඩුපාඩු ගොඩක් ඇති .. කිව්වොත් ලොකු උදව්වක්. ඊළඟ කොටස සාර්ථක කරගන්න ඔයාලගේ පුංචි අදහස ප්‍රයෝජනවත් වේවි..!!!

                                                  ~~~සඳයි තරුයි~~~ 2 කොටස


93 comments:

  1. අප්පේ.. නැගලම යයි වගේ, කතාව මැද්දෙදි අම්ම එක්ක දාපු කොමලෙ නිසා මට හිතුන මේක ශානි අක්කගෙ සීනිකෝන් එකක්ද කියලත්... අනෙක පොඩි අයිය කෙනෙක් ශානි අක්කටත් ඉන්නවනෙ. කතාව නම් එල, මට නම් අවුලක් පෙනුනෙ නෑ, තරහ නැත්තම් පොඩි දෙයක් කියන්නම්, /එහෙම කියල අම්මගෙන් ශේප් උණු මම සීතල වෙච්ච කෑම/ මෙන්න මෙතන උණු* කියන එක ලියපු විදිය නිසා මාව ටිකක් පඹගාලෙ පැටළුනා. මෙතෙන්ට ලියන්න ඔනෙ වුනු* කියන එක නේද, උණු* කිව්වොත් රස්නෙනෙ. හැක්...හැක්.... මම කල්පනා කලා “ශේප් උණු මම සීතල වෙච්ච“ කිව්වම උණු වුනේ “ශේප්“ ද “ඔයාද“ කියල. කතාව එලම කිරි, මට නම් කිසිම අවුලක් පේන්නෙ නෑ මට තේරෙන හැටියට, අක්කට ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. මම නං හිතන්නේ මණ්ඩි අයියේ "වුණු" කියන එකද කොහෙද හරියට ම හරි. අතීත කාලයෙන් ක්‍රියාපදය තියනකොට 'න' 'ල' අකුරු මුර්ධජ වෙනවා. "වැටුණේය" , "කළාය" වගේ. "උණු" කියන එකනං එතනදි වැරදි තමා. පණ්ඩිතකං කියෙව්වට මටත් වරදිනව හැබැයි ඈ! පොඩ්ඩක් හොයල බලන්න.

      කතාව මරු ශානි අක්කේ! හැබැයි මෙගා කරන්නෙ එහෙම නෑ ඕං! :ඩී

      Delete
    2. @මන්ඩිපාල මල්ලි
      හයියෝ... මේකේ තරූට ඉන්නව පොඩි අය්යා කෙනෙක්.. එහෙම කියල තරූ මම උණහැකිද මලේ..?? ඔයා අකුරු ගැන වැඩිය හිත හිතා ඉන්න එපා යන්තමට අදහස ගන්න කියවන්න...(හිතනව වැඩි.. :P) කතාව කියවන්න කැමති නම් දිගටම ලියනවා... සුභ පැතුමට ස්තුතියි මල්ලියෝ.. ජයවේවා!!!

      @බට්ට මල්ලි
      අනේ මට ඔය න ණ ල ළ බේදේ එච්චර තේරෙන්නෙ නෑ අෆ්ෆා... මම කතා කරන විදියනේ ඉතින්.. හරි හරි මෙගා උණත් නැතත් ඇවිත් කියවල බලන්න ඉතිං තරහ නැතුව ඈ.. ස්තුතියි මල්ලියා..

      Delete
  2. ඇත්ත ස්ටෝරියක් නැගල යයි වගේ එල !

    ReplyDelete
    Replies
    1. නැගල යයිද බැහැල යයිද කියල ඉස්සරහට බලමු.. ටැංකු ඈ..

      Delete
  3. ශානි නංගිගෙනුත් කතාවක්.. ලියමු ලියමු.. අපි එනවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ කට්ටිය කතා ඉවර කරපු නිසා මට හිතුණා කතාවක් ලියන්න... දෙවෙනි කොටසටත් එන්න...

      Delete
  4. නියමයි..මාත් ඔන්න කියවන සෙට් එකට එකතු වුණා.. :D ඒක නෙවෙයි ශානියෝ... වචනයක් හැලිලා වගෙයි..."විනාඩි 5 කට විතර පස්සෙ ඉන්ටර්නෙට් වෙච්චි ගමන් " කීවට මොනා වෙච්චි ගමන්ද කියල ලියලා නෑනේ.. ;)

    ReplyDelete
    Replies
    1. ආ.. අලුත් යාළුවෙක්.. සාදරයෙන් පිළිගන්නවා.... අඩුපාඩුව පෙන්නා දුන්නට ස්තුතියි.. මම ඒක හැදුවා..:)))

      Delete
  5. අසාවෙන් කියෙවුව. ඉක්මනට ලියමුකො ඉතිරි කොටසත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා... හරී පුළුවන් තරම් ඉක්මණට ලියන්න බලන්නම්කෝ..දෙවෙනි කොටසටත් එකතු වෙන්න.. ඔයාලගෙ අදහස් මට හුඟක් වටිනවා..

      Delete
  6. මටත් සැකයි මේක ඇත්ත කතාවක්ද කියලා..හි හි...හොඳ ආරම්භයක් වගේ.

    ටියුට්‌ එක දැම්ම දාගත්තා කියලා මල්කිට මැසේජ් එක ගැහුවට මෙයා ඒක දාගෙන තියෙන්නේ නිදා ගන්න යද්දී...:))

    ReplyDelete
    Replies
    1. අපෝ ඔයාලත් එක්ක බෑ අෆ්ෆා... කතාවක් ලියන්න ගත්තොත් ඇත්ත කතාවක්ලු.. :(((
      ආරම්භය හොඳයිද? ස්තුතියි අක්කා...

      ඒකනේ බලන්නකො තරූටත් සිහි නෑ.. :))

      Delete
  7. ජය වේවා අක්කියෝ.....ගොඩාක් ලස්සනයි කතාව...ඉක්මනට ඊළඟ කොටස දාන්න හොදේ....ආසාවෙන් බලන් ඉන්නව....:)

    (මම නිසපුගේ ලෝකය හොඳේ...නම වෙනස්කලා...)

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට ස්තුතියි නංගා.. පුළුවන් තරම් ඉක්මණට දාන්නම්කො... එතකල් බලන් ඉන්නකෝ...

      ( මොකෝ නම වෙනස් කලේ, නිසුපා අක්ක එක්ක පැටලෙන නිසාද? :P )

      Delete
  8. ලස්සන කතාවක් වගේ කියවන් යද්දී නම් ආස හිතුන... දිගටම ලියන්න අක්කේ..

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම හිතුණද මල්ලි.. මට නම් කතා ලියන්න තේරෙන්නෙත් නෑ එහෙමට.. ඊළඟ කොටස මීට වඩා හොඳ වෙයිද බලමු.. දෙවෙනි කොටසට එකතු වෙන්න... !!!

      Delete
  9. බොරු මැසේජ් ගහන්න එපා බන් ;)

    ReplyDelete
    Replies
    1. මේ බලන්නකො... මම යැ.. තරූ නේ ගැහුවේ.. :))

      Delete
  10. //අම්ම කෑගහද්දීම මගේ බලේට අම්මව වඩා ගෙන කුස්සිය ඇතුලෙ ඉඳං එළියට උස්සගෙන ගියා..//

    තරුෂි වේට්ලිෆ්ටින්ග් කරන පොරක්ද ශානි........:O

    දිගටම ලියන්න සුභ පතනව ඕං....

    ReplyDelete
  11. නෑ නෑ අයියෝ..අම්මට තියෙන ආදරේට කියල හිතමුකෝ... :(

    සුභ පැතුමට ස්තුතියි.. ඊළඟ කොටස බලන්නත් එන්න..!!!

    ReplyDelete
  12. අම්මට හුඩු!:D
    කියවද්දී නම් හිතුනේ මෙයාගේ ඇත්තම ස්ටොරිය කියල:p.අඩු පාඩුවක් නම් කියන්න තේරෙන්නෙ නෑ.හැබැයි අපිට සමීප භාෂාවකින් සහ අත්දැකීම් ලියල තියෙන නිසා ඇත්ත වගේ දැනෙනව.කොහොම උණත් එල හොදේ!;)
    අපි කියවනව දිගටම!:)

    ReplyDelete
    Replies
    1. කියවන අයට කතාව දැනෙන්න ඕන නිසා තමයි හැමෝටම සමීප භාෂාවකින් ලිව්වෙ. කතාව තරූගෙ උනාට ලියන්නෙ මම නෙ.. ඉතිං මම කතා කරන හැටියට තමා කතාව ලියවෙන්නෙත්.. ස්තුතියි මල්ලියා... දිගටම කියවන්න එන්න...

      Delete
  13. කව්ද මේ හොඳට ඉගන ගන්න ගෑනු දරුවන්ට ෆේස්බුක් මැසේජ් දාන්නෙ ආ.. :P

    ReplyDelete
    Replies
    1. ෆේස් බුක් වනාහී පිළිකාවකි..

      Delete
    2. නිකං නොව සමාජය පුරා දරුණු ලෙස උඩු දුවා ඇති සුව කළ නොහැකි මාරාන්තික පිළිකාවකි.

      Delete
    3. @ සිත්රූ සිහින
      අනේ මන්ද අක්කෙ, දෙවන කොටසින් බලමුකො කවුද කියල... :))

      @Senna & බට්ටා
      අනිවා...

      Delete
  14. ලස්සනයි කථාව ඉතිරියත් කියන්න ඉක්මනට....ඔය වගේ ස්කයිප් ෆෝන් එකක් ගන්න PC එක නැතුව කෙලින්ම රවුටර් එකට ගහන්න පුළුවන්....හික් හික්...

    ReplyDelete
    Replies
    1. තරූගෙ ගෙදර එතරම් ඇඩ්වාන්ස් නැතුව ඇති... ස්තුතියි... ඊළඟ කොටසත් ඉක්මණට දාන්නම්කෝ.. හික් හික්..

      Delete
  15. ලලිත් සර් ගේ පන්තිද ගියේ නාත්තන්ඩියේ :ඩි

    ReplyDelete
    Replies
    1. තරූ ගියපු පන්ති ගැන විස්තර ඉස්සරහට... :))) ඉවසපන් කෙල්ලෙ ඉවසපන්...

      Delete
  16. ෂාහ් කම්මැලිකමක් නැතිව ෆුල් ජොලියේ කියෙව්වා ලියන විදිය මරු මේකත් ලව් ස්ටෝරියක් වෙයි වගේ ඒත් බොලේ කොහෙන්ද ඒ මැසේජ් එක කඩාගෙන පාත්වුනේ....දිගටම ලියන්න අක්කේ එල ආ

    ReplyDelete
    Replies
    1. ලව්ද ඉලව්ද බලන්න දිගටම කියවන්න එන්නකෝ... කියවද්දි කම්මැලි නැත්නම් කොච්චර හොඳද... කතා නායිකාව තරූ උනාට ලියන්නෙ ශානි නෙ.ඉතිං ලියන්නෙ ඔහොම තමා... ස්තුතියි මල්ලියා !!!

      Delete
  17. කතාව නම් නියමයි අක්කෙ.මුලදිනම් ටිකක් තේරුනේ නෑ වගේ ඒත් පස්සෙනම් කතාව නියෙමෙට සෙට් උනා.දිගටම ලියන්න ශක්තිය ලැබේවා.අක්කගෙ ජීවන අත්දැකීම් නේද වැඩිපුර තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කතාව ලියද්දි මගේ ජීවන අත්දැකීම් සමහර වෙලාවට යොදාගන්න වෙනවා... ඉතිං මල්ලියා දිගටම ඇවිත් බලන්නකො තරූ ගෙ කතාව... සුභ පැතුමට ස්තුතියි....

      Delete
  18. මම හිතුවේ මේක මේ ශානි අක්කට උන සීන් එකක් කියලා..... :)

    ReplyDelete
    Replies
    1. ඔය ඉතිං... මම කියල ලියන්න ගත්තොත් ඉවරයි.. මේක උත්තම පුරුශෙන් ලියවෙන කතාවක්.. දෙවෙනි කොටස බලන්නත් එන්නකෝ මල්ලියා... :))

      Delete
  19. හපොය් අපි ගැන දුක නැද්ද ඔච්චර අපේ කුතුහලය අවුස්සන්න එපෝ ;) ඔන්න එහෙනම් ඉතුරු ටිකත් ලියන්න අපි කියවන්න එන්නම් කෝ :)

    ReplyDelete
    Replies
    1. හප්පේ... ඒ තරමට කුතුහලය ඇවිස්සුනාද? ඊළඟ කොටසෙදී මොකද වෙන්නෙ කියල බලමු.. ආයෙත් එන්න......:)))

      Delete
  20. හ්ම්..හොඳයි... දිගටම ලියමු...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. හොඳ නම් කමක් නෑ.. ඊළඟ කොටස ළඟදීම...

      Delete
  21. හයියෝ...මම හිතුවෙ මොකක් හරි ගැන කියන්න යනවා කියලා...සිද්ධිය පටන් ගන්න තැන හොයන් දිගටම කියෝගන කියා..
    පස්සෙනෙ දන්නෙ කතාවක් ලියන්න පටන් අරන් කියලා..

    ලියමුකො බලන්න..

    ReplyDelete
    Replies
    1. මම ඉතිං වෙන මොනා හරි ගැන කියන්න යද්දිත් ඔහොම තමානෙ... කතන්දරයක් උණත් සිද්ධියක් උණත් ලියන්නෙ මමනේ..

      කතන්දරේ ලියන අතරෙ අනිත් දේවලුත් ලියනවා..

      ස්තුතියි.. ආයෙත් එන්න..

      Delete
  22. අම්මටසිලි කිව්වලු...නංගිත් කතාවක් ලියන්න පටන් ගත්තද...මරුනේ ආ....එළ එළ..ඔහොම යං....දිගටම ලියන්න......

    ReplyDelete
    Replies
    1. අම්මට මොකක්? හ්ම්ම් හ්ම්ම් මටත් ලියන්න හිතුණනෙ අයියේ... හරි හරි ලියන්නම් දෙවෙනි කොටස ළඟදීම.. ස්තුතියි...

      Delete
  23. ෂා... ඔයා ලස්සනට ලියනවනේ! අපරාදේ මේ තරම් කල් නොලියා හිටියෙ! දිගටම ලියන්න නංගියෝ!

    ReplyDelete
    Replies
    1. අප්පොච්චියෝ... ඒ හැටි ලස්සන නෑ මයෙ හිතේ... මේතරම් කල් නොලිය උන්නට ලියන කතාව ගැන හිත හිතා උන්නේ... කියවන්න කැමති නම් දිගටම ලියන්නම්කො අයියා... ස්තුතියි..

      Delete
  24. ලස්සන කතාවක් හොඳට ගලපනවා .අර මුලින්ම සහෘද කීපදෙනෙකම් කියල තිබ්බ වගේම. භාෂාව ගැනත් ටිකක් සැළකිලිමත් වෙන්න එතකොට භාෂාවෙන් කතාව අලංකාර වෙනවා. දැනුමටත් හොදයි.

    මේ කතාව නම් පෞද්ගලික අත්දැකීම් ඇසුරින් ලියවෙන එකක් වගේ කියලා හිතෙනවා. ලස්සනට කතාව ගොතනවා. රසවත් දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. එක් එක් කෙනාගේ රුචිකත්වය විවිධාකාරයි.. මේ මම කතා බහ කරද්දී යොදා ගන්න සාමාන්‍ය ශෛලිය.. ඉදිරි කොටසේදී භාෂාව පිලිබඳ තවත් අවධානය යොමු කිරීමට උත්සහ කරනවා..

      ගොත ගොතා හිත හිතා ලියද්දි ටිකක් කල් ගත වෙනවා.. මට සෑමදෙයක්ම ගෙතීමටම අමාරුයි.. ගැළපෙන විදියට මගේ අත්දැකීම් කතාව තුළ ඇතුළත් කරනවා... දිගටම ලියන්න තමා බලාපොරොත්තුව.. දිරිගැන්වුවාට ඔබට ස්තුතියි...

      Delete
  25. මටත් හිතුනා ඕක ඇත්ත සිද්දියක් කියලා
    හොදට ලියලා තියෙනවා එලම තමා :) :)

    ReplyDelete
    Replies
    1. හයියෝ මට නම් බෑ අෆ්ෆා... කතාවක් ලියන්න හැදුව විතරයි ඇත්ත සිද්ධියක්ලු... :(((
      හොඳට ලියල තියෙනවනම් එච්චරයි නෙ... ස්තුතියි.... :):)

      Delete
  26. කතාවේ තිබ්බේ එක නමක් ඇරෙන්න ඔක්කොම හොදා :D

    ReplyDelete
    Replies
    1. අනේ... මොකක්ද ඒ අස්පට් නම??? :(

      Delete
    2. නෑ නෑ..කතාවට අප්සෙට් එකක් නැත.. තියෙන එක නමක් මට නිකන් අරහං තත්වයක් තියෙන්නේ ;)

      Delete
  27. කවුද ඇත්තට ඒ මැසේජ් එක එව්ව සඳුනිල්?? මේක ඇත්ත කතාවක්ද??;)

    ReplyDelete
    Replies
    1. සඳුනිල්ගෙ කොටස පටන් ගන්නෙ දෙවෙනි කොටසෙ හිතූ.. එතකල් චුට්ටක් ඉවසමු... :))

      Delete
  28. ඇල්කයිල් හේලයිඩ !!!! මරු පාඩමක්. මම් ගොඩක් ආස පාඩම් වලින් එකක්. කොටින්ම මම් කාබනික රසායනයට මාරම ලයික් ය.
    අනිත් ඈයොන්ට වගේම මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. කවුද සඳුනිල් කියලා කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඇල්කයිල් හේලයිඩ ඔය කියන තරම් ෂෝක් ද? අනේ මන්ද... තරූට කොහොමද දන්නෙ නෑ.. ඔයා ලයික් නම් ඕකේ ය.

      ප්‍රශ්නයට උත්තරේ නම් අනිත් අය වගේම සුට්ටක් ඉවසල ඉන්ට ඈ... දෙවෙනි කොටසෙන් සඳුනිල් කරලියට ඒවි..

      Delete
  29. හ්ම්ම්, කුතුහලය ඇවිස්සෙන විදියට ලියල තියනවා. ලස්සන කතාවක් වගේ. හැබැයි 'කිස්' වගේ ඉංග්‍රීසි වචන පාවිච්චි නොකර ඉන්නවා නම් හොඳයි කියලා මට හිතෙන්නේ නගෝ.

    “හයියෝ 10.30 ත් වෙලානේ.. දැන් නම් ආයේ ෆේස්බුක් යනව බොරු. නිදා ගන්න තමා වෙන්නේ”

    මෙන්න මේකට නම් මම මුකුත් කියන්නේ නෑ.:P

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. කුතුහලයක් ඇති කරන්න තමා ඕන උණේ,, කොච්චර සාර්ථකද මන්ද.. උඩ කමෙන්ට් කළ කීප දෙනෙක්මත් ඔය භාෂා ප්‍රශ්නය ගැන මාව දැනුවත් කළා.. අඩුපාඩු පෙන්නුවට ස්තුතියි අය්යන්ඩි...

      ඉතිං තරූ පාඩම් කරන ළමයෙක් නෙව.. එච්චර රෑ වෙනකල් ෆේස්බුක් ඉන්න බෑනෙ නේ... මොකුත් කිඉයන්න එපා ඉතිං දෙවෙනි කොටස කියවන්නත් එන්නකෝ..!!!

      Delete
  30. බ්ලේටඩ් කොමෙන්ට් ඈ එල වගේ සෝ හිට් එකක් වෙයි

    ReplyDelete
    Replies
    1. ඈ.. බ්ලේටඩ් කොමෙන්ට්??? දන්නෙ නෑ... මොනා කිව්වත් ඉතිං බලන්න ඇවිල්ලනේ.. ස්තුතියි..!!!

      Delete
  31. දිගටම ලියන්න සුභ පතනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...ආයෙමත් ඇවිත් යන්න එන්න...

      Delete
  32. මගෙ ඔය කාලෙනං හොඳට හෝ නරකට මට නෙට් තිබ්බෙ නෑ.

    ම්.. අපෙත් ටිකක් ඔය වගේ තමා..

    sBlock pBlock dBlock, ලුවිස් ව්‍යුහ, සම්ප්‍රයුක්ත වයුහ, ජීවයේ රසායනික පදනම, කොමර්ස් පන්තියේ අක්කා, හා වියපත් බඹරා ect ect :D

    ReplyDelete
    Replies
    1. හා වියපත් බඹරා ලෙස නිවැරදි වියයුතුය!

      Delete
    2. ඔයාට නැතුවට මගෙ කතාවේ තරූට ඒ/ ලෙවල් පන්තියේ කාලෙත් නෙට් පිස්සුව ගහලනේ, බලන්නකො අලියො...

      කොමස් පන්තියෙ අක්කා???? වියපත් බඹරා??? ( සොයා බැලීම වටි) :)))

      Delete
    3. කොමස් අක්ක ගැනනං ලියල අැති. අලි තනිය යටතේ අැති post බලන්න. අහවලා හා වියපත් බඹරා කතාවනං ටිකක් අමාරු කතාවක්! :D

      Delete
  33. බලමුකෝ මේ සද කවුද කියලා...

    ReplyDelete
    Replies
    1. දෙවෙනි කොටසෙ සඳ එනවා...!!! බලන් ඉන්නකෝ....

      Delete
  34. හලේ,.. ඔන්න මමත් ආවෝ...බලමු බලමු වෙන දේ... :D

    ReplyDelete
    Replies
    1. ආහ්හ්... මෙන්න ප්‍රාර්ථනා අක්කත් ඇවිත්... සාදරයෙන් පිළිගන්නවා කතාවට... ඉස්සරහට බලමු...:))

      Delete
  35. ඔයා ලියන විදිය ලස්සනයි.... ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ.. ඔයාටත් ජය වේවා... මේ පැත්තට ඇවිත් ගියාට ආයෙමත් ස්තුතියි..!!!

      Delete
  36. මේකෙ එයාගෙ නමත් තියෙන්නෙ ( දැන් අහන්න එපා මොන නමද​?කාගෙ නමද​? කියල හ්හි..)

    ලස්සන ආරම්භයක්.දිගටම කතාව බලන්න මාත් එනවා....ලසනයි!!!

    ReplyDelete
  37. අය්යෝ... මොකක්ද අනේ ඔය නම??? උඩ කමෙන්ට් එකක චම්ම නම් කේස් එකක් කියලා තිබුණා... ඔයා නම් කියන්නම ඕන.. මාව අන්ද මන්ද කරන්නෙ නැතුව..

    ස්තුතියි.. දිගටම එන්න.. දෙවන කොටස ළඟදීම...!!!

    ReplyDelete
    Replies
    1. නෑ... මේ... මේ...හිහ්....

      Delete
    2. හිහ් ගාන්නෙ නැතුව නම කියන්නයි කිව්වෙ.. මං වසයි !!!

      Delete
    3. හ්ම්ම්...නෑ යාලු..කියන්න හැදුවෙ එක නමක් දැක්කම මාව ටිකක් අතීතයට ගියා කියල...තලහ ගන්න එපා....

      Delete
    4. හලි හලි... මම තලහ නෑ.. මොකක්ද මේ කියන්නෙ කියල තේරුණේ නැති නිසයි ඇහුවෙ... මම එහෙම තලහ වෙනවයි මගෙ යාළුවො එක්ක... :)))

      Delete
  38. මෙගා සීරිස් ලියන්න එපා අනේ... කියවන්න කම්මැළියි... :D

    ReplyDelete
    Replies
    1. මෙගා වෙයිද කියන්නත් බෑ.. ඔයා අනිත් පෝස්ට් බලන්න එන්නකො එහෙනම්.. මම වෙන දේවලුත් ලියනවනෙ කතාව ලියන අතරෙදි...:)

      Delete
    2. ආ එහෙම නම් කමක් නෑ..... :D

      Delete
  39. ලස්සන ආරම්භයක් . ඇත්තම කතාවක් වගේ . මෙගා සිරිස්නම් මම බලනව හරිම අඩුයි . ඉඩ තියන විදියට බලන්නම්කෝ .

    ReplyDelete
    Replies
    1. මෙගා වෙයිද කියන්නත් බෑ අනේ... කමක් නෑ.. මම වෙන පෝස්ට් දානවා.. ඒව බලන්න එන්නකො අක්කා... ස්තුතියි..!!!

      Delete
  40. ලස්සන ආරම්භයක්! so, දිගටම නොවරදවාම එනවා කියවන්න..:) Best wishes!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරී... දිගටම එන්න... සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් කෑල්ලට... !!!

      Delete
  41. ඔන්න මමත් ඇවිත් පලවෙනි කොටස කියෙව්වා.ලස්‌සන කතාවක්‌ වගේ.බලමු බලන්න දැන් දෙවෙනි කොටසත්..

    ReplyDelete
  42. ස්තුතියි...! :)))

    ReplyDelete
  43. කාමරේට ඇවිත් ෆෝන් එක කොට්ටේ

    මේ වැඩේ එච්චර හොද නෑ දරැවො

    අනිත් පොස්ට් ටික බලන්න නැවත එන්නං

    ReplyDelete
  44. ලස්සනයි......
    (මාත් චූටි අවවාදයක් දෙන්න කැමතියි, ඒ ‍‍‍phone එක කෙට්ටෙ යට තියා ගැනීම,සම්බන්දවයි...!)

    ReplyDelete
    Replies
    1. මෙය කතාවකි... මම එසේ නොවෙමි... ස්තුතියි කමෙන්ටුවට...

      Delete
  45. What is the casino? - SEPT
    The best casino online is the ventureberg.com/ One of the main reasons why people are spending apr casino money on a game is by having a few www.jtmhub.com options. One septcasino of the reasons

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..