ලෝකෙට ආපු අය

Tuesday, January 31, 2012

තවත් එක් සිහිනයක් පමණයි


අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..


හදවතේ මාවතේ
කෙසේ නම් තනි වුණිද මා..
ඇතිය ගිලිහී සිහින මාගේ
අළු මෙන් තැනින් තැන විසිරි ...
නිදා සිටින්නට වූයෙන් සතුට
සැනසුම අහිමි වූ නියාව නම්..
ආදරය කිරීමේ වරදට ඔබට
විඳීමට සිදුවූයේ මටය දඬුවම්...


සිහිනයෙන් දිටිමි ඔබේ රුව මා...
සිහිනය වියැකී ගිය නමුදු
මතකය පමණක් සිත තුළ ඉතිරි වී ඇති සෙයකි..
ඊයේ කිසිවෙකු මා හා සිටියද
අද මගේ සෙවණැල්ලද මා අතහැර ගොසිනි...
රිදුම් දෙන මතකය
සර්පයෙකු වී මහද සුසුම් තුළ අරක් ගෙන සිටී..


කොතරම් කටුක වුවද ම'පැතුම්
මෙසේ වූයේ මන්දැයි මට නොහැඟෙන අරුමයකි..
බොහෝ දුර යාමට තිබුණද
වෙහෙසට පත්ව ඇති සෙයකි මා...
ඉතින් නම් දැන් කොහේ කියා යන්නද
කවරෙකු නම් මා තේරුම් ගනීවිද..
මා පැතූ දෙය වෙනුවට
දෛවය කුමක් ලබා දුන්නාදැයි නොතේරේ..


ඇරඹුමටත් කලින්දෝ මන්දා
අප හට කවරක්ද සිදු වූයේ..
මගේ නෙතු කෙවෙනි යට
කඳුළු කොතරම්ද  සැඟවූයේ...
මහා දහවලකදී වුව
අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..

37 comments:

  1. ඒක හරි..දවාලක උනත් අතරමං වෙන වෙලාවල් තියනවා..

    ReplyDelete
    Replies
    1. අක්කටත් හොරාට වගේ තේරිලාද මන්ද :)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පට්ට මෙව්ව එක ඈ... ඇ‍‍‍ඬෙනව... :'(
      “ආදරය කිරීමේ වරදට ඔබට
      විඳීමට සිදුවූයේ මටය දඬුවම්...“ මෙන්න මේ පද පේලි දෙක මට ටිකක් වැඩිපුර දැනුන..
      හොඳ නිර්මාණයක්, ජය ශ්‍රී...!!!
      ප.ලි. මගේ සින්ඩියට එකතු වෙලා මට දීපු සහයෝගයට බොහෝම ස්තුතියි ඈ...

      Delete
    2. ස්තුතියි මල්ලි... ඔයාටත් ඔන්න ජයවේවා කිව්වා !!!
      ප.ලි. අපි හැමෝම එකතු වෙලා යන ගමනෙදි එකිනෙකාට සහයෝගය දක්වන්න එපැයි නේද?

      Delete
  3. ලස්සනයි.. මම මේ ශානි ලියපු නිසදැසක් කියෙවුවමද කොහේද...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් බොරූ කියනවා... මේක 3 වෙනි පාර. ඔයා 2 නි පාර කවි වලට කමෙන්ට් කරලත් තිබුණේ.... :) ස්තුතියි අය්යා

      Delete
  4. මොකැ බං මේ උනේ?

    ඇරඹුමටත් කලින්දෝ මන්දා
    අප හට කවරක්ද සිදු වූයේ..
    මගේ නෙතු කෙවෙනි යට
    කඳුළු කොතරම්ද සැඟවූයේ...
    මහා දහවලකදී වුව
    අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..

    ReplyDelete
    Replies
    1. මොකුත් උනේ නෑ... 50% ක් අත්දැකීම්... 50%ක් සිතුවිලි... අවුලක් නෑනේ... :)

      Delete
  5. "ඇරඹුමටත් කලින්දෝ මන්දා
    අප හට කවරක්ද සිදු වූයේ.."අනේ අක්කේ මොකෑ උනේ.... දුක හිතෙනවා... :,(

    ReplyDelete
    Replies
    1. ඒක නම් මට අදාලම දෙයක් නෙමේ මල්ලි... ඒ කොටස සිතුවිල්ලක් පමණයි... ආදරේ කොතනද එතන යම් ප්‍රමාණයකට දුක කලවම් වෙලයි තියෙන්නෙ..

      Delete
  6. ම්ම්ම්ම්ම්ම්....ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්....ස්තුතියි තරූ අයියා.....

      Delete
  7. ලස්සන කවිය... හබැයි කියකිය තව තවත් කරනවනෙ අප්ප!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවේ.... කියා කියා කරනවා කිව්වේ??? තේරුණා හොරයි වගේ!!!

      Delete
  8. "අද මගේ සෙවණැල්ලද මා අතහැර ගොසිනි..."ඇ‍‍‍ඬෙනව හොඳේ !! :)

    ReplyDelete
    Replies
    1. අද නේද මේ පැත්තෙ ආවේ.... වෙල්කම් කිව්ව මල්ලිට, අඬන්න එපා ඉතින් කවියක්නේ... :)

      Delete
  9. ඇත්තම සිද්දියක්ද මන්ද?...කොහොම වුනත් ලස්සන පදගැලපුමක් යාලු..

    ReplyDelete
    Replies
    1. ඇත්ත 50%ක් පමණ අන්තර්ගත නිර්මාණයක්.... ස්තුතියි !!!

      Delete
  10. පිය නගන හැම විටක
    හුරු පුරුදු මාවතේ
    සුළං රැලි ලුහුබඳියි
    සිහිල දනවන ලෙසේ

    දරාගත හැකි වුවත්
    හදට සිසිලස දැනේ
    ඒ හැඟුම දුරලන්න
    ඔබ මගේ ළඟ නැතේ

    මේකට උත්තර බඳින්න ගිහින් සෑහෙන්න ලියවුනා මේ ටික දාන්නම් නැත්තම් මෙතන පෝස්ට් එකක් දැම්මා වගේ වෙනවානේ....සෑහෙන්න හැඟීම්බර විදියට ලියලා තියෙනවා....

    //ඇරඹුමටත් කලින්දෝ මන්දා
    අප හට කවරක්ද සිදු වූයේ..//

    කොල්ලෙක්ට හිතින් ආදරය කරලා කොල්ලා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දැක්කද නැත්තම් ආදරේ පටන් ගත්තු අළුත ආදරේ වියැකුනාද???

    ReplyDelete
    Replies
    1. ඒ කොටස නම් ඇත්තමම නෙමේ මල්ලි... ඒ ටික මගේ පරිකල්පන මෙව්වා එකෙන් බිහි උණු කවි කෑල්ලක්...:) කමෙන්ටුවට ස්තුතියි.. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ඔය 2 ම නෙමේ.....!!!

      Delete
  11. ආදරය කිරීමේ වරදට ඔබට
    විඳීමට සිදුවූයේ මටය දඬුවම්...

    මේ කොටසට තමයි මම ආසම

    ReplyDelete
    Replies
    1. ඒක ආදරේ කරපු හැමෝටම පොදු කාරණයක් වගේ නේද?

      Delete
  12. ලස්සනයි ශානියෝ....

    //ඇරඹුමටත් කලින්දෝ මන්දා
    අප හට කවරක්ද සිදු වූයේ..
    මගේ නෙතු කෙවෙනි යට
    කඳුළු කොතරම්ද සැඟවූයේ...
    මහා දහවලකදී වුව
    අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..
    //
    මටත් ඔහොම මහ දවාලෙ අතරම්ං වෙලා වගේ දැනුනු වෙලාවල් තිබ්බා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... එක පාරක් අතරමං උනාට ආයේ අතරමං වෙන්න එපා... රෑ වැටුණු වලේ දවල් වැටෙන්න බෑනේ නේ...... ස්තුතියි හිතූ :)

      Delete
  13. ආදරය කිරීමේ වරදට ඔබට
    විඳීමට සිදුවූයේ මටය දඬුවම්. මේ කොටස ගැහැණු පිරිම දෙපාර්ශයටම පොදු වේදනාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඒක නේන්නම්...ඔයාට නම් ලෙසටම තේරුණා නේ... :)

      Delete
  14. අනේ මන්ද අක්කෙ!
    විරහව විතරයි අන්තිමට ඉතුරු!:((

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්තරා ආකාරයක ආදරයක් තමානේ මල්ලි... ළඟ නොහිටියත් සැරින් සැරේ මතක් වෙනවා කියන්නෙ ආදරේ තමා...

      Delete
  15. මොකෑ මේ දවල්ට අතරමං වෙන්න හදන්නේ ??

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ දවල් අතරමං වෙන්න හොඳ නැද්ද??? :)

      Delete
  16. දුකක් වගේ....හොඳට ලියන..

    ReplyDelete
    Replies
    1. ආදරයක් ඇති තැනක දුකක් නොතිබුණේ කවද්ද සහෝ...

      Delete
  17. //මහා දහවලකදී වුව
    අන්ධකාරයේ මා අතරමං වූවා සේ දැනේ..//

    සිරා.. අතරමංවූ තරම දැනෙනවා ‍මේ ටිකෙන් ම..

    ReplyDelete
    Replies
    1. සිරාවටම තේරුණා නම් එච්චරයි....:)

      Delete
  18. ලස්සනය.. එලය. පස්ටය ...විසිස්ටය.. සිරාවට කිව්වේ ඇ....

    ReplyDelete
    Replies
    1. හි හි.... ටැංකු ඈ... එල...

      Delete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..