ලෝකෙට ආපු අය

Monday, January 23, 2012

මළ මඟුලයි !!!

මේ ලිපියෙන් මම කියන්න හදන්නෙ දැනට සතියකට විතර කලින් මට සිද්ද වෙච්ච සිදුවීමක් ගැනයි.

මේ කතාවේ කතා නායකයාට මම නමක් දානවා සිරිපාල කියලා. ඇත්ත නම නම් නෙමෙයි.(ඇත්තටම ඇත්ත නම මම දන්නෙත් නෑ..) ඉතින් මේ සිරිපාල පෙනුමින් අවුරුදු හතළිහත් පැනපු මනුස්සයෙක් වගේ. එයා මීට අවුරුදු 10 කට 11 කට විතර උඩදී අපේ ගෙදර වත්තේ පොල් ලී  ඉරන්න ආවා මට මතකයි. ඒ කියන්නේ මම ඉස්කෝලේ 6,7 පන්ති වල ඉන්න කාලේ.. ඒ දවස් වල එයාගේ රස්සාව ඒක. හැඩරුව කියනවා නම් මේ මනුස්සයා මට වඩා මිටි.. සුද්ද සිංහලෙන් කිව්වොත් කොටෙක්.( ඒත් කාගෙවත් ශරීර ලක්ෂණ වලට අපහාස කරන්න මම කැමති නෑ. ඒ නිසා කොටා නොකිය සිරිපාලම කියන්නම්.) ඉතින් ඒ කාලෙදිත් සිරිපාලට වයස 30ත් පැනල වෙන්ටැ. කසාදයක් නම් කොරගෙන තිබුනෙ නෑ හැබැයි. ඒ කාලෙන් පස්සෙ සෑහෙන කාලෙකින් තමා සිරිපාලව මම දැක්කේ. තැපැල් නයින්ටියක ආවෙ. (ඒ කාලෙත් පොඩි බයික් එකක් තමා තිබ්බෙ. ලොකු ඒවා පදින්න බෑනේ ඉතින් එයාට වඩා බයික් එක ලොකුයිනේ.) එතරම් වෙනස් වෙලත් නෑ ඒ විදියම තමා.

ඉතින් මේ කියන දවසෙ ගෙදර උන්නෙ අම්මයි මායි විතරයි. මම ඉතින් පහුගිය ටිකේ ගෙදර වැඩ නේ.. හවස් වරුවේ වැඩ ඉවර කරල දාල කාමරේට වෙලා පොඩ්ඩක් නිවී හැනහිල්ලෙ ඉන්දැද්දී ඇහුණා බයික් එකක පුටු පුටුවක්.. හීං සැරේ ජනේලෙන් බැලුව කවුද කියල. බැලින්නම් සිරිපාල!!! අම්ම කුස්සිය පැත්තට ගිහින් උන්නෙ.. ඉතින් එයාම කතා කරයිනෙ කියල මාත් කාමරේට වෙලාම උන්නා. සෑහෙන වෙලාවක් ගියා. සෑහෙන වෙලාවක් කිව්වේ පැය බාගයක් විතර.. :) ම්හ්... සිරිපාල යන පාටක් නෑ.. දෙන්නම බර කසු කුසුව.. ඇහෙන්නෙත් නෑ ඇන්ටනාව දැම්මට, දුර වැඩි.... හැබැයි යන්තම් මට පෙනුණා මොනාදෝ ෆොටෝ වගයක් අම්මට පෙන්නනවා. කව්ද දන්නෙ මොනාද කියල. අම්ම එනකල්ම ඉන්න එපැයි අහගන්න. අජිනමොටෝ අපිට මොටෝ කියල මාත් හිටිය ඉතින් බකන්නිලාගෙන ඇඳට වෙලා. ඔන්න මම බලාගෙන හිටපු මොහොත උදාවුණා. සිරිපාල බයිසිමොටෝව ස්ටාට් කොරගෙන ගියා... මම දිව්ව ගෙයි පිටිපස්සට. (අපේ ගෙදර ප්‍රධාන දොර පිටිපස්සෙ දොර වන අතර ඉස්සරහ දොර විශේෂ අවස්ථා වලදී පමණක් විවෘත කරනු ලැබේ.) අම්මා තාම කුස්සියේ.


මම : අම්මේ, සිරිපාල මොකටද ආවෙ?
අම්මා : සිරිපාල දැන් මඟුල් කපුකම් කරනවලුනේ.
මම :  දැන් පොල් ලී ඉරන්නෙ නෑලුද?
අම්මා : ඔව්ලු.. දැන් ඒක නවත්තලලු.
මම : හ්ම්ම්..අනුන්ට කපුකම් කරන්න කලින් ඒ මනුස්සය කසාද බැඳලද?
අම්මා : ගිය අවුරුද්දෙ බැන්දලු ඇටෙන්ඩන්ට් කෙනෙක්ව...
මම : හ්ම්ම්... එහෙමද? ඉතින් මොකෝ මෙහෙ ඇවිත් තියෙන්නෙ?
අම්මා : මඟුලක් කතා කරන්න.
මම : මඟුලක් කතා කරන්න ???? කාටද චූටි අයියටද?
අම්මා : නෑ නෑ ඔයාට...
මම : ඈ... මට????? (බිබී උන්න වතුර ටිකත් හිර උනා වගේ) මට මොන මඟුල්ද අම්මෙ?
අම්මා : මම කිව්වා ඔයා තාම ඉගෙන ගන්නව කියල...
මම : අම්මෝ ඇති යන්තම්. සිරිපාලට පිස්සුද කොහෙද?
අම්මා : ඔයාට කතා කරන්න ආපු කොල්ල බැංකුවෙලු වැඩ, අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරුලු, කෙල්ලට රස්සාවක් ඕන නෑලු, හැබැයි උගත්කම ඕනලු... 
(ඔන්න අම්ම කියපු හෑල්ල)
මම : අනේ මට නම් ඕන නෑ... 
අම්මා : සිරිපාලට ඒ කොල්ලට කෙල්ලෙක් හොයද්දි ඔයාව මතක් උනාලු, ඒ දවස් වල අපේ ගෙදර පොඩි ගෑණු ළමයෙක් උන්න මතකලු, බෞද්ධ අයට විතරලු කපුකම් කරන්නෙත්...
මම : මොනාද අර ෆොටෝ වගයක් පෙන්නුවේ? 
අම්මා : ආහ්, ඒ මනමාලයෝ හොයන්න දීල තියෙන කෙල්ලන්ගෙ ෆොටෝලු. මට පෙන්නුව එක එක වයස් කාන්ඩෙ... වයස 25 කෙල්ලො, 28 කෙල්ලො, 32 කෙල්ලො, 36 කෙල්ලො.. තව 45 කෙල්ලෙකුත් පෙන්නුවා...
මම : අපෝ... 45 ක් ගිහින් බැඳලා මොකටද අප්පා.. ඉතුරු ටිකත් ඔහොම්ම හිටිය නම් ඉවරනේ...

දැන් දෙබස ඉවරයි... :)

කොහොමද සිරිපාලගේ මතකෙ... අවුරුදු 10 කින් වත් දැකල නැති මාව ටාර් ගාල මතක් වෙලා, පුදුමෙ කියන්නෙ  මේ මනුස්සය අහල අම්මගෙන් දැන් මට 22 ක් විතර ඇති නේද කියලත්.. හෆ්ෆේ, මට පුදුම අපේ තාත්තටවත් මගේ වයස මතකද මන්ද... අයියෝ සල්ලි.. මට තවම 22 ක් නෑ...... මේ අවුරුද්දෙ තමා 22 ලබන්නෙ.

ම්ම්ම්.. අවුරුද්දෙ මාස 12 න් ලස්සනම මාසෙ තමා මගේ උපන්දිනේ තියෙන්නෙ.. පුළුවන් නම් කියන්ඩලාකෝ බලන්න....

ඉතින් ඔය සිදුවීම සෑහෙන වෙලාවක් යනකල් කියව කියව හිනා වෙවී උන්න ගෙදර කස්ටිය.. :)





94 comments:

  1. අප්‍රේල් හෝ මැයි නේද? කියන්න බලන්න ඇත්තටම නැද්ද කියලා. හරි හරි ලස්සනට ලියලා තියනවා. ඇත්තටම ලස්සනයි..

    http://allsrilankans.blogspot.com

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවමයි නේද? කමෙන්ටුවට ස්තුතියි... අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  2. එකත් ජයසිරි මංගලම් කිවුවලු :)

    ReplyDelete
    Replies
    1. හී හී මොන ජයසිරි මංගලම්ද? ඒවට හදිස්සියක් නෑ අෆ්ෆා තාම... :)

      Delete
  3. හේ හේ...බැංකුවේ කොල්ලා බේරිලා යන්තම්...:)) මටත් දවසක් කපු සීයා කෙනෙක් ඔහොම වැඩක් කරන්න හැදුවනේ..සීයා දන්නේ නෑ නේ මට බඳින්න කෙනෙක් හිටියා කියලා..

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේ අක්කෙ, බැංකුවේ කොල්ල බේරිලා නේ..... මේ.... එතකොට අක්කගෙ ගෙදරින් දැනගෙන තිබ්බෙත් නැද්ද කපු සීයට අඬගහන්න කලින් :)

      Delete
    2. අපෝ...කපු සීයා ආවේ ගෙදරින් කතා කරලා නෙමෙයි...එයාටම හිතිලා ඇවිල්ලා..හොඳ වෙලාවට අම්මලා එතකොට වැඩේ දන්නවා..

      Delete
    3. හික් හික්...කපු සීයට සෝක් වැඩේ...

      Delete
  4. එකත් ජයසිරි මංගලම් කිවුවලු :)...............
    එහනම් මටත් ආරාදනාවක් එවනවා නේද? අපි යාළුවොනේ

    ReplyDelete
    Replies
    1. මොන ජයසිරි මංගලමක්ද? මේ මට.... හෆොයි... ඒවා ඒ කාලෙට බලමුකො නේද මලේ.. අපි යාළුවොනේ...:)

      Delete
  5. අපේ පැත්තේ කපුවෙක් හිටියා අපි ඌට කියන්නේ භූමි පුත්‍ර කියලා....ගෙදරක රෙදි වැලක් දැක්කම ඇති.මිනිහ දන්නව ගෙදර ඉන්න කස්ටිය වයසත් එක්ක....

    ReplyDelete
    Replies
    1. අනේ අම්මෝ...ඇහුවමයි ඔහොම කෙනෙක්.. අපි නම් වැල් වල රෙදි දාන්නේ නෑ.. ගස් උඩ දාන්නේ..:)

      Delete
  6. අපේ ගමෙත් ඉන්නවා ඔහොම පොරක්.පොරගේ වැඩේ බස් ස්ටෑන්ඩ් එකටවෙලා ඉදගෙන ගමේ කොල්ලෝ කෙල්ලෝ කවුරු හරි එක්ක යාලුද කියලා හොයන ඒක
    එහෙම යාලුනම් පොර කරනේ ගෙවල්වලට ඇවිත්ම කියන ඒක.මොකද කොල්ලෝ කෙල්ලෝ යාළුවෙලා බැන්දොත් පොරගේ බිස්නස් එකට කෙලවෙනවනේ.

    ReplyDelete
    Replies
    1. අපොයි...මාර බුවෙක්නෙ..

      Delete
    2. ඒක නේන්නම් අක්කෙ මාර පොරක් තමා නේ.. ඔය පැත්තෙ ඉන්න කෙල්ලනේ, කොල්ලනේ... බස් ස්ටෑන්ඩ් වල ලව් කරන්න යන්න එපෝ... :)

      Delete
  7. මොනව උනත් ඒ බැංකුවේ කොල්ලා කලින් ආත්මේ පිං කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක ඇත්ත. හික් හික්..

      Delete
    2. @Dinesh
      අන්න අන්න... දිනේෂ් අය්යටත් තේරුණා නේ.. මාර පිනක් ඈ..

      @අපි වගේ
      ඒකනේ නේ මල්ලි... හික් හික්

      Delete
  8. තව පොඩියෙන් ඒකත් ජය මංගලම් කිව්වලු... :D බැංකුවෙ කොල්ලගෙ වාසනාවටදෝ මන්දා.. :D

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන්... ඒවා හම්බෙයි මාත් එක්ක... මොන මඟුල්ද අෆ්ෆා මට දැන්ම.. කොල්ලගේ වෙලාව තමා..:)

      Delete
  9. 45 කෙල්ලොත් ඉන්නවද.එතකොට ඇන්ටිලා කියන්නේ මොන වයසේ කෙල්ලොන්ටද.අරුනම් මාරකයක් පැනල.

    ReplyDelete
    Replies
    1. අපි නම් මුකුත් කියන්නේ නැහැ :)

      Delete
    2. @අසරණයා
      මෙහෙමනේ ඉතින්.... 45 වෙලත් බැන්දේ නැතුවම කෙල්ල වෙනවා ඇති නේ...? :) ඒකනේ.. මොකටද දන්නෙ නෑ ඔච්චර කල් උන්නේ?

      @සෑම්
      ඔයා ඉතින් මොනා කියන්නද නේ....? :)

      Delete
  10. වෙලාව. ඔයා බෑ කියපු එකෙන් කොල්ලො සෙට් එකේම ජීවිත බේරුනා.

    ReplyDelete
    Replies
    1. ඈ... ඒ කොහොමද ඒ???? මගෙන් අහන්න ආවෙ එක කොල්ලෙක් ගැන විතරනේ..:)

      Delete
  11. අප්පේ එපා කියන්නේ මෙයාට හදිස්සි වෙලාද කොයිද. බලමු බ්ලොග් අවකාශයේ එකෙක්වත් හොයන්ට ;)

    ReplyDelete
    Replies
    1. ඈ... මොනා කිව්වා... හදිස්සි වෙලා... මට???? මේ මට??? අම්මෝ මට නම් එපා....:) ඒකෙන් වත් හම්බවෙයිද බලමු නේ? :)

      Delete
  12. "මේ අවුරුද්දෙ තමා 22 ලබන්නෙ." ඔය ටික කියන්න ලියලා තියෙන වචන ගොඩ අප්පේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් එක පාර කිව්වම අගේ නෑනේ ... ඒකයි... :)

      Delete
  13. මෙයා මේ බොරුව දාන්නේ!
    අර බැංකුවේ කොල්ලට එක පයින් කැමති වෙලා!
    කොල්ල බුද්ධිමතා නිසා බෑ කියල බේරිලා තියෙන්නේ!;)

    ReplyDelete
    Replies
    1. ඊඊඊඊඊඊ....අනේ මට නම් එපා.... ඔයාගෙ අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ, කැමතිනම් එයාටම සෙට් කරලා දෙන්න පුළුවන්... :)

      Delete
    2. එයා කෙල්ලෙක්වද බඳින්න හොයන්නෙ..

      Delete
    3. හරිට තාම තේරිලා නැද්ද මන්ද... කොල්ලගේ ගෙදරින් එයාට කියල තියෙන්නෙ පුතාට කෙල්ලෙක් හොයන්න කියලනේ.. ඉතින් නැතුව ඒ කොල්ලා කොල්ලෙක්ව බඳින්නයැ....:)

      Delete
    4. මොකෝ කොල්ලෙක් බඳින්න බැරි අපේ අල්ලපු ගෙදර අක්කා බැන්ඳෙ කොල්ලෙක්වනෙ..

      තේරුනා තේරුනා ඕක කියන්න පුලුවන් විදිහේ උත්තරයක් දෙයිද කියලා බැලුවෙ..

      Delete
  14. අවුරුදෙන් ලස්සනම මාසේ සැප්තැම්බර් මාසේ බන් හේ හේ.. මම උපන් මාසේ :)))
    අහ්හ්හ් ඔන්න ඔහේ කැමති වෙන්න තිබුනේ වෙඩිමකට එන්න පුළුවන්නේ එතකොට,,
    ශේ ශේ

    ReplyDelete
    Replies
    1. හෆොයි... බඳින්න තව කල් තියෙනවනේ බං... මොකට හදිස්සි වෙන්නද? හැක හැක.. අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  15. හික් හික් මෙයාව බැංකුවේ කොල්ලට බන්දලා දුන්න නම් වෙඩින් කේක් කැල්ලක් කන්න අපටත් එන්න තිබුන නේ. උපන් දිනේ අප්‍රේල් නේද?

    ReplyDelete
    Replies
    1. වෙඩින් කේක් කන්න ඔය හැටි ආසද? අය්යගේත් දැන් කල වයස හරිනේ... මගේ වෙඩිමට කලින් අපිට වෙඩින් කේක් දුන්නොත් හොඳයි...අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  16. අප්‍රියෙල් තමා ඉපදිලා තියෙන්නෙ.මමත් ඒ මාසෙ. අක්කා විවාහ වෙන්නෙම නැද්ද. දැන් වයස හරිනෙ. අපේ අයියත් හැබැයි ඉන්නවා...

    (ඒත් දෙන්නෑ)

    ReplyDelete
    Replies
    1. විවාහ නොවී ඉන්නවා කියල නෙමේ නේ කිව්වෙ මල්ලී.... 22 ත් වයසක්යැ? ඕවට තව කල් තියෙනවා..... අයියාට වයස කීයද ....:)
      අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  17. යංතං අහිංසකයෙක් බේරිලා.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ආවමයි නේද? සාදරයෙන් පිළිගනිමු... හ්ම්ම් හ්ම්ම් අහිංසකයා බේරුණා...

      Delete
  18. කාලෙ ලගයි මදු වසන්තේ වෙලාද??? :D

    ReplyDelete
    Replies
    1. අක්කත් මෙහාට ආවමයි වෙන්ටැති... සාදරයෙන් පිළිගනිමු... නෑ නෑ මදු වසන්තෙට තව කල් තියෙනෝ ....:)

      Delete
  19. ලස්සන ම මාසේ අගෝස්තු මාසේ....
    ඕකනේ කියන්නේ කොල්ලෝ පින් කරලා තියෙනවා කියලා! ෂැහ්... කැමති වුණා නම් අපිටත් කේක් කාලා වතුර බොන්න තිබුණා!

    ReplyDelete
    Replies
    1. ඒක තමා නේ අෆ්ෆා... ඒ කොල්ලා නම් සිරා වාසනාවන්තයෙක් නේ... :) කේක් කන්න ඔය හැටි ආසා මොකෝ අනේ. ඕනෑම නම් ඔය කඩේකින් ටියාරා කේක් එකක් අරන් කාලා වතුර බොන්න.. (ඒක 180 ක්ද කොහෙද හැබැයි ඈ)
      අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  20. ඔයා අප්‍රේල් වෙන්නැති හි හි හිතන්න එපා අක්කේ බේරුනා කියලා සිරිපාල ආයෙත් එන්න ඉඩ තියෙනවා මොකද කපුවෝ ලේසියෙන් පසු බහින්නේ නෑ....හැබැයි කපුවන්ගෙන් පරිස්සම් වෙන්න හොඳේ උන්ට වැඩක්නෑනේ කෙල්ලගේ ජීවිතේ විනාස වෙයිද කියන එක කීයක් හරි හොයාගන්නනේ බලන්නේ....හැබැයි ඉතින් කල වයස හරි වගේ ලෝක විනාසෙට

    ReplyDelete
    Replies
    1. නෑ නෑ... ආයේ නොයෙන්නම අම්මා කියල... ආයේ එන එකක් නෑ.. ලෝක විනාසේ?? ඇයි මල්ලී අපි කසාද බැන්දම ලෝකෙ විනාස වෙනවද?? :)
      අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  21. හික්ස්ස්... කොල්ලා බේරිලා..:D අහ් ලස්සනම මාසෙ අප්‍රේල්නෙ.. මම උපන්නෙ ඒ මාසෙනෙ...;)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හිතූ කොල්ල බේරුණා...
      අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  22. ලස්සනම මාසේ බිනර.
    ලස්සන නම. බිනරමලී මතක්වෙනවා!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ කතන්දර මාමට බිනරමලී මතක් උණේ??? මගේ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක්ටයිප් බස් එකක් තිබ්බ බිනරමලී කියලා..
      අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  23. දිනේෂ් අයියත් මං බලන කොණෙන්ම බලනවා....

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔයා දිනේෂ් අය්යට දීපු උත්තරේම බලන්න යාලු... අද නේද ආවෙ.. සාදරයෙන් පිළිගනිමු...!!!

      Delete
  24. ෂික්: අපිටත් කේක කෑල්ලක් කන්න තිබුන චාන්ස් එකක්නෙ මිස් වෙලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ෂික් : මෙයාලට කේක් කන්න තියෙන ආසාවක්... :)

      Delete
  25. අපිත් වෙඩිමට ඔය යහා එන්නද ?
    මරු මරු !
    ඔයා උපන්නේ මැයි මාසේ එක සැන්දෑ වරුවක මැයි මල් වැටෙන වෙලේ !!!!

    ReplyDelete
    Replies
    1. එන්න ඉතින් වෙඩිමක් තියෙන්න එපැයි නේ.....? මරු තමා...
      අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  26. අපරාදේ ආව වෙලේම මගුලකුත් කතා කොර ගන්න තිබ්බේ......
    මට ලස්සන මාසේ මාර්තුව.....
    මට හිතෙන්නේ 21 ලබන්නේ අප්‍රෙල් වල හරි මාර්තුවලට් වෙන්ටෝනෑ අක්කට

    ReplyDelete
    Replies
    1. අනේ... දැන්ම ඕකට මොන හදිස්සියක්ද? තව ටිකක් කල් නිදහසේ ගෙදරට වෙලා ඉන්න එපැයි..අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)

      Delete
  27. අයියෝ කේක් කෑල්ලක් කන්න තිබුන චාන්ස් එක...!!! හැක්...හැක්... කපුවොත් එක්ක සෙල්ලම් පරිස්සමෙන් ඈ... ඕකුන්ට කෙල්ලෙක් ඉන්නව කියල ඉව වැටුනොත් ඉතින් මඟුලක් කරලමයි පස්ස බලන්නෙ. ඇයි ඉතින් උන්ගෙ බඩ ගෝස්තරේ රැකෙන්නෙ මේකෙන් නෙව, අනෙක මොන මලඉලව්වක් හරි සෙට් කරල වැඩේ ෆිනිෂ් කරන්න තමා කපුවො බලන්නෙ, ඒක නිසා තමන් පරිස්සම් වෙන්න ඕනෙ. එතනින් එහාට නම් මඟුල ගැන මම මොකුත් කියන්න යන්නෑ, මම අම්ම අප්පොච්චි නෙමෙයි නෙව... හැක්..හැක්... ජය මංගලම් කිව්ව එහෙනම්...!!! උපන්දිනේ නම් අනිවාර්යෙන්ම අප්‍රේල් මාසේ..
    ප.ලි. කමෙන්ට් අස්සෙ ලින්ක් දාන වැඩේ සෙන්ටිමෙන්ටල් වෙන්න ඇති මයෙ හිතේ, මම ඊය නම් එවුව. ගැටලුවක් තියෙන බවක් කියල නම් ආපිටට ඊයක් ආවෙ නෑ. ජය ශ්‍රී...!!!

    ReplyDelete
    Replies
    1. කේක් කන්නම ඕන නම් ඉතින් කඩෙන් අරන් කන්න තමා වෙන්නේ... හික් හික්.. ආයේ ඉතින් ඒ මනුස්සයා එන්නේ නෑ අපේ ගෙදරින් මඟුල් අහන්න, ඒක ෂුවර්.. :)උන්දෑ මට මඟුල් සෙට් කරනවා බොරූ... ජය මංගලම් තාම නැතෝ...!!!!
      අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)
      ප.ලි- කමෙන්ට් අස්සේ ලින්ක් දාන වැඩේ අද තමා කරලා බැලුවේ... හරි ගියා.. ඒකට ගොඩාක් ස්තුතියි කිව්වා ඕන්... ජයවේවා!!!

      Delete
  28. අර බැංකොවෙ කොල්ලගෙ පෙර පිනක් තිබිල මෙයා බෑ කියලා...

    ReplyDelete
    Replies
    1. අද වෙන්ටැති ආවෙ මේ පැත්තෙ... සාදරයෙන් පිළිගනිමු...!!! හ්ම්ම්ම් හ්ම්ම්ම්... ඒ කොල්ලගේ වාසනාව.. :)

      Delete
  29. මං හිතන්නේ ගෙනාපු යෝජනාවට ඔයා කැමති උනොත් හොදයි.....නැත්නං අර විසි පහේ......හතිලිස් පහේ .. පනහේ පින්තුර වලට එකතු වෙයි...

    ReplyDelete
    Replies
    1. අද වෙන්ටැති මේ පැත්තෙ ආවෙ... සාදරයෙන් පිළිගනිමු..!! අනේ... මට තව ඕවට කල් තියෙනවා... හතලිස් පහේ, පනහේ ගොඩට යන්න මට තව අවුරුදු 25 ක් 30 ක් ඉන්න වෙනවා.. එතකල් මම බලන් ඉඳි යැ... :)

      Delete
  30. මට නම් හිතාගන්න බැ අප්පා...

    ReplyDelete
    Replies
    1. මොනාද අෆ්ෆා හිතා ගන්න බැරී??? :) අද වෙන්ටැති මේ පැත්තෙ ආවෙ නේ?සාදරයෙන් පිළිගනිමු..!!!

      Delete
  31. කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි... දැන් මම ඔයාලගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නයි හදන්නේ... ඒකට එක එක අය එක එක උත්තර දීල තිබුනා.. ඒ හැමෝටමත් ස්තුතියි..

    ඉතින් මම ඒ මාසෙට අවුරුද්දෙ ලස්සනම මාසය කියන්නෙ මගෙ උපන්දිනය යෙදෙන නිසා නම් නෙමේ.. මේ මාසෙදි ඉස්කෝලේ යන අයට නම් සති 2 ක් වත් නිවාඩු හම්බෙනවා.. අවුරුද්දටම එක වතාවක් ගෙදරට එන නෑදැයෝ !!! ළමයින්ට ගොඩාක් තෑගි බෝග හම්බෙන කාලයක්... යාලු මිත්‍රයෝ හැමෝම එකතු වෙලා සතුටු වෙන මාසයක්...ඒ මාසෙ තමා අප්‍රියෙල් මාසේ..

    (මම මේ උත්තරේ දුන්නෙ සිංහල බෞද්ධ ඇසින් බලලා.. එහෙම බැලුවම ඒක එහෙම තමා නේ :) )

    ඊට අමතරව,, මගෙ උපන්දිනේ යෙදෙන්නේ අවුරුදු කටේමයි.. මට මතක හැටියට උපන්දින ට්‍රීට් එක දෙසරයකට වඩා ගෙනිහින් නෑ ඉස්කෝලේ.. නිවාඩු දීලනේ...ඉතින් මට තෑගි ඩබල් ඩබල් හම්බෙන මේ මාසෙට වඩා මට වෙන මාසයක් ලස්සන වෙන්නත් බෑ නේ..:) මගෙ උපන්දිනේ අප්‍රියෙල් 10 වෙනිදා!!!


    ඉතින් ඔයාලත් හිතල බලන්න මගෙ උපන්දිනේ පැත්තකින් දාල අප්‍රියෙල් මාසේ ලස්සන නැතිද කියලා....

    ReplyDelete
    Replies
    1. එකනේ මම කිව්වේ ලස්සනම මාසේ අප්‍රේල් කියලා කලින්ම :D

      Delete
    2. ම්..... සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් !!!

      Delete
    3. හා.. ඒකනෙ වසන්ත කාලෙ ලස්සන මාසයක් තමා අප්‍රේල්... :D මමත් අප්‍රේල් නෙ..

      Delete
    4. හොඳට බලන්න..ඔයා උපන් දිනය වරද්දගෙන..අගට වැඩිපුර බින්දුවක් වැටිල නේද?

      Delete
  32. වැඩ කොරන්නෙ බැංකුවෙ නං ඌ සල්ලි කඳක් වෙන්නැති, අපරාදෙනෙ අතඇරියෙ. :-))

    ReplyDelete
  33. අය්යෝ සල්ලි... කමක් නෑ ඔබා මාමේ.. ඒ කොල්ලට හොඳ කෙල්ලෙක් හම්බවෙන්නේ නැතැයි ... :)

    ReplyDelete
  34. "අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්න ඔයාට පහළ මම දාන කමෙන්ට් එක බලන්න වෙයි..:)"
    අවුරුද්දේ ලස්සනම මාසය දැනගන්ට කියල ඔයැයි පහලින් කොමෙටුවක් දානකම්ම බලන් ඉඳලයි ඕන් මමත් මේ කොමෙටුව කෙටුවෙ....

    මොක වුනත් ඒ මගුල කොරගන්ට තිඋනෙ!!
    :D

    ReplyDelete
  35. ලස්සනම මාසෙත් බැලින්නම් මම ඉපදුන මාසෙමයිනෙ.හික්ස්....දැන් මේ අනිත් අය මට බනිනව එහෙම නෙවෙයි...හලී....

    ReplyDelete
  36. ම්ම්ම්... ඔයත් අප්‍රේල්ද? හුරේ!!!

    ReplyDelete
  37. හපෝ වැඩක් නෑ...වැඩක් නෑ...අප්‍රේල් ඉපදෙන අය වැඩක් නෑ. ඒකම තමයි අර කොල්ලත් අතෑරල ඇත්තෙ..අප්‍රෙල් කියන්නෙ නැකත් නැති සංක්‍රාණ්ති මාසෙ....හරි නෑ...හරිම නෑ..... :D:D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හරිම ඒක තමා....අත ඇරිල්ල කෙසේ වෙතත් තාම බඳින්න හදිස්සියකුත් නෑ නෙව.. කොමෙන්ටුවට ස්තුතියි ඈ.. :D

      Delete
  38. ශානිගේ හිත නියමයි .එන්නම්කො තව දවසක මොනා හරි කියෝලා යන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ආයෙමත් එන්න...

      Delete
  39. මේ පැත්තේ ආපු මුල්ම වතාව, හොඳයි හොඳයි, ලස්සන බ්ලොග් එකක්! මං වගේ අතරමග නොනවතින , බ්ලොග් ලෝකයේ දිගු ගමනකට ආසිරි..

    ReplyDelete
    Replies
    1. ආයෙමත් ඇවිත් යන්න එන්න.... ස්තුතියි..!!!

      Delete
  40. Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ඔයාව මගේ බ්ලොගේට... ආයෙත් ඇවිත් යන්න එන්න...

      Delete
  41. ලස්සන බ්ලොග් එකක්.
    දිගටම ලියන්න...//.......

    ReplyDelete
  42. ස්තුතියි... ආයෙත් එන්න සහෝ ... !!!

    ReplyDelete
  43. ඇයි බං බැංකු මහත්තය නරකද ඇ.. බැංකුවක් තියනවා කියන්නේ සෙල්ලමක් යැ. මම කියන්නම් උපන් දිනේ තියන මාසය හරියටම.. අප්පෙරේල්... හරි නේ...

    ReplyDelete
    Replies
    1. බැංකුවක් නම් නරක නෑ තමා බං... ඒ වුනාට කොල්ල නාකි ලු... උපන්දිනේ ඉතින් කිව්වට පස්සේ කියල වැඩක් නෑ... උත්තරේ හරි!!!

      Delete
  44. This comment has been removed by the author.

    ReplyDelete

ඔයාලගේ හිතේ තියෙන අදහස් දැනගන්නත් මම කැමතියි..